Showing posts with label රී-මේක්. Show all posts
Showing posts with label රී-මේක්. Show all posts

Sunday, March 9, 2014

පොලිස්කරුවෙකු කැන්දාගෙන යාම... - Going Away With a Policeman !!!


Pic by - sAm_ශ්‍රී_Perera @ Kiribathgoda

ඔබ දුවයි කියා බයයි
“දඩ“ අඩුයි පඩිත් මදියි
බඩගින්නට එය දැනෙයි
වේලක් කන්නට මදියි

මුහුණට හිරිකිත වගෙයි
සුදු මුදු මඳහස මැකෙයි
බඩ පිට කොන්දට ඇලෙයි
(මට) උඹ මරං කන්න අගෙයි

විලි ලැජ්ජ නැහැම තමයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව යන්නට මට හිතෙයි

Remake_sAm_ශ්‍රී_Perera

Sunday, October 13, 2013

චින්තන සංධවනිය - Butter-Fly Symphony !!


බඩ විරේක වෙන අතීතයක
චීනෙ එක්ක ගණුදෙනු කරනා...
අපට අපේ නොවන...
අපේම මුතු ඇටයක් තිබුණා....

පැටව් වඩාගෙන තුන්යම රට රවටා... 
ගිනියම් මහ රෑ අදටත් උන් කිරි ඉල්ලනවා
ඡන්දෙට ඇහැරී කතිරය යළි සොයනා...

අපට අපේ නොවන...
අපේම මැතිරවරණත් තිබුණා..

අපේම මුතු ඇටයක් තිබුණා....


විහිලුවකටවත් කිසිදා නොනැගිටිනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන පක්ෂෙන් නෙරපවනා..

ජය අපේ නොවන..
අපේම විපක්ෂයක් තිබුණා...

අපේම මුතු ඇටයක් තිබුණා...



Monday, October 7, 2013

පැරදුනා මදි... - Hate Victories???




අලි පෙරහැර එන්නා සේ හිදිමි
උන් පාර පුරා දිව යන සුව විදිමි
ගුටි පෙරහැර යනතුරු මා නිදමි
උන් පස්ස නොබල දිව ගිය සුව විදිමී..



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
තනතුරු බදා ඉමී..
හෝ..ඕහ්..ඕ...



පොලු - කොඩි බිම වැටිලා සේ දුටිමි
සිරිකොත ඇතුලේ අලි සේරම රකිමී
නිල් එලි මා රකිනා බව දනිමී
ඒ හන්දා මම ඉවසගෙන සිටිමී...



ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
දිනයක ජය ගනිමී.. 
හෝ..ඕහ්..ඕ...



ජනපති සේ වඩිනා හැටි දුටිමි
(කොත) ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි..
අලි රැල මා හැර යන බව දනිමි...
දිවි හිමියෙන් මයියා මා රකිමී...



ඒකට කමක් නැති
මා හට බියක් නැති
මයියා රැක ගනිමී
පක්ෂය වැඩක් නැතී..
හෝ..ඕහ්..ඕ...
හෝ..ඕහ්..ඕ...

Written by sAm_ශ්‍රී_Perera_7:05pm_07/10/13

වර්ථමාන අලි පෙරහැර හා සසැදූවගයි..

Tuesday, August 20, 2013

ගායකයෙකු නොමැති කමින් බොදව ගිය සිහිනය...- sAm Blurred his Dream !!


දයා පැන්නේය. පනින්නට පෙර ගීත ගැයුවේය. ඒ ගීතය පැන්නාට පසු සෑමා වෙනස් කළේය. ගායකයෙකු සෙවුවද හම්බුනේ නැතිය. හැම තැනම ස්ටාර්ස් ලාය. එහෙත් සෑමාගේ පද රචනයට සහය වන්නට තරුවක් ලොවෙත් නොවීය. එකී අසාධාරණ හේතුව නිසා සෑමාගේ මේසය මත එහා මෙහා වෙමින් තිබී අද දින අම්මා විසින් තේ කෝප්පය තබන්නට ගිය ඒ කොළය අද මෙසේ ජනතා අයිතියට පත් වන්නේය. හැකි එකෙක් අරන් ගායනා කරන්නේ නම් අගනේය.

ඔරිජිනල් එක තාලයට ගායනා කොට, අලුත් වර්ෂන් එකත් එම තාලයටම ගයා බලන්න. වෙනසක් විය යුතුනම් යටින් කමෙන්ට් කරන්න.


ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්නරී සුන්දරී මුතු පලස මත දිදුලන
මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා

කාලකන්නි නෙත් විදා ආශ්චර්්‍යය නංවනා
ගජබින්නරී සාටකී රතු පලස මත දිදුලනා
රටකන්නදී බොන්නදී සාටකේ ගැට ගසමිනා

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි.... තවත් ඔයා හිනැහුණා

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් මාලෙකින් ගෙල සරසලා
වයඹට උඩින් තරුවක් මවා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි... තවත් ඔයා හිනැහුණා..

සිහිලැල් සුළං රැල්ලක් එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කළ හැටි
මතකයි ඔයා මං හැරගිය හැටී
මතකයි.... තවත් ඔයා හිටි හැටී

කුරහන් සුළං සුවදක එතී
සිරිකොත උයන් හැරදා එමී
මතකෙන් මකා අපි පෙම් කළ හැටී
මතකයි ඔයා මම හැර ගිය හැටී
මතකයි... තවත් මං හිටි හැටී


දයා අසිරිමත් වේවා !

Written by sAm_8:50pm_20/08/13
Related Posts Plugin for WordPress, Blogger...