Monday, January 9, 2012

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...



අම්මා කීවා නුඹේ කොලිටිය
හරියන්නේ නැහැලු ගෙදරට
තාත්තා නම් අවුලක් නැහැ
ඕනේ මගුලක් ගෙනෙන් ගෙදරට

සියළු බාධක මැද්දෙ හනිකට
එක්කරන් නුඹ ආව නිවසට
පෙට්ටියත් මම කැඩුවෙ එදිනේ
අම්මගෙන් අහුවටත් පස්සේ

මිරිකුවා මා කොනක හිදගෙන
පිම්බුනා ඔබෙ සිහින් කෙලවර
යන්තමින් තද කලා පමණයි
ගලා ආවේ රසැති දියරය

දිවග ගාලා බැලුව රහසෙම
අම්ම කී දේ සත්තදැයි මම
කිසිම අවුලක් දැනුනෙ නැහැ මට
කලින් විදලා තිබ්බ හින්දම

උදේ ඔෆීස් යන්න ඉස්සර
වින්දම හනිකට නුඹේ සිසිලස
යාළු‍වොත් මගෙ අහයි විස්තර
කොහෙන්දෝ උඔ ගත්තෙ ඕකිව
ඒත් සොදුරිය තවත් කෙනෙකුට
දෙන්නෙ කොහොමද නුබේ රස මම

රෑට මිරිකා දිවේ ගාලා
වැඩිම වුනොතින් දතින් හපලා
නුඔට හැකිනම් බලන් ගිලලා
ආතල් එක කොහොම කියලා
*
*
*
*
*
*
*
*
*
*
*
සෑමාගේ අවවාදය - 


දවසට දෙවරක් දත් මදින්න...


කකුල් අස්සේ තියන් ගහපු විදිහ බලන්න.. ක්ලික් කොරන්ට..

40 comments:

  1. අවවාදය පිළිගතිමි... ස්තූතියි.. ඒත් දෙපාරක් ඇත්ද ?

    ReplyDelete
  2. උදේට කෑමට පෙර එක පාරයි
    කෑවට පස්සේ තව එක පාරයි
    හිතුනොත් දවාලේ බාගෙට පාරයි
    රෑටත් කාලා අන්තිම පාරයි

    හි හි පට්ට පට පට කොහෙන් එනවද අප්පා මේ අදහස් ගැල්ලමයි බලන එකකුත් නෑ....පරිකල්පන හැකියාව උපරිමයි හි හි ඕකේ අකුරු වෙනස් කරනවා එහෙම නෙමෙයි ඕං....

    ReplyDelete
  3. මේ ආතල් එක ගැන ඉතින් කියන්නත් දෙයක්ද.. ඒකනේ මම තුන්පාරක්ම මදින්නේ..

    ReplyDelete
  4. හික් හික් හික් අර කකුල් දෙක මැද්දේ තියලා ගහපු එක වගේමැයි......

    ReplyDelete
  5. එළම කිරිය! ෆට්ටය!

    ReplyDelete
  6. මරුනේ හොඳම නිර්මාණයක්. මෙහෙමනේ ලියන්න ඕනෙ.

    ReplyDelete
  7. ඇත්තටම ටූත්පේස් ගැන ලියවුනු වටිනා කවියකි..

    ReplyDelete
  8. හික් හික් මුලදී හිතුවේ වෙන දෙයක් ඔන් සිරාවටම.. :ඩි

    ReplyDelete
  9. දත්මැදිල්ලෙං උපරිම ෆන් එක ගන්න කොල්ලෙක්.... ජය වේවා...!

    ReplyDelete
  10. ඇයි බොල මේ ටූත් පේස්ට් එක දැම්මෙ. සද්ද නැතිව හිටියනං බලා ගන්න තිබ්බනෙ වැඩේ!

    ReplyDelete
  11. මරුනේ. ටුත් පේස්ට් සාහිත්‍යයට ජය වේවා

    ReplyDelete
  12. ළමා මනස විකෘර්ති කරනවා.චික් විතරක්.පොඩි ළමයාගේ ඉඳල මේ දේ කරන්න ඕන නේ.

    ReplyDelete
  13. හිකිස්.....නියම නිර්මාණයක්, මාතෘකාවට 'උගේ ලෝකෙ ' උපදෙස්ද පාවිච්චි කොලේ? හෙහ්..හෙහ්..

    ReplyDelete
  14. @පොඩි මෑන් - ආතල් වෙන්නෙ හැමදාම දත් මැද්දොත් තමා බොල.

    @Senna - බුරැසුව කැමති නම් දහ පාරක් වුවද කම් නැත

    @ගැමියාගේ පත් ඉරුව - ඔය තියෙන්නේ කවියෙන්ම.. එල එල..
    අකුරු වෙනස් කරන්න අදහසක් නැහැ... අර "ඇනෝ සර්" ආවොත් මොනව හරි කොරන්ට වෙයි :)

    @Dinesh - බලාගෙන බුරැසුව ගෙවෙයි බොල..

    @ඔබ නොදු‍ටු ලොවක් - කකුල් දෙක මැද්දේ තියලා ගැහුවට පස්සේ තමා බොල මේ අළුත් සෙල්ලම

    ReplyDelete
  15. @විසිතුරු | visituru - එළ කිරි නෙවේ බොල දත් බේත්..

    @වෙද ගෙදර මහ වෙදනා - ස්තුතියි මෙහෙම හැමදාම ලිව්වොත් කස්ටිය ගහයි වෙද මහත්තයෝ

    @amila chathuranga - ඇඩ් එකකට ගනීද දන්නේ නැත :)

    @වර්ණා - වෙන මොනාද බොල දත් බේත්.. රසායි......

    @බුද්ධි - මැදිල්ලෙ ආතල් එක උපරිමයි බොල.. ජය වේවා

    @ඉන්දික උපශාන්ත - ටූත් පේස්ට් එක දැම්මෙ නැත්තම් මට වාරණ නියෝග එයි බොල

    @රෙප් මහත්තයා - ඉට්ටූටියි කිව්වා...

    @අසරණයා - කවුද බෙල ළමා ?? බීලා හැමෝගෙම නම් දාලා පෝස්ට් දාන කස්ටියද ලමා.. :))
    ඇත්ත තමා බං පොඩි කාලේ ඉදලම පුරැදු වෙන්නෝනි

    @Observer - ටැංකූ කීවා.. 'උගේ ලෝකෙ ' පෝස්ටුව ෆට්ට බොල.. හොදට වැඩ... හැබැයි බලාගෙන ගියාම මම කලින් දාපු මාතෘකාත් ඒ විදිහ තමා :))

    ReplyDelete
  16. දෙවරක් දත් මදිනවා වගේම බුරුසුව මාස 6කට වරක් මාරු කරන්න :)

    ReplyDelete
  17. Sabith - සබියා.. ඒක කොලොත් හිරේ යන්න වෙයි බොල..

    ReplyDelete
  18. ටූත් පේස්ට් කවි! මරු! :D

    ReplyDelete
  19. අඩේ මේ කවි ටික කියවගෙන ගියහම හිතුන දේ නෙමෙයි නේ බොල අන්තිමේදි තියෙන්නේ. හික්ස් :)
    මේකත් අර කකුල් අතරේ තියන් ගහපු සීන් එක වගේ එකක් !!! :)

    ReplyDelete
  20. @පූසා - පූසා දත් මදිනවද බොලව්? ;)

    @මධුරංග - කකුල් අතරේ තියන් ගහපු කාලේ ඉවරයි බොල.. :)

    ReplyDelete
  21. මං හිතුවෙ මේ...... කියල!

    ReplyDelete
  22. අපුරු කවි ටික..
    දත් බෙහෙත් ගැන ලියවෙච්ච පළවෙනි කවියද මන්දා...

    ReplyDelete
  23. ඇති යන්තම් මෙයා දැන්වත් දත් මදිනවා...!!

    ReplyDelete
  24. @රාජ් - චීයා කැත හිත බොල..
    රාජ් මහත්තයා ඊයේ ඔෆීස් ගියේ නැද්ද?

    @ලොකු පුතා - කවියක් ලියල හරි දත් ටික රැක ගන්ට ඕනේ ලොකු පුතා..

    @රූ.... - ඔව් මෑතක ඉදන් මදින්න පටන් ගත්තේ.. :)

    ReplyDelete
  25. දැන් වැඩිහරියක් පෙට්ටි නැති ඒවා...:-)

    ReplyDelete
  26. @kandyan - ඔව් පැකට් එක විතරයි බොල.. :)

    ReplyDelete
  27. අපි නම් සිග්නල්... "සිනහ බෝ වේවා"

    ReplyDelete
    Replies
    1. මැදෙනව නම් මොනව හරි කමක් නැහැ.. හැබැයි බුරැසුව ගෙවෙයි හොදේ !

      Delete
  28. පට්ට අදහස්! හිකි හිකි!

    ReplyDelete
  29. කියවගෙන යනකොට තේරුනා මොකක් ගැනද කියන්නෙ කියලා. වල් හැඟීමක් හිතට ආවෙම නෑ. :D මරු!

    ReplyDelete
    Replies
    1. එහෙනම් උබට තියෙන්නෙ හෙද හිතක් .. පරිස්සම්කර ගනින් !

      Delete
  30. කියපු එක අනිත් පැත්ත හරව ගත්ත නම් :D

    ReplyDelete
  31. දුටු මුල්දිනේ සුකුමොලව පිම්බී සිටි නුඹ
    මිරිකන විටයි දැන ගත්තේ ඇතුලේ හුලන් බව
    පෙන නගමි ආවත් දියරය මුඛය තුලදී
    මින්ට් රසනම් නැත නුඹ කියුපරිදි........................

    වැඩේ සුපිරි මචං... ටූත් ද පේස්ට් කිව්වලු.... හික්ස්... :D

    අපි මදිමු මදිමු තුටින තුටින හක්කේ දමාලා ලල ලාල ලාල ලා.....

    ReplyDelete
    Replies
    1. මගෙ පෝස්ට් එක අයින් කරල උබේ කමෙන්ට් එක දාන්න හිතෙනව බං.. සිරා..

      ජය !

      Delete
  32. පට්ට පට පට .. බයත් හිතුනා

    ReplyDelete
  33. අදමයි බං ආවේ :)
    ටුත් පේස්ට් වලට ජයවේවා....

    ReplyDelete
  34. පට්ට කතාව හොඳ නිර්මානාත්මක එකක් වගේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...