Sunday, June 3, 2018

සමන්තබද්‍ර, චන්දිමාල් දෙස හැරී බලමු... - Any Marketing is Good Marketing ???


ඕනෑම ජරාවක් අයිසින් කර මේසය මත තැබීමට අපේ උන් සමත්ය. කාගේ හරි රෙද්දක් බතික් කර කැටයම් දමා ඒ මේසය මත එලන්නේම අපේම උන්ය. හාල් කෑලි ෆෝම් කිරීම සහ පබ්ලිසිටිය උපරිම කිරීමද ඒ අතින්ම උත්කර්ෂවත්ව කරන්නෝය. එක අතකින් ගොං කමය. පච හලමින් වේදිකාවට ගොඩ වූ චතුරලා ඩෑල් වූයේ අපේ උන්ගේ ගොං කම් නිසාය. ඒ පොරට හෙනම පබ්ලිසිටියක් දීම නිසාය. අනිත් අතින් අපෙ උන් කුහකය. ඉරිසියාවය. කොහෙවත් ඉන්න එකෙක් පාටියක් දැම්මාම, උගෙ සල්ලි වියදම් කළාම අපේ උන්ට කාලා ඉන්නට බැරිය. පාටියට ආපු උන් ඇදගෙන ආපු ඇදුමේ සිට එක එකා වෙන වෙනම කොටස් වශයෙන් අනුකලනය කරන්නේ ඉරිසියාව නිසාමය. අපිට නැති ආතල් වෙන උන් ගත්තාම අප උන්ට හිරි වැටෙනවාය.

අනිත් එක අපෙ උන්ට සමාජ මාධ්‍යයක දෙකට බෙදෙන්නට හේතුවක් තිබිය යුතුමය. හැරීගේ පවුලගේ මේකප් එක නැති එක අපෙ උන්ට අවුල්ය. අපෝ රෝයල් ඩෑල්ය. මේකප් නෑය. චාටර්ය. හිඟන වෙඩිමක්ය. ඊට එදිරිව රෙදි උස්සං එන අනිත් සෙට් එක කියන්නේ තවත් කතාවක්ය. අන්න චාම්ය. අපෙ රටේ උන්ට මේකප් නැතුව බැරිය. ලංකාවේ කෙල්ලෝ මේකප් එකෙන් රන් වෙන උන්ය. හෝදලා ගත්තාම මෙලෝ රහක් නැතිය. ඒ බෙදිල්ල කෙල්ලො කොල්ලෝ ලෙස පමණක් නොව මේකප් දාන කෙල්ලෝ සහ මේකප් නොදාන කෙල්ලෝ ලෙසත් දෙකට බෙදී ගියේය. හේතුව කාරණා දෙකක්ය. එකක් ගොං කමය. අනික කුහක කමය. හැරියා බැන්දේ එහේය. කෙල්ල වැඩිමල්ය. ඩිවෝස්ඩ්ය. අවුල උට නොව, උගෙ පවුලේ උන්ට නොව අපෙ හැති කරේටය. 



චන්දිමාල් මම දන්නේ උගෙ බර්ත් ඩේ එක නිසාය. දිනේෂ් නොව ඇඳුම් අන්දන චන්දිමාල් කෙනෙක්ය. ඌ උගෙ සල්ලි වලින් ආතල් එකක් ගත්තේය. මේ පළවෙනි එක නෙවේය. ගිය අවුරුද්දේද ජයටම එකක් අරගෙන තිබ්බේය. ඒත් අපෙ උන්ට අවුල මේ පාර එකය. ඒ අවුල නිසාම පබ්ලිසිටිය ජයටම ගියේය. වෙනදාට ඇදුම් අන්දන චන්දිමාල් මේ පාර පාටියට එන උන්ගේ ඇදුම් ගලවලාය. බාගෙට අන්දලාය. ඒකටත් වැරදි චන්දිමාල්ය. හොදටම වියදම් කරලාය. අපෙ උන්ගේ කුහකකමය. තමන්ට ගන්න බැරි ආතල් අනිත් එකෙක් ගන්නවාට අවුල විය යුතුය. ඒ අස්සේ ගොං කම්ය. දැනට ප්‍රසිද්ධ නිලියන් විස්සකට වැඩිය චන්දිමාල්ට කියා මනාලියන් වී ඇත්තේය. දැන් ගොං ආතල් දුන් කුහක උන්ගේ නාමෙන් චන්දිමාල්ට පැකේජ් එක වැඩි කළ හැකිය. පබ්ලිසිටිය. උපරිමයෙන්ය. මෙතුවක් චන්දිමාල්ව නොදැන සිටි සෑමා පවා ඌව දන්නේ පේජ් වලින් දුන් පබ්ලිසිටිය නිසාය. ඇඟ පේන්න ඇදන් පාටියක්ට බැස්සාම අපෙ උන්ට හිරි වැටෙනවාය. දරාගෙන ඉන්න බැරුව දඟලනවාය.



පිටිදුවේ නමින් හිඳ සමන්තබද්‍ර ලෙස රහත් වූ සාදුගේ පාටිය නම් පාටිය ය. අපෙ උන්ට එව්වා වටින්නේ නැතිය. එදා සාදුගේ බත්ඩේ සෙලිබ්‍රේෂන් එකට නොතිබුණු ආතල් මේ පාටියට තිබ්බ නිසා ඒ පාටිය දැන් අමතකය. එක්කෝ අරහත් සාදුගේ මහ විසාල දාන පිංකමක් කියා පාටිය අමතක කර දැම්මා විය හැකිය. සාදුගේ කප් කේක් දාහේ මොණර පිල අපෙ උන්ට අමතකය. එව්වාත් ආතල් බව සිහි තබා ගත යුතුය. ඉරාජ් හෙලුව මාකට් කර වීඩියෝ කරනවා කියා දඟලන අපෙ උන් එව්වාම ෂෙයාර් කර විව්ස් වැඩි කර දෙන්නෝය. වරක් සමන්තබද්‍ර සාදු ලගට ගොස් ඉරාජ් වීඩියෝවක් කළේ විකුණගෙන කන්නට විය හැකිය. රැස් මාලාවක් පවා සාදුට සාදා දුන්නේ ඉරාජ් අයියාය. එහෙව් ඉරාජ් අයියා අම්මලාගේ දිනයටද කොහෙදෝ මෑතකදී වීඩියෝවක් කර හැඩු කදුලින් කියා සිටියේ හෙලුවට ලැබෙන ලයික් මේකට වැටුනේ නැහැ කියාය. ඇත්තය. පොර කලින් කළේ හෙලුව මාකට් කරන එක බව නොකියාම කියවුණේ එදාය. 

මොක කිව්වත් අන්තිමට වෙන්නේ ජරාවක් කළොත්, මාකට් වෙන්න පුලුවන් තත්වයක් එනවා යැයි සමාජ කතිකාවක් ඇති වීමය. එතැන් පටන් අනිත් හැම එකාම කරන්නේ ශෙයාර් වෙන තැනට, පබ්ලිසිටිය වැඩි වෙන තරමට, කතා බහට ලක්වෙන දේවල් සමාජ ගත කිරීම පමණය. එතකොට කුහක උන් අපිට නැති ආතල් උන්ට කියා බනිමින් ෂෙයාර් කරනවාය. ගොං ආතල් ඇති උන් මගෙ අපේපේ මේවා නේ ආතල් කියා ශෙයාර් කරනවාය. කවියෝ කවි ලියනවාය. බෙදිලා ගහ ගන්නවාය. නැවත ටොපික් එකක් එනකල් කල් ගෙවනවාය.

ආතල්ය.

sAm_sRi_9:54_pm_03/06/18
Related Posts Plugin for WordPress, Blogger...