බොන උන් මෙන්න බොන්නේ නැති උන්ද මාගේ මිතුරෝය. මන්ද බීම හෝ නොබීම යමෙක් මිතුරෙකු කර ගැනීමට අදාල හේතුවක් හෝ මිනුම් දණ්ඩක් නොවන නිසාය. එහෙත් බොන එවුන් තමන් බොනවා යැයි ප්‍රසිද්ධියේ පිළිගනිද්දී නොබොන උන්ද තමන් බොනවා යැයි කීමට පෙළඹෙන අවස්ථා සෑමා දැක ඇත්තේය. විටක මිතුරන් ඉදිරියේ තමන්ට ලැබෙන තැන නැති වේ යැයි හැගීමෙන් එසේ කියනවා විය හැකිය. නැතහොත් තමන් නොබොනවා යැයි කීම මඳි පාඩුවක් ලෙස සිතනවා විය යුතුය.
බොහොමයක් උන් තමන් බිව්වද බිව්වා යැයි කීමට අකැමැති සමාජයක් ඉස්සර තිබුණද දැන් නොබොන උන් පවා බොනවා යැයි පෙන්වීමට උත්සාහ කරන්නේ එයද සමාජයේ තැන ලබා ගැනීමේ මිනුම් දණ්ඩක් නිසාද, නැතිනම් මිතුරන් අතරේ කොන් වේ යැයි සිතෙන නිසාදැයි සිතා බැලිය යුතුය. නමුත් තමන් බොන්නේ නැහැ කීමට තරම් ආඩම්බරයක් ඇති අය නැති වීම නම් දුක්ඛිතය. බොන උන් අස්සේ සිටින එකම නොබොන එකා වීම ආඩම්බරයට කරුණක් නොවන්නේද? එසේ නම් එය කීමට පසුබට වන්නේ මන්දැයි සෑමාට සිතුනේ මෑතකදී වූ ආතල්ම සිද්ධියක් නිසාය.
මෙලොව ඉපදුනා වූ හැම එකාම මොලොව හැරයන්නේය. වීදුරුවට හලා ගත්තාවූ අරක්කු ෂොට් එක එක හුස්මට ඉවර වන්නේ යම් සේද, මෙලොව උපන් අයෙක් මෙලොව හැර යන්නට වැඩි වේලාවක් ගත වන්නේ නැතිය. ඇල්කොහොල් වඩාත් වාශ්පශීලී නොවේ. එහෙත් එක හුස්මට ඉවර වේ. එසේම පනද තණ අග පිණි බිඳු වැන්නේය. සරලව කිවහොත් එදා තිබ්බේ මල ගෙයක්ය. මල ගෙදරක සැනඩ්විච්, නයිස් බිස්කට්, මාරි බිස්කට්, ප්ලේන්ටී සහ කෝපී හැරුණු විට සැඟවුණු පානයන් සහ බයිට් බොහෝය. දිනක් සෑමා මඟුල් ගෙවල් වලට වඩා මරණ ගෙවල් ආතල්ය කියා කීවේ එම පානයන් නිසා නොව කැරම්, ආදී ක්‍රීඩා නිසාය. ඒ කෙසේ වෙතත් බූරු පැදුරු හැරුණු කොට උක්ත පානය, චන්ද්‍ර ග්‍රහණ පවා පෙන්වන මල් සමඟ මුසු වන්නේ මරණ ගෙවල් වලදීය. එදා අපේ එවුන් මරණ ගෙදර ගියේ මිය ගිය අයට පින් සිදුවන්නට පොඩ්ඩක් සැට් වීමටය.
සියළු දෙනා රැස්ව සිටියද අපේ එකෙක් තවමත් මඟය. එසේ තිබියදී බෝතලය කැඩීම ඌට කරන නිග්‍රහයක්ය. මෙතුවක් අප සමඟ සෙට් වී නැති වුණත් කතාවේ හැටියට පොරත් සමඟ බොන්නට පුලුවන් එකෙක් අපේ සෙට් එකේ නැති බව අපට දැනී හමාරය. එදා මචං අච්චරක් ගැහුවා, මෙච්චරක් ගැසුවා ලෙස කියන “පොර“ ඉදිරියේ අප නම් ලදරුවෝම බව අපට සිතී තිබුණේය. ඒ නිසා පොරගේ ප්‍රමදය නිසා දෙතුන් වරක්ම අවසර ගෙන අප බෝතලය කැඩුවෙමු. ඒ වන විටත් පොර ගෙදරය. පොර කියනා පරිදි මහා ඇල්කෝල් ලෝලියෙක් නිසාම අපේ එවුන් ගේ අවවාදය වූයේ “මචං උඹ එනව නම් කාව හරි වාහනේ දාගෙන වරෙන්. නැත්තං උඹ යද්දි අවුලක් වෙයි“ කියාය. අපේ මිතුරා කීවේ “හරි මචං අද ගහන්නෝනි පැලෙන්න, මම එන්නම් කෝ...“ කියාය.
තත්වය එසේ තිබියදී අපේ එවුන් ලඟ නැමුවේ අපේ ‘පොර‘ට තැන තියාගෙනය. “මචං අරූ එයි ඌට තියමු“ කියමින් කස්ටිය ඉතුරු කළේ ‘පොර‘ වැඩකාරයා කියා කතන්දර වලින් දන්නා නිසාය. එහෙව් බොන කොල්ලෙක් හමුවේ අපි තවමත් පිටිකිරි බොන මට්ටමේ උන් කියා අපි සිතා සිටි නිසාය. අපේ එවුන් සැන්ඩි දමා බොන විට පොර නීට් ගහනවා යැයි කියන්නේය. අපි නීට් ගහනවා යැයි කියද්දී පොර කලවම් කර ගසන්නේ යැයි කියන්නේය. ඒ තරමට පොර වැඩ්ඩාය. බාගයක් පමණ ඉතුරුවන්නට තබා අපේ එකෙක් පොරට කෝල් කළේය. ඒ ඉන්නා තැන දැන ගැනීමටය.
“මචං උබ කොහෙද ඉන්නෙ??“
“හරි බං දැන් මේ පාර්ක් කළා විතරයි..“
“ආ උඹ එළියෙද.. අපි අහවල් තැන ඉන්නවා.. කෙලින්ම වරෙන්..“
අපි සැට් වී සිටි වෑන් එකෙන් එළියට බැස මරණ ගෙදර මිදුලට ආවේ මිතුරාව කුදලාගෙන වෑන් එකටම යාමටය. මිතුරා ඈත සිට එනු දැකීමෙන් අපේ එවුන් මූණට මූණ බලාගත්තෝය.
ඒ අතරින් අපේ ‘පොර‘ ගේ මව හඳුනාගත් අයෙකු කීවේ වචන කිහිපයක්ය.
“මූ මාර #$යෙක් නේ බං.. අම්මත් එක්කනෙ මූ ඇවිත් තියෙන්නෙ....“
පලි - තමන් මතින් තොර බව කීමට ආඩම්බර විය යුතුය. නොඑසේ නම් මිතුරන් මැද බොන බව හඟවමින් සිටීමෙන් තමන්ද, මිතුරන්ද පිරිහෙන්නේය. එනිසාම මිතුරන් මැද සදාකාලිකවම බයිට් වන්නේය.