ඊලගට සෑමා සූදානම්ව සිටියේ දින ජයග්‍රාහී 75කට පසු පොඩි සෑමාගේ ලිපියක් දැමීමටය. සියල්ල සූදානම්ව තිබියදී පොසොන් කලාපය ආරම්භ කළ යුතුව ඇති නිසා එය පසෙකට තැබීමි.
වෙසක් කලාපය සාර්ථක කර ගැනීමට උපකාර කළ සැමට පිං දෙන අතරම මෙලෙස සනිටුහන් වන්නේ පොසොන් කලාපයක ආරම්භයය. මෙවර පොසොන් නිල රාජ්‍ය උත්සවය තන්තිරිමලේ පැවැත්වෙන බව කවුරුත් දන්නා කරුණකි. එසේම මිහිදු හිමි වැඩම කලේ මිහින්තලාවට බවද සියල්ලෝම දන්නා කරුණකි. තැන් මාරුව ගැන නොලියා මෙත් සිත් පිබිදෙන යමක් ලිවීම සෑමා තම වගකීම කොට දකින්නේය.
අනු බුදු මිහිදු හිමි යනු සංඝමිත්තා තෙරනියගේ ගිහිකල සහෝදරයාය. උන්වහන්සේ අනු බුදු වූයේ බුදුන්වහන්සේට පසුව ලංකාවට ධර්මය ස්ථාපනය කිරීමට දෙවෙනි වූ නිසාමය. එකල ලංකාව පාලනය කලේ දේවානම්පියතිස්ස රජුය. මේවා මූලික කරුණුය. මහ මිහිදු හිමි පිළිබද සෑමා සතුව පොතක් ඇත්තේය. ඒ
ජයසේන ජයකෙඩි මහතා ලියූවක්ය. බොහෝ අය එතුමාගේ කෘති කියවා ඇති බව දනිමි. එසේ නැත්තවුන් එතුමාගේ
මහ මිහිදු හිමි පොත කියවා බැලූවාට කම් නැත්තේය.
පොසොන් කලාපය වෙනුවෙන් සිත නිවන්නාවූ කතන්දර මෙසේ ඇරඹෙන්නේය.
එදා සෑමා සිටියේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකය. කොළඹ ප්‍රදේශයේ එකක් වූවාට එහි වැඩිය සෙනග ගැවසෙන්නේ නැත්තේය. උදෑසන 9ට පමන එයට ගොඩවූ නිසා වැඩි තද බදයක් නොවුනේය. එවිට සෑමාගේ දෙනෙතට යොමු වූයේ රෝද පුටුවක හිද සිටින වයසක කාන්තාවක්ය. ඇය මහළු වූවද, ඉතා පිරිසිදුවට හැද පැලද සිටි බවක් සෑමා දුර තියා දුටුවේය. වෙනත් කිසි විශේෂත්වයක් නොදුටු සෑමා ඇය වෙනත් සාමාන්‍ය රෝගියෙකු සේ සලකා වැඩි තැකීමක් නොකලේය. සුළු මොහොතකින් සෑමා එයින් පිටත් වුයේ නැවත සවස් ජාමයේ රෝහලට පැමිනිය යුතු අපේක්ෂාවෙන්ය.
සවස 3ට පමණ නැතව සෑමා නැවත ආවේය. සුපුරුදු කාන්තා රුව එලෙසම එම ස්ථානයේම රෝද පුටුව මත සිටියාය. ඒ අසල පිහිටි පුටු පේලිය මත සෑමා හිදගත්තේ ඇය සමග කතා කිරීමේ අදහසින් නොව මොහොතක් රැදී සිටීමට සිදු වන නිසාය.
"son what are you doing here?" ඇය දුර තියා සෑමාගෙන් විමසුවාය. වයසක, හොදින් හැද පැලද සිටි ඇය, ධනවත් පවුලක ඇත්තියක් යැයි සිතිය හැකි සාධක සෑමාගේ ඔලුවට ගලාගෙන ආවේ ඇය කතා කළ භාෂාවෙන් හා විලාසයෙන්ය.
"I came here to consult a doctor" සෑමා ප්‍රති උත්තර දුනේනේ හිටි තැන සිටම නිසා ඇයට හරියට ඇසෙන්නට නැති බවක් පෙනුනේය. ඇය ඔලුව සෑමා පැත්තට නැඹුරු කර නැවත කියන ලෙස ඉල්ලා සිටියාය. ඒ සමගම ඇය අසල වාඩිවන්නට ඇරයුම් කළාය. සෑමා ඇය අසලට ගියේය.
එතැන් පටන් ඇය සමග වූ සංවාදය ඉංග්‍රිසි භාෂාවෙන් වූවත් සියල්ල සිංහලෙන් සටහන් කිරීම උචිත යැයි හැගේ.
"මම ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න ආවේ..?" ඒ නැවත සෑමාය.
"පුතා මාත් මේ කතා කරන්න කෙනෙක් නැතිව ඉදගෙන ඉන්නවා.." ඒ ඇයය.
"මම දැක්ක ඔයා උදේත් ඉන්නවා. මේ ඒ වෙලාවේ ඉදන්ද ඉන්නේ.." සෑමා ඇයව උදේ දැක්ක බව ඇගෙන් ඇසුවේය.
"ඔව් පුතා බලන්නකෝ අපි උදේ ආවා. ඩොක්ටර් එන්නේ ආයේ දවල් 1ට කියලා අපිට එන්න කිව්වා." වයසක වුවත් ඇගේ අදහස් හා වචන නිරවුල්ය. ගලා යන ඉංග්‍රිසියෙන් ඈ කතා කලාය.
"ඒක තමා මම දැක්ක උදේ ඉන්නවා. ඒකයි ඇහුවේ. අපි කිව්වේ තව කවුද ඔයා එක්ක ආවේ."
"අපි කිව්වේ මගෙ මහත්තයයි මමය. එයාගෙ ඇහේ ඔපරේෂන් එකකට ආවේ. උදේ ඩොක්ටර් නැහැ කියල දවල් එන්න කිව්වා."
"කවුද ඩොක්ටර්?" සෑමා ඕනෙ නැති ප්‍රශ්නයක් ඇසුවේය.
"ඩොක්ටර් XXX එයා තමා මගේ ඇස් ඔපරේෂන් කලෙත්.."
"ග්ලූකෝමාද? (ඇහේ සුද ද?)" සාධාරන ප්‍රශ්නයක් සෑමා යොමු කලේය.
"ඔව් පුතා.. මගෙත් කලින් කලා. එදා මෙච්චර වදයක් වුනේ නැහැ. මේ පාර අපේ මහත්තයා එක්කරගෙන ආවේ ලේසියට කරගෙන යන්න. ඒත් බලන්න දවසම අපි මෙතන." ඒ ඇයය.
ඇය සමග ඔහු ආවේ නම් ඇයට වඩා ඔහු මහළු විය යුතුය. එසේ නම් තනියම දෙදෙනා පමණක් ඒම අපහසුය. සෑමාට ප්‍රශ්න ගොඩක්ය.
"කොහොමද ඔය දෙන්නා ආවේ. අනික අංකල්ව අරන් ඔයා කෝමද එන්නේ. ඩ්‍රැයිවර් කෙනෙක් ඉන්වද ?"
"මගෙ ඉනෙන් පහල පන නැහැ පුතා. මට දැන් 80ක්. මගෙ මහත්තයට 72ක්...." ඇය කීවාය. සිනහ මුවින් ඇය උත්තර දුන්නේ ආදරය හැම දේටම යටත් බව කියන්නාක් මෙන්ය.
"අවුරුදු 8ක වෙනසක්...ඒවට මුකුත් කියන්න බැහැ. ඒක තමා ආදරේ කියන්නේ." සෑමා මුහුනේ හැගීම් වෙනස් නොකර පිලිතුරු දුන්නේ ඇයගේ සිත නොරිද්ද වීමටය.
"ඉස්සර අපිට හරියට ප්‍රශ්න ආවා ගෙදරින්. දැන් කාලෙ නම් ඕවට දෙමව්පියෝ විරුද්ධ වෙනවා අඩුයි.." ඇය දිගටම කතා කලාය. මොහොතකට ඇය ඇගේ අතීතයේ ජීවත් වු බවක් පෙනෙන්නට තිබුන නිසා සෑමා ඇයට බාධා නොකලේය. ඇගේ ආදරයේ ආරම්භය එය ජය ගත් සැටි යන සියල්ල ඇයට මතක් වන්නට ඉඩ දුන්නේය.
"ඒව වෙනස් කරන්න බැහැ. ඔයාල ආදරේ කලා. ඒ ආදරේ ජය ගත්ත. දැන් වෙනසක් නැතිව නැති බැරි කාලෙත් එකට ඉන්නවා. ඒක තමා නොවෙනස් ආදරේ..."
"බලන්න පුතා ඔයා වෙලාවට ආවේ. මගෙ හිත කලබල වෙලා තියෙන්නේ. මගේ හස්බන්ඩ් 1ට ඔපරේෂන් එකට ගත්තේ. දැන් 4ට කිට්ටුයි. මම තාම මුකුත් දන්නෙ නැහැ. එයාව ඔපරේෂන් එකට අරගෙනද, ප්‍රශ්නයක්ද කියල මුකුත් දන්නෙ නැහැ." ඇය නැවත කතාව වෙනස් කලාය.
"තියටර් සිස්ටර් ගෙන් ඇස්සෙව්වෙ නැද්ද?"
"අහන්නෙ කෝමද පුතා. මම අතන ඉන්න සිස්ටර්ලගෙන් ඇහුවම කිව්වා තියටර් එකේ ඉන්නවා ඔපරේෂන් එකක් නිසා කෝල් කරල ඩිස්ටර්බ් කරවන්න බැහැ කියල. ඉතිං මම එයා එනකල් මෙතන ඉන්නවා." ඇය කීවාය.
"ඔව් එහෙනම් කතා කරන්න බැහැනේ." කියා ඇය අස්වසමින් සෑමා ඒ ආසන්නයේ සිටි සිස්ටර් කෙනෙක්ගෙන් තොරතුරු විමසු විටද ඔවුන් කීවේ එසේ කතා කරන්නට බැරි බවය. එය සාධාරණය. නැවත සෑමා ඇය අසල වාඩි වුනේය.
"ඔයා මෙයා එක්ක ආපු කෙනෙක්ද ?" එවර සිස්ටර් කෙනෙක් සෑමා පසුපස විත් ඇය පෙන්නා සෑමාගෙන් ඇසුවාය.
"නැහැ. මේ පුතා මාත් එක්ක කතා කර කර හිටියේ. බලන්න අද දවසම අපි මෙතන. මම කෑම කාලත් නැහැ." ඇය සෑමාටත් පෙර සිස්ටර්ට සිංහලෙන් කතා කලාය.
"අනේ අපිට තියටර් එකට කතා කරන්න බැහැනේ. නේද?" කියා සිස්ටර් සෑමා දිහා බැලුවාය. එවිට සෑමාට එය තහවුරු කලේය.
"අපි ඔයාට කන්න මොනව හරි දෙන්නද ?" සිස්ටර් කාරුණිකව ඇගෙන් විමසුවාය.
"මම කොහොමද කන්නේ? මගේ හස්බන්ඩ් කෑම කාලත් නැහැ. එයා එනකල් මට කන්න හිතක් නැහැ." ඇය ආදරේ උතුම් බව පෙන්නුවාය.
"ඔහොම ඉන්න එපා ඔයා බිස්කට් එකක් හරි කන්න මම ගේන්නද?" එවර සිස්ටර් ඇයට අවනත නොවූවාය.
"හා.. බිස්කට් දෙකක් විතර දෙන්න මම කන්නම්." ඒ ඇගේ අසරණබවේ උච්චතම අවස්ථාවය. දරාගන්නට තරම් පුංචි බඩගින්නක් නම් ඇය තව දුරටත් ආදරේ වෙනුවෙන් ඉවසා සිටිනා බවක් සෑමාට වැටහුනේය.
සියල්ල එසේ සිදුවද්දී සෑමාට එතැනින් පිටත් වීමට කාලය එලැඹින.
"මම දැන් යන්න ඕනේ. ඔයා මොනව හරි කාල ඉන්න. බය වෙන්න එපා එයාට කරදරයක් වෙන එකක් නැහැ. ජේසු පිහිටයි." ඇගේ ආගම කතෝලික බව දැනුන නිසා සෑමා කීවේය. එය නිවැරදිය.
"බොහොම ස්තුති පුතා මාත් එක්ක කතා කලාට. එහෙම නැතිනම් මට මේ ටික වෙලාව වත් ඉන්න බැරි වෙනවා..."
ඔවුන් ගේ දෙමාපියන් ඔවුන්ව අත හරින්නට ඇතිය. ඒ වසර 8ක් වැඩිමහල් තරුනියක් විවාහ කර ගැනීමේ වරදට විය හැකිය. ඔවුන් අත නොහැර තිබුනත් මේ වන විට ජීවත්ව සිටින්නට බැරිය. ඔවුන්ගේ දරුවන් සිටින්නට ඉඩ ඇත්තේය. ඒත් ඔවුන් මේ දෙදෙනා නොසලකා හරිනවා විය හැකිය. එසේත් නැති නම් දරුවන් නොමැති වන්නට පිලිවන්ය.
මේ කතාවට අමරසිරි පීරිස් මහතාගේ "මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා" ගීතය ගැලපීමට නොහැක්කේය. ඒ මෙතැන ඇය වියපත් නිසාය. එසේම "සිහිනෙන්වත් නොදකින කුමරා හෝ කුමරිය " නොවන නිසාය. එහෙත් ගත යුත්තක් ඇත්තේය.
ආදරය නම් නොවෙනස් විය යුතුමය. එදා ගත් තීරණය අද වැරදි යැයි සිතා ඔහු හෝ ඇය හැර යාමට වඩා, ඔවුන් ඔවුන් සමගිව නොවෙනස් ආදරයෙන් එකට විසීම ආදර්ශමත්ය. ඇය ඔහුට පෙර මිය යාමට ඉඩ ඇත්තේය. හෝ ඔහු ඇයට පෙර මිය යාමට ඉඩ ඇත්තේය. වෙනසක් නොමැත, ආදරය මිය නොයන්නේමය.
උතුම් බිරිදක් - ලොවම පිදූම්ලත් ස්වාමියෙකු වෙනුවෙන් පිරූ පිලිවෙත් "යසෝදරාවතේ" අඩංගුය.
හිමයේ ගොසින් මල් යහනක සිටිනව ද
කොමල අනගි සිරිපා දෙක රිදෙනව ද
හිගේ නැතුව දෙවියෝ මුර කරනව ද
මගේ ඇත් රජුනි හිමි අද කොතැනක ද
කැලේ තිබෙන කොයි දේ වත් රස වේ වා
මලේ බඹරු ලෙස පිරිවර ඇති වේ වා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේ වා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේ වා
කියන මැසිවිල්ල හිමි හට නො ඇසෙන වා
රන් කඳ මහිමි මට හීනෙන් නො පෙනෙන වා
කම් රස විඳීමක් නැත මම දිවුරන වා
වෙන් කර ගියත් මම සීලේ පිහිටන වා
වෙහෙස වුණත් තද දුක් මම විඳිඤ්ඤයි
අහස පොළොව ලෙස හිමි සිහිකර ඉඤ්ඤ යි
රහත් වෙන්ට මම වෑයම් කරඤ්ඤයි
ඇසට දකින තුරු නවගුණ පුරඤ්ඤ යි
සිදුහත් කුමරාණන් ගිහිගෙය අතහැර පියා තවුස් වෙස් ගෙන මගට පිවිසියේ තමාත් දරවාත් ඇතුථ මුථ මහත් ලෝක සත්වයාම දුකින් මුදවන මගක් සොයා ගැනීම සඳහා බව යසෝදරා තිර ලෙස අදහයි. ඇය තම ස්වාමි වූ උතුම් පුරුෂයා වෙනුවෙන් කැප වී සිටින්නේ —අහස පොළොව ලෙස එතුමා සලකා ගෙනය. දුකට පත් ලෝ සතුන් මුදන මාර්ගයක් සොයාගෙන එතුමාණන් ආපසු පැමිණෙන බව ඇයට අහස පොළව මෙන්ම විශ්වාසය. — ඇසට දකින තුරු නව ගුණ පුරඤ්ඤයි˜ යනුවෙන් ඇය පැවසුවේ එහෙයිනි.
සියලූ මානව වර්ගයා පවුල් ජීවිතයට දැඩි සේ ආසක්ත වන අවස්ථාවේ දීය සිදුහත් කුමරා ගිහිගෙය හැර දමා ගියේ. එය වූකලි ඉන් ගැලවෙන මගක් සොයා යන ධීරයකුට ඉතා යෝග්‍ය මොහොතකි. එහෙත් යසෝදරාවන් එම මානසික තත්ත්වටය් නොසිටි හෙයින් ඇගේ හිත් වේදනාව දැඩි ය. වැලපීම අවසානයේ ඇය සිත හදාගනී, කවර දුකක් වුවද විඳින්නෙමැයි අදිටන් කර ගනියි. රහත් වීමට වෑයම් කරන බව පවසා ඇය වහා නිෂ්කාමී ජීවිතයකට ප්‍රවේශ වී සැමියා වෙනුවෙන් උත්තරීතර කැප කිරීමකට යොමු වෙයි.
Written by sAm_12.15am_02.06.2012