සයිබර් උළෙලට සමරු කලාපයක් නිකුත් කෙරෙන්නේය. ඒ සදහා දැන්වීම්, සුභ පැතුම් ආදිය නොපමාව ලබා දිය යුතු බවට නිවේදනයක් පවා දියත් වූයේය. එය දුටු බොහෝ අය දැන්වීම් හා සුභ පැතුම් ලබා දීමට උත්සුක වූවෝය.
ඒ සදහා අප හට ලැබුණු ඊමේල් එකේ සදහන් වූයේ මෙම කරුණුය..
2013 සයිබර් සිහින උළෙලේ සමරු කලාපය සඳහා ඔබගේ දැන්වීම මෙතෙක් අප වෙත ලැබී නැත. ඔබගේ දැන්වීමේ අඩංගු විය යුතු පණිවිඩයද මේ මස 10 වෙනි දිනට පෙර අප වෙත දන්වා එවන මෙන් ඉල්ලා සිටිමු. ඔබ විසින් සකස් කල දැන්වීමක් එවිය හැකිනම් වඩාත් පහසුය.
සමරු කලාපය සකස් කරනු ලබන්නේ B 5 ප්‍රමාණයෙන් වන අතර ඔබගේ දැන්වීම කළු සුදු ආකාරයෙන් සකස් කර එවන්න.
ඒ සමග ඔබගේ දායක මුදල ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ - ප්‍රධාන කාර්යාල ශාඛාවේ - "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුම් අංක 10001-11-71577 වෙත තැන්පත් කොට එම රිසිට්පතේ පැහැදිලි ඡායාරුපයක් හෝ ස්කෑන් ඡායාරුපයක් එවන්නේනම් බෙහෙවින් කෘතඥ වෙමු.
මෙය දුටු විට ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙකු බැංකුවට දිව ගියේ ඇඩ් එකක් ලබා දීමටය. හෙතෙම වහාම බැංකුවෙන් මුදල් තැන්පතු පත්‍රිකාවක් රැගෙන තම නම, තැන්පත් කරන මුදල් ප්‍රමාණය, හා බ්ලොග් අවකාශයේ මිතුරෝ ගිණුම් අංකය පැහැදිලිව ලියා අදාල කවුන්ටරයේ කෙල්ලට දික් කළේය. ඇය බොත්තම් ඔබා බලා බ්ලොග් කරුගේ මුහුණ බැලුවේය.
“මේකෙ ඉලක්කම් තුනක් අඩුයිනේ..“
“ඈහ්.. එහෙම වෙන්න බැහැනේ..“
කියමින් නැවත ඔහු නම්බරය චෙක් කළේය. එය එසේම පත්‍රිකාවේ සදහන් වි තිබුනේය. ඔහු වහාම ඇමතුවේ සෑමාවය.
“බලපං බං අර නම්බර් එක වැරදි කියනවනේ..“
“වෙන්න බැහැනේ බං.. මාත් සල්ලි දැම්මනේ...“
නමුත් ඔහුකීවේ එය වැරදි බවය. නැතිනම් බැංකුවේ ප්‍රධාන ශාඛාවට අදාල අංකය හෝ ඉදිරියට පැමිණිය යුතු බවක්ය. ඔහු බැංකුව දෙවනත් කරමින් අදාල අංක තුන සොයමින් සිට තවත් පැය කාලකට පසු සෑමා ඇමතුවේය.
“මචං අරක හරි යන්නෙ නැහැ බං..“
“ඒක තමයි බං හරි.. වෙන්න බැහැනේ.. වරදින්න විදිහක් නැහැ..“
“ආයෙත් බලපං 10001-11-71577.. මේක නේද??“
“ඔව් බං ඒකම තමයි..“
“එතකොට බැංකුව Peoples Bank නේද?“
“පිස්සුද යකෝ... NSB එකට දාන්න ඕනෙ..“
එලෙස නිල වශයෙන් ප්‍රථම ආතල් එක සැපයූ එතුමා සමග බ්ලොග් අවකාශයේ මිතුරෝ, ජාතික තරුණ සේවා සභාවේ සම අනුග්‍රහයෙන් පවත්වන, සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම 2013 සයිබර් සිහින බක්මහ උළෙල , අප්‍රේල් මාසෙ 21 වෙනිදා ( කාටත් පහසු නිවාඩු ඉරිදා දවසෙ) උදේ 9 ඉඳන් හවස 4 වෙනතුරු, මහරගම ජාතික තරුණ සේව සභා පිටියේ දී හමුවෙමු.
උළෙලට ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් 200ක ප්‍රවේශ පතක් නිකුත් කෙරෙන අතර, සහභාගි වන සැමටම දිවා ආහාරය සහ සමරු කලාපයේ පිටපතක් ලබා දෙන්න දැනටමත් සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
තව විස්තර කියවන්න, ලියාපදිංචි වෙන්න, තරඟ වලට ඇතුලත් වෙන්න, ටී ෂර්ට් ඉල්ලුම් කරන්න වැඩි විස්තර කියවන්න...
http://cyberfestival.blogspot.com/2013/03/newyear2013.html
එහෙනං මේ මාසේ 21 වෙනි ඉරිදාට එන්න...
පලි- උක්ත ආතල් එක ගැන ඇත්ත දැන ගැනීමට සභාපති ප්‍රදීප් මහතා හෝ අඩවි රජ අමතන්න...
මෙතැනින්... අපේ සතුට ඇයට කොයිද? කියවන්න.....
මේ සැරෙත් පට්ට ආතල් එකක් ගන්න පුළුවන් වෙයි වගේ :)
ReplyDeleteජයග්‍රාහි පිට පිට දෙවෙනි වතාවට දැමු පළමු කොමෙන්ටුව :D
Deleteඋඹ යකෝ පෝස්ට් දානකල් බලන් ඉන්නවද ?
Deleteබලපං රජෙක් බැංකු ගිය හැටි :ඩී
රජා???? :)
Deleteඅප්පට සිරි රජාද එතකොට මේ බැංකු මාරු කරගත්ත බුවා? :D
Deleteරජා නෙමෙයි ඔය සැමාම තමයි. අපි නොදන්නා මොනරතැන්න. :P
Deleteඅයියෝ සල්ලි! බැංකුවේ වැඩි සෙනගක් හිටියේ නෑ නේද?
ReplyDeleteරජාගෙන් තමා බං අහන්න වෙන්නෙ !
Deleteහික්ස් එදාට සෙට්වෙමු ආ නෑ කලින් සෙට්වෙමු හික්ස් හුඟකාලෙකින් බං ආවේ බලහං අපේ ඔෆිස් එකේ ඉන්ටනෙට් දෙයියො බ්ලොග්ස් බ්ලොග් බ්ලොක් කොරලනේ බන් හුග්....
ReplyDeleteඉවර වෙලාම සැට් වෙමු.. :)
Deleteඋබලගෙ බැංකුව වෙනුවට වෙන බැංකුවකට රිංගලා වෙච්ච හදියක් බං !!
පව් කොල්ලා !!!!!!!!!!!
හි හි... යූත් එකේ නේ... ඔලුව දාලා බලන්න එන්නම්....
ReplyDeleteඑලස් !
Deleteඇවිල්ලම යන්ටෝ...
ගෙදරට කියාගන්න බැරුව ඉන්නේ....
ReplyDeleteඔයාට ඉතින් හැමදාම කියාගන්න බෑනේ
Deleteකියාර් ගන්න බැර්..
Deleteකියා ගන්න බැරිනම් නොකිය එන්ටො....
Deleteඅනේ මේ සැරේ අත ළඟටම අවුරුදු උත්සවේ ඇවිත් දෙයියනේ .... ඇත්තමයි මට මේ කියාගන්න බෑ නේ
Deleteඋපරිම උත්සාහයක් ගන්නම්
ReplyDeleteඅදුනගන්න ඉතාම කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඔබ මාතලන්
Deleteඅපොයි ඌටත් පොවන්න හදන්නෙ !
Deleteඌ බබා ?
Deleteඋගුරු ඇටේ කැඩෙන්නත් කලින් හොරෙන් රා බීල පටන් ගත්ත >>ඌ බබා ?<<
Deleteනෑ.... ඌ බෙබා... හි හි... ( විහිළුවට ඈ...)
Deleteවිහිළු නෙමේ බොන එව්වන්ට කියන නියම සිංහල වචනය ඕක තමයි.
Deleteහ්කිස්.. බෙබා..
Deleteඑන්නම්කෝ! හැබැයි සැමෝ මේ සැරේ සින්දු නම් කියන්න බෑ!!!!
ReplyDeleteඅපෝ එහෙනම් මට බෑ !
Deleteඔහෙලා දෙන්නම සිංදු කියන්නෑ කියලා පොරොන්දු වෙනවනම් එනෝ.. නැතිනම් බෑ.. :/
Deleteඅඩෝ රජා... හිකිස්
ReplyDeleteමොකද බොල හිකිස්... ^_^
Deleteරජා ද ?
Deleteඒ මහජන බැංකුව ලස්සනයි නේ බං?
ReplyDeleteඅම්මෝ ඔය වැරදුන එකා දුන්න ආතල් එකක්. මට ෆෝන් එක කට් කරලත් හිනා ඕයි!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පට් හලෝ වැරදුන හා උදව් කරන උන්ට මඩ ගහන එක.
Deleteදතයි කටයි වහගෙන එලියට පැන්න එක තමා කලේ..
Deleteපට්ට චාටර් ඕයි... !
තවත් හිනා...
Deleteමම ඉන්නේ පීපල්ස් බෑන්ක් බං ^_^
සෑම් මලයෝ මගේ බ්ලාගේ මගේ මේලය ඇති ඔබේ ලිපිනය එතැනට දාපන්.
ReplyDeleteඑළ !
Deleteමැද හරිය කියවද්දි හිතුනා ආතල් එක දුන්නෙ රජාවත්ද කියල බැලින්නම් ඒක හරියටම හරි :)
ReplyDeleteපව් බං රජාවම අල්ලන්නෙ ඇයි ?
DeleteSuba patum. mata ena wena naha. (Sira hodin neda?).
ReplyDeleteJayawewa.
මොකක්ද රජා දාන්න යන ඇඩ් එක. අන්තහ්පුරයට ස්ත්‍රීන් බඳවා ගන්නද? :D
ReplyDeleteහයියෝ.. ඒකටත් මූ බැංකුවට යන්න දන්නෙ නැහැනෙ බං .
Deleteදැන්ම ඉදන්ම හූල්ලන්න ලෑස්ති වෙනවා.... එන්න වෙන්නෙ නෑනේ ඉතින්,
ReplyDeleteමම අනිව එනව .. මොකද මට අදුර ගන්න ගොඩාක් අය ඉන්නවනේ.... ඇවිල්ලම සෙට් වෙමු...
ReplyDeleteජය වේවා.
Deleteරමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා පිළිතුරු දෙන්න ඉඩ
ReplyDeleteරමේෂාට පිළිතුරු
හ්ම් හ්ම් කට්ටිය සෙට් වෙනවා එහෙනම් ඈ.
ReplyDeleteඑන්ජෝයි කරපල්ලා. ෆෝටෝ දාපල්ලා.
අම්මට සිරි. දැනටම ආතල් පටන් අරගෙනද!
ReplyDeleteඇත්තටම කොල්ලා දුවගෙන ගොස් තිබෙන තැන හරි. මොකද පොදු අරමුදල්, සේවාවල් වගේ කොන්ත්‍රාත් වැඩි හරියක් කරන්නේ අපි නේ.
ReplyDeleteඕන්....එයත් ඇඩ් එකක් දාගෙන...
Deleteසු දී ක අයියේ. add ඔට්ටු නෑ හොඳේ...
Deleteමේක ඇඩ් එකක් නෙවෙයි. මම කියන්නේ සාමාන්‍ය ගනුදෙනු වලට අමතර පොදු සේවාවල් කරන එක. උදාහරණයකට සුනාමියට රුපියල් 5000 ගානේ ණයක්/ප්‍රදානයක් බෙදා ඇරියෙත් අපි හරහා, ඒ කාලේ වින්ද කරදර ඒ පැති වල ඉන්න නංගිලා/මල්ලිලා කිව්වා.
Deleteඅනේ ඔහොම මේල් එක්ක ආවේ නෑ අපිට,, අර ඇඩ් ගැන කියලා පිටුව ගැනයි කියලා විතරයි ආවේ.. :/
ReplyDeleteජාතියේ හදගැස්ම තියෙන කොල්ලෙක්.එහෙම වුන් ඉබේම යන්නේ ඒ වගේ තැන්වලට.
ReplyDeleteපුදන කොටම කාපි "රජා"....!
ReplyDeleteඅපිත් එනවා...
අය්යෝ. අපිට නම් එන්න හම්බවෙන්නෙ නැ. පොටෝ දාන්න.
ReplyDeleteකිමෙක්ද මහරජ ??
ReplyDeleteඔය පටන් අරන් තියෙන්නෙම කාඩ් එකකින්
ReplyDeleteඑන්ඩ වෙන එකක් නෑ බං.දුක තමයි මක්කා කොරන්ඩද?
ReplyDeleteමඩ ගහනවා කියලා මෙහෙමත් මඩ ගහන්න එපා සෑමෝ..!!
ReplyDeleteමට මේ වතාවටත් උඹලව මග හැරෙනවා. අවුලක් නෑ ඊලඟ වතාවේ බලමු. තව කොච්චර දේවල් කෙරෙයිද ඉස්සරහට නේද...! සැමා ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා.
ReplyDeletepeople's bank කීවාම මතක් වෙන්නේ අපේ සෙට් එක බැංකුවට ගිහින් ක්‍රිකට් මැච් බලලා සිකුරුට්ටා අන්කල්ට දුන්න ආතල් එක- කවුද අප්පේ අකැමති full A/C, කුශන් පුටුවල වාඩිවෙලා මැච් බලන්න- :)
ReplyDeleteහුලන්ටෙල් 25 කාඩ් එකක් කුඩුවෙනකන් දවස් තුන හමාරක් සැමාගෙ බ්ලොග මුල ඉදන් අගට කියෙවුවා- ඒක දැකපු අම්මා 'ඈ කොලුවෝ දවස තිස්සෙම පෝන් එකට මූන ඔබාගෙන ඉන්නේ ආයෙත් සක්කරවට්ටමක් කරගහගත්තද? ' කියල කියපි- අනේ ඉතින් කාට කියන්නද
ReplyDeleteඅපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්-
ප්‍රදීප් සහෝදරයා මා හමුවෙලාම ආරධනයක් කළා එන්න කියලා ... බලමු උත්සාහයක් ගන්නම්
ReplyDeleteමේ පාරත් ඉතින් මම නෑලු.. ඒත් නෙක්ස්ට් ටයිම් මම අනිවා ඇති..
ReplyDelete