මෑත දිනකදි පැවැත්වුණු “Feel SF“ නිර්මාණ තරගයට සෑමාද සහභාගි වූයේය. එහි ජයග්‍රාහකයන්ට තිළිණ ලබා දීමේ උත්සවයට සෑමාද සහභාගි වීය. එහි ප්රථිඑලයක් ලෙස ප්රභාකරන් පිළිබද හෝඩුවාවක්ද ලැබුණේය. එය කතාව අවසානයේදී සදහන් කරන්නෙමි.
එදා සෑම ලිව්ව ලිපියක් ජනරාල්තුමා ගැන. ජනරාල්තුමා ඇතුලෙ ඉන්නකොට. “උඹ තාම අපිට පොරක්“ කියල හෙඩ්ලයින් එකකින්. එදා ඔහු ගැන හිතපු විදිහ, සෑම ආයෙ කියෙව්වා කොනක ඉදන් එදා ලියපු ලිපිය. ලිපියම කියවද්දි දැනුන සතුට අතර උපුටා ගන්න හිතුනා පුංචි කොටසක්.
එදා සෑම ලිව්ව ලිපියක් ජනරාල්තුමා ගැන. ජනරාල්තුමා ඇතුලෙ ඉන්නකොට. “උඹ තාම අපිට පොරක්“ කියල හෙඩ්ලයින් එකකින්. එදා ඔහු ගැන හිතපු විදිහ, සෑම ආයෙ කියෙව්වා කොනක ඉදන් එදා ලියපු ලිපිය. ලිපියම කියවද්දි දැනුන සතුට අතර උපුටා ගන්න හිතුනා පුංචි කොටසක්.
“ අපි දන්නව උබේ ඇගට අමාරුයි. ඒත් උබේ හිත කවදාවත් හිර වෙන එකක් නෙවේ. ඒක අහස උසට නැගල පොලව දිහා බලාගෙන ඉන්න තරමේ ශක්තියක් තියෙන හිතක්. නැත්තම් වෙන එකෙක් නම් ඔච්චර හිනා වෙලා ඉන්නෙ නැහැ වෙච්චර දේවල් වල හැටියට.
මම, අපි දන්නව උබ එලියට එනවා. උබව එලියට දාන්න වෙනවා. උබ එලියට ආවට පස්සෙ උබෙන් අපි කිසිදෙයක් ඉල්ලන්නෙ නැහැ. මොකද උබ අපිට ඕනෙ දේ දන්නවා. උබ අපිට ඒ දේ දෙන්න තරම් පොරක් කියලා තමා මම, අපි හිතන්නේ. එහෙම නොකර උබ අපිට එපා වෙන එකෙක් වෙන්න එපා. මොකද එහෙම එවුන් නම් එලියෙ ඕන තරම්.
උබට ජය !“
එදා ඔහුට උඹ කිය කිය පෝස්ට් එක ලියවෙද්දි කමෙන්ට් දාපු බහුතරයක් කිව්වා ආදරේට එහෙම කිව්වට කමක් නැහැ බං කියලත්. ඉතිං වෙනසක් නොවී ලිපිය එහෙම්මම තිබුනා. ඊට කලින් දවසක තමා අපි මුණ ගැහුනේ නවලෝක රෝහලේ දි. ඒ ගැන දාපු “සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..“ ලිපිය මාස ගණනාවක් හොදම හිට්ස් ලබපු, වැඩි දෙනෙක් බලපු පෝස්ට් එක විදිහට බ්ලොග් එකේ උඩින්ම තිබුණා.
ඒ අතර FEEL SF කියලා නිර්මාණ තරගයක් සංවිධානය වුණා. ඔහු වෙනුවෙන් නිර්මාණයක් කරලා එවන්න කියල ඊ-මේල් එකක් විදිහට. ඒක මට එච්චර ගාණක් නොවෙද්දි අපේ ගමේ කොල්ලා ධනුක සොයුරා මට කිව්වා මල්ලි දාපං මොනව හරි සර් ගැන ලියල කියල. මම වැඩි දෙයක් හිතුවෙ නැහැ, මාස ගාණක් උඩින්ම තිබ්බ “දේශප්‍රේමියාගේ පෝස්ට් එක“ එහෙම් පිටින්ම දැම්මා එතුමාගෙ තරගයට. පෝස්ට් එක බ්ලොග් එකේ ලින්ක් එක එක්කම හැම තැනම ෂෙයාර් වුණා. මම සතුටු වුණා අනිත් එවුන් සුදු වෑන් ගැන කියල බය කරද්දිත්.
හැම දේකම ප්රථිඑලයක් විදිහට මට ආව මේල් එකක්. එන්න කියල එතුමගේ මීටින් එකකට, සියළු විස්තර දන්වලා. ධනුකයා ඒත් එලව එලව ඇහුව උඹ එනව නේද කියලත්. මමත් එනව කියලා ගියා බලන්න මොකද වෙන්නෙ කියල හිතා ගන්න බැරුව. යද්දිත් සියළු කටයුතු සූදානම් වෙලා. ඉදගත්තා විතරයි හැමෝටම සුළු ආහාර වේලක් ලැබුනා. එතුමගෙ බිරිද ආවේ සිනා මුසු මුහුණින් පැමිණි සිටි හැම පිළිගනිමින් එක අතක කේක් දීසියක් තබාගෙනම.
“කේක් නේද මැඩම්?? අම්මෝ සීනි..“
“හැමදාම නැහැනේ.. කන්න.. කන්න...“
එදා ඔහු සිරගතව සිටියදී පවා නැගුනේ මේ සිනහවමය. දුක, වේදනාව, දරාගෙන නොවෙනස්ව සතුටේදී පවා නැගුනේ මේ සිනහවමය.
සියළු සාකච්ඡා, සංවාද අවසන නිර්මාණ එවු පිරිසට සමරු ලබා දීමේ අවස්ථාව එලැබිණ. එහිදි ඔහු වෙනුවෙන් නිර්මාණකරනයේ යෙදුනු සැමට සමරු තිලින වුයේ එතුමා අතින්මය.
![]() |
සෑමා ද තිළිණ ලබයි |
![]() |
WITH COMPLIMENTS FROM GEN: SF & FAMILY |
තිලිණ ප්‍රධානයේදී පළමුව සෑමාගේ නම කියවුනේ ධනුක සොයුරා විසිනි. නැගිට ගොස් සමරුව ලබා ගනිද්දී සැමා නිර්මාණය ලෙස යැවූ “සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමී“ ලිපිය එතුමා කියවූ බවට පැහැදිලි වුයේ ඇති වූ සංවාදයෙනි.
“අර හොස්පිට්ල් එකේදි මුණ ගැහුනු කතාව ලිව්වෙ ඔයාද?“
“ඔව් සර්.. එදා මම සර්ව නවලෝකෙදි හම්බුනා..“
ඔහු සෑමාගේ මෙන්ම අනෙකුත් සියළු ජයග්‍රාහකයින්ගේ නිර්මාණ එතුමා කියවූ බවක් කතාබහ කිරීමේ දී හැගී ගියේය.
![]() |
මෙන්න "FEEL SF" ජයග්‍රාහී සෙට් එකම සෑමා උස නිසා හොදය. නැතිනම් පහලම පොටෝවේ සෑමා නොපෙනෙන්නටද ඉඩ තිබිණ. |
ජෙනරාල්තුමා සමග ඇති වු සංවාදයේදි මිතුරෙකු ප්රභාකරන් පිළිබද නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලැබුණු ආකාරය අනුව ප්රභාකරන් මරලා ඇල්ලුවාද, අල්ලලා මැරුවාද කියා නිගමනයකට පැමිණිය හැක.
“ඇත්තද සර් කට කතාවක් තියෙන්නේ ප්‍රභාකරන්ව අල්ලලා තියන් ඉන්නවා කියන්නේ.. නැත්තම් පණ පිටින් අල්ලලා පස්සෙ මැරුවා කියන්නේ??“ ඒ පැමිණ සිටි ජයග්‍රාහක මිතුරෙකුගේ පැණයක්ය.
ජෙනරාල්තුමා සිනාසෙමින් සරල පිළිතුරක් දුන්නේ සැම මුවකම සිනහවක් මවමින්ය.
“ඕව කටකතා තමයි.. ප්‍රභාකරන්ව පණ පිටින් අල්ල ගත්ත නම් අද එයත් ඇමති කෙනෙක්...“
Written by sAm_12:38pm_07/08/2012
මෙවන් තරගයක් සංවිධානය කළ පිරිසට සහ සරත් ෆොන්සේකා මහතා ඇතුලු ආදරීය පවුලේ සැමත්, එදා ජයග්‍රාහකයන් ලෙස නන් දෙසින් පැමිණි සියළු දෙනාටත් සෑමාගේ ප්‍රණාමය. ධනුක සොයුරාට සහ සෑමා තරගයට ඉදිරිපත් කළ ලිපිය තරගයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටි පවිත්‍රී සොයුරියට විශේෂ ස්තුතිය.
මෙවන් තරගයක් සංවිධානය කළ පිරිසට සහ සරත් ෆොන්සේකා මහතා ඇතුලු ආදරීය පවුලේ සැමත්, එදා ජයග්‍රාහකයන් ලෙස නන් දෙසින් පැමිණි සියළු දෙනාටත් සෑමාගේ ප්‍රණාමය. ධනුක සොයුරාට සහ සෑමා තරගයට ඉදිරිපත් කළ ලිපිය තරගයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටි පවිත්‍රී සොයුරියට විශේෂ ස්තුතිය.
පලි - මෙවන් තිළිණයක් ලැබීමට සෑමාට සහය දෙමින්, සෑමාගේ බ්ලොග් පෝස්ටු කියවූ සැමට තුති.
ජෙනරල්ව ලගම ඉදං දැකගන්න මටත් අවස්ථාවක් හම්බඋනා..
ReplyDeleteඒ පෞරුශත්වය මාරයි..
විස්තර කල නොහැක..
මටත් මුලින් ඔහුව දැක්ක දවසේ ඒ වෙනස දැනුනා තරියා..
Deleteමතකද පන්සලට ආවා. මලින්ද මාමා එක්කම... ජෙනරාල් වෙලා ඉන්න කාලේ..
සෑහත් එහෙන දේශප්‍රේමියාගේ අත ඇල්ලුවා. එල එල !!!
ReplyDeleteමගේ සුබ පැතුම් සෑමෝ !
ස්තුති මධුවා..
Deleteජනරාල් තුමාව හමුවී අතට අත දී කතා කිරීමේ වාසනාව මටත් හම්බුනා BMICH එකේදී තිබ්බ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් පවත්වපු උත්සවේදී. අපිටත් එදා එදා එතුමා කිව්වේ " ඔයාල තමයි පුතේ මේ රටේ අනාගතේ, හැමදාම අපිත් එක්ක එකතුවෙලා ඉන්න, අපි මේ රට ගොඩගන්න පුළුවන් හැමදේම කරනවා" කියලයි
ReplyDeleteසුභ පැතුම් සෑම් අයියා
කැළණි පන්සලට ආපු දවසේ හිටියද? තරියා අඹේ හිටියා කියල කිව්වා. එදා අපිත් හිටියා.
Delete//ඔයාල තමයි පුතේ මේ රටේ අනාගතේ, හැමදාම අපිත් එක්ක එකතුවෙලා ඉන්න, අපි මේ රට ගොඩගන්න පුළුවන් හැමදේම කරනවා// ස්තුති කස්සා ඒ වචන ටික මෙතන දැම්මට..
සෝභිත හාමුදුරුවෝ නොබියව ඉදිරියෙන් ඉන්න එක සතුටක් !
එදත් හිටිය නොවැ මං. රන්වැට ඕපන් කරන්න අපු දවසේ, එතකොට ඡන්දේට කලින් බෝධි පුජාවට අපු දවසේ එහෙමත් මං හිටියා
Deleteඋඹේ අත ස්කෑන් කරලා එවාපන් මට ඉඹින්න සෑමා
ReplyDeleteමේ මටත්..!!!
Deleteමගුලයි අත පය කැඩෙන වැඩක්..
Deleteසැමට සුභපැතුම් !!!
ReplyDeleteගරුකල යුත්තාට නිර්ලෝභීව ගරුකලයුතුය..!
ReplyDeleteඑහෙම නැති නිසා මේ රටට මෙලෙස වීය..!
ස්තුති අදහසට !
Deleteසුභ පැතුම් සෑමෝ....
ReplyDeleteසෑමා සෑහෙන්න වාසනාවන්තයි නොවැ.
ස්තුති නිසු..
Deleteතවත් ඉදිරියට වැඩ තියෙයි..
//ඕව කටකතා තමයි.. ප්‍රභාකරන්ව පණ පිටින් අල්ල ගත්ත නම් අද එයත් ඇමති කෙනෙක්.//
ReplyDeleteමේ කථාවටනම් කටේ මසුරං දාන්න වටිනවා..
මසුරන් නෙවේ.. ලබන පාර ඡන්දයක් දාමු !
Delete:)
හොද වෙලාවට ප්රභාකරන් මැරුනේ ... , නැත්තන් සුවර් මානව හිමිකම් ඇමති පට්ටම පොරට තමා.........
ReplyDeleteහොද වෙලාවට ප්රභාකරන් මැරුනේ ... , නැත්තන් සුවර් මානව හිමිකම් ඇමති පට්ටම පොරට තමා.........
සන්තෝසයි ඈ......
:ඩී
Deleteඅපරාදේ කරුණා බේරුනේ :))
//“ඕව කටකතා තමයි.. ප්‍රභාකරන්ව පණ පිටින් අල්ල ගත්ත නම් අද එයත් ඇමති කෙනෙක්...“//
ReplyDeleteඒක විහිවවක්ම නෙවෙයි....!
සෑමො, දේශපාලනේ කරනවනම් තෝරගත්ත පාරෙන්ම දිගටම යන්න.... අපෙන් සුබ පැතුම්....!!!
(හැබැයි මම SF ගේ දේශපාලනයට කැමති නෑ. ඒ වගේම ඔහු දේශපාලකයෙක් කියලා මම විශ්වාස කරන්නෙත් නෑ,ඒක වෙනම දෙයක්..... නමුත් ඔහු දේශපාලනය කරනවනම් යමක් කළ හැකි පිරිසක් අවශ්‍යයි. උඹ එයින් කෙනෙක් වෙනවනම් අපට සතුටුයි )
මමත් හිතන දේ ඒකම තමයි.සුමිත් අය්යට+++++++++++
Deleteමේ කතාවට මාත් එකගයි, SF මහතා මොන දේ කරන්න හිතාගෙන සිටියත් ඔහු වටා සිටින පිරිස ගැන නම් සාදාරන සැකයක් ඇත.
Deleteමාරයා අයියත් මේ ගැන පෝස්ට් එකක කියලා තිබ්බ මතකයි
මට එකපාරටම හිතිච්ච දේ සුමිත් අයියාත් කියලා තියෙනවා.... දේශපාලකයෙක් විදියට නැතුව හමුදා නායකයෙක් විදියට ඔහු දෙස බලන්න මම කැමතියි...
Deleteකිව්වත් වගේ සැමාට දැං අත හෝදන්න වත් හිතෙනවද දන්නෑ....
කෙසේ වෙතත් සැමාට ජය වේවා.....
@සුමියා - SFට දේශපාලයක් කරන් ලැබුනේ නැහැ කියලයි මගේ විශ්වාසය. ඒත් යුධ නායකයෙක් විදිහට හමුදාවක් පාලනය කරපු සෙන්පතියෙකුට ඇමති මණ්ඩලයක් හොදින් බලාගන්න පුළුවන් වෙයි නේද කියල මට 100%ට වඩා විශ්වාසයි. වර්ථමාන ඇමති ආතල් දෙස බැලීමෙන් පැහැදිලිවේ.
Delete// ඔහු දේශපාලනය කරනවනම් යමක් කළ හැකි පිරිසක් අවශ්‍යයි.// ඔහු එදා කිව්වා, ඉදිරියට එන්න බය නැති චරිත අවශ්‍ය බවක්. දැනට සමාජය නිර්භීත දක්ෂයන් ලෙස දකින්නේ කුඩු කාරයන්, මැරයන් බවත්.
ස්තුති සුමියා..
@AmilaArt- ස්තුති අදහසට // SF මහතා මොන දේ කරන්න හිතාගෙන සිටියත් ඔහු වටා සිටින පිරිස ගැන නම් සාදාරන සැකයක් ඇත.// දැන් මලින්ද මාමා වටේ ඉන්න අය කෝමද? සැක නැද්ද? එලිපිටම සිදුවෙන දේවල් මත සතුටුද?
ආයෙත් කියන්න වෙනවා යුධ නායකයෙක්ට තමන්ගේ පිරිස වුනත් හසුරවන්න බැරි කමක් නැහැ නේද?
@හිරු - // දේශපාලකයෙක් විදියට නැතුව හමුදා නායකයෙක් විදියට ඔහු දෙස බලන්න මම කැමතියි... // පක්ෂග්රාහි කුහක කමක්ද මන්දා.. ;)
ස්තුති සැමට..
සුමිත් අයියා +++++
Delete@ සෑම් = උඩ කමෙන්ට් කරලා තියෙන අයගේ කමෙන්ට් වල ඇත්තක් තියෙනවා. මම දේශපාලනයේ ස්වාධීනව වෙන දේවල් බලන් ඉන්න කෙනෙක් නිසා එහෙම කියන්නේ. පක්ෂග්රාහි කුහක කමක් නිසා නෙවෙයි.
Deleteසෑම්
Deleteඑහෙම කිව්වෙ පකෂග්‍රාහී කමකට නෙවෙයි.... හමුදා නායකයෙක්ට හමුදාවක් හසුරවා ගැනීම ප්රශ්නයටක් නොවෙන්න පුළුවන්... හැබැයි හමුදා නයකයෙක්ට රටක් පාලනය කරන්න අමාරැයි කියලයි මට හිතෙන්නෙ... හමුදා නායකයෝ රටවල් පලනය කරන රටවල තියෙන ප්‍රශ්න ගැන බැලුවාම...
අනිත් එක ඔහුට හොද හමුදා නායකයෙක් විදියට හමුදාව හසුරවාගෙන ඉදිරියට යන්න ඉහල පාලනයෙන් සහයෝගයක් නොලැබුනා කිව්වොත් ඒක බොරුවක්....
ඔහු දේශපාලකයන්ගේ ලණු කාලා තමන්ගේ ජීවිත කාලයේ ලබා ගත්ත ඉහලම ගෞරවය නැති කරගත්ත එකෙන් පෙනුනේ ඔහුගේ තියෙන දේශපාලනික පරිණත කමක් නෙවෙයි..... කවුරැහරි කියනවනම් ඒක පරිත්‍යාගයක්, නැත්තම් හොද දේ කරන්න ගිහිල්ලා ඔහුගෙන් පළිගත්තා කියලා, ඒක දේශපාලනික පරිණත කමක් නෙවෙයි....
මේක කතාවට අදාල නැති වෙන්න පුළුවන්... ඒත් මම මේක කියන්නම්....
යුද්ධෙ අන්තිම දවස්වල අපිට ආරංචියක් ආවා (නිල නොවන මට්ටමින්) සුදු කොඩි උස්සගෙන ආපු කොටි පිරිසකට හමුදාවෙන් වෙඩි තිබ්බා කියලා.... ( එතකොට මම කෝච්චියේ මට වඩා ගොඩක් වයස කට්ටියක් එක්ක තමයි දිනපතා වැඩට ගියේ) .. කට්ටිය ඔක්කොම කියන්න ගත්තා ඒක තමයි කරන්න තිබුන හොදම දේ... හමුදාපතිට හොද කොන්දක් තියෙනවා.. ඕවා අස්සෙ බෝම්බයක්වත් තිබුනා නම් අපේ කොල්ලෝ කොච්චර මැරෙනවද.. .අනිත් එක ඊට පස්සේ මානව හිමිකම් සංවිධාන වලින් ඇවිත් මේ අයව හිරේ තියාගෙන නඩු කියලා ඉවර වෙනකම් කන්න බොන්න දෙන්න වෙන්නෙත් අපේ සල්ලි වලින් නේ කියලා..... ( මේ සමාජයේ කොටසක් නියෝජනය කරපු කට්ටියක් කියපු දේවල් හරිද... මගේ අදහස් නෙවෙයි.... මගේ අදහසක් තියාගන්න තරම් මට වයසක් වත් දැනුමක් වත් තිබුනේ නෑ )
ටික කාලෙකට පස්සේ මේ ගැන පත්තරේ ගියා හමුදාපති මේ කතාව පත්තරේට කිව්වා කියලා... එතකොට අර අයම කියන්න ගත්තා හමුදාපතිට පිස්සුද මේ වගේ දේවල් ප්‍රසිද්ධියෙ කියන්න, මේකෙන් වෙන්නේ හමුදාපතිට තමන්ගේ හමුදාව හසුරවා ගන්න බැරිවුනා වගේ මහ කොන්ද පණ නැති කතාවක් නේ... අනිත් එක තමන් හමුදාවෙ හිටිය කාලෙ කරපු දේවල් වලට දැන් තමන්ගේ වගකීමක් නෑ කියනවා වගේ කතාවත් නේද මේකෙන් හමුදාවට මොන තරම් හානියක් සිදු වෙනවද, මේ මනුස්සයා තමන් නියෝජනය කරපු හමුදාවම මේ විදියට විනාස කරන්න හදනවා නේද කියලා.... මේ මනුස්සයට කවුරැහරි ලොකු ලණුවක් දීලා වගේ කියලා.. .
මේක මෙතන කිව්වේ මම දන්න තරමින් සමහර මිනිස්සුන්ගේ හිත්වල මොන තරම් පෙරලියක් ඇති උනාද කියලා පෙන්නන්න...
ඒකයි මම කිව්වේ ඔහුව දේශපාලකයෙක් විදියට වඩා හොද හමුදා නායකයෙක් විදියට දකින්න මම කැමතියි කියලා... ඒකෙ පකෂග්‍රාහි කමක් වත් කුහක කමක් වත් තියෙනවා කියලා මම හිතන්නේ නෑ...
/*ඔහු දේශපාලකයන්ගේ ලණු කාලා තමන්ගේ ජීවිත කාලයේ ලබා ගත්ත ඉහලම ගෞරවය නැති කරගත්ත එකෙන් පෙනුනේ ඔහුගේ තියෙන දේශපාලනික පරිණත කමක් නෙවෙයි..... කවුරැහරි කියනවනම් ඒක පරිත්‍යාගයක්, නැත්තම් හොද දේ කරන්න ගිහිල්ලා ඔහුගෙන් පළිගත්තා කියලා, ඒක දේශපාලනික පරිණත කමක් නෙවෙයි.... */
Deleteමේකනම් සම්පූර්ණ වැරදියි.ඒ දවස්වල හිරේ දාපු කාලෙ ආණ්ඩුවේ උන් ටී වී වල කීවෙත් මේකම තමයි.හොඳට නම්බු පිට ඉන්න පුළුවන් මිනිහෙක් ජේ වී පී උගුලකට අහුවුනා කියා.
එතකොට එතුමා හිරේ යන්න වුන එකම හේතුව ජන්දෙ ඉල්ලීම විතරක්ම වෙනවා.
ඒ කරපු දේ කොච්චර කුහකද?මිනිහෙක්ගෙ ජීවිතයක් විනාශ කරන්න තීරණ ගත්ත කෙනාගේ වරද නොදැක බලන්නැතුව ඒ මිනිහා වැරදියි කියන එක සාදාරණද
සිතුවම්
Deleteඑතුමා හිරේ යන්න හේතුව ගැන මට කියන්න දෙයක් නෑ.. මොකද මම හරියට දන්නේ නැති නිසා.. (ඔය ආයුධ ගනුදෙනුව ගැන කතාව තාමත් අධිකරණයේ තියෙන දෙයක්.. එතුමා නිදහස් උනා කියලායි හිතන්නේ.. ඒක හොදයි...)
මේ මගේ පෞද්ගලික අදහසක් විතරයි... ඡන්දෙ ඉල්ලන්න කලින්නේ මේ කතාව ආවේ.... එතුමා ගැන මගේ තිබුණ ආදර්ශමත් පෞරැෂත්වයක් තියෙන හමුදා නයකයෙක් කියන අදහස සුදු කොඩි කතාවෙදි ( ඒ කතාව එතුමා කිව්වා නොකිව්වා මම දන් නෑ. ) එතුමා නැගුන ප්‍රශ්න වලට උත්තර දුන්න විදියෙන් නැති උනා... එතුමා උත්තර දුන්නේ වෙච්ච දේවලට තමන්ගේ වගකීමක් නෑ කියන්නා වගේ... ( මට තේරැණ හැටි) නායකයෙක් තමන් යටතේ සිදුවෙච්ච දේකට වගකීමක් නෑ කියලා කියනවා නම් ඒ හොද නායකයෙක් නෙවෙයි... ඒකයි මම කිව්වේ දේශපාලකයෙක්ගේ ලණුවක් කෑවා කියලා... මොකද එතුමා හොද බුද්ධිමත් තීරණ ගන්නා කෙනෙක් විදියටයි මම දැනගෙන හිටියේ..... මම කිව්වේ ඒ ගෞරවය ගැනයි....
This comment has been removed by a blog administrator.
Deleteඔහුගේ ගමන් මග ගැන තවමත් හරි හැටි දැනීමක් නොතිබුනත් සෑම්ට සුභ පතනවා...
ReplyDelete:D
Deleteස්තුති !
"ප්‍රභාකරන්ව පණ පිටින් අල්ල ගත්ත නම් අද එයත් ඇමති කෙනෙක්...“
ReplyDeleteඅපොයි ":; පොල් ටොක්කක් ඇන්න වගේ. සැමා පරිස්සමින් උඹලගේ ප්‍රාන්තේ තියෙන්නෙ කැලේ නීතිය නෙ.
ඇත්තම තමයි මගේ ප්‍රාන්තෙ තත්වෙ මට අමතක වුනා බං..
Deleteමොකෑ කරන්නේ.. මේක ඩිලීට් කරමු ද? :)
මගේ සුබ පැතුම් සෑමෝ !
ReplyDeleteස්තුති නෝටි !
Deleteසෑමත් හරි මග යන්නේ එහෙනම් ....
ReplyDeleteඅනිත් උන් ඔහේ ගියාවේ.. උන් වැටෙයි මුලාවේ...
Deleteසුභ පතනවා. බය වෑන් වලට තමා.
ReplyDeleteපොඩි කාලේ හැමදාම උදේට පාරට වෙලා බලන් හිටියේ වෑන් එක වෙලාවට එනකල්.
Deleteඒක සුදුපාටයි.
ඒ අපේ ස්කූල් වෑන් එක..
ස්තුති !
"ප්‍රභාකරන්ව පණ පිටින් අල්ල ගත්ත නම් අද එයත් ඇමති කෙනෙක්...“
ReplyDeleteඋඩු ගං බලා පීනන්න ගියේ නැතිනම් ජෙනරාල්ටත් ඇමති කෙනෙක්, තානාපති කෙනෙක් වෙලා ඉන්න තිබුනා.. එහෙම නොවී මෙහෙම වුනේ හිත හයිය නිසා. දැන් දැන් තරමක ප්‍රගතියක් පෙන්නුවත් මම නම් හිතන්නේ ඔහු දේශපාලනයට නුපුහුණු බව. මඩ ගොහොරුවකට පැනලා ඔහුට තනියෙන් කරන්න දෙයක් නැහැ...
උබට සුභපැතුම්..
ඉස්සර රජවරු යුද්ධ කරන ගමන් රටක් කළා. හමුදාවක් සමග එක්ව යුද්ධය කරපු පුද්ගලයෙක්ට ඇමති මණ්ඩලයක් බලාගෙන (වර්ථමානය වගේ උන්ට බුල් ගසන්නට නොදී)හොදින් රට කරන්න බැරි කමක් තියෙනවා කියලා හිතෙන්නෙ නැහැ මට නම්.
Deleteමඩ ගොහොරුවක් කිය කියා අපේම මිනිස්සු දේශපාලනේට යවනවා පිරිසක්. තමන්ගේ අතින්ම කතිරය ගහලා. මිනිස්සු හිතන්නේ දේශපාලනේ හරි යන්නේ කුඩු කාරයින්ට. මැරයින්ට කියල එහෙම එවුන්ම ඇතුලට යවනවා. මේ ක්‍රමය වෙනස් කලොත් රටට හොදක් වෙයි කියල හිතෙනවා.
ස්තුති රාමා..
ඒක හරි අපි අතරින්ම අපි විහින්ම තෝරලා යවන අයනේ අපට කෙළවන්නේ.. අන්තිමට බැලුවහම අපිම තමයි අපිට කෙලවගන්නේ.. ඒත් ඉතින් තනි හරි මනුස්සයෙක් මේකට බැස්සට පවතින ක්‍රමේ වෙනස් කරන්න, කරනකම් ඉන්න ඔහුට ඉඩක් ලැබෙන්නේ නැහැ. මහජනතාව අතර මතවාදී වෙනසක්, ආත්මාර්ථයෙන් ඔබ්බට ගිය, රට ගැන , අනික් මිනිස්සු ගැන හිතන්නට පෙළඹෙන වෙනසක් සිදු වෙන්නේ නැතිව SF බලයට ආවත් ඔහුට මුකුත් කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ අවශ්‍ය මතවාදී වෙනස ඇති කරන්නට ඔහුට පුළුවන් වෙනවානම් එතනින් එහාට රටක් පාලනය කරන්න ඔහුට බැරි කමක් නැහැ.. ඒත් ඔහුට ඒ ඉඩ ලැබීමේ හැකියාව අවමයි..
Deleteහමුදාවට විනය තියනවා.. කෝ ඒ විනය දේශපාලනයේ දී?
Delete//“ඕව කටකතා තමයි.. ප්‍රභාකරන්ව පණ පිටින් අල්ල ගත්ත නම් අද එයත් ඇමති කෙනෙක්...“//
ReplyDeleteමේක නම් සිරා කථාව
කොහොම වුනත් එතුමා හිරෙන් නිදහස් වුනාට පස්සේ දැනට යන දේශපාලන ගමනෙන් නම් සාර්ථකත්වයක් ගන්න පුලුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක් . ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂයා විදිහට ඡන්ද ලක්ෂ 41ක් අරන් , මාස ගාණකට පස්සේ එතුමාගේ නායකත්වයෙන් යුතු පක්ෂෙට මන්ත්‍රි දූර 7ක් විතරක් ලැබුනේ ඇයි කියන එක ගැන තේරුම් ගැනීම ම ප්‍රමාණවත් , මේ වෙනකොට එයිනුත් කොටසක් වෙන්වෙලා ගිහින් . අද වෙන කොට පලාත් සභා තුනට අපේක්ෂය්න් ටිකක් හොයා ගන්න බැරි පක්ෂයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ
ස්තුති බුවා අදහසට..
Deleteදේශපාලනයට ආ අළුත තිබුනාට වඩා ඔහුගේ අදහස් හා ක්රියාවේ පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. එදා හමුවීමෙදි පවා ඒක පැහැදිලිව පෙනුනා.
//අද වෙන කොට පලාත් සභා තුනට අපේක්ෂය්න් ටිකක් හොයා ගන්න බැරි පක්ෂයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ// පිරිස් එකතු කිරීමේදි ‘චරිත‘ වඩා වැදගත් යැයි යන ඔහුගේ හැගීම සහ බියෙන් තොරව ඉදිරියට එන (අදහස් ප්‍රකාශ කිරිමේදි පවා) පිරිසක් ගැන ඔහුගේ අවධානය යොමු වෙලා.. තව අදහස් කිහිපයක් ඉදිරිපත් වුනා ඔහුගේ පැත්තෙන්..
අපි හිතනවා ඔහු ඉතා සාර්ථකයි !!
නිර්භීත අලුත් පිරිසක් එකතු කරගැනීම ඉතාම හොඳ අදහසක් බවට සැකයක් නැ , නමුත් එතුමා සහ සැමා ඇතුලු අනුගාමිකයින් බලාපොරොත්තු වෙන විදිහට රටේ නායකත්වයට එන්න නම් ලංකාවේ වර්ථමානයේ පවතින යථාර්තයට අනුව කටයුතු කරන්න වෙනවා . ගේම් එක චේන්ජ් කරන්න කලින් තියන රුල්ස් වලට ගේම් එක ගහලා දිනාගන්න වෙයි
Deleteබොහොම සතුටුයි උඹ ගැන. අදටත් මම කැමතිම පෝස්ටුව.
ReplyDeleteඑතනත් ආයෙමත් කමෙන්ටුවක් දැම්ම නේද සහෝ.. ස්තුති !
Deleteබොහෝම සන්තෝසයි සෑම්.. තමන්ගේ දේසපාලන දැක්ම ඕක නං ඒක ඒවිදිහටම තියාගන්න.. ඒකෙ ගැටළුවක් නෑ.. උඹ ලියන දේවල් වගේම ක්‍රියාවෙනුත් වැඩ්ඩෙක් වෙයි කියල මං විස්වාස කරනවා.. මගේ දේසපාලන මතේ මොකක් උනත් මචං පරිස්සමින්..
ReplyDeleteඉතිරිය උඹට බාරයි!!
ජය!!!
//මගේ දේසපාලන මතේ මොකක් උනත් මචං පරිස්සමින්..//
Deleteහිත යටින් විශ්වාසයක් තියෙනවා නේද මර්ධනයක් ගැන.. :)
ස්තුති සහෝ..
අවතාර්ට හිතෙන විදිහට නම් ජෙනරාල්ට හීනයක් පෙන්නලා ඒ මනුස්සයව නැති කරා ජරා දේශපාලනේට ඇදලා දාලා
ReplyDelete“ජරා දේශපාලනේ කියන එක වැරදි, ජරා වෙන්නේ පුද්ගලයන් අනුව.. ඒ නිසා හොද මිනිහෙක්ව යවමු“
Deleteඔය මානසිකත්වය නිසා කවදාවත් හොද මිනිහෙක් දේශපාලනේ කරන එකක් නැහැ. අනික හොද මිනිහෙක්ට තැනක් ලැබෙන එකක් නැහැ.
සෑමා සුභ පැතුම්. විස්තර කරන්න දෙයක් නැහැ උඹේ හැකියාව ගැන..
ReplyDeleteටැංකූ අසා..
Deleteසුභ පැතුම් සෑම් අයියේ !!!
ReplyDeleteඒ පෝස්ට් දෙකම මාත් බලලා තියෙනවනේ සෑමා.. සතුටුයි බං.. උබේ හිතේ ඉන්න වීරයා එක්ක වචනයක් හරි කතා කරන්න ලැබුන එක ගැන..
ReplyDeleteස්තුති දින්නා..
Deleteජය !
මාත් ඇස් දෙකෙන් දැක්කට මට කතාකරන්න වාසනාවක් ලැබුනේ නෑ ජෙනරාල් එක්ක.... අයියගේ ඒ පොස්ට් එක බොක්කටම වැදුන පොස්ට් 1 ක්.. සදා ජය !!!
ReplyDeleteඅහ්.. සුප්පා.. :ඩි
Deleteස්තුති..
සෑම්...ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි..ඔයාට ලැබෙන ඔයා ලබා ගන්න දේවල් ගැන ඔයාගෙ යාලුවන් අතරින් මුලින්ම සතුටු වන කෙනෙක් මම..ඔයා ඒක දන්නව නේද?
ReplyDeleteනෑ.....
Deleteමම දන්නෙ නැහැනේ...
ස්තුති කිරිල්ලී ! ;)
අධ්‍යාපනේ, තෙල් වගේම අර්තිකෙත් කාපු යක්කු ඉන්න රටක් මේක. අඩුම ගානේ උන්ට වැරද්දක් උනා කියල පිලිගන්නවත් ඕන කමක් නෑ. තවත් වල් පල් කියෝ කියෝ ඉන්නවා. වෙන රටකනම් දෙස්පාලෙනුත් අයින් වෙලා මෙච්චර දෙයක් වෙන්න ඉස්සෙල්ලා.
ReplyDelete“ඕව කටකතා තමයි.. ප්‍රභාකරන්ව පණ පිටින් අල්ල ගත්ත නම් අද එයත් ඇමති කෙනෙක්...“ +++++++++++++
මට පෙන්නන්න බැරි වැරදි පිලි නොගන්න එක..
Deleteහරිම උද්දච්ච කමක් තියෙන්නේ..
ස්තුති ඒ.කේ.ඇම්.. :)
සුභ පැතුම් :)
ReplyDeleteතුති !
Deleteඋඹ ගැන සතුටුයි මලේ. ඒ වගේම උඹේ අදහස් ගැනත්. ඉතින් ජය..!
ReplyDeleteස්තුති කිව්වා ඕං.. කෝ බං පෝස්ට් ?
Deleteනංගි බබා එපා කිව්වද ලියන්න.
උඹ අපිට ආඩම්බරයක් සෑමෝ දැන් එස්.එෆ් වුනත් සිංහල බ්ලොග් කියවන්න පෙලෙඹෙයි.
ReplyDeleteමම නම් දේශපාලනඥයාට වඩා කැමති යුද විරුවාට.ඒ යුද විරුවා රටේ නායකයා වුනා නම් ඊටත් වඩා කැමතියි.
ස්තුති නිශා..
Deleteඑස්.එෆ් නැතුව අනිත් මාමලා බ්ලොග් කියවන්න ගත්තොත්??
ඇයි ලොකු මාමගේ ලේකම් මාමා බ්ලොග් කරුවන්ව මුණගැහුනේ එක පාරක් , විපක්ෂ මාම කියවනේ ඉංගිරිස් බ්ලොග් විතරයි ලුනේ
Deleteසුභ පැතුම් සෑම්. ජෙනරල්ට අතට අත දුන්නට පස්සෙ තවම අත හේදුවෙ නැත්ද?
ReplyDeleteයකෝ අපි අත් හෝදලා කෑම කන්නේ !
Deleteසුභ පැතුම් ලොක්කා. අන්තිමට තිබුණු ටික නම් හොඳටම හිතට වැදුණා....
ReplyDelete"ප්‍රභාකරන්ව පණ පිටින් අල්ල ගත්ත නම් අද එයත් ඇමති කෙනෙක්" :(
ස්තුති හසියා..
Deleteඅෆ්ෆා සෑම් නියමයිනේ... සතුටුයි... සුභ පැතුම් සෑමෝ....
ReplyDeleteමුන්ට හරි ගියාම පේන්නත් නැහැනේ..
Deleteටැංකු !
උඹ මාර වාසනාවන්තයි බං දෙපාරක්ම අතින් ඇල්ලුවනේ,කතා කරත් එක්ක බලහං..
ReplyDeleteමම තාම ඇස්දෙකෙන් දැකලා නෑනේ, ශික් කරුමේ :/
කෝ උඹලා අපිව කලින් දැනුවත් කලෙත් නෑ නේ :ඩ්
කියන්න වචන නැත.
ReplyDeleteඅයිය නම් මාර වාසනාවන්තයෙක් අයියේ!
සැමයියේ කියන්න දෙයක් නෑ ඔයා නම් මාර වාසනාවන්තයෙක්....
ReplyDeleteකවදහරි දවසක සැමත් දේශපාලනයට සෘජුව පැමිණෙයි වගේ... එහෙම උනොත් ඉතින් කාටවත් නොදීපු මගෙ ඡන්දේ වැදගත් එකෙක්ට දෙන්න බැරියෑ..
ජය වේවා සැමෝ.හදවතින්ම සතුටුයි ලැබුණු ඇගයීම ගැන...
එතුමාව තවම දකින්න කැමති නිල ඇදුමෙන් , ඒ එඩිතර පෙනුම අපේ හිත්වලින් කවදාවත් මැකෙන්නේ නෑ, එතුමා දේශපාලනයට ආව එක ගැන එදත් , අදත් , හෙටත් මට තියෙන්නේ කණගාටුවක්,
ReplyDeleteමම පුද්ගලයෙක් විදියට ජෙනරාල්ට ගරු කරත් ඔහුගේ දේශ පාලනය ගැන නම් කිසිම පැහැදීමක් නෑ.සෑමා කියල තියනවා හමුදාවක් පාලනය කරා නම් ඇමති මණ්ඩලයක් පාලනය කරන එක අමාරු නෑ කියල.එත් අපි වටේ ඕන තරම් උදාහරණ තියනවා හමුදා නායකයෙක් රටේ පාලකය උනාම ඇති වෙන්නේ මොනවගේ තත්වද කියල.කතා දෙකක් නෑ හමුදා නිලදාරියෙක් විදියට සරත් ෆොන්සේකා කියන්නේ දෙන්න පුළුවන් උපරිම උදාහරණයක්.එත් දේශපාලය ගැන කතා කරනවා නම් සරත් ෆොන්සේකා කියන්නේ මෝඩයෙක්.සරත් ෆොන්සේකා ලක්ෂ හතලිස් ගානක් චන්ද ගත්තේ දේශපාලන වශයෙන් දුර්වල වෙලා තිබුන ජවිපෙත් , එක්සත් ජාතික පක්ෂයත් නිසා.ඒ වෙලාවේ සරත් ෆොන්සේකා නෙවෙයි වෙන කෙනෙක් ආවත් ඔය චන්ද ටික ලැබෙනවා.සෑමා කියන්නේ අගනුවර ආසන්න පරිසරයක ජීවත් වෙච්ච කෙනෙක් නිසා සමහර දේවල් ගැන බලන්නේ එක රාමුවකට කොටු වෙච්ච කොනෙකින් විතරයි.එත් අගනුවරින් පිට ප්‍රදේශවල මිනිස්සු බලන්නේ වෙනම කෝනෙකින්.පරණ කට්ටියට මතකද මන්ද මතිනි පරද්දල ජේ ආර් දින්නම ගම්වල ශ්‍රී ලංකා කාරයන්ට යුඇන්පියෙන් එලව එලව පහර දීපු හැටි.ජනාධි පතිවරණ සමයේ සරත් ෆොන්සේකා කරපු සමහර කතා වලින් ගම්වල මිනිස්සු බය උනා ආයෙත් එහෙම දෙයක් වේවිද කියල."ඒ දවස් වල සමහර සරත් ෆොන්සේකා පාක්ෂිකයෝ ප්‍රසිද්දියේ තර්ජන පවා කළා".ඉතින් සරත් ෆොන්සේකා පැරදුන එක සාමාන්‍යයි.කොලබින් ඈත ගමකට ගිහින් බලන්න මිනිස්සු කොහොමද සරත් ෆොන්සේකා ගැන හිතන්නේ කියල..
ReplyDeleteකොහොම උනත් සෑමා ගේ නිර්මාණ කුසලතාවයට මතක හිටින සිහිවටනයක් ගරු කල යුතු පුද්ගලයෙක් අතින් ගන්න ලැබිච්ච එක වාසනාවක්.....
(සරත් ෆොන්සේකා අසරණ වීමට වැඩියෙන්ම වග කියන්න ඕන අර අවස්ථාවාදී ජවිපෙ තමයි.නොදකින් කාලකන්නි )
උඹට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteහප්පා පරක්කු උනා කියවන්න එන්න.... ශා,...... සෑමා හරිම ලකී නේ.සුභ පැතුම් සුභ පැතුම් , අර එතුමා කියපු කතාවනම් නියමයි
ReplyDeleteසෑම්, වෙන කෙනෙකුට ප්රශස්ති ලියුවා නම් "සෑම් " නමින් මාවතක්වත් නම් කර ගන්න වත් තිබ්බා
ReplyDeleteඋඹේ නිර්මාණේ ඇගයුන එකට සුබ පැතුම් මලේ
ReplyDeleteබල්ලෝ බුරති සඳ බැබලෙති
ReplyDeleteරට පාලනය කිරීම කෙසේ වෙතත් රටක බුහුමන් ලැබිය යුතු මල් පුදා ගරු කල යුතු පාවඩ දමා පිළිගත යුතු ගුණ ගී වරුසා මැද තෙමිය යුතු මහත්මයෙකි
නමුත් ඔහේගේ අනිතමනිත්වය හිර ගෙදරත් එළියෙදීත් යුද්දෙදිත් එක සේ දැකීම සිංහලයෙකු බව තහවුරු කිරීමකි
සත්තකි " රණබිම මරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ..."
සෑමාට සුභ පැතුම්.. දේශපාලනය සම්බන්ධව නම් මා දරන්නේද සුමිත් නිරිඇල්ලගේ මතයට සමාන මතයකි..දේශපාලනයට ඔහු සුදුසු නැත නොව..දේශපාලනය ඔහු"ට" සුදුසු නැත.. නමුත් ජෙනරාල් නම් සෑබෑ වීරයකි.. සැබෑ රණවිරුවකි.. ජය වේවා..
ReplyDeleteසැමායියේ...සුභ පැතුම් ඈ...
ReplyDeleteදේශපාලක භූමිකාව ගැන නම් මම තාම නිහඩව බලා ඉන්නවා. ඔහුගේ පහනෙන් එළිය බලන උන්ගේ තරම දන්න නිසා ටිකක් පිටිපස්සට වෙලා බලා ඉන්නවා. කවුරු කොහොම වාරණ පැනෙව්වත් ඔහු අපිට තාමත් 'ජෙනරාල්', ඒ මෙච්චර කාලයක් විරළව තිබ්බ උත්තුංග පෞර්ෂයක් එතුමාගෙන් පෙනීම.
ReplyDeleteදේශපාලනයේ ජේෂ්ඨයන් වගේ එතුමාගේ දේශපාලන දිසාව ගැන අනාවැකි පළ කරන්න තරම් මම දක්ෂ නැහැ. හැබැයි පුද්ගල වෙනසකින් හරයේ වෙනසක් කළ නොහැකි කියන තර්කයත් එක්ක මම එච්චර එකග නෑ. ඒක නිසා මගේ නිහඩ බැල්මේ බලාපොරොත්තුවක් නැතුවම නොවේ.
සිරාගේද නූතන වීරයා එතුමායි... සෑමාද ඒ කුලකයේ බව දැනගත් විට සැබැවින්ම සතුටු වීමි. ජය!
ReplyDeleteඔන්න සහෝ පෝස්ට් දෙකම කියෙව්වා.අපූරුයි!
ReplyDeleteදේශපාලනේ ගැන නම් දන්නේ නැහැ.ඒත් අර වගේ පෝස්ට් එකකට තෑග්ගක් නොලැබෙන්න විදිහකුත් නැහැ :)
මං සුභ පතනවා ඔබට..:)
ආතක් පතක් නැතු අතරමං වෙලා ඉන්න වීරයෙක්..
ReplyDeleteඋඹගේ ජයග්‍රහණය හා ලිවිල්ලට මගේ උත්තමාචාරය...
එළ එළ සුභ පැතුම් මචෝ.....
ReplyDeleteමමත් වාසනාවන්ත උනා එතුමව හම්බවෙන්න... හැබැයි දේශපාලක ෆොන්සේක නෙවේ ජෙනරල් ෆොන්සේකා... හමුදා මූලස්ථානයේදී ඒ මුණගැහීම අමතක නොවෙන සිදුවීමක්...හේතුව එතුමා හිටියෙ නිළ ඇඳුමෙන්... මගේ බුකිය පැත්තෙ ගියානම් සැමයිය දැකලත් ඇති...
ReplyDeleteමම අදටත් ගරු කරන පෞරුශයක්... ඒ උනත් දේශපාලනයේදී බ්රේක් නැති කට ගැන දුක් වෙනව... ඔහු ප්‍රතිරූපයට සිදුකරගත් හානිය වැඩියි... අපරාදෙ...
මාගේ මාමත් දෙසපාලනෙට සම්බන්ද නිසා මටත් වාසනාවක් හම්බ උන ජෙනරාල් මහත්තය එක්ක කතාකරන්න. හරිම හොඳ කෙනෙක්
ReplyDeleteඔහු සෑබැම රණවිරුවෙකි.
ReplyDeleteමනසින් දිවියට
ජෙනරාල්ට වම් පැත්තෙන් සුදු ෂර්ට් ඇඳන් ඉන්නේ මම... ගොඩක් සතුටුයි එතුමව ඒ විදියට හම්බෙන්න ලැබුණ එක ගැන...
ReplyDelete