Friday, March 30, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (4 කොටස)

මෙතෙක් කතාව... 

රතියට ‍ලොල් ලසදා පැණි බීම කරත්තකාරයා සමග ගම හැර යද්දී සිරිමෙවන් දරුවා සමග නිවසේ තනිවේ. මී කැඩීමට කැළයට යන සිරිමෙවන්ට වැලහින්නකගේ අතවරයකට ගොදුරුවන්නට සිදුවේ. සියල්ල අවසන නිවසට එන සිරිමෙවන් දරුවා සමග නිවසේ තනිවේ. රාත්‍රියේ නිවසට එන්නේද වැලහින්නමය. වැලහින්නගේ සෙනෙහස මවගේ සෙනෙහස යැයි රැවටී නිවසේ දොරගුලු හරින්නේද සිරිමෙවන්ගේ පුත්‍රයාය. එදින රාත්‍රියද සිරිමෙවන් ගෙවන්නේ වැලහින්න සමගය. 

සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස) මෙතනින් කියවන්න.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (2 කොටස) මෙතනින් කියවන්න. 
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (3 කොටස) මෙතනින් කියවන්න.

වැලහින්නට තුරුලුව නිදා සිටි තම පුතා දෙස බලා සිටි සිරිමෙවන් අවසන පුතු ඇමතුවේය. පුතු තුරුලෙන් මිදෙද්දී වැලහින්නගේද නින්ද කැඩින. ඇයද නැගිට වටපිට බැලුවාය. සිරිමෙවන් පුතු සමගය. පුතු ද සිරිමෙවන්ද ඇරුණු දෙනෙතින් වැලහින්න දෙස බලා සිටිති. 

"තාත්තේ.. අපි මෙයාව තියා ගමු" මව් සෙනේ නොලද පුතු වැලහින්නකගේ සෙනේ වටහා ගෙන ඇත්තේ එලෙසය.

"මේකව ගෙදර තියා ගන්න. බොට පිස්සුද? ගමේ එකාල මට පද හදයි. ලසද එක්ක නිදා ගන්න බැරි වුණ එකා වැලහින්නක් ගෙදර තියාගෙන ?" ඉර හැරෙන්නට පෙර නැගිට පියඹන කුරුලු රංචුවක් මෙන් පුතුට පිළිතුරු දෙන්නට පෙර සිරිමෙවන්ගේ සිත වැඩ කළේය.

"අනේ පුතේ.. මේකා හරි වස සතෙක්.. ඒක නිසා ගෙදර තියා ගන්න බැහැ නොවැ.."

"අනේ තාත්තේ.. මට අම්මත් නැහැ.. තාත්ත කැලේ ගියාම මට තාත්තත් නැහැ. තාත්ත කැලේ නොගියොත් අපිට කන්නත් නැහැ." ගෙදරින් හොරකම් කරගෙන හෝ හොර බැළලියක් තම බලල් පැටවාට කිරි පොවන්නා බව පැටවා දනී එලෙසම සිරිමෙවන්ගේ පුතු තම පියා විදින දුක දනී. පුංචි සිතට ගැඹුරු අදහස් ගැලුවේ ඒ නිසාමය.

"මේකා මොනා වුණත් මේ ගෙදර ඉන්නේ නැහැ.. බොලාට ඕනෙ නම් මම අම්මව ගේන්නම් මොන ලෝකෙන් හරි..." සිරි මෙවන් කෑ ගැසුවේය. වැලහින්න පෝදාට පන්සලේ සිල් පවාරනය කොට ගෙදර යා ගත නොහැකිව හිදගෙන සිටින සිල් අම්මා කෙනෙක් මෙන් බිම හිදගෙන බලා සිටින්නීය. ඒ දුටු සිරිමෙවන්ට  යකා ආවේශ විය.

"ඈ යකෝ තොට මම දීපු ඒව මදිද තොට.. පල මගේ දෑහට නොපෙනී.." දෙවරක් තමාව දූෂණය කළ වැලහින්නට තවත් සමාව දිය නොහැක. පුතුට මව් ඕනේ නම් නාඩි වැටෙන කුමන හෝ මනුස්ස ගැහැනියක් ගෙදර ගෙන ආ හැකි මුත් වැලහින්නක් ගෙදරක රදවා ගත‍ නොහැක. සිරිමෙවන් තම අතට අහුවූ පොරොව ඉහලට එසවූවේය. වැලහින්න මෙවර බැලුවේ සානුකම්පිත හැගීමකිනි. එහෙත් සිරිමෙවන් පොරොව පහත නොදැම්මේය.

"අනේ තාත්තේ..." කියමින් සිරිමෙවන් ගේ පුතු බදා ගත්තේ සිරිමෙවන්ව නොව වැලහින්නවය. සිරිමෙවන්ගේ ඇස් දෙක උඩ ගියේය. තම තරහව දෙගුණ තෙගුණ වුයේය.

"ඒ ගමන මේ පොඩි එකත් අම්ම වගේ වෙන්න හදනවා. ඒකිටත් මට වැඩි පස්සෙ ආපු පැණි බීම කරත්තකාරයෙක් ලොකු වුණා, දැන් මේකටත් කොහෙන්ද පාත් වුණ වැලහින්නක් ලොකු වෙලා" සිරිමෙවන් බක් මහට පෙර වැස්සක අකුණු සැරයක් සේ සිගිති පුතුගේ දෙපා මුලට පාත්විය.

පුතු වැලහින්න තරයේ බදාගෙන සිටියදී සිරිමෙවන් පොරව පැත්තකට දැම්මේය. වැව වැස්සට වාන් දැම්මද එහි සිටින මාළු වැව් බැම්මට උඩින් පනිනවාට වැව පවා අකැමැතිය. එසේම තම තරහව පුතුට හානියක් වනු දැකීමට සිරිමෙවන් අකැමැතිය. එසේම ගමේ එකාලාගේ කතන්දර, පොඩි පුතාගේ ආදරය අමතක කරන්නට නොහැක්කේමය. කිසිවක් සිතාගත නොහැකි සිරිමෙවන් ගෙමිදුලට බැස බිම ඇණ තියා ගත්තේය.

රාත්‍රිය ගෙවුනේ පුතුට කරදර වේ යැයි බියෙනි. දැන් එහෙව් බියක් නොමැත. තමා සමග රති ක්‍රීඩා කළද එහිද වෙනසක් නැති බැව් සිරිමෙවන් ගේ සිතට වඩා සිරිමෙවන්ගේ ගත පවසයි. එහෙව් කලෙක වැලහින්න බින්න බැස්සාට වරදක් නැත. එහෙත් පහල ගෙදර වික්‍රමගේ අම්මා ගම ගිණි තියනවා නිසැකය. ලසදා සමග ගත කළ රැය ගැන පවා ඇය දැන සිටියේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්ය. එහෙව් ගෑණියෙක් වැලහින්කගේ පෙමක් ගැන ගමම අවුළනවා නිසැකය. සිරිමෙවන් මිදුලේ බැද සිටි හරක් තඩියා දෙස බලමින් කල්පනා කලේය. ඇත්තටම සිරිමෙවන්ට සිටි හරකෙක් නැත. ඒ හරකා පොල්පිති ඔලුවෙන් කපා ලණුවෙන් ගසක බැද සිටි තම පුතුගේ පොල්පිති හරක් පෝතකයාය.

ගමේ පන්සලේ පිංකම් කාලෙට සිරිමෙවන් ‍වැවේ කිමිදෙන්නේය. ඕලු, නෙළුම් මල් සොයමින් ජලය කළඹන්නේය. ඒ හැර සිරිමෙවන්ගේ සිත කිසිදාක කැළඹුනේ නැත. මේ වැලහින්න ආ දා සිට තම සිත රාගයේ හා ද්වේශයේ වෙලෙමින් අනාථව සැරිසරන්නේය. වැව අසල ගස්වල සිටි පිළිහුඩුවන් මාළු දුටු කළ ක්ෂණිකව පහල බසින්නේ යම්සේද එලෙසම වැලහින්න සහ දරුවා නි‍වසේ තනි වූ බව සිරිමෙවන්ට ක්ෂණිකයෙන් මතක් විය. පය පැටලෙමින් සිරිමෙවන් නැගිට ගත්තේය.

කූඩලු කරලක් ඇගිලිතුඩින් පොඩි කර පටස් ගා පුපුරන ඇසිල්ලේ සිරිමෙවන් නිවස තුලය. පැදුර තිබ්බ හැටියේම එතනමය. පැදුරටත් නොකියා වැලහින්න පිටුපස දොරින් පිටමංව ඇත. පොඩි පුතුද පේන්නට නැත. පෙර දින රැයේ පුතු විසින් වැලහින්නට ගෙට එන්නට ඇරිය දොරින්ම දෙදෙනා පිටත් වූ හැටියක් පෙනේ. සිරිමෙවන් ලසදා නවැස හැර ගියාට වැඩි සොවින් රත් වෙන්නට විය. දරගත නොහැකි කම්පනයෙන් සිරිමෙවන් වෙවුලන්නට විය.

"පර...වැලහී.. මේක මගේ පොඩි එකා අරන් ගිහිං හිටු මම තෝ තියන්නේ නැහැ. ඇයි යකෝ තොට මාව ඕනේ නම් මගේ පන වගේ ඉන්න එකාගෙන් පලි ගන්නේ..." සිරි මෙවන් කියවන්නට විය. ගමට ඇසෙන්නට කෑ ගැසීම අනුවණ බව හේ දනී. ලසදා ගිය විට පවා තමා නිහඩව සිටි මුත් ගමම දෙවනත් විය. එහෙව් එකේ තමා කෑගැසුවොත් ප්‍රතිඵළ දරුණු බැව් සිරිමෙවන්ගේ සිත් දනී.

සිරිමෙවන් කිසිත් සිතා ගත නොහැකිව එලියට බැස්සේ වැලහින්න ගිය මගක් සොයා ගන්නටය. එදා තමා කැලේ මැදදි මුලින්ම හමු වූ තැනට යාම උචිතය. ඒ අවට මේ වැලහින්න සිරි සරනවා විය හැකිය. මහ වනය තමාට නිවස බදුය. එහෙත් තෙරක් නොපෙනන විලක අසරණව සරණ මල්පුලුට්ටෙකු මෙන් ආතක් පාතක් නැතිව සිරිමෙවන්ට වනය පුරා ඇවිදන්නට විය. එදා හමුවූ තැනද ඇය නැත. ඒ අවට පුරා සැරි සැරුවද වැලහින්න නැත්තේමය.

ගසක අත්තක් කැඩුන පාටක්, අඩි සළකුණක් වත් ඉවකර ගන්නට සිරිමෙවන්ට නොහැකි වූ තැන නැවත හැරෙන්නට වූයේය. ඇදිරි වැටෙන්නට පෙර වැලහින්න නිවසට එනු නොඅනුමානය. ඇයට දරු සෙනේ නැත්තේමය. දරුවාට මව් සෙනේ දැනුනද ඇයට ඇත්තේ තණ්හාවය, රති කාමයමය. එහෙව් වැලහින්න රාත්‍රියේ තමා හමුවට එනු නොඅනුමාන බැවි සිරිමෙවන් දනී. තවත් කල් නොහැර නිවසට යාමට සිරිමෙවන් සිතුවේය.

වවුල් තටු සැලෙන හඩ, කළාමැදිරි එළි, ගෙම්බන්ගේ සැරසිලි නිවස වටලා සිටියද සිරිමෙවන් ගෙමිදුලේ ඇණ තියාන බලා සිටියේ අදුරු පරිසරයට දෙනෙත් ‍යොමාගෙනය. දරුවා මහ වනයේ අනතුරකට ලක් වේදෝ සොවින් හෙතෙම වැලහින්න සමග කුපිතව සිටියේය. අවට අදුර මැකෙන්නට කවදාවත් නොමැතිව ලාම්පුවක් එල්ලන්නට සිරිමෙවන්ට සිත් වූයේය.

ගෙතුලට ගොස් ලාම්පුවක් දල්වා එළියට එන ‍කලෙක මිදුලෙන් අදුනේ වැලහින්නගේ රැවයි. සිරිමෙවන් අතෙහි තිබි ලාම්පුව කරකවා වැලහින්නට දමා ගැසීය. කම්බි කැබැල්ලෙන් ගැටගසා තිබි ලාම්පුව කැරකැවී ගොස් නිවස දෙසට වැටෙද්දි වැලහින්න ඉදිරියට පැන සිරිමෙවන් පෙරලා ගත්තීය. සිරිමෙවන් මෙලෝ සිහියක් නැතිව බිම පෙරලින. වැලහින්න සිරිමෙවන් මිදුලට ඇදගෙන ගියාය.

මොහොතින් සිරිමෙවන් හිස ඔසවා බැලුවේ සිහි මද ගතියෙන්ය. එසේ හිස එසවූ සිරිමෙවන්ට හැගුනේ වැලහින්නගේ උකුලේ තම හිස රදවා ඇති බවකි. ඈතින් මහා එලියක් වැටෙන බැවි හැගී සිරිමෙවන් බැලුවේ නිවස දෙසයි. ගිණි දැල් නංවමින් පිදුරු සහිත වහලය දැනටමත් භාගයක් ඇවිලී ගොසින්ය. පරාල ලෙස තබා තිබි අමු කෝටු කැබලි ගින්දරට තවත් රුකුල් දෙමින් දැවෙන්නට විය. සිරිමෙවන් කදුළු පිරුණු දෙනෙතින් වැලහින්නට කෙදුරුවේය.

"ඇයි උඹ මට මෙහෙම කරන්නේ. මගෙ පොඩි එකාවත් කැළේ අතරමං කරලා.. දැන් මගේ ගෙදරත් විනාස කලා.."

....මතු සබැදි....

Wednesday, March 28, 2012

සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..


එදා දෙදහස් දොලහ වසරේ මාර්තු විසි හත් වෙනිදාය.
ස්ථානය නවලෝක රෝහල.
වේලාව දහවල් 12:45 පමණ


එදා සෑමා සිටියේ නවලෝක රෝහලේ පහත මාලයේ චැනලින් සෙන්ටර් එක අසල ඇති ලිෆ්ට් එක අසල හිදගෙනය. ලිෆ්ට් එකට පිටුපස හරවා හිදගෙන සිටි නිසා එයින් යන එන කිසිවෙකු සෑමාට පෙනුනේ නැත. එහෙත් එක වරම පරිසරය කලබළ වූවාක් සේ හැගුන නිසා ඒ පැත්ත හැරී බැලුවේ සෑමාය.

ඈත සිට මිනිසුන් කිසිවෙකුට අත වනයි. හිදගෙන සිටින බහුතරයක් නැගිටිති. සමහරු පසු පසින් දිව යති. කිසිවක් සිතා ගත නොහැකි වූ සෑමාට යමක් ඉවෙන් මෙන් දැනින. ඊට හේතුව රෝහලට ඇතුලු වෙන දොරටුව අසල කැමරා සූදානම් කරගෙන පිරිසක් සිටිය නිසාය. සිදුවන්නේ කුමක්ද කියා දැනුන මුත් සෑමා නැගිට ගියේ ඒ පැත්තටය.

පොලිස් නිලධාරීන් රැසක් වට ‍කරගෙන ඉදිරියට ඇදෙමින් සිටියේ සැබෑ දේශප්‍රේමියෙකි. කුමන අභියෝගයක් හමුවේ වුවද නොසැලී සිනහවී එඩියෙන් මුහුණ දෙන දේශප්‍රේමියෙකි. තමා දේශප්‍රේමී යයි ක්‍රියාවෙන් ඔප්පු කළ පුද්ගලයෙකි. ඔහු පිරිස මැද ඉදිරියට ඇදෙද්දී වට පිට හිදගෙන සිටි බහුතරයක් තම අසුන් වලින් නැගිට සිටියහ. ඇතැමුන් දිව ගොස් තම අත ඔහු දෙසට දිගු කොට ඔහුගේ අත අල්ලා ගත්හ. සියළු කාරණා දෙස බලාගෙන සැලෙන හදින්, තෙත් වූ දෙනෙතින් ඔහුගේ බිරිද පිටුපසින් ඇදුනේ තම ස්වාමියා නෙපෙන්වන දුක තම කළු පාට සාරියෙන් ලොවට විදහා දක්වමිනි. සියල්ල මැද සෑමාද ඒ දෙස බලා ඉදිරියට ඇදුනේ ඔවුන්ට පිටුපසිනි.

ඉන්පසු එතුමා ගියේ විකිරණ පරීක්ෂා සිදුකරන කාමරය තුලටය. පසු පසින් ආ පිරිස් තැන් තැන් වල වාඩි වුණහ. සෑමාද ඒ අවට වාඩි වුනේ සිදුවන්නේ කුමක්දැයි නැවත බලා ගැනීමටය. එතුමාගේ බිරිද සමග ආ මැදිවියේ තවත් කාන්තාවක් සෑමා අසල වාඩි වුණාය. ඇය සෑමා සමග සිනාසුනේ සෑමා හිතන දේ තේරුණ නිසාවත්ද ?

"දැක්කද මල්ලි කොච්චර සෙනගක් ඉන්නවද සර්ට ?" ඇය හඩ අවදි කළාය.

"අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අක්කේ, මිනිස්සු සද්ද නැතිව හිටියට ඇත්ත දන්නවා." සෑමා කීවේය.

"ඒ දවස එනකල් තමා අපිත් ඉන්නේ.." ඇය එසේ කියා නැගිට පසෙකට වුනේ රෝහලේ කාර්යය මණ්ඩලයේ අයෙක් කතා කළ නිසාය.

එතුමාට කතා කළ යුත්තේ 'සර්' කියාය.
එතුමා වෙනුවෙන් ෆේස් බුකියේ අපි කරන (pages, groups, profiles, campaigns, etc;) දේවල් කිව යුතුය.
අන්තර්ජාලය හරහා අත්සන් එක්කොට ධවල මන්දිරයට යැවූ පෙත්සමට අත්සන් කළ බව කිව යුතුය.
එතුමා වෙනුවෙන් හඩන, තැවෙන, දුක්වෙන පිරිසක් හිදින බැව් (එතුමා දන්නා වුවද) කිව යුතුය.

සෑමා එතුමා හමු වූ විට කිව යුතු දේවල් කල්පනා කලේය.

විනාඩි දහයකට පමණ පසු නැවත පරිසරය කලබලකාරී විය. ඒ සමගම එකි සැබෑ දේශප්‍රේමියා පිරිස් මැද ඉදිරියට ඇදුනේ සියල්ලන්ටම සිහනවකින් සංග්‍රහ කරමින් සහ අතට අත දෙමින් කතා කරමිනි. එතුමා හිදගෙන සිටි සෑමාව පවා නැගිටුවමින් ඉදිරියට ඇදෙන්නට විය. සෑමා නැගිටිද්දී එතුමා සෑමා දෙසට තම අත දිගු කළේය. සෑමාට තමා කියන්නට සිටි සියළුම දේ අමතක විය. 

පෙර දවසකදී සෑමා එතුමාට කතිරය ගැසුවේ අද ඔහු අල්ලාගෙන සිටින දකුණු අතිනි. පෙර දවසක රට දැය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෙකු ලෙස අවි එසවුනේ එතුමාගේ මේ සුරතිනි. ‍අද රාජ්‍ය පාලන තන්ත්‍රයේ සිටින කරුණා අම්මාන්ලා ඇටවූ බෝම්බ පහරට ලක්ව තම බඩවැල් පවා තම සිරුරට තද කරගෙන සිටියේ මේ සුරතිනි. එහෙව් අතකින් අල්ලාගෙන සිටින සෑමාගේ වචන සිර විණ. කිසිත් හිත ගත් නොහැකිව ඔහු දෙස බලා සිනාසුනේ සතුටකින්ද නොවේය. නමුත් සියළු කම්කටොළු දරාගෙන ඔහු සිනාසෙන්නේ නම් සතුටකින් නොවුනද සිනාසෙන්නට සෑමාට සිදු විය.

ඉදිරියට ඇදුන සැබෑ වීරයා ලගට ඊලගට ආවේ වයසක අම්මා කෙනෙකි. එතුමාගේ සුරත සිපගෙන කදුලු සලන්නට තරම් ඇය සංවේදී වූවාය. ඇගේ හිස අතගාමින් එතුමා ඉදිරියට ඇදුනේය. ඉදිරියේ හිදගෙන සිටියේ සිගිති දරුවෙකු ඇකයේ තබාගෙන තරුණ යුවලකි. දෙදෙනාම ඔහු දැක නැගිට සිටියහ. එතුමා ඔවුන් ලගට ගොස් තරුණ පියාට අත දි දරුවාගේ මුහුණද අත ගෑවේය. සෑමාට මතක් වූයේ දරුවන් සුරතල් කරන තවත් උතුමෙකි.

මග දිගට රැස්වෙන සියළු නෙත් තෙත් කරවමින් එතුමා පිටත්ව ගියේය.

සියළු දෙනා ඔහු වටා රැස්වූයේ, ඔහු දැක හැගුම් බර වූයේත්, දේශපාලනයෙන් තොරවය. සෑමා මෙය ලීවේ දේශපාලනයෙන් තොරවය. මිනිස් සිත් ඇති සැමටය.

සියළු දෙනා ඔහු වටා රැස්වූයේ, ඔහු දැක හැගුම් බර වූයේත්, දේශපාලනයෙන් තොරවය. 

ප/ලි - මීට පෙර සෑමා එතුමා දුටුවේ යුද්ධය නිමා වූ දිනවල එතුමා කැළණි විහාරය වන්දනා කිරීමට ආපු දිනකය. එවලේ අපි සිටියේ දහම් පාසලේ වැඩකට ගිහින්ය. එක වරම අපිට එලියට බහින්න එපා යැයි විධානය කොට සිය ගණන් ආරක්ෂක සෙබළුන් පන්සල පුරා විහිදී ගියෝය. අපි දාන ශාලාවේ සිට අමාරුවෙන් එතුමා දැක ගත්තෙමු. එදා ඔහු වීරයෙකි. දැන් සම-හරක්ට එතුමා වීරයෙක් නොවේය.

ප/ප/ලි - කිසිවෙකුට හෝ අප්සට් වගේ නම් මේ කතාව select කර, කොපි කර, මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෝ නෝට් පෑඩ් එකකට පේස්ට් කරන්න. ඉන්පසුව crtl + H (Edit > Replace) යතුරු ඔබා ලැබෙන Dialog box එකේ "Find what" යන්නෙහි "දේශප්‍රේමි" වචනය යොදා, "Replace with" යන්නෙහි "දේශ‍ද්‍රෝහී" ලෙස යොදා  Replace කර කියවන්න.

මේ දෙකත් ක්ලික් කර බලන්න..

මහරජුන් සහ ජෙනරාල් එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. !

ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා

Written by sAm_6.15pm_28.03.'12

Monday, March 26, 2012

සෑමා "කේ. ඒ. ඩබ්ලිව්. පෙරේ‍රා මහතා" සොයා ගිය ගමනක්...


මුලින්ම කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතාගේ නිර්මාණ ගැන බිදක්.....


Director


No Year Name
1 ) 1960 පිරිමියෙක් නිසා
2 ) 1963 සුහද සහෝදරයෝ
3 ) 1966 සැනසුම කොතැනද
4 ) 1966 කපටිකම
5 ) 1968 බයිසිකල් හොරා
6 ) 1971 කතුරු මුවත්
7 ) 1971 සීයේ නෝට්ටුව
8 ) 1972 ලොකුම හිනාව
9 ) 1972 ඉහත ආත්මය
10 ) 1973 අපරාධය සහ දඩුවම
11 ) 1974 ලසදා
12 ) 1974 දුලීකා
13 ) 1976 වාසනා
14 ) 1976 නෑදෑයෝ
15 ) 1978 සසර
16 ) 1978 ජනක සහ මංජු
17 ) 1979 හිගන කොල්ලා
18 ) 1980 ආදර රත්නේ
19 ) 1982 රේල් පාර
20 ) 1982 වතුර කරත්තය
21 ) 1988 දුර්ගා
22 ) 1994 දවල පුෂ්පය
23 ) 1996 මධුරී
24 ) 2000 උන්ඩය
25 ) 2004 සුමේධා

සෑමා පහ වසරේදී එනම් 1997 වසරේදී ඉගෙන ගනිමින් සිටියේ පහ වසරේය. ඒ කියන්නේ ශිෂ්‍යත්වය පාස් වෙන්නට පෙර ඉගෙන ගත් ගමේ පාසලේය. සෑමා පහ වසරේ සිටියදී කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතා 1996 වසරේදී මධුරී චිත්‍රපටය එලි දක්වා හමාරය. 1994 වසරේදී එලිදැක්වූ දවල පුෂ්පය බලන්නට ගියා සෑමාට තාම මතකය. තාත්තා, අම්මා, අක්කා සහ අයියා සමග ගිය ඒ ගමන අමතක නොවන්නේ ලිබටියේ ජුරාසික්ස් පා(ර්)ක් බලුව හැටි අමතක නැති ලෙසටමය. දවල පුෂ්පයේ තිබුනේ (මතක හැටියට) රෑමත් නර්ස් නෝනා කෙනෙකුට ආදරය කරපු සීන් එකකි. ඒකේ තිබුන "ලදක් ලදක් දුටිමි ලදක් - ආහා ලසන ලදක්" ගීතය තාමත් ඇසීමට තරම් අසා හිතේ.

සෑමා පහ වසරේ සිටියදී සෑමාගේ තාත්තා එම පාසලේම ඉගැන්වූයේ 11 වසරට ගණිතය විෂයයි. පහවසරේ විභාගයට ඉදගන්නට ඉන්න සෑමා කරන හැම දේම තම පියාට වාර්ථා වන්නේ එසැනකිනි. පහ වසරේ කල්‍යානි ටීචර් තාම සෑමාගේ ගෙදර එනවාය. ඇය තාමත් සෑමාට ආදරේ ඒ කාලේ පන්තියේ කරපු කියපු දේවල් නිසා වන්නට ඇත. 

පහ වසරේදී අපි රබර් පටි වලින් කාක්කෝ (රොකට්) විදින්නට ගත්තේ එහා පැත්තේ වත්තටය. ඒ පැත්තේ ගෙදර කිසිවෙක් අපි දුටුවේ නැත. ඇස්බැස්ටෝස් ශීට් ඇතිරූ වහලය පමණක් අපිට පෙනේ. කාක්කෝ විදින සෙල්ලම අන්තිමට තරගයක් දක්වා දිවෙන්නට විය. වැඩිම දුරක් විද්දේ අපේ සමිත්ය. පොරට දැන් කස්ටිය කතා කරන්නේ උපාලි කියාය. ඒ පොරගේ පියාගේ නමය. උපාලියා කාක්කෙක් විද්දේ එහා වත්ත කෙලවරේ ඇති කොස් ගස අසල වැටෙන්නටය. ඒ වාර්ථාව කැඩීමට දිනපතා කාක්කෝ 25ක් පමණ එහා වත්ත දෙසට විදෙන්නට විය. 

දිනක් අපේ ටීචර් තම පුටුවෙන් නැගිට විත් එහා වත්ත බැලුවාය. ඒ පැත්තේ වහලය සුදුම සුදු පාට වී තිබිණ. ඒ අපේ එවුන් කාක්කෝ විද්ද පොත් වල පිටු නිසාය. ටීචර් ඒ පැත්ත එක පාරට බැලුවේ එහා වත්තේ ඇන්ටී කලින්ම පැමිණිලි කළ තිබුණ නිසාය. එදා ටීචර් කීවේ කාක්කෝ විදින එවුන් නැගිටිනවා කියාය. රහසේම සෑමාව ගෙන්වා කට උත්තර ගත්තද සෑමා කට නොසෙල්වූ නිසාත් පන්තියටම වේවල් පාර වදිද්දී සෑමාට වැදු‍නේ දරුණු පහරකි. ඒ කිසිවෙක් පාවා නොදුන් නිසාය.

එදිනම සෑමාගේ තාත්තාට නිවුස් එක ගොස් තිබිණ. සෑමාගේ තාත්තාට ටීචර්ලා සහ ගමම කීවේ/කියන්නේ "ලාල් සර්" කියාය. ඉස්සර පොඩි පන්ති වලදී නැගිට්ටුවා අපෙන් ගුරුවරු අහන්නේ අම්මාගේ නම තාත්තාගේ නමය. පන්තියෙන්ම එකම ප්‍රශ්නය එලෙස අසාගෙන යන දිනක සෑමාවද නැගිට්ටුවා ටීචර් කෙනෙක් සෑමාගෙන් ඇසුවේ තාත්තාගේ නම කුමක්ද කියාය. කණිෂ්ඨ අංශයේ ගුරුවරියක පවා තම එකම ගුරු මණ්ඩලයේ ජේෂ්ඨ පන්ති වල උගන්වන ගුරුවරයෙකුගේ නම නොදැන සිටීම ගැන සෑම්ට පුදුම සහගත කරුණක් විය. ඒ ටීචර් සෑමාව සහ පියාව දැන සිටියාය. හැමෝගෙන්ම ඇසිය යුතු නිසා අහන්නට ඇත.

"අපේ තාත්තාගේ නම ලාල්" සෑමා නැගිට කීවේ මුලු ගමම ඔහුට කියන නමය. ටීචර් සිනා සී මට ඉද ගන්නට කීවාය. 

එදා සිට සෑමා හැම ටීචර්ටම කීවේ තාත්තාගේ නම ලාල් කියාය. අමුතුවෙන් හදුන්වන්නට දෙයක් නැත. ගමේ ඉස්කෝලේ සියල්ලෝම තාත්තාව දන්නවාය.

පහ වසරේදි දෝදු සිටියේ අපේ පන්තියේය. ගමේ ඉස්කෝලයෙන් ශිෂ්‍යත්වයෙන් පිරිස වෙන්වී වෙන ඉස්කෝලෙකට ගියත් දෝදු ආවේ සෑමාගේ පිටු පසින් එම පාසලටමය. ඒ තරමට දෝදුවා තවමත් සෑමාගේ පිටු පසින් පන්නනවාය. අපේ පහ වසරේ ටීචර් ඉස්සර පාසලේ හැම වැඩකටම මුල් තැන ගෙන කටයුතු කලාය. ගුරුවරුන්ගේ උත්සව, මරණ, ආදී සියල්ලටම කලෙක්ෂන් දැම්මේ ඒ ටීචර්මය. එසේම අපේ කැන්ටින් එකට කෑම සප්ලයි කලේත් ඒ ටීචර් මාර්ගයෙනි. සමහර රිටන් කරන ‍පොල් ටොෆී, කිරි ටොෆී සෑමාගේ ගෙදරට ආවහම සෑම්, සෑම්ගේ අක්කා සහ මහප්පාගේ දුව සෙට් වී ඒවා උස්සනවාය. ඒවායේ ටොෆී 50ක් තිබෙන නිසා ඉවර වෙන්නටම කන්නට අපිට බැරිය. ඉතින් ඉතිරිය හංගන්නේ ඇදන් යටය. එසේ හංගද්දි ආපහු එලියට අරන් කන්නට අමතක වෙනවාය. ඒවා එලියට ගන්නේ අපේ අම්මාය. එතකොට ඉදලා හමාරය.

ටීචර් කලෙක්ෂන් දාන්න ඕනෙ වුන විට කැමති දෙන්නෙක්ට එන්නට කියන්නීය. සෑමා නම් ඉස්සර ඒ වැඩේට කැමතිම නැත. ඉස්කෝලෙ පුරාම ඇවිදින එක එපා වෙන වැඩක්ය. අනික සෑමගේ තාත්තාගෙන් පවා කලෙක්ෂන් දාන්නට වීම සෑමාට අප්සට්ය. ඒත් අපේ දෝදුවා සහ අංජා හැමදාම මේ සීන් එකට පැනලා යති. ඒකට හේතුව මීටර් වුනේ සෑමාද දිනක් ඒ ගමනට ගිය නිසාය. ටීචර් ඒ වැඩේ කරන දෙන්නාට සංතෝසමක් ලෙස ඉදි ආප්ප 10ක් කැන්ද කොලයක එතු පාර්සලයක් හැමදාම දී ඇත. සෑමාත් එලෙස ගිය දවසක පාර්සලයක් ලැබුන නිසා  වැඩේ මීටර් විය. එදා අංජා නොසිටි නිසා ගමන ගියේ සෑමා දෝදු සමගය.

ගුරුවරුන් ගේ නම් ලියු කොළ දෙකක් දෝදුට සහ සෑමාට ලැබිණ. දෙදෙනාට දෙපැත්තට බෙදි යාමෙන් වැඩේ ඉක්මනට අහවර කල හැකි වෙන පරිදි ටීචර් ලිස්ට් දෙකක් සාදා තිබින. දෝදු සහ සෑමා දෙපැත්තට ගියේ වැඩේ කරගෙන නැවත පහ වසරට නගින පඩිපෙල පාමුල දී මුණ ගැසෙන චේතනාවෙනි.

ඉස්කෝලෙ පුරාම කරක් ගැසූ අපි නැවත එකම තැනකට සෙට් වීමු.

"මචං වැඩේ ගොඩ නේද ? " ඇසුවේ දෝදුය.

"මාර සීන් එක බං එක සර් කෙනෙක් නැහැනේ" කීවේ සෑමාය.

"එහෙනම් ඇවිත් නැද්ද දන්නේ නැහැ. මොකක්ද බං නම" දෝදු ඇසුවේය.

"කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා.... බං" සෑමා කීවේය.

"වරෙන් යන්න මම දැක්ක සර් පන්තියක උගන්නනවා." ‍‍දෝදු සිනාසෙමින් සෑමා‍ව ඇදගෙන ගියේය.

11 වසර පන්තියක් අසලට ගිය දෝදු සෑමාගේ කොළය උදුරාගෙන ගොස් සර්ට දිගු කලේය. එහි සිටියේ "ලාල් සර්" ය. එනම් සෑමාගේ පියාය. දෝදු එනතුරු සෑමා එලියට වී සිටියේය.

"අඩේ අපේ තාත්තද බං කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා" සෑමාගේ ඇස් උඩ ගොස්ය.

"නැතුව යකෝ උබ තාත්තගේ නම දන්නෙ නැති පුතෙක් නේ.." දෝදු කී දෙයින් සෑමාගේ මූණ රතු විය.

"ඇයි බං ගමේ හැම එකාම කියන්නේ ලාල් සර් කියල. අනික ඉස්කෝලෙත් කියන්නේ එහෙම. මම අදයි බං දන්නේ..."

****

සෑමා කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතා සොයා ගියේ එලෙසය. එදා දෝදු නොසිටියේ නම් විනාසය.

පලි - ගමේ හැමෝම අපේ තාත්තාට පොඩි කාලේ සිට කියා ඇත්තේ ලාල් කියාය. ගුරුවරයෙකු වූ පසුව එය ලාල් සර් කියා වෙනස් වී ඇත. එසේම අපේ මහප්පාට (තාත්තාගේ අයියාට) කියා ඇත්තේ 'සීබට්' කියාය. ඔහු රජයේ මුද්‍රණාලයේ හිටපු සහකාර මුද්‍රණාලාධිපතිය. වෙලාවට සෑමා එහේ සිටියේ නැත.

Written by sAm_7.05pm_25.03.'12

Saturday, March 24, 2012

ඉස්කෝලෙ උගන්නපුවා සම්පූර්ණ වැරදි(ද?)...


බාධක මැද ඉදිරියට යා යාතුය.

අපි ඉස්කෝලෙ යන කාලයේ ටීචර්ලා කීවේ බාධක මැද ඉදිරියට යායුතුය කියාය. ජීවිතයේ හමුවන සෑම කඩ ඉමක්ම මැඩගෙන ඉදිරියටම යායුතුය කියාය. ඒ නිසාම අපි වැස්සේ පවා ඉස්කෝලේ ගියෙමු. බස් ස්ට්‍රයික් තිබුනද වෙලාව පහුවෙලා හෝ ඉස්කෝලේ ගියෙමු. ඒ ලෙවල් කාලයේ මැත්ස් සෙක්ෂන් එකට පන්ති තහනමක් තිබුණා සෑමාට තවමත් මතකය. එහෙව් කාලයක පවා, අපට පාසල තහනම් වී තිබියදි අපේ පන්තියම ඉස්කෝලේ ගියේ බාධක මැඩගෙන ඉදිරියට යායුතුයි කියා ඉස්කෝලෙදීම අපට උගන්වා තිබුන නිසාය. 

ඒ පාසල් අවධියයි. නමුත් එකී උපදෙස් අපට තවමත් මතකය. එදා සෑමා ඔපීසියේ සිට ගෙදර බලා ගමන් කරමින් සිටියේය. කැළණිය පොලිසිය අසල සිට කැළණි ප්‍රධාන බස් නැවතුම දක්වා දිවෙන මාර්ගයේ මැද හරියේ පාර දෙකට බෙදා තිබෙන්නේ කඩ ඉරි වලිනි. ප්‍රධාන බස් නැවතුම දෙසට හැරෙන වංගුව ඇත්තේ තනි සුදු ඉරෙනි. කඩ ඉර කැපීම වරදක් නොවන නිසා සෑමා කඩ ඉරි කපාගෙන සියළු රථවාහන බාධක මධ්‍යයේ ඉදිරියට අදුනේය. වංගුව අසල සිටි පොලිස් මාමා නිසාත්, තනි සුදු ඉර නිසාත් නැවත නිවැරදි මංතීරුව අනුගමනය කරමින් ඉදිරි‍යට ගියේ බාධක සමගය. ප්‍රධාන බස් නැවතුම අසලට ලංවත්ම තවත් පොලිස් මාමා කෙනෙක් වෝකි ටෝකිය අතේ තබා සෑමාට අත වැනුවේය. සෑමා නැවතුනේය.

"ලයිසන් එක දෙන්න..."

"ඇයි ඒ ?"

"ඉස්සරහ තිබ්බ සුදු ඉර කපලා ඉස්සර කරලා තියෙනවා" පොලිස් මාමා කීවේය.

"ඔයා මෙතන ඉදන් කොහොමද කියන්නේ ?" සෑමා ඇසුවේය.

"මට ‍මැසේජ් එකක් ආවා."

පොතේ හැටියට තනි පොලිස් මාමා කෙනෙකුට දඩ කොලයක් ලිවිය නොහැක්කේය. අවම වශයෙන් දෙදෙනෙකු සිටිය යුතුය. ඒත් සෑමාට නීතිය කතාකරන්නට නොහැකි වූයේ අවම නිලධාරීන‍් දෙදෙනෙකු නොමැති වුවත් මැසේජ් එකක් මගින් ඔත්තුවක් ලැබුනොත් තනි අයෙකුට වුවද දඩයක් ලිවිය හැකි බලතලයක් ගැන සෑමා නොදත් නිසාය. සෑමා ලයසන් එක දික්කලේය.

"මල්ලී මම උසාවි දාන්නේ නැහැ. ඉර කපපු එකට විතරක් දඩය ලියන්නම්." ඔහු පව්ය. සෑමාට දුක සිතින. හරි හොද පොලිස් මාමා කෙනෙකි. 

දඩ කොළය අතට ගෙන බැලු සෑමා වරද ලෙස දුටුවේ "බාධක මැද ඉදිරියට යාම" කියාය. "එතකොට සුදු ඉර ගැන නැහනේ". සෑමා තමාටම කියා ගත්තේය.

ඒ කියන්නේ අපිට ඉස්කෝලෙ උගන්නලා තියෙන්නේ බොරුය. බාධක මැඩගෙන ඉදිරියට යාම නීත්‍යානුකූල නැත. 550ක් දඩ කෑ හැකි වරදකි.

වැඩි ලකුණු ගත්තොත් ෆේල්


ඉස්සර විභාගයක ලකුණු මදි වුණාම ටීචර් කරන්නේ ගෙදරින් කස්ටිය එක්කගෙන එන්න කීමය. එහෙමත් නැත්නම් ටීචර් කරන්නේ පන්ති කවයෙදී ලකුණු අඩු දරුවන්ගේ රෙදි ගැලවීමය. විටෙක දෙමව්පියන්ගේද රෙදි ගලවන්නේමය.


සෑමා ගමේ ඉස්කෝලයට යද්දී නම් පන්තිකවයට කිසිවෙකු ආවේ නැත. එන්න කියා කීවේත් නැත. සෑමාගේ තාත්තාට දිනපතා සෑමා ගැන අප්ඩේට් එකක ලැබෙන නිසා එසේ කරන්නට අවශ්‍ය වන්නට නැත. ඒ සෑමාගේ තාත්තා ගමේ පාසලේම ගණිත ගුරුවරයෙකු වූ නිසාය. පහ වසරේ ශිෂ්‍යත්වය පාස් වී වෙන ඉස්කෝලෙකට මාරු වෙන තුරුම සෑමා මේ කරදරයට මුහුණ දුන්නේය. වැරදි නැති වුනත් පන්තියේ කියපු විහිලු කතන්දර පවා අපේ තාත්තාගේ කනේ තියන්නේ ටීචර්ලාය. දවසක් පහවසරේදී අපේ කොල්ලෙක්ට "මල පැනලා" කියලා මම ටීචර්ට කීවෙමි. ඒ දවස්වල මල පැනලා කියන එක පවා කුණු හරපයක් වගේ සංකල්පයක් තිබිණ. සෑමා ගෙදර ආ සැටියේ තාත්තා ඇහුවේ අද කාටද මල පැන්නේ කියාය.


ඒ ලෙවල් කරන කාලේ වයලා ගුරුතුමී සෑමා ඇතුලු තව පහක් (සෑමා, අප්පුවා, චරියා, කලර්ස්, කස්සා, සහ මාකා) වෙනමම ගත්තේ දෙමාපිය රැස්වීමකදී අපේ වැරදි කියන්නටය. වැරදි වූයේ අහක යන ඒවාය. මාකා ටීචර්ට වයලා (ටීචර් ගේ නම වයලට්ය.) කියා අසු වී තිබිණ. අප්පුවා ඩෙස් එක උපයෝගී කොට ඩ්‍රම් ගැසීමේ වැරදි කරුවෙක්ය. ගීත ගායනය, කෑගැසීම් අදී වැරදි ඒ අතර විය. සෑමා එක්කගෙන ගියේ තාත්තාවය. අනිත් එවුන් ද තම දෙමාපියන් එක්කරගෙන එද්දී කලර්ස් (colors) ආවේ ආච්චී සමගය. කලර්ස් ගෙදරදීම ආච්චීට කියා ඇත්තේ කෙමෙස්ට්‍රි ටීචර්ට ටිකක් අප්සට් කියාය. කියන කිසිවක් ගණන් නොගෙන සිටින ලෙස පවා ආච්චීට උගන්වා තිබිණ.

"මම මෙයාලට කියන්නේ හයේ කල්ලිය කියලා" ටීචර් අපි හය දෙනාගේ දෙමාපියන් ඉදිරියේ රැස්වීම ඇරඹීය. කලර්ස්ගේ ආච්චී සිනා මුහුණින් බලා සිටියේ ටීචර්ට පිස්සු කියා කලර්ස් ගෙදරදීම උගන්වා තිබුණ නිසාය.

"මේ ඉන්නේ $$%, මෙයාට පන්තියේ ලමයි කියන්නේ මාකා කියලා" ටීචර් මාකාට ඇගිල්ල දිගු කොට වැරදි කියන්නට වූ‍වාය.

"මෙයා ගුරුවරයෙක් වෙච්ච මට කතා කරන්නේ වයලා කියලා. මේ මගේ කන් දෙකටම ඇහිල තියෙනවා." ටීචර් එකිනෙකාට ඇගිල්ල දික් කරමින් වෙන වෙනම වැරදි කියන්නට වූවාය. සියල් මැදහත් සිතින් බලාගෙන කලර්ස්ගේ ආච්චී සි‍නාසුනේ ටීචර් ගැන මුණුපුරා කියා තිබූ දේවල් නිසාය.

"මෙයාගෙ වැඩේ පිටි පස්සෙ ඉන්න එක්කෙනා එක්ක කතාව." ටීචර් සෑමාට අත දිගු කර කියද්දී සෑමා තම පියාගේ මුහුණ බැලුවේය. වසලා හමාර බවක් සෑමාට සිතින.

"ඉතිං ටීචර් මෙයාව පිටි පස්සේ ලමයා ලගට දාන්න" සෑමාගේ තාත්තා ගුරුවරයෙකු වශයෙන් ගැලපෙන උපදෙසක් ටීචර්ට දුන්නේය. ටීචර් ඊට වඩා වරදක් සෑමාට කීවේ නැත.

එහෙව් සියළු ගුරුවරු පොඩි කාලේ සිට අපට කියා දුන්නේ වැඩි පුර ලකුණු ගන්න කියාය. උපරිමය 100%ක්ය. ලකුණු අඩු වූ විට බනින්නේය. ඒත් දැන් මාර්ග නීති කැඩුවොත් අපිට ලකුණු ලැබෙන්නේය. එහි උපරිම ගත්තොත් ෆේල්ය. අඩුවෙන් ගත්තොත් පාස්ය.

ඒ කාලේ අපිට ඉස්කෝලේ උගන්වා ඇත්තේ බොරුය. වැඩිපුර ලකුණු ගන්න කියා ගුරුවරු අපිට පහරදී දඩුවම් කර ඇත්තේ බොරුවටය. වැඩි ලකුණු ගත්තොත් ෆේල්ය. ලකුණු වැඩියෙන් ගැනීම රියදුරු බලපත පවා වසරකින් අහෝසි වීමට හේතුවේ.

කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න


එහා පැත්තේ ඉන්න එකාට පැන්සලකින් පෑනකින් ඇන්නොත් ටීචර් කියන්නේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව හිටපං කියාය. අපි අට ව‍සරේ ඉන්න කාලේ අපේ බොකා එහා පැත්තේ සිටි "ටෝචාට" ඇන්නේ කව කට්ටකිනි. එවිට අපිට උගන්නමින් සිටියේ පාසලට අලුතෙන් ආපු සර් කෙනෙකි. ඒ සර් පන්තියේ අපිට බනින්නේ ගහන්නේ නැති තරමට හොදය. බොකා කවකට්ටෙන් ඇනපු පාරට ටෝචා උඩ ගිහින් කෑගසාගෙන බිම වැටින. සර් ටෝචාගේ මුහුන බැලීය.

"බලන්න සර් මූ මට ඉදිකට්ටකින් ඇන්නා..." ටෝචා කීවේය.

"මුගෙ බො‍රු සර්, ඉදිකට්ටකින් නෙවේ ඇන්නේ කවකට්ටකින්..." කවකට්ට ඉහලට ඔසවමින් කීවේ බොකාය. එදා ඒ සර් කාටවත් බැන්නේ ගැසුවේ නැත. කීවේ කාටවත් කරදරයක් නැතිව ඉන්න කියාය.

තවත් දවසක් අපේ මනා (DJ manoj) 11 වසරේදී අපේ පුටු පේලියේ හිදගෙන සිටියදී ඉස්සරහ පුටුවේ සිටි‍යේ අපේ වින්දනයාය (පොර දැන් එයාර් ෆෝස්ය). ඉස්කෝලේ යද්දී අපි ඉදගන්නේ බෑග් එක පුටුව මත තබා බෑග් එකේ පටි දෙක පුටුව හරහා දැමීමෙන් අනතුරුවය. අපේ මනා පාඩම අසා සිටින අතරතුරදී තම පෑනෙන් වින්දනයාගේ බෑග් පටියේ කුරුටු ගාමින් සිටියේය. අපි ගණන් ගත්තේ නැත. ටීචර් පාඩම අහවර කර ආයුබොවන් කීමට නැගිටින විට පන්තියම නැගිටිද්දී වින්දනයා පිටිපස්ස බලා කෑගැසුවේ ටීචර්ටය.

"ටීචර් බලන්න කවුද මගේ බෑග් එකේ මොනවද ලියලා..."

පන්තියේම අවධානට ඒ දෙසට යොමු වෙද්දී ටීචර් දිව ආවේ අපේ වින්දනයා ලගටය. ටීචර් පටිය ඇද බැලුවේය. එහි තඩි අකුරෙන් ලියා තිබුනේ "පු - ක" කියාය. ටීචර් වට පිට බලද්දී මානා අතේ තිබ්බ පෑන සමග මාට්ටු විය.

ටීචර් මනාට හොදටම දෙස් දෙවුල් තබා අන්තිමට කීවේ "ලමයෝ කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න ඉගෙන ගන්නවා" කියාය. මානාට එදා වින්දනයාගේ බෑග් එක ගෙදර ගෙනියන්නට ලැබුනේ "පු" සහ "ක" මැකෙන ලෙස සෝදාගෙන එන්නට අණ දීමෙන් අනතුරුවය.

ඉස්සර සිට අපිට කීවේ කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න කියාය. එසේ තිබියදී කාටවත් කරදරයක් නැතිව කොළඹ මාර්ගයක පැත්තකින් ගමන් කර බැලිය යුතුය. පිටු පසින් එන වාහන පෝලිමේ ඇවිත් හෝන් ගගහා ඉස්සර කර යන්නේ කාටවත් කරදරයක් නැතිව පාඩුවේ ගමන් කිරීම නිසාය.

කාටවත් කරදරයක් නැතිව පාරේ යාමෙන් තමාට කරදර වන අවස්ථා නැත්තේ නොවේමය.

Written by sAm_1.15pm_23.03.'12

Thursday, March 22, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (3 කොටස)


මෙතෙක් කතාව... 

ලසදා ගමට පැමිණි පැණි බීම කරත්තකාරයා සමග තම නිවසට සහ ගමට පිටු පා යද්දී සිරිමෙවන් කිසිත් නොකර බලා සිටී. ලසදා සමග ගෙවූ වෙහෙසකර පළමු සහ එකම රැය සිහි ගන්වමින්, පිළිකුල් කරමින් සිටින සිරිමෙවන් මහ වනය මැද දී නැවතත් වැලහින්නකගේ තාඩන පීඩනවලට හසුවන්නේ ලසදාගේ පළමු රැයට වඩා තම දිවිය කිලිටි කරවමිනි. සියල්ල විද දරා පොල්කට්ටෙන් බිංකුන්ඩන් වසන්නාක් මෙන් හබරල කොළයකින් "නැට්ට" වසාගෙන සිරිමෙවන් නැවත ගෙදරට එන්නේය. එසේ පැමිණ රාත්‍රියේ ඇස් පියා ගන්නට වත්ම දොරට තඩි බා නිවසට ඇතුල් වන්නේ වැලහින්නමය. තම පොඩි පුතු පවා කරුවලේම වැලහින්න අතින් ඇදගෙන ගෙට එන්නේ තම මෑණියන් කියා රැවටීමෙන්ය. වැලහින්න හදුනාගත් පුතු පියා ලගට පනිද්දි වැලහින්න පැදුරක් එලාගෙන නිවසේ බිම වැතිර ගනී.

සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස) මෙතනින් කියවන්න.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (2 කොටස) මෙතනින් කියවන්න. 

කහබිලියා පදුරක් පසෙක තිබියදි කැලැ සතෙකුවත් ඒ ලගින් නිදා ගන්නේ නැත්තේමය. තම නිවස මැද්දේම තඩි වැලහින්නක් දපනේ දමා පැදුරක් එලා නිදා සිටින විට නැවැස්සෝ නිදා ගන්නේ කෙසේද? ලසදා සමග පවා එක පැදුරේ නිදා ගත්තේද එකම දිනයකි. එදිනට පසු සිරිමෙවන් අද වැලහින්නක සමග නිවසේ නිදන්නේ කෙසේද? තම දෑතින්ම එලා ගත් පැදුරේ සිට වැලහින්න දෙනෙත් අයා සිරිමෙවන් දෙස බලා සිටින්නීය. පොඩි පුතුට නම් තම මව් සෙනෙහස දැනුනු කලෙක මෙන් වැලහින්න දෙස බලා සිටින්නේ බිය නිවුනු සිතිනි. සිරිමෙවන් ලසදා සමග තිබි කෝන්තරය සිහිගන්වමින් වැලහින්න දෙස බලා සිටින්නේ තරමක කෝපයෙනි. නමුත් දැමුණු සිතිනි.

"ඕක ‍ඔහෙ හිටපුවාවේ. උඹ මා ලගින් මේ පැදුරේ නිදාගනින් කොලුවෝ.." ඉතිරි ඉරුණු පැදුරු කැබැල්ල එළමින් සිරිමෙවන් පුතුට කීවේය. හිස සලා පුතුද වැතිරුනේ බිය පහව ගොස් ඇති නිසාවෙනි. ගෙදර හුරතලයට හැදුන කැළෑ කුකුල් තඩියා පුතුගේ කුඩා කළ මතකය අවදි කලේය. වත්ත පුරා බෙටි දමමින් කරදර කලත් ඌ සිටියේ පොඩි එකා සමගමය. 

හිටි හැටියේ කුකුල් තඩියා අස්ථාන ගතවු විට තම පියා කීවේ ඌව උගුඩු‍වෝ කෑවා කියා බව පුංචි මතකයේ සටහන්ය. එහෙත් පැණි බීම කාරයා සමග හාදකම දුර දිග යත්ම තම මවගේ කටින් පිටවුණු වදන පුතුට අමතක නැත්තේමය. 

"උබ උපාසකය වෙලා මාත් එක්ක නිදා ගත්තෙ නැතිවට මොකෝ ඕන තරම් එකාල ඉන්නව මාව ගන්න බලාගෙන. එහෙව් එකෙක් හයි හත්තිය එන්න කුකුලෙක් ගිල්ලම මොකෝ..."

පුතුගේ මොලකැටියට තේරුනේ අවසන් වචන කීපය පමණක් මුත් මතු දාක සියල්ල වැ‍ටහෙනු සහතිකය.

එහෙව් නැතිවූ කුකුල් තඩියා වෙනුවට තමාට අද තෑග්ගක් නිවැසටම ගෙනවිත් ඇත්තේ තම පියා බව පුතුගේ යටි හිත කියන්නේය. මව් සෙනේ නැති හෙතෙම අදුරේ අත පත ගා තම මව් යැයි වැලහින්නකට රැවටුනේ නොහැගෙන සෙනෙහසක් නිසාමද? වැසි දිනට නිවස මැද්දෙන් රෑටා වැටෙන වැහි බිදු සීරාව සේ සිතුවිලි සියල්ල එකිනෙක පුතුගේ සිත දෝරෙ ගලා යද්දී සිරිමෙවන්ද වැලහින්නට තම පුතු ලගට එන්නට නොහැකි වනසේ පුතු සහ වැලහින්න අතරේ වැතිර ගත්තේය.

"ගර්..."

සිරිමෙවන් හිස ඔසවා බැලුවේ වැලහින්න දෙසය. මැටි උරච්චි කරපු නිවසේ ඉරි තලන්නට දෙයක් නැත. එකම බිය තම පුතුය. වැලහින්න තමා කෙරේ ඇති ලොබ නිසා පුතුට කුමක් කරාවිද යන බිය සිරිමෙවන් සිත වෙලා ගත්තේය. එහෙව් සිරිමෙවන් නින්ද නොනින්ද අතර කල්පනාවක පැටලී සිටින්නේ ඉදිරිය අපැහැදිලි නිසාමය. පුතු නම් පසෙක නින්දේය. මව්ගෙන් නොලැබි සෙනෙහෙක ඇරඹුමක් සිත තෙරපද්දි පුතුගේ නින්ද අරුමයක් නොවන්නේමය. සිරිමෙවන්ට නම් මෙය පොලෝ මට්ටමෙන් වලකට වැටීමක් බදුය. අදුරේ දල්වා ගත් හුලුඅත්ත අත දවාලමින් ගිණි ගන්නා බවක් සිරිමෙවන්ට හැගේ. අදුර නිසා හුලු අත්ත නිවිය නොහැක්කේමය. තම පුතු අදුර පරයා ලබන ආලෝකය හා උණුසුම දුටු කල්හි තම අත දැවෙද්දී පවා හුලු අත්ත උස් කොට අල්ලා සිටිනු විනා පැත්තක විසි කර දැමිය නොහැක්කේමය.

මැදින් වැතිර වරෙක වැලහින්න දෙසත්, වරෙක පුතු දෙසත් නෙත් යොමමින් සිටින සිරිමෙවන් දහවල විදි පීඩනය සහ තෙහෙට්ටුව නිසාම දෙපස බලන අතර මැදකදී දෙනෙත් පියා ගත්තේය. ලසදා සමග ගෙවූ පළමු හා එකම රැයෙන් පසු ලසදා නිවසින් පිට වෙනතුරුම සිරිමෙවන් අමුඩයට සමුදුන්නේය. නමුදු ලසදා ගිය දා සිට අමුඩයෙන් තම ගත වෙලා ගත්තේ සිතට ලද නිදහස ගතටත් දැනෙන්නට හරින්නටය. 

නෙතු සයක් පියවි බිම වැතිර සිටින අදුරු රැයෙක නෙත් දෙක් පමණක් හදිසියේ අවදි ‍වන්නේ දහවල මහ වනයක් මැද ලද අමුතු රසයක් සෙවීමටය. ඇරුණු නෙතින් වැලහින්න බඩ ගෑවේ සිරිමෙවන් ලගටය. ලසදා තමා හැර ගිය පසු දින සිට ‍වෙලාගත් අමුඩය සුපුරුදු පරිදි සිරිමෙවන් හැද සිටියදී වැලහින්න දෙපා අතරින් එබී බලන්නීය. රා කට්ටක් ගසා වැටී සිටින බේබද්දෙකුට බලු තඩියෙක් තම දෙපා අතර නිදා ගන්නට යද්දි ඇහෙරෙන්නාක් සේම ඉහලට එසවුනු අමුඩ ලේන්සුව අතරින් වැලහින්නගේ ලෝම ගෑවෙද්දී සිරිමෙවන්ගේද දෙනෙත් හැරින. වරක් ගගට පැනපු එකා ගගේ තරම දන්නේමය. දහවල ගගේ පැනපු එකාට එදිනම රැයේ ගගේ පැන්නද ඒ තරම්ම වෙනසක් නැත්තේමය. සිරිමෙවන් දහවල මෙන්ම කළබල නොකර සිටියේය.

තම දෙපා ඈත් වෙයි. තම ගමේ දී දුටු එකම බයිස්කෝප් එකේ වේදිකාවේ තිරය මෙන් තම අමුඩය මෑත් වෙයි. වැලහින්න ඒ අතර ඇතිල්ලෙයි. ලසදා ගෙන් නොලද අමුතු සුවයක් තම සිත වෙලා ගත් බව සිරිමෙවන්ට හැගෙන්නේ දෙනෙත් පියා විද දරා ගත් නිසා විය හැක. වැලහින්න හිදගෙන සිටී සිරිමෙවන් වැතිර පිදුරු වහලය දෙස බලයි. වරෙක තම පුතු දෙස ද තවත් වරෙක දෙනෙත් පියාගෙනද සිටී. වැලහින්න අවසානයක් නොමැතිව කැළෑව පුරා දිව උඩ පනිමින් දිව යන හා පැටවෙකු මෙන් එක තැනම සිට උඩ පනින්නීය. 

සිරිමෙවන්ට නම් සිතා ගන්නට බැරිය. ලසදා තමාගෙන් බලෙන් ලද උණුසුම එක වරකි, එක රැයකි. එහි ඵලය පසෙක නිදන පුතුය. එදායින් පසු ලසදාට වුවමනා වුවත් සිරිමෙවන් නම් පැත්ත නොබැලුවේය. එහෙත් එකම දිනක දහවලක හා රැයෙක තමා වැලහින්නක සමගය. වැලහින්න තමා සමගමය. ලසදා ගෙන් ලද උණුසුම අවමානයක් ලෙස හැගුණු සිරිමෙවන් අද වැලහින්නක සමගය. එය තමාට හුරු බවක් හැගෙන්නේමය. තම සිත නම් තිරිසන්මය. සිරිමෙවන්ට වරෙක හැගේ. කුඩා කල සිට මහ වනය තම නිවෙසම විය. කැලෑ සතුන් තම නෑදෑයින් බදු විය. තමා මී පැණි කඩන්නට වනයට රිංගන්නට වූයේ  ඉස්කෝලෙ යා යුතු වයසේ පොඩි එවුන් දඩයම් කරමින් ගමට ආ ගුරුතුමෙක් නිසාමය. එහෙව් කැළයට අසීමිත නෑකම් ඇති සිරිමෙවන්ට මෙවන් දෙයක් සිතා ගන්නට බැරි තරම්ය. එසේම පුතු කෙරේ වැලහින්න බැදි සෙනේ තම සිත අවදි කරවන්නට විය. තම නිවුන හැගීම්ද අවුස්සන්නට වු බව සැබෑමය.

සියළු සිතුවිලි මැද සිරිමෙවන් සිරව සිටියදී, තම දෙපා අතර සිරව සිටි වැලහින්න ඉන් මිදී නැගිට ගත්තාය. හැරී බැලුවේ සිරිමෙවන් දෙසය. පෙර දිනක ලසදා සියල්ල අහවර කර සිරිමෙවන් දෙස බැලූ කළ ‍සිරිමෙවන් ගේ ඇස් වෙනතක බැලුවේ විලි ලැජ්ජාව නිසාමය. වැලහින්න තමා දෙස නෙත් යොමන කළ සිරිමෙවන් බැලුවේ වැලහින්නගේ ඇස් දෙස එක එල්ලයේමය. සිරිමෙවන්ට සිතා ගන්නට නොහැක. වැලහින්න පසෙකට වී නැවතත් වැතිර ගත්තීය. සිරිමෙවන් පුතු දෙස හැරී දෙනෙත් පියා ගත්තේය.

කවුලුවෙන් හිරු එබි බලද්දි සිරිමෙවන්ට රැයේ නොපිපි ලැජ්ජාව නැවත පිපෙන්නට විය. හිරු එළිය වැටී මුහුණ උනුසුම් වෙද්දි දෙනෙත් හැර සිරිමෙවන් බැලුවේ තම පුතු දෙසය. පුතු පෙනෙන්නට නැත. සිරිමෙවන් තැති ගත්තේය. තමා සිතුවා නිවැරදිය. නිවසට හදිසියේ ආ වැලහින්න නම් තිරිසන්මය. තම පුතු ඩැහැගෙන ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. සිරිමෙවන් නැගිට හිදගත්තේ පැදුර මතමය. හැරී බැලුවේ වැලහින්න සිටි පැත්තය.

සිරිමෙවන්ට තම ඇස් අදහා ගන්නට බැරි විය. පුතු හිස තබා නිදා සිටියේ වැලහින්නගේ දිගු කළ අතක් මතය. වැලහින්නට තුරුලුව නිදා සිටින්නේ තම පුතුය. වැලහින්න තම අතක් දිගු කොට වැලමිට මත පුතුගේ හිස තබා ඇත. අනිත් අතින් පුතුව සිරුරට තද කොට සිටින්නේ වැලහින්නමය. ලසදා කවදාවත් මෙලෙස පුතු සමග හිද නැත්තේමය. සිරිමෙවන් පසෙකටව බලා සිටියේය.

"කොල්ලෝ.. නැගිටපං.. දැන් උදේ වෙලා..." පුතු නැගිටවන්නට හිත නැති මුත් සිරිමෙවන් හඩ අවදි කළේය.

....මතු සබැදි....

Written bY sAm_6.30pm_22.03.'12

Tuesday, March 20, 2012

කෙල්ලෝ කටේ තියන් උරන කැත...




‍සියුම් සියුමැලි දෙතොලෙ සිරවී
සෙමින් උරනා අපූරුව නුඹ


මටත් කලියෙන් තබා දෙතොලග
උරන අරුමය උඩගු විලසින


දරා ගන්නට නොහැකි මා සිත
තදින් මිරිකා ගත්ත නුඹ අත


සිතා ගන්නට නොහැකි මොහොතක
ගලා ආවේ රසැති දියරය


ඇයත් සමගම තනිවු මොහොතක
ඇයට හදිසිය උරන්නට එය


පෙරදි දිනයක කටේ තැබු නුඹ
උඩගු වී අද තෙමයි තොල අග


කටට ගත් විට සිසිල දැනුනද
මටත් වෙහෙසක් වගේ දැනුනද


තබන්නට බැහැ පැත්තකින් අද
වටින හින්දම අවසන්ම බිංදුව


*
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
*




සෞඛ්‍ය රැක ගන්න - හැකිතාක් දියර පානය කරන්න

Written bY sAm_9.35pm_17.03.'12


ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ...

උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...

කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...

Sunday, March 18, 2012

පංචායුධ මාමාට ලියමි.. (මව්බිම බේරා ගැනීම සම්බන්ධවයි - පොඩි සෑමාගේ ලියුම 8)


මේ දවස්වල පොඩි සෑමා ගෙදර ඉන්නවාට වඩා ඉන්නේ පෝස්ට් ඔපීසියේය. හැමදාම පෝස්ටු ඔපීසියට දුවන්නේ මුද්දර මිලට ගැනීමටය. ඒ තරමට පොඩි සෑමාට ලියුම් ලියන්නට වෙලාය. පෝස්ටු ඔපීසියේ අක්කා කීවේ පොඩි සැමාට ඇගේ ඇසිස්ටන්ට් තනතුරක් හෝ දෙනවා කියාය. ඒ පොඩි සෑමා කොයි වෙලාවෙත් පෝස්ටු ඔපීසියේ සිටින නිසාමය.

ඒ මොන කතන්දර කීවත් මට භුමිතෙල් වලට වඩා වටින්නේ මව්බිම බැවින් පංජාගුද, පචායුධ පංචායුධ මාමාට මෙවර ලිපිය පොඩි සෑමාගෙනි.

පංචායුධ මාමේ...

හැමෝම මට කියන්නේ පොඩි සෑමා කියාය. ලගදී මලින්ද මාමාටත් පෝස්ටුවක් ලියූ නිසා එය ඔබ දකින්නට ඇති. එතුමා හැමදේම ඔබට පෙන්නන බව සුවර්ය. ඒ නිසා ඔබ මා හදුනනවා ඇත. මම ගිය සතියේ තාත්තා සමග කොළඹ යද්දි දැක්කේ දඩාර කට-අවුට් එකකි. එහි තිබ්බේ "මවුබිමද - භුමිතෙල්ද" කියාය. මේ දෙක අතර සම්බන්ධයක් මගේ පුංචි මොල කැටියට නෙතේරුන නිසාම ඔබට ලියන්නට ඉටාගත්තෙමි. මේ ලියුම පාර්සල් කර එවන්නේද අපේ ගෙදර හැදූ ලියුම් කවරයකිනි. එනම් ඇමරිකාවේ එකක් නොවේමය.

ඔබතුමා රට වෙනුවෙන් වේදිකා නාට්‍යය පෙන්නු වීරයෙක් බව කීවේ අපේ අල්ලපු ගෙදර මාමාය. එතුමා ඔබට වැඩ කළ අයෙකි. ඒ නාට්‍යය අපි බැලුවේ ටීවී එකේ නිවුස් වලිනි. ඔබතුමා දින ගණන් නිදාගෙන සිටියේ වේදිකාවක් මතය. පොඩි සෑමාට මතක විදිහට bank in moon (බැනිකී මූන්) ලෙස විජාතික බලවේග මගින් හදේ බැංකු ඇති කිරීමට ගත් අදහසට විරුධව ඔබ එදා ක්‍රියා කලාය. එම වේදිකා නාටකයේද ඔබ ප්‍රධාන චරිතයක් හැදෑරුවාය. දින ගණන් නිදාගෙන සිට නැගිට ගන්නට බැරිව සිටියදී මලින්ද මාමා ගේ සෙනෙහේ දිය පොදින් ඔබ නින්ද අතර මග නතර කොට නැගිට පන නල ලැබුවේය. එදා පොඩි සෑමා සිතුවේ මූන් මාමලාට එරෙහිව ඔබ ‍මියෙන තුරු නිදා සිටී කියාය. ඒත් අපේ රටේ / මවුබිමේ වාසනාවට ජිනීවා වේදිකා නාටකයේ පවා ප්‍රධාන චරිතය රගපෑමට ඔබ ඉතිරි වුවාය. එද ඔබ මලා නම් අද මෙහෙම වෙන්නේ නැතිය.

ඔබ පංචායුධය එල්ලා ගත්තේ වසර කිහිපයකට පෙර තැබු මැතිවරණයකදීය. එහෙත් පොඩි සෑමා එය ගැලෙව්වේ  මොට්ට-සෝරි යන්නට පෙර දිනයේය. ඔබ එය එල්ලාගත්තේ පාර්ලි-මෙන්ට් යන්නට පෙර දිනයේය. එහි නම් වැඩි වෙනසක් නැත්තේමය. පොඩි සෑමා මොට්ට-සෝරි යන්න පෙර කළ කී දෑ සියල්ල දැන් ඔබ වංචායුධය එල්ලාගෙන පාර්ලි-මෙන්ට් එකේ සිට කරනවාය. එහෙත් සියල්ල කරන්නේ මවුබිම වෙනුවෙනි. පොඩි සෑමා ඉස්සර පංචායුධය එල්ලාගෙන කලේ බිම පෙරලීගෙන බඩගාන එකය. ඒ අතින් ඔබ වීරයෙකි. එනිසා ඔබ කියන කරන දෑට විසිල්, අත්පුඩි ෂුවර්ය. 

ඒ අතින් බලන කල ෆොන්සේකා මමා කරපු දෙයක් නැත්තේය. ෆොන්සේකා මාමා ත්‍රස්තවාදීන් මැරුවා පමණි නමුත් ඔබ විජාතික බලවේග වලට එදිරිව දින කිහිපයක් වැටී නිදාගෙන සිටි එකම ඇතිය. ඉතිරි වූ කරුණා මාමා සමග එකට කකා බිබී ඔබ විජාතික බලවේග සමග සටන් කිරීම අතිමහත් සේවයකි. අපි සදාතනිකව ඔබට සපෝට් ඒ නිසාමය.

ඔබේ වදනින් පොඩි සෑමා මව්බිමට ගැති කොලු පැටියෙක් වූයේ ආශ්චර්ය්‍යයකිනි. සැබවින්ම පොඩි සෑමා ඔබට ණය ගැතිය. පොඩි සෑමාගේ ජී-මේල් එක ඩිඇක්ටිව් (සිංහලෙන් නම් විනා‍සකර) දැන් පොඩි සෑමා භාවිත කරන්නේ වී-මේල්ය. එනම් ඔබේ නමේ මුලකුරින් (වී-මාල්) ලංකාවේ නිෂ්පාදිත මේල් යවන ක්‍රමයකිනි. ඉස්සර KFC ගිය පොඩි සෑමා ඇතුලු පවුලේ සැම දැන් එහෙ යන්නේ නැත. දැන් අපි යන්නේ Kaluthara Food Cafe බත් කඩයටය. අපි මැක් ඩොනල්ඩ් නොයා ගමේ හන්දියේ ඩොනල්ඩ් මාමාගේ ආප්ප කඩේට යන්නේ ඔබ නිසාමය. ගූගල් සර්ච් ඇන්ජිම භාවිතයෙන් වැලකුණ අපි දැන් භාවිත කරන්නේ හොද ඉව තියෙන බලු තඩියෙකි. අපිට ඕනෑ කරන හැම දේම බලු තඩියාගේ නහයට තබා විසි කළ විට ඌ කටින් ඔසවාගෙන විත් අතටම ලබා දෙයි. ඒ ඔබේ පැසුනු බුද්ධියෙන් අප ලද දායාදයන්ය.

මලින්ද මාමා ඒ කාලේ ලියපු පොතක් අපිට මතකය. ඔබ ඇතුලු බොහෝ අය එකතුව එය ලියපු බව පොඩි සෑමාගේ දෙසවනට ඇසුනේ ඔබේම මුවෙනි. එහි එක් පිටුවක තිබ්බේ ගැමි දරුවන් පවා විශ්ව ගම්මානයට එකතු කර ගන්නා බවය. දැන් ඒ ගම්මානයට අපි යන්නේ නැත. ඒ ඔබ කියූ පරිදි මව්බිම වෙනුවෙන් අපිට විශ්ව ගම්මානයට ගැති වෙන්නට බැරි නිසාමය. ඔබතුමා මව්බිම වෙනුවෙන් ජනතාවට ආස හිතෙන විදිහට මෙරට නිපදවූ ජෙල් ගා කොණ්ඩය පැත්තට පීරන්නේය. දුෂ්කර ගම් වල දරුවන් ද ප්‍රියමනාපව ජීවත් වන්නට ගාන්නේ පොල්-ජෙල් නොහොත් පොල් ගසින් ගන්නා තෙල් වර්ගයකි. ඒ ඔබ ඉගැන්වූ ක්‍රම වේදයට අනුවමය. ඔබ ලංකාවේ තෙල් ආකර වලින් ලද (මෑතක දී තිබූ මැතිවරණයකට කලින් දින තෙල් මතුවූවා පොඩි සෑමාට මතකය) තෙල් වලින් ඔබ ලංකාවේ නිපදවූ වාහන වල යන්නේය. අපිද ඔබ කියු පරිදි මව්බිම, රට හා ජාතිය වෙනුවෙන් යන්නේ ගමේම නිෂ්පාදිත බක්කි කරත්තය හෝ ගොන් කරත්තය උපයෝගි කරගෙනය. ඇත්තටම ඇමරිකාවට ගැතිවිය නොහැක්කේමය. ඔබ කී ලෙස අපිට අපේ දේ වටිනවාය. ඔබ ලංකාවේ නිපදවූ බැලැක් බෙරි භාවිත කරන්නේ මවුබිම නිසාමය. අපිත් එසේමය. අපි භාවිත කරන්නේ ගිණිපෙට්ටියකට නුලක් දමා ගෙදරම හැදූ ‍පෝං එකෙනි.

එහෙව් සියලු විපරියාස රට දැය වෙනුවෙන් කලේ ඔබ තුමාය. අපි සදා ණය ගැතිවන්නේ එනිසාය. පොඩි සෑමා දැන් කේ.එෆ්.සී නොගියද රට ගැන නොසිතන ගොඩක් අය යන්නේ එතැනටමය. එනිසා ඒවායේ ලයිසන් ඔබතමා කැන්සල් කිරීම හොදය. එවිට රට දැය ගැන නොසිතා එවන් ආයතන වල වැඩ කරන අපේ දේශද්‍රෝහී පිරිස් පාරට වැටෙනවා ඇත. එය ඔබේ දැනුමට අනුව හොදය. සියල්ල විය යුත්තේ මව්බිම වෙනුවෙනි. පොඩි සෑමාගේ ගෙවල් ලග හිටපු අයියා කෙනෙක් දැන් කේ.එෆ්.සී එකේ කැෂියර් එකේය. කෑම බෙදලා දෙන්නේත් එයාය. පොඩි සෑමා ඒ අයියා සමග තරහය. එනිසා ලයිසන් කැන්සල් කළ යුත්තේමය. එසේම කොකා කෝලා එකද රට දැය ගැන සිතා ඔබ වසාවී යයි සිතමි. එවිට එම ෆැක්ටේරිය ලග සිටින බුලත් විට විකුණන අංකල් පවා පාරට වැටෙන්නේය. එසේ කළ යුත්තේමය. මොකද ඔබතුමා කියන්නාක් සේ රට දැය වෙනුවෙන් ඒවා කළ යුත්තේමය.

රට දැය වෙනුවෙන් සියල්ල එසේ වෙද්දී, ඔබ ගිරිය කඩාගෙන රට දැය වෙනුවෙන් කෑ ගසද්දී පොඩි සෑමාට තවත් අදහසක් පහල වෙන්නේය. අපේ රටේ ඉන්න ජාති ද්‍රෝහි පිරිසක් පිට රැටියන්ට ඇදුම් මහන්නේය. එවා පිට රට යවා ඔවුන්ගේ විලි වසා සල්ලි ගන්නේය. ඒවා ඇදගෙනම අපිට එක එක ඒවා කියන්නේය. ඒවාද රට දැය ගැන සිතා නොකල යුත්තේමය. එනිසා අපි ඒ ඇදුම් මැසිය යුතු නැත. එවිට විජාතික බලවේග ඇදුම් නැතිව සිට කෑ ගසනු ඇත. එවිට ඔබ තුමාට සහ ඔබ තුමා වටා සිට විසිල් ගසන් අයට පට්ට ආතල්ය. ගිරිය කඩාගෙන කෑගසනවා වෙනුවට හු කියන්නට හැක්කේමය. ෆොන්සේකා මාමා කැළණි පුදබිම වදින්නට ආ දිනෙක පන්සල් භුමියට පිරිස් ගෙන්වා හූ කියෙව්වා පොඩි සෑමාට තවමත් මතකය. දේශද්‍රෝහීන්ට එසේ කළ යුත්තේමය. පන්සලද, පල්ලියද, කෝවිලද කියා බැලිය යුතු නැත්තේමය. එලෙසම අපේ පරගැති ඇගළුම් කර්මාන්ත වසා දමා ඇදුම් නැතිව කෑගසන සුද්දන්ට අපි හූ කිවිය යුත්තේමය.

අවසන් වරට සෑමාට ඇත්තේ තවත් එක ඉල්ලීමක්ය. ඔබ තුමා මව්බිමට ලැදි, දේශප්‍රේමී අපේ ලේ රත් කරවමින්, ජාත්‍යාලය වඩවමින් සිංහලෙන් කරන කතන්දර ඉංගිරිසියෙන් කරනවා නම් සුපිරිය. ඔබේ හඩ, වාග් කෞෂල්‍යය සහ ඉරියව් සහිතව ඉංගිරිසියෙන් කතාවක් කළහොත් සුද්දන්ට හොදට තේරෙනවාය. එවිට ඔවුන් මීට වඩා ගොඩක් බය වෙනවා සුවර්ය. එවිට අපිට නිදහස්ව නිවහල්ව ඇමරිකාව පරයා නැගී සිටින්නට හැකි වනවා සුවර්ය.

ඔබට මව්බිමේ ප්‍රණාමය... !

පලි - ඔබතුමාගේ පොටෝ එක ගූගල් වලින් සර්ච් කරන්නට බැරි නිසා අනුගමනය කලේද මම පෙර කී ක්‍රමයයි.

"ගූගල් සර්ච් ඇන්ජිම භාවිතයෙන් වැලකුණ අපි දැන් භාවිත කරන්නේ හොද ඉව තියෙන බලු තඩියෙකි. අපිට ඕනෑ කරන හැම දේම බලු තඩියාගේ නහයට තබා විසි කළ විට ඌ කටින් ඔසවාගෙන විත් අතටම ලබා දෙයි.

එම ක්‍රමය යටතේ ඔබේ ඡායාරෑප විශාල ප්‍රමාණයක් ලැබුන නිසා සියල්ල එකතු කර එකක් සේ දමමි.


Written by sAm_3.15pm_18.03.'12

පළමුවත් මව්බිම, දෙවෙනුවත් මව්බිම, තෙවෙනුවත් මව්බිමය... මලින්ද මාමා කීවේ ඒමය. එතුමා ක්‍රියාවෙන් පෙන්නා ඇත්තේ එසේමය. හිකිස්


පොඩි සෑමාගේ පෙර ලිපි...


  1. සුසිරි අයියා‍ගේ ආදර අන්දරය
  2. අක්කාගේ ප්‍රවාහන සේවය සම්බන්ධවයි
  3. නත්තල් සීයාට අවවාද කිරීමට ලියමි
  4. අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි
  5. පොඩි සෑමාගේ තියරිය අනුගමනය කළ ජයසූලිය මාමාට ලියමි
  6. පේස් බුකියේ අයියා නොහොත් සූ-මේකර්ට - පේස් බුකිය වැසීම සම්බන්ධවයි
  7. ජැනට් ඇන්ටීට ලියමි

Friday, March 16, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (2 කොටස)


මෙතෙක් කතාව... 

ලසදා ගමට පැමිණි පැණි බීම කරත්තකාරයා සමග තම නිවසට සහ ගමට පිටු පා යද්දී සිරිමෙවන් කිසිත් නොකර බලා සිටී. හෙතෙම තම දරු පැටියා සමග දවස ගෙවා ගෙන මහ වනයට වැද මී පැණි එකතු කරයි. ලසදා සමග ගෙවූ වෙහෙසකර පළමු සහ එකම රැය සිහි ගන්වමින්, පිළිකුල් කරමින් සිටින සිරිමෙවන් මහ වනය මැද දී නැවතත් වැලහින්නකගේ තාඩන පීඩනවලට හසුවන්නේ ලසදාගේ පළමු රැයට වඩා තම දිවිය කිලිටි කරවමිනි. සියල්ල විද දරා පොල්කට්ටෙන් බිංකුන්ඩන් වසන්නාක් මෙන් හබරල කොළයකින් "නැට්ට" වසාගෙන නැවත ගෙදරට එන සිරිමෙවන්ට තම පුතු පවා තට්ටු කරන්නේ හබරල කෙළයටමය. ලැජ්ජාව සහ තරහව එක්කොට ගත් සිරිමෙවන් පුතුට බැන වදී....

මඩපාත සොරොව්ව ගම්වාසීන්ට ඔලොක්කු කරමින් වාන් දමන කළදී ගම්වාසීහුද නොසැලී සිටිත්. එහෙත් මහ වනයක් මැද තමා පෙරලාගෙන සද්දන්ත වැලහින්නක් රතියේ වෙලෙද්දී මලා සේ බලා සිටි සිරිමෙවන්ට ලසදා කළ හරිය හොද යැයි සිතේ. ලසදා පැණි බීමකාරයා සමග යාම තිරිසන් වැඩක් සේ හැගුනත් වැලහින්නක් වැනි තිරිසන් සතෙකු තමාට කළ බලහත්කාරකම මඩපාත සොරොව්ව ඉතිරී ගිය කළක් මෙන් සිරිමෙවන්ට හැගේ.

වෙනදාට අමුඩ ලේන්සුවෙන් විලි වසාගත් තම පියා එදින සවස හබරල කොලයකින් වසාගත් විලියෙන් මිදුලේ සිටියදී, වෙනදා තම පියා තමාට ගෙනෙන මාදං මිටක් යැයි සැක කොට කුට්ටමට තට්ටු කර බැනුම් ඇසූ සැටි සිරිමෙවන්ගේ පුතුගේ කන පුරා දෝංකාර දෙන්නේය. ගෙදර ‍වැසිකිලි වල කපන කාලයේ තමාද එහි බැසගෙන පියාට අත් උදව් දුන්නා පුතුට මතකය. වල තුල සිටියදී තමා කෑ ගසන හඩ නැවත නැවත දෝංකාර දී ඇසුනා සේ, තම පියා කවදාවත් නැතිව තමාට කළ තර්ජනය පුතුගේ කන් බෙරය තුල ප්‍රතිරාව දෙන්නට විය. එලා ගත් පැදුරේ දිගාවී පැත්තට හැරී මුහුනට අතක් තබා දෑස් පියා ගත්තට පුතුට නින්දක් නැත්තේමය. 

ලසදා ගෙදර ඉන්න කාලයේ ගෙදර ඉදෙන හොද්දට ලුණු ඇඹුල් මදි වූ කළ සිරිමෙවන් එලියට බැස සියඹලා අතු සොලවන්නේය. එවිට සියඹලා කරල් සට පට ගා බිම පතිත වන්නා සේම, සිරිමෙවන් හදවත වෙනදාට වඩා චංචලය. සට පට ගා සැලෙන්නේය. පුතු නින්ද නැතිව පැදුරේ තැවෙන කල්හි සිරිමෙවන් ද පැදුරේ සිටින්නේ තමාට වූ බලහත්කාරකම තමා හදුනන කැලෑවේ ගස් ගල් දැක සිටි නිසාමය. ලසදා හැරයාම ගමම දැනගත්තාට වඩා වැලහින්නගේ අතවරයට ලක්වීම කැලෑවේ ඇති ගස් ගල් දැකීම සිරිමෙවන්ට මහා නින්දාවකි. රබර් වත්තක වියලුන කොළ අතරින් ඇදෙන සර්ප පැටියෙකු මෙන් සිහින් හඩ නංවමින් කළබලයෙන් සිත එහේ මෙහේ ඇවිදින්නේය. හිත අහලකවත් නින්ද නැත්තේමය. කාටවත් කරදර නැතිව මී වදයක් කඩාගෙන එදා වේල සරි කරගත් සිරි මෙවන්ට කැලැවේ ගස් ගල් පවා හෙට සිට ඔච්චම් කරනවා ඇත. එවන් කලෙක සිත සනසා නිදනු නොහැක්කේමය.

"ඩඩස්..."

කුස්සියේ දොරත්, කක්කුස්සියේ දොරෙත් වෙනසක් නැති සිරිමෙවන්ගේ නිවසේ දොර පැත්තෙන් හඩක් නැගින. සිරිමෙවන් කළබල නැතිව කන් දුන්නේය. කුස්සියේ දොර තනි ලෑලි පලුවකි. ඇරිය යුත්තේ ඔසවා පැත්තකින් තැබීමෙන් පමනි. ගෙන යන්නට තරම් වටිනා දෙයක් ගෙදර නැත්තේමය. හිටපු එකම වස්තුව පැණි බීම කරත්තකාරයා පටවාගෙන ගොස් හමාරය. ඒ නිසා කලබල විය නැත්තේමය. සොරෙක් ඇතුල් වුයේ නම් සොරකමට කිසිවක් නැතැයි සිතා හැරී යනු ඇත. නින්ද නැති සිරිමෙවන් නිසලව සිටියේය.

"තාත්තේ මෙන්න අම්මා ඇවිත්..."

සිරිමෙවන් වැතිර සිටියාට සද්දය කුමක්දැයි විපරම් කොට බලා කෑගැසුවේ සිරිමෙවන්ගේ පුත්තරයාය. කළුවරේ සිටම කෑගැසූ පුතු ගේ හඩ සිරිමෙවන්ව නැගිට වීමට තරම් බලවත් විය. දඩිස් ගා පැදුරේ හිදගත් සිරිමෙවන් එකවරම නැගිට දිව ගියේ කුස්සියටය.

"මොකක් කිව්වා.. මේකිට මේ මහ රෑ යන්න තැන් නැතිවද??" සිරිමෙවන්‍ ඇසුවේ කෝපයෙන් වුවත් සැගවුන සතුටකිනි. දැන් තමාට ගමේ එකාලට පේන්න ඇය සමග ඇවිද්ද හැක. කලින් තමා නොදුන් ආසාවල් ඉටුකර නියම ලෙස දිවිගෙවිය හැක්කේමය. ලණුවක් ඇද ගැට ගසා, කද භාගෙට කපා ඇති පොල් ගසකට වැදුන අවසන් පොරෝ පහරකින් ගස ක්ෂණිකව කඩා වැටෙන්නාක් මෙන් සිරිමෙවන්ගේ සිතට ක්ෂණිකව අපමණ අදහස් ගලා එන්නට විය. පෙර වැරදි නිවැරදි කර ගැන්මේ පෙරනිමිති පහල වන්නට විය.

සියළු සිතුවිලි සමග පෙර මගට යන සිරිමෙවන් ඉදිරියට තම පුතු ආවේ අම්මාගේ අතින් අල්ලාගෙනය. සිරිමෙවන් දුටු සැනින් ඇගේ ඇස් කැලෑව මැද මහ රාත්තිරියේ එලිය දෙන රෑබදුල්ලෙකු මෙන් එලිය දෙන්නට විය. හීයක් විද්ද සැනින් සෙලවෙන දුන්නක නූලක් මෙන් සිරිමෙවන් ගැහෙන හඩින් තම පුතු ඇමතීය.

"ඈ ය‍කෝ තොට තොගෙ අම්මවයි කැලේ ඉන්න වැලහින්නකගෙයි වෙනස අදුන ගන්න බැරි එකෙක්ද??"

පුතු එ‍විට බැලුවේ අම්මාගේ මුහුණය.

කෝපය මුසු නොවූ බිය මුසු වදනින් සිරිමෙවන් කෑගැසූ කල පුතු පැන්නේ තම පියා සිරිමෙවන් ලගටය. දෙදෙනා බදාගෙන වැලහින්න දෙස බලා සිටියදී වැලහින්නද නොසැලී ගල් කුලක් මෙන් පිය පුතු දෙදෙන දෙස බලා සිටින්නීය. නෙත් හතරක් තමා මත එල්ල වී තිබුණ මොහොතින් පසු වැලහින්න බිම අතුරා තිබූ පැදුර ඇද පැත්තකට දමා බිම වැතිරුණාය.

පුතු බැලුවේ පියා දිහාය.

"ඇත්තමයි තාත්තේ මම හිතුවේ අපෙ අම්ම කියලා.. මම කුස්සියේ දොර ලගට ගිහින් අතින් අල්ලගත්තම මගේ ඔළුව අතගෑවා.." සිරිමෙවන්ගේ පුතු මිමිණුවේ එදා තමාට බැන්න ආකාරයද සිහිපත් කරවමිනි.

"බොට විතරක් නෙවේ කොලුවෝ එදා මහ කැලේදි මේ වැලහින්න මාව බිම පෙරලගත්ත වෙලාවෙත් මට හිතුනේ මේ තොගෙ අම්ම වගේ එකියක් කියලම තමා..."


Written by sAm_5.50pm_15.03.'12

Wednesday, March 14, 2012

ආරක්ෂිත ඇසුරකට... (ධනාත්මක චින්තනයෙන්)


ඉස්කෝලේ යන කාලයේ අපිට තිබ්බ අමාරුම වැඩේ හොර බඩු හැංගීමය. ඒ කියන්නේ කෙල්ලෙක්ට දෙන්න අරන් තියපු බර්ත් ඩේ කාඩ් එකක් නැතිනම් දහපාරකට වඩා මහන්සි වී ලස්සනට ලියපු ලියුමක් වගේ දෙයක් අරන් තැබීම ඉතාම අපහසුය. ඉස්කෝලෙ යනකාලේ හොර සීන් සෑමා අතීත මතක යටතේ ඉදිරිපත් කලා මතකැති. (ඉස්සර හොර බඩු හංගපු විදිහ මතක් කරගන්න බඩුත් එක්ක හොරු කියවන්න)

සෑමාගේ අම්මාගේ, මල්ලීගේ, පුතා නොහොත් අපේ මාමාගේ පුතා කෙලි පොඩිත්තියන් දීපු ලියුම් ද උස්සගෙන එන්නේ සෑමා භාරයේ සුරක්ෂිතව තැබීමටය. නැහැ බැහැ නොකියා සෑමා ඒවා සගවා තැබුවද කවදාවත් දිග හැර බලා නැත්තේය. මලයාටද සෑම් අයියා පට්ට ෂුවර්ය. එනිසා බය නැතිව තබා යන්නේය. ඉස්සර බය නැතිව ලග තබා ගත්තාට දැන් නම් ඒවා මතක් වෙද්දී සෑමාට බය හිතෙන්නේය. ඒ ලියුම් වල නම් ගම් නොතිබූ බව මලයා කීවේ මේ මෑතකදීය. එහෙව් නම් ගම් නැති ලියුමක් සෑමාගේ අම්මාට අසු වුනේ නම් සෑමා අද බ්ලොග් ලියන්නට ඉතුරු වන්නේ නැත්තේමය.

දවසක් පොර දුවගෙන ආවේ ලියුම් හට්ටියක් සමගය.

"අඩෝ මේක හංගපං.." පමණක් පවසමින් පොර මාරුය. සෑමා අතේ රැදි ලිපි මිටිය සාක්කුවේ දමාගෙන කාමරයට ආවාට වෙන වැඩක් සෙට් වු නිසා සෑමාට සාක්කුවේ ලියුම් සෙට් එක අමතක විය. මතක හැටියට ක්ලාස් එකක් නිසා හැද සිටි කලිසම බාත් රූම් එකේ එල්ලා සෑමා නිවසෙන් පිටත් විය.

"මචං මම අරක අරන් යන්න එනවා...." බස් එකේ සිටියදි සෑමාට කෝල් එකක් ආවේ මලයාගෙනි. මල හුට්ටප්පරයකි. කලිසම ලියුම් මිටිය සමග බාත් රූම් එකේ වැලේය.

"අඩේ ** සීන් එක.. ඒක වැලේ බං... මට අමතක වුණා.. උඹ දැන්ම අපේ ගෙදරට රිංගලා ගනින් අම්ම නැත්තම් සාක්කු එලියට ඇදලා ඕක හෝදයි" සෑමා මලයාව කුලප්පු කලේ තම ජීවිතයද අනතුරේ බැවිනි.

"මචං වැඩේ හරි... මම ඒක ගත්තා" මලයා පුke කඩියා තියාගෙන නිවසට රිංගා වැඩේ ගොඩ දමා හොද නිව්ස් එකක් දුන්නේය.

එය එදා එසේ සිදු වෙද්දී මෙය මෙසේ සිදුවූයේ ගිය වසරේදීය.

අපේ ඔපීසියේ සිටි පොරක් පෙරුම් පුරාගෙන විත් ‍යන්තම් එකක් සෙට් කරගෙන ඔපීසියේ සැමට මගුලුත් කීවේය. එවන් විටෙක් මගුලට කලින් දින තෑගි පාර්සල් කිරීම සිරිතය. අපේ එකාලා පුරුදු සිරිත් පරිදි ‍කොන්‍ඩම් පැකැට්ටු ගෙනාවේ කොල්ලා පලමු දිනම වැඩේ අවුල් කර ගෙන බඩු පැකැට් කර ගනී වී යැයි සානුකම්පිත චේතනාවෙනි.
Safety 1st !

"සෑමා මේක ලග තියා ගනින් තෑගි පාර්සල් කරනකොට මේක ඇතුලට දාපං..." කියමින් සෑමා අතට ලද පැකැට්ටුව සෑමා පුරුද්දට ඔබා ගත්තේ පොකැට්ටු‍ පොඩ්ඩේය. 

තෑගි පාර්සල් කොට ගෙදරවිත් බැලූ කල සාක්කුවේ ආරක්ෂිත පැකැට්ටුය. අම්මා දැක්කොත් විනාසය. මූ වැඩට යනව කියල ගිහින් කරන්නේ අහවල් ඒවා කියා සිතනු ෂුවර්ය. ඒ අතර මල්ලී ගේ ලියුම් සීන් එකද මතක් වූ නිසාම වැඩි ආරක්ෂාව ගැන සිතු සෑමා එය අල්මාරියේ ඇදුම් අස්සේ එබුවේය. එසේම පසුවට භාවිත විනාස කිරීමේ චේතනාව සහිතවය.

පසු ගිය දිනක සෑමා මුළු අල්මාරියම අස් කළත් පැකැට්ටුව නැත. දිනක් අම්මා අල්මාරිය ඇද්දා වගේ මතකය. සියල්ල සිදුව හමාරය. "අම්මේ අරක කෝ" කියා අසන්නට බැරිය. හේතුවක් නැතිව එක පාරට "ඒක ගෙනාවේ අපේ එකෙක් ගේ වෙඩින් එකට දෙන්න" කියනුද නොහැක.

මාර අප්සට් එකක්ය. සියල්ල මැද දෝදුවා මට මුණ ගැසින. 

"මචං මාර සීන් එක බං.. " සියල්ල මුල සිට දෝදුවාට කීමි.

"අඩේ අවුලක් නැහැ බං.. " දෝදුගේ වදනින් සෑමාගේ මල ඩබල් විය.

"ඇයි ** එහෙම කියන්නේ උඹට විහිළු ඉතිං..."

"පොඩ්ඩක් ධනාත්මකව හිතපං බං.. අම්ම හිතනව ඇති පුතා ආරක්ෂිතයි කියලා..."

අප්පද බොල දෝදුවා නිවැරදිය. ධනාත්මකව එසේ සිතිය යුතුය. 
ආරක්ෂිත ඇසුරකට දෝදුවාගේ ධනාත්මක චින්තනය උචිතය.


Written by sAm_9.30pm_07.03.2012

පලි - දෝදු ගැන කතා දිගටම ලියවුනා නොවැ.. තව තියෙනවා නොවැ.. ඉතිරිය කල් ගිහින් දැමීම ‍හොදැයි ?

පලි / පලි - ජැනට් ඇන්ටිට ලියපු ලියුම පරණ වෙන්න කලින් මේක දාපු එක වැරදිලු.. ඒ නිසා මෙන්න බලපු නැති අයට.

Monday, March 12, 2012

ජැනට් ඇන්ටීට ලියමි.... (පොඩි සෑමාගේ ලියුම 7)


අපේ අක්කා ගැන ලියුම් ලියලා පොඩි සෑමාට ඉවරයක් නැත්තේමය. වෙලාවකට සියල්ල ඇතැර දමා සුදු වෑන් රථයකට බෙල්ල තැබීම අගනේයයි සිතේ. පවුලේ සංතෘෂ්ඨිය තකා අක්කා නිවැරදි මගට ගැනීම පොඩි එකා වුණත් සෑමාගේ පරම අධිෂ්ඨානය බැවින් එකී වගකීම කර මත තබාගෙන නැවතත් ලිපියක් අකුරු කරමි. ඒ අපේ අක්කා සේම දැයේ වනිතාවන්ගේ රූපාලංකාරය පිණිස විවිධ නිෂ්පාදන වෙළදපොලට ගෙන එන ජැනට් ඇන්ටී අක්කාටය. 

ජැනට් ඇන්ටි අක්කාට ස්තුති පූර්වක ආදරයෙන් ලියමි.. !

කාන්තා දිනය පසුගිය සතියේ යෙදී තිබුණු නිසා සෑමාට හිතුනේ මෙවර පොඩි සෑමාගේ ලිපියෙන් කාන්තාවන්ට අපමණ මෙහෙයක් කළ දැයේ කන්තාවකට ලියුමක් ලිවිය යුතුයි කියාය. එනිසාම ජැනට් ඇන්ටීට හද පිරි බැතියෙන් අකුරු කරන්නට පටන් ගනිමි.

අපේ අක්කාට ඉස්සර නම් හරි කරදරය. කැරට් තලා හෝ උරච්චි කොට මුනේ පල්ප ආකාරයෙන් ලේයර් එකක් දමා ඩබල් ලේයර් ඇදේ දිගාවී සිට සෝදා හැරිය යුතුය. එසේම පිපිඤ්ඤා රවුම් පෙති කපා ඇස් උඩ තබා උඩු බැලි අතට සිටිය යුතුය. සදුන්, කෝමාරිකා, වෙනිවැල් ආඩ තෝඩ, කොත්තමල්ලි, තනපලා, පස්පංගුව ආදිය පවා උරච්චි කරගත් අක්කා ඇදේ දිග් අතට දිගාවි මුහුනේ තබාගෙන සිටියා පොඩි සෑමාට අද වගේ මතකය. කිරි හටිටියක් කෑවොත් අක්කාගේ මුහුනට ඉන් භාගයක්ම වෙන්වේ. පලතුරක් කෑවොත් අපි ලෙලි විසික් කරනවාය. ඒත් අක්කා ඒවා එවලේම මුනේ අතුල්ලා ගන්නීය. අඹ, ආත්තා, කොමඩු ද විටෙක දෙහි ලෙල්ල පවා ඇය අතුල්ලා ගත්තේ අනිච්චානුක ක්‍රියාවක් විලසටය. දිනක් දිවුල් කට්ටක් මුහුනේ ඇන ගත්තේ ඒවා කරන්නට ගිහින් බව වරෙක මට සිතිණ. 

එකී සියළු ශාක සාර කැටි කොට, දිය කොට, බෝතල්ගත කොට අපේ අක්කාට මුහුනේ හා සිරුරේ ඕනෑම තැනක අතුල්ලා ගත හැකි පරිදි වෙලද පොලට ඉදිරිපත් කළ ජැනට් ඇන්ටීට මුලින්ම තුති වන්ත වන්නේ අක්කාගේ දුක්ඛ දෝමනස්ස සමනය කළ නිසා පමණක් නොව ඉන් පොඩි සෑමාට පැ‍වරුණු රාජකාරි පවා අවම වූ නිසාය. ඉස්සර අක්කා උඩුබැලි අතට ඉන්නා විට ගෙදර පොඩි එකා වන මම විසින් ඇයට උපස්ථාන කළ යුතුය. බටයක් ආධාරයෙන් වතුර පෙවීම, ෆෝන් එක ලගට දීම, විටෙක ඇගේ මැසේජස් වලට පවා රිප්ලයි කළේ පොඩි සෑමාය. ඒ ඇයට සෙලවෙන්නට නොහැකි නිසාය.

දැන් ඒ කරදර නැත්තේමය. කැරට් තැලීම, කෙටීම කළ යුතු නැත. එය දැන් බෝතල් ගත කොට ඇත. කළ යුත්තේ ඇතිල්ලීම පමණි. කෝමාරිකා, වෙනිවැල්, සුදු හදුන්, දෙහි, ආදියද එසේමය. ඒවා අවශ්‍යය පරිදි ඇයට ඕනැම තැනකට යෙදිය හැක. විටෙක නිවසේ දෙහි නැති වූ විටෙක පවා අම්මාට පවා ප්‍රයෝජනවත්ය. එය ජැනට් ඇන්ටී කළ අප්‍රමාණ මෙහෙයකි. 

ජැනට් ඇන්ටීට මෙච්චර කැරට්, කෝමාරිකා, වෙනිවැල්, දෙහි ආදිය කොහෙන් ලැබෙනවාද කියා වෙලාවකට පොඩි සෑමාට පුදුමය. ජොනී මාමා කූඩ හදුන්වා දුන් කලෙක එළවලු ගණන් ගියද ජැනට් නැන්දා අපේ කාන්තාවන් වෙනුවෙන් කළ මෙහෙය අප්‍රමාණය. එළවලු ගණන් යද්දී අපේ අක්කා කීවේ "අම්මේ බලන්න ඉස්සරහට කැරට් පේෂ් වොෂ් එකත් ගණන් යයි" කියලාය. ඒත් පුදුම සහගත ලෙස එම සතියේම අපේ අක්කා පේෂ් වොෂ් එක අරන් ගෙදර ආවේ පුදුම සතුටකිනි. ඒ සතියේ අක්කාට පේෂ් වොෂ් එක සමග දෙහි අඩංගු සබන් කැටයක් නොමිලේ ලබා දී තිබිණ. ඒ ජැනට් ඇන්ටී කාන්තාවන් වෙනුවෙන් ගෙවත්තේම වගා කරන ශාකවලින් ලබා ගත් ඵලදාවන් බව මා හොදාකාරව දනිමි. එය මලින්ද මාමා ගෙන ආ "අප වවමු, රුව වඩමු" සංකල්පයට බොහෝසෙයින් සමගාමීව යන වැඩසටහනක් බදුය.

දිනක් ඔබ රූපවාහිනියේ කළ වැදගත් කතාවක් නිසා පොඩි සෑමා අක්කා මාළු කට්ටක් උගුරේ සිරවූ විට පවා උපස්ථාන කොට බේරගත්තේය. එයට ඔබට අප්‍රමාණ පිං අනුමෝදම් කරමි. ඒ සිදුවීම මෙසේය.

ජැනට් ඇන්ටී රූපවාහිනියේ දිනක් කීවේ "විටමින් ඊ පෙති/කරල් කඩා හිස කෙස් වලට දැමීමෙන් හිස් කබලට විටමින් උරාගන්නා බවකි" එය අපි පවුලේ සැම ඉදිරිපිට කෙරුනු වැඩසටහනක්ය. අපේ අක්කාද පහුවදාම විටමින් කරල් ගෙදර ගෙන ආවාය. නෑමට පෙර කඩා හිසකේ ගල්වා සිටියාය. ඇය කීවේ එය ඉතා වටිනා උප්පරවැට්ටියක් බවත් තම කොණ්ඩය මලානික බව නැතිව දික් වූ බවකි. අපිටත් ඉතා සතුටුය. ඒ අක්කා කොණ්ඩය ගැන ඉස්සර සිටම කරදර වූ නිසාමය.

ජැනට් ඇන්ටීගේ උපදෙසින් මම අපේ අක්කාගේ අසාමාන්‍යය සම/චර්මය ගැන නිගමනයකට එලැබියෙමි. විටමින් පෙති ගිලින්නට නිෂ්පාදනය කරන්නේ ඒවා පානය කළ විට ඇගට උරා ගැනීමටය. නැතිනම් දොස්තර මාමා බෙහෙත් නොබොන පොඩි එවුන්ගේ ඔලුවට පෙති කඩා දමනවා ෂුවර්ය. එහෙත් අපේ අක්කාට ජැනට් ඇන්ටීගේ ප්‍රතිකර්මය වැඩ කලේය. එනම් අපේ අක්කාට ඇත්තේ විටමින් උරා ගන්නා සමකි. එය ඉතා වටිනවාය. මම කිසිත් නොකියා අක්කාගේ අරුම පුදුම සම ගැන ආඩම්බර වූයෙමි.

අක්කා ප්‍රතිකර්මය පුරා සතියක් කළ පසු, දිනෙක කැම ගනිද්දී උගුරේ දඩාර මාළු කටුවක් හිරවිය. දොස්තර මහතා කටුව අරන් දමා අක්කාව ගෙදර එව්වද අක්කාට කෑම බීම ගැනීමට නොහැකිව සිටියාය. ඒ ගිලින්නට බැරි නිසාමය. සියල්ල හමුවේ පොඩි සෑමා ලෙස මා පෙර දිනකදී එලැබි නිගමය අම්මාට කියා දුන්නෙමි.

"අම්මේ අපේ අක්කගේ ඔලුවට විටමින් පෙති දාපුවහම ඇගට උරා ගත්ත මතකද ? දැන් මෙහෙම මෙයා නොකා හිටියොත් ඇදිලා ගිහින් කැත වෙයි.. ඒ නිසා කෝම හරි කන්න දෙමු..." පොඩි සෑමා ඒසේ කියද්දී අම්මා සුපුරුදු ලෙස පොඩි එකාගේ ඇගට පැන්නාය.

"උබ කිව්වට කෝම කවන්නද මේකිගේ උගුර තුවාල වෙලා ගන්න දෙයක් නැහැ."

"ඒක තමයි අම්මේ අපි මෙයාට උගුරට නොදී ඇගේ පත්තු බදිමු කෑම තියලා.."

"උබ කියපු කතාවෙ ඇත්තකුත් තියෙනව පොඩි එකෝ ඒත් මම ඕව දන්නෙ නැහැ බොලා ඕනෙ දෙයක් කරපං.. අක්කගෙන් ගුටි නොකා.."

අක්කාගේ අපූර්ව සම ගැන සියළු කාරණා තේරුම් කර දී පොඩි සෑමා අක්කාගෙන්ද අවසරය ලබා ගත්තේය. ගිලින්නට බැරි ආහාර, කැබලි කොට පත්තු වහයෙන් අක්කාගේ ඇගේ බැන්දෙමු. උදේට සුප් දියරද, දහවල බත් කැද ද ඇගේ ගල්වා තැබීමු. අක්කා කීවේ ඇගට ඒවා උරාගෙන අක්කා ශක්තිමත් වෙනු ඇයටම දැනෙන බවයි. පසුවදා අම්මා කීවේ ජැනට් ඇන්ටී කිව්වා වගේ හිස කෙස් වලට විටමින් දැම්මා සේ කැද සහ සුප් ඔලුවේ ඉසකුඩිච්චියක් දැම්මා සේ බදිමු කියාය. අක්කාද ඒවාට හිස සැලුවාය. ඒ ජැනට් ඇන්ටී ලොවට හෙලි කළ ඇගේ අරුම පුදුම සම නිසාය.

අක්කාගේ උගුරේ අමාරුව හොද වන විට අක්කාට හෙම්බිරිස්සාව කැස්ස නොඅඩුව තිබුනේ කැද සීතල නිසා විය හැක. එසේම ඇය වෙනදාට වඩා කෙට්ටු වූවද විටමින් පෙති උරාගන්නා සම ගැන ඇය ආඩම්බර වූ නිසාත් ජැනට් ඇන්ටීට අපි බනිනවාට ඇති අකැමැත්ත නිසාත් කීවේ කෙට්ටු වුණ එක හොදා කියාය.

ජැනට් ඇන්ටී හදුන්වා දුන් නිශ්පාදන නිසා පොඩි සෑමාගේ අක්කා, අම්මා සහ ආච්චී යන තිදෙනාගේ දැන් කිසිදු වෙනසක් නැත්තේමය. අක්කා කොටට අදින නිසාත්, අම්මා සාය හැට්ට අදින නිසාත්, ආච්චි ආච්චිගේ රෙද්ද අදින නිසා පමණක් අපට ඔවුනොවුන් වෙන් කොට හදුනාගත හැක්කේමය. කාන්තා දිනය දවසේ පවුලේ සැවොම ගෙදර මෙගා ටෙලි නාට්ටියක් බලන අතර පොඩි සෑමා තම හඩ අවදි කළේය.

"අද කාන්තා දිනය නිසා රටට වැඩක් කරපු කාන්තාවකට උපහර පිණිස ලියුමක් දාන්න ඕනේ අම්මේ.."

"කවුද බොල ඉතිං ඕකට ඉන්නේ.. චන්ද්‍රිකා නෝනත් නැහැ නොවැ.." අම්මා ප්‍රති උත්තර දුන්නාය.

"ඇයි අම්මේ එයා නැතිවට මොකෝ.. මම ජැනට් ඇන්ටිට ලියන්නම්..."

"ඇති යන්තම් මේක වැදගත් වැඩක් කරන්න යනවා.." අක්කා හද පිරි සතුටින් කීවේ ජැනට් ඇන්ටීට දේවත්වයෙන් සලකන නිසාවෙනි.

"ඇයි බොල පිටරට එකාලට ලියුම් ලියන්නේ.. අපේ රටේ කාන්තාවෝ නැද්ද බොලාට ?" ඒ පැන්නේ අපේ ආච්චීය.

"ඇයි ආච්චී අර ඔයා ගාන ක්‍රීම් හදන ඇන්ටි නොවැ ජැනට් කියන්නේ...ක්‍රීම් ඇතිල්ලුවට මෙයා නම බලන එකක් යැ.." මට මෙන්ම අක්කාටද ආච්චි සමග ආවේ සියුම් තරහවකි.

"ඈ බොල එතකොට අපි අතුල්ලන ක්‍රීම් හදන්නේ අර පලාස්ටික් සැත්කමක් කරලා මුණ ඇදවුණ ජැක්සන් කොලුවගෙ සහෝදරී ජැනට් කෙලීද ?"

එදායින් පසු ආච්චී වෙනදා මෙන් අක්කාගේ කාමරයට රිංගා හොරෙන් ක්‍රීම් ගෑවේවත් ෆේෂ් වොෂ් වලින් මුහුන සේදුවේවත් නැත. ආච්චිට එසේ වූවාට සුවහසක් කාන්තාවන්ගේ අපේක්ෂා ඉටු කළ ජැනට් ඇන්ටීට පසුගිය කාන්තා දිනය වෙනුවෙන් පොඩි සෑමා ඇතුලු පවුලේ සැමගෙන් උපහාර.

Written by sAm_10.50pm_10.03.2012

පලි - ඇගේ අතුල්ලන ක්‍රීම් (epidermal) සමට උරාගත්තාට ගිලින බෙහෙත් (Oral medicines) කුඩු කර ඇගේ ඇතිල්ලුවාට වැඩක් නැති නැත්තේය. ගිලින බේත් මුඛයෙන් ඇතුල්ව metabolize වී ආමාශයේදි උරා ගන්නේය. විටමින් ඊ පෙති හිසට දැම්මාට වැඩක් නැත්තේමය.

Friday, March 9, 2012

ලයිට් දමා අල බොන්ඩා කෑ හැටි...


සෑමාගේ බ්ලොගේ ලියවුණ බෙහෝ චරිත (හේමේ, ලොල්ලා, මාකා, මැරයා, ඥානේ) දැන් කස්ටිය දන්නවාය. එසේ තිබියදි අතීත මතක ලේබලය යටතේ මේ ලියවෙන්නේ දෝදුගේ ක්‍රියාවකි.

ට්‍රිප් යාමට වඩා ඕගනයිස් කිරීම ආතල්ය.. සහ දෝදුගේ සිහිනය.. කියවා දෝදු නම් කවරෙක්ද හදුනාගන්න.

ඉස්සර සෑමා ඒ ලෙවල් ක්ලාස් ‍ගියේ සෙට් එකක් සමගය. සෑමා පමණක් නොව ඒලෙවල් කල සැම සෙට් බැස ගත්තෝ බව දනිම්. එවන් කලෙක සෑමාගේ සෙට් එකේ සසී, උමේ, පුස්පේ, රුචිර (නයා), සංජා, සහ වටිනා දෝදු කුමාරයා පවා සිටියේය.

දෝදුවා හිටියොත් කෑමක් ෂුවර්ය. නොකෑ බේරුණු අවස්ථා අපමණ වුවත් අමතක නොවන ලෙස කෑවේ කැළණිය බස් නැවතුමේදීය. එදා නම් දෝදුවා නිසා නෙවේය. එය අහක ගිය තොප්පියකින් දමා ගැසීමකි. කාපු කතා කියා නම කැත කොර ගන්නවාට වඩා වටිනා කතා ලිවීම අගනේය. නැතිනම් දෝදුවා සෑමාට ද්‍රෝහී වනු නියතය.

ඉස්සර අපි ‍කෙමෙස්ට්‍රිවලට ක්ලාස් ගියේ කේ.සිරි විතාන ගේ සර් ලගටය. (සෑමා පාසල් ගුරුවරුන්ට කට පුරා ආරූඪ නම් කීමටත්, පෞද්ගලික පන්ති කරන ගුරුවරුන්ට සර් කීමටත් හේතුව ඉදිරියේදී පෝස්ටුවක් දානවා සුවර්ය.) කේ.සිරි සර් රොටරියට එන්නට පෙර (2006 වසර) ක්ලාස් කලේ නුගේගොඩම තිබෙන ලීඩ්ස් නම් ආයතනයේය. රොටරියේ අප ක්ලාස් අහවරව මොහොතක් කතා බහ කරන්නේ ඔපීසිය ලග සිටගෙනය. රවුමක් ආකාරයට සැදී කස්ටිය කතා බස් කරන විට දෝදුවා හැමදාම හිට ගත්තේ එකම තැනක සුපුරුදු දිශාවකට මුහුණ දීගෙනය. අපිට එය මීටර් වුනේ මාස තුන හතරකට පසුය. දෝදුවා මුහණ යොමා සිට ඇත්තේ ඔපීසිය පැත්තට හැරී තිබුණ වෙනත් ක්ලාස් එකක් දෙසටය. ක්ලාස් එකේ කෙලි පැටව් ඔපීසියට ඔලුව හරවා හිද සිටින විට දෝදුවා ක්ලාස් එක පැත්තට දෙනෙත් යොමා සිට ඇත්තේ දෝදුවා සමග සිනාසෙමින් කකුල් පද්දමින් සිටින ඇත්තියන් බැලීමටය. මෙය දැනගත් දායින් පසු එතන අපට කතා බහ කරන්නට රවුමක් සාදා ගැනීමට අපහසු වූයේ සියල්ලෝම දෝදුගේ ස්ථානයට පොර කෑ නිසාමය.

ලීඩ්ස් ආයතනයේ අපි ක්ලාස් ගිය කාලයේ කෙමෙස්ට්‍රි සිලබස් එක පටන් ගත්තා විතරය. ඕලෙ‍වල් අහවරව නිවසට වී අලස කුජීතව ක්ලාස් එකකට ගිය අළුත සර්ව බොදවී පෙනේ. එහෙත් විභාගය ලං ලංව එන කාලේ එසේ බොද නොවුනාට ඩෙස්ක් එක එක පාරට මුහුණට එනවා සේ පෙනෙන්නට විය. එසේම විටක සර් ලියන කළු ලෑල්ල එකපාරට මුහුනට එනවා සේද පෙනෙන්නට විය. ඒ අපි නිදි කිරා වැටුන නිසා නොවේය. සර් නම් කීවේ එහෙම වෙන්නේ තොපි නිදි නිසා කියාය. 

එහෙත් කේ.සිරි සර් ගැන දන්නා කිසිවෙක් පන්තියේ නිදා ගන්නේ නැත. ඒ කාලයේ ඔහු සැරය. පන්තිය ඉදිරියට ගෙනවිත් බනින අවස්ථා අපමණය. මුදල් ලැබීමේ පරමාර්ථයෙන් කරන කිසිම පන්තියක මෙසේ බනින්නේ නැතිය. සමහරු සර්ගේ පන්ති නොගියේ සල්ලි ගෙවා බැනුම් ඇසීමට නොහැකි බව කියමිනි. එහෙත් එසේ විනයක් ඇති කරමින් ඉගැන්වීම කිරීම වරදක් නැතැයි කියමි. දෙතුන් දහසක් සිටින පන්තියක් එසේ පාලනය කිරීමේ දක්ෂතාවය ගුරුවරයෙකු සතු විය යුතුමය.

එදා උදේ 7 සිට ඉගැන්වූ කේ.සිරි සර් අපිට ඉන්ටර්වල් එක දුන්නේ මට මතක විදිහට 10ට පමණය. සුපුරුදු ලෙස පඩි පෙල බැස පාරට ගිය විට අපි ගිලින්නේ "අල බොන්ඩාය" ඇත්තටම ක්ලාස් යනතුරු සෑමා අහවල් බොන්ඩාව කාලා තිබුනේ නැත. ඒක කහපාට ගුලියකි. ඇතුලේ දඩාර අල කැබිලිය. ඒ කාලේ අපි ඒවා කෑවේ රුපියල් 10කට පමණ සුළු මුදලකටය. එහෙත් දැන් කීයද දන්නේ නැත. ලගදි සෑමා එවා දැක්කේවත් නැත. 
"අල බොන්ඩා" දැක නැත්තෝ බලා කටේ කෙල උපදවා ගනිත්වා..

ඉන්ටර්වල් එක ලැබී පඩි පෙල බැස ගියේ දෝදුවා සහ සෑමා එකටය. අනිත් එවුන් පිටුපසින් ආවා මතකය. පඩි පෙල බසින මග පඩියක් අසල බිත්තියේ දනහිස මට්ටමින් ස්විච් බෝඩ් (switch board) එකක් තිබුනේය. දෝදුවාට ඒවා වැඩක් නැත. මොනවා දැම්මොත්‍ කොයි ඒවා පත්තු වේදැයි පොරට වැඩක්ම නැත. ඊලග පඩියට අඩිය තියන්නට පෙර දෝදුවා සට පට ගා ස්විච් 8ම ඔන් කලේය. සෑමා එය එතරම් සැලකුවේ නැත. කොහොමත් දොදුගේ වැඩවල අග-මුල සෙවීම මොලේ පූට්ටු වෙන සීන් එකකි. එනිසා ගණන් නොගෙන සිටීම වටිනවාය.

අල බොන්ඩා කා, විනාඩි පහලොවකින් පමණ අප ක්ලාස් ගත වීමු. දෝදුවා මගේ එ‍හා පැත්තේය. අනිත් එවුන් ටිකත් අපේ ඩෙස්ක් එකේය. සර් නැති නිසා පන්තියේ තැනින් තැන කස්ටිය කතා කරන නිසා මී වදයක් මෙන් හඩ ඇසේ. ඒත් සර් පන්තියට එන විට කොණක සිටි හඩ කෙමින් කෙමෙන් අඩුව 100% නිහඩවන්නේ පුදුම විදිහටය. එදා සර් වෙදාට වඩා වේගෙන් පැමිණ ස්ටේජ් එකට ගොඩවුවේය. සර් ගේ මූඩ් වෙනස් වීම අපේ එවුන්ට හොදටම මීටර්ය.

සර් මයික් එක ඔන් කලේය...

"මේ පන්තියේ ඉන්නවා ගෙදර ස්ව්ච් බෝඩ් එකක් නැති පො**නයෙක්." කස්ටිය වික්ෂිප්තය. ඇස් ‍නලල් තලයේ තමා උරහිස් පලල් කොට පපු ඉදිරියට යොමා සර්ගේ වදන් වලට සවන් නමා ගෙන සිටිත්.

"මට කලිනුත් ඕක අල්ල ගන්න බැරිවුණා. තමුසෙල ඔය පහලට බහින පඩිපෙලේ තියෙනවා ස්ච්ච් බෝඩ් එකක්. කලින් දවසක් එක ස්ච්ච් එකක් ඔන් කරල තිබ්බ. මම සද්ද නැතිව හිටියා. අද ඒ අසමජ්ජාතියා ඔක්කොම ඔන් කරලා ගිහින්...." කස්ටිය නිල් වී බලා සිටිති. දෝදුවා ගැන දන්නේ සෑමා පමණක් නිසා සර්ගේ වදන් වලින් කෙලින්ම කියවෙන්නේ අපේ දෝදුවා ගැන නිසා සිනා නවතා සිටීමට සෑමාගේ දෙතොල් දත් අතරේ සිරවිණ.

"තමුසෙල දන්නවද ඔය ලයිට් දැම්මම එක පාරට පත්තු වෙන්නෙ නැහැ. මේ බිල්ඩින් එකේ එලියේ තියෙන ස්පොට් ලයිට් පත්තු වෙන්නේ මේ ස්ව්ච් වලින්.. ස්පොට් ලයිට් පත්තු වෙන්න වෙලා යන නිසා තම ඔය බූරුවා බේරුනේ.. "

"මතක තියා ගන්නවා මම දවසක ඕකට ගහනවා ස්විච් ඕෆ් වෙලා ජීවිතේම අදුරු වෙන්න"

එදා හොදම හරිය වූයේ ක්ලාස් අහවරවී මෙනි.

"කාටද බං සර් අර පලු යන්න බැන්නේ.." අපේ මිතුරෙක් ඇසූවිට 

"අනේ කවුද බං දන්නේ..?? මං හිතන්නේ පො***නයා කියල එකෙක්ට නේද බැන්නේ..? පිළිතුර දෝදුවාගෙනි...

එදා සර් පන්තියේ දහසක් සිසුන් මැද ඇමතුවේ.. අප දෝදුවාටය.. නිකන්ම නොවේය.. කවුරුත් දන්නා සුද්ධ සිංහල වචනයකිනි.

Written by sAm_8.23pm_02.03.2012

Wednesday, March 7, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස)

********

සු හඩ නංවමින් ක්ෂණිකව විස්ථාපනය වී හැකි උපරිම උසට එලැබ පුපුර යන්නා වූ අහස් කූරක් ලෙස සිරිමෙවන් ගේ නෝන්ජල් ජීවිතය ක්ෂණිකව එළිය කළ වැලහින්නකගේ ප්‍රේම වෟත්තාන්තය.

********

ගෙදර බලු කුක්කාට පෙම් බදින කොළඹ හතේ යුවතියන් සේම මහ වනයේ වැලහින්නකට බැදි පෙමක් ගැන විශ්වාස කළ හැක්කේද? විශ්වාස කළ හැකි වුවද, නොහැකි වුවද, කොනක සිට කියවිය යුත්තේමය.....

"දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා" වචන පෙල නොඅසා තිබූ ලසදා, හිදිසියේ ගමේ කඩමණ්ඩිය අසලදී දුටු පිටගම්කාර කරත්තකාරයෙකුගේ කරත්ත කවියකට මුලාව සිරිමෙවන් හැර ගියාය. රාජකීය නමක් තිබුනද මුලු ගැන්වී ගෙවෙන ජීවිතය නිසාම ඇයටද සිරිමෙවන් එපා වීම සාධාරණ බැව් ලියන්නට මා අකැමතිය. මංගල රැයේ පවා සියල්ල සිදුවූයේ ලසදාගේ සිතැගි පරිදිය. වෙලේ, කුඹුරේ, කැලේ වැඩ කරන විට සමද්විපාද ත්‍රිකෝණ හැඩැති අබුඩ ලේන්සුව හැද සිටින සිරිමෙවන් එදා රාත්තිරියේ ඇගේ ඔතාගෙන සිටියේ යාර දහයක පමණ සරම් කීපයක්ය. සිරිමෙවන් ගේ දහිරිය නිසාදෝ ගෙදරින් කෙරුනු බලපෑම නිසාදෝ දීග ආ නමුදු ඇගේ සිතැගි පරිදි මනරම් රැයක් එදා ඇයට ගත කරන්නට නොවුණි. රිමෝට් එකක් සුරතේ තබාගෙන කාර් එකක් පදවන්නාවු සිගිති දැරිවියක මෙන් ඇය තමාට අවැසි සියළු දේ ඔහු ලවා කරවා ගත්තාය. සිරිමෙවන් පළමු දින බාලාංශ පන්තියට ගොඩවූ කලෙක මෙන් කදුලු පිරි දෙනෙතින් තම ගුරුවරිය කියන දේ කරන්නට වුයේ කවදාවත් නැති පීඩනයක් මැද්දේය. කොටින්ම කිවතොත් විද්‍යාගාරයේ ස්ථිති විද්‍යුතය ප්‍රායෝගිකව අත්හදා බලන සිසුවියකගේ අතට එබනයිට් කූරක් දුන් කලෙක මෙන් අතුල්ලා අතුල්ලා ලසදා විද්‍යාගාර පරීක්ෂනය එදිනත් කළාය.

එදිනට පසු ගෙවුන මාස කිහිපය අතරතුරදි මොලොව එලිය දුටුවේ සිරිමෙවන්ගේ පළමු සිගිත්තායි. දරුපැටියාට 7 වන වසර එලබෙන තෙක් සිරිමෙවන් හා ලසදා එකතු නොවූ බව ගමටම නොරහසකි. පාලමක් යටින් ගගක් නොගලනා කලෙක පාලමෙන්ද වැඩක් නැත්තේමය. එවිට පාලම පවා හඩා වැලපෙන්නේ ගගට වැඩක් නැත්තේනම් වෙනත් කිසිවෙකු හෝ තමාගෙන් වැඩක් ගන්නා ලෙස ඉල්ලමිනි. එවන් කලෙක වැසි නැති බිමකට කඩා වැටි කදුලු බිංදුවක් සේම ලසදා නෙත ගැටුනේ කරත්තකාරයෙකි. ඒ ගමේ කඩමණ්ඩියේදීය. කහට උගුරක් බොන්නට සීනි ගේන්නට කඩයට ගිය ලසදා සීනි පැත්තක තබා කඩමණ්ඩියට පැණි බීම ඩිලිවරි කරන්නාවූ කරත්තයේ නැගී සිදාදි ගතවුවාය.

හවස් ජා‍මයේ බැස ගිය හිරු පසුදින නැගෙනහිරින් නොනැගෙන කලෙක සියළු ජනයා කැලබුණ සිතින් සූර්්‍යයා සොයනු නොඅනුමානය. නමුදු සවස් ජාමයේ සී‍නි ගේන්නට කඩේට දිව ගිය තම බිරිය ලසදා ගැන ගමේ එවුන් සොයන තුරුම සිරිමෙවන් නොසිතුවේය. හේ දිවි ගෙවුයේ සියළු රාගාදී කෙලෙසුන් නැසූ තපසෙකු පරිදිය. බේබද්දෙකුට රා කට්ටක් මෙන් පොඩි පුතුගේ සිනහ පිරි මුව ඔහුගේ තනිය නිවූ බව නිසැකය. එක දිනක් පීඩිතව ගතකළ රැයෙකින් ලද එකම තුටු පඩුර මෙයම විය. 

"ගිය එකාල ගියාවේ බොල කොල්ලෝ.. මට පුලුහං බොලාව ලොකු මාත් කොරන්ට." කිසිත් නොදන්නා දරුවා සිරිමෙවන්ගේ වදනට හිස සලන්නේය.

පැණි බීම කරත්තකාරයාට මුලාව තම බිරිය ගම හැර ගියද සිරිමෙවන් කළේද පැණි රස්සාවකි. උදේම කුණු කෙල පිරි මුවින් කැලේ රිංගනා සිරිමෙවන් නැවත ගෙදර එන්නේ මී පැණි දෝත දරාගෙනය. බිරිදට දෙවෙනි වූ සිරිමෙවන් මී මැස්සාට නොදෙවෙනි වන්නේ දෛවයේ සරදමක් මෙනි. මී මැස්සා දෂ්ඨ කරනු සිරිපාලට අමිහිරි නොවුනද නිතරතුරු සිතට වදදෙන ඇය තමාට දෂ්ඨකල ඒ කර්කෂ රාත්තිරිය සිරිමෙවන්ට අමතක නොවන්නේමය. එදින තමාගේ පිරිමිකම මෙන්ම සම්පූර්ණ දිවියද විනාශ වු බවෙක් හෙතෙම සිතන්නේය.

අමුඩ ලේන්සුවට ඔරොත්තු නොදෙන කුට්ටම යන්තමින් සගවාගෙන සීරීම් සහ හිරිවැටීම් දරාගෙන මී වදයක් සහිත ගසකට සිරිමෙවන් ගොඩවන්නේ කුට්ටම පරදුවට තබාගෙනය. ගසට නැගි හෙතෙම මී වදයක් දකින්නේ එළදෙනකගේ තන පුඩුවක් දුටු වහු පැටියෙකු ලෙසින් දිදුලන දෙනෙතිනි. එසේ දුටු මී වදය සුරතින් දරාගෙන ගසෙන් බිමට බසින කලෙක අමුඩය ගැලවී වැටුනද, කුට්ටම ගැලවී බිම වැටුනද, සිරමෙවන්ට වගක් නැත්තේමය. මාලු කැබැල්ල කටේ සිර කරගත් හොර බළලාට කොපමණ පහර දුන්නද මාළු කැබැල්ල අත නොහරින්නාක් සේම කුට්ටම හෝ අමුඩය විනශ වුවද මී වදය සිරිමෙවන් අත නොහරින්නේමය.

ගසෙන් බිමට බට සිරිමෙවන් වටපිට නෙත් යොමු බැලුවේ පාළු මහ වනයේ අමුත්තක් දැනුන නිසාමය. තම බිරිද හැරගිය දින සිට අද වනතුරුත් කළබල නොකලා සේම දුටු දසුනින් සිරිමෙවන් කළබල නොවූවද හෙබ්බිරිස්සාව හැදුන දිනෙක තමා අත රෙදි කැබැල්ලක් සිර කර ගන්නා පරිදිම, අත තිබි මී වදය සුරතේ තද කොට ගත්තේය.

පිරිපුන්, පිරුණු කළු රෝම කූපයෙන් වැසුන සිරුරින්, සිරිමෙවන් දෙස බලා සිටියේ දඩාර වැලහින්නකි. වෙසක් දින ගමේ පන්සලේ තොරණ බලන්න ගිය අයුරු සිරිමෙවන්ට සිහි විය. තොරණේ සිටි මුචලින්ද නාගයාගේ දෙනෙත් නිවි නිවි දැල්වුනා සේම වැලහින්නගේ දෙනෙත් දැල්වෙන්නට විය. ඒ අතර සිරිමෙවන්ට සිහි වූයේ පෙරේදා හවස තම පුතු පොතක් දිග හැර සද්දෙට කියවු වලහෙකුට අසුවූ මිතුරන් දෙදෙනෙකුගේ කතාවයි. එහෙත් ගසකට නැගීමටද, මලා සේ බිම වැටීමටද කාලයක් නොවේය. වැලහින්න දෙනෙත් දල්වා සිරිමෙවන් දෙස බලා හිදී. අදුරු රැයක පාරට දැමු වාහනයකින් නැගෙන හෙඩ් ලයිට් එලිය දුටු කලෙක නිලංකාර වූ දෙනෙතින් සිරිමෙවන්ද වැලහින්න දෙස බලා සිට මොහොතින් සිහිසුන්ව ඇද වැටුනේය.

තමා පිලේ නිදා සිටින විටක අමුඩය ඔසවා ඒ අතරින් ඉව කරනා බැලලියගේ මෙන් පහසක් දැනුන කලෙක සිරිමෙවන් සිහි උපදාවා වට පිට බැලුවේය. හැද සිටි අමුඩයද ගලවා දමා වැලහින්න තම දෙපා අතර හිදගෙන සිටින අයුරු දැක සිරිමෙවන්ගේ දෙනෙත් පලල්ව, කට උල්ව, කකුල් හිරි වැටී ගියේය. තම බිරිදට නොදෙවෙනිව වැලහින්නක් විසින් තමාව දෙවන වරටත් කෙලසන ලද බව සිරිමෙවන් කෙසේ විශ්වාස කරන්නද. වත්තේ පොල් උල මත පොල් ලෙලි ගසන සිරිමෙවන් පොල් උලක් වී, වැලහින්න පොල් ගෙඩියක් ලෙසින් වියරුව සිරි මෙවන් ලග දණ ගසා සිටී. ගලන ගගුලක කෝටුවක් මත පාවී යන කුහුඹුවෙකු මෙන් සියල්ල සිදුවන්නට ඉඩ හැර සිරිමෙවන් සිහි සුන්ව මෙන් වැතිර සිටියේ තම පොඩි පුතු උපත ලැබීමට හේතු වාසනා වූ ලසදා සමග යහන් වැදි රැය සිහි ගන්වමිනි. සිරිමෙවන්ගේ නූගත් සිතට එලැබි චකිතය වූයේ වැලහින්නට තම මුහුණ සිහිත දු සිගිත්තියක් ලැබෙනවා නිසැක බවය.

තියටර් එකට බට රෝගියෙකු සිහි නැති වූ කලෙක තම වකුගඩුවක් ගලවා ගත්තද නොදන්නවාක් සේ සිරිමෙවන් හිත හදාගත්තේය. දෑස් තද කොට පියාගෙන වැලහින්නට තියටර් එකේ සිස්ටර් වන්නට ඉඩ හලේය. සියල්ල නිමාව වැලහින්න නැගිට විත් සිරිමෙවන්ගේ මුවට පාත් විණ. දෑස් තදින් පූට්ටු‍කර ගත් සිරිමෙවන් කැළෑ දෙවියන් යැද්දේය. කැළණියේ අපට ඉස්සර හිටියේ විභීෂණ වුවද දැන් ඇමතිතුමා විශ්ණු වඩම්මවා ඇති නිසා අපි නම් අසරණය. එහෙත් සිරිමෙවන් දන්නා කැළෑ දහමට අනුව යැදිය යුත්තේ කැළෑ දෙවියන්ය.

රූපවාහිනී වෙලද දැන්වීමක මවක් විත් තම කුඩා දරුවාගේ නලල සිප ගන්නා කලෙක මෙන් සිරිමෙවන්ගේ නලල මත තම ගද ගසන මුව තබමින් වැලහින්න නික්ම ගියාය.

සියල්ල අවසන දුහුවිලි ගසා දමා නැගිට ගත් සිරිමෙවන් තමා වෙනදාට කැළැ පලතුරු කඩාගෙන කොලේක ඔතා ගෙදර ගෙනියන්නාක් මෙන් හබරල කොලයක් කඩා තම කුට්ටම වසා ගත්තේය. ලසදා සමග තනි වූ රැයේ අදුරු කුටියක ගෙට මුලුගැන්වුන යුවතියක මෙන් විලි ලැජ්ජාවේ හැසිරුණ සිරිමෙවන් නූල් පටක් නොමැතිව කෙසේ නම් මහ වනය මැදින් නිවැසට යන්නද. සියල්ල සම සිතින් විද දරා සිරිමෙවන් නිවැස ඉදිරිපිට මිදුලට පිවිසි කළ තම කොලු පැටියා වෙනදා මෙන් පෙර මගට දිව ආවේය.

වෙනදාට හබරල කොලය අස්සේ තිබෙන්නේ මාදං, හිබුටු, නාරංය. දිව ගිය කොලුවා පැන්න ගමන් හිබුටු වල්ල මිරිකා ගත්තේය.

"ඇැැැැක්..." ඉවසා ගත නොහැකි වූ සිරිමෙවන් මොර දුන්නේය. කොලුවා පැත්තට පැන්නේය.

"ඒ ගමන උබත් පටන් ගත්තද ‍මගෙ කුට්ටම තලන්න. තොපේ අම්ම ඉන්න කාලේත් එක දවසක් මාව විනාස කළා. ඊට පස්සේ උඹ බඩට ආව. අද කොහෙවත් ගිය වැලහින්නක් ඇවිත් මාව කුඩු පට්ටම් කළා දැන් උබත් එනව උලුක් වෙලාද බලන්න. දුපං මගෙ දෑහන නොපෙනී..."

*** මතු සබැදි ***

Written by sAm_7.12pm_07.03.2012

කැත හිත් වලට දැමූ කවි පොඩ්ඩෙන් හිට්ස් 50,000ට ලගා වුණි. සැමට තුති.. !

Monday, March 5, 2012

ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ...




තෙමුණු සිරුරට තදින් වෙලිලා
සීතලට ලග තවත් හිදලා
ඇය සමග තනි කුටියෙ සරලා
සනසවන් ඇය තවත් මිරිකා


යුවතියගෙ රස රහස් තැන්වල
ඇතිල්ලෙන විට නුඹේ අතගෙන
සිතා ගන්නට නොහැකි වූ කළ
ලැජ්ජ හිතුනා මට ලියන්නට


තනිවු කුටියේ ලදුන් අතරේ
ලැමේ සුව විද, පාද අතරේ
සිනිදු සුව ඇති පහස වින්දේ
ලොවට රහසේ නොවේ මිතුරේ


ඇතිල්ලෙන කල ලිස්සලා යන
අපූර්වත්වයෙ නිමැයුමකි නුඹ
ලිහිසි බව නැති වුනොත් නුඹ ලග
කතුන් තරහා වෙනවා සත්තක


රස රහස් තැන් සිප බලාගෙන
දිනෙන් දින නුඹ යන විනාසව
ඒත් දිනකට විදින මිහිරිම
ස්පර්ශයම නුඹ විදී සතුටින


කෙලෙස් මල පිරි රතියෙ වෙලිලා
නුඹ ලගට එයි ඇයත් දුවලා
වින්ද සැප යලි මතක් කරලා
නුඹට තුරුලුව හිදී තෙමිලා


ඇගේ සිරැරේ තදින් වෙලිලා
ඇයද නුඹ තව තවත් මිරිකා
දියව යන තුරු නුඹේ සිනහා
අතුල්ලයි තව තවත් මිරිකා


*
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
*




Written by sAm_4.13pm_04.03.2012

කැත හිත්වලට ලියූ ලස්සන කවි බොහොමයක් ඊ-මේල් ලෙසට සංසරණය වීම සෑමාගේ සතුටට කරුණකි. නමුදු ඒ එකකවත් සෑමාගේ බ්ලොගේ ලින්කුව අඩංගු නොවීම දුක්ඛිතය. එකී සිදුවීම් ගැන මා දැනුවත් කළ නිසුපා ඇතුලු සියල්ලන්ට තුති. 

සැ/යු - කවි ඉස්සුවාට කමක් නැත. බ්ලොගේ හෝ පෝස්ටුවේ ලිංකුව අඩංගු කරන්නේ නම් මානුෂිකය.

Saturday, March 3, 2012

වැලහින්නකට පෙම් බැදිමි.....


***මෙවර සෑමා කියන්නේ මෙපමණකි***


වැලහින්නකට පෙම් බැදිමි.... !!


සෑමාගේ සැබෑ රසිකයෝ ඉවෙන් මෙන් හදුනනා
සෑමාගේ විප්ලවයේ පෙරනිමිත්ත...
Related Posts Plugin for WordPress, Blogger...