රැකියාවක් කරන අය කම්කරුවෝය...? රැකියාවක් නැත්තෝ කම්කරුවෝ නොවන්නේය...? එහෙත් ආදායම අවම මට්ටමේ සිට රැකියාව කරන්නෝ කම්කරුවෝ කියා සමාජ ගතව තිබෙන්නේය. පාරේ වැඩ කරන මනුස්සයා කම්කරුවෙක්ය. පහත් තලයේ ආදායම් ලබමින් රැකියා කරන්නෝ කම්කරුවෝය. ඒ ලාංකීය චින්තයය. සුදුසුකම් තියාගෙන ලැබෙන රැකියාව කරන්නෝ සිටින්නේය. ඒ විරැකියාව නිසාය. සාධුකින් පෙළෙන්නවුන් නැගිටියව්! අන්තිම සටනට සැරැසියව්! ඒ-එදා කම්කරුවාගේ සටන් පාඨයය. දැන් එසේ නැත්තේය. මැයි පළවෙනිදාට (කාන්තාවන් වැඩිපුරම ශෝක වන දිනය නොවේ) සියළු කම්කරුවෝ පාරට බහින්නෝය. ඒ කම්කරුවන් ලෙස නොවේය. එජාපකරුවන්, ජේවීපී කරුවන්, පො.පෙකරුවන් ලෙසය.
මැයි පලමු දා උදේම එකී බෙදුම් කරුවෝ පාරට බහින්නෝය. තම තමන්ගේ පාට තොප්පි හිස දවටාගන්නෝය. එකී දේසපාලුකරුවන්ට අදාල පාට පාට කමිස ඇග දවටා ගන්නෝය. වැඩිම වාසි පැත්තට, වැඩිම සෙනග එන පැත්තට කොඩි ඔසවාගෙන දුවන්නෝය. ආතල්ය. සුපිරිම ආතල්ය. දින 364ක් පුරාවට නොලබන ආතල් එක එදාටය. දවල් කෑම් නොමිලේය. විටක තොප්පිය, කමිසය පවා නොමිලේය. ට්‍රාන්ස්පෝට් ගැන නොදැනෙන්නේය. ගමටම බස් එක පැමිණ රැගෙන යන්නේය. වෙනදාට ටිකට් කඩන කොන්දා මෙදාට මිතුරාය. සැප කනේය. ඩොල්කි ගසා, බොංගෝ ගසා, ගමටම පැමිණ රැගෙන යන්නෝය. කම්කරුවා රජ වන්නේ එදාටය. වෙනදාට බාර් බිල ක්‍රෙඩිට් දමා ගෙවන කම්කරුවා එදාට බොන්නේය. එයද නොමිලේය. වැඩේ අහවර වී බස් එකේ ගෙදරටම ගෙනත් නොදමන්නේය. ඒත් ආතල්ය. පයින්ගේ කන සාක්කුවේ දමාගෙන ගෙදරට එන්නෝය. වසරකට එක දිනක් ලැබෙන සැප කම්කරුවා ගන්නේය.
ලොක්කෝ කෑ ගසන්නෝය. පක්ෂ විපක්ෂ ලොක්කෝ සැවොම මයික් උගුරේ දමාගෙන කෑ ගසන්නෝය. පට්ටම කික්ය. උදේ සිටම ජනතාව වෙනුවෙන් කෑගසන්නෝය. පක්ෂයේ අය පවා කම්කරුවාගේ පැත්ත ගෙන කෑ ගසන්නේය. රට කරවන පැත්තේ සිටියත් එදාට කම්කරුවාට නොලැබෙන දේවල් දකින්නේය. ඒවා වැරදි බව කියන්නේය. ඒ වැරදි නිවැරදි විය යුතු බව ගිරිය කඩාගෙන කියන්නෝය. කම්කරුවෝ විසිල් ගසන්නෝය. බල්ටි ගසන්නෝය. ෂොට් දෙකතුන ලග ලගම නවා ගන්නෝය.
විපක්ෂයද කෑගසන්නෝය. උන් කරන විදිහ වැරදිය. අපි මෙය මෙසේ කළ යුතුය. රට ගොඩ දැමිය යුතුය. කම්කරුවා ගොඩ දැමිය යුතුය. ආතල්ය. සුපිරිම ආතල්ය. අපි ආණ්ඩුව පෙරලනවාය. වැඩිවූ විදුලි බිල නිසාම ලොක්කා ගෙදර යවනවාය. නීතිය ආතල් එකක් කරගත් ලොක්කාට පාඩමක් උගන්වනවාය. කම්කරුවාගේ වැටුප, ජීවන වියදම, ප්‍රශ්න සියල්ල එක එක විසදෙනවාය. බෝතල් හිස් වෙනවාය. බෝතල් අඩිය (ආතල් බොඩිය) තවත් සැප දෙනවාය.
සහෝදරවරුද කෑ ගසන්නෝය. අපි අපෙ සහෝදර වරු වෙනුවෙන් එදා මෙන් අදත් කැප වෙනවාය. අපිට කොකා පෙන්නා රජයට ගැති කම් කරන්නට සීගිරි නොගිය බයියා පක්ෂය හැර ගියේය. අපිට එවන් උන් වැඩක් නැතිය. රට කරවන්නට හැකි අපිටය. ලේ පාටට, දෑ කැත්තට, උදැල්ලට පන්නරය දෙන්නේ අපිය. සග, වෙද, ගුරු, ගොවි කම්කරුවාට ආතල් දෙන්නේ අපිය. ඒ ආතල් එක රටටම බෙදන දවස වැඩි ඈතක නැත්තේය. ඒ සැප බෙදා ගන්නට අද මෙහි ආරම්භක වාක්‍ය කිව යුතුය. ඒ වාක්‍ය යේ හිමිකරුවන් ඔබය. කම්කරුවාට ජය වේවාය.
උදේ සිට නොමිලේ ලැබෙන සවාරියෙන් සැප අරගත් කම්කරුවා ගෙදර එන්නේය. පාවෙන්නේය. හිස් කළ බෝතල් වල ආතල් එක යන තුරු පාවෙන්නේය. හද මට්ටමට පැමිණ නැවත පෘථිවියට ලගා වෙද්දී ආතල් ඩබල්ය. පාට පක්ෂ වල රූකඩයන් වී ග්‍රවුන්ඩ් පුරවමින් දුන් ඔවුන්ට දුන් සපෝට් එක ගැන අභිමානයෙන් සිටින්නෝය. මාසය අවසන විදුලි බිල එද්දී උන්ගේ උක්ත ස්වරය ඇහෙන්නේ නැතිය. තම තමන්ගේ බලු කෙදිරිල්ලෙන් පමණක් ලැබෙන කික් එකෙන් ගොස් විදුලි බිල ගෙවන්නේය. බඩ පිටට ඇලෙනා තෙක් ඉතුරු කරන්නේය. මැයි පලවෙනිදා ලැබූ බත් පත වසරේ ඉතුරු දින ගෙවන්නට ප්‍රමණවත් නොවන්නේය. එදාට පළවෙනිදා තමන්ට ආතල් දුන් සැට් එක ගෙදර එන්නේ නැතිය. තියෙන රස්සාවෙන් පවුල නඩත්තු කළ යුතුය. නොමිලේ බස් සේවා, නැතිය. ටිකට් කඩන කොන්දා පස්සෙන් එලව එලවා ටිකට් ගන්න කියන්නේය. හවසට ෂොට් එක නොමිලේ නොලැබෙන්නේය. ඒකටත් ටැක්ස් ගහලාය. වැඩි වූ මුදල පවා ගෙවන්න වෙන්නේ කම්කරුවාගේ තුට්ටු දෙකෙන්ය.
තාවකාලික ආතල් එක සදාකාලික නොවන්නේය. තාවකාලික ආතල් ගන්න ගොස් නොමිලේ ලැබෙන නිවාඩුව විනාසකර ගත යුතු නැත්තේය. නැත්තං නිවාඩුවක් ගන්න ගියොත් නෝ-පේ ය. ඒවාත් කම්කරුවාගේ සල්ලිය.
Written by sAm_8:43pm_30/04/2013