බුදුරජානණ් වහන්සේ අලව් රටට වැඩ සිටින අවස්ථාවේ එම රටේ අත්ථාලවක රජතුමා පන්සීයක් තරම් පිරිසක් සමග බුදුරජානණ් වහන්සේ හමුවට පැමිණි අවස්ථාවේ රටක් පාලනය කරන පාලකයන් තුල, ප්‍රදේශයක් පාලනය කරන පාලකයන් තුල, ගමක් පාලනය කරන ග්‍රාමාරක්ෂකයන් තුල, පවුලක් පාලනය කරන ප්‍රධානියා තුල තිබිය යුතු ගුණාංග සතර සම්පූර්ණ වී තිබිය යුතු බවට අත්ථාලවක රජතුමා උදාහරනයට දේශණා කළෝය.
“චත්තාරිමානි භික්ඛ වේ සංගහ වත්ථූනි
කතමානි චත්තාරි, දානං පෙය්‍යවජ්ජං
අත්ථචරියා සමානත්තතා ඉමානි ඛො
භික්ඛ වේ චත්තාරි සංගහ වත්ථූනී ති” ආදී වශයෙනි.
අන්‍යයන්ට සංග්‍රහ කළ යුතු කරුණු 4 කි කුමක්ද ?
ඒ කරුණු හතර
1. දානය
2. ප්‍රිය වචනය
3. අත්ර්‍ථචර්යාව
4. සමානාත්මතාව නම් වේ.
ඉහත කරුණු සියල්ල බුද්ධ දේශනාවෙන් උපුටා ගත් ඒවාය. සෑමා වෙසක් කලාපය ආරම්භ කළේ කිසිවෙකුට ඇගිල්ල දිගු නොකොට සිත් සතන් පුරවාලන දහම් කරුණු කිහිපයක් බ්ලොග් ලොවට මුදා හැරීමටය. එහෙත් අද සවස් ජාමයේ එෆ් ඇම් නාලිකාවක ගිය නිවුස් එකක් අසා දානයට වැට බැදීමක් සිද්ද වෙන බවක් දැනුනු නිසාම මේ ටික ලියන්නට සිතුනේය. දන්සැල් පිලිබද කතිකාවක් මේ දින වල ඇති වී ඇත්තේය. සල්ලි කීයක් හරි එකපාර අකවුන්ට එකකට වැටුනොත් ටැක්ස් ගහන්නට බලං ඉන්නවා සේම, කොහේ හෝ දන්සලක් දුන්නොත් ඒකටත් කෙලවන්න හදනවා විය යුතුය.
ඉස්සර අපේ පැත්තේ දින දෙකක් පුරාවට කෝපි දන්සලක් දුන්නේ කලින් ප්ලෑන් කර නොවේය. වෙසක් දවසේ උදෑසන අපි දන්සලක් දෙමු කියා එකපාර සිතාගෙන බඩු මුට්ටු සැට් කරගෙන කට්ටියගේ එකමුතුවෙන් දන්සැල හවස් ජාමයේ ඇරඹෙන්නේය. කිසිම පෙර සූදානමක් නැතිව පැවැත්වෙන එවැනි දන්සල් බොහෝය. එසේ හදිසියේ පහලවෙන පිං සිතුවිලි වලට බධා පමුණුවෙන්නේ මෙවන් ක්‍රියාවලි නිසාය. දන්සැලකට පර්මිට් ගැනීමට, සිදුවුවහොත් දන්සැල් නැතුව යනවාය. දන්සැල් වල තත්ව සහතික ලබා දෙන්නට ගියත් සිද්ධ වෙන්නේ ඒ ටිකමය. අනික දන්සැලකින් කා බී බඩගිය හෝ අසනීප වූ අයෙක් පිලිබද සෑමා අසා නැත්තේය.
වෙසක් දිනයේ එක එකාට බැනලා වැඩක් නැතිය. දානය හෙවත් දීම නිසා මිනිසුන් අමාරුවේ වැටෙන්නේය. රැවටෙන්නේය. ඒ ගැන යමක් ලියා තැබිය යුතුය. දිනක් ෆුඩ් සිටි එකක් අසලදී කාන්තාවක් දුටුවෙමි. ඇද කුඩා දරුවෙකු වඩාගෙන සිටියාය. ඇය සිගමන් යදිමින් සිටියද සිගන පෙනුමක් නොතිබුණාය. කෙසේ හෝ මොහොතකින් ෆුඩ් සිටිය ඇතුලටද රිංගා ගත් ඇය කැෂියර් එක අසල සිටියාය. කැෂියර් එක අසල තබා ඇති චොක්ලට් වර්ග සහිත රැක් එකට අත දැමූ කාන්තාවගේ පොඩි එකා චොක්ලට් එක අතට ගත් සැටියේම කටස් ගා දෙකට කැඩුවේ පැකට් එක පිටින්මය. කැෂියර් එකේ කාන්තාව, ඇතුලේ සිටි මැනේජර් සහ පිරිස් පැමිණ ඇයට බැන වැදුනෝය. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සාධාරණය. ඇගේ පැත්තෙන් ඈ අසරණය. තත්වය එසේ තිබියදී එතැනට පැමිණි මහතෙකු කීවේ ඇයට බනින්නට එපා තමන් ඒ අලාභය පියවන බවක්ය. එසේ කියා ඔහු අලාභය පියවන ලද්දේය.
සියල්ල අහවර වී දොරෙන් එලියට එද්දී සිකුයුරිටි පොර ඇය කවුද කියා කස්ටියට පහදමින් සිටියේය. ඇය දිනකට හොද මුදලක් උපයන බවත්, විවිධ දරුවන් ඇතැතිව පැමිණ සිගමන් යදින බවත් ඔහු කියා සිටියේය. වෙනදාට කාර් පාර්ක් එක අසල ගැවසෙන ඇය එදින ඇතුලට පැමින ඇත්තේය. එසේම සිද්ධියට මැදිහත්ව මුදල් දුන් පුද්ගලයා ඇයගේ ප්‍රෝඩාව නොදැන රැවටී මුදල් ගෙවූයේ නිරපරාදයේ බවත් ඔහු කියා සිටියේය. මෙවැනි ප්‍රෝඩාකාරී සිගමන් යදින්න්ගේ කතාවක් සෑමා මීට පෙරද ලිව්වේය. එදා හැම එකාම කිව්වේ මෙවැනි කතා අනන්ත බවය. මෙය ඒ කතා අතුරින් තව එකක් පමණක් විය හැකිය.
එහෙත්, ලබන්නාගේ යටි අරමුණ කුමක් වුවද, ඔබ දානය දෙන්නේ සැදැහැති සිතින් නම්, එහි හොද ප්‍රථිඑල ඔබටය. තෙල්, මල්, සුවද දුන් දෝත දරා ආමිස පූජාවට මුල් තැන දෙමින් සතර සංග්‍රහ වස්තු අමතක කළ ඔබට ප්‍රතිපත්ති පූජවෙන් හෙවත්, ක්‍රියාවෙන්ම දැහැමිව කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන පින්බර සුභ වෙසක් මංගල්‍යක් වේවා.
Written by sAm_8:04pm_23/05/13




