Monday, August 13, 2012

පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම..





සුදු හංස යුග
තෙරපි තෙරපී
ඉන්න බැරුවම
පැලුණු හැට්ටය



කට්ට ගසලා
එකතු කරලා
රදන්නට බැරි
කමක් හින්දා



කූර අරගෙන
රෙද්ද අස්සෙන්
රිංග රිංගා
එකතු කෙරුවා



හයිය රෙද්දට
කූර මදිවා
නොකැඩි යන්නට
හෙමින් එඹුවා



නූල කැඩිලා
යන්න මත්තෙන්
ඉක්මනින් ඇය
වැඩේ කෙරුවා



ඇගේ තනපට
ඉරුණු දවසට
මදී තනිපට
දමන් දෙපොටට



උදේ කම් නැත
සවස දොස් නැත
රෑට හොද නැත
දෑස් නොපෙනී
ලේ ගලලයි අත



වයස හින්දා
ආච්චී හට
නූල කැඩුනම
උදව් දෙන්නට
කොල්ලො හරියට
වට කරන් ඇය



රෙද්ද අස්සෙන්
හෙමින් යවලා
විලි වැසෙන්නට
ඇදුම් ඇදලා



සිහින් කූරේ
සවිය දැනිලා
ලොවට මිහිරක්
එකතු කරලා



බලන් මිතුරේ
හොදින් හිතලා
ඇදුම් ඇන්දේ
කොහොම කියලා


*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

*
*
*
*
*

Written by sAm_9:15pm_13/08/12

කැත හිත්වලට ලියු තවත් ලස්සන කවි...


64 comments:

  1. අතේ මහන්නේ නැතුව මැෂින් එකෙන් මැහුවොත් !!

    ReplyDelete
    Replies
    1. මැෂින් එක වේගෙ වැඩී.. කෘතිමයි..

      Delete
    2. මැෂින් කරදරයි බන් ඉඳල හිටල ඔයිල් ලීක් වෙනවා.. වියදමත් වැඩියි... ඔන්න ඔහේ පුරුදුවිදියට අතේම මහනවා

      Delete
  2. මහන වේගය වැඩ් උනොත් හෙම
    ඈට අඟ හිඟ නොවේ දිවි මඟ

    ReplyDelete
    Replies
    1. රටේ එවුනට නොවී සීමා..
      යවන්නට හැක දේශසීමා..

      Delete
  3. ආඃ .... උඹ මේ අත් වැඩ ගැනනේ කියල තියෙන්නෙ. දේශීය හස්ත කර්මාන්තය නඟා සිටුවන්ට අත දෙන්ට ඕන, නැත්ද?

    ReplyDelete
    Replies
    1. අත් වැඩ පර වැඩ සමව සිතන්නේ
      මෙත් සිත සව් සත කෙරෙහි කරන්නේ

      Delete
  4. හිහ් හිහ්.
    මෙයාට හිතෙන දේවල්..:ඩී

    ReplyDelete
    Replies
    1. මට හිතෙන හැම දේම මෙතන දාන්නෙ නැහැ මම..

      Delete
  5. තනපට දෙපොට දාල කොහොමද කට්ට මැදින් ගැහුවනම් ;)............. මොකෑ........... මං කිව්වෙත් මහන එක ගැන තමා :p

    ReplyDelete
    Replies
    1. නරකම නැහැ හැබැයි..

      මං කියන්නෙත් මහන එක ගැනමයි !

      Delete
  6. වල් හිත් අල්ලන සැමාගේ කවි මීටර... පට්ටය :D

    ReplyDelete
    Replies
    1. වල් හිත් අල්ලන්න බැහැ හිරිකිතයි :ඩී

      Delete
  7. ඇයිද කොලුවෝ
    ගහන්නට ගියේ
    හැට්ටේ අස්සෙම
    කට්ට ඔබල

    ගහන්නට හැකි
    සරමේ වුව තට
    හිතෙන්නෙම
    තන පටම අස්සක්

    කැත හිතක්
    ඇති සෑම දික් කර
    ඇඟිලි පෙන්වයි
    අපට බැනලා

    ReplyDelete
    Replies
    1. සරම අස්සේ ගැහිලී
      කිව්වොත් මෙතන මල්ලී
      ඇනෝලා මෙහි ඒවී
      මෙන්න මූ කොලුකාර කියපී

      Delete
  8. අනේ ඉඳි කට්ටකටවත් ඉන්න දෙන්නේ නැති හැටි ඈ! ;)

    ReplyDelete
    Replies
    1. අපිද? ගැහැනු උදවිය තමා ඉදි කට්ටත් පොල් කටු අස්සෙ නමන්නේ..

      Delete
  9. අඩෝ එළ කවී සැට් එක මචං

    එක හිලට ගොඩක්දාන හැටි

    ReplyDelete
    Replies
    1. එක හිලට ගේජ් එකවෙනස්, පාට පාට නූල් දාන හැටි :ඩී

      Delete
  10. අපි අහුවෙයි ඕවට...

    ReplyDelete
  11. සෑමා තාම අතේනේ මහන්නේ... :)

    ReplyDelete
    Replies
    1. මෙතන මුකුත් නොකියමි :)

      Delete
  12. අනේ මන්ද. මේ කොල්ලා මේ තරම් මෙවුව ගැන කියන්නේ මොකටද කියලා.

    ReplyDelete
    Replies
    1. දේශිය හස්ත කර්මාන්තය නගා සිටුවීමට !

      Delete
  13. පොල් සයිස් වරකා
    වැල උනහම
    පුම්බා පෙන්නන්ට
    කලින් පටියේ
    සයිස් එක
    වෙනස්
    කරන්නට
    වෙවී....


    ReplyDelete
    Replies
    1. පටි රෝල් කර ගැටයක් දමන්ට :ඩී

      Delete
  14. මැසිමේ තෙල් ලීක් වෙච්චදාට අතේ මහන්ඩ තමයි වෙන්නේ... හික්ස් :)
    මූට නම් මේක හොදටම මීටර් !
    කවි සිතුවිල්ල පට්ට !

    ReplyDelete
    Replies
    1. මැහුම් රටා වෙනස් කරන මැෂින් නොවේ හදවත්..
      පැතුම් දවසා සිද බිද කරලන්න එපා පැතුමක්..

      මේක කවුද මන්දා ගායකයෙක් ගේ ගීතයක්..

      අහිංසක කොල්ලෙක් ලීක් වෙච්ච මැෂිමකට කියනව වගේ...

      Delete
  15. හික්ස්..... දැන් නම් කොහොමවත් අපි මේවට රැවටෙන්නෙ නෑ සෑමෝ... :D

    ReplyDelete
  16. අපි දැන් අග සිට මුලට...

    ReplyDelete
  17. අතේ මහල ඇතිවෙලාද?

    ReplyDelete
  18. සෑමාගේ කවි මම කියවන්නේ අග සිට මුලට නිසා වැඩේ ගොඩ .... මොනා උනත් එල කවි ටික ..:D

    ReplyDelete
  19. මුල ටික කියවද්දී චී............සෑමා වල්ල්ල්ල්.........කියලා හිතුනා ඒත් මැද හරියෙදි අදනම් වැඩේ තේරුනා මට

    ReplyDelete
  20. අපො මුල සිට ඇවිල්ලා කුතු හලෙ හදා ගන්න ඔනි නැත්නම් වැඩක් නැ :D
    සන්නාලියනේ.. ඒඒඒ

    ReplyDelete
  21. සැමා කරන්නේ වල් හිත් වලට ටොකු ඇනීමක්... :) :)

    ReplyDelete
  22. මම හිතුව සෑම් ගෙ වල්හිත දැන් නැතිවෙලා කියල..මෙන්න බොලේ ආයෙමත්.!

    ReplyDelete
  23. අපි නං තාමත් ඉඳලා හිටලා අතේ මහනවා...මුල අමතක කරන්න හොඳ නෑ නේ....එළ කවි ටික සැමෝ.....

    ReplyDelete
  24. මැෂිම ලෙඩ දාට....එකම ප්‍රතිකර්මේ.නෑ,හොඳම ප්‍රතිකර්මේ.

    ReplyDelete
    Replies
    1. අතේ මහන එක සර්ව කාලීන ප්‍රතිකර්මයක් !

      Delete
  25. නූල කැඩුනා කිව්වම පොඩ්ඩක් හිත ගැස්සුනා... ඇයි බොලේ ඒක එසේ මෙසේ සිද්ධියක්ද... සිරා වල් ද මන්දා...

    ReplyDelete
  26. අපිත් මහන්නේ තාම අතේ
    අම්මා නැහැනේ මැෂිමක් ගත්තේ :(

    ReplyDelete
  27. ලස්සන අදහසක්..
    අමුතු ගතියක්..!!

    ReplyDelete
  28. වල් සෑමා අද නම් නෑවා හැබැයි මාත්

    ReplyDelete
  29. අදනම් රැවටුනේ නැහැ..

    ReplyDelete
  30. හැට්ට අස්සේ රිංගන්නේ නැති කටු මොටද ඈ
    (නෑ මේ මම කිව්වේ වැඩිපුර මහන්නේ බවලත්තුනේ..එකයි )

    ReplyDelete
  31. පුහ්හ්හ්.. අපිනම් රැවටෙයි!!!

    ReplyDelete
  32. දැන් නම් අපිට අත
    හුරු නෑවගේ හිතවත......


    (වට් ‍ටු ඩූ බ්‍රදර්, ගෙදර යනකම් ඉවසන් ඉන්නවා හැර)

    ජය...!

    ReplyDelete
  33. මුලින්ම කියවගෙන එනකොටම මටනම් හිතුනා..! මොකක්හරි අටමගලක් කියල....!!:))))))

    ReplyDelete
  34. මුල අමතක කරන්න හොද නැහැ මොනවා උනත්, නේද සැමෝ?

    ReplyDelete
  35. අතේ මහන එක වැඩිය පුරුදු වෙන්න එපා. මොකද මැෂිමෙ මහන්න බැරුව යනවා. දෙකේම මහන්න පුරුදු වෙන එක තමා හොඳ..

    ReplyDelete
  36. මගක් කියවද්දී නිකමට හිතුණා

    ReplyDelete
  37. උපුටා ගැනීම අටම්පහුර...

    මේක මරු සංකල්පයක් බන්.. කියවලා, කමෙන්ට් එකක් ලියන්ඩ කම්මැලි නම්, ඒත් ආපු බව කියලා යන්ඩත් ඕනා නම් තව වෙන මොනවද ? මේක හොයා ගත්තු අටමට මාගේ ප්‍රණාමය..

    ReplyDelete
  38. අය්යෝ ... හික්ස් එලයිනේ මමනන කවිය පට්ටකට දාලා පින්තුරේ බැලුවේ නැතිලු ඈ ;)

    ReplyDelete
  39. තාමත් අතින්මද අයියේ ඔක්කොම කරන්නේ...

    ReplyDelete
    Replies
    1. අඩේ මූ මොකාටද අදින්න හදන්නේ. තරුවා ඌට පුරුදු විදිහට කරගන්න ඇරපං, විකාර ඔලුවට නොදා...!හික්...හික්..හික්.....................

      Delete
  40. මූට එන්නේම මේ වගේ අදහස් :D

    ReplyDelete
  41. එල මචෝ....මේකට කාටවත් accusation කරන්න බැරිවේන්න උඔ නියමේට ලියල තියෙනව...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...