Showing posts with label නිධන් හොරු. Show all posts
Showing posts with label නිධන් හොරු. Show all posts

Friday, August 17, 2012

නිධන් හෑරීම... - අවසාන කොටස





“මේ ඒවායින් වැඩක් නැහැ පංචිකයෝ දැන් ඔරිජිනල් හක මගෙ ලග. උබ එනවද අද රෑ හාරන්න යන්න“

“අනේ හාමුදුරුවනේ මගෙ හක පාරන්නද?“

“ඈය යකෝ උබ හිතුවද මමත් රට ගිය වෙඩික්කාරයා වගේ කියල. ඔය සීන් උඹ දාගනින් අපේ කොල්ල එක්ක. මම නැහැ ඕවට..“ කෝපයෙන්...

“අනේ නැහැ රජතුමනි, රටේ ලෝකෙ උන් හිතන්නේ අපි එහෙම සීන් කියල. මොකෑ අපි ඉන්නෙ ඔබ වහන්සේගෙ සරම අස්සෙ හැංගිලා නොවැ..“

“රෑ එන්න කිව්වම තොට මතක් වෙන්නෙම ඕවා.. උබ දන්නවද පොලොන්නරුවෙ හොද පොට් එකක් සෙට් වුනා.. රජකාලෙ බඩුලු බං..“ පංචිකයාගේ නිකටට තට්ටුවක් දමමින්

“මගෙ අප්පේ.. ඕව දේශද්‍රෝහි වැඩ ස්වාමීනී.. ඒත් බැහැ නොකියත් බැරි නිසා මම අපේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අහල එන්නම්.“

“ඈ යකෝ උබ එහෙ ගිහින් වැඩේ ලීක් කරපං..“

“නැහැ ස්වාමීනි පු.වි දෙපාර්තුමේන්තුව කිව්වේ අපේ එල්ලාගෙන චක්කර වර්තී ගෙන් අහන්න හැදුවේ. එතුමානන් ඇප්රූවල් දුන්නම මම එනවා එක පයින්“

“මොන ඇප්පුරුවල් ද බං. එදා කට පුරා කිව්වේ හෑරුවට අවුලක් නැහැ කියලා. ඔන්න ඔහෙ රෑට වරෙන් ගහල මන්දිරේට. මගෙ සුදු වෑන් එකේම යමු පොලොන්නරු.. මතක් කරල ජීවම් කරපු සුරේ දාගෙන වරෙන්. අර ගියපාර අනුරාධපුර වැව් හාරපු අලවංගවත් පෝර උරේක ඔතාගෙන වරෙන්.“

“එකෙන්ම ස්වාමීනී“

පංචිකයා රියදුරු දෑතට දෙවිපිහිටයි කියා රිය පොලොන්නරුවට දක්කයි. රජු ඉදිරිපස අසුනේ ෂෝටක් ගසාගෙන හිදී. රටේ එවුන් දුටුවත් හදුනාගත නොහැකිය. අමුඩ ලේන්සුව කරේ නැත. සරම ගහල මන්දිරේ ගලවා දැමූ තැනමය.

දෙදෙනා ෂෙයාර් කර ගත් කාමරයක පසුදින ගතකොට, රාත්‍රියේ නැවත ස්ථානයට පදවයි. පංචිකයා බියෙන් ගැහේ.

“උඹ දන්නවද පංචිකයෝ ඉස්සර නම් තඩි වහු පැටියෙක් බිල්ලට දෙන්නෝනි මෙහෙම වැඩ පටන් ගනිද්දි.“

“එතකොට ස්වාමීනි?? අද මාවද බිල්ලට දෙන්නේ“ පංචිකයා සට පට ගාමින් සැලේ. විදුලිය නැති විටක පවා ඔහු මෙසේ සැලී නැත්තේය.

“අනේ මේ උබ වගේ මැටි ගොඩක් මෙතන චප්ප කරල කන්නද බං.. ගනිං ඔය අලවංගුව..“

“ඈ ස්වාමීනී?? අපි හාරන්නේ මෙතනද? මේක අමු සොහොනක් නේ..“ පංචික තවත් බය වේ.

“ඇයි උබ කනත්තට බයද?“

“නැහැ ස්වාමීනී අපිත් යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නැහැනේ..“ රජුගේ කට ඇද විය.

“තොට ඇමැති කම එපා වෙලාද යකෝ මට යකා යකා කියන්නේ..“ (වැරදි කරන ඇමැතිවරුන්ට ජනතාව හමුවේ බනින මවා ගත් සැර මුහුනින්)

“අනේ මගෙ දෙයියෝ මල මිනි නැගිටල ආවත් හාරන්නම් මගෙ දෙයියෝ..“

“එහෙම වරෙන්. දැන් කට පියං හාරපං“

“අවසර ස්වාමිනි. ඇත්තට සොහොන් වල ජරා වස්තු තියෙනවද? නැත්තම් ඔබ තුමාට පුරාවස්තු එපා වෙලා දැන් මිනි පෙට්ටි ගොඩ දානවද?“

“නැහැ යකෝ මට හීනෙන් ඇවිත් ජුල්ල වට්ටි කුමාරය කිව්වා, ඌ මිහිදන් වෙච්ච මේ සොහොනේ ජරා වස්තු තියෙනවලු.“

“එහෙනම් ගොඩ ගමු ස්වාමීනී, ඔබ තුමාගෙ වට්ටියට වඩා මේක ලොකුයි ෂුවර්..“

“ශිරා නංගිත් ඕකම කිව්ව බං. අනික උබ දන්නවද මේ කුට්ටම මම දැක්කෙ නැහැ අවුරුදු ගානකින්. අසාවකට මම බලාගන්නේ කණ්නාඩි කැල්ලකින්. බඩ විතරනේ බං නැත්තං පේන්නේ...“ දුකඛිත ස්වරයෙන්

“ඒත් ශිරා නංගි නම් මගේ එකට සැටිස් ස්වාමීනී“

“මොකක්????“ ඇස් උඩ යවමින්.

“නැහැ නැහැ ස්වාමිනී.. එදා මට හදල දුන්න කන්න කියල සැටිස්..“

“අපෝ එදා මට බඩත් ගියා බං, ඒ පංචිකයා ගනින් අර ටෝච් පොල්ල.. අර අර.. අර බලපං අතන සොහොනේ ගහල තියෙන එක..“

“කෝ ස්වාමීනි... මොකක්ද? අර දෙසීය කියල ගහල තියෙන සොහොන් කොත නේද?“

“ඔව් යකෝ. උබට මොනාද හිතෙන්නේ..“

“ෂුවර් එකට මැරිච්ච එකෙක්ගේ සොහොනක් නේ..“

“නැතුව යකෝ පන පිටින් වලලනව ඈ..“

“එහෙනම් අහවල් එකක්ද ස්වාමිනී..“

“ඔය ඉන්නේ අවුරුදු 200ක් ජිවත් වුන එකෙක්. දැන් ඔය හාරපු වල වහලා මාර්ක් එකක් දාපං.. අපි මීඩියා අරන් හෙට එමු. වසර දෙසීයක් ජීවත් වුන පොරක් උබයි මමයි හොයා ගත්ත කියලා.“

“අන්න අදහස ස්වාමීනි. එතකොට හෙට උදේම හඩ්ඩා පතුරු යන්න කියවයි. ඌටත් හොද පෙරපර මින්ට් එක. එතකොට අනේසුන්දරයා සැනසුම පිටපත් ලියයි පැලෙන්න. “ අලවංගුව බිම දමා උඩ පනිමින්

“දාපං පංචිකයෝ පහක්.. උබ දන්නවද ඊට පස්සේ අපි සොල්දාදු සේනාව ගෙන්නලා මෙතන හාරවනවා. චුල්ල වට්ටියාගේ ජරා වස්තු අපිට. රාජ භාණ්ඩාගාරෙට.“

දෙදෙනා ක්ෂණීක හයි-වේ එකේ ගහල මන්දිරේට සැපත් වේ. මහ රෑම නිදා සිටි හඩ්ඩා සහ අනේ සුන්දරයා අමතයි. රූප-පාහිනීය, ස්ව-ආදීනවය, අමතයි. බ්‍රේකින් නිවුස් වැටේ. කස්ටිය පාන්දර වන තෙක් රූප පෙට්ටි ඉදිරියේ කතිර යුද්ධ ප්‍රථිඑල එන තෙක් සිටින්නාක් මෙන් පැල් බැදගෙන හිදිත්. පෞද්ගලික මාධ්‍ය රජුගේ අණට යටත්ව කඹ කඩමින් කැමරා රැගෙන පොලොන්නරු පිටත් වේ.

“එදා කොසොල් රජු දුටු සිහින මෙදා සහශ්‍රකයේ ජීවමානව, උත්කර්ෂවත් අයුරින්, ඥාන සම්පයුක්තව, සමාජ පථය තුල පෙලහැර පෑ රටේ රජතුමා. අද කෝටියක් ජනතා දෑස් දල්වමින් තමන් දුටු සිහිනයක් සත්‍ය බව ලෝකෙටම පෙන්නන කරන වෑයමක මාත් කොටස් කරුවෙක් වුනා.“ කොහේවත් සිටි ඇක්ෂන් ජැන්ටා මයික් එකට කියවයි.

“හත් දෙයියනේ කවදාවත් හිතුව දෙයක්ද මේ සැබැ වෙන්න යන්නේ.. රටේ රජෙක් කරන වැඩක්ද මේ කරන්නේ. මොන රජාද දෙයියනේ සොහොන් ගානෙ බඩ ගෑවේ. මෙහෙම ජනතාවගේ බිමකට ගිහින් කවුද පොලොව කෙටුවේ.. බලන්න අද වෙන්න යනදේ.. “ ඇක්ෂන්ගේ මයික් පොල්ල හඩ්ඩා පැන වැඩ්ඩා සේ කටේ ඔබා ගනී.

සියළු මාධ්‍ය පොර පිටියට බහිද්දී අදාල තැන කැමරා කාචයට යොමුවේ. අමු අමුවේ 200 ඉලක්කම ගැසූ, වසර දෙසීයක් ජීවත් වූ මිනිසෙකු සොයා ගිය ගමන සජීවීව මාධ්‍ය ඔස්සේ ආවරණය වේ.

හදිසියේ එතැනට කඩා පැන්න හූරිය-අප්-කෙරුම තුමා සොහොන බදා ගනී.

“මෙන්න කසන්න මහත්තයෝ අපි හොයා ගත්තා ජනතාවගේ රජුගේ සිහිනය. බලන්න වසර දෙසීයක් හිටපු මනුස්සයෙකුගේ සොහොනක්. අපි මේක ජරා වස්තු දෙපාර්තුමේන්තුවට දිල ඇනීම් කරමු.“

එතැනට පැමිණි පොලොන්නරු ජනතාව ඇස් නලලේ තබා ගනිති. දත කට පූට්ටු වී සිටි වැඩිහිටියන් අතරින් ඉදිරියට ආ කොලු ගැටයෙක්..

“අනේ මහත්තයෝ ඕක මාර්ග සංවර්ධනේට දෙන්ට. ඔය අපේ අල්ලපු ගමට තව හැතැප්ම 200ක් තියෙනව කියල මාර්ග සංවර්ධනෙන් ගහපු කොන්කිරීට් බෝඩ් කෑල්ල“

කොලු ගැටයාගේ වචන සෙට් එක රාජ්ජ වාහිනී වල කැපී යද්දී, තිරස පොඩි එකාගේ කොටස බ්‍රේකින් නිවුස් ලෙස පැයකට තෙවරක් විකාශය කරයි.

Written by sAm_9:00pm_17/08/12

ජොලි පලි - ජනතාවගේ මනස බඩුමිල, විදුලි බිල, ආදි දැවෙන ප්‍රශ්නවලින් බොහෝ ඉවතට ගෙන ගිය නිසා, රජු පාටියක් සංවිධානය කරයි.

Wednesday, August 15, 2012

නිධන් හෑරීම... - පළමු කොටස


“උඹට පුළුවන්ද පංචිකයෝ වලවල් හාරන්න, උබ එන්න එපා මම අපේ කොල්ලව අරන් යන්නම“

“විකාර කතා කරනවද උතුමානෙනි.. මේව රජුන්ට කැප නැහැ..“

“කැප නැහැ කියල උඹ මාව මාලිගේ දාල යන්න කල්පනාව. උබටයි ඕව කරන්න බැරි. බලපං උබට ලයිට් කනුවක් හිටවන්න වලක් කපන්න බැරි එකා කෝමද වලවල් හාරන්නේ මහ රෑට..“

“ඇයි උතුමානෙනි එහෙම කියන්නේ.. බලන්න කරච්චෝලේ.. කොච්චර වැදගත් වැඩක්ද? මම තනියම හාරපු වල..“

“අනේ මේ පලයං පංචිකයා යන්න.. මම අපේ කොල්ලට එන්න කියනවා මේ වැඩේට. අනික අනුරාධපුරේ යන්න එපැයි..“

“අනේ මේ උතුමානෙනි, මතකනේ කොලුවයි පවුලේ අයයි සෙට් වෙලා හාරපු වල? බෙම්බංතොට නාන තොටුපල. උතුමානන්ගේ කොල්ල රගර් නොගහ පොඩි වයසෙ හිටියනම්, කොල්ලට කඩදහි බෝට්ටු පාකරන්න නියම පොට් එක..“

“අනේ මේ කටවහං. කමක් නැහැ උබගෙ ඔය කට වහන්න බිම්මල්පේට වත් බැරි වුන එකේ උබත් වරෙන් වල හාරන්න..“

“උමතුවානෙනි.. ගිය පාර රොන් මඩ ඉවත් කරල මොනාද හම්බුනේ..??“

“බලපං හාරපු මඩ ටිකටත් ණයයි. ඒ මඩ වේලලා පස් කුට්ටි කරල විකුණල තමා වියදම කවර් කර ගත්තේ..“

“ඈ... එතකොට පිච්ච මල් පූජා තියල හාරපු එකෙන් කඩුවක් වත් මතු වුනේ නැද්ද?“

“මොන කඩුද බං.. මතුවුනා ““හකක්““

“ඈ.. මොකක්???““

“අපේ උබල මහලොකු පාරාවිද්‍යාඥ්ඥයෝ.. යකෝ හක් ගෙඩියක් බොල...“

“මගෙ අප්පේ උතුමානෙනි අපරාධයක් නොවැ..“

“ඒ හක හරි වාසනා වන්තයි බොල.. ඒක ලග තිබ්බම ජනතා ප්‍රසාදය වැඩී..“

“අප්පද බොල රජුනි ඒ හක එච්චර බලගතුද? එතකොට ඔබ තුමා මාර ආදරෙන් ඉන්න ඇති නේද හකට?“

“නැතුව උබ දන්නවද මම හක අරන් තමා දිය කෙලියට පවා ගියේ..“

“දිය කෙලියට?? ඒ කොහෙද??“

“අහවල් තැනැකට නෙවෙ බං.. බෙම්බංතොට ගියේ.. තොටුපලට නාන්න..“

“ඉතිං ස්වාමීණී...“

“අනේ... මගේ දෙයියෝ... මට දුක් දෙන්නෙපෝ...“ රජු පංචිකගේ උරහිසේ හිස තබා වැලපේ. පංචික උතුමානන්ගේ රතු ලේන්සුවෙන් දෙඇස් පිහිදමයි.

“සමාවෙන්න උතුමානෙනි.. මම වැරදි දෙයක් කිව්වාද මන්දා.. මගෙ මේ වැසිකිලි කට.. අපෝ...“

“කමක් නැහැ.. දුක තුනී වෙන්න මම උබට කියන්නම් කතාව. කෝ අත දිග් කරල දිව්රපං කාටවත් කියන්නෙ නැහැ කියලා“

“මොනා දික් කරන්නද උතුමානෙනි.. මම මේ තාක් කෙල බිදක් හලල තියෙනවද ඔබ වහන්සේ ගැන..“

“ඔන්න එහෙනම් අහගනින් කතාව... මම අර හකට තියෙන ආදරේට හකත් අරන් තොටුපලට යනවා නාන්න. දවසක් මම ගිලිලා නාකියාගෙන ඉන්නකොට දෙයියනේ හක වැටිලා වතුරට.. මම බලං ඉන්නකොට හක පාවෙනවා...බං හක පාවෙනවා...“

“ඉතිං රජතුමා පීනලා හක ගොඩ ගත්තා..??“

“විකාරද බං.. මේ බන්ඩිය උස්සගෙන මම පීනන්න.. “

“ගිලෙන්නෙ නැහැ උතුමානෙනි.. ටියුබ් දෙකක් දැම්ම වගේ නොවැ..“

“උබ ඇමැතිකම දාල යනවද? මගෙ කතාව අහනවද?“

“ගැත්තාට සමාවෙයන් රජුනි.. වදාරන්න අවසර..“

“ඉතිං මට හරි දුකයි බං.. මට හක නැති වුනා.. මම පස්සෙ රට පුරා විද්‍යුත් සන්දේශයක් යැව්වා හක හොයල දෙන එකෙක්ට හකෙන් පතක් දෙනව කියලා..“

“මගෙ අප්පේ හකෙන් පතක් රජතුමානි???“

“ඔව් බොල මට ඕව වියදම් නෙවේ.. භණ්ඩාගාරෙ සල්ලි තියෙනව නොවැ..“

“අනේ මම නොදන්නව නොවැ..“

“ඉතිං ඔන්න සන්දේශෙ දැකල මාලිගාවට සැපැත් වුනා ලෙයියා කියල බයියෙක්...“

“අහ්.. ලෙයියා මගෙ කලින් සපෝටර් කෙනෙක් නොවැ.. පොර වැඩ කාරයා.. එවෙලෙම හක හොයල දෙන්න ඇති..“

“අනේද කියන්නේ පංචිකයෝ.. එදා හවසම මූ ආව නොවැ හකත් උස්සගෙන...“

“අන්න අපේ කොල්ලො.. දුන්නොත් වැඩක් ලෙසටම කරනවා.. “

“කලා තමයි බොල.. මම ඊට පස්සෙ පොරොන්දුව ඉෂ්ඨ කරන්න එපැයි..“

“මොන දෙනවද බං.. හකෙන්  පතක් දෙන්න මම ඌට... ඒ ජුන්ඩි වැඩේට??“

“එතකොට උතුමානන් ඒ ගැත්තාට ද්‍රෝහි වුණා..“

“ඌ මට කෝටි දෙකකින් එකෙක් විතරයි බොල..“

“එතකොට ලෙයියා..?“

“ලෙයියට මල පැන්නා බං.. ලෙයියා පලිගහන්න ගත්තා.. අපේ රාජ්ජේ උන් දන්නේ පලි ගහන්න විතරයි නොවැ..“

“ඉතිං පලි ගහද්දිත් ඔබතුමා සද්ද නැතුව බලං හිටියා..“

“නැතුව බං.. අන්තිමටම බැරිම තැන මම ඌට මගෙ හක තෑගි කළා..“

“අම්මද බොල ලෙයියට දැන් ජනතා ප්‍රසාදය වැඩි වෙයි, හක නිසා ඔබ තුමාට ජනතා ඇල්ම වැඩි වුනා වගේ..“

“මොන පිස්සුද බං, ඒක හකෝ ඩුබ්ලිකේට් එක..“

“එතකොට ලෙයියා..?/“

“ලෙයියට සතුටුයි බං.. ලෙයියා හක පුරෝගෙන යන්න ගියා..“

රජුට නිධන් හාරා පුරාවස්තුවක් හමුවෙයි.. ඊලග කොටසින්...

Written by sAm_11:26pm_15/08/12

පලි - අකුර පටලවා කියවා අමනාප නොවන්න
Related Posts Plugin for WordPress, Blogger...