Google+ Followers

Tuesday, February 26, 2013

මගතොටදී ගහපුවා...


සෑමාගේ ෆෝන් එකේ මෙච්චර කල් එහාට මෙහාට වෙවී තිබ්බ ෆොටෝ ටිකක් අල්ලලා පෝස්ට් එකක් කෙටිය යුතු යැයි සෑමා යම් මතකයට ආවේය. එහි ප්‍රථිඵලයක් ලෙස මෙ මෙසේ ලියැවෙන්නේය.

ඉස්සර පාසල පටන් ගත්තේ උදෑසන අටටය. අහවර වූයේ දහවල් දෙකටය. එහෙත් සමහරක් දෙනා පාසලට ආවේ උදෑසන 9යත් පසු වූ විටය. එහෙත් පාසලෙන් පිටත් වූයේ දහවල් දෙකටත් කළින්ය. මෑතකදී 2006 ශිෂ්‍ය කණ්ඩායමේ ව්‍යාපෘතියක් ලෙස විවෘත වූ ජලනල පද්ධතිය සම්බන්ධ යම් කිසි කාර්‍යයකට පාසලට ගිය සෑමා සහ කමිටු සාමාජිකයන් විදුහල්පතිතුමා හමුවීමට කාර්යාලයට ගියෝය. එහිදි විදුහල්පතිතුමා පාසල පුරා පිහිටුවා ඇති කැමරා මගින් ලැබෙන රූප රාමු මොනිටර් කරමින් සිටියේය. උදෑසන 10ට පමණ වූ ඒ වේලාවේ ගුරුවරියක් අතින් ඇදගෙන ආවේ පාසල් සිසුවෙක්වය.

“සර්.. මේ ලමයා තාප්පෙන් පැන්නා..“

“මේ වෙලාවේද මේ කොල්ලා ඉස්කෝලෙට ආවේ??“

“ඔව් සර් පරක්කු වුණා මදිවට මේ කොල්ලා තාප්පෙනුත් පැනලා පන්තියට ආවහම අල්ලගෙන ආවේ..“

එකී ශිෂ්‍යා කාර්්‍යාලයේ එළියෙන් මදක් තබන ලෙස ඉල්ලා සිටි විදුහල්පතිතුමා අප සමග සිනහා මුසු මුහුණින් කතාව ඇරඹුවේය.

“බලනවා ඕගොල්ලො හිටපු කාලෙ වගේමයි තාමත්..“

“ඒත් සර් අපේ එවුන් ගොඩක් අහුවුණේ එළියට පනින්න ගිහින් නේ.. මේ ලමයා අධ්‍යාපනය ලැබීමේ චේතනාවෙන් ඇතුලට පැන්න කොල්ලෙක් නිසා වරදේ ප්‍රමාණය අඩු වෙනවා නේද?“

අපි එකී සොයුරාගේ දඩුවම ලිහිල් කිරීමට තැත් කළෙමු.

පාසලට ප්‍රමාද වී එන්නේද, පාසලෙන් කළින් පනින්නේද, වේලාව පිළිබද දරුවන්ට නිවැරදි අවබෝධයක් පාසල මගින් නොලැබෙන නිසා බව සිතු ඌරාපොල පැත්තේ පාසලක් පාසල පටන් ගන්නා සහ අවසන් වන වේලාවන් ප්‍රදර්ශණය කළේ මේ ආකාරයෙන්ය. මෙය අනිකුත් පාසල්ද ආදර්ශයට ගැනීම උචිතය.


වංගු වලදී සිදුවන අනතුරු බොහෝය. ඒවා අවම කිරීමට පොලිස් නිලධාරීහු වැඩ භාර ගන්නේ සවස් ජාමයේ හෝ වාහන වැඩිපුර ගැවසෙන උදෑසන ජාමයේය. එහෙත් සාමාන්‍ය අතුරුපාරවල් වලදී එලෙස පොලිසිය හෝ කලර් ලයිට් පිහිටුවන්නේ නැති නිසා මීගමු ප්‍රෙද්ශයේ අතුරුපාරක ජනතාව අනතුරු අවම කිරීමට ගත් උත්සාහයක් ප්‍රදර්ශනය වූයේ මෙසේය.


අවම ඉඩ ප්‍රමාණයකින් වැඩිම වැඩ කොටසක් ගන්නේ ස්වර්ණවාහිණීය කීවොත් සෑමා නිවැරදිය. ඔවුන්ගේ රාත්‍රී අටට ප්‍රවෘත්ති යන වේලාවට එය මනාවට පසක් කරන්නේ යටින් දැමෙන තඩි දැන්වීම් තීරුව නිසාය. එම ක්‍රමය ප්‍රෙයෝජනයට ගත් කඩයක් අපට දැක ගන්නට ලැබුනේය. එහි ෆොටෝවක් මෙසේය. එකම කඩදහියේ දැන්වීම් දෙකක් දැක්වීම ඔවුන් උගත්තේ උක්ත නාලිකාව බැලීමෙන්ද?


සූකිරි බෝල යනු ලොසිංජරයක් ආකාරයේ එකක් විය යුතුය. කෙසේ වෙතත් එය රුපියල් 25/-ක් විය නොහැකිය. දිනක් සවස ප්ලේන්ටියක් ගැසීමට කඩයකට ගිය සෑමා සහ ඔහුගේ සගයන්ට දකින්නට ලැබුනේ ඇස් උඩ යන මිල දර්ශණයක්ය. එහි සදහන් වූයේ සූකිරි බෝලයක් රුපියල් 25/-ක් බවය. පසුව ප්ලේන්ටිය ගසා මුදල් ගෙවීමට කැෂියර් එක ලගට ගිය විට සෑමා මුදලාලි මලයාගෙන් ඇසුවේ “මොකක්ද බං සූකිරි බෝල කියන්නේ කියාය.“ අර තියෙන්නේ කියා ඔහු අත දික් කළේ “ඥාන කතා“ ගොඩටය. “ඒ ඥාන කතානේ බං...“ කියූ සෑමාට සිනහ මුසු මුහුණින් ඔහු පිළිතුරු දුන්නේ “ඔව් අපේ ගෝලයට ඒක ලියන්න තේරෙන්නෙ නැහැ කිව්වා...“ කියාය.


ත්‍රීවීල් යනු ට්‍රැෆික් මවන්නෝය. එසේම අනතුරු වැඩි කරන්නෝය. එක පැත්තකට සිග්නල් දමා අනිත් පැත්තට කැපීමෙහි ලා ප්‍රමුඛයෝය. තමන් අතින් වරදක් වූ තැන අන් අයට බනින්නේද, වරද තමාගේ බව තේරුණහොත් අන් පිරිස් බනින නිසා නෑසුනාක්මෙන් ඉදිරිය බලා ධාවනය කිරීමේද ප්‍රමුඛත්වය ගන්නේ ත්‍රීවීල් රියදුරෝමය. මහමග වැරදි මහගොඩක් කරන්නේ ඔවුන් බව සෑමා සැක නැතිව කියන්නේ මහමගදී සිදුවෙන සිද්දීන් නිසාමය. එවන් ත්‍රීවීල් වල අලවා ඇති ස්ටිකර් නම් සිනා යන සුළුය. මේ සෑමා බේස් ලයින් එකේ ට්‍රැෆික් එකේ සිටියදී ගත් රූපයක්ය. I'm Safety Hero - Accident Zero ! 


අපේ සම්පා නම් දරුණු දක්ෂ රියදුරෙක්ය. ඔහු වාහනයක් ඉස්සර කරන්නේද පාරේ දකුණු පැත්තේ එහා ඉවුරෙන්ය. ඒ නිසා ඔහු සමග ගමන් කරන විට අපේ උන් සීට් බෙල්ට් දමාසිටියද සිටින්නේ භීතියෙන්ය. වාහනය සර්විස් කළ දා සර්විස් සෙන්ටර් එකෙන් වාහනයේ කාපට් එකට උඩින් දමා තිබු කඩදහිය ලෙලි යන තුරු ඉවත් නොකළ ඔහු ඉන් පසුව කාපට් එක උඩට පත්තර පිටු දමන්නට පටන් ගත්තේය. එමගින් වාහනයේ රැදෙන වැලි දූවිල අවම කිරීම සම්පාගේ අභිප්‍රාය වූයේය. ඔහුගේ අරමුණ කුමක් වුවත් දක්ෂ දරුණු රියදුරෙකුට අදාල වන වැකියක් සහිත පත්තර පිටුවක් ඔහු තම ඇක්සලේටරයට යටින් දමා තිබුණේ අප කැමරාකාචය ඒ දෙසට යෙමු වේ යැයි සිහිනෙකින්වත් නොසිතා විය යුතුය. කෙසේ වෙතත් “අවවාදයයි !! පරිස්සම් වන්න“ ලෙස ස්ටිකරයක් සම්පාගේ වාහනයේ පිටත ඇලවිය යුත්තේය.


ඌරාගේ මාළු ඌරාගේ ඇගේ තිය කපන පොටෝව ගත්තේ සෑමාය. එහි වූයේ රියදුරෙකුගේ පිටේ තබාගෙන පොලිස් මාමෙක් දඩ කොලයක් ලියන දර්ශනයක්ය. රාජකාරිය නියමාකාරයෙන් සිදු කරන පොලිස් නිලධාරියෙක් තම ඇදුම, පැළදුම ගැන නොසිතා සේවයේ යෙදෙන ආකාරය සෑමා දුටුවේ ලමා රෝහල ඉදිරිපිටදීය.


වාහනය පාර්ක් කර ගැනීමට නොහැකි වූවෝ වාහනය පාර මැද දමා හෝ යන්නට සැරසෙන්නෝය. සමහර විටක අනවසර පාර්ක් කිරීමක් කොට ඉවත්ව ගොස් නැවත වාහනය ලගට එන විට වාහනය අසල පොලිසිය ඉන්නා බව දුර තියා දුටුවහොත් සිදු කළ යුත්තේ ඔවුන් යනතුරු සවස් වන තුරු හෝ ඈති රැදී සිට ඔවුන් ගියාට පසුව වාහනය අසලට යාමයි. ඒසේ නොකර දඩ කොළ කෑ මිත්‍රයන් සිටිනා බව සෑමා වගකීමෙන් කියන්නේය. දිනක් කඩයක් ඉදිරිපිට වාහනය නවතා නැවත පැමිණෙන සෑමාට ඒ කඩයේ ඇන්ටී හොද සංග්‍රහයක් දුන්නාය. “ඇයි ඔයාට ලයිසන් ගනිද්දි කියල දුන්නෙ නැද්ද පාර්ක් කරන හැටි“ කියා ඇය අසද්දී අනේ නැහැ ඇන්ටී කියමින් මාරු වූයේ නැතිනම්, කලින් කියා අහවර කරන්නට බැරි වූ කුණු හබ්බ ටික ඇන්ටී තෙපලනවා ෂුවර්ය. මේ හාඩ්වෙයාර් අයිති කරුවෙකු තම වාහනය තම හාඩ්වෙයාර් එක ඉදිරිපිටම නවත්වා තැබූ අයුරුය. කාණුව ඔහුට කිසිම බාධාවක් නොවන බව ඔහු පසක් කර ඇත්තේය.



කොත්තා, යනු පාසල් කාලයේ ඉලෙක්ට්‍රොනික් කප්පිත්තෙක්ය. සෑමා කොත්තා ගැන කතා කිහිපයක්ම ලීවේ බ්ලොග පටන් ගත් මුල් කාලයේය. කොත්තා, Kight Rider Circuit සමග දැමූ සෙල්ලම ඒ අතර වන්නේය. කොත්තාව මෑත භාගයේ පාසලේ කිසියම් වැඩකට සම්බන්ධ කර ගැනීමට අපි කොත්තාට අප්‍රමාණව දුරකථන ඇමතුම් දුන්නෙමු. නමුත් ඔහුට කෝල් කරන වාරයක් පාසා අපට ලැබුණේ ඔහු සිටින තැන හගවන මැසෙජ් එකක්ය. ඔහු වත්තල ඉන්නා විටක අප ඔහු ඇමතුවේ නම්, දුරකථනය විසන්ධි වී ක්ෂණිකව අපට ලැබුනේ ඔහුගේ විකාරකාරී මැසේජ් එකක්ය. එහි ඔහු ඉන්නා තැන සටහන්ව තිබුනේය. ඉන්පසු දිනක අපට කොත්තාව මුණ ගැසුනේය. උක්ත සිද්දීන් පිළිබද කොත්තාට අම්මා මුත්තා මතක් කර බනිද්දී ඔහු පෙන්නුවේ ඔහුගේ වෑන් එකට සම්බන්ධකොට තිබු පහත ගැජට් එකය. එය GPS SYSTEM එකක් බවත්, එයට තම දුරකථන සිම්පත දැමු බවත්, එයට කෝල් කළ විට ඉන්නා තැන මැසේජ් එකක් යන බවත් ඔහු කීවේය. එය තවදුරටත් දියුණු කිරීමෙන් වාහනය පදවන ගමන්ම දුරකථනයට පිළිතුරු දිය හැකි ක්‍රමයක් සැලසෙන බවත් හේ කීවේ පැත්තක තිබු මයික් එක පවා පෙන්නමින්ය. සියළු විස්තර කිරීම් අවසානයේ වුවමනා වේලාවට කෝල් එකක් ගන්න බැරි මගුලකට සිම් එකක් දැමූ කොත්තාට අපේ උන් සුපිරි කුණුහබ්බ ටිකක් දෙසා බෑවෝය.

“යකෝ අහුමුළු වලට සිම් ඔඹන, මේ හු** වෑන් එකක්ද නැත්තං ෆෝන් එකක්ද?“





sAm ශ්‍රී Perera_06:58pm_26/02/2013

Sunday, February 24, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 5 කොටස


එක හුස්මට කියවන්න...
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

මගෙ කට හඩට පූසියෝ ඕන තරම් අහුවෙයි කියපු අපේ මැඩම්, මගෙ ෆෝන් එක වයිබ්‍ර්ට් වෙනවා දැක්ක එක ගැන මට මහා කුතුහලයක් තිබුණා. එදා හමුවෙච්ච කෙල්ල, අද මෙතැන, ඒ අස්සෙ මැඩම් එයාගෙ නැන්ද කෙනෙක් කියල ගණනකට නැතුව කිව්වා, ඒ මදිවට ඒ කෙල්ලට නම්බර් එක දීල ක්ලාස් එක ඇතුලට ආව විතරයි ෆෝන් එක රිංග් වෙන්න ගත්තා. ඒ සියළු හැගීම් මැද්දෙ මහා මඩ වලක පාවෙන කූඹි පැටියෙක් වගේ මම ඒ මේ අත පාවෙන්න ගත්තා. ක්ලාස් එකේ ඇතුලෙ ශරීර කූඩුව තිබ්බට, අපේ අනිත් තරගකාරයෝ එහෙන් මෙහෙන් ස්වර සප්තක අල්ලනවා ඇහුණට මම හිටියෙ වෙනම ලෝකෙක.

““විහග....““

එක පාරටම එයා මට කතා කළා. ඇත්තටම කාව්‍යාගේ කටහඩින් මම අවදි වුණා. මම එවලේ ඉදගෙන හිටියේ මල්වත්තක බංකුවක් උඩ. එක පාරට එයාව දැකලා, එයාගෙ හඩ ඇහිල මම ඉන්න තැනින්න නැගිට්ටා. ඊට පස්සෙ මම එයා ඉන්න පැත්තට අත දික් කළා.

““විහග.. මේ නෝට් බුක් එක ගෙනිහින් හොදට කියවල අවබෝධ කරගන්න...““

එයාගෙ කටහඩ වගේ මට දැනිල තිබ්බේ, එයාව වගේ මට පෙනුනේ.. ඇත්තටම අපේ මැඩම්ව. මට මොනව වෙලාද මන්දා. මටම තේරුණේ නැහැ.

“තව එකක්.. ඔයාල මට ඔය තරම් ගරු සරු කරන්න ඕනෙ නැහැ. අපි මේ කම්පෙටිෂන් එක ඉවර වෙනකල් යාලුවෝ වගේ ඉමු.. තේරුණාද විහග...“

“හරි මැඩම්.. මට තේරුණා..“

මම ඉදගන්න ගමන් කිව්වා. ඇත්තටම මැඩම් කතා කරපු නිසා නෙවේ මම නැගිට්ටෙ. මට මැඩම් වගේ මැවිල පෙනුනේ අර කෙල්ල.. ඒ කටහඩ දැනුනෙ කාව්‍යාගේ කියල විතරමයි. ඒ හඩ එයාගෙමයි. එයාමයි.

ක්ලාස් එක අහවර කරලා අපි සෙට් එක එළියට බැස්සා. ඒ එන ගමන් මම මගෙ හිර වෙච්ච ඩෙනිමෙ සාක්කුව අස්සට අත දාලා ෆෝන් එක එළියට නොගෙනම ඔන් කළා. අනිත් එවුන් සෙට් එක එදා පළවෙනි පාරට බොන්න සෙට් වෙද්දි මම අදි මදි කළා. ඒ මට බොන්න බැරි කමක් වත්, ඇලජික් එකක් වත් නිසා නෙවේ. විද්‍යාගාරයේ මධ්‍යසාර උෂ්ණත්වමානය පවා හිල් කරල කටේ හලාගත්ත මට එදා මහා සම්බාධකයක් පැණවිලා තිබ්බා. ඇත්තටම ඒකට හේතු වුණේ ෆෝන් එක ඔන් කරල බලද්දි නොදන්නා නම්බර් එකකින් තිබ්බ මිස් කෝල් එක. ඒ මදිවට ෆෝන් එක ඕෆ් කරල තියෙද්දි එයා මට හොදටම බැනල මැසේජ් එකකුත් දාලා. ඇත්තටම ඒ එයාමද? මම ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න හදිස්සියෙ ගෙදර දිව්වා. අනිත් එවුන්ට බොරුවක් ගහලා, මම බබා වගේ ගෙදර ගියා. ඇත්තටම ආදරෙන්, මලක් කඩන්න හිතාගෙන...

වෙනදට ගෙදරින් එළියට බැස්සම ලයිසන් නැති අස්සයා වගේ ටවුම වටේ කරක් ගහල ගෙදර යන මම එදා කෙලින්ම ගියේ ගෙදර. ගෙදරට එන්න කලින්ම මම කාමරේට රිංගුවා වගේ මට දැනුනේ හිතේ තිබ්බ කළබලය නිසා. 

සුවද මට දී... පාට තැවරු... මල අරන් පිටවී....

ඔයාල හිතන්න ඇති ගෙදර මිනිස්සුන්ට හොරෙන්, එයාලට ඇහෙන්නෙ නැති වෙන්න කෝල් එක ගන්න ඕන නිසා මම කාමරේ තිබ්බ රේඩියෝ එක දැම්ම කියල. නැහැ. මම ඩයල් කළා ඒ නම්බර් එකට. ඒ ඇහුනෙ එයාගෙ රින්ග් ටෝන් එක.

“හෙලෝ..“

කන් දෙක බ්ලොක් වෙච්ච එකෙක්ගෙ කනට කොට්න් බඩ් එකක් ඔබලා කරකවලා එලියට ගත්ත වගේ, මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එක ඇතුලෙන් මගෙ කන් බෙරේ කම්පනය වෙන්න ඇහුණේ ඒ කෝකිලාවගේ හඩ.

“හෙලෝ කාව්‍යා..“

“අහ්.. දැන්ද අපිව මතක් වුණේ...“

“අනේ නැහැ කාව්‍යා මැඩම් කිව්වා ෆෝන් එක ඕෆ් කරන්න කියල. ඒකයි මම ඇතුලට ගිය හැටියෙ ඕෆ් කළේ. මම හිතුවෙ නැහැ ඔයා එච්චර ඉක්මනට මට කෝල් කරයි කියල.“

“අනේ විහග මම එච්චර හදිස්සියෙ ඔයාට කෝල් කළේ දෙයක් දැනගන්න කියලා...ඒත් ඔයා ආන්සර් කළේ නැහැනේ.. අන්තිමට මම බැනලා මැසේජ් එකක් දැම්මා.. සොරි ඈ..“

“මොකට සොරි කියනවද අයියෝ.. මොකක්ද අහගන්න ඕන කිව්වේ???“

“අහ්.. මම අහන්න හැදුවේ.. අද ඔයා ආව බයික් එක තියෙන්නේ...“

මට හිතුන එයා ඒ බයික් එකට ආසයි, ඒකෙ රවුමක් යන්න ඕන කියන්න හදනව කියල. මම ඉක්මනට ඒක දැනගන්න “ඔව් ඉතිං“ කියල කිව්වා.

“මම දැක්ක ඔයා ඒක මැඩම්ගෙ ගේට්ටුව ලග පාර්ක් කරනවා.“

“අහ්.. ඒක ලස්සන වැඩි කමට ඔයාට ආස හිතුනා නේද?“ මම දෙඩෙව්වා..

“ඔව් ඇත්තමයි විහග, මම ආපහු හැරිල බයික් එක ලගට ඇවිදගෙන ආවා. වටපිට බලද්දි කවුරුත් හිටියෙ නැහැ. අඩුම තරමේ ඔයාවත්...“

අපරාදෙ, ෆෝන් එක ආන්සර් කරන්න ලැබුන නම් මම පන්තිය බල්ලට ගියාවෙ කියල මේ කෙල්ලව ගෙදරට ඇරලවනවා බයික් එකේම. මම කම්පා වුනා. දුක් වුණා.

“ඉතිං ඔයාට මොනවද ඒ හදිස්සියෙ දැනගන්න ඕන වුනේ...“

“මට ඕන වුණා.. ඔයාගෙ බයික් එකේ පිටිපස්සෙ ටයර් එක ටියුබ්-ලස් ද කියල බලන්න. ඔයා ආන්සර් කළේ නැහනේ, ඉතිං මම ඒකට අතේ තිබ්බ දෙහි කට්ටකින් ඇණලා බැලුවා.“

එයා විහිළුවට හරි, තියෙන අසමජ්ජාතිකමට හරි මට කළේ ලොකු වැරුද්දක්. එදා මම ආපු හදිස්සියට බයික් එකේ හුලං නැහැ කියලවත් නොදැනුනේ එයාට තිබ්බ ආදරේට නේද කියල මගෙ හිතට දැනුනා. එයාට නොදැනුන ඒක මම විස්තර කරන්න ගියෙ නැහැ. එයාගෙ ඒ වින්දනයට මම අස්වැසිල්ලක් වුණා.

“ඉහි.. ඉහි.. මෝඩ කෙල්ල... කටු වලින් අනින්න ඕනද ටියුබ්ලස්ද කියල බලන්න...“

එදා ඒ පටන් ගත්ත අපේ දෙබස දිගටම තියා ගන්න ඕන කමට මිසක් මම වෙන එකෙක් කළා නම් මේක ගොඩින් අතාරින්නෙ නැහැ කියල උබලට වුණත් තේරෙනවා ඇති. එයා එදා හිල් කළේ මගේ බයික් එකේ ටයර් එක විතරක් නෙවේ. මගේ මුළු හදවතම හිල් කළා. කවදාවත් හෘද රෝ විශේෂඥ්ඥ වෛද්‍යවරයෙක් වත් සිහි නැති කරන්නෙ නැතුව නොකරන ඔපරේෂන් එකක් එයා මට එදා කළා. එයා කළේ ලොකු වැරද්දක්. ඒත් මට එයාව ඕනේ.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_11:48am_24/02/2013


එක හුස්මට කියවන්න...
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

Thursday, February 21, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 4 කොටස


උච්ච ස්වරය සොයා යන මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාවේ එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... කියවා මෙකී වර්ථමාන කතාවට පැමිණෙන්න.

මගෙ හිත දුරකට විසික් කරල එයා එදා නොකියාම ගියා. ඒ ගැන හිතන හැම මොහොතක මට හිතුනෙ හිත කියන එක බූමරංගයක් වුණා නම් කොච්චර හොදද කියල. එහෙනම් ඒක කොච්චර විසික් කළත් එයා ලගම රැදෙනවා. එයාට විසික් කරන හැම පාරකම මගෙ හිත ලගින් තියා ගන්න වෙනවා. අද තරගෙන් මම මුල් දොලොස් දෙනා අතරට තේරුණා කියලවත් මට සතුටක් නැති වුණේ ඒ කොහෙවත් යන කෙල්ල ගැන හිතද්දි. මම කෝම හරි තරගෙන් දිනලා, ලෝකෙටම පේන්න මුල් තැන ගත්ත නම් ලොකු වෙනසක් වේවි. මාධ්‍ය වලින් මාව පෙන්නද්දි, දින්නට පස්සෙ කොළඹ ඉදන් මාව කැබ් වලින් ගෙදර අරන් යද්දි, මිනිස්සු වට වේවි. අත්පුඩි ගසාවි. ඒ සෙනග අස්සෙන් එයා දුවගෙන ඇවිත් මට මල් පොකුරක් දීල සුභ පතාවී. සුභ පතලා “ඔයා තරගෙට ආපු මුල් දවසෙ ඉදන්ම මම ඔයාට තමයි එස්.එම්.එස් ගැහුවෙ“ කියද්දි මාව හිරි වැටිල යාවී. ඒ සියළු සිහින මැද මම එයාව මගෙ කුමාරිකාව කර ගත්තා. මම එයාගෙ ලෝකෙ විතරක් නෙවේ හැම ගෑල්ලමයෙක්ගෙම හිතේ කුමාරයෙක් වෙලා හිටියා.

එදා දවසින් පස්සෙ මම කාමරේ කොන මකුළු දැල් බැදිල තිබ්බ ගිටාර් එක සුද්ද කරල එලියට ගත්ත. ඇත්තටම ගිටාර් එක ගත්තට ඒකෙ එක කෝඩ් එකක්වත් ගහන්න පුලුවන් කමක් මට තිබ්බෙ නැහැ. ඒත් හැමෝටම පේන්න ගිටාර් එක කිහිල්ලෙ ගහගන්න ආශාව මට ආවා. මම ආසාවට වගේ ඒකෙ තත් වයමින් තාලයක් මවන්න හිතුවා. හරියට ලංකාවේ ගුවන්විදුලි චැනල් එකක් හරියට ටියුන් කරගන්න දගලන බස් ඩ්‍රැයිවර් කෙනෙක් වගේ. පැය භාගයක් විතර ප්‍රැක්ටිස් කරපු මම ගෙදර හිටපු අය ගෙන් සහයෝගය පැතුව. ඇත්තටම එයාල දැනටමත් දැනුවත් වෙලා හිටියෙ කොල්ල දිනුම් කියල. එහෙව් දිනපු රටටම කවද හරි බලාපොරොත්තු වෙන සුපිරි තරුවකට ගෙදර අය සලකන්නෝනි කියල මට නිතරම හිතුන. ඒකයි ගිටාර් ගහන අතර නංගීට කතා කරල මගෙ සපත්තු දෙක පොලිෂ් කරන්න කිව්වෙ. ඒත් ඒකි කිසි සද්දයක් නැහැ. අන්තිමට අම්මගෙන් ප්ලේන්ටියක් ඉල්ලුවත් ප්‍රතිචාරයක් තිබ්බෙ නැති නිසා මම ගේ පුරාම අපේ ගෙදර මිනිස්සුන්ව හෙව්වා. ගේ හැම තැනමත් නැති නිසා බැරිම තැන මම මිදුලට බහින උළු අස්සෙන් ඔළුව විතරක් එළියට දැම්ම. අම්මයි, නංගියි, මල්ලියි තුන්දෙනාම මිදුලෙ තිබ්බ කොන්ක්‍රීට් බංකුවක බර කතාවක්. මට ඇහුණෙ පුංචි වචන කීපයක් විතරයි. “දැන් ඉතිං කම්මලේ වැඩ පටන් ගනී, අපි කට්ටියට එළියෙ තමයි ඉන්න වෙන්නෙ“ අපෙ නංගිගෙ වචන ටිකත් එක්ක මම ඔළුව ඇතුලට දාගත්ත ඉක්මනටම.

ලෝකෙටම පේන්න මට යමක් කරන්න ඕනෙ කියල හිතුනෙ අන්න එතකොට. එදා පළවෙනි දවසේ තරගය නිවේදනය කරන පොර ඇහුව “ඔයා කොහොමද මේ තරගෙට සම්බන්ධ වුනේ කියල“ මම උත්තර දුන්නෙ හරිම අමුතු විදිහකට. “අපේ නංගි තමයි මගේ අයදුම් පත්‍රයක් පුරවල පෝස්ට් කරල තිබ්බෙ. ඒ අයදුම් පත්‍රයට පිලිතුරක් එනකල් මම දැනන් හිටියෙ නැහැ මෙහෙම දෙයක්...“ ඇත්තටම නංගිව අප් කරල මම කරපු කතාව ගැන මට කම්පාවක් ආවෙ නැහැ. ඒකිට කවද හරි තේරෙයි. මෙච්චර කාලයක් මගෙ ඇදුම් හෝදලා, ඇදම් මැදල, කාමරේ සුද්ද කරලා, සපත්තු පොලිෂ් කරපු එකේ වටිනාකම. මම ඒකිට මෛත්‍රී කළා. අනුකම්පා කළා.

පහුවෙනිදා මම යන්න ලෑස්ති වුණා අර විනිශ්චකාර මැඩම්ගෙ ක්ලාස් එකට. හුස්ම ගැනීම, වේදිකාවෙ හැසිරීම වගේ දේවල් ප්‍රගුණ කරන්න එන්න කිව්වා එයාලගෙ ගෙදර ක්ලාස් එකට. ඒ මැඩම් බැදල හිටියෙත් ප්‍රසිද්ධ චරිතයක්. එහෙන් මෙහෙන් පවුල් ප්‍රශ්න තිබ්බ වුණත් ඒක අපිට වැදගත් වුණේ නැහැ. ඇත්තටම එයා හරිම ප්‍රවීණ කෙනෙක්. ඉතිං අපිට අපේ වැඩේ වෙනව නම් එච්චරයි. කලින් දවසසෙ ග්‍රීස් ගාලා, හෝදල සුද්ද කරල ගත්ත මගෙ මවුන්ටන් බයික් කට්ටට නැගල, ගිටාර් එක පිටේ බැදගෙන, හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කනේ ඔබාගෙන මම ග්‍රාමාරක්ෂකයෙක් වගේ ගියා එයාගෙ ක්ලාස් එක ලගට හරියටම හවස 5ට පටන් ගන්න තිබ්බ ක්ලාස් එක ලගට මම යද්දි 5.30ත් පහු වෙලා. ක්ලාස් එක පටන් අරන් වගේ. අපේ දොලොස් දෙනාම එදා එතැනට එන බව මම කලින්ම දැනිල තිබ්බෙ. මම ගේට් එක ලගට යන අතුරු පාරට බයික් එක දානකොටම එක පාරට පාරෙ ඇවිදගෙන ආපු හැඩකාර කෙල්ලෙක් හැප්පෙන්න ගිහින් යන්තමට බේරුණා. 

“ඔය කාලකන්නි හෑන්ඩ්ස් ෆ්‍රී එක නිසා කවද හරි අපි දෙන්නම විනාස වෙනවා මම දන්නවා..“

මට එකපාරට අදුන ගන්න බැරි වුණ ඒ කෙල්ල එච්චර ඉක්මනට මාව අදුනගෙන මෙච්චර දිග වාක්‍යයක් කිව්වෙ හරියට මාධ්‍ය ජාලයක වැඩ කරන මාධ්‍ය වේදිනියක් වගේ.

“අහ්.. ඔයා..“ මම පුදුමෙන් හිනා වෙවී වචන ගැලපුවා.

“ඔව් මම.. ඔයා කොහෙද මෙහෙ.. “

“මම මේ මැඩම්ගෙ ක්ලාස් එන ගමන්..“

“එතකොට ඔයා..“

“අපේ නැන්ද කෙනෙක්ගෙ ගෙදර ආව.. ඔයාගෙ මැඩම්.. අපෙ නැන්දා... “ ඉහි ඉහි..

එයා කළේ විහිළුවක්ද, ඇත්තක්ද කියල හොයන්නෙ නැතුව මම එයාගෙ වාස දේස හොයන්න පටන් ගත්තා.

“මේ.. මම හිතුවෙ නැහැ ඔයාව මෙච්චර ඉක්මනට දකින්න ලැබෙයි කියලා... ඇත්තට ලෝකෙ හරිම පුංචියි.... “ මම වාක්‍ය සම්පුර්ණ කරන්න එයාගෙ නම නොදන්නා කම අඩුපාඩුවක් කියල එයාට දැනෙන්න වාක්‍ය මගදි නැවැත්තුවා.

“... මම කාව්‍යා...“ එයාගෙ තොල් යාන්තමට සෙලවුනේ අපේ ගෙදර බිත්ති ඔරලෝසුවෙ බැට්රි බැස්සම බට්ට යාන්තමට සෙලවනව වගේ..

“කාව්‍යා හරි ලස්සන නමක්.... මම කෝමද ආයෙ කවියක් දකින්නේ... කවියක් අහන්නේ... “ මම කවියෙක් වෙන්න වගේ මුමුණන්න ගත්ත.

“මේක හරි පුංචි ලෝකයක්.. මේ අද වගේම.. කවද හරි ඔයාට ලොකු ටවුන් එකකදි හම්බවෙයි පුංචි පොත් කඩයක්.. අන්න ඒ කඩෙන් සල්ලි වලට ගන්න කවි පොතක්...“ එයා මට හොද රිටන් එකක් දුන්න.

“මෙන්න මගෙ නම්බර් එක..“ මම ඇදන් හිටපු ඩෙනිමෙ පොකට් එකට අත දාල ඇදල ගත්ත මීට සති ගාණකට ඉස්සෙල්ලා බස් එකේදි කෙල්ලෙක්ට දෙන්න හදිසියෙ කොළ කෑල්ලක ලියපු මගේම නම්බර් එක. ඒක හොදටම තැලිල පෙඩි වෙලා. එයා ඒක අතට අරන් හොදට ඉව කළා.

“හරිම ෂෝක්.. මේක කවදා කාට දෙන්න ලියපු එකක්ද.. “ එයත් මගෙ නම අහගන්න වගේ වාක්‍ය බාගෙට නැවැත්තුවා.

“මම විහග... මේ මම එදා ඔයාව දැක්ක වෙලාවෙ, ඔයාට දෙන්න ලියපු නම්බර් එක..“ ඉස්සර ඉස්කෝලෙ හැමදාම ප්‍රින්සිපල්ට මාට්ටු වුණාම බොරු කියවෙන තෙල් දෙක අදත් මට පිළිසරණක් වුණා.

“අපි එහෙනම් ආයෙත් මීට් වෙමු“ එයා මට බායි කියමින් අත වැනුවා.. මම ක්ලාස් එකට ගියා.

“ආනේ විහග.. ඔයා දැන්ද ආවේ.. අපි ක්ලාස් එක පටන් ගත්තා...“ මැඩම් එහෙම කිව්වා. එයා අපේ එවුන් එකොලොස් දෙනා වටකරගෙන මැද ඉදගෙන හිටියා. කොටම කොට ෂෝට් එකක් ගහගෙන.

“ඔව් මැඩම්.. මගදි බයිසිකලේට පූස් පැටියෙක් හැප්පුනා.. ඒකයි පරක්කු වුණේ...“ මට නිකන්ම කියවුණා.

“ඉහි..ඉහි.. හොදට තරගෙට සූදානම් වුණොත් පූසෝ විතරක් නෙවේ පූසියෝ ඕන තරම් අහුවෙයි ඔයාගෙ හඩට,“ මැඩම් මට මොනවාදෝ කළා. මට තේරුණේ නැහැ. මට ඒ ඇස් වලින් බේරෙන්න මොහොතක් ගියා. මගෙ සාක්කුව අස්සෙ මොකක්ද දෙදරණව වගේ මට දැනෙන්න කලින් මැඩම් මට කතා කළා ආයෙත්.

“ෆෝන් එක රින්ග් වෙනව නේද විහග? මීට පස්සෙ ඕක ඕෆ් කරන්න පන්තියට ඇතුල් වෙද්දිම“ මගෙ මූණ දිහා බලන් හිටිය මැඩම්ට කෝමද එක පාරට මගෙ කලිසම් සාක්කුවෙ සිද්ධ වෙන දේ දැනුනේ?? මම කල්පනා නොකරම, මිස්ඩ් කෝල් එක නොබලාම, ෆෝන් එක ඕෆ් කරල සාක්කුවෙ දාගත්තා.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_08:52am_21/02/2013

Tuesday, February 19, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 3 කොටස


උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාවක,

එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...


එයා මාව වෙනම ලෝකෙකට උස්සල තියල, බස් එකෙන් බැහැල ගියා. එදා මම තරග කරන්න අදාල මාධ්‍ය ජාලයේ ශබ්ධාගාරයට යනකල්ම හිටියෙ වෙනම ලෝකෙක. එතැනට ගිය හැටියෙ මම පියවි සිහියට ආවා. අධි ශීතකරනයේ කූල් වෙන්න දාලා තිබ්බ වතුර බෝතලයක් එළියට ගත්තහම බෝතලේ වටේට වතුර බේරෙනව වගේ මගේ තුන් මුනින් දාඩිය වැක්කෙරෙන්න ගත්තා. මම ඒ දාඩිය ටිකක් වේලිලා යන්න ඒ අහල පහල තිබ්බ ඒ.සී රූම් එකකට රිංග ගත්තා. මම හිතුවා ඒ ස්ථානය පිරෙන්න තරගකාරයෝ ඇති කියල. මොන පිස්සුද තරග වට දහයක් කරන්නවත් තරගකරුවන් හිටියෙ නැහැ. ඒත් ඔවුන්ට ඕන වුනා ඇමතිවරු ලංගම බස් දාලා ලිප්ටන් වට රවුමට ගෙන්වන තරමේ මහා ජනස්කන්ධයක් ඉන්නව වගේ පෙන්නන්න. ඉතිං එදා හිටපු තරගකරුවෝ කිහිපදෙනාට පොඩි කතාවක් පැවැත්තුවා. තට්ටේ පෑදිච්ච ඔහු තරගයේ මහ මොළ කාරයාලු.

අපේ මාධ්‍ය ආයතනය, රියැලටි වැඩසටහන් වලින් පෙරමුණේ ඉන්නේ. ඔයාල දකින්න ඇති කලින් තිබුණු තරගාවලි වලදී අපට හිටපු සෙනග. 

ඔව් මට මතක් වුනා. ඒත් මට හිතුනා එදත් ඔය කොහෙ හරි ඉන්න එවුන් සෙට් එකක් ගෙන්නලා සෙනග පෙන්නන්න ඇති කියල. 

ඒ වගේම මේ තරගෙත් අපට ඕනා ජනතාවට පෙන්නන්න අපි තවමත් ප්‍රමුඛයෝ කියල. ඉතිං අපට දැනට ඉන්නේ මේ තරගකරුවන් 12 දෙනෙක් විතරයි. ඒ අතර එකම තරගකාරියක් වත් නැහැ. ඒකට අපිට පිළියමක් ඕන. අපි දැනට පළවෙනි තරග වටය පවත් වමු. ඔයාල විරුද්ධතාවයක් නැත්තං, ඔය දොලොස් දෙනාට අමතරව තවත් තරගකරුවන් සියයක් විතර අපි මෙතැනට බස්සනවා. 

කොහෙන්දෝ මහ පොලොවට වැටුනු පිටසක්වල යානයකින් බැස්ස පිටසක්වල ජීවියෝ වගේ අපි දොලොස් දෙනා නොතේරෙන භාෂාවක කතන්දරයක් අහන් ඉන්නව වගේ බලන් හිටියා. ඔහු කියපු හැම දේටම අපි කළේ ඔළුව වනන එක විතරයි. 

ඔයාල බය වෙන්න එපා. ඒ තරග කරුවන් 100 දෙනාම ඔයාලට බලපෑමක් නොකරන අය.

අන්තිම වචන සැට් එක විතරක් අපිට හොදට අවබෝධ වෙච්ච නිසා අපි සතුටින් සිටියා. දැන් සියළු තරගකරුවන් 112යි. ඒ සැට් එකේ එකම තරගකාරියක්වත් නැති වීම අපිටත් කිසි කික් එකක් නැති සීන් එකක් වුණා. මොනව කරන්නද, ගායකයෙක් වෙන්න මිසක් සහකාරියක් සොයා ගන්න ආපු ගමනක් නෙවේ නෙ කියලා මම හිත හදා ගත්තා.

අපි දොලොස් දෙනාට එයාල ඉලක්කම් බෙදුවා. ඒ ඉලක්කම් මොන්ටිසෝරියේ අපි ලේන්සුව එල්ලගෙන හිටිය වගේ පපුවෙ ගහගෙන තරගකරන්න පටන් ගත්තා. තරගකරුවන් 12ක් හිටපු තරගාවලියේ මට ලැබුණු ඉලක්කම 35694. මම කොනක ඉදන් ඉලක්කම් එකතු කළා. 3+5+6+9+4 = 27 මම විසිහත ආයෙත් එකතු කළා. 2 + 7 = 9. නමය??? මම ඉලක්කම් දෙතුන් පාරක් එකතු කරල බැලුවා අන්තිමට එන ඉල්ක්කම මොකක්ද කියල. මොනව කළත් ලැබුනේ අර කාලකන්නි භයානක ඉලක්කම අංක නමය. මම හිත හදාගෙන තරගෙට ගියා. ඇත්තටම අපි දොලොස් දෙනෙක් ඉන්න නිසා මොකක් හරි චාන්ස් එකක් කැරකෙයි කියල මම හිත සතුටු කරගෙන හිටියෙ.

හරියටම හරි. වතුර වලකට බැහැලා හරහට දිය මතුපිටින් ගලක් ගැහුවම දෙතුන් වාරයක් ගල දිය මතුපිටින් ගමන් කරන වගේ මගෙ හිත සතුට - බය අතර කිහිපවාරයක් කම්පනය වෙවී තිබිල අවසානේ මට ඕන තැනට හිත හරි ගැස්සුනා. මම ඇස් දෙක පියාගෙන, පපුව උස්සගෙන, උගුර කෙලින් කරගෙන කියපු “මේ වේදිකාව ජීවිතේ අපේ..“ ගීතයට හොද තැනක් ලැබුණා. එයාල කිව්වා මම උපරිම සාධාරණයක් කලාලු. තව කෙනෙක් කිව්වා මම වේදිකාව ජීවිතේ කර ගන්න පුලුවන්ලු. නව පරපුරට මම ආදර්ශක් කියලත් කියනව ඇහුණ. මම ඊලග තරගෙට තේරිලා කියල ඇහුණම මට මතක් වූණා මගේ සුන්දර අතීතය. 

ඉස්කෝලෙ යන කාලෙ ටීචර් පන්තියට එනකල් අපි ඩෙස්ක්වලට තල තල සිංදු කියපු හැටි, 6 වසරේ සෞන්දර්ය විශයක් විදිහට සංගීත තෝරගෙන, සංගීත කරන්න සංගීත කාමරේට ගියාම සර් මට තාලෙට අත්පුඩියක් වත් ගහන්න බැහැ කියල එළව ගත්ත හැටි, බෞද්ධ සංගමේ රැස්වීමකදී මම බුදුගුණ ගීයක් කියන්නෝනි තැනදි “නුඹ හැඩකාරයි, කටකාරයි, සොකරී යන්න එපා“ කියල මාව ප්‍රධාන ශාලාවෙන් පන්නා දාපු හැටි, ඉස්කෝලෙන් අවුට් වෙලා මම පොඩියට බෑන්ඩ් එකක් පටන් අරගෙන, යාළුවෙක්ගෙ වෙඩින් එකක “එදා මගේ පෙම්වතියේ ඔබ අද මනමාලිය වී මගේම මිතුරාගේ “ කියන ගීතය ගායනා කරල පළවෙනි වෙඩින් ෂෝ එකම මලගෙයක් කර ගත්ත හැටි. මගෙ ඇස් ඉදිරියේ මැවි මැවී පෙනුනෙ හරියට 3-ඩී චිත්‍රපටයක් බලනව වගේ.

හැම දේම හොද විදිහට සිද්ධ නොවුණ අතීතයක් පසුකරල මම ප්‍රවීණයන්ගෙන් මේ වගේ කතන්දර ටිකක් අහ ගත්තම මට දිව්‍ය ලෝකෙ ගියා වගේ දැනුන. ඇත්තටම මගෙ හොද කාලෙ ඉදිරියට එන බවක් මට දැනුන. අර විනිශ්ච මණ්ඩලේ ඉන්න ගායිකාවගේ ගායන පුහුණු පාඨමාලාව කරන්න සති අන්තයේ එන්න කියලත් ඇරයුමක් ලැබුණ. හැබැයි නිකං නෙවේ කීයක් හරි ගෙවන්න වෙයි. කමක් නැහැ මම ඒකත් කරල ගොඩ යනව කියල අධිෂ්ඨානයෙන් එළියට බැස්ස. මම හදාගෙන යන හීන මාලිගාවෙ මම විතරයි හිටියෙ, වෙන කවුරුත් නැහැ, මට ශක්තියක් වෙන්න, මට ආදරේ දෙන්න, මට අගබිසවක් නැති කම ගැන මම හිතින් දුක් වුණා. ඒ හැම වාරයක් පාසාම මගෙ ඇස් ඉදිරියට ආවෙ, එදා උදේ බස් එකේදි මගෙ හෑන්ඩ්ස් ෆ්‍රී එක ගැලෙව්ව කෙල්ල. ඒකි මගෙ හිත උදුර ගත්ත. ඉස්කොලෙ යන කාලෙ ගෙදර වැඩ නොකර ඉස්කෝලෙ ගියාම අපේ පන්තිභාර සර් මගෙ අතින් උදුරගෙන පොත කොරිඩෝවට විසික් කරනව වගේ, එයා මගෙ හිත අත් දෙකෙන්ම උදුරගෙන බස් එකේ ජනේලෙන් එලියට විසික් කළා. ඒ හිත තාමත් ඇති එයා බැස්ස තැන. ඔයාල යද්දි එද්දි පොඩ්ඩක් බලන්න ආමර් ස්ට්‍රීට් වල කලර් ලයිට් එක ලග මගෙ හිත යහතින් තියෙනවද කියල.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_08:03am_19/02/2013
***

Sunday, February 17, 2013

අතින් බැරි නම් සොලවා කටේ තියා ගන්න...


මෙය හුදෙක් අසමජ්ජාති කතාවක් නෙවේ. කට්ටියට සෑමාගේ ටිකිරි මොලෙන් වැඩක් ගන්න කියලා දෙන්න හදන්නේ. අතගාලා හොද කරන්න බැරි ලෙඩ වුනත් හොලවලා කනේ තියා ගත්තම හොද කරන්න පුලුවන් කියල මෑත භාගයේ කරපු සමීක්ෂණයකින් සෑමා හොයාගත්තා. මතකද රුපියල් දෙකක් වියදම් කරල තමන්ගෙ නැති වුණ ෆෝන් එක හොයා ගන්න හැටි සෑමා කියල දුන්න. (මෙතැනින් බලන්න) ඒ වගෙම මේ උප්පර වැට්ටියත් අත් දුටුයි ප්‍රතකෂ්‍යයි.

මෑත භාගයේදී සෑමාගේ දුරකථනයේ චාජරයට හක්ක පටස් වූයේය. ඉන් පසුව චාජරයක් ගන්න ගියා සෑමාට ලිබර්ටියේදී ඔරිජිනල් කියා 1800/-ක් වටින් චාජරයක් දික් කළේ ෆෝන් කම්පැනියේම බලයලත් අලෙවි නියෝජත කෙල්ලෙකි. ඇයට හසු නොවූ සෑමා එය ප්‍රතික්ෂේප කොට ඒ අසලම තවත් ෆොන් ෂොප් එකකින් බාල වර්ගයේ චාජරයක් මිලට ගෙන ගෙදර ආවේය. එය එතැනිදී චෙක් කළ විට වැඩ කළේය. ගෙදර පැමිණ චාජරය ගැසූ විටද හොදින් වැඩ කළ මුත් චාජරය ගසා තිබියදි කෝල් ගන්නට තියා ෆෝන් එක අන්ලොක් කිරීමට පවා නොහැකි තත්වයක් තිබුනේය. එය ගණනකට නොගත් සෑමා සුපුරුදු පරිදි එම චාජරයෙන්ම ෆෝන් එක චාජ් කලේය. අවසන සෑමාට කෙළ වූයේ ෆෝන් එකේ ටච් එක සමහර ස්ථානවලින් වැඩ නොකිරීම නිසාය.

ඉන්පසු සෑමා තුන් මුනින් දාඩිය දමාගෙන මැසේජ් ටයිප් කරන්නට, කෝල් ගන්නට වූයේ ෆෝන් එක ඒ පැත්තට මේ පැත්තට පෙරලමින්ය. මැසේජ් වලදී යම් තැනක අකුරක් ටච් වෙන්නේ නැතිනම් ෆෝන් එක අනිත් අතට පෙරලා කී බෝඩ් එක ලෑන්ඩ්ස්කේප් ලෙසට පැමිණි විට ටයිප් කිරීම වේදනාකාරී වූයේය. එම තත්වය දරුණු අතට හැරුණේ ස්පේස් බාර් එක ගසන හැම වාරයක් පාසා ෆෝන් එක අනිත් අතට කරකවන්නට වූ දා සිටය. ඉන් පසු තත්වය තවත් දරුණු වූයේ ෆෝන් එක අන්ලොක් කිරීමට පවා නොහැකි වූ දාය. බොහෝ අපහසුවෙන් අන්ලොක් කරන ආකාරය වෙනස් කර ගන්නට සෑමාට හැකි වූයේය.

ඉන් පසුව එලැඹියේ රෝගයේ දරුණුම අවස්ථාවය. ස්ලයිඩ් කරමින් ලැබෙන ඇමතුම් ආන්සර් කිරීමට නොහැකි තත්වයක් සෑමාට උදා වූයේය. එය නම් මිහිපිට ඉන්නා වූ ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයෙකුට උදාවන්නාවූ සෝචනීයම කරදරය වන්නේය. ලැබෙන ඇමතුමක් ආන්සර් කිරීමට නොහැකි වූ විට, අදාල පුද්ගලයා අත්‍යාවශ්‍ය කාරණයකට කතා කලාදැයි දැන ගැනීමට සෑමාටම නැවත වරක් කෝල් කරන්නට සිදු වීම අතිශය සෝචනීයය. දින කිහිපයක් එලෙස ගත කළ සෑමා විකල්පයක් සොයා ගැනීමට සෑමා බුකියේ ස්ටේටස් එකක් දැම්මේ කවුරුන් හෝ උදව් කරාවී යැයි බලාපොරොත්තුවෙනි. එහිදී ලැබුනු විකල්ප ක්‍රම වූයේ හෙඩ් සෙට් එකක් හෝ බ්ලූ ටූත් සැට් එකක් භාවිත කිරීම හෝ ඔටෝ ආන්සර් ඇක්ටිව් කර ගැනීමය. හෙඩ් සෙට් එක නැති වූ නිසාත්, ඔටෝ ආන්සර් මහා කරදරයක්  නිසාත් (හේතු අනවශ්‍යය) එවා මග හැරීමට සෑමා පියවර ගත්තේය. එසේම ආන්සරින් මෝඩ් එක පවා වෙනස් කළ නොහැකි තත්වයක් තිබුනේය. එසේ කළ හැකි වූවා නම් ස්ලයිඩ් නොකර ආන්සර් කරන ක්‍රමයකට වෙනස් කර ගත හැකිව තිබිණි. සෑමාගේ බ්ලොග් රසිකයෙක් වන නිශාන්තයා තමන්ට පැවරුණු මහා වගකීමක් ලෙස මීට පිළිතුරු සෙව්වේය.

මේ අතර සෑමා ස්ලයිඩ් නොකර ෆෝන් එක ආන්සර් කරන විදි කල්පනා කලේය. ඒ අතර අලුතෙන් තීම් දමමින් එය වෙනස් වනවා දැයි සෑමා ටෙස්ට් කර බැලුවේය. නමුත් වෙනසක් නැතිය. අවසානේ නියම ඇප් එකක් සෑමාට සෙට් වූයේය. එය දැමූ පසු ස්ලයිඩ් නොකර ෆෝන් එක ආන්සර් කළ හැකිය එසේම ඩිස්ප්ලේ එක මත ටච් කළ යුතු නැත්තේමය. ෆෝන් එක රින්ග් වෙද්දී එය කනේ තබා ගැනීමෙන්, සොලවා කනේ තබා ගැනීමෙන්, යන ක්‍රම වලට ෆෝන් එක ඔටෝ ආන්සර් වීම සෑමාගේ ෆෝන් එකේ ලෙඩේ සුව කළේය.

අතින් කරන්න බැරි දේ සොලවා කළ හැකි බවට පසක් කරන එක් වැදගත් අවස්ථාවක් ලෙස මෙම ක්‍රමය ඉතිහාස ගත වන්නේය. මෙය ඔබත් භාවිත කර බලන්න. වෙනස වටහා ගන්න.

අවවාදයයි - සෑමාගේ ෆෝන් එකේ ටච් එක වැඩ නැති නිසා මෙය වඩාත් සුදුසු බවත්, අත වැඩ කරන අයට මෙය කොතෙක් දුරට සාර්ථක වේදැයි සැක සහිතය. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියමින්, ඔබේ ආරක්ෂාව ඔබම බලා ගන්න.


අතට කීයක් හරි එනකල් සොලව සොලවා ඉන්න තමා වෙන්නේ..  :(

sAm ශ්‍රී Perera_05:12pm_17/02/2013

Friday, February 15, 2013

ආලෝකය නොදකින තරුවකට ආලෝකයක් වෙන්න...


ඇත්තටම සෑමා රියැලැටි වැඩසටහන් වලට අකැමැතිය. එහෙත් මේ ඉටු කරන්නට යන්නේ සෑමාගේ මිත්‍රෙයකුගේ ඉල්ලීමක්ය. දෙනෙත් නොපෙනෙන, පුංචි ගායකයෙකු ජනප්‍රිය තරුවක් කරලීමට වෙර දරණ මිතුරෙකුගේ ඉල්ලීමක්ය. ඔහු පෞද්ගලිකව මේ දරුවා හදුනන්නේ නැත. එහෙත් ඔහු ඉල්ලීමක් ලෙස කියා සිටියේ “මචං පොඩි එකා ජනප්‍රිය තරුව වුනොත් ඒ සල්ලිවලින් ඇස් දෙකක් හරි බද්ධ කරලා පෙනීම ලබා ගනී“ කියාය. ඔහු එවූ වීඩියෝවක මේ පුංචි දරුවා කළ ගායනයක් සෑමා දුටුවේය. එහි දුටු සංවේදීම සිද්ධිය නම් ගායනය අවසානේ වේදිකාවෙන් පිටත් වන ස්ථානය සොයා ගත නොහැකිව දරුවා එහෙ මෙහේ කැරකෙන ආකරයයි. 

අදුරේ සිටින්නාට ආලෝකයේ අගය දැනෙනවා මිසක, ආලෝකයේ සිටින්නාට ආලෝකයේ අගය නොදැනෙන්නේය. ඒ නිසා මේ ලියූ ටිකෙන් ඔහුට ආශිර්වාදයක් වේවා යැයි පතමි.



* Please VOTE :-
DLS <space> 10 and SEND to 9900
* Iroshan Madusanka ජනප්‍රියම තරුව කරන්න.
DLS <හිස්තැනක්> අංක 10 යොදා 9900 ට ඔයාලට පුළුවන් තරම් SMS කරන්න.
* ඕනෑම ජංගම දුරකථන ජාලයකින් හෝ ඕනෑම CDMA දුරකථන ජාලයකින් කැමති ඕනෑම ප්‍රමාණයක් පෙබරවාරි 16 අවසාන මහා තරග රාත්‍රිය තෙක් SMS කළ හැක. දැන්ම SMS කරන්න.


Thursday, February 14, 2013

ලෝකෙටම ඇහෙන්න ආදරේ කියන්න... - වැල-ඉන්-ටයිම් කතාවක්..


ඉහි ඉහිහීඉහි..ඉහි ඉහිහීඉහි..ඉහි ඉහිහීඉහි..

දැන් ඔයාල බලයි කාගෙද ඒ කිංකිණි හිනාව කියල. ඒ හිනාව වෙන කාගෙවත් නෙවෙයි. ඒ හිනාව එයාගෙ... එයා... චංචලා..

ඉහි ඉහිහීඉහි..හික්..හික්.. නිසල්.. එයා මට කතා කළා..

චංචලා.. මම පිලිවදන් දුන්නා..

එහෙනම් ඔයා ආව නේද??. මම ආයෙ ඇහුව.

මම ආව නිසල්.. එයා මට කිව්වා.

චංචලා තමයි මගේ කුළුදුල් ආදරේ. ඇත්තටම චංචලා මගෙ ජීවිතයට ඇවිත් තවම දවස් දෙකක් තුනක් වුණාට ඇත්තටම මට දැනෙන්නෙ අපෙ ආදරේ අවුරුදු ගාණක් තිස්සෙ, කල්ප කාලාන්තරයක් තිස්සෙ එන ආදරයක් වගේ.

නිසා..ල්...

චංචලා..

මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නෙ..

චංචලා.. නැහැ චංචලා... මං මේ කල්පනා කළේ ඔයා වගේ කෙල්ලෙක්ගෙ ආදරේ ලබා ගන්න මම කොච්චර වාසනාවන්ත වෙන්න ඕනෙද කියල.

ඔය ඇත්තමද නිසල්???

සත්තයි චංචලා...

මගෙ නිසල්...

මගෙ චංචලා...

එහෙම කියපු මං, වංචලාව මගෙ ලගට ඇදල ගත්ත...

ම්..හික්..හික්.. මේ... අනේ අපි පොඩ්ඩක් රැල්ල පාගල එමු නිසල්..

හ්ම්..ම්හ්.. යං කෙල්ලෙ... එහෙම කියපු මං ඩෙනිම පොඩ්ඩක් උඩට නවා ගත්ත. හෙට වැඩට යන්නත් තිබ්බ නිසා සපත්තු දෙකත් ගලවල දැම්ම. නැත්තං අපේ උන් මට බනී ඔපීස් එක කරවල ගදයි කියල.

නිසාාාාල් එන්නකොාාාා්්

මේ එනව චංචලාාාාා

නිසල් ඔන්න.... අහ්..

ආාාාව්..

ඒ සද්දෙට ඔයාල බය වුණාද මාව මෝරෙක්වත් කඩන් කෑව කියල.. එහෙම දෙයක් වුනෙ නැහැ, චංචලා මුහුදු රැල්ලෙන් දෝතක් අරන් මට දමල ගැහුව.

ඔහොම ඉන්නව හොර කෙල්ල..

හිකි..ඉකි..ඉහ්..හිකි..ඉකි..ඉහ්..හිකි..ඉකි..ඉහ්..

අද අල්ලලා.. දෙනවා.. හහ්..හහ්.හා...

මම ඒ විදිහට චංචලා පස්සෙ හබාගෙන ගියා...

අනේ එපා නිසල් අතාරින්න..

දෙනව අත..දෙනව අත.. මම දෙනව හොදවෑයින් දෙකක්...

අනේ.. හික්..ඉහි..ඉහි...

මම බොරුවට චංචලාට ගහන්න වගේ හැදුව..

චංචලා පොඩි එකෙක් වගේ දුවල ඇවිත් මගෙ ඇගේ එල්ලුනා..

නිසා...

චංචී..

ඒ අපේ සීන් එක බලං ඉදල මැද්දට පැනපු වෙන ජෝඩුවකගෙ නම් දෙකක් නෙවේ. අපිට දැනුනු ආදරේ වැඩි කමට නම් දෙක කෙටි වුණා. එයා මට නිසා කියද්දි මම එයාට චංචී කිව්වා..

වංචලා...

ඇයි නිසල්...

මට හිතෙනව චංචලා අපේ ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ....ගහල කියන්න..

ඔයාට පිස්සුද නිසල්???

ඇයි චංචලා.. මං ඔයාට ආදරේ නම් ඒක ලෝකෙටම ඇහෙන්න කියන එක වැරදිද. අපේ ආදරේ අහිංසකයි, පරමයි, පිවිතුරුයි, පවිත්‍රයි...??

පිස්සුද නිසල්.. ඔයා අපෙ ආදරේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහල.. ඒ සද්දෙ අර මගෙ පිටරට ඉන්න මනුස්සයට ඇහුනොත් එහෙම නිකං තමයි ඉන්න වෙන්නේ..

පලි -  ආදරය සදා කාලික වන්නේද, පිවිතුරු වන්නේද දෙදෙනාගේම සහයෝගයෙන් මිස තනි පුද්ගලයෙකුගේ කැප වීම මත නොවේය. තනි අතින් ගහන්න බැරි අත්පුඩිය දෙදෙනෙක් එක් වූ විටක ගහන්නට හැක්කා සේම, දෙදෙනාම අවංක වේ නම් දෙදෙනාගේම තනි අත් එක්කොට සොදුරු අත්පුඩියක් සද්දෙට ගැසිය හැකිය.

සෑමා MONDAY, FEBRUARY 13, 2012 වන දින “වැලන්ටයින් දිනයේ උපත සෑමාගේ විග්‍රහය (වැල-ඉන්-ටයිම්)“ ලිපියෙන්ද කියා සිටියේ... 

මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ලෙස විශේෂ දින යොදාගෙන එදිනට පමණක් ඔවුනට සලකන මෙවන් යුගයක වැල-ඉන්-ටයිම් අරුමයක් නොවේමය. 
"ආදරය කරන්නන්ට සෑම දිනයක්ම එක සමානය, ආදරයට විශේෂ දින නැත්තේමය."


කියාය. ඒ නිසා අද දින සුපුරුදු බ්‍රහස්පතින්දාවක් කර ගන්න.

sAm ශ්‍රී Perera_08:14am_14/02/2013

Tuesday, February 12, 2013

පස්ස පැත්තේ කතන්දරය...


පස්ස යන්නට ගැලපෙන සහ සිතට දැනෙන් හොදම වචනය පු* යන්නය. එහෙත් මෙවන් බ්ලොගක එවන් වචනයක් භාවිතයේදී නොයෙක් අයගේ උදහසට ලක්වීමට සෑමා කැමති නැත්තේය. ඒ නිසා උක්ත සොදුරු වචනය වෙනුවට පස්ස පැත්ත ගැන ලියන්නට සෑමාට සිත් වූයේ සෑමාට හොද පස්සක් සැට් වූ නිසාය.

පස්ස නැති කෙල්ලෝ බහුතරයක් දුකෙන් පසු වන්නෝය. මන්ද කෙල්ලෙක් තමන් පසු කර ගිය විටක කොල්ලෝ බලන්නේ පස්ස පැත්තය. එසේම කෙල්ලෙකුගේ සුන්රත්වය වැඩි කරන්නේ ඔය කියන පස්සය. තමන්ගේ හැඩය වැඩිකරන්නේ එයම නිසාවෙන් කෙල්ලෝ ඒ පිලිබද වැඩියෙන් අවධානයෙන් පසුවන්නෝය. දිනපතා අප්‍රමාණ දහ ජරාවක් මුදා හරින්නාවූ පස්සට මේ තරම් හොද තැනක් ලැබීම විටක දුක්ඛ දායකය. විටෙක සතුටු විය හැකිය. මන්ද ජරාම තැනට එතරම් හොද තැනක් ලැබෙන්නේ නම් හොදම තැනට වඩාත් ඉහල ස්ථානයක් ලැබෙන නිසාවෙන්ය.

බස් වල ගමන් කරද්දී බේරා ගැනීමට අපහසුම ස්ථානයද පස්සය. පාසල් බස් රථයට හෝ වෑන් රථයට දිව එන දරුවෝ පොර කන්නේ පස්සේ සීට් එකටය. එනිසා පස්ස ලබා ගැනීමට තිබෙන තරගය ඉතා ඉහලය. එහෙත් හැමදාම එකෙක්ට පස්ස ජය ගැනීමට නොහැකි වන්නේය. එය පස්ස ලබා ගැනීමට තිබෙන තරගය විදහා දක්වන්නාවූ අවස්ථාවක්ය. එසේම බස් රථවලදී කාන්තාවන්ටද පස්ස බේරා ගැනීමට අපහසුය. ඒ බස්වල කෙලින් හිටගෙන යන්නට බැරි අසහන කාරයෝ ඉන්නා නිසාය. උන් තමන්ට කෙලින් සිටගෙන යා නොහැකි නිසා හේත්තු වන්නේ පස්සකටය. එවිට කෙල්ලෝ පස්ස බේරා ගැනීමට විවිධ උපක්‍රම යොදන්නෝය. එයින් අසහනකාරයින් නොනැවතී වද දෙන්නේ නම් බොහෝවිට සිද්ධිය අවසන් වන්නේ ගුටි කෙලියකින්ය. එලෙස පහර දීමේ මහත් භාග්‍යයක් සෑමාටද දිනක් උදා වූයේය. බස් එකම අසහන කාරයෙකුට බිම පෙරලගෙන පහර දෙද්දී සෑමා තම මිතුරන්ද සමග මැද්දට පැන්නේ ඇගේ පතේ අමාරුව අතෑර ගන්නටය.

ඒ ලෙවල් කාලයේ සෑමාගේ පන්තියේ හනුමා සිටියේය. ඌ නම් පට්ට ආතල් ඩයල් එකක්ය. ඌට තිබ්බේද පත පස්සක්ය. දිනක් පුටුවක ගැලවී තිබූ හේත්තු වන ලෑලි කැබැල්ලක් අතේ තබාගෙන හනුමා පන්තිය පුරා ගියේය. ඒ නිකං නොවේය. ලී කැබැල්ල පස්ස පැත්තට හේත්තු කරගත් හනුමා “ඔබේ පාසල් දැරිවිය පුක් කාරයින්ගෙන් බේරා ගැනීමට මෙවන් ලෑලි කැබැල්ලක් එල්ලා පාසල් යවන්න“ කියමින් හනුමා පන්තිය පුරා ගමන් කලේය. කතාව ඇත්තය. එය සමාජගත මහා ගැටළුවක් ලෙස ඒ කාලේ අපට හැගුනේය. එහෙත් බස් එකේ හෝ දුම්රියේදී එලෙස පස්සට වද දෙන පිරිස් නැගුනු විට සමහර කෙල්ලෝද, ඇන්ටිලාද, මුනිවත රකිමින්, ඔවුනටට සහය දෙන්නෝය. එය බයද නැතිනම් ආශාවද කියා විටක පැටලුම් සහගතය.

පස්සෙන් ඇවිත් ඇන්නොත් ඇනපු එකා වැරදිය. පස්සෙන් එන විට යම්කිසි පරතරයක් තබාගෙන ආ යුතු බව රථවාහන පොලිසිය පවසන්නේ ඒ නිසාය. එහෙත් ට්‍රැෆික් වලදී නම් එලෙස ඉඩ තියාගෙන යන පිරිස් බොහෝම අඩුය. එනිසා විනාශ වන්නේ ඉස්සරහින් යන එකාගේ පස්සය. කොහෙන් ගියත් බේරා ගත නොහැක්කේද පස්සමය.

පාසල් කාලයේ කියුබාවේ ප්‍ර බෝධය යන බෝල්ට් පොයින්ට් අකුරින් ලියැවුනු පත්‍රිකාව නොකියවූ කෙනෙක් මිහිපිට සිටින්නට බැරිය. ඒ ලිපිය සෑමා සෙව්වේ වෙනම පෝස්ට් එකක් ලෙස දමන්නට මුත් තවම සොයා ගැනීමට නොහැකි වූයේය. නමුත් එහි සදහන් වූ වගන්ති කිහිපයක් සෑමාට තවමත් මතකය. එහි සදහන් වූ පරිදි විවිධ සොල්දාදුවන් කියුබාවට පහර දෙන්නට එන්නෝය. නමුත් කියුබාවට නීත්‍යානුකූලව පහර දිය හැක්කේ එකම සොල්දාදුවෙකුටය. ඔහු නම් කියුබාව හිමි රැජිනගේ නීත්‍යානු කූල ස්වාමියාය. එහි ඉතා ලස්සනට කියුබාවට පහර දෙන්නට එන සොල්දාදුවන් ගැන ලියැවී තිබුනේ මෙසේය. “කියුබාවට පහර දෙන්නට පොලු මුගුරු අතැතිව පැමිණෙන සොල්දාදුවෝ අසාර්ථක වූ විට, අවසන කියුබාව අසල වූ දෙපළු නගරයට පහරදී පලා යන්නෝය“ උක්ත දෙපළු නගරයද කියුබාවේ පස්ස පැත්තය. කියුබාවට මෙන් උක්ත පස්ස පැත්තට නිත්‍ය හිමිකරුවෙක් නැතිය. සොල්දාදුවෝ කොපමණ ආවත් ගියත් කිසිවෙකු නොදන්නේය. එයද පස්ස පැත්තේ තවත් පැත්තක් හෙලිදරව් කරන්නේය.

පසුගිය ගෙට්ටුවේදී කාර් එකක පස්ස පැත්තෙන් අපේ කස්ටිය මනා ප්‍ර යෝජන ගත්තෝය. මේ එදා කස්ටිය පස්ස පැත්තට අත දමාගෙන එයින් තමන්ගේ වැඩ කටයුතු කරගත් ආකාරයය.
එලෙස වැඩගත්තද එහි පස්ස දිග නැතිය. හැම එකාම කිව්වේ පු* නැති වාහනයක් කිසි කික් එකක් නැහැ කියාය. දිග පස්සක් සහිත එකක් සොයමින් සිටි සෑමා පසුගිය දිනෙක දිග පු*ක් සහිත් වාහනයක් ගත්තේය. ඒ හරියටම 09.02.13 වෙනිදාය. පස්ස නැති ඒවා භාවිත කළ නිසා මුලදී ටිකක් නුහුරු බවක්ද දැනුනේය. හරියට ඇතුලට දමාගත් නොහැකි වූයේද පස්ස ලොකු නිසාය. දැන් දැන් එම හැකියා වර්ධනය වී ඇති නිසා ඉතා සතුටුදායකය. ගන්නවා නම් මුලින්ම හොද පස්සක් ඇති එකක් ගත්තා නම් මෙසේ කාලය වැය කරමින් පුහුනු වීමට අවශ්‍ය නොවන්නේය.
පාට, හැඩය, වර්ගය එකම මුත් ඔරිජිනල් වාහනයේ ෆොටෝවක් නොදා, ගූගල් එකෙන් වාහනයක් සොයා මෙලෙස දැම්මේ මග තොටදී සෑමාගේ පස්සෙන් කස්ටිය පන්නාවී යැයි බයටය.

උක්ත පස්ස ගැන කීමට මෙසේ පස්ස ගැන වැදගත් ලිපියක් ලිවීමි !

Saturday, February 9, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව-2


උදේම ලිහා දාපු බලු කුක්කෙක් වගේ මම නිදහසේ ඇවිද්දා. හැමදාම ගමේ කොල්ලන්ට හිසට වහලක් වුණ හන්දියේ බස් හෝල්ට් එක අදත් මට පිළිසරනක් වුණා. වෙනදට වැඩිය පිළිවෙලට ඇදල, කොන්ඩෙ උල්වෙන්න හදාගෙන අඩිය තියන මං දිහා ගමේ එකාල හැරි හැරි බැලුව. ඒ වෙනදට මම මෙහෙම අදින්නෙ නැති නිසා නෙවේ. මගේ හිතේ තිබ්බ අමුත්ත මගෙ මූණෙන් කට්ටියට පෙනුන නිසා වෙන්න ඇති. ඇක්සිඩන්ට් එකකින් හැප්පුනු වාහනයක එක පාරට එයාර් බෑග් පිම්බෙනව වගේ, ගායකයෙක් වෙන්න හිටපු මට හදිස්සියේ කෙරුණු මේ කැදවීම එයාර් බෑග් එක පිම්බෙනවටත් වඩා වේගෙන් මාව වෙනස් කරන්න ගත්ත. උගුර පාද පාද සිංදු කියල මුළු රෑම ගතකරල මම හීනෙනුත් සිංදු කිව්වා. මගෙ වෙලාව හොද කමට මට යාළු වුණ කෙල්ලෙක් හිටියෙ නැහැ. නැත්තං මහ රෑ නින්දන් නැතුව ප්‍රැක්ටිස් කරනවා වෙනුවට ඒකිව හුරතල් කරන්න වෙනවා ෂුවර්.

ගමේ හෝල්ට් එකේ හිටපු මට හෝල්ට් එක පෙනුනෙ එයාර් පෝට් එක වගේ. ඈතින් ආපු ලඩරම් බස් එක මට පෙනුනෙ මාව හදට ගෙනියන්න එන රොකට් එකක් වගේ වේගෙන්. වෙනදට අපේ ගමේ උන් උදේට කාලා, රැවුල කපාගෙන, කොණ්ඩ පීරගෙන, ගෑනූ හැට්ට කටු ගහගෙන එනකල් නවත්තගෙන ඉන්න බස් එක අද මට රොකට් එකක් වුනා. ඒත් හැබෑවටම ඌ ආවෙ උගෙ වේගෙන්. බස් කොන්දොස්තරය උදේට කෑම කාලා, බස් එකට නගිනකල් බස් එක නවත්තං ඉන්න වගක් මට දැනුනෙ නැහැ. මම බස් එක ඇතුලෙත් පාවුනා. එකම හීන ලෝකයක්. 

මෙහෙම ඉදල හරි යන්නෙ නැහැ. හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ඔබාගෙන සිංදුවක් අහන්නෝනි. වැල්ලෙ රීපු බලල් තඩියෙක් තමන්ගෙ කක්ක බෙට්ට හංගන්න වැලි අහුරු ඔබනව වගේ මම මගෙ කන ඇතුලට හෑන්ඩ්ස් ෆ්‍රී එක එබුවා. දැන් නම් බස් එකත් පිරිලා. වෙනදට ඇස් කරකව කරකව මම හොයන්නෙ කවුද බස් එක ඇතුලෙ ඉන්න හොදම කෑල්ල කියල. වැරැද්දක් කරන්න නෙවේ. උන් දිහා බලල ෆෝම් කරන්න. මම හිටගෙන හිටියොත් ලගට ගිහින් උරහිසට හේත්තු වෙන්න. හිටගෙන ඉන්න කම්මැලි කමට, ඉන්න කෙල්ලෙක්ගෙ ඇගට බර දීලා බල සමතුලිතය ප්‍රැක්ටිකලි දකින්න. මොකද මම එදා ඉදන්ම ෆිසික්ස්වලට ලෙංගතු නිසා. නැතුව ආගමට දහමට අකැමැති නිසා නෙවේ.
http://aeva-dhara.blogspot.com/2010/06/ticket-less-travel.html


වෙනදට පෝයට කැළණි බස් හෝල්ට් එකෙන් නගින හිගන මිනිස්සු කාසි අතේ තියාගෙන හොල්ල හොල්ල බස් එක මැද්දෙන් එනව වගේ මගෙ ලගට ආවෙ බස් කොන්දොස්තර මාමා. ඌ මම ඉස්කෝලෙ යන කාලෙ ඉදන් මේ බස් එකේමයි වැඩ කලේ. ඉතිං හැමදාම මගෙන් සල්ලි නොගන්න එකාට අදවත් සල්ලි දෙන්නෝනි කියල මම සල්ලි නෝට්ටුවලට වඩා කොළ කෑලි පිරුණු මගේ පර්ස් එක එලියට ඇදල ගත්ත. බස් එකේ වීදුරු කවුළුවක් ලග ඉදගෙන හිටපු මම එහා පැත්තෙ ඉදගෙන හිටපු කවුදෝ පහුකරගෙන අත දික් කළා.

“කොටුවට එකක්..“ මම ටිකට් ඉල්ලුවා.

“හරි හරි බං සල්ලි එපා..“ කොන්දා අහක බලාගෙනම කිව්වා.

ඒත් කනේ බෆල් දෙකක් එල්ලලා වගේ, කන පැලෙන්න සිංදු දාගෙන හිටපු මට මුකුත් ඇහුනෙ නැහැ. මම තවත් හයියෙන් කතා කළා. ඇත්තටම කනේ ඉයර් ෆෝන් ගහන් ඉන්නකොට වෙනදට වඩා හයියෙන් කෑගැහෙනවා. ඒක තමයි බස් එකම මගෙ පැත්ත හැරිල බලන්න ඇත්තෙ. එහා පැත්තෙ හිටපු එක්කෙනා අතින් තමන්ගෙ කට වහගෙන හිනා වෙනව මම දැක්ක. හීනයක් වගේ. එයා ලස්සන කෙල්ලෙක්. මූණ ගොරක ලෙල්ල වගේ හැඩේ තිබ්බට, පාට නම් රතුම රතුයි. ජම්බු කොට්ටෝරුවෙක් වගේ හොටක් නහය තිබ්බා. හදිස්සියටක පොල් බෑයක් ගා ගන්න තරම් ඒ නහය තියුනුයි කියල මට හිතුන.

මුළු ලෝකෙම මගෙ දිහා බලන් ඉන්නව වගේ දැනුන. මම කෑගහපු නිසා හැමෝගෙම අවධානය මගෙ පැත්තට. මම මගේ ගායන තරුවක් වීමේ සිහිනයේ පලවෙනි අඩිතාලම දැම්මදෝ කියලත් මට හිතුන. වේදිකාවක් මැද තනිවුනු ගාකයයෙක් දිහා ලෝකෙම බලං ඉන්නව කියල මට හිතුන. මගේ ඒ සිතුවිලි, ඒ සිහිනය එකපාරට කඩා වැටුන වගේ දැනුනෙ අර කෙල්ල මගේ හෑන්ඩ් ෆ්‍රී එකේ වයර් එකෙන් ඇදල බිමට දාපු නිසයි.

“මෝඩ හිවලා, මේක කනේ ගැහුවම මොනවත් ඇහෙනවද? ගලවල දානවා ඕක..“ එයා ආදරෙන් කිව්වා. අපෙ අම්මා බූරුවා ගොනා කියල බනින නිසා හිවල කියන එක මට ආදරයක් වගේ දැනුන.

“හැමදාම ඇදුරුම් කමට අපේ බස් එකේ නැගල සල්ලි නොදී යන එකා, අද ඔයා එහා පැත්තෙ ඉන්න නිසා මට සල්ලි දික් කරනව නංගී...“ කොන්දොස්තර මගේ ඇදන් හිටපු කලිසම ඔලුවෙන් ගැලෙව්වා. සතියක් තිස්සෙ ඇදපු යට ඇදුම, පෙරේදා හෝදලා, වේලුනේ නැතුව තියෙද්දිත්, අයන් එක යටින් තියල වේලලා ඇදන් ආපු එක හොදයි කියල මට දහස් වාරයක් හිතුන. නැත්තං මූ මගෙ කලිසම ගැලෙව්ව විදිහට එතැනින්ම බස් එකෙන් බහින්න වෙනවා.

කොන්දගෙ වැරදි වැටහීම නිසා, කෙල්ලටත් ඌ ටිකට් කඩල නැහැ. ඌ හිතල තියෙන්නෙ මම ඒකි එක්ක රවුමක් ගහන්න යනව කියල. ඒකි මගෙ කෙල්ල කියල. කොටුවෙන් බහින්න හිටිය මම ආයෙත් හෑන්ඩ්ස් ෆ්‍රී ගහගෙන වීදුරුවෙන් එලියට ඔළුව ඔබාගෙන ඉද්දි මගෙ උරහිසට තට්ටුකළා.

ඒ එයා..

“තැන්ක්යූ අයියා... ඔයා නිසා මගෙන් කොන්දොස්තර සල්ලි ගත්තෙත් නැහැ.“

එයා හිනා වුණා.
ආමර් ස්ට්‍රීට් වලින් බැස්ස.
මම කතා නැතුව බලං හිටිය.
ඉස්සරහ දොරෙන් බැහැල යන ගමන් මගේ දිහා එයා බැලුව.
මට හිනා ගියා.


මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_08:03am_08/02/2013
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

Thursday, February 7, 2013

මෙන්න, රටට ප්‍රශ්න සෑමාගෙන් - මලින්ද මාමා වෙනුවෙන්..


රට පුරා දැවෙන ප්‍රශ්නයන්ය. ජාති අරගලයන්ය. ආගම් වෙනුවෙන් අරගලයන්ය. ග්‍රීස් යකා අහවරය. මැණික් මතු වූ ඉඩම් ගැන සද්ද නැතිය. කැළණි ගගෙන් මතුවු රත්තරන්ද නැත්තේය. ධාතු වැඩැම්මවීම් අහවරය. ඉසෙඩ් ස්කෝර් ආතල් අහවරය. ප්‍රශ්න පත්තර සීන්ද පොඩ්ඩ පොඩ්ඩ ඇත්තේය. හලාල් වැඩේ නැගලා යන්නේය. හයිවේ කතන්දර කියවෙන්නේය. මේ සියළු මාතෘකා මලින්ද මාමාට ආතල්ය. යුද්ධය වුවත් තවමත් මාකට්ය. ඒවා මලින්ද මාමාගේ පැවැත්මයට හොදය. රට කන මැර මැති ඇමතිලාට මලින්ද මාමා ආදරේය. ඒ උන් රටේ ප්‍රශ්න අමතක කරවන මාතෘකා මවන නිසාය. ඒවා බදාගෙන ජනතාව නටන්නෝය. ජාතික ගීය රීමික්ස් කරන්නට ගොස් ප්‍රශ්න මවන්නට ගොස් නම් ලොක්කා අනා ගත්තේය. ඇමතියා කෙලින්ම කිව්වේ ප්‍රශ්න නැති තැන ආතල් එකක් ගන්නට කළ වැඩක් කියාය. සෑමාගේ අදහස වූයේ ජාතික ගීය දෙමල සහ සිංහලෙන් ඕනැ නම් පැරණි නාට්‍යයක් වූ A9 නාට්‍යෙය් ගීතය උචිත බවය. එය දෙමල හා සිංහල මික්ස් වූ ගීතයක්ය. බීට් එකද, පදද, ටෙම්පෝද අනර්ගය. එය ආවා නම් වසූරියප් පෙරුම මාමා නයි ටී එන් එකේ නටනවාය. අනේ හසන්ත මහත්තයෝ එන්න නටන්න කියා සරම බෝට්ටුව ආකාරයට හදාගෙන නටනවාය. 

වාංග මචාං වාංග.... අපෙ ගස පොල් ගස... අහසට ගෑවෙයි එහි උස.... කියන කොට එහා පැත්තෙන් දෙමෙලේ තල් ගස ගැන කියනවාය. පට්ට ආතල්ය. එවිට අපේ රටේ එකාලාගේ බඩගින්න උඩු දුවන්නේ නැතිය. උන් කට උඩ ඉදගෙන ඉන්නවාය. ඒ අතර වාහිනියේ චංගුමී ආච්චී (ඇයට වසය 42ක්ලු..) නැලවෙනවාය. ප්‍රශ්න නැත්තටම නැතිය. කස්ටිය බත් පාර්සලයක මුදල් විසිකරමින් චංගුමිගේ පොටෝ එකතු කරනවාය. වාහිනියත් රජයේම නිසා හොදය. නාට්ටිය හඩ කැවූ කස්ටියට ලොක්කාගෙන් ක්‍රෙඩිට්ය. ලබන පාර උන්ට ලැප් ටොප් ලැබෙනවා ෂුවර්ය. (සෑමා චංගුමි යන චැනල් එක පවා අසා දැන ගත්තේ දේවා ලියු ලිපියකින්ය.)

ඒ නිසා නිකං බලා ඉදලා බැරිය. බ්ලොග් ලියන අපිත් වැඩකට අත ගැසිය යුතුය. අපිත් තැනකට ආ යුතුය. සැමදාම විපක්ෂයේ සිටිය යුතු නැතිය. ඒ නිසා සෑමා ප්‍රශ්න කිහිපයක් සමාජ ගත කරන්නේය. එවිට රටේ බුද්ධිමත් ජනතාව ඒවා පස්සේ පන්නනවාය. එවිට ලොක්කා සෑමාගේ බ්ලොග දැක සතුටු වන්නේය. ජනතා ප්‍රශ්න පත්තරයෙන් මිදෙන නව රැල්ලක් මතු වෙන නිසාම සෑමා සම්මානයෙන් පිදුම් ලබන්නේය. එය නම් පට්ට ආතල්ය. සෑමා ගොඩ යනවා ෂුවර්ය.

අපේ රට මාර දියුණුය. කෘෂි කර්මය කෙසේ වෙතත් හැම අතින්ම දියුණුය. හැම එකාම අතේ ෆෝන්ය. ඉතිං මේ හැම ‍ෆෝන් එකකම ඇමිණී ඇති කැමරාවෙන් ගහන පොටෝ හතරැස්ය. එහෙත් ෆෝන් එකේ කාචය රවුම්ය. ඉතිං දැන් ජනතාව අවදි විය යුතුය. රවුම් කාචයෙන් වදින ෆොටෝ හතරැස් වන්නේ කෙසේදැයි සෙවිය යුතුය. මේ සදහා මාමා කමිටුවක් පත් කළ හොත් හොදය. එවිට උපදේෂක පන්තියට වැඩක් තියෙනවාය. නැත්තං උන් නිකං පඩි ගන්නවා කියා ජනතාවද කුපිත වන්නෝය.

අපේ රට වටේම ඇත්තේ මුහුදය. ඒ මුහුද පුරාම මාළු පීනන්නෝය. ඉන්දියාවෙන්ම අපේ මුහුදු සීමාවට පැන මාළු අල්ලන්නෝය. ඒවා ප්‍රශ්න නොවේමය. ප්‍රශ්න නම් මේවාය. ඔය මුහුදේ ඉන්න මාළුන්ට වතුර තිබහ හැදෙනවාද කියා සොයා බැලිය යුතුය. හැම සතාටම වතුර තිබහ හැදෙන්නෝය. ඒ අතර මාළුන්ට වතුර තිබහ හැදෙනවා ද කියා ජනතාව සොයා බැලිය යුතුය. එසේම හැම සතාම හඩන්නෝය. හරක් පවා මරන්න ගෙනියද්දි හඩන්නෝය. එදා මැරවින් මාමා එළු රංචුව පල්ලියෙන් මුදවද්දී උන්ද හඩමින් උන්නෝය. ඒත් කවුරුත් මාළුන් හඩනවාද කියා සෙව්වේ නැතිය. එයද සොයා බැලිය යුතුය. හැම සතාගේම නහයට කිවිසුම්ද යන්නේය. ඒ වගේම වතුරේ සිටින මාළුන්ට කිවිසුම් යනවාදැයි සොයා බැලිය යුතුය. නැත්තං ජීවත් වෙලාද වැඩක් නැතිය. මේවා දැවෙන ප්‍රශ්නයන්ය. ජනතා අවධානය ඒවාට යොමු විය යුතුය.

මෙරට අද්දියාපන දෙපාර්තුමේන්තුවටද ගැටළු නැත්තේය. ප්‍රශ්න පත්තර කැලෑ වලින් මතු වන්නෙ නැතිය. ප්‍රථිඵල කිසිම අවුලක් නැතිය. උසස් පෙල ලියා සමත් වූ එවුන් වසර ගණන් ගෙදර ඉන්නේද නැතිය. සර්ලා විභාග ප්‍රශ්න උස්සන්නේ ද නැතිය. එවන් ප්‍රශ්න නැති අධ්‍යාපන දෙපාර්තුමේන්තුවක් ගැන ජනතාවට දැනෙන්නේ නැතිය. ඒ නිසා අද්දියාපනයට අදාල ප්‍රශ්න පවා සෑමා ඉදිරිපත් කළ යුතුය. නැතිනම් මේ කළ සේවාවෙන් වැඩක් නැත්තේමය. මලින්ද මාමා සතුටු නොවන්නේය. එසේම බහුතරයක් බුද්ධිමත් ජනතාව පවා සැමාව නොසලකා හරින්නේය.

පුංචි කාලේ සිට අපි ඉංග්‍රීසියෙන් ගණින්නට පුරුදු වන්නේ. එහිදි අංක එකොලහ eleven ලෙසද, අංක 21,31,41, පිලිවෙලින් twenty one, thirty one, forty one, ලෙස ගණන් කරන්නේය. විස්සේ සිට අගට එකේ ඉලක්කම එන සියළු ඉලක්කම් අහවර වන්නේ One ලෙසටය. එහෙත් එකොලහ පමණක් eleven වූයේ කාගේ වරදින්ද. එය One One ලෙසට වෙනස් විය යුත්තේ නැතිද? මේවාට වග කිව යුත්තේ කවුරුන්ද? ජනතාව වහා පාරට බැසිය යුතුය. මේවාට විරුද්ධව කෑ ගැසිය යුතුය. එවිට කාර් රේස් වලට බනින්නේ නැතිය. බඩගින්න අමතක වන්නේය. මෙවන් දැවෙන ප්‍රශ්න නිසා මාමාට යහතින් ජීවත් විය හැක්කේය. සෑමා මාමා වෙනුවෙන් කළේ සමාජ සත්කාරයක්ය. ඒ නිසා ලබන පාර සෑමාට උපදේශක පට්ටමක් පවා නොලැබෙන්නේ යැයි විශ්වාස කල හැක්කේද???

sAm ශ්‍රී Perera_06:15am_07/02/2013

Saturday, February 2, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව...



නගර සභාවෙ කුණු ට්‍රැක්ටරයට ඇගිල්ලක් ගහන්න බැරි විදිහට කුණු පැක් කරනව වගේ රැට කන මම, කවදාවත් නැතු එදා රෑට මම ඉදිආප්ප දෙකක් කාල නිදාගත්තෙ හෙට උදේම මට තරගයකට යන්න තියෙන නිසා. තරගයක් කිව්වට ඒක එසේ මෙසේ තරගයක් නෙවේ. මට ඒක අභිමානයක් වුණා. පප්පා ගමේ හැමෝම තමන්ගෙ සතුරො පරද්දලා සතුටු වෙද්දි, ඒ ආතල් එක දෙගුණ කරන්න කෑකෝ පප්පා සිංදුවක් පටන් ගන්නකොට ඔහුට තඩා මාලුවෙක්ගෙන් පහර කන්න වෙනව වගේ තැනක් තමයි මටත් ගමේ හිමි වෙලා තිබ්බෙ. මම හීනියට සිංදුවක් පටන් ගද්දි, එහා ගෙදර එකා සද්දෙට රේඩියෝව දැම්මෙ මාව බයිට් කරන්න වගේ. ඌ ගෙදර නැති වෙලාවට මම සිංදුවක් පටන් ගත්තම ගෙදර ගැටගහල ඉන්න උගෙ බල්ල පවා උඩු බුරලා මට බාධාවක් වුණා. පහුගිය සතියක අම්ම ගෙදර ගෙනාපු කොහිල මිටියක් ඔතල තිබ්බ පත්තර පිටුවක තිබුනු කූපනයක් අම්මගෙ අතින්ම පුරවල දාපු නිසා මට හෙට වගේ දවසක් උදා වෙන්න යන්නෙ. ලංකා සිතියම කාමරේ මැද්දෙ පෙරලුවාම, ඒකෙ තියෙන පලාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්මාන හැම එකකම ඉන්න මං වගේ කුරිරු විදිහට අසාධාරණයට ලක්වෙච්ච කොල්ලො, කොල්ලො රැසක් හෙට එනව තරගෙට සිංදු කියන්න, හරියට කුඹි ගුලක් ලග ඉදන් සීන් කැටයක් උඩ දැමමම උන් උඩ පැන පැන දගලනව වගේ අපිත් හෙට උඩ පනී මයික් එක අතේ තියාගෙන සිංදු කියන්න. හෙට දවස ගැන හිත හිතාම මම ගියා ඇයව සිපගන්න, ඇය නිදි දෙව්දුව. සිරි යහනේ මට රසය මැව්වෙ ඇය. ඇය නිසාම මගෙ බෙඩ් ෂීට් පවා වෛවර්ණ රටාවන්ගෙන් පිරුණා.

මුළු අහසම කලු  වලාකුළු වලින් බර වෙලා, අහසට උහුල ගන්න බැරි තරමට පොදි ගැහුණු වලාකුළු පොලවට කඩා වැටෙන්න ඔන්න මෙන්න. වැටෙන්නෙ නොදී තරමක් වෙලාවක් ඒ බර තියා ගන්නෝනි නිසා, මට නැගිටින්න කම්මැලි නිසා, මම වකුටු වුනා. හරියට අටේ ඉලක්කම වගේ මම හරි මැද්දෙන් අඹරලා තියා ගත්ත. ඒත් ඒ වලාකුලු මැදින් හරි මැද්දෙන් හද එලියට වැටුණ වගේ, අපෙ අම්ම මගෙ කාමරේ කර්ටන් එක ඈත් කරල “නැගිටපන් චූටී...“ කියල කෑ ගැහුව. වෙනද වගේම කැඩිල තිබ්බ සරම නිසි ස්ථානයේ රදවමින් මම දිව්වා, කක්කුස්සියට අර කලින් කිව්ව කළු වලාකුළු, අටේ ඉලක්කම වගේ අඹරල හිරකරපු මගේ උදරය සැහැල්ලු කරගන්න, මම ඉදගත්ත කොමඩ් එකේ. රොබින් හුඩ් කතාවෙ එන ප්‍රධාන නළුවා රොබින් තමන්ගෙ පිටිපස්සෙ එල්ලලා තියෙන ඊතල එක එක සට පට ගාලා විදිනවා, මහ වැස්සක් වගේ. ඒ විදිහටම මමත් සට පට ගාලා ලෝඩ් වෙලා තිබ්බ ඉදි ආප්ප ටික සට පට ගාලා ඇදල දැම්ම කොමඩ් එක ඇතුලට.

හැමදාම වගේ මම ඇස් පියාගෙන කල්පනා කළා. කොමඩ් එක උඩ ඉදගෙනම. වෙනද වගේම මම හීන දැක්ක. වේදිකාවට නැගල මම මයික් එකක් හිර කරගන්නවා කිහිල්ලෙ. අපේ ගමේ සේදිරිස් මාමා උදේ කඩේ ගිහින් එද්දි පාන් ගෙඩිය කිහිල්ලෙ ගහන් බයිසිකලේ පදිනව වගේ. මම එහෙම කිහිල්ලෙ ගහගත්ත මයික් එකෙන් අත් නිදහස් කරගෙන, තාලෙට අත්පුඩි ගහනව මගේ රසිකයො එක්ක. මම මොන තාලෙට සිංදු කිව්වත්, උන්ටික තාලෙට වැනෙනවා. පැද්දෙනවා. ගමේ මන්තිරියා කතා පවත්වනකොට මොන මගුල කිව්වත් විසිල් ගහන පාක්ෂිකයො වගේ, මටත් හිටිය හොද රසිකයො පිරිසක්. මම සිහින අතරෙ පාවුණා, පොඩි කාලෙ ආරම්භක විදි්‍යාව කරද්දි, හුණු දාලා, උණුවතුර දාලා, දිලිසෙන චොක්ලට් කොල ගුලි කරල දාලා, බෝතලේට ගහපු බැලුම පිම්බෙනකල් ඉදලා ඉවසීමෙන් පා කරල යවනව වගේ, මම සිහින අතරෙ පාවුණා. හරිම සැහැල්ලුවෙන්. ඒ සැහැල්ලුව වැඩිකලේ සට පට ගාලා කොමඩ් එකට වැටෙන ඉදි ආප්ප ගුලි.

“කොල්ලෝ... උබ යන්නෙ නැද්ද අද??“

අම්මා කුස්සියෙ ඉදන් කක්කුස්සියට ආමන්ත්‍රනය කරද්දි සමබරව පාවෙවී හිටිය මම, තරාදියක එක පැත්තකට බර වැඩිපුර දැම්ම වගේ, මහා කාලකන්නි විදිහට කඩාගෙන වැටුනා. ඒ තරාදි පළුවෙ තිබ්බ අල බෝල ටික සීසිකඩ ගියා වගේ මගෙ රසිකයෝ හැම පැත්තටම දිව්වා. සුපුරුදු විදිහට ගමේ එවුන් මට සලකන විදිහටම මට මුකුත් නැතුව ගියා. මගෙ සිංදු අහන්න එකෙක්වත් ඉතුරු වුණේ නැහැ.

“හරි අම්මේ.. මම එනවා...“

ඒ බිදුනු සිහිනය සැබෑවක් කරන්න මම මගේ උදෑසන සගයාට සමුදුන්න. ෆලෂ් කරල නැගිටලා මගෙ සිහිනය සැබෑවක් කරන්න මම පියවර මැන්නා..

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_07:43am_02/02/2013

එදා ගෙට්ටුවේදි සිතු කුසු ආදර අන්දරය ගැන වෙඩික්කාරයා එලව එලවා සෑමාට ගුණ වැයුවේය. තවත් බොහෝ දෙනා සෑමාගේ මොරාල් නංවා තැබුවෝය. සියල්ලන්ටම ප්‍රණාමයක් විලස මෙවන් කතාවක් ලියැවෙන වගයි...

එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

Friday, February 1, 2013

රජකම් කළත් කළ කම් පළදේ.. මෙන්න කතා කරන ෆොටෝවේ ඇත්ත පැත්ත..
























සුවහසක් ජනතාව අමන්දානන්දයට පත්කළ විනාස කාරී ගායනය මෙන්න.. - වීඩියෝව බට්ටාගෙන්..


sAm ශ්‍රී Perera_09:01am_01/02/2013
Related Posts Plugin for WordPress, Blogger...