Sunday, May 6, 2012

කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය




සරාගික වූ සිත් බැම්ම මත
සැලෙන ලෙල දෙන පහන් සිල නුඹ
නිසල විල් තෙර අපිලිවෙල කළ
පියාපත් ලද වරා මල නුඹ


සිහිල් සුලගට තදින් සෙලවී
පරාජිත අදුරටත් ඉඩ දී
පලාතම අළු දුමින් නැහැවී
දිනෙක නිවෙනා පහන් සිලකී


නෙතින් දකිනා දසුන් අතරේ
සිතේ රැදි දසුනින්ම සසරේ
නිමා නොවනා පැතුම් අහු‍රේ
ලබන්නට පෙල ගැසෙයි මිතුරේ


දග දමා සිත් පෙම දවා
හති දමා සෙනේ උඩු දුවා
වැටි වැටි මහ දුර ගෙවා
හඩ හඩා ගති නුඹ වඩා


රැයෙහි සහක් පැතුම් පතමින
සිතින් නුඹ ලග කියා සිතමින
සතපමින් නුඹ යහන් කොනකින
ලබා ගත් සුව කෙලෙස කිව හැක?


මෙයැයි සැප යැයි බදාගෙන හිද
මොහොතෙ සුව දෙන ගතට පෙම් බැද
කප්පරක පව් පපුවෙ සිර කොට
පොට්ටනිය බැද නොනිමි ගමනක


මුලදි හඩනා කිරි දරුවෙකී
මගදි සුවදෙන යුවතියක් වී
පසුව දරු ලැබ පැත්තකට වී
හුස්ම යන්නට පෙරදි දිනදී
උතුරු සළුවට පෙම් බදින්නී


තිබුණි සිරුරට තදින් ඇලවී
සැවෙම ඒ දෙස බැලු හැරී
තනි පාට පච්චයත් මැලවී
තිබේ එනමුදු රැලි ගැසී
අද දුටොත් ඔබ යයි හැරී
වසමි සළුවෙන් ඔබ දකී


මගේ යැයි තදින් අල්ලාගත් කලෙක 'ඇය' අහෝ රසකි. උණුසුම, සිසිලස සමව බෙදුවේ ඇයය. ඒ මිහරි තවමත් මතකය. පපුව කෙලවකර ගැසූ  'ටැටූ'ව රැයෙහි සැර වැඩි කළ බැව් නම් සැබෑමය. අදුරේ දුටු කලෙක හුස්ම වැටෙන හඩ වැඩි කලේමය. හද ගැහෙන හඩ උද්දීපනය කලේමය. නොකිය යුතු දේද ‍එසේම පිබිදුනු  බැව් සැබෑමය.

ඒ ඇයම දරුවන්ට පෙමින් වැඩුනාය. ඔහුව අමතක නෙකළාය. පිරිස් මැදදී කිරි ඉල්ලා හඩන දරුවාට කිරි දෙන්නට මැලි නොවුනාය. විටෙක පපුවේ 'ටැටූ'ව සගවන්නට උත්සාහ කළාය. ඒ කිරි දරුවා කොනිති ගසන නිසා නෙව, තමාට ගැටළුවක් නොවුනත් බලන සමහරුන්ට ගැටළුවක් නිසාය.

ඒ ඇයම අද සියල්ල පසෙක දමා සිටින්නීය. මතකයන පමණක් ඉතිරිය. ඇය සිල් රෙද්දට පෙම් බදින්නීය. ඔහු ඇය හැර ගොස් හමාරය. ඒ ඔහු ස්භාව ධර්මයට අයත් කොටසක් නිසාවෙනි. රැලි වැටුනු ටැටූව හැට්ටය පවා නොරැදෙන උරහිසේ රැදි උතුරු සළුවෙන් වසන්නට ඇය වෙර දරන්නීය.

ජීවිතයට -

ඉපිද මැරේ
යලි ඉපිදේ
නොතිර සසර සාගරේ
අතර තුරේ
නොමැරී මැරේ
දස දහස් වරේ.....
-පණ්ඩිත් අමරදේව

ඇලීම්, බැදීම්, ගැටීම් සමග ගලන ජීවිතය තේරුම් ගත යුත්තේය. මොහෙතක සුව දෙන සියල්ල විටෙක සදාතනික දුක් දෙන්නේය. සියල්ල මැදහත් සිතින් විදගෙන සංසාර චක්‍රය කෙටි කර ගැනීමට උත්සුක විය යුත්තේය.

Written by sAm_1.25pm_06.05.2012

73 comments:

  1. සිරා වදන් ටික සෑමෝ....

    ReplyDelete
    Replies
    1. ඒ සැමෝ උදව්වක් දිපංකො.... මේ reply එක දාන්නෙ කොහොමද? මට කියපංකො මගේ e-mail එක helpworld@asia.com

      Delete
    2. Basic template එකක් භාවිත කරන්න. එකේ ඕක තියෙනව නොවැ. මම අමුතුවෙන් හැදුවෙ නැහැ. බොලා අප්ලෝඩ් කරපු ටෙම්ප්ලේට් එකක් නම් ඒකෙ නැතිව ඇති.

      මේල් එකක් දැමීමි බලන්ට.. ජය !

      Delete
    3. වෙසක් සතියේ සෙන්නාගේ පුන්‍ය කර්මය... Upload කරපු Templates වලට Reply Option එක ගනන විදිහ මෙන්න..

      තියන Template එකේ Backup ගන්න එක තදින්ම නිර්දේශ කරමි. මටනම් වැඩේ හරි ගියා.. අනෙක් අයට කොහොම වෙයිද දන්නෑ...

      ජයම පතමි !!

      http://www.betatemplates.com/2012/01/how-enable-threaded-comments-blogger.html

      Delete
    4. සෑමාගේ වෙසක් කලාපෙයේ පිහිටෙන් සෙන්නා පිනක් කළ වගයි..

      ස්තුති සහෝ !

      Delete
  2. පංකාදුයි සෑමෝ...

    ReplyDelete
  3. මල් හත හමාරයි ..!!

    ReplyDelete
    Replies
    1. වෙසක් දවසේ 'මල්' ‍ගැන කතා හොද නැත !

      Delete
  4. එසේමැයි සෑමෝ...!

    ReplyDelete
  5. නියමයි සෑමෝ..

    ඒත් මේක කලින් ඒවට වැඩිය සෑහෙන වෙනස්..

    ReplyDelete
    Replies
    1. හැ‍ම දේම වෙනස් වෙනව නොවැ..

      Delete
  6. කිසිම කැත හිතක් පහල වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්න පිනට සිත යොමු වෙලා.

      Delete
  7. සැමාගෙ වෙසක් සමයේ පහන් සිතුවිලි

    ReplyDelete
    Replies
    1. සියළු සිත් පහන් වේවා. :)

      Delete
  8. කියන්න වචන නෑ!! ජීවිතේ සත්‍ය අවබෝද වෙන්නේ මේවා දැක්කම
    සෑමා බොදු සිතක් තියෙන කොල්ලෙක් නෙව :ප

    ReplyDelete
    Replies
    1. //සෑමා බොදු සිතක් තියෙන කොල්ලෙක් නෙව :ප//

      ලැජ්ජත් හිතෙනවා..

      Delete
  9. උපරිමයි සැමෝ උපරිමයි.... අමුතුම අදහසක් අද නම් කියන්න වචන නෑ මොකද බලාපොරොත්තූ වූ දේ නැතිව පහන් සංවේගයක් ඇති වුනා.වෙලාවකට හිතුනා මේ කියන්නේ නගර ශෝභිනියක් ගැනද කියලාත් ඒ වෙලේ නම් මට මතක් වුනේ "ලැම පමණක් ලොවට පෙනෙන...ළය නොපෙනෙන ළඳුනේ" කියන ලස්සනම ලස්සන සිංදුව....බ්ලොග් එකේ දැන් නම් පිං පාටයි

    ReplyDelete
    Replies
    1. නගර ශෝබිනියන් ගැන කියල බොලාලව ඇවිස්සුවොත් වෙසක් අරුත නැති වෙනව නොවැ

      අනිත්‍යය තමා දැනෙන්ට ඕනේ..

      පිං !

      Delete
  10. දන්න එකෙක් හොයලා බලපල්ලා.. සෑමා රහත් වෙලාවත්ද කියලා..

    මූ මාර වදන්නෙ දෙන්නෙ...

    ජයම පතමි !!

    ReplyDelete
    Replies
    1. අද Raj කෝල් කලේ උබේ කමෙන්ටුව දැකලද මන්දා..

      ජය !

      Delete
  11. //මෙයැයි සැප යැයි බදාගෙන හිද
    මොහොතෙ සුව දෙන ගතට පෙම් බැද
    කප්පරක පව් පපුවෙ සිර කොට
    පොට්ටනිය බැද නොනිමි ගමනක//....සංසාරය.....!!!

    ලස්සන කවිය....
    සෑමගේ වෙසක් කලාපය ඉතාම සාර්ථකයි...

    ReplyDelete
    Replies
    1. වෙසක් කලාපයේ සාර්ථකත්වයේ රහස පිටුපසින් හබා එන ඔබ ඇතුලු සියල්ල..

      පිං !

      Delete
  12. හිතට වදින ලස්සන දෙයක් දැක්කාම ඒ ගැන හොඳක් නොකියා යන්න හිත දෙන්නෙම නෑ බං

    ReplyDelete
  13. එලනේ සැමෝ දාන්න හිතෙනවා 1000 කොලයක් කටට .

    ReplyDelete
    Replies
    1. ඇ බොල.. සෑමාගෙ කට කැටයක්ද ??

      Delete
  14. පංකාදුයි කිව්වම ඇතිනේ ම‍තෝ.. ?ජය...!

    ReplyDelete
    Replies
    1. හොදටෝම ඇති..

      අලුත් පෝස්ටු දැම්මෙයි ?

      Delete
  15. ඒ කියන්නේ මේක ලියලා තියෙන්නේ ලස්සන හිත් තියෙන අයට නෙමේද? :D

    හොඳ තේරුමක් ඇති කවි ටිකක්. හැබෑට ලඟදි මහණ දම් පුරන්ටවත් හිතා ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා පොඩ්ඩි. අනේ එහෙම වුනොත් හපොයි සාසනේ, හපොයි පඬුහැලිය!
      henryblogwalker the Dude

      Delete
    2. හැම එකාලම කැත හිත් උස්සගෙන මේ පැත්තේ එන නිසා තමා කැත හිත් වලට ලස්සන කවි කියල කි‍ව්වේ.. ;)

      මගෙ අප්පේ සෑම වගේ එකෙක් මහන වුනොත් සාසනේ ගොඩ දාන්න පුලුවන්. අළුත් ආරක බණක් දහමක් කියලා.. :)

      Delete
  16. ටැටූ ගැසීමට පෙර එය අන්ඩූ කල හැකිදැයි සොයා බැලිය යුතුය. නමුත් මෙහි එන කථාව අපූරුය. අද ටැටූ ගසාගෙන සිටින නංගිලා සියළුදෙනා මේ ගැන සිතිය යුතුය. කලකදි වහළු කලකදි රස වෙනවාලූ කියන්නේ මේවාටය.

    ReplyDelete
    Replies
    1. අන්ඩූ කල හැකි බව අසා ඇත. නමුත් ටැටූව ගසනවාට වඩා මුදල් වැය වෙන බව කියවේ....

      Delete
    2. අන්ඩූ කළ හැක.

      සෑමාගේ බ්ලොගේ එන චරිතයක් වන අපේ 'බොකා' තම ටැටුව අන්ඩු කොට එයාර් ෆෝස් ගි‍යේය. ආරංචි හැටියට වියදමට උපකාර කර ඇත්තේ ලගම මිතුරන්ය.

      ජය !

      Delete
  17. Hats off sam...!

    මේ පාර කියවපු හොඳම වෙසක් ලිපිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මගේ මිත්‍රයා..

      ජය !

      Delete
  18. නියමයි සෑමෝ...
    කොච්චර කියෙව්වත් ඕවා තේරෙන්න අපිට තව කල් යනවානෙ.ඒකයි තවමත් සංසාරෙ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිසුපා..

      සතුටුයි මේ පැත්තේ ආවට.. වෙසක් එකටවත්..

      ජයෙන් ජය !

      Delete
  19. වෙනදා වගේ නෙමෙයි අද වෙනස් !!!

    ReplyDelete
    Replies
    1. ඒ වෙනස හොදා නේද සහෝ !

      Delete
  20. ශාහ්හ්... සැමා අයියාට මාර සිතුවිලිනෙ දැන් පහල වෙන්නෙ... අනේ මංදා... ජීවිතයට කියලා දීපු අදහසනම් නියමයි!!!

    ReplyDelete
    Replies
    1. දැන්වත් හිතුවක්කාර නොවී බණ පදයක් අහගෙන ඉන්න..

      ජය !

      Delete
  21. සියලු දේ අනිත්‍ය වු ලොවෙහි
    සදා කාලික කිසිවක් නොමැත
    ජිවිතයද දිරාගිය දර හැවක් මෙනි.
    විටෙක සුළගේ ගසා යන
    පරඬලාවකි.
    අහෝ සැපයයි කියා
    වර්ණ ගැන්වු ජිවිතය
    දැන් දිරාගිය පරඩලාවක් සේමය...

    ලස්සනයි ඔබේ කවි සිත.

    ReplyDelete
    Replies
    1. ස්තුති පිලිතුරු කවියට..

      එකෙත් ගන්ට දෙයක් තියෙනවා..

      ජය !

      Delete
  22. එල නිර්මාණයක් බව නොකිව්වොත් වස වැ‍රැද්දක්.+++++++++++++

    අඩේ සෑමා. මටත් පුදුම ආසාවක් තියෙනවා බං ටැටූ එකක් ගහගන්න. පොස්සක් බලාපංකො සුදු තීන්තෙං ගහන තැනක් තියෙනවද කියලා. ඔය ටිපෙක්ස් වගෙ.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මටනම් ටැටූ පේන්න බෑ. මොන අර්ථයෙන් කළත් ස්වපීඩා කාමුකත්වයටයි ඔය වැඩේ අයිති වෙන්නෙ....

      මොකක් හරි ආර්ට් ඇගෙන්ම පෙන්වන්න ඕන නම් බොඩි පේන්ටින් තමයි හොඳම...
      ටිපෙක්ස් වුනත් නරක නෑ කළු ඇඟට...
      (මේක ලිව්වෙ joke එකටනෙ ඇත්තටම නෙවෙයිනෙ...?)

      Delete
    2. කළු පාටින් "මෝඩයින්ට පේන්නෑ" කියලා ගහගන්නකෝ කිසි අවුලක් නෑ

      Delete
    3. කමෙන්ට් වැලයි..

      අපේ කොල්ලෙක් ඉස්කෝලෙ ඩෙස්ක් එකක ලියලා සර්ට මාට්ටු වුන කතාව මතකද? පොරට ඒක මකන්න කියල සර් කිව්වම මූ ඒක උඩින් ටිපෙක්ස් වලින් ඇදල බැනුම් ඇහුව.

      කමෙන්ට් වලින් "සෑමාට මතක් වුනේ ඒක".

      ජය !

      Delete
  23. මේකේ කැටගරි එකට මේ කවි ටික ගැළපෙන්නේ නෑ... සෑමාගේ වෙසක් කලාපය කියලා වෙනම කැටගරියක් හදන්න තිබ්බේ... මොකද මේක කියෙව්වම කිසිම කැත හිතක් පහළවෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. සෑමාගේ වෙසක් කලාපය යටතේ ලේබල් ගසා ඇත. එනිසා වෙනම කැටගරියක් අවශ්‍යය නැති බැව් හැගේ.

      කැත හිතක් පහල වෙන්න නෙවේ ලියුවේ. කලින් කැත හිත් වලට ලියපු ලිපිත් එසේමය. කැත යයි පෙන්නා හොද දෙයක් තමා ලියුවේ.

      කැත හිත් අනිත්‍යය දැකලා ලස්සන වෙන්න තමා මේක ලියුවේ.

      Delete
  24. කවි ටික තේරුනේ නැහැ....අර පහල ඉඳන් උඩට කියවන් යන්න පුලුවන් එව්ව විතරමයි මට තේරෙන්නෙ...පොටෝ එකේ තියන නියපොතු ටික ලස්සනයි..මාත් නිල්පාට ගානව හිතුනාම.....යන්නම්..බායි..!!

    ReplyDelete
    Replies
    1. යකෝ මම දැන්නේ ඒ නියපොතු නිල්පාටයි කියලා දැක්කේ

      Delete
    2. මොනාද ගැමී.....බලන්න ගත්තාම බලන්නකො අස්සක් මුල්ලක් නෑර මම වගේ...! :D:D:D:D

      Delete
    3. ගෑල්ලමයි අහුමුලු ගැන හොදට දන්නව තමා.. :පී

      ගැමියෝ කිරිල්ල කිව්ව වගේ ඔහොම බලලා මදී..

      Delete
  25. ටැටූ දහමට එරෙහි වෙලා ලියලද මන්දා, ඒත් නියමයි.

    ReplyDelete
    Replies
    1. දහමට එරෙහි නැහැ. ගහන්න ඕනෙ නම් ගහන්ට තියෙන්නේ..

      ජය !

      ඒ පැත්තේ එන්නම්. මෙහෙ ආවට තුති !

      Delete
  26. ඕක තමයි ඇත්ත. කොච්චර හංගන්න හැදුවත් ඒක වලක්වන්න බෑ.
    වෙසක් එකට ගමේ ගියපු නිසා මේ පැත්තෙ එන්න පරක්කු උනා....

    ReplyDelete
    Replies
    1. කිරිපුතා ගමේ ගියාද...?

      ගමේ පන්සලේ ගන්න සිල් තරම් කොහෙ සිල් ගත්තත් ඇගට දැනෙන්නෙ නැහැ නේද ?

      :පී

      Delete
  27. ජීවිත නොනවතින සංසාර ගමනක..
    දැන දැනත් බව වියැකෙනා කලකට

    ලස්සන කවි පොඩි උපරිමය..! :)
    පහන් සිතෙන් දල්වන්නට තවත් සිය දහසක් සිත්
    ජය වේ..!!!

    ReplyDelete
    Replies
    1. බොහාම ස්තුති නන්දු..

      Delete
  28. උපරිමයි....
    අවසානයේ මගෙත් සිහියට ආවෙ ළඳුනේ ගීතය....(හපොයි තරහ වෙන එකක් නෑ නේඩ...:( )

    ReplyDelete
    Replies
    1. තව කමෙන්ටුවක් තිබ්බ ලදුනේ ගීතය මතක් වුනා කියල. මොකට තලා වෙනවද

      ඒත් මේකෙ කියන්නේ එවන් ගැහැනියක් ගැන නෙවේනේ..

      Delete
  29. \\..හුස්ම යන්නට පෙරදි දිනදී
    උතුරු සළුවට පෙම් බදින්නී..\\

    මෙන්න මේක තමයි ඇත්ත :P

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒ වෙනකල් මතක් වෙන්නේ නැහැ එලොවට වැඩක් කරගන්න..

      තුති සහෝ !

      Delete
  30. ම්..ඔව්වා තෙරෙන්ඩ කාලයක් යනව නේව..කාලය මැවු අරුමේ....ඒ වෙනකොට එක්කො පරක්කුයි නත්තං ඉක්මන්වෙලා වැඩි....ජිවිතේ බැලන්ස් එකේ යන තරමට අවුල් අඩුයි......

    ReplyDelete
    Replies
    1. //ජිවිතේ බැලන්ස් එකේ යන තරමට අවුල් අඩුයි//

      ඇත්ත බං.. එතකොට අමුතුවෙන් පිං කරන්න ඕනේ නැහැනේ..

      ජය !

      Delete

Related Posts Plugin for WordPress, Blogger...