Saturday, October 14, 2023

බේකරියේ සිරවූ විපුලයා.. - Vipula stucked at the Bakery !!!

කාලෙන් කාලෙට අපිට සෙට්වෙන ගැන්සි විවිධය. ඉස්කෝලෙ යන කාලයේ නම් ඉස්කෝලෙ සෙට් එක, බස්හෝල්ට් එකෙ සෙට් එක, ක්ලාස් එකෙ සෙට් එක, ආදී ලෙස විවිධ ස්ථාන අනුව ගැන්සියක් සෙට් වීම හොදම උදාහරණයක්ය.

දැන් සෑමා ඉන්නා සෙට් අනුව එක සෙට් එකක් නම් මොන්ටිසෝරි සෙට් එකය. උන්ව සෙට් වෙන්නේ උදේ 8ට හා දවල් 11.30ටය. තුන වසරේ සෙට් එක තවත් සෙට් එකක්ය. උන්ව සෙට් වෙන්නේ දවල් 1.30ටය. දැන් ඉන්නා සෙට් වලින් ගොඩක්ම ඉන්නේ වයසක සෙට්ය. කාලීනව ඒවා වෙනස් වීම අරුමයක් නොවේය.


ඔය හැම සෙට් එකම සෙට් වෙන අවස්ථාවක් අනිවාය. ඒ කියන්නේ ටේබල් එකක් වටේට සෙට් වීමය. ඒ අනුව මොන්ටිසෝරි සෙට් එක මුලින්ම සෙට් වුනේ සම්පත් අයියලෑ දිහෑය. සම්පත් අයියා කියලා මුලින්ම කිව්වාට පහු පහු වෙද්දී මෑන්ට අපෙ මොන්ටිසෝරි සෙට් එක කියන්න ගත්තේ සම්පා කියාය. දැන් දැන් ඌට කියන්නේ සම්පයියා කියාය. ඒක හැටිය. මුලින්ම මුලිච්චි වෙද්දී තියෙන් ගෞරවය හා පිළිගැනීම පහු පහු වෙද්දී ෆිට් එක වැඩි වෙද්දී යන්නේ දෙපිටින්ය.

ඔන්න සම්පයියෑ ගෙදර මුලින්ම සෙට් වුන දවසේ කස්ටිය රෑ ගෙදර එන්නෙ නැතුව පහුවදාම ගෙදර ආවා මතකය. ඒකත් පහුවදා දවල්ය. ඒ තරමට සම්පයියා අපිට සැලකුවේය. පහුවදා උදේ කන්න යමක් හොයන්නට යද්දී සම්පලෑ උඩහ බේකරියක් තිබ්බේය. ඉතිං පළවෙනි දවසේම සම්පෑ බේකරිය සෑමාගේ මතකයේ රැදුනේය.

ඔහොම කල් ගෙවෙද්දී දවසක් රෑක සම්පාට බයිටක් දෙන්නට සිතා අපි ගත්තේ කෝල් එකක් ය. හදුනාගන්නට බැරි පරිදි ඥංඥුං හඩින් සම්පා ඇමතුවේ සෑමාය.

අඥේ ඥංපත් අයියේ..

ඔව් කවුද මේ කියන්න..

අඥේ අය්යේ මඥ් මේ බේකරියෙ ඉදන් කතා කරන්නේ..

ඔව් කියපං

මාව මේ බේකරියෙ උන් ඇතුලට දාලා වහලා අයියේ

ඈ.. මේ වෙලාවෙ.. ඔතන කවුරැවත් නැද්ද

ඥෑ අයියේ.. මුං ඔක්කෙම ගිහින්.. මම මේ ඇතුලෙ ඉදන් කතා කරන්නේ..

කවුද බං මේ..

මම විපුල අයියේ..

හිටහං මම පොඩ්ඩක් බලන්න..


කියලා තියපු සම්පා සෑමාව සැක නොකර සතියක් විතර ගෙවුනේය. මොන්ටිසෝරිය ලග සැට් එකටම සීන් එක ගැන කියපු සෑමා රෙකෝඩින් එකද ඇස්සෙව්වේය. සම්පා දකින වාරයක් පාසා විපුලයා සිහිවී සිනා යෑම අපට අවසන් කරගත නොහැකි තැනට ආවේය. අන්න එදා අපි සම්පාට ඇස්සෙව්වේ රෙකෝඩින් එකය.

හෑ &$(කන්නෝ.. අරුං අරහෙ විපුලයා කවුද කියලා හොයනවා..

කවුද ?

බේකරියෙ උන්..

අප්පට සිරි..

ඔව් බං.. මම හිතුවා උදේට අපි කෑම ගන්න කඩේ ඉන්න ඥංඤුං ඩෑල් එක වෙන්න ඇති බේකරියෙ හිරවුනේ කියලා. තව පොඩ්ඩෙන් මම උගෙනුත් අහනවා මොකැ මල්ලි උනෙ කියලා.

ඉතිං සම්පයියේ එදා රෑ මොකෝ උනෙ ?

ඇයි බං මං එදා නිදිමරගාතෙම බේකරිය උන්ට කතා කරලා කිව්වා අන්න කවුද එකෙක් ඇතුලෙ හිරවෙලාලු ගිහින් දොර ඇරපල්ලා කියලා.

උන් පහුවදා උදේ සම්පට කියලා එහෙම එකෙක් හිටියෙ නැහැ කියලා..


සම්පා එදායින් පස්සෙ බේකරිය පැත්ත පලාතෙ ගියෙ නෑය. බේකරියෙ උන් සම්පා දැක්කාම අත වනලා හිනාවෙනවාය කියලා සම්පෑ පවුල මොන්ටිසෝරිය ලගදී කීවාය.


Written_by_sAm_sRi_10:00pm_14.10.2023

10 comments:

  1. පොෂ් කෙල්ලෙකුට කියලා මල් ගහකට වන්දවපු එකානෙ... තව මොන කතා ද?

    ReplyDelete
  2. අම්මො සෑම්ව දැක්ක කල්..

    ReplyDelete
  3. දිග කමෙන්ට් එකක් දැම්මා ඒක කොයි ලෝකෙ ගිහින්ද මංදා!
    කොහොම උනත් සුපිරිම කථාවක්!
    අපි වෙලාවක සෙට මෝල් වෙමු.
    "ශනිදා දහයට" අපි එක්ක එක්වුනු උඹට මෙන්න මගේ හද පිරි මෙව්ව එක!

    ReplyDelete
  4. උඹටත් බ්ලොග් එකක් තියෙනව කියල මතක් වෙච්ච එකට මගේ හදපිරි මෙව්ව එකය.

    බෙකරියෙ උං උදේ පාන්දර සම්පට පාං බාන මෙවුව එකෙන් කෙලියෙ නැති එක වාසනාවක්ය.

    ReplyDelete
  5. ශනිදා දහයට සැට්වු සෑමාට ටැංකිව්

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
  6. ඉතාමත් හොදයි ලිපිය.

    ReplyDelete
  7. ගිණිගෙඩි දෙංඥං දෙංඥං ගම අවුලංඥං
    බුහුහා

    මයියා ප්‍රොම් අවන්හල

    ReplyDelete
  8. අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලය ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

    අජිත් මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවෙ.
    එම සිසුවිය කලකිරීමට පත්ව මාර්ගයේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව දුක් විඳ පසුව මිය ගියාය.

    රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මා මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
    විනාශ කලේ රටේ මුදල්ය.

    මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මා මහතාට සිදුවනු ඇත.

    ReplyDelete
  9. අජිත් ධර්මකීර්ති කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඕඩීකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් 88/89 භීෂණ සමයේ රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවේ ලංකාවට ඇවිත් ඒ ගමන්ම තුන්දෙනෙක් එක්ක මාතර ගිහින් කැරලිකරුවන් පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.

    ඒ කාලේ ජේආර් ජනාධිපති. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමති. ජේආර්ගේ පුතා රවී තමයි ජනපති ඇතුළු ප්‍රභූ ආරක්ෂාව භාරව හිටියේ. එයා ඒකටනේ විශේෂ කාර්ය බලකාය හැදුවෙත්. ඉතින් ඔය කාලේ ජේවීපී ත්‍රස්තවාදය තදටම තියෙනවා. රජයේ දේපල මංකොල්ල කනවා, ගිනි තියනවා, මිනිස්සු මරනවා. එකම අවුලයි.

    ඔය කාලේ මාතර පැත්තේ ගමට ජේවීපී ටෙරාලා සංවිධානය වෙමින් ඉදලා ලොකු ප්‍රහාරයකට. ප්‍රාණ ඇපකරුවන් විදියට ඇමතිවරු දෙදෙනෙකුත් අල්ලා ගෙන. ඕක විසදා ගන්න එක ජේආර් භාර දීලා රවී ජයවර්ධනට සහ රනිල්ට. රනිල් ඒ වෙලේ හිටියේ බියගම බටලන්දේ.

    රනිල්ට එක පාරටම ඔලුවට ඇවිත් තියෙන්නේ මේකට සුදුස්සා නං අජිත් ධර්මකීර්ති කියලා. රනිල් ඒ වෙලේම මොස්කව් වල ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලට රහසිගත කේබල් පණිවිඩ දෙකක් යවලා. එකක් තානාතිපති කාර්යාලය හරහා අජිත් ධර්මකීර්තිට යවලා තියෙන්නේ. අනික එවකට රුසියාවේ ජනාධිපති ගොර්බවෙච්ට.

    රුසියන් ජනාධිපතිට ඉල්ලලා තියෙන්නේ රනිල්ට මේ වෙලේ ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා, ඒ අජිත් ධර්මකීර්ති. ඔහුව ගෙන්වා දෙන්න කියලා. අජිත්ගේ පණිවිඩය ලබා දෙන්න අජිත් කොහෙද කියලා කෙජිබි එක දාලා හොයලත් හොයාගන්න බැරි වෙලා.

    පස්සේ බලද්දී අජිත් ඒ වෙලේ කේජිබි ලොක්කා ගැන ඔත්තු බල බලා ඉදලා තියෙන්නේ.

    ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අජිත්ට පණිවිඩේ දීලා. අජිතුත් කම්මැලි කමේ ඉදලා තියෙන්නේ. ඒ නිසා එක පාරම කැමති වෙලා මාතර ඇවිත් ජේවීපී ටෙරාලා එක්ක සටන් කරන්න.

    රුසියන් ජනාධිපති විසින් රනිල්ගේ ඉල්ලීමට ඇති පදම් ඉන්ධන පුරවපු ඇන්ටනෝව් ගුවන්යානයක් ලබා දීලා අජිත්ට අමතර ඉන්ධන බැරලුත් එක්කම. ඒ පාර අජිත් සහයට තව ගුවන් නියමුව්ක් ඉල්ලාගෙන අජිත්ම යානය අරගෙන ඇවිත් කොග්ගලට.

    එතනින් යානය නවත්තවපු ගමන් පළාත් සභා පැජරෝවක් අරගෙන අජිත් කෙලින්ම ගියේ මාතරට. අජිත්ට තව සෙබළු තුන්දෙනෙක් රනිල් දීලා තිබ්බා.
    අජිත් ධර්මා මාතර ගිහින් ත්‍රස්තයන් බාවලා ඇමතිවරු බේරාගත්තා. අජිත්ට හිරීමක් වත් නැහැ. එක සෙබලෙක් නං එනගමන් ගහක මුලක කකුල පැටලවිල වැටිලා කකුල දෙරි ගහගෙන තිබ්බා. එච්චරයි.

    එකපාරක් තිහගොඩ අපේ කට්ටියක් ජේවීපී ත්‍රස්තයන්ට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ජේවීපී ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව බේරාගත්තු ජාත්‍යන්තර පොරක්.

    එයාට යුධ පුහුණුව ලබා දීමට රුසියාවෙ කෙජිබි බුද්ධි අංශයට යැව්වේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ උවමනාවට.

    ඊට පස්සේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, බ්‍රිතානයේ බුද්ධි අංශ මගින් පුහුණුව ලබා දුන්නා.

    අජිත් ධර්මකීර්ති මහතා කොතරම් දක්ෂයෙක් දැයි කිවහොත් කොටි සංවිදානයේ ටොසි බුද්ධි අංශයෙනුත් පුහුණුව ලබා ගැනීමට ඔහු සමත් උන.
    බුද්ධි අංශ නායක කර්නල් සුසෙයිගේ අභ්‍යන්තර කවයේත් හිටියා. ඒ ආණ්ඩුවේ උවමනාවට.

    ReplyDelete
    Replies
    1. 1) අජිත් ධර්මකීර්ති මහත්තයා රාජකීය විද්‍යාලයේ පන්ති නායක කම ගත්තේ හම්බුනේ නැති නිසා නෙමේ. උදේම ඇවිත් පන්තිය අතුගාන්න වෙන නිසා.

      2) අජිත්ගේ ඔලුවේ එක කොන්ඩේ ගහක් වත් නැහැ. මොකද අජිත්ගේ ඔලුවට උඩින් කොන්ඩේ වත් ඉන්නේ නෑ, බයට.

      3) එක පාරක් ඇෆ්ගන් යුධ බිමේදී අජිත් ධර්මාගේ මාරයාගේ ගෙදර දොරකඩට ගිහින් ආවා. ඊට පස්සේ අජිත් මාරයාගේ ගෙදර අල්ලා ගත්තා. දැන් මාරයාට ඉන්න තැනක් නැ.

      4) අජිත් කොච්චර අරක්කු බිව්වත් අජිත්ට වෙරි වෙන්නේ නැහැ. ඒ වෙනුවට බෝතලේ වෙරි වෙනවා.

      5) ටයිටනික් චිත්‍රපටියේ ජැක් ගේ චරිතෙට අජිත් ධර්මාකීර්ති තමයි කැමරන් තෝරා ගත්තේ. ඒත් රෝස් ලස්සන මදි කියලා අජිත් බෑ කිව්වා.

      6) කේජිබි එකේ ලොක්කා ගැන ඔත්තු බලන්න දාලා හිටියේ අජිත්ලු.

      7) ජේආර් ව්‍යවස්ථාව හැදුවෙත් අජිත් ධර්මාගේ උපදෙස් අරං

      8) අජිත් ඉපදෙනකොට අජිත් ලෑ තාත්තා ආච්චිගේ බඩේ. අජිත් තමයි තාත්තට නම දාලාත් තියෙන්නේ.

      9) මහින්ද මහත්තයා උඩු රවුල වවන්නේ අජිත් කිව්ව නිසාලු.

      10) අජිත් කොට නිසා ඉස්සර ඉස්කෝලේ බුලි වෙලා, ඒ නිසා අජිත් එයාගේ ළමයි අජිත්ට වඩා උසට හැදුවලු.

      11) අජිත් කවදාවත් අව්ව තපින්නේ නෑ. ඒ වෙනුවට අව්ව අජිත්ව තපිනවාලු.

      12) කොටි එක්ක යුද්දෙදි ඕමන්තෙයි ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගන්න බැරුව හමුදාව මාස තුනක් විතර බලං ඉද්දි අජිත් ඇවිත් ඒක විනාඩියෙන් කඩලා දුන්නලු.

      13) අජිත් කෝච්චි පාරේ ඇවිදන් යනකොට කෝච්චි අයින් වෙලා යනවලු.

      14) අජිත් ධර්මා හුස්ම අරං එලියට දාන්නේ නැල්ලු. මොකද කාබන්ඩයොක්සයිඩ් හොද නැති නිසා. වෙනුවට අජිත් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් එලියට දානවලු.

      15) අජිත්ගේ ඔළුවට උඩින් ඉර උනත් පායන්නේ නැල්ලු, බයට.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...