Google+ Followers

Thursday, December 29, 2011

"සෑම් ටියුන්ස්" වෙතින් ලක්ෂ තුනක අපේක්ෂකයින් කැමති ගීතය....


මේ දිනවල....

කාලකන්නි කලාමැදිරියා "මට ආලෝකෙ ගෙන දේවි" ගීතයටත්,
මැටි ගිලපු කිඹුලා "හින හෙන්නේ මං" ගීතයටත්,
ගස් ගෙම්බා "සිලි සිලි සීතල ඇල්ලේ" ගීතයටත්,
ගල් ඉබ්බා "ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ" ගීතයටත්, 
කැමතිය.

අපි හැමෝටම අපේ කැමතිම සිංදුවක් තියෙනවා. කෝල් කරන අයට ඇහෙන්න තමන් කැමතිම සිංදුව "සෑම් ටියුන්ස්" වෙතින් දාගන්න හතේ හතේ හත අමතන්න.

සෑම් ටියුන්ස් හදුන්වා දෙන ලක්ෂ තුනක අපේක්ෂකයින් කැමති අලුත්ම ගීතය දා ගන්න හතේ හතේ හත අමතන්න.

සමකෝණී ත්‍රිකෝණයකි ග්‍රෙරැ, බන්දු, මාත් තිදෙන
සමකෝණී ත්‍රිකෝණයකි ග්‍රෙරැ, බන්දු, මාත් තිදෙන

මම එක මුල්ලක සිටියා - උන් තව මුලු වල සිටියා.. //
තුන් ලක්ෂෙක පහස ලබා ලොක්ක ලගින් මම සිටියා..

සමකෝණී ත්‍රිකෝණයකි....

බන්දු මගේ පිහිට පතයි - ග්‍රේරැ මගේ පිහිට පතයි..//
දෙදෙනාටම දෙවි පිහිටයි මම ලොක්කගෙ පිහිට පතයි..

සමකෝණී ත්‍රිකෝණයකි....

සමජ්ජේදනය කරලා දෙන්නෙමි ප්‍රථිඑල බෙදලා...//
ජ්‍යාමිතිකව ගණන් බලා ඉමු ලෝකෙට පදිරි වෙලා..

යුගයක් සැනසූ ඔරිජිනල් ගීය මෙතනින්....

Written by sAm_6.30am_29.12.11
උදේ නැගිට්ටා විතරයි මේක බොල ලිව්වේ..

ප.ලි - පාලි භාෂාවේදී සුත්ත්‍රයට කීවේ "සුත්ත" කියාය. එසේ නම් මෙය පාලියෙන් "ජ්‍යාමිතික සුත්ත" වේ

Tuesday, December 27, 2011

සුනාමි සහ ආච්චි ගේ පාලම සමග සිල් ගත් සෑමා

එය අමුතුම පෝය දවසක්ය. වසරේ අවසාන පෝයය. ඉතිහාසගත වුණ දවසක්ය.

ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස

යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං

තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං

කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි
එදා සෑමා සිල්ගන්න සිල් රෙද්දත් පොරෝගෙන පන්සලට ගියේය. නිකංම නෙවේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ යන අදහසිනි. කෑළනිය රජ මහා විහාරයටය. අද මෙහෙම උබලගෙ කුණු කතා ඇහුවට ඒ දවස්වල සෑමා දහම් පාසලේ ජේෂඨ ශිෂ්‍යය නායක උතුමෙක්ය පොරක්ය.

මුලින්ම අපිට දහම් පාසලේ දු‍න්නේ පරිවාස ශිෂ්‍යය නායක කමකි. කහපාට පටිටයක් උරහිස හරහා ඉන හරියට එනතෙක් දමාගෙන රෑප සුන්දරියක් මෙන් ඩියුටි කළ යුතුය. අපිට බැජ් එකට අමතරව පටියකින් බෙල්ල හිරකලේ ශිෂ්‍යය සංඛ්‍යාව වැඩි නිසා අපිව කැපී පෙනෙන්නලු. අපේ ප්‍රින්සිපල් සර් කීවේ එහෙමය. පසු කලෙක කණිෂ්ඨ ශිෂ්‍යය නායක වු පසු අපිට නිල් සහ කහ පටියක් පෙර පරිදිම පැලදිය යුතු විය. එසේම ජේෂඨ වූ පසු නිල්, රතු, කහ පටියක් ලැබිණ. ඉස්සර ඔය පටිය දැම්මම කස්ටිය පොලිසියට වඩා බයය. ඒ නිසා අපි පටියට ගරැ කලෙමු.
කහ පටි පරිවාස
කහ - නිල් පටි කණිෂ්ඨ
නිල් - කහ - රතු පටි ජේෂ්ඨ 
මේ පටි සියල්ල ඉරිදා දවසක, පෝය දවසක, නැතිනම් පෙරහැර කාලෙට කැළණී පන්සල් පැත්තේ ආවොත් බලා ගත හැකිය.

අපිට ජේෂ්ඨ පට්ටම හම්බෙන්න තිබ්බ සංක්‍රාන්ති සමය නිසා හැම වැඩකටම උපරිම සපෝට් එක දෙන්න අපි පන්සලට රිංගුවෙමු. පෝයට තිබ්බ පෝදින වැඩසටහන් කළේ අපේ බැජ් එකය. පෝයට කලින් ආධාර එකතු කරගෙන, පිරිකර, හා අනෙකුත් වියදම් සදහා සියළු කලමනා එකතු කරගත්තේ අපිමය. සභාපතිතුමා, ලේඛම්ලා අපේ සෙට් එකම නිසා අපිට කිසි අතුරැ අන්තරාවක් නැතිව නිදහසේ හැසිරෙන්නට ඉඩ ලැබිණ. ඒ නිසාම සෑමාට වසර දෙකක් එක දිගට පෝය විසිහතරක් සිල් අරගෙන සහතිකයකුත් ලැබිණ. සෑමා එය ලැමිනේට් කර ෆයිල් කවරයක දැම්මේ කවදා හෝ අපායට ගියොත් දඩුවම් ලිහිල් කර ගැනීමේ පරමාර්ථයෙනි.

පන්සලේ පෙරහැර සීසන් එකට බණ වාර වලට (මාස 2,3ක් පුරාවට) සහභාගීවීම, ‍පන්සල පුරා තීන්ත ගෑම (පොඩ්ඩක් හිතපල්ලකෝ කැළණි පන්සලේ තීන්ත ගානවා කීවම ලේසිද?), අළුත් ශාලාව, ධර්ම ශාලාව, විහාර ගෙදර, පෙරහැරට කලින් දිනවලදී සේදීම පවා කලේ අපේ එකමුතුවෙනි. අතරතුර ලැබෙන කෑම බීම නිසාත්, එකට හිටපු සෙට් එක නිසාත් කිසිදු ගැටළුවක් නැතිව අපි පන්සලේ වැඩ කලේ සුපිරි ෆන් එකෙනි. ඒවා ඉස්සර ෆන් උනාට සෑමාට වයසට ගිය කලෙක සිහිකරන්නට වෙන්නේ පිං අතේ වැඩ කියාය. අද වුවද මතක් වෙද්දිද පහන් සිතක් පහලවේ.

සිල් ගන්න එක අපිට ආතල් වුනේ නිදහස තිබ්බ නිසාය. දහම් පාසලේ ලමයි වෙනම හෝල් එකකට ගාල් කර සිල් ගැනීම වෙනමම සිදුකලේ කැලනි පන්සලේ පෝය දවසට සිටින මහා සෙනග කන්දරාව නිසාවෙනි.  එක පාරක් සීල ව්‍යාපාරයට මුදල් අහේනියක් වෙලා දන්න දන්න එවුන්ගේ ගෙවල් වල ගිහින් සල්ලි එකතු කලා මතකය. ඒ එන කොට අපේ සභාපතිතුමාගේ බයිසිකලය කාණුවකට ගොස් රෝද ඇදවීමේ පාඩුවත් බැලන්ස් කිරීමට අපමණ වෙහෙසක් දැරීමට සිදුවිය. මොනවා උනත් සභාපතිතුමාගේ නිල රථය හරියට තිබිය යුතුය. එසේම පෝය දවසට දාන වේලට පසු අයිස්ක්‍රීම් කෑමට වෙනම මුදලක් ඉතිරි විය යුතුය.
ධර්ම ශා‍ලවේ පෝ දින ඉඩ නැති නිසා අපි සිල් ගත්තේ වෙනම ශාලාවකය
එකී සංකීර්ණ පසු බිමක් මැද සෑමා සිල් ගත්තේය. දවසක් දෙකක් නොව වසර දෙකක්ය. එදා වසර අවසාන පෝය දවසයි. උදේම සිල් සමාදන්ව සුපුරැදු ලෙස සෑමා රිංගුවේ පුටු කාමරයටය. පුටු කාමරය යනු පුටු 300ක් පමණ එක උඩ එක ගසා වසා තිබුණ කාමරයකි. එය අපේ නවාතැන්පල හා ලැගුම් හල විය. පුටු කාමරයට ගොස් නිකන් ඉදගෙන හිටියොත් සර් කෙනෙක් ආවොත් මාට්ටු වෙන නිසා අපි පුටු ගොඩ උඩට නැග සැගවී සිටින්නෙමු. එය වඩා ආරක්ෂිතය. දවසක් සෑමා පුටු ගොඩ උඩ සිටියදි සර් කෙනෙක් ඇවිත් දොර හැර වටපිට බලා "අහ් කවුරැත් නැහැ නේද" කියා ගියේය. සර් පව්ය. දෙවසරක් සිල් සමාදන් වුවද සෑමා උච්චා සයන මහාසයන පදය නොකියන්නේ මේ නිසාමය.

2004 දෙසැම්බර් 24 26, උදේ සිල් සමාදන් ‍වුණ සෑමා පුටු කාමරෙන් එලියට පැන්නේ උදෑසන දානේ වේල ගන්නටය. හරියටම 9.30ට පමණ වන්නට ඇත. අපේ එවුන් එක එකා එක එක කතන්දර කියනු ඇසෙන්නට විය. 

"අඩේ කොහොමද බං මුහුද ගොඩ ගන්නේ, කවුද ‍බං ඕවා කියන්නේ" මුං කතා කරන්නේ උපාසක වදන් නොවේය. උඹ බං බොලං වදන් පමණි. පුටු කාමරෙන් පැන්න මට මේවා අන්ඩර දෙමලය. සිල් අරන් පාලි පාඨයක් ඇසුනා වැනිය.

"විහාර මහා දේවියත් ඒ කාලේ මහ මුහුදට බිලි වූනා කියන්නේ බොරැද එතකොට" අපේ එකාලා විහාර මහා දේවියත් එලියට ඇද ගෙනය. සියල්ල මැද්දේ සෑමා හඩ අවදි කලේය.

"මොකද බං සීන් එක?? හාමුදුරැවෝ බණ දේශනා කලේ නැද්ද"

"නැහැ යකෝ.. අපි හාමුදුරැවන්ගේ ආවාසේ හිටියේ. නිවුස් එකක් ගියා බං මුහුද ගොඩ ගලලා කියලා.. සුනාමිලු.."

සුනාමි... ඇහුවමයි..

කතාව එතනින් ඉවර වුනත් පස්සේ සිල් ගන්න ආපු ආච්චිලා සීයලා නොහොත් උපාසක උපාසිකාවෝ කැළණි ගග පැත්‍තට දුවන්නට පටන් ගත්තේ පැය කිහිපයකිනි. දහම් පාසලේ කස්ටිය වෙනමම සිල් ගන්නා නිසා එළියට යාමට අවසර නැති මුත් විධායක බලතල නිසා අපිත් සිල් රෙදි පසෙක තබා ගග පැත්තට ඇදුනෙමු.

මුහුණට හමුවෙන සියළු දෙනා කියන්නේ ගග ඉහලට ගලනවා කියාය. හිතා ගන්නට බැරිය. කවදාවත් නොහිතපු සිදු වීමකි. ඒ දවස් වල මෙගොඩ කැළණිය සහ එගොඩ කැළනිය අතර යාකරමින් පාලමක් ඉදිවෙමින් තිබිණ. ඒ දවස්වල තිබුණේ කණු ටික පමණි. සියළු කුතුහලයන් මැද්දේ ගග පැත්තට දිවෙන අප ඉදිරියට ආ ආච්චි කෙනෙක් කීවේ සුනාමි දෙපිටින් යන කතාවකි.
මේ පාලම ඒ දවස් වල හදමින් තිබිණ - (ගූගල් සර්ච් ෆොටෝ එකකි. සෑමා නැත)
"පුතාලා යන්න එපා ඒ පැත්තට... මොනව හරි ලොකු දෙයක් වෙන්න යන්නේ" සිල් ගන්න ඇවිත් බණ නාහන අපේ එවුන් ආච්චිගේ කතා අහයිද?

"ඇයි ආච්චි අම්මේ මොකද වෙන්නේ.." මොනවා උනත් එකෙක් ඇසීය.

"යන්න එපා පුතේ ගග උඩහට ගලපු පාර පාලමත් කැඩිලා. ඉතිරි වෙලා තියෙන්නේ කණු දෙකක් විතරයි.."

පිස්සු හැදෙනවාය. සැක හැර දැන ගැනීමට අපි ගං ඉවුර උඩට නැගුනෙමු. ගග දුඹුරැ පාට වී ඉහලට ගලනු දුටු අප පුදුම වීමු. නමුත් පාලම කැඩුනු පාටක් පේන්නට නැත. තිබ්බේ බාගෙට වැඩ ඉවර කරපු කණු දෙක පමණි.

වැඩිදුර අධ්‍යයනයේදි අපට පෙනී ගියේ ආච්චී දුර ඉදන් සිල් ගන්නට ආ ඇත්තියකි. ඇය පාලම හදමින් පවතින බව නොදන්නවා ඇත. හිතන්නට ඇත්තේ සම්පූර්ණව හදා තිබූ පාලම සුනාමියේ අතුරැ ඵලයක් ලෙස කැඩී ඇති බවකි.

සුනාමි යලි ලංකාවට තියා කාටවත් නොඒවා... නැත්තම් ආච්චිලා අතරමං වනු ඇත.

Written by sAm_3.23pm_26.12.'11

ස්තූතිය - සෑමා ශිෂ්‍යය නායක ෆොටෝ හොරකං කරපු ෆේස් බුකි ප්‍රොෆයිල් එක බාර මල්ලීට. අපිට සතුටක් වුණ ලාභ අපේක්ෂා නැතිව දහම් පාසලට, පන්සලට ගිහින් වැඩ කරපු ඒ කාලේ සහය දුන් සැමට.

"The sin of a life time, are all rendered null, Once Kelaniya is worshiped a single time"

පලි- නත්තල, සුනාමිය එක ලග වැටුන නිසා පෝස්ටුව හරි වෙලාවට සෙට් කර ගන්නට බැරි වුනාට සොරි හොදේ. දන්නවනේ ඉතිං නත්තලට... 

Monday, December 26, 2011

හේමේ පොලිසියෙන් පැන්න හැටි...

හේමේ සේලයින් බෝතලය සරම අස්සේ ගහගෙන ගම පුරා ඇවිදින්නේ අද කාලයේය. ඒ මතට තිත තිබ්බාට පසුවය. ඔය කියන තිත තිබ්බාට පසුව සැර බීම අලෙවිය වැඩි වුණාට කසිප්පු පොට් අමු අමුවේ අත් අඩංගුවට ගැනින. එදා පටන් හේමේ සේලයින් බෝතලේට වැටී සිංහයා විය. ඒත් සිංහයා වුණාට තියෙන රගේ දන්නේ සේලයින් පාවිච්චි කළ අයය. තැන තැන නැවතී ටින් ගණන් මුත්‍රා කිරීමට සිදුවීම සිංහයා බලු වන සිද්ධියකි. සෑමා තවමත් කල්පනා කරන්නේ සේලයින් බෝතලයක් බිව්වම බෝතල් දෙකක මුත්තරා පිට වන්නේ කෙසේද කියාය. අපේ වාණිජ්‍ය බැංකුත් මේ උදාරතර සේලයින් තියරිය අනුගමනය කරනවා  නම් සුපිරිය. අපිට එහෙනම් ලැබෙන්නේ වැල් පොලීය.

ගමේ එවුන්ට වැඩ දමා බයිස්කෝප් පෙන්නපු කාලේද හේමේ භාවිත කලේ ගමේ ෆැන්ටා නොහොත් කසියාය. උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් ‍ඒ කාලේ කොත්තමල්ලි ලිපේ තියන්නට ‍ප්‍රථම ෆැන්ටා කට ගෑම සිරිත බව හේමේ මට කීවේ සිංහයා වී ඉන්නා විටකදීය. වෙනදා නිහඩව සිටින හේමේ වැඩිපුර කියවන්නට ගන්නේ මේ සේලයින් වල ආනිසංසයෙනි. ඒ කියවීමත් හේමේගේ කටහඩත් එක් වූ තැන ගමේ එවුන්ට නියම ආතල් එකක් සෙට් වේ. ධර්මේ සහ ජොකා කතාවේත්, බයිස්කෝප් සීන් එකේත් විශේෂයෙන් සදහන් කලේ හේමේගේ කටහඩ ගැනය. ටීවී, රේඩියෝ හදන ‍හේමේගේ කටහඩ පරණ වැ(ර්)ලස් එකක බැරැන්ඩි වූ හඩට ඉතාම ආසන්නය. 

එකල්හි දිනක් හේමේ ෆැන්ටා ආතල් එකක් ගැනීමට සවස් ජාමේ පිටත් ව ඇත්තේ කැළණි ගග අසබඩ වෙලේ පොට් එකටය. හේමේ ෂොට් එකක් දමා ෆැන්ටා ගැන්සිය සමග නිදහසේ කතා කරමින් සිටින විට පොලිසිය පැන ඇත්තේය. බයිස්කෝප් පෙන්නපු කාලේ සීන් එකක් නම් හේමේට කිසිදු අතුරැ අන්තරාවක් නැතිව බේරෙන්නට ඉඩ තිබිණ. බයිස්කෝප් පෙන්නපු කාලේ හේමේ ඕ.අයි.සී මහතාව දැන සිටියේය. ඒත් කකුල් වලට හයිය ඇති එවුන් බැරල් කරේ තබාගෙන දිව ගොස් ගගට පැන පිහිනා ‍එගොඩින් මතුවෙද්දී, දුවන්නට තියා සද්දෙට කතා කරන්නටවත් බැරිව සූර් වී සිටි අපේ හේමේ අංකල් එතනම බිම හිදගෙන ඇත. ජීප් එකට නැග ඇත්තේද පොලිස් මාමලාගේ කර මතිනි.

පොලිස් මාමලාගේ කර මතින් ජීප් එකට නැගි හේමේ කැළණි රජමහා විහාරය වන්දනා කරගෙන කෙලින්ම ඕ.අයි.සී මහතා අසලට ගෙන ගොස් පෙන්වා ඇත. බඩුත් එක්කම සූර් පිට අහු වූ විට මොන නඩුද? හේමේව ඕ.අයි.සී මහතාගේ නිර්දේශය අනුව කූඩුව ඇතුලට දමා ඇත. කූඩුවට එන්ටර් වූ තැන සිට හේමේ වෑ(ර්)ලස් වොයිස් එකෙන් නන්ස්ටොප් කෑගසා ඇත්තේ තමන් නිවැරදි බවත් තමාව එළියට දමන බවත්ය.
හේමේගේ වෑ(ර්)ලස් වොයිස්  එක සිර මැදිරිය රැව් පිලිරැව් දෙන්නට විය

"අනේ බුදු සර් මම වැරද්දක් කලේ නැහැ.... අරැන් පෙරන හැටි බලන්න ගියා විතරයි.." හේමේ කම්බි කූරැ මැදින් අත් එලියට දමා කියවන්නට ගත්තේ වෑර්ලස් වෙයිස් එකෙනි.

"තමුසේ බීලත් ඉදලා දැන් එනවද මෙතන බබා වෙන්න.. බලවා ඕයි තමුසෙට කතා කරන්නවත් බැහැ නේද??" හේමේගේ උපන් ‍නැකතේ වොයිස් එක නොදත් ඕ.අයි.සී මහතා කියන්නට විය.

"අනේ සර්.. මේ මගේ උපන් කටහඩ...මාව එලියට දාන්න සර්..." හේමේ නොවත්වා කෙදිරිලි හඩින් කරන කන්නලව්වට ප්‍රති උත්තර දීම ඕ.අයි.සී මහතා මොහොතකට නවත්වා සිටියේ කන්දොස් කිරියාවක් නිසාමය.

ඕ.අයි.සී මහතා විනාඩි පහලොවක් පමණ නිහඩව සිට ඇතත් හේමේ කන්නලව්ව නවත්වා නැත. ඕ.අයි.සී මහතා කේන්තියේ උපරිම සීමාවට පැමිණ හේමේ අල්ලාගෙන ආ සාජන් කෙනෙක් අමතා...

"තමුසෙට පිස්සුද ඕයි මේ මොකෙක්වද අල්ලගෙන ආවේ... දානවා ඔය මයිනා  කූඩුවෙන් එලියට..."


උපදෙස - එදා හේමේගේ වෑර්ලස් වොයිස් එක හේමේට අභය දානය ලබා දුන්නේ ඕ.අයි.සී මහතාටද පාඩමක් උගන්වමිනි. තමන් උපතින් ගෙනා අඩුපාඩු ගැන පසුබට නොවන්න. ඒවා තමාගේ වාසියට හැරෙන අවස්ථා ඇති බව මතකයේ තබා ගන්න.

Written by sAm_11.53am_19.12.'11

හේමේ ගේ සේලයින් සහ ධර්මේ ගේ ජොකා කතාවේ 7.15pm_20.11.'11 ට පොරොන්දු වුණ මේ ස්ටෝරිය පමා වුණා. සමාව බාජනය කරමි. ජය ශ්‍රී !

Friday, December 23, 2011

නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 3)

දයාබර නත්තල් සීයේ...

ඉතිං නට්ටං නත්තල් සීයේ, ගිය වසරේ එවපු ලිවුම ලැ‍බුනේ නැතැයි සිතමු. ඒ ලිවුමේ කියපු විදියට මම සීයාගෙන් ඉල්ලුවේ සෙල්ලම් බඩු නොවේය. ලංකාවේ පොල් නැතිව තුබු නිසාත්, කේරලයෙන් පොල් ගෙනාවත් ඒවා හොද නැතිය කී නිසාත් මම සීයාට පොල් ටොෆි ගේන ලෙස කිව්වෙමු. එදා රෑ මගේ කාමරේ ජනේලය ඇරගෙන මම දොයිය ගත්තේ සීයා එනවදැයි කියලා ගොඩක් වෙලා ඇහැරගෙන සිටය. ඒ දවස් වල අපේ අක්කාත් නිදාගත්තේ මගේ කාමරේම තවත් ඇදකය. අක්කා පොල් ටොෆි උස්සයි යැයි බයෙන් මම හොරෙන් ඇස් ඇර නිදි සේ සිටියෙමු. නත්තල් සීයා වෙනුවෙන් ජනේලය නොව දොර හැර තබන ලෙස කීවේද අපේ අක්කාය. ඒ කීමෙන් මගේ සැකය තවත් වැඩි වූ නිසා මම ඇස් පියාගෙන ලෙස සිටියෙමු.

ඒත් රෑ වෙද්දී මට නොදැනීම නින්ද ගියාය. අපේ ගෙදර බව්වා කෑ ගසනු ඇසී මම ඇහැරැනෙමු. එතකොටත් අපේ අම්මා, තාත්තාද අවදි වි සිටියාය. අක්කාද ඇදේ නොසිටිය නිසා මම මිදුලට පැන්නෙමු. බලනකොට නත්තල් සීයා හිටියේ ගස් බැදලාය. මට තාත්තා සමග ඌරැ ජුවල් නැග්ගාය. මම තාත්තාට බැන්නේ ඇයි තාත්තේ නත්තල් සීයා ගහට තියලා බැන්දේ මම එයාට යවපු ලිවුමට තමයි එයා ආවේ කියාය. අක්කාද කාරණාව දන්නා නිසා මා වෙනුවෙන් හඩමින් සිටියහ.

තාත්තා කී‍වේ මරැ නත්තල් සීයා, මූ දවල් තිස්සේ ලියුම් බෙදලා රෑට කෙල්ලන්ගේ කාමර වලට රිංගනවා කියාය. නත්තල් සීයා වැනි රැවුලක් දමා, රතුපාට ඇදගෙන, අලි බෑගයක් උස්සන් ගස් බැද සිටියේ සුසිරි අයියා බව දැනගන්නට මට ටිකක් වෙලා ගියාය. අක්කා සුසිරි අයියා සමග තිබුන සම්බන්ධය කාමරේ සිටියදීම අහුවුනේ එදා තමාය. මට එදා ගොඩාක් ඇඩුනේ අපේ අක්කා නත්තල් සීයා සමග දොයියන්නට පවා පිං කර තිබියදී මට සීයාව දකින්නවත් පින් නැති වීම නිසාය.

ඒත් සීයේ අපේ සුසිරි අයියා හයි වේ එකේ ඇස්කිඩන්ට් වී මැරැන නිසාත් මේ පාර මට බොරැ නත්තල් සීයෙක් වත් නැත්තාහ. ඒ නිසාම සීයා එනතුරැ මම සිටින බව කීමට මේ ලිවුම ලියන්නෙමු. සීයා එන්නේ නම් සීයාගේ ආරක්ෂාවට හිතකරවන ඉන්ස්පෙක්ටර් ඉන්ස්ට්ට්‍රක්ෂන්ස් ටිකක් දිමට කැමැත්තෙමු.
  1. වසර දෙකකට ඉහතදී සීයා අපේ ගෙදර ආවේ කෝට්ටේ පාරෙන් කියා කීවා මතකය. සීයා දැන් ඒ පැත්තෙන් එන එක එච්චර හොද නැත.  පාරේ අලි ගිහින්  පාර කැඩී තිබුණ නිසා මලින්ද මාමා, රෙනිල් මාමා බේර ගැනීමට පාර වසා කර්පට් කලත් මේ දවස් වල එහෙන් යනකොට සීයාට ගල් පාරවල් වැදෙන්නට ඉඩ ඇත්තාය. ඒ නිසා විකල්ප මාර්ග භාවිත කරන එක හොදයිය.
  2. සීයා හැමදාම තෑගි ගෙනාවේ බෑග් එකකය. ඒක ලස්සන රතු පාට බෑග් එකකි. ඒත් මේපාර බෑග්, ගෝනි ගෙනාවොත් සීයා කූඩ ‍ජොන්ටි මාමාට අහුවෙනවාය. ඒ නිසා බාස්කට් එකක දාගෙන ඒම හොදය.
  3. සීයා අර පිණි මුවන් ඉන්නා කරත්තේ එනවා නම් ආසන පටි පැලද ඒම හොදය. නැත්තම් පොලිසි මාමලා දඩ ගහනවාය.
තවත් අමතක වූ කරැනු රැසක්ය. මේ තුන ඇති කියා සිතන්නාහ.

සීයේ මේ පාර අනිවාර්‍යයෙන් එන්න මම බලා හිදිමු. මට අහන්නට ප්‍රශ්න ගොඩක්ය. නත්තල් ගහ ගැන මම තාත්තාගෙන් අහන්නට ගොස් බැනුම් අසුවාය. බැරිම තැන අපේ ලොකු සෑම් අයියාගෙන් මම දවසක් නත්තල් ගහ ගැන ඇසුවාය. එයා කී‍වේ නත්තල් ගහ හරියට අපේ සීයා වගේ කියාහ. මම ඇයි කීවම අයියා කීවේ "ගහ මැරිලා ඒත් ඩෙකරේෂන් එකට බෝල එල්ලලා කියාය." මම සීයාගේ බෝල ගැන ආච්චිගෙන් අසා දැනගත්තද, ගහ ගැන තවම සොයමි.

ඒත් ඊට කලින් දවසක් ආච්චී ඔය කියන සීයාගේ ගහ ගැන කතා කලා මතකය. එදා මම මිදුලේ සෙල්ලම් කරමින් සිටියෙමු. ආච්චී බලා සිටියේය. කලින් දවසේ වැස්ස නිසා අපේ මිදුලේ පස් අස්සෙන් පණුවන් එලියට ඔළුව දමා එනු මම දැක්කෙමු. මම කලේ උන්ගේ ඔළුවට ඇන එලියට ඒම වැලැක්වීමය. අපේ ආච්චීද හිනාවෙවී බලා සිටියහ. ආච්චී මට කීවේ ඕකට වඩා මරැ වැඩක් තියෙනවා කොල්ලෝ පුලුවන්නම් එකෙක් එලියට ඇදලා අරන් ආයෙත් හිලට දාපං කියාය. මම එකෙක් ඇදලා ගත්තේ ආච්චීට පාඩමක් ඉගැනවීමටය. ඒත් ඔබන්නට බැරිවිය. ඌ ඇබරෙනවාය. ආච්චී මාව කොමිටලයට ගෙන කීවේ ඕකත් හරියට බොලාලගේ සීයගේ ගහ වගේය කියාය. මට ඉස්සර ඒවා තේරැමක් නැත්තේය. පස්සේ මම ආච්චිගේ කට වැසීමට ගෙට දුව ගොස් තිනර් බෝතලය ගෙන ආවෙමු. ඉන්පුසු පනුවා එහි ගිල්ලූ විට පනුවා ඉරට්ටක් මෙන් කෙලින් වූවාය. මම ගේමක් නැතිව ඌ හිලට දැමීමි. ආච්චී පදිරි වූහ. පහුවදා උදේ සීයා සහ ආච්චී සතුටින් කාමරෙන් එලියට ආවාය. ආච්චී මට කීවේ "බොලාගෙ තිනර් සාස්තරේ වැඩ කලා" කියාය. සීයා කට කොනින් හිනාවී "ගහ මැරිලාම නැහැ බොල" කීවාය.

එකී අයියා keyකී නත්තල් ගහ සහ සීයා කී ගස අතර මා අතරමං වීමු. පුංචි මගේ හැම ප්‍රශ්නෙකටම විසදුම නත්තල් සීයාය. සීයා එනතුරැ පොඩි සෑමා බලා සිටින්නීය.
සාමය සතුට පිරි සුභ නත්තලක්...


මීට පොඩි සෑමා,
පෝස්ට් කලේ ලොකු සෑමා.

Written by sAm_11.00pm_21.12.'11

පලි - අකුලු වැලදී ඇති. මට අපේ තිංහල පංතියට යන්න බැරිවීහ. අස්කර වින්‍යාසය නෙතකා ආයාසයෙන් කිවන්නේය.



සුසිරි අයියා‍ගේ ආදර අන්දරය (පොඩි සෑමාගේ ලියුම 1)
අක්කාගේ ප්‍රවාහන සේවය සම්බන්ධවයි (පොඩි සෑමාගේ ලියුම 2)
නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 3)
අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි (උසස් අද්දියාපන ඇමතිතුමාට පොඩි සෑමාගේ ලියුම 4)

Wednesday, December 21, 2011

විසි දහසයි.... වගකිව යුත්තෝ ඔබමය.. ඔබට ප්‍රණාමය.. !

ඉස්කෝලේ තනි ඇටයා.. පේරාදෙනියේ ගැටයා.. අනිවාරතේ පටන් අරන් දාපු ලිපි දෙක තුන සෑමා බලා සිටියේය. ඒ අතර අනිවාරතේට උපහාර පිණිස කතන්දරයක් දැම්මේ ෆේස් බුකියේ නෝට් එකක් විදිහටය. ගැටයා ගුරා වී එතැන් සිට සෑමාට උපදෙස් දුන්නේ බ්ලොගක් කරන ලෙසය. එනම් සෑම් ක්‍රියේෂන් හි උපත ගැටයා කල අසික්කිත වැඩේය. එසේ නොවන්නට මේ බ්ලොග අද නැත.

එහෙන් මෙහෙන් කිටීට කවි කතන්දර අමුණා තිබි පුරැද්ද සහ ෆේස් බුකි කවි ස්ටේටස් පෝස්ට් කිරිල්ල නිසා එක එකා "මොනව හරි කරපං සෑමා" කීවාට ගැටයා දීපු ලණුව ලෙසටම වැඩ කලේය. දිනෙන් දින ඒ ලණුවේම පැටලී වෙලී ගැට ගැසෙමි.

මුලදි මෙය පාළු අම්බලමකි. ඒ පාලු අම්බලමේ තනිවම වලං බිදීමි. ඒ අතර අසරණයා යැයි කියා ගත් බ්ලොගයක අසරණයා නමින් පෝස්ටුවක් දැක්කෙමි. එය පහත ඇත්තේය... (ටයිපිං මිස්ටේක්ස් එලෙසම තැබීමි)


හැමෝටම ආයුබෝවන්!!!!!..

හැමෝටම තියෙන නිසා හමෝම  කරන නිසා මාත් එකක් හැදුවා.කිසි වැඩකට නැති  වෙන්නත් පුළුවන් .
කවදාවත් පාසලේදී කවිකක් කතාවක් ගලපලා ලියපු නැති මම මොනවා ලියන්නද කියලත්  හිතෙනවා .ඒත් මං හිතනවා මොනවා හරි ප්‍රගතියක් වේවි කියල.
කියවල බැනලවත් යන්න(මට විතාරක්).මේක ලස්සනට කරන්න ඔයාලත් හෙල්ප් එකක් දෙන්න.
මට ජයවේවා !!!!!!

මෙයට ඔබේම 
අසරණයා ..
(මෙකී අසරණයා මා දැක නැත්තෙමි, නොහදුනමි, කතා කොට නැත්තෙමි)


අසරණයා කීවේ තමන්ටම ජය වේවා කියාය. තමන්ගේ බ්ලොගය ආරම්භය එතරම් සතුටු දායක නැති බව හැමෝම දනිති. සෑමාද එය දන්නා නිසා අසරණයාට කික් වෙන කමෙන්ටුවක් දැම්මේය. දැන් අසරණයා අසරණ නැත. පොර දියුණුය. බ්ලොග ආරම්භය සෝචනීය වන්නේ ලියන්නට බැරිකම හෝ ‍ලියන්නාගේ වැරදි නිසා නෙවේය. ඒත් කස්ට කාගෙන ටිකක් හිටියොත් බ්ලොග කරගෙන යා හැකිය.

අසරණයාව ‍ගත්තේ පොඩි උදාහරණයකටය. හැමෝටම පොදු වෙච්ච දේ පොරටත් වෙලා ඇත. මට මුලින් හිටියේ ගැටයා සහ අපේ ඉස්කෝලේ සෙට් එකත්. ෆේස් බුකි ගැන්සියත්ය. දැන් බ්ලොග් කරන තවත් සෙට් එකක් සෙට් වී ඇත්තේය. නම් වශයෙන් කීම අනවශ්‍යය. සියල්ලෝම මගේ සිතේ ඇත. සෑමා උන්ට උපහාර දක්වන්නේ බ්ලොග් එකට රිංගා පෝස්ට් කියවීමෙනි.

බ්ලොග් අතරේ අප කවදාවත් හමු වී කතාබහ කර නැති මිතුරන් වීමු. දහස, පන්දහස, දසදහස හා ලක්ෂ ගණන් හිට් ගසන එවුන් දෙස අප බලා සිටිමු. එයින් සෑමා ලද සතුට අපමණය. ඒ ආරම්භය කුරිරැ බව දන්නා බැවිනි. සෑමා පෝස්ටුවක් බැලුවොත් කමෙන්ටුවක් ඔබා යන්නේ ආවා කියා කීමට පමණක් නොව "තව ලියපං අපි ඉන්නවා කීමටය" ‍කමෙන්ටුව දමා subscribe පාරක් දාන්නේ "අපි ඉන්නවා කියලා ගියාට පස්සෙනුත් පන්නනවා" කීමටය.

ඉස්කෝලේ සීන් වලින් ආරම්භ කර, පසුව පොඩි සෑමාගේ ලියුම් එක් කලෙමි. දැන් සෑමා සහ පොඩි සෑමා යන දෙන්නාම එක කෙලියේ ලියති. කුසු සහ සිතූ ගේ ලව් ස්ටෝරියද අස්සෙන් රිංගවනු කැමැත්තෙමි.

හැමෝම ලියන්නේ ආත්ම තෘප්තියට මිස වෙන කිසිවකට නොවේය. මගේ විසිදහසට වගකිව යුත්තෝ සහ සතුටු විය යුත්තෝ ඔබමය. ඔබ සැමට ජය....

විශේෂ ස්තුතිය සෑමාගේ බ්ලොගේ පමණක් නොව අනිත් බ්ලොග් වලත් කක්කි කරන බව්වන්ට හිමිවේ. එය කිදිම මාකටින් උදව්වකි. :)

Written by sAm_11.20am_21.12.'11
විසිදහස වන්නට පෙර ලියා තැබීමි. හරියටම 20,000 දී පෝස්ට් කලෙමි.


Tuesday, December 20, 2011

කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...

ගසන්නෙමි දිවි ඇති තුරාවට


කකුල් දෙක මැද
තදින් සිර කර
ගසන්නෙමි
රත් වෙන තුරාවට

දෙපැත්තේ ඇති
එක වගේ දෙක
අත් වලින් මා
තද කරන්නෙමි

ඉනට සිර කර
ගසන ආරට
වැඩිය ආසයි
කකුල් අතරට
සිර කරන් නුඹ
ගසාලන්නට

මම ගසන විට
කෑගසයි නුඹ
ගමේ උන්ගේ
කයි කතන්දර
අ‍පිට මොකටද
අපේ ආතල්
උන්ට මොකටද

සුමුදු සම නුඹෙ
පැලේ දෝ මට
සැකයි එනමුදු
ගසමි හැම විට

ගසන තරමට
කෑගසන නුඹ
පැලෙන තුරැ යලි
යලි ගසන්නෙමි

ඔබට එපාවුන
දිනට කියපං
අලුත් එකකට
කැමති වෙන්නම්


Written by sAm_10:00pm_20.12.'11

Monday, December 19, 2011

මාකා මුත්‍රා කරවූ හැටි....

දැන් පාසල් පටන් ගන්නේ 7.30ටය. සෑමා පාසල් යන කාලේ පටන් ගත්තේ උදේ අටටය. අපි යන කාලේ පරක්කූ වී පටන් ගන්නට ඇත්තේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවත් අපේ හැටි දැනගෙන සිටි නිසා විය යුතුය. අටට පටන් ගත්ත කාලේත් අපේ එවුන් ඉස්කෝලෙට ආවේ අටේ කෑලි හැලුනාටත් පසුය. ඒත් දවල් දෙක වෙන්නට පෙර ගෙදර ගිය බව නම් සැබෑය.

මේ සෑමාගේ ඒලෙවල් කතන්දර වල ආරම්භය සනිටුහන් කිරීමකි. ඕලෙවල් විෂයන් අටක් (උපරිම දහයක්) කිසිම ගින්නක් නැතිව කරගැනීමට බහුතරයකට හැකිවිය. ඒත් ඒලෙවල් කියා විෂයන් තුනක් (ඉංගිරීසි සමග 4ක්) කර ගැනීම ඕලෙවල් වලට වඩා අපහසු වන්නේ මන්දැයි පුදුම සහගතය. අර සද කියා අහසේ ඇති සද පෙන්නූ කල අපේ එවුන් බලන්නේ සද දෙස නොව අහසට දික් කල අත දෙසය. එලෙසම අන්න ඒලෙවල් කියූ විට බලන්නේ ඒලෙවල් දෙස නොව පසුකල ඕලෙවල් දෙසය. ඕලෙවල් ගොඩ දැමූ අපට ඒලෙවල් නම් මොනාද? කීම ඒලෙවල් අපහසු වීමට හේතුව බව සියල්ලට දැන් පසක් වී ඇත්තේය.

ඕලෙවල් ඒ අකුරැ සයක් සමග ගොඩ දැමූ සෑමා පයිතරගරස්, වැන්ඩවාල්, නිව්ටන්, ඩෝල්ටන්, වයලා, පියල්, ගනේපොල, වැන්නවුන්ගේ ඇසුර ලැබීමටත්, සරසුල, සිලිංකිය, රැලිති ටැංකිය, වර්නියර් කැලිපර,  මයික්‍රො මීටර ඉස්කුරැප්පු ආමාන වල (‍ටෙස්ට් ටියුබ් ගැන නොලියමි, එවා අපට වැදගත් නැත්තේය) පහස ලැබීමටත්, රිංගුවේ සයන්ස් කිරීමට මැත්ස් ක්ලාස් එකටය. ඒත් මාස දෙක තුනක් ගෙවෙද්දී සෑමාට සිතුනේ මෙහෙමය. 

"යකෝ.. පියතරගරස්ලා, අයින්ස්ටයින්ලා කොන්ඩ රැවුල් වවාගෙන නාකි වෙනකල් පරීක්ෂණ කරලා හොයා ගත්ත දේවල් එක්ක ඉස්කෝලෙ යන කාලේ පොඩි කොල්ලෝ කුරැට්ටෝ විදියට අපි නම් කොහෙම හැප්පෙන්නද??"

සෑමා තමන්ට හිතුන දේ වසර දෙකක් තිස්සේ උසස් පෙල ගුරැවරැන්ට උගන්නන්නට හැදුවට ඔහුට උරැම වූයේ පන්තියෙන් දොට්ට දැමීම් වලට ලක්වීමටය. නැතිනම් කන පිරෙන්ට බැනුම් අසන්නටය. අපේ වයලට් ටීචර්ගේ (රසායන විද්දියා ටීචර්) කටහඩේ උපරිම සංඛ්‍යාතය සෑමාගේ කන් බෙරයේ සංඛ්‍යාතයට සමාන වූ නිසා වයලා උපරිම සංඛ්‍යාතයෙන් කෑගසන විට සෑමාගේ කන් බෙරය අනුනාදයට ලක්වූ අවස්ථා අසීමිතය. 

අපේ වයලාට සෑමා ඇතුලු සෙට් එකම පෙන්නන්නට බැරිය. පසුකාලීනව ඇය කීවේ සෑම් පන්තියේ නැත්තම් මම එනවා කියාය. ජනතාවගේ හිත සුව පිණිස සෑමා පන්තියෙන් එලියට ගියේ අපේ ප්‍රයිවට් ක්ලාස් එකේ කේ.සිරි සර්ට පිං දෙමින්ය. නැතිනම් සෑමාට පළවෙනි පාර ‍රසායන විද්දියා "එස්" එක අහිමිවන්නට ඉඩ තිබින.

අපේ එවුන් සෑමාව පන්තියෙන් තනියම පිටත් කලේ නැත. සහයට වටේට තවත් රැලක් සිටියහ. උන්ද සෑමා පසුපස වැටුනේ සෑමාට අතුරැ අන්තරාවක් වේයැයි බියෙන් නොව, වයලා සමග විසීම සෞඛ්‍යයට අහිතකර බැව් දන්නා නිසාය. මාකා (කලින් මොහුගේ නම මා(ර්)කට්ය, පසු කාලීනව පොෂ් වූ නිසා මාකා වීය), කොටා, කස්සා, කලර්ස්, සහ අප්පුවා (අප්පුවා නොහොත් සොබනා, නයා..etc) ඒ අතර ප්‍රමුඛ විය.

සතියේ දවස් හතරක්ම උදේම තිබ්බේ ෆිකිස්ය. එකම එක දවසක් උදේම කාලපරිච්ඡේදය වයලා සතු වූ බව   සෑමාට තවම මතකය. එදිනට අප කරන්නේ ගාථා කී පසු වයලා පාත් වන බව දන්නා නිසා ගාථා කී සැනින් බත් මුල් කිහිපයක් දිග හැරගෙන කෑමට පටන් ගැනීමය. වයලා පන්තියට පැමිණ ඔළුව දාන්නීය. "ආනේ.. ඔයාලා කනවා නේද?? මම ලැබ් එකේ ඉන්නවා ඔයාලා කාලා ඉවරවෙලා මට කතා කරන්න. මම එන්නම්" කියා වයලා ආපසු හැරෙන්නීය. අපේ එවුන් කාලා ඉවර වුනාට ඇයට කෝල් බැක් කරන්නේ නැත. ඇය ටික වෙලාවකින් පන්තියට එන්නීය. සමහර දවස් වලට අමතකද වන්නීය.

ඒ ලෙවල් කාලයේත් ඩෙස්ක් මාරැ වීමේ සීන් එක තිබුනේය. දවසක් වයලා උගන්නන මොහොතක සෑමාද ඉස්සරහම පේලියේ සිටියේය. වයලා සතුව ක්‍රිස්ටෝපර් කොලම්බස් කාලයේ සටහන් පොතක් තිබින. එය රැගෙන එන්නට අමතක වූ දවසට අපට කෙමෙස්ට්‍රි නැත. කලින් වසරක අයියාල සෙට් එකක් එකී ග්‍රන්ථය සතියක් සගවා තබා වයලා අසරණ වූ ඇයුරැ අප අසා ඇත්තෙමු. එදිනද වයලා පොතත් දිග ඇරගෙන සෑමා ගේ ඩෙස්ක් එක ඉදිරියේ සිටගෙන පාඩම විස්තර කරන්නට වූවාය. "ලමයි මේ අනුවට තියෙන්නේ චක්‍රීය ව්‍යුහයක්...." සෑමාට අසා ගන්නට හැකි වූයේ එපමනකි. ඉක්මනින් ලේන්සුව ඉවතට ගෙන මූන පුරා පිරි කෙල පොදිය පිස දැම්මේ වයලාගේ දත් සැට් එක කෘතිම නිසා කෙල විසික් වෙන බැවිනි. එදා සිට පන්තියේ සැවොම වයලා "චහ්" (chah..!) කියනකොටම මුහුණ අතින් වසා ගැන්මට පෙලබුනහ. (main hoon na ෆිල්ම් එකේද මෙවැනි ගුරැවරයෙකු සිටියා මතකය)

එදා තිබ්බේද වයලාගේ පීරියඩ් එකක්ය. සුපුරැදු පරිදි සෑමා ඇතුලු පහක් පමන වයලාගේ අනුමැතිය මත, අනෙක් දරැවන්ගේ සුභ සිද්ධිය උදෙසා පන්තියෙන් නීත්‍යානුකූලව එලියට බැස්සහ. බැස්සාට කරන්නට දෙයක්වත්, යන්නට තැනක් වත් නැත. පුස්ථකා‍ලයද තහනම් කලාපයක් වූ කාලයක එහිද යා නොහැක. කරන්නට දෙයක් නොවුන තැන මාකා, කොටා, කස්සා, අප්පුවා, සහ සෑමා සිටියේ ලතා ටීචර්ගේ විද්‍යාගාර හන්දියේය. එතනම ඩයියා ගේ (ඩයියා සහ බොකා කතාව කියවන්න) කැඩෙට් රෑම් එක සහ අපේ ටොයිලට්ටුව තිබිණ. විද්‍යාගාර හන්දියේ සිට එතනින් යනෙන කෙලිපොඩිත්තියන්ට විහිළු කිරීම සිරිතය. සමහර නංගිලා දුවන්නේ ටොයිලට් එකටය. එවිට අපේ එවුන් කටපුරා අසන්නේ "ආ නංගී.. කිරි මුහුද කලබන්න යනවාද?" නැතිනම් "ලග නමන්න යනවාද??" කියාය. පසුකාලීනව බොහෝ නංගිලා විකල්ප මාර්ග භාවිත කලහ.

සෑමා ඇතුලු පහේ කල්ලිය විද්‍යාගාර හන්දියට ප්‍රවිශ්ඨව ගත වූයේ සුළු මොහොතකි. පිනා එන බවට අනතුරැ ඇගවීම් ලැබෙන්නට දැනෙන්නට විය. විද්‍යාගාරයට එන මාර්ගය බලා සිටියදී හිස් වන්නට විය. කොල්ලන් එහෙන් මෙහෙන් දුවන්නට විය. නාලාගිරි හස්ති රජු මාර්ගයේ දිව එන විට (ඕලෙවල් නාලාගිරි දමනය කියවන්න) මිනිසුන් හිස් ලූ ලූ අත දුවන්නට වූවා සේ, මිනිසුන් අක් පයින් සිටගන්නට වූවා සේ, නොදනිත් දරැවන් ඇකයෙන් වැටුනා සේ, මින් රල විත් ගං වෙරලට රැස් වූවා සේ, (වැරදිලා ගුත්තිලයේ කොටසකුත් ඇඩ් වුනාද නොදන්නෙමි) බලා සිටියදී පරිසරයම නිහඩව නිසල වන්නට විය.

වයලාගේ නීත්‍යානු කූල අවසරය මත පන්තියෙන් පිටත් වූවද, පිනාට අසු වූ විට වයලා පන්තියෙන් දොට්ට දැමූ බව කිව නොහැක. එවිට වයලා මෙන්ම අප ද ගස්ය. කරන්නට දෙයක් නැත්තේය. දුවන්නට තැනක් නැත්තේම නැත. එකම එක තැනක් තිබින. මාකා උපදෙස් දුන්නේද "මචෝ පිනා කොහෙ ගියත් අපේ ගද ගහන ටොයිලට් එකට එන්නේ නැහැ, වරෙල්ලා ඒකට රිංගමු.." කියාය.

පිනා ලග ලග තම මොලකැටි දෙපා තබා පිය නගද්දී අප රිංගුවේ ටොයිලට්ටුවටය. දමන්නට මුත්‍රා බොක්කේ මුත්‍රා නැත. තටමනවා විනා කරන්නට දෙයක් නැත. පෝලිමට සිටගත් අප චූ කරන ලීලාවෙන් සිටියෙමු. කිසිවෙකු සද්ද නැත. කවදාවත් නැතිව විනාඩි 5ක් පමන චූකරන සෙයියාවෙන් සිටි අපටම චූ එපා වීය. කෙල්ලන් මෙන් ඉදගෙන සිටින ඉරියව්ව ඉතා අගනේය යැයි නොසිතුනාම නොවේය. පෝලිමට සිටින අතර  මාකා කීවේ "බලපං මගේ මොලේ පිනා ආවේ නැහැනේ" කියාය. ඒත් අපේ ඉරියව් අප එලෙසම තබා ගතිමු.
මචෝ පිනා කොහෙ ගියත් අපේ ගද ගහන ටොයිලට් එකට එන්නේ නැහැ
කටස් කටස් ගා සපත්තු හඩක් ටොයිලට්ටුව පැත්තෙන් ඇසී ක්‍රම ක්‍රමයෙන් අඩි සද්දය ලං වෙද්දී චටස් පටස් ගා වේවැල් පහර පිලිවෙලින් වදින්නට වූයේ පිනා කවදාවත් එන්නේ නැති ටොයිලට්ටුවට ඇතුලු වූ නිසාමය.

මුත්‍රා කරන්නට රිංගා පස්ස රතු කරගත් අප මාකාව පතුරැ යනතුරැ බැන්නෙමු. ඔහු එවර කියා සිටියේ.

"කමක් නැහැ බං පිනා අපේ ටොයිලට් එක මොන වගේද කියලා දැක්කෙත් මම නිසානේ. දැන්වත් ඕක හෝදලා පිලිවෙලක් කරයි" කියාය.

ඒත් එදා පිනා ටොයිලට්ටුවෙන් පිටත් වන්නට ඇත්තේ අපේ එවුන් බිත්තිවල ඇද තිබුන සිතුවම් හා කතන්දර පිරික්‍සීමෙන් අනතුරැවය.

Written by sAm_9.19pm_17.12.'11


Thursday, December 15, 2011

අක්කාගේ ප්‍රවාහන සේවය සම්බන්ධවයි (පොඩි සෑමාගේ ලියුම 2)

මලින්ද මාමාට ලියූ ලිපියෙන් මට ප්‍රතිචාර ලබුවාය. අපේ අක්කාද සතුටු වූයේ අපමණ ස්නේහයක් සිත තෙරපීගෙන ලියුම් බෙදූ සුසිරි අයියා වෙනුවෙන් ස්මාරකයක් තැනීමට මලින්ද මාමා ඉටි ඉත සිතින් කැමති වූ නිසාහ.

අපේ අම්මා කීවේ මම පොඩියට හිටියාට ලියුම් ලිවීමේ දස්සයෙක් කියාහුය. අස්කර වින්නයාස වැරදි වුණාට ග්‍රැමර් හරි බව තාත්තාද කීවාය. මලින්ද මාමා අපහසුවෙන් හෝ කියවා නිසි ප්‍රතිචාර දැක්වූ නිසා මට තිබෙන තවත් ගැටළුක් සහ යෝජනාවක් ඉදිරිපත්පත් කිලීමට යලිත් අකුරැ කරන්නට සිතුනෙමු.

දයාබල ප්‍රවාහන මාමේ..

පාළු රැයක - ගල් වැට අද්දර - හයිවේ කණුවකට ඇණ තබා ලියන්නෙමු...

සුසිරි අය්යා වෙනුවෙන් අපේ අක්කා හෙළු කදුලු අපමණය. මලින්ද මාමාගේ ප්‍රතිචාරය සමග ඇගේ කදුලු වියලුනද ඇගේ ලොව තනිකම දුරැ කරලීමට තවකෙකු සොයා ගැන්මට ඇය උත්සුක වීමි. අම්මා නම් කීවේ  මොනවා උනත් සුසිරියා ඉටියා නම් ඔදයි කියාහ. දැන් මේ අසරණී කොයි පඹගාලක පැටලේදැයි අම්මා බිරන්තට්ටු වූවේය. ඉස්සර ජොබ් එකක් නොකල අක්කා වහාම ජෙබ් කට්ටක් හොයාගෙන ගෙදරින් එළියට පැනීමට මං විවර කරගත්තාහ. ඒ කොල්ලෙක් දඩයම් කරගන්නට බව මගේ පුංචි මොල-කැටියට ප්‍රක්ෂිප්ත ෂක්ත වීමු.

වියත් දෙකේ සාය කැබලි ගසා යන විට බස් එකට නගින්නට පොර කන සියළු දෙනා ඇයට ඉඩ දුන්නෙමි. ඒ ඇයට දක්වන ආදර ගෞරවය නිසා නොවෙමි. ඒ හුදෙක් ඇය බස් එකේ පඩිපෙල නගින විට ඇස් පිනවීමටය. අම්මා ඉවෙන් මෙන් කීවේ බස් වල ගමන් කරන විට ඇගේ ඇගට කොල්ලන් අපමණ හේත්තු වී බල සමතුලිතතාවයක් සිදුකර ඇය වැටෙන්නට නොදී රැකගන්නවා ඇති කියාහුය.

අපේ විද්දියාව සර් කී දෙයක් මට මතක් වුනෙමු. එනම් බෝල බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වීමට දිශාවෙන් ප්‍රතිවිරැද්දව, එකම සරල රේඛාවක, එක සමාන බල ක්‍රියා කලයුතු බවයි. එය මතක් වී මගේ තනි ඇහැට කදුලු සට සට ගා උනද්දී එම කරැණ මම අම්මාට නොකීවේ අම්මාගේ සිත දුරැවල නොකල යුතු නිසාය. අපේ ඉක්කා අක්කා ඉස්සර සුසිරි අයියාගේ වස්තුවයි. ඉස්සර යෙදුනේ එකම එක බලයයි.‍ මොනවා උනත් ඒ අහිංසක සුසිරි අයියාගේ බලය පමණි. දැන් බල දෙකක් යටතේ පවා අක්කා සමතුලිත වනු ඇත. නොඑසේනම් විද්දියා සර් තවදුරටත් කී පරිදි බල කිහිපයක් යටතේද වත්තුවක් සමතුලිත වීමක්ද සිදුවිය හැක.  අපි ඉක්කෝලේදී මොන්ටිසෝලියේදී ලක්ෂයක් වටා ඝූර්ණය කර හෝ එක දිශාවකට බල විභේදනය කර වස්තු සමතුලිත කළා ‍මගේ මතකේ ඇත්තෙමු. අනේ අපේ අක්කා සමතුලිත නොවී සමතලා වේවිදෝ කියා මට හිතුනාය.

සියළු කාරණා මැද මලින්ද මාමාගේ ප්‍රවාහන මාමා කීවේ කාන්තාවගේ ප්‍රසව ප්‍රවාහන සුරක්ෂතභාවයට වෙනමම කාන්තා බස් රත යොදන බවයි. එය රතියට හොදම විසදුම වූහ. බස් රති කීපයක් සතියක් පමණ ගමන් කලද අක්කා ගියේම සුපුරැදු සුදු පාට තනිදොරේ බස් එකේමය. ඇය ජනේලයක බිතු සිතුවමක් ලෙස ඇලී සිටියදී සියලු දෙනා සමපාත වූහ.
ඔබ නැවත මෙම රති රථ සේවය අරඹන්නේ නම් මා එකක් කීමට කැමත්තෝය.
දිනක් නිවාඩු දිනක අපේ තාත්තා මට ලී මෝලට යාමට කතා කලාය. මා ගියද කිසිවක් නොදත්හ. මෝලේ අයියාට කියා විෂ්කම්භය වියත් දෙකක් පමන වන ලෙස රවුමක් කපා ගත් තාත්තා මාද සමග යලි ගෙදර ආවාය. එය අම්මා අතට පත්කලේ කිසිවක් නොකියාය. මට හරක්-පද ප්‍රෙහේලිකාවක් වූ සිදුවීම දෙස මුකුත් නොකියා ඇස ගසා සිටියෙමි. බලනකොට අපේ අම්මා එය අක්කාට දී ඇත්තේ බස් රතියේ ගමන් කිරීමේදි සිදුවන අනතුරැ අවම කරගැනීමට රවුම් ලෑලි කැබැල්ල පෂ්චිම භාගයේ පලදින ලෙසයි. අක්කා එය සතියක් පැලැන්දාහ. ඉක්බිති එලෙබි සති අන්තයේ අක්කා මට මෝලට යාමට කතා කලහ. මාද ගියෙමු. ඇය මෙවර රවුම් ලීය මැදින් බුරැමයක් මගින් සිදුරැ කොට එය තවත් විශාල කරගත්තාහ. මම ඇසූ විට ඇය කීවේ හදිසියකට අදෝ වාතයක්වත් අරින්නට හෝ සුලං පොදක් වදින්නට හෝ ඇයට තාත්තා ඉඩ තබා නැති බවය. ඒත් ඒ සිදුරෙන් සුලං වලට වඩා දේ යනවා එනවා ඇතැයි මට සිතුනෙමු.

සියළු කාරනා මගේ කාලකන්නි මොලයට වැටුනාහ. ඒත් තාත්තාට කියන්නට බැරි තැන එලෙබි සති අන්තයේ මම මලකඩ කෑ ඇණ කිහිපයක් ලෑල්ල හරහා ගසා තැබුවෙමු. අක්කා සදුදා ඔපීසියට ගියාහ. ඉස්සරහ ගෙදර හිරිමල් සිරිමල් අයියා දින දෙකකට පසු ගෙදර ආවාය. ඒ ඉස්තිරිපාලයේ හිද ටෙටනස් ඉන්ජෙක්සන් එකද සරීර ගත කරගෙනය.

එකි නොකී කාරණා සිදුවෙද්දී මාගේ පුංචි මොලයට වද දෙන්නාහ. ඉදින් මේ ලිපිය ලීවේ කාන්තා බස් රතිය නැවත ආරම්භ කරන ලෙස කීමටය. ඒත් බහුතර කාන්තා ප්‍රසාදය ඊට හිමි ‍නොවුන බව සැබෑමය. සුපුරැදු ලෙස අන් පුරැෂයන් ඇග දැවටී, කොන් දොස් තර මාමාගේ දහස් වර පිට අතගෑම් වලට ලක්ව ඔෆීසි යන සුන්දර ගමන පළුදු කිරීමට ඔබ ගත් උත්සාහය අසාර්ථක වූ බවද මා ඉදුරා දන්නෝය.

ඔබ නැවත මෙම රති සේවය අරඹන්නේ නම් මා එකක් කීමට කැමත්තෝය. පෙර පරිදි කොන් දොස් තර සේවයට කාන්තාවක් නොයොදා අපේ ගමේ හිරිමල් අයියාව කොන්දොස්තර තැනේ තබා වැඩ අලබන්න. ඔහුට පඩියක්ද වුවමනා නැත්තේ බව ඔහු ඉදුරා කියන්නාහ. ඔහු කාන්තා රතිරථ සේවය උපරිමව උසස් තැනකට එනවා ඇත්තේය.

ඔබට ජය..

ලීවේ සදා නොවෙනස් පොඩි සෑමා..
පොස්ට් කලේ පොඩි සෑමාගේ අයියා, ලොකු සෑමා..

ලිව්වේ_10.11ඒ.එම්_11.12.2011

Monday, December 12, 2011

ආදරණීය වෙලදාම.... (තවත් එක් ආදර කතාවක් පමණක් නොවන්නට)

දහසක් ආදර පියුම් මුකුලිත වෙමින් තම කුලුදුල් ප්‍රේමය හිරිමල් ගැටිස්සියකට පූජා කිරීමේ ලිඛිත ලියවිල්ල  සමග පාඨශාලා ආචාර්යවරයෙක් අතට අසුවූ සෝචනිය පුවත ඔබ කදුලු පිරි දෙනෙතින් කියවන්නට ඇත්තේ කදුලු පිරි දෙනෙතිනි. ඒ පෙම් හසුන පෝස්ටුව යටතේය. තම හිතේ දැවෙමින් තිබූ ප්‍රේම ප්‍රාර්ථනා වදනින් වටකුරැව අමුනා කදුලු කැට මුසුකර ලවන රසයක් එක්කොට ලියූ ප්‍රථම ප්‍රේමයේ ලිඛිත හසුන් පත යුවතික් අත දැහැන් ගතවන්නට පෙර ගුරැතුමා අතට පත්වීම කෙසේ දරා ගත්තද, එහි වූ පුංචි අකුරක ඇලපිල්ලක වෙනසක් නිසා අසීමිත අවමානයකට ලක්වීම අවංක පෙම්වතෙක්හට කෙසේ නම් ඉවසිය හැක්කේද?

එකී නවය වසරේ දී මාගේ තවත් මිතුරෙක් දහම් පාසලේ ඉගෙනීම කළ ලමා සාරියෙන් සැරසී එන ලස්සන කෙලි පොඩිත්තියකට ආලයෙන් වෙලුනේමය. අහෝ තවත් කොලු බිල්ලක ඇරඹුමක් සනිටුහන් වීය. ඇය තව තවත් ලස්සන වූ‍යේ දහම් පාසලේ වෙනමම පැවැත්වූ නැටුම් පන්තියකට යොමුව ඉගෙනීම කළ නැට්ටිච්චියෙක්ම වූ නිසාමය. පෙරහැරේ නැටුම් වලදී ඇය නටද්දී එකී ආලවන්තයා හැරෙන්නට අපිද ඇය අසලින්ම ගමන් කරමින් දහම් පාසල් ශිෂ්‍ය නායකයින් ලෙස කටයුතු කාරනා සිදු කලෙමු.

ඒ සෑමා නවය වසරේ ඉගෙනීම කරන සමයයි. එවන් සමයක අපේ අම්මා ගත් කාන්තා පුවත් පතක ඇතුලත පිටුවක් මා දුටුවේ නම් අහම්බෙනි. ‍කාන්තා පුවත්පතක් බැලීමේ තියා ලමා පුවත්පතක් පවා නොබලන සෑමා දෛවයේ සරදමක් ලෙස දුටු පිටුව පුරා තිබ්බේ මා මිතුරා ට්‍රයි කළ ආලවන්තියගේ නර්ථනායතනයේ දිගු විස්තරයකි. පිටුවේ කොනක් සැරසී තිබුනේ ඇයගේ මුතුවන් සිනා සහිත ඡායාරෑපයකිනි. ඇය දුටු වහා සෑමා දෙවන සිල් පදය කඩා එම පිටුව පිටින් සොරකම් කර හරි හතරට පමණ නමා අම්මාට නෙපෙනෙන්න හොම්රන් පැස්ටල් පෙට්ටිය ඇතුලේ සගවා ගත්තේ ඇය දුටුවොත් හතර වන සිල්පදය පවා කඩන්නට වන නිසාමය.
ඇය තවත් ලස්සන වූ‍යේ නැටුම් පන්තියකට යොමුව ඉගෙනීම කළ නැට්ටිච්චියෙක්ම වූ නිසාමය
ඇය පෙට්ටිය ඇතුලේ සගවා ගෙන පහුවෙනිදා මා ඇදුනේ පාසලටය. මගේ මිතුරාගේ ට්‍රයි එක පත්තරේ සිටි බවත්, ඇයගේ පින්තූරයක්ද තිබි බවත් ඔහුට පවසා සිටි අතර ඔහු මගෙන් එය ඉල්ලුවේ ඇගේ රෑපය සිතේ ඇදී තිබි තරම මදි වූ නිසාය. නැතිනම් කොට්ටය යට සගවා නිදා ගන්නටය. මා දෙවන සිල් පදය කඩා සොරකම් කලත් ඔහු අතට මෙය පත්වුවොත් ඔහු අතින් පස්වන සිල්පදයද කැඩෙන්නට ඉඩ තිබෙන්නට ඇත. ටික දිනකින් පින්තූරය බිත්තියේ ඇලවිය හැකි තරමේ ගම් සහිත ස්ටිකරයක් වනු නියතමය.

උක්ත කාරනා මත මම එය දෙන්නට බැහැ කියද්දි හෙතෙම පිවිතුරැ නිකලැල් ආදරේ නාමයෙන් ඇගේ රෑපයට ලංසු තැබීය. එකල රැපියල් 10ක් පමණ වූ පුවත්පතට රැපියල් සියයක ලංසුවක් ලැබෙද්දී සෑමා අහිංසක ආදරයක් වෙනුවෙන් එකග විය. ගණුදෙනුව එලෙසම සිදුවිය.

එතරම් වියදම් කළද මිතුරා කවදාවත් ඇගෙන් ආදරයක් අසනු තියා කතා කරනවාත් මම දැක නැත්තෙමි. නමුත් ඇය දහම් පාසලේ දී නානාවිධ අයියලා සමග හොදින් කතාබහ කලේ අපේ වයසේ එවුන්ට ඌරැ ජුවල් නංවමිනි. එහෙත් ඇය නොදත්තේ ඇය වෙනුවෙන් සෑමා මිල නියම කලේ රැපියල් සියයක් බවය.

මිතුරාගේ ආදර අන්දරය එලෙස නිෂ්ක්‍රීය වී යද්දී අපේ පාසලේම තවත් මිතුරෙකු දහම් පාසලේ දී අළුත් කතාවක් අරඹා තිබිණ. කතා නායිකාව එම මය. ප්‍රේමවන්තයා වෙනස්ය. සියළු සත හට කරැණාව ඇති සෑමාට ඇගේ පින්තූරය සියයකට දුන්නේ අපරාදේ යයි කල්පනා වූයේ එවිටය. කලින් මිතුරාට හැත්තෑ පහකට පමණ එහි ඡායා පිටපතක් දුන්නා නම් අපේ අළුත් පෙම්වතාට ඔරිජිනල් පිටපත එකසිය පනහකටවත් දෙන්නට තිබිණ. එසේ වුවා නම් සෑමා වැඩි ගණනකට ඇයව මිල කර ඇත්තේය. එය ඇයටද සාධාරණයකි.
නව පෙම්වතා ගැන දල අදහසක් ගත හැකි පින්තූරයක්
මේ අතර ඉදිරියේ යෙදෙන ඉරිදා දිනක අපේ අළුත් පෙම්වතාගේ උපන්දිනය යෙදී තිබිණ. කල්තියා කටයුතු සූදානම් වන අතර මිතුරාට ආදරය වෙනුවෙන් බොක්කේ සපෝට් දෙන පිරිස කියා තිබුනේ ඔහුගේ උපන්දිනය දවසේ ඇයට චොක්ලට් එකක් දෙන ලෙසය. හුදෙක් ඉතිහාසගත වන කරැණකි.

දහම්පාසලේ අපේ පන්තිය තිබ්බේ දිග පඩි පෙලකය. ගුරැවරැ පහලම පඩියේ සිට උගන්වති. අප පඩියෙන් පඩිය පේලි සාදාගෙන ඩෙස්ක් මත සිට පහල බලාගෙන ඉගෙන ගත්තෙමු. දහම් පාසලට සරම ඇන්දාට එළිය වැටෙන විට විනිවිද ගොස් නිරැවත අනික් පසින් පෙනෙන නිසා අපේ බොහොමයක් ජොකා පමණක් හැද නොනවතී. ඊට උඩින් කොට ෂෝටක් දමා ගන්නේ විනිවිද පෙනුනට අවුලක් නොවන්නටය. සරමට යටින් ෂෝට දැමීම යනු රෙද්ද අස්සේ මහත්තයා වැනි වැඩකි.

බලා සිටි උපන්දිනය උදාවිය. පෙරදින රාත්‍රියේ නිදි සුව නොලබා, එහෙ මෙහ පෙරලෙමින් සිට අපමණ හැගුම් සිත දරා උපන් දිනය දවසේම තම ප්‍රේම වෘත්තාන්තය අරඹනු වස් විශාල පෙට්ටියක බහාලනු ලැබූ චොක්ලට් එකක් රැගෙන ආවේ අප උපන්දින කුමරාය. නැත එදින ඔහු ප්‍රේම කුරැල්ලාය. වෙනදාට පොත් ටික ‍වත් නොගෙන එන කුමරා අද බෑග් එකක්ද අතැතිව වාඩිවීය. පළමු, දෙවන කාලපරිච්ඡේද අවසන එළඹියේ සංක්‍රාන්ති සමයකි. ප්‍රේම වෘත්තාන්තය ඇරඹීමේ සුභ මොහොතකි.

"මචං දැන් පලයං ඉක්මනට. ටීචර් කෙනෙක් එන්න කලින්" අපට ඉදිරිපෙල සිටි මිතුරාට අවටින් උපදෙස් ලැබින. 

"මට බයයි බං, මොන මගුලක් වෙයිද දන්නේ නැහැ." ආදරය කිරීමට වඩා සැබවින්ම ප්‍රකාශ කිරීම අපහසුය.

"යකෝ මෙච්චර දවසක් පෙරැම් පිරැවා ඇති. අදවත් ඉවරයක් කරපං. ඒකි ලුක් එක දෙනවනේ" පිරිස කැඩුන සිත සමනය කළහ.

"හරි බං, ඕනේ අටමගලයක් මම යනවා" ඇය ඉදිරි පෙල නිසා පන්තිය මැද්දෙන් අප මිතුරැ පහලට බැස්සේ මුදානොගත් ප්‍රදේශයක ක්‍රියාන්විතයට යන සෙබලෙකු ලෙසය.

සියල්ලෝම ඔහුව තම දර්ශන පථයේ තබා ගත්හ. පුංචි කාලේ බයිසිකලේ වැටෙන් නැති වන්නට සපෝට් එකට ඇති කුඩා රෝද දෙක ගලවා, හරි පුතා දැන් යමං කියා අත හරින පියවරැ මෙන් සියල්ල බලා සිටියේ මිතුරා හරියට හැන්ඩ්ල් එක පාලනය කරයිද කියාය.

ඔහු ඇය අත පෙට්ටිය තැබුවා මතකය. ක්ෂණයෙන් අප සිටින දිශාවට පෙට්ටිය කැරකී කැරකී ප්‍රක්ෂිප්ත වුවා මතකය. අප අතර සිටි අයෙක් ජොන්ටි රෝඩ්ස් උඩපන්දු රකින ලෙස පැන අල්ලා ගත්තාද මතකය. පොර කමින් සියළු දෙනා චොකලට් කද්දී සිදුවීම නොදත් ඇතැම්හු ඇසුවේ කොහෙන්ද බං චොක්ලට් පෙට්ටිය ආවේ කියාය.

මිතුරා ඉදගන්නට පඩි පෙල නැග එන විටත් චොක්ලට් කුඩු ටිකක් වත් ඉතිරි නැත.

එදා...
  1. ඇයට එය විසි නොකරන්නට තරම් මනුෂ්‍යය කමක් තිබුණා නම් අගනේය.
  2. සෑමා ඇයව අගය කලේ රැපියල් සියයකටය. 
අද....
  1. අද ඔහු ඇයට සාපේක්ෂව උසස් තැනක සිටී.
  2. එදා රැපියල් සියය අද පාන් රාත්තල් දෙකක් සහ ටියුලිප් බෑග් එකක් තරම් වටින්නේය.
උපදෙස- ඔබ ඔහුට අකැමැති වන්නට පුළුවන, එසේ නම් බැහැ කීම අගනේය, එපා නම් එපා කීම අගනේය. චරිතය කෙලෙසීම නොවටින්නේමය.

Written by sAm_09.12.'11_2.30_pm

Saturday, December 10, 2011

DJ ද? JD ද?

‍මේ ස්ටෝරියේ නම් ගම් මනඃ කල්පිත කලයුත්තේ නැත. හේතුව ස්ටෝරිය අගින් එල්ලමි.

ඒ ඩී.ජේ (DJ) ගැන කියවෙන්න පටන් ගත්ත මුල් කාලය විය. අපේ ඉස්කෝලෙත් පාරවල් (steps) දැමීම් බහුල වුනේ මේ කාලයේදීමය. ෂෙක්ෂන් පිටින් වටවී පාරවල් දමනවා බැලුවේ මේ අවධියේය. බොහෝ වෙලාවට කරන්නේ ඉහල ශ්‍රේණිවල අයියලා සමග චැලෙන්ජ් එකට පාරවල් දැමීමයි. අපේ ෂෙක්ෂන් එකේත් පාරවල් කරුවෝ බොහෝ වූහ. ඒ අතර සුප්‍රසිද්ධ වුයේ සුදත්ය.

ඒ කාලේ අපේ පාසලේ නාට්‍යය හා රංග කලාව කලේ කොට, වැඩිය කතා බහ නැති, නමුත් විෂයෙහි දක්ෂ ගුරුවරයෙකි. ඔහුගේ නම කවුරුත් නොදන්නා මුත් බහුතරයක් ගුරුවරු පවා ඔහුට ආමන්ත්‍රනය කලේ ජේ.ඩී (J.D) කියාය. නිසැකවම එය ඔහුගේ මුලකුරු දෙකයි. ඩී.ජේ. ගැන වැඩිපුර කතාවෙන කාලයේ ජේ.ඩී නම තියෙන ගුරුවරයෙකු පහල වීම නිසා අපි කටපුරා ඔහුට කීවේ ඩී.ජේ (Disc Jockey) කියාය.


අපේ ජේ.ඩී සර් මෙය දැන සිටින්නට නැත. අපේ එවුන් දුටු තැන ඩී.ජේ කීවත් කට පුරා සිනාසී අප පසුකර යන්නට ඇත්තේ ඒ නිසාමය. අනික සමහර වෙලාවට ඩී.ජේ දුටු විට අපේ එවුන් එක කනක් අතකින් වසාගෙන ඩී.ජේ කරන ආකාරයට ඉදිරියට පහත් වූවද ඩී.ජේ ට තේරුමක් නැත. සැබවින්ම ඔහු එවිට වෙනදාට වඩා හොදින් හිනා වෙන්නට ඇත්තේ අපි පහත් වී ඔහුට ගෞරව කරනවා යැයි වැරදි ආකල්පයක් සිතේ ජනිත වීමෙනි.

ඩී.ජේ කොට නිසා අපේ එවුන් කොරිඩෝවේ සිටින විට ඩී.ජේ ආවත් පෙන්නේ නැත. සමහර විට අපේ  එවුන්ගේ ඇගේ හැප්පි හැප්පී ගමන් කරන්නේ සූට් කේස් එකක් වැනි බෑගයක් කිහිල්ලේ ගසාගෙනමය. 

අපි 10 වසරේ සිටින කොට උඩ තට්ටුවක එක පේලියට පන්ති අට තිබුණි. නමුත් 11 වසරදී පන්ති 4ක් පහල තට්ටුවේත්, ඉතිරි හතර එම බිල්ඩින් එකේ ම ඉහල තට්ටුවේත් තිබිණි. ඩුම්මගේ සූදුව සිදුවූයේ පඩිපෙල අසල ඉහල තට්‍ටුවේය. මා ගාල්ලේට අසුවුයේත් එම බිල්ඩින් එකේ කෙලවරේ තිබි ටැප් එක ලගදීමය.

මේ අපි 11 වසරේ සිටින විට සිදු වූවකි. ඒ අපේ ඉන්ටර්වල් එකකි. හැම එකාම හැම තැනමය. එදින ජේ.ඩී සුපුරුදු පරිදි අපේ පන්ති පසුකර උඩ තට්ටුවට නැගීමට ඉහලට නැගුනා අප දුටිමු. ජේ.ඩී පඩිපෙල නැගුන වේගයට වඩා වැඩි වේගයෙන් පහලට බැස ආවේ ඔහු ගේ නාට්‍යයක රජතුමෙකුගේ චරිතයක් කළ අයෙකු හිසේ ඔටුනු දමා ඉන්නවා සේ හිසේ කුණු බක්කියක් රදවාගෙනය. කිසිවක් හිතාගත නොහැකි වූ අපට කරන්නට තිබ්බේ බලා සිටීම පමණි.

ජේ.ඩී ට කර ගන්නට දෙයක් නැත. වහාම තම ඔටුන්න ගලවා දමා විසිකර උඩ බැලුවේ ප්‍රහාරය එල්ලවූයේ උඩින් බැවිනි. බක්කියේ තිබි කුණු පඩි පෙල පුරා විසිරී තිබ්බේ වෙඩින් මගුල් ගෙයක උලුවස්සේ බැදි මල් වෙඩිල්ල පත්තු වූ විලසකය.

මෙවර ජේ.ඩී ගේ සහයට පැමිණියේ නලිදුය. ‍නලිදුවා හිටියේ උඩ තට්ටුවේ පන්තියකය. සියල්ල බලා සිටියදී නලිදුවා කෑගැසීය.

"ඒ කවුද යකෝ අපේ සර්ගේ ඔළුවට කුණු බක්කි නමන්නේ..?? එන්න සර් අපි ‍ඕකව අල්ල ගමු" කියමින් නලිදුවා ජේ.ඩී  සමග එකතු වී පන්තියෙන් පන්තියට ගමන් කරමින් ඇසුවේ කුණු බක්කිය නමපු එකා කවුද කියාය.

පන්තිවල තිබෙන කොසු, ඉදල්, ඩස්ටර්, කුණු බක්කි වල පවා ඉස්සර අපි පන්තියේ නම ගැසුවේ හිටපු හැටියේ ඒවා අස්ථාන ගත වන නිසාය. ජේ.ඩී ගේ කරුමයට එම බක්කියේ පමනක් පන්තියක නමක් සදහන් ව නැත. එනිසා නලිදුවාගේ සපෝට් එක ජේ.ඩී ට මහා පිටුවහලක් වෙමින් ජේ.ඩී ද පන්ති ගානේ අවිද්දේය.

නමුත් කිසිවෙකුත් හොයා ගත් නොහැකි වූ තැන ‍ජේ.ඩී වැඩේ අත හැරියේය.

"බලපං බං මම උඩ ඉදන් කුණු බක්කිය පහලට විසික් කලා, කරුමෙටම ජේ.ඩී එතනින් මතු වුණානේ. මට කරන්න දෙයක් නැහැ. ඒත් මම ජේ.ඩී ට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කළා"

- උපුටා ගත්තේ නලිදුගේ කටඋත්තරයකිනි

පලි- නලිදු හදිසි අනතුරකින් සියල්ලන් ගෙන් සමුගත්තේ 2006 හෝ 2007 වසරදීය. ඒ නිසා නම් ගම් මනඃ කල්පිත නොකර පෝස්ටුව දැමීමි. ඔහු දක්ෂ මලල ක්‍රීඩකයෙක් වූ බව සැබෑමය.

"නලිදු සොයුර ඔබට නිවන් සුව"

Written by sAm_1.31pm_09.12.'11

ප.ප.ලි- සිය දහසක් විවිධාකාර වූ ගෝල බාල බාලියන් අතර අපේ ගැටයා (ඒලෙවල් කරන කොට තනියා නමින් විරුදාවලිය ලත් අනිවාරතේ ලියන පේරාදෙනි යුනියේ ගැටයා) ජේ.ඩී ගේ ගෝලයෙකි. තවද නදීෂා හේමමාලිද ජේ.ඩී ගේ ගෝලයෙකි. 10 වසරදී නදීෂා සහ ගැටයා එකම වේදිකාවක ජේ.ඩී ගේ මග පෙන්වීම යටතේ රගපෑවා කීවාම කවුරුන් විශ්වාස කරයිද? ඒත් සත්‍යය එයමය...

අපේ ගැටයාටද නිවන් සැප ලැබේවා....

Thursday, December 8, 2011

ට්‍රිප් යාමට වඩා ඕගනයිස් කිරීම ආතල්ය..

ට්‍රිප් සූදානම් කිරීම අපමණය ඒත් යන්නේ අතලොස්සකි. අපේ ඔෆීස් එකෙත් ලන්ච් වෙලාවට අපි අපමණ ට්‍රිප් ගොස් ඇත්තෙමු. සීගිරිය, සිරීපාදය, නුවර එළිය, ත්‍රිකුණාමලය, යාපනේ පවා අප ගොස් ඇත්තේ කෑම පැය භාගයේය. කෑම කන හැටි, නවතින තැන්, කියන ගීත පවා මතක් කරමින් කෑම ගත් පසු ආයේ ට්‍රිප් යාමක් ගැන සිතන්නේ වත් නැත. දවසක් මම කීවේ උබලා පුළුවන්නම් සෙට් වෙලා කැලනි පන්සල් ගිහින් වරෙල්ලා කියාය. ඒ තරම් ලගකට යන්නට බැරිව මොන ට්‍රිප්ද? ඒත් ට්‍රිප නොගියත් ප්ලෑන් කරන හැටි අසා සිටීම ආතල්මය.

අපේ ඉස්කෝලේ එවුන් 200ක් විතර මගේ ෆේස් බුකි friend list එකේ සිටිති. ඉස්කෝලෙන් අවුට් වු පසු කස්ටිය සෙට් කරනු වස් ශිලා වැඩේ organize කලේය. සියල්ල online සිද්ධ විය. ෆෝන් නම්බර් ගැනීම, සැමටම ලොග් වනු හැකි වන ලෙස ගූගල් ඩොකියුමන්ට් එකක් හැදුවේ JBL ය (wrestling ගහන එකා නෙවේය jayanath buddhika liyanage ය) හැමෝම එයට ලොග් වී විස්තර අප්ඩේට් කලහ. ඔක්කෝම 37ක් සෙට් වූ කල යන්න වෑන් එකක් මදිය. බස් එකක් සෙට් කරන්නට හැදුවේ අපේ හ(ර්)කියුලිස්ය. පොර බස් එකේ ෆොටෝ එකකුත් දමා 37ම ටැග් කලේය. කමෙන්ටු වරැසාවකි. සුපිරි ට්‍රිපකි.

දෝදු කුමාර අපේ ගෙවල් ලගම ඉන්න නිසා මම පොරව අප්ඩේට් කලේ දුරකතනයෙනි. පොර එක පයින් හා කීවේය. 

මොනවා කීවත් කස්ටිය පට්ටම ෂුවර් නිසා බස් වැඩේ ඇතැර ලග පාත සෙට් වෙමු කියා නිගමනයට එලබ අපි එකතු වුණේ පිටකොටුව දුම්රිය ස්ටේෂන් එකේ "කොම්බුව" යටටය. 

පොරොන්දු වූ 37න් හරියටම 7ක් හිටියේය. බස් එක ගෙනාවනම් සොරිය. බස් එක ගේනවා කියූ හර්කියුලිසුත් නැත.
පිටකොටුව දුම්රිය ස්ටේෂන් එකේ "කොම්බුව" යටය (මෙතන 5යි + සෑමයි + ඩයියයි = 7යි)
හිත හදා ගත් අපි (සෑමා, මේනා, ඩයියා, ජයේ, ප්‍රබුද්ධ, කොටා, දර්ශන) ඩයියා ආ පසු වැල්ලවත්ත බීච් එක පැත්තට ඇදුනේ අවශ්‍ය සියළු කලමනා එකතු කරගෙනය.

"අඩෝ දෝදු එනවා කීවා නේද?" ඩයියා ඇසීය.

"ඔව් බං ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැනේ, ක්ලාස් කියලා මැසේජ් කළා බං" මම කීවෙමි

"ආ.. එහෙනම් කොල්ලා පොල්ල තියලා.."

එදා උදේ බහුතරයක් ෆෝන් ඕෆ් වී තිබූ නිසාත්, බහුතරයක් ආන්සර් නැති නිසාත් ඔවුන් නොඑන බව පසක් විය. 

වැල්ලවත්තේ මද පවනේ වැදෙන කොට ඈතින් ආවේ මාකායි. මාකා සමග සියල්ල 8ක් විය. තව දුරටත් ලග නැවෙන කොට ගීත, පරන කතන්දර ඇදෙන්නට විය. දැන් කස්ටියට පේනනේ බොද මීදුම් මැදිනි.

"රැවක් ඇදෙනවා කවුදෝ එනවා.. මීවිත ඇදිරිය දෑස වසනවා..."

"යකෝ අර එන්නේ දෝදු නේද??" අපේ දෝදුවා වගේ එකෙක් එනු පෙනින. තිනියම නොවේ, සිය බාරී සමගමය.

"ක්ලාස් තියෙනවා කියපු එකා බීච් එකේ??" කස්ටියට ප්‍රශ්න වැලකි. දෝදු ලගට එනතුරැ සිටි අපි දොදු කොටු කර ගතිමු. ‍පොර ලගට ඇවිත් ඉදගත්තද බාරී සිටියේ දුරින්ය. 

දෝදුවා විනාස කලේ කස්ටිය වට කරගෙනය. "මචෝ අර ඉන්නේ ක්ලාස් එකේ ටීචර් ද?, උබ වෙරල හා සමුද්‍ර සංරක්ෂණය පිළබද කෝස් එකක්ද කරන්නේ??, උබ නාරා එකේද ක්ලාස් යන්නේ???" අපි දෝදුට ෂොට් එකක්ද පෙව්වේ තරහටමය. දෝදු අදටත් බීච් ක්ලාස් ගැන කී විට නිරැත්තරය.

පස්සේ දෝදුගේ බාරීත් ඩෝප් වෙන්නට ඇතිවාට සැක නැත. ඒ දෝදුගේ දෙතොලින් ඇල්කොහොල් බාරී ගේ දෙතොලට මුසුව ශරීර ගත වීමෙනි.

පසුගිය දවසක අපේ ධර්මේද අනුරාධපුරේ යාමට ට්‍රිපක් ඕගනයිස් කර තිබිණ. (ධර්මේ ගේ කතා තුන කියවන්න - ධර්මේ සහ RAM, හේමේ සහ ධර්මේ, ධර්මේ සහ කැරම් බෝඩ්එක)

මට ඉන්වයිට් කලේ පිටත් වීමට පෙර දින රාත්‍රියේය. ඔහු කීවේ අවශ්‍යවන්නේ ඇදුමක් පමණක් බවත් සියල්ල ඔවුන් සපයන බවත්ය. තව දුරටත් කීවේ අපේ වරැණයාත් ගමනට එන බවය.  මට සෙට් වීමට බැරි නිසා මම කෙලින්ම බෑ කීවෙමි. 

මීට මාස තුනකට විතර පෙර ධර්මේට wrong number එකකින් miss කෝල් ලැබී ඇත. මේ පිළබද වැඩි දුරටත් පස්සෙන් පැන්නූ ධර්මේට අනුරාධපුරේ අයිතමයක් සෙට් වී ඇත. මිස් කෝල් එකෙන් සෙට් වූ අයිතමය බැලීමත් සිතේ තබාගෙන ට්‍රිප ඕගනයිස් වී ඇත.

"උබට පිස්සුද බං ඕක අපේ එකෙක්ගේම ගුලියක් ‍වෙන්න ඇති." මම ධර්මේට වෝ(ර්)නින් දුන්නෙමි.

"මොන පිස්සුද බං. හැමදාම රෑට මට කිස් එකක් දීලා ලගින් නිදාගන්න කෙල්ල කොහොමද බොරැවක් වෙන්නේ. අපි ෆෝන් එකෙන් නොකල දෙයක් නැහැ. මට සැකයි ඒ අහිංසකී ප්‍රෙග්නන්ට් වෙලාද කියලත්" ධර්මේ නොසගවා පැවසීය.

"උබ ඒක දැකලවත් නැහැනේ බං. අනුරාධපුරේ වේලිච්ච අයිටම් එකක්ද දන්නේ නැහැ." මම කීවේ ධර්මේ තදින් බලාපොරොත්තු තබා ගැනීම ඔහුටම හොද නැති බැවිනි.

"නැහැ බං ඒකී අනුරාධපුරේ පුස්තකාලය ලගට එනවා කිව්වා" ධර්මේගේ වදනත් සමග මම ඔහුගේ ගමනට සුභ පැතීමි.

*********

පසු දිනක මට අපේ ධර්මේ මලයා සැලුන් එකේ‍දී සෙට් විය. මම ඇසුවේ අනුරාධපුර ගියාද කි‍යා නොවේය. මිස් කෝල් අයිතමය හමුවුණාද කියාය.

"ඔව් මචෝ අපි පුස්තකාලේ ලග නවත්තලා තිබ්බ වෑන් එකක් පිටිපස්සේ හැංගිලා හිටියා" ධර්මේ කීවේය.

"ඇයි යකෝ හැංගිලා ඉන්නේ? උබලා මෙහෙ කරන හො‍රා පොලිස් සෙල්ලම ‍එහෙත් කලාද?" මම ඇසීමි.

"නැහැ බං අපි උඩ දාගෙන ගියාට කවුද දන්නේ කොහොම අයිටම් එකක්ද කියලා. චොර සීන් එකකු වුනොත් හොරෙන්ම මාරැ වෙන්න අපි හැංගිලා හිටියා" ධර්මේගේ අදහස සැබෑය.

"ඉතිං.. මොකද උනේ" මට ඉවසිල්ලක් නැත

"ඒකි කෝල් කරලා කීවා ලයිබ්රි එක ඉස්සරහ ඉන්නේ කියලා, අප ඔළුව දාලා බැලුවා" ධර්මේ කීය.

"ඉතිං, සිරාද කෑල්ල" මම පැන්නෙමි.

"පිස්සු හැදෙනවා බං ඒක සිරාම කෑල්ලක්. මට අරන් එන්න හිතුනා" ධර්මේ කීවේ ඇත්තම බව මට හැබෑ ගියේ ෆොටෝ එක පෙන්නූ පසුය. ඇත්තටම සිරා අයිතමයකි.

දින කිහිපයකට පසු අපේ වරා ඔන් ලයින්ය. කස්ටිය වැඩ දාගෙන ඕගනයිස් කලාට ට්‍රිප ගිය බවට මට තිබ්බේ සැකයකි. මම වරාගෙන් ඇසුවේ ට්‍රිප ගියාද කියාය. පොර කීවේ ගිය බවකි. කොච්චර ඇහුවත් කීවේ ගියා කියාමය. එක පාරක් නොගියා කියාද කීවේය. අන්තිමට මම විස්වාස නොකරන නිසා වරා දුන්නේ ඉල කැඩෙන උත්තරයකි. අපේ චැට් එක බලලම හිදීම හොදය.

වරා කීවේ "බොරැනම් ජය සිරිමහා බෝධියෙන් අසන ලෙසය"
වරා අනුරාධපුරේ ආවාද දැන ගැනීමට සෑමා ජය සිරි මහා බෝධිය අසලට යා යුතුමය.

Written by sAm_09.08pm_05.12.'11

Wednesday, December 7, 2011

අපි නොදන්න "සදැස්" හා "නිසදැස්"


මේ බ්ලොගේ ඉන්න කවුරැත් දන්නේ සෑමා කියිවාරැකාරයෙක් කතන්දර කාරයෙක් කියාය. එකම එක පාරක් දාපු විරිදුවක් (ඩුම්මගේ සූදුව) ගැන දන්නා ඔවුන් සිතන්නේ කතන්දර මදිවට විරිදු කාරයෙක් කියාය. ඉදහිට සෑමාට කවි සිතුවිල පහල වන බව දන්නේ මගේ ෆේස්බුකියේ ඉන්නා පිරිස පමණි.

සෑමා 6 වසරේ මුලදී (ගමේ) පාසලේදී කවි කිහිපයක් ලියා සිංහල සර් සතුටු වුණා මතකය. මොනවට ලිව්වද මන්දා කියා සෑමගේ හිත සෑමටම වද දුන්නේ සර් කලාපීය තරග වලට සෑමාගේ නම දැමූ පසුවය. කරන්නට දෙයක් නැතිම තැන තරගයට ඉදගත්තේ සෑමාය. සෑමා ප්‍රශ්නය කියවීම ඇරඹින.

පහත සදහන් මාතෘකා අතරින් දෙකක් පිළිබද ඔබගේ සංකල්පනා ඉදිරිපත් කරන්න. ඔබ ඉදිරිපත් කරන සංකල්පනාව "සදැස්" දැයි "නිසදැස්" දැයි යන වග ඉහලින් සදහන් කරන්න.

කවි ලියන එක ගේමක් නොවේය. ඒත් අපේ සදාදරණිය සර් තුමාගේ පවු‍ලේ වැඩිහිටි සාමාජිකයන් මතක් වූයේ මාතෘකාව දුටුවිටය. සෑමාගේ තිබ්බ මගෝඩිකමට ලස්සන කවියක් ලිව්වට එය සදැස් ද නිසදැස්ද බව දැනන් හිටියේ නැත. හිතට ආවාට ලිව්ව එකකි. එදා සෑමා සංකල්පනාව ලියා ගෙදර ආවේ "සදැස්" දැයි "නිසදැස්" දැයි යන වග ඉහලින් සදහන් කරන්නේ නැතිවමය. ඉතින් මොන ප්ලේස්ද? ඒත් අපේ සර් බලාපොරොත්තු දල්වා බලා සිටි බව සැබෑමය.

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වේ - ආදර ගගුලක් පෙරට ඇදේ..
කාටද ඔබේ අත හිමිවන්නේ - මා වාගේම ඔහු විමසන්නේ..

සදැස්, නිසදැස් දන්නැතිව හිටි සෑමා දැන් කවි ලියන්නේ කිසිම අණක් ගුණක් නැතිවය.

ඇගෙන් ලද ආදරේ අරගෙන
තනි වුනෙමි මා දිනෙක නුබ ලග
සිතට ලද මහ සුවය විදගෙන
හිදිමි දුරකින් නෙතින් සිපගෙන
පමා වී නුබ දුටුව අරැමය
ඇස් පියන් නුබෙ සැලෙන රිද්මය
ලබන්නට පින නැතුව සිටියද
ලදිමි උනුසුම ලගින් හිදගෙන
දගකාර හිසකේ වැදී මුව
සිප ගනිද්දී සිනාසුන නුඹ
ඈත භවයක මගේ වූවද..?
අසන්නට සිතුනා සැබෑවට

2.05පී.එම්._07.12.11_දින_ Sam cReations

පෝස්ට් එක පිළිබද ඔබට නැගෙන ගැටළු..
  1. මූගෙ කතා ඉවර වෙලාද දැන් කවි මූට්ටු කරන්නේ?
  2. මූට කොහෙන් හරි පන්නපු කවි ටිකක් සෙට් වෙලාද?
  3. නැත්තම් මූ ආදරෙන් පරාජිත වෙලා ජීවිතේ එපා වෙලාද?
සෑමාගේ එකම පිළිතුර..

කරැමෙට ලස්සනට සැදැස්, නිසදැස් කවි ලියවෙන නිසා දැමීමි. බිය නොවන්න, නොදන්නා සදැස් නිසදැස් වලට වඩා දන්නා කතන්දර අගනේය. කලාපීය තරගෙන් පරාද වූ සෑමාට සදැස් නිසදැස් වචන අකැපය. කැප වන්නේ "කවි" පමණි.

ආතක් පාතක් නැතිව ලිව්වේ_07.12.11_දින_5.29_පී.එම්


Monday, December 5, 2011

ෂෝටා සහ සාහිත්‍යය සමිතිය...

ඉස්කෝලේ පැවැත්වෙන සාහිත්‍ය සමිති වල ඇත්තේ කිසිදා නොවිදි රසයකි. එහි වූ නාට්‍ය වල ඇත්තේ පස්ගෝ රසයටත් නව නළු රසයටත් වඩා අමා රසයකි. පාසල පුරා රැදුනු මතකයන් අතර අමරණීය මතකයන් ඇත්තේ පන්ති කාමරයට වඩා ටොයිලට්, ග්‍රවුන්ඩ් එක, ‍පැමිලියන් එක පිටිපස්ස, ප්‍රින්සිපල්ගේ ඔෆීස්, හා ‍ප්‍රධාන ශාලාව තුලය.

සාහිත්‍ය සමිතියක් ආරම්භ වීමට අප අසුන් ගෙන සිටියා මතකය. සෙක්ෂන් එකේම පන්ති අට පිරවූ විට මේන් හෝල් එක තුල රග මඩලකි. ඒ ගුරැවරැ එන්නට පෙර ‍ඇතිවන අස්ථායී තත්වයයි. එදා මයික් එක ටෙස්ට් කිරීමට ආවේ පියන් මාමාය. හේ ශාලාව මැද්දෙන්ම පැමිණ වේදිකාවට නැග්ගේ ගීත ගායනා කිරීමක් ගැන කිසිදු අදහසකින් තොරවය. එහෙත් ඔහු වේදිකාවට නගිනවා සමගම අපේ එවුන් අත්පු‍ඩි තැලුවේ සුපිරි ගායකයෙකු සුගත් තිලකරත්න ගීතයක් ගැයීමට වේදිකාව නැග්ගා සේය. පියන් අංකල්ට පැනපු මල අසීමිතය. ඔහු ඉක්මනින් "ටෙස්ටින් වන්.. වන්..ටූ...චූ.." කියා බැස්සේය. බහින මොහොතේත් අපේ එවුන් සමු දුන්නේ අත්පුඩි හා විසිල් පහරකිනි.

ඕලෙවල් ඉලක්ක කොට තැබූ සෙමිනා පොඩ්ඩකදී අපේ සරා සර් ගේ කකුල මයික් වයර් එ‍කේ පැටලී ඒ සමගම ඈම්ප් එකත් එක්කම බිම වැටුණා සෑමාට අදටත් මැවී පෙනේ. එවිටත් අපේ එවුන් අත්පුඩි ගැසුවේ වැරදීමකින්ම නොවේය. හැමදාම සාහිත්‍යය සමිතියේ කියවෙන "උත්තම මුණි දළදා" ගීතය සුපිරිය. කීවේ කොට ධනුෂ්කයාය. තව දවසක් අපේ එකෙක් (මලින්ද) කිහිල්ලේ ගිටාරයක් ගසාගෙන කීවේ "ඔබේ සිනා ලග නෙත නැවතුන දා" ගීයයි. එයද සුපිරිය.

පොඩි පන්ති වලදී අපි ඇන්දේ කොට ෂෝටය. කෙල්ලන්ට වෙනසක් නැත සදාතනික ගවුම් පොඩ්ඩය. අ‍පි 8, 9 දී කොට ෂෝට ඇද, 10 වසර සිට අත් දිග ෂෝටට මාරැ වෙන විට අපේ කෙල්ලන් ඇන්දේ ගවුමමය. නමුත් ඔවුන් පොඩි කාලේ දිගට ඇන්ද ගවුම ලොකු කාලේදී කොට කළහ. ඒ කියන්නේ අපේ ෂෝට හා ඔවුන්ගේ ගවුම අතර තිබ්බේ ප්‍රතිලෝම සමානුපාතික තත්වයකි. ගවුම කොට වැඩි වූ කළ ශිෂ්‍ය නායිකාවෝ කෙල්ලන්ගේ ගවුම් වල වාටි පවා ගැලවීමේ ක්‍රියාන්විතයක් දියත් කළහ. අපි ඒවාට විරැද්ධ වූයේ වල්කමට නොව රෙදි පිරිමැසීම අගනා කාරනයක් බැවිනි.

අපි ෂෝට අදින කාලේ අපේ වයසේ උස ඩයල් වලට එය පට්ට වදයක් විය. උසට උසේ ෂෝට ගැසුවාම මයිල් පිරැණ ගල් එලියේය. එක පුලියේය. එහෙව් උස ඩයල් පුල පුලා බලා සිටියේ ඉක්මනට දහය වසරට ගොස් දිගක් ගසා ගැනීමටය. මේ අතර 9 වසරදී කොටම කොට ෂෝට ඇන්ද අපේ මිතුරා අපි හැදින්වූයේ "ෂෝටා" කියාය. ෂොටා හා සම්බන්ධ මේන් ‍හෝල් ස්ටෝරිය දිග හැරීමේ බිට්, බයිට්, කිලෝ බයිට් කතා අහවරය. දැන් මෙගා ස්ටෝරියයි.
කොටම කොට ෂෝට ඇන්ද අපේ මිතුරා අපි හැදින්වූයේ "ෂෝටා" කියාය

ෂෝටා 10 වසර (හෝ 11) සාහිත්‍යය සමිතියක ගැයු‍වේ ෂැගී shaggy ගේ (ස්කුබී එකේ එක්කෙනා නෙවේය) ගර්ල් යූ මයි ඒන්ජල් (angel) ගීතයයි. අපි ෂෝටා පොරක් කියා සිතුවේ එදාය. අපිට ඒ රැප් පාට් එක කියන්නට තියා හිතන්නවත් බැරිය. ඒ දවස් වල රැප් නැතිව මුල් ටික අපි කී‍වත් රැප් ‍කළේ දේශීය අමු ද්‍රව්‍ය යොදා ගෙනය. එනම් "වත්තට යන්නම් මලක් කඩන්නම්.., මම මේ මලුවට යනවා එනවා.." වැනි ආදේශක ගීත එම රැප් ශෛලයට ගැයී මෙනි. නමුත් ෂෝටා ගීතයට උපරිම සාධාරණය ඉටු කළේ දෙවන වටයට පවා තේරී පත්වී මෙනි. ගුරැවරැ පවා කිසිදු එදිරි වාදී කමක් නොපෙන්නුවේ ඉංගිරීසි සිංදුවක් නිසා විය හැකිය.
ෂෝටා සමිතියක ගැයු‍වේ ෂැගී shaggy ගේ (ස්කුබී එකේ shaggy නෙවේය) gl u my angle ගීතයයි

එයින් පසු ෂෝටා යලිත් කරලියට බැස්සේ 12, 13 වසර වලදී තැබූ සාහිත්‍යය සමිතියකිනි. ඒ ඉරාජ් අයියාගේ ආරකිනි. ඒ.‍ලෙවල් කරන කාලේ කොම(ර්)ස්, ආ(ර්)ට්ස්, සයන්ස් සියල්ලට එකම සාහිත්‍ය සමිතියක් පැවැත්වීය. අපි සයන්ස් නිසා අ‍පේ සෙක්ෂන් එකේ සයන්ස් ටීචර්ස් ලා කොමර්ස්, ආර්ට් එවුන් සමග අප්සට්ය. නමුත් කොල්ලෝ කෙල්ලන් ගේ සිත් බෙදීමට ඔවුනට නොහැකි වී තිබිණ.

ෂෝටා වේදිකාවට නැග්ගේ උණුසුම් පිළිගැනීමක් සමගය. ඔහු ඉරාජ් අයියාගේ "නින්ද නොයන හැනදෑවේ" ගැයුවේ සුපිරියටය. රැප් එක ලෙසටම තිබ්බා මතකය. ගීතයේ මැද හරියේදී මැද්දට පැන්නේ ඇප්ලයිඩ් මැත්ස් කරන සර්ය. ඔහු කීවේ පාසලට උචිත නැති බවක් ය. හුදෙක්ම විරෝධය එල්ල වූයේ සයන්ස් ටීචර්ස්ලා ගෙන්ය. 

විරෝධතාවය මත සියළු කොම(ර්)ස්, හා ආ(ර්)ට්, සෙට් එක එකාවන්ව නැගිට ශාලාවෙන් පිටතට ගියහ. විෂයන් අනුව සිත් බෙදනු නොහැකි එක සිත් ඇති අපද නැගිටුනේ පන්ති කාමරයේදී නැවත මුණ ගැසෙන සයන්ස් ටීචර්ස්ලාගෙන් අසන්නට ලැබෙන අවලාද කතන්දර ගැන නොසිතාය.
  1. විෂය අනුව බෙදෙන්නට පෙර අප මුල සිටම එක පන්තියේ සිටි මිතුරෝය.
  2. සාහිත්‍ය සමිතියක ඉදිරිපත් කරන දක්ෂතාවය කුමක් වුවත් එය පාසලට නොගැලපෙන එකක් වෙන්නේ නැත. වෙනත් ශෛලීන්ගෙන් ගීත ඉදිරිපත් කිරීම පාසලට නොගැලපෙන්නක් වෙන්නේ කෙසේදැයි සෑමා තවමත් සිතන්නේය.
  3. මෙවැනිම සිදුවීමක් සෑමා යලි දුටුවේ දහම් පාසලේ අයියා කෙනෙක් "ශිල්ප සොදින් දැනගන්න ගිහින් නුඹ.." ගීතය ගායනා කිරීමේදී, එවකට විදුහල්පතිතුමා ඔබ්ජෙක්ෂන් දාපු විටදීය. ඒ ගීතය එච්චරම නුසුදුසුද? නැත්තම් එදිරිවාදීන්ගේ සිතුවිලිද?
සෑමාගේ සටහන - ඔබගේ විමසුමට :)

Written by sAm_1.00am_03.12.'11

ඔබේ මෙවන් අත්දැකීම් කමෙන්ට් ලෙස අකුරැ කරන්න...

Sunday, December 4, 2011

කිටී කොන්දා වු හැටී...

සෑමාගේ පාසල් ආදර කතාව ලියන්නට ප්‍රමාද වෙන හේතුවකි මේ. පාසල් ආලය ලත් තැනම ලොප් වූ නිසාත්, අලුත් ලව් ස්ටෝරිය (අලුත් කිව්වට දැනට අවුරැදු 4ක් විතර දිරච්ච ඉතිහාසයක් තියෙන ස්ටෝරිය) ලිව්වේ නැත්නම් සෑමාගේ ප්‍රජා අයිතියත් අහෝසි වන බව දන්නා නිසාම ඇගේ කිටීගේ කතාවක් මෙසේ කොටන්නෙමි.

කාන්තා අධිපත්‍යය යනු ස්ත්‍රිය සැනසෙන වචනයකි, නමුත් එය සෑමා‍ගේ අර්ථ කථනයට අනුව පුරැෂයා ස්ත්‍රියගේ කන්දොස් කිරියාව හා වදය නිසා කියන හැමදේම ඉවසා සිටීමේ ක්‍රියාවලියයි. මෙය කාන්තාව තේරැම් ගෙන ඇත්තේ කාන්තා අධිපත්‍යය කියාය.

කිටී බස්එකට නැග ඇත්තේ රාජගිරියෙනි. ඒ කිටී කඩුවෙල දක්වා එන ගමනකි. ඉක්මනින් යා යුතු නිසාත්, ගමන පහසු නිසාත් කිටී නැග ඇත්තේ 177 ඒ. සී බසයකටය.
ඒ කිටී කඩුවෙල දක්වා එන ගමනකි.

ලංකාවේ ඉන්න හැමෝම මෙහෙ බස් සේවය ගැන දනිති. නෙදන්නෝ හුදෙක් ශ්‍රී ලාංකීය අනන්‍යතාව දන්නෝ නෙවෙති. පෙර දිනක් සෑමා බස් එකක ආපු හැටි ලිවා මතක ඇත්තෝ සිටිති. නොදන්නෝ සබැදිය බලා අප්ඩේට් වේවා.

කිටී ඉක්මන් සැප පහසු ගමනකට ඒ සී බස් රියකට නැග ගත්තත් හිතූ තරම් ප්‍රතිලාභ ලැබී නැත. සවස බසයට නැග ඇති කිටීට බත්තරමුල්ල ‍ප්‍රදේශයට එන විට සවස 6.30 පමණ වී ඇත. හිදගන්නට අසුනක් වත් නැතිව ඇය සිටගෙන සිට ඇත්තේ කොන්දා මාමා සිටින දොර ලගය. කොපමණ සෙනග සිටියත් මගී ජනතාව අතරමං කිරීමට එරෙහි සිත් ඇති කොන්දා මාමා නොනැවති තව තවත් පිරිස් එකතු කරන්නට වී ඇත්තේ බසයෙන් බැස ගෙනය.

"සීට් තියෙනවා නගින්න... සීට් තියෙනවා නගින්න.." පුරැදු වදන ගොතමින් කොන්දා මාමා පිරිස් එකතු කළේ ජනතාව වෙනුවෙන් සේවය කරන අවංක කොන්දොස්තරවරයෙකු විලසිනි.

පිරිස් හිටගෙන සිටියත් කොන්දා මාමා කීවේ බොරැ නොවේය. සීට් ඇත. නමුත් ඉදගන්නට පමණක් සීට් නැත. කෙසේ ‍හෝ පැත්තට ඇලවූ බසය අමාරැවෙන් මාලබේ හන්දියට පමණ ඇවිත් ඇත. මාලබේට එන විට කොන්දා මාමාගේ උත්සාහය නිසා පිරැණු අපමණ මගී කන්දරාව හමුවේ බස් රථයේ දොර පවා වසන්නට නොහැකි තත්වයක් තිබී ඇත්තේය.

කොන්දා මහතා එතෙක් කළ ජනතා සේවයේ අඩුව මකාලමින් තවත් මගීන් පුරවා ගැනීමට මාලබේ හන්දියෙන් බසයෙන් බැස "නගින්න නගින්න තව ඉඩ තියෙනවා" කියමින් සෙනග එකතු කර ඇත..

බස් රථය ගමන් කිරීමට වූ නිසාත්, රථයේ දොර වැසීමට අසීරැ වූ නිසාත් කිටී කර ඇත්තේ තමා විසින්ම දොර වැසීමයි. එතැන් සිට බස් රථය‍ වේගයෙන් ගමන් කර ඇති අතර, රථයේ කලින් තිබූ කෑ ගැසීම් හා කලබලය අවම වී ඇත්තේය. බස් රථයද නවත්වා ඇත්තේ හෝල්ට් කිහිපයක් ගොස් බහින්නට අයෙක් සිටි නිසාමය.

දොර අරින්නටවත් කෙනෙක් නොවුණ තැන එම පුද්ගලයා තමා විසින්ම දොර ඇරගෙන බැස ගොස් ඇත්තේ "සීට් තියෙනවා කියලා බලෙන් නග්ග ගන්නේ බහිනකොට දොර අරින්න එකෙක් නැහැ" කියමිනි.

නැවත ගමන් ඇරඹූ බසය නවතා ඇත්තේ හෝල්ට් එකක නෙවේය. වැඩි දුර යන්නට පෙර පිටු පසින් පැමිණි ත්‍රීවීල් රථයක් බසය හරස් කොට නවත්වා ඇත.

ඉන් බැස ආවේ කොන්දා මාමාය


කොන්දා මාමාට වුණේ කුමක්ද?
වග කිව යුත්තේ කවුද?

Written by sAm_2.07pm_01.12.'11


Saturday, December 3, 2011

සුසිරි අයියා‍ගේ ආදර අන්දරය (පොඩි සෑමාගේ ලියුම 1)

දයා-බල මලින්ද මාලේ මාමේ..

ඔ‍බගේ තැප දුක් කෙලෙසෙයි ද?

අපේ ගෙදර කවුරැවත් මලින්ද මාමාට ඡන්දය නොදුන්නාය. ඒත් රටේ බ හුතරය දුන්නාය. මට මලින්ද මාමාගේ වැරදිම පෙනෙන්නාහ. ඒ අපේ ජෙනරාල් මාමා හිර කලපු නිසාම වන්නේහ. කවදාවත් නැතුව මලින්ද මාමා ගැන ආතලයක් මට උපන්නාය. එය මම මෙතේ අතුරැ කලහ.

අපේ අක්කා සුසිරි අයියා සමග යාළු වී සිටියෙමු. සුසිරි අය්ය්යා අපේ පැත්තේ පියුම් බෙදන්නාහ. සුතිලි අය්යාගේ ගෙදර තිබ්බේ අපේ නැවැසැට ‍මීටර 500ක් විතර දුරින්නේය. සුසිලියා ගැන දන්නා නිසා, මේ මල මංගල්ලයට අපේ තාත්තා අකැ මැත් තෙන් සිටියාය. අම්මාද සිටියේ මැදිහත් සිතකින් වුවත්, අකැමැත්ත පෙන්නුවේ නැත්තේහ. ලගදී තැපැල් වරැජනයක් තිබ්බ නිසා සුසිරි අයියා අපේ ගෙදරම හිටියේ අපේ අක්කාව බයිකිසලේ ඉස්සහ පොලු කැබැල්ලේ තියාගෙනය. ඒ තලමට සුස්සිරි අය්යා අයියා අපේ ගෙතර ඒම නවත්වා ගන්නට බැරි වූවාය.
සුසිරි අය්ය්යා අපේ පැත්තේ පියුම් බෙදන්නාහ

මීට කලින් තුතිලි අයියා කලේ වෙන ජොබ් එකකි. එයින් අස්වී ‍ඉන්නා කාලේත් තුතිලි අයියා අපේ ගෙදර ආවාය. ජොබ් එකක් නැති එකෙක් නේද කියා අම්මා ඇසුහ. එවිට අක්කා කීවේ එයාට දැන් ජෙබ් එකක් ලැබුණා කියාය. අම්මා ඒ ‍මොකක්ද කියා අසන්නේය. අක්කා කීවේ "එයා දැන් ඩිලිවරියට ලෑස්ති වෙනවා කියාය.." එදා අම්මා අක්කාට බැන්නේ බැදපු මිනිහෙක් ගේ හුට්ටප්පරයක් පටන් ගත්තා කියමිනි. අම්මා හිතා ඇත්තේ තුතිලි අය්යා බැදලා කියාත්, එයාගේ වයිෆ්ගේ ඩිලිවලියට ලෑත්ති වෙනවා කියාහ. ඒත් අක්කා කරැනු කියා තේලුම් කලේ එයා ලුයුම් ඩිලිවලි කරන්න ලැත්තිවෙනවා කියාය.

මේ අට මගලේ නැවැත්වීමට තාත්තා නොයෙක් දේ කළාය. අම්මා නොගත් උත්තාහයක් නැත්තෝය. මට මතක විදියට දේවාලයක කපුවෙක් එල කිරි වලින් නැවෙවුවේ බාරයක් ඔප්පු කිලීමටය. ඒත් සුතිලි අයියා එන්‍නා මය. ඒවුනාට මලින්ද මාමා අපේ අක්කාගේ තම්බන්තය කඩා දුන්නාය. ලබන පාර අපේ ගෙදර අයත් (අක්කා හැර) මලින්ද මාමාට කොටනවා සුවර්ය. ඒ කතිරයය.

මලින්ද මාමා පොඩි වැඩක් කළාය. ඒ අපේ තුතිලි අයියාත්, අපේ ගෙදලත් වෙන් වෙන ලෙස දිග අති-වේගී ඒදණ්ඩක් මාග්රයක් තැනීමය. ඒක පට්ට වන්නාය. ඒත් උපලිම වේගය 100කි. ඒක හරහා කාටවත් පැනිය නොහැක්කේහ. එක පැත්තකට යන්න පටන් ගත්තොත් මගදී හරවන්න බැරි ‍වන්නාහ. 

මේ පාර නිතා සුසිලි අයියාට අපේ පැත්තට එන්නට බැරි වුහ. ඒ කේ කාටවත් අවිදන්නට බැරි වන්නාය. ඒ නිසා සුතිලි අයියා අපි දැන් සති ගානකට දැක්කේම නැතිවාය. දවසක් ඉන්ටර්නෝට් එකේ විද්දුලි බල ඇමති මාමාගේ කතාවක තිබ්බේ එයා පාලේ යනකොට බල්ලෝ 15ක් විතල මැරී සිටිය බවමය. එය දැක්ක අපේ තාත්තා කීවේ සුතිලි අයියාත් ඒ අතර සිටිය යුත්තෝහ කියාය. අපේ අක්කා අඩන්නට වුයේ එවිටය. තුතිලි අයියා බව්වා පැට්ටෙක් සේ පාලේ මැරී වැටෙන්නට ඇත්තේ අක්කා අම්බ වෙන්නට ‍එන්නට ගොස් වෙන්නට ඇත.

ඉතිං මලින්ද මාලේ. අපේ අක්කාගේ හිත හැදීමට ඔබට නොහැක්කේමය. අක්කාගේ හිත හැදෙන ලකුණු සනිටුහන් කලමින් අලුත් තැපැල් අයියා කෙනෙක් ලියුම් බෙදන්නාය. මම මලින්ද මාමාගෙන් තරැණ ආතලය කලන බලකාය වෙනුවෙන් එක ඉල්ලීමක් කලහ.

සුතිලි අය්යාගේ අනුරැවක් ගාල්ලට යන මාග්රයේ හදා දෙන්න. අපිට ඒ ඇතිය. සමාජයට ඉන් අවංක ආතලයේ අගය පෙන්වා දෙන්නීය. එසේම ආතලය කියා රවටා කරන අපදාර, අපවාහ, අදවාර, අපචාර අඩු වන්නාය.

ඔබට තුභ අනා-ගත්තක් අනාගතයක්. 

පලි - අකුලු වැලදී ඇති. මට අපේ තිංහල පංතියට යන්න බැරිවීහ. අස්කර වින්‍යාසය නෙතකා ආයාසයෙන් කිවන්නේය.

පියුම ලිව්වේ "පොඩි සෑමා"
පෝස්ට් කලේ "සෑමා"

Friday, December 2, 2011

මැරයා ශිලා සහ මකන කෑල්ල..

මැරයා අපේ ගණිත ගුරැවරයාය. ඒ අට වසර දීය. ඉන්පසු ඥානේ, සංජීවනී ටීචර් නම මතක් කලත් ඇති නේද? පිළිවෙලින් ඉගැන්වූහ. සංජීවනී ටීචර් 11 වසර දී ගණිතය කරන්න පටන් ගත්තාම කිසිම කොල්ලෙක් ගණිතය මග හැරියේ නැත. ගණන් හදාගෙන ආවේ නැති වුණත් පන්තියේ රැදී සිටියහ. මට ඒක මෙහෙම කියන්නට තේරෙන්නේ නැත. පුදුමාකාර ලස්සනකි ගුරැ භක්තියකි. ඇයගේ සෑම ඉරියව්වක්ම අපි බලා සිටින්නේ ට්‍රැෆික් පොලිසිය හෙල්මට් නැති එවුන් එනතුරැ ඇස් ක‍ටේ දාගෙන බලා සිටින්නාක් මෙනි.

මැරයා 11 වසර දීත් අපේ පන්තියට ඉගැන්නුවේ නැති වුණාට 11-G (සෑම් ගේ මතකය නිවැරදි නම්) ඉගැන්වීය. අපේ ශිලංක හිටියේ එම පන්තියේය. අපේ ජෙමාගේ අම්මා නැති වුණ නිසා ඒ මල ගෙදර දී ශිලා මේ ස්ටෝරිය මට මතක් කලේය. (ජෙමා මැරයගෙන් ගුටි කාපු කතාව කියවන්න) 

සෑමා මොන්ටිසෝරි ගියේ ගමේ පන්සලකටය. ඒ පන්සල වටේ ඉස්සර හරියට හැකරැල්ලෝ සිටියහ. මොන්ටිසෝරි පන්තියේ හිටපු එකෙක් හැමදාම හැකරැල්ලෝ පොඩි කරනවා මට මතකය. ඉස්සර මම එයා ලගට යන්නේද නැත. ඒ මදිවට පොඩි කරලා  නිකන් ඉන්නේද නැත. නහයේ ඇගිල්ලත් දමා ක‍ටේත් ඇගිලි ගසයි. අපිවත් අල්ලන්නේය. ඒ පොඩි කලේය. ඉස්කෝලේ යද්දී අපේ අතට පැන්සල ලැබින. ඒ කාලේ අපිට ලියන්න පැන්සල අතට දුන් අළුත අපේ එවුන් මුලින්ම කරන්නේ ලියන එක නෙවේය. පැන්සල උඩ තියෙන මකන කෑල්ල කඩාගෙන කෑමය. ලොකු වෙනකොට ඒ පැන්සල් කොටේම, මකන කෑල්ලම යොදා ගත්තේ වෙනත් කුපාඩි වැඩ කිරීමටය.

සුපුරැදු පරිදි මැරයා ශිලාගේ පන්තියට ඉගැන්වීමට පැමිණ ඇත. මැරයා ඇවිදින්නේ කඩියා පශ්චාත් ප්‍රදේශයේ තබාගෙනය. (මැරයා හා හුණු කොට්ටය බැලුවොත් මතක් වෙයි) මැරයාගේ හෙමින් ගමනක් නැත. ඇති වැඩකුත් නැත
මැරයා ඇවිදින්නේ කඩියා පශ්චාත් ප්‍රදේශයේ තබාගෙනය.

මැරයා බෝඩ් එක පැත්ත හැරී ගණන් වගයක් සාදමින් සිටියේය. ශිලා තමාගේ පැන්සල සමග සෙල්ලම් දමමින් වෙනම ලෝකයක සිට ඇත. ගොඩක් වෙලාවට ගුරැවරයෙක් බෝඩ් එකේ වැඩක් කරන විට කිසිවෙකු කරදර කරන්නේ නැත. තමන් ගේ පාඩුවේ වෙන වැඩක් කිරීම සිරිතය. පැන්සලේ මකනය හපමින් සිටි ශිලා පැන්සල හා මකනය සම්බන්ධවන ලෝහ කොටස නියපොත්තෙන් ඉදිරියට තල්ලු කලේය. එවිට මකන කැබැල්ල ඉහලින්ම ගොස් වැටී ඇත්තේ මැරයාගේ හිස මතටයි. අවේලාවට පැන්සලුත් පත්තු වෙනවා කියන්නේ මේකටය.

"කවුද ඒ? කවුද මගේ පාඩම අහං ඉන්න බැරි එකා?? හැංගිලා හුණු කෑලි වලින් ගහනනේ.. නැගිටිනවා බලන්න.." හේ නමින්ම මැරයාය. පන්තියෙන්ම ගේම ඉල්ලීම සාධාරණය.

පන්තියටම ගැහුවත් එකෙක්වත් පාවා නොදෙන සිරිත මුල බැස ගත් යුගයක් නිසා කිසිවෙකු සොයා ගන්නට බැරි බව මැරයා දනී.

"කියනවද නැද්ද? මම කොනක ඉදන් පන්තියටම ගහනවා. මේ අසමජ්ජාති වැඩේ කරපු එකා නැගිටිනවා. නැත්තම් අනිත් එවුනුත් ගුටිකයි අප‍රාදේ.." මැරයා මකනෙන් ගහපු එකා නැගිටින මට්ටමෙන් කීය.

ශිලා නැගිටින්න හදනකොට පොඩි ඕමා කියා ඇත්තේ පන්තියටම ගැහුවත් කමක් නැහැ නැගිටින්න එපා කියාය. අනික මැරයාගේ බොරැ කලබල බව ඕමා දනී. කිසිවෙකුත් සද්ද නැත. අනිත් අතට එය පහර දීමක් හෝ පහර දීමට තැත්කිරීමක් නොව බැරි වීමක් නිසා සිදු වූ දෙයකි.

"හරි තමුසෙලා එකකේ වත් නැගිටින්නේ නැහැනේ.. මම යනවා ප්‍රින්සිපල් ලගට. ගිහින් එක්කගෙන ඇවිත් ඔක්කොටම දෙනවා පාර.." මැරයා උච්ච ස්වරයෙන් කෑගසා පන්තියෙන් පිටත් විය.

මැරයා ගිය පසු ශිලා කියා ඇත්තේ තමා අතින් වැරදීමකින් මකනය විසි වූ බවත් සහ ප්‍රින්සිපල් ආවොත් පන්තියටම ගැසීමට පෙර තමා වරද පිලිගන්නා බවත්ය. කෙසේ හෝ මැරයා ගොස් විනාඩි 10ක් පමණ ගතවිය. පිනා නැත. කස්ටිය මොනවා උනත් පිනාට බය නිසා සද්ද නැත.

ඊලගට එක පාරටම පන්තියට කඩා වැදී ඇත්තේ මැරයාමය. ප්‍රින්සිපල් නැත.

"මම තමුසෙලගෙන් ආයෙත් අහන්නේ.. මම ඇත්තටම ප්‍රින්සිපල් ලගට යනවා.. ගහපු එකෙක් ඉන්නවනම් නැගිටිනවා.."

කලින් පිනා ලගට යනවා කිව් මැරයා දැන් ඇවිත් කියන්නේ ඇත්තටම පිනා ලගට යනවා කියාය. ඒ කියන්නේ කලින් ගියේ බොරැවටද??

ඇත්තටම අපි මැරයා කිව්වත් මැරයාගේ ඇති මනුස්සකම නිසා ප්‍රින්සිපල් ලගට ගොස් නැත. පන්තිය බය කර පොර වටයක් ගසා නැවත පැමින ඇත. කොටින්ම කීවොත් මැරයාටද සොදුරැ පාසල් කාලයක් තියෙන්නට ඇත.

ඊට වසර තුනකට පසු ශිලා විද්‍යා දිනයේ දී මැජික් සංදර්ශනයක් කළේය. මැරයාද එය දැක ඇත. පසු දිනක අප කැන්ටිමට යන විට මැරයා බත් එකක් කමින් සිටියේ තඩි මාළු කෑල්ලක් සමගය. මැරයා ශිලා දෙස බලා කතා කලේය.

"මේ ඔයා මෙතන හිටියට කමක් නැහැ.. මගේ මාළු කෑල්ල එහෙම මැජික් බලෙන් නැති කරන්න එපා" මැරයා කීවේ අතින් මාළු කැබැල්ල වසමිනි.

"ශිලා බොරැවට මතුරමින් සිට එක වරම මාළු කෑල්ල ගෙන කටේ දා ගත්තේය"

"අයියෝ ඔයා මැජික් එකක් කියලා ඒක කටේ දා ගත්තනේ"

"ඇයි සර් නේ කීවේ මැජික් එකක් කරලා ඒක නැති කරන්න කියලා, ඉතින් මම නැති කලා"

වෙලාවකට අපේ එවුන් තරහයි, වෙලාවකට අපේ එවුන් යාලුයි. මැරයාද සොදුරැ මිතුරෙකි.

අද ඔහු කැළනිය ප්‍රදේශයේම පාසලක විදුහල්පතිවරයෙකි. 


Related Posts Plugin for WordPress, Blogger...