ඉතිං සැන්ටා ක්ලෝස් සීයේ, ඔබගේ සැප දුක් කෙසේද? පොඩි සෑමා නම් සුවෙන්ය. ඔබට ලියන්නේ නම් කලකින්ය. දැන් නත්තල් සීයා වුණාට පොඩි සෑමා ඔයාව දන්නේ සැන්ටා ක්ලෝස්ය. ඒ පොඩි සෑමාගේ සීයා නිසාය. සීයා ඉන්න කාලේ අපේ ගමටත් සැන්ටා ක්ලෝස් කෙනෙක් සිටියේය. හැම දෙසැම්බරේම සැන්ටා ක්ලෝස් සීයාට ඇන්දේ ගමේ හිටිය සාන්ත සීයාය. වැල මැරී තිබුණත් අල බැස තිබුණු නිසා සීයා දෙසැම්බර සීතලේ සැන්ටාගේ මූණට මුවා වී වැඩ කිඩ දැම්මේය. ඒ දාපු තරමක් වැඩ දැම්මේ අල්ලපු ගෙදර ආච්චීටය. ඒ ආච්චී ගේ සීයා මැරුණු දා සිට ආච්චි බලා සිටියේ සීතල දෙසැම්බරේ තෑගි අරගෙන සැන්ටා සීයා හෙවත් සාන්ත සීයා එනතුරුය. ගමටම නත්තල් දා සාන්ත සීයාගේ තෑගි ලබන්නට පොඩි දරුවන් වෙන අපි දෑස අයා බලා සිටින්නෝය. ඒ අතරද එහා ගෙදර ආච්චී දොරකඩට වී සිටින්නේ මැදියම් රැයේ සාන්ත සීයාගෙන් අරුම පුදුම තෑගි බලන්නය. විටක සාන්ත සීයාගේ පිණි මුවා මතට ගොඩවන අල්ලපු ගෙදර ආච්චී එකල අපි අස්සයා ගෝන් ටික් ටික් කරන්නාක් මෙන් කුලප්පුවෙන් දඟලනා බව කිව්වේ අපේ ආච්චීය. ඒ අසා සිටි සීයා හරස් ප්‍රශ්න රැසක් ඇසුවේ ආච්චී ඒ අඩව් ගැන දන්නේ කෙසේද දැන ගන්නට විය යුතුය. ආච්චී ගණනකට නොගෙන කියා සිටියේ අනේ මම පිණි මුවාගේ අං තට්ටුව ගැස්සෙනාව දැක්කා කියාය. එදා සීයා ආච්චීට බැන්නේ බොට සැන්ටා ගෙන් තෑගි තියා සැනසිලි තෑගිවත් ගන්නට ඉඩක් නොතබන බව කියාය. එහෙම මොකක් හරි ආරංචි වුණොත් සැන්ටා ක්ලෝස්ව, ක්ලෝස් කරන බව සීයා කියූ වාර අනන්තය.
අපේ සීයා එහෙම කිව්වාට එහා ගෙදර මැගි ආච්චී සැන්ටාට ගොඩක් ක්ලෝස්ය. ඒකට අපෙ සීයාට පොඩි ඉරිසියාවක් තිබුණු බව අපිට වැටහී ඇත්තේය. ඒක සාධාරණ විය හැකිය. මොකද අපෙ සීයා අසල්වැසියාට ප්‍රේම කරන නිසාය. ඒත් අපෙ ආච්චීටත් ඒ සම්බන්ධය පිළිබඳව තිබුණේ මහත් තරහක්ය. කේන්තියක්ය. මැගි ආච්චීව දකින්නට තරම් ඈ අප්‍රිය කළාය. ඒ අතින් අපෙ ආච්චී වැරදිය. කරන්නට තිබුණේ මැගි ආච්චීට ප්‍රේම කිරීමය.
පවුල් ප්‍රශ්න, ගමේ ප්‍රශ්න අඬ දඹර මොක තිබුණත් අපි සාන්ත සීයාට කෙසේ වෙතත් සැන්ටාට ආදරය කළෙමු. ඒ මෑන්ස් මොක වුණත් කන්නට ලොසින්ජරයක් හෝ අප අත තබන නිසාය. බොහෝ විට ගම පුරාම වීදි සංචාරය කර මධ්‍යම රාත්තිරියේ සැන්ටා අපේ ගෙවල් පැත්තට එන්නේ මැගි ආච්චීට ප්‍රථම ත්‍යාගය ලබා දෙන්නය. ඒ අනුව අවසන් සැනසිලි තෑගි ලැබෙන්නේ අපිටය. මැගි ආච්චීගේ අල්ලපු ගෙදර ඉන්නා අපිට සැන්ටාගේ සැලකිල්ලත් වැඩිය. ඒ සැලකිල්ල නිසාමදෝ නත්තල් පාටියෙන් ඉතිරි වූ කෑම බීම පවා සැන්ටා වෙනුවෙන් වෙන් කර තබන්නේ අවසන් ජාමයේ කා බී විනෝද වන්නටය. ඒ අතර තුර සැන්ටා තමන්ට ලැබෙන කෑම බීම මෙන්ම, කවලං වූ අඩි පුඩිද ගසා එන බව අමුතුවෙන් කිව යුතු නැතිය.
එදා ද සුපුරුදු පරිදි සැන්ටා මැගි ආච්චීට තෑගි දෙන්නට ආවේය. සැන්ටා සීයාට පදමට ඩෝප්ය. ඒත් සීයා අපිට තෑගි දෙන්නට අමතක නොකළේය. තෑගි අප අත තබා මැගි ආච්චී බලන්නට යන්නට යද්දී අපේ ගෙදර අය කිව්වේ සීයාට කෑම එකක් ලෑස්ති කරන බවය. “හරි හරි මම මැගියා බලා එන්නං“ කියූ සීයා අල්ලපු ගෙට පැන්නේය. කෙසේ හෝ වැඩ අහවර කොට කෑම ගන්නට මේ පැත්තට එන නිසා අපේ ගෙදර අය සීයාට කෑම පාර්සලය ගසා තබන්නෝය. අපේ ගෙදර අය අපිට කිව්වේ “ඔතල තියෙන්නේ, සීයා ආවම දෙන්න කියාය“ ඒ අසා සිටි අපෙ සීයාට ඌරු ජුවල්ය. “ඔතල දීහල්ලා ඕකට මල් පඩංගුව“ කියා කිව්වේ තරහින්ය. එහෙම කිව්වාට අපිට සීයා එනතුරු නිදි මරන්නට බැරිය. පැය ගණනක් ඉවසා බලා සිටියද සීයා එන පාටක් නැතිය. හැම දෙසැම්බරේම සාන්ත සීයා මැගි ආච්චී සමඟ අහවල් එකක් කරනවා දැයි බලන්නට අපේ පුංචි හිත් වලට සාධාරණ කුතුහලයක් ආවේය. ඒ නිසාම මැගි ආච්චීගේ මැට්ටෙන් හැදූ පැල්පතේ ජනෙල් ගැට්ටෙන් ඇතුලට එබුනේ සීයාගේ පිණිමුවා බලන්නටය.
පැත්තක කුප්පි ලාම්පුවක්ය. කළු දැල්ල කෙලින්ම ඉහළට නැගෙන්නේය. පහළින් කහ දැල්ල සෙලවෙන්නේය. සැන්ටාගේ රතු පාට තෑගි මල්ල ගොම පොළොවේ දිගා වෙලාය. සැන්ටාගේ රතු පාට තොප්පිය, සුදු බූල් සහිතව ආච්චීගේ හිසේය. මැගි ආච්චීගේ සුදු කොණ්ඩයට සීයාගේ රතු තොප්පිය පට්ට මැචින්ය. එහෙත් හරි කලබලයක්ය. ආච්චී පිණිමුවා සමඟ පොර බඳනවා විය හැකිය. සීයා බිම පෙරලිලාය. මැගි ආච්චී නරකය. අහිංසක පිණි මුවා උඩ නැගී උඩ පනිනවාය. සීයා පිණිමුවා බේර ගන්නට දඟලනවාය. ඒ කළබලය නිසාම මැගි ආච්චීගේ චීත්තය බිම වැටෙන්නට ඇතිය. පිණි මුවාගේ අං තට්ටුව පැටලී ආච්චීගේ හැට්ටය ගැලවෙන්නට ඇතිය.
“මට හඳට යන්න ඕනෙ මැගියෝ.. මලක් ඕනේ... මැගියෝ...“
සීයා හති අරිමින් කෑගැසුවේය. ඒ අතර ජනේලය පැත්ත බලමින් දැඟලුවේය. කලබලය දැක පුදුම වී සිටි අපිට සැගවෙන්නට වෙලා නැති වුණේය. අපි හිතුවේ පිණිමුවා ගැන මිසක හැංගෙන එකක් ගැන නෙවේය.
“තොපි මොකද යකුනේ මෙතැන කරන්නේ.. පල යන්න කාලකන්නි යක්කු..“
“නෑ සීයෙ ඔතල තියෙනවා අරන් යන්න කියන්න අපි ආවේ..“
සාන්ත සීයා වෙස් මූණට මුවා වී, මැගි ආච්චී සමඟ පිණි මුවාට සලකපු ආකරය දුටු අපට දෙන්නට තිබුණු සාධාරණම පිළිතුර එයම විය.
“හෑ යකුනේ.. කවුද ඔතල තියෙනව කිව්වේ.....“
“අපෙ සීයා..“
“කවදාවත් නැතුව යකෝ.. උට මාව මතක් වුණා එහෙනම්.. උබලට විස්වාස ද? මොනවද ඌ මට ඔතල තිබ්බේ..“
මැගි ආච්චී පැත්තකට පැන්නේය. සාන්ත සීයා නැගිට්ට නැගිටිල්ලට ආච්චීට පනින්නට දෙයක් නොතිබ්බේය. පිණි මුවා මිසිං ය. සාන්ත සීයාගේ මුහුණින් අපිට පෙනුනේ අපිට කරදරයක් නම් නොවන බවක්ය.
“සීයාට.. මල් පඩංගුවක් තිබ්බා...“
“වරෙව් යන්න.. මම මදි පාඩුවක හිටියේ.. උබලෑ සීයා හොඳ එකා මාත් එක්ක බොරුවට අමනාප වුණාට.. මැගියෝ තෝ හිටු. මම ආයෙ එන්නං...“
සැන්ටා සීයා සතුටින්ය. අපිත් ඔහු පිටුපසින් ගියේ මහත් සතුටින්ය. ලබන නත්තලේ සිට අපිට වැඩිපුර තෑගි ලැබෙනවා ෂුවර්ය. සැන්ටා සීයා දිව ගොස් අපෙ සීයාව බදා ගත්තේය. කලබලයට සීයාගේ සරම පහලට වැටී අහවල් එකක්ද කරන්නේ කියා ඇසුවේය.
“උබ හොඳ එකා.. දීහං මට මල මෙහාට්ට..“
“මොන මලක්ද යකෝ.. තෝ මෙහෙන් තොලොන්චි වෙලා පල මේ බත් පත අරං“
“එහෙනං මුං මට ඇවිත් කිව්වේ උබ මට ඔතල තිබ්බ කියල එකක්....“
“ඔතන්න..?? උබට ඔතල, රෝල් කරල එකක් ගහන්නෝනි පුකේ...“
“තොපි හැත්ත.. කියපල්ලෝ මොකක්ද මේකෙ තේරුම...??“
“ඔය තියෙන්නෙ සාන්ත සීයාට ඔතපු කෑම එක.. ඒක ගැන අපි කිව්වෙ..“
අපිට කියන්න ලැබුණේ එච්චරය. සාන්ත සීයා කුණු හරප රැසක් කියා අඩි පොලේ ගසා නික්ම ගියේය. මැගි ආච්චී නැවත අප සමඟ කතා නොකළාය. ඒ විලි ලැජ්ජාවටය. අපෙ සීයාද වෙච්ච දේ හොදා යැයි කිව්වේ එදායින් පසු සාන්ත සීයා සැන්ටාට නො ඇන්ද නිසාය. ආච්චී නම් අපට සිද්ධිය මතක්වන සැරයක් පාසා දොස් කියන්නීය.
මොක වුණත් අපිට තෑගි දෙන්නට සාන්ත සීයා එනවා නම් අපි සතුටුය. ඒත් ඒ සතුට කවදාවත් නොලැබෙන්නේය. දැන් සාන්ත සීයලා ඉන්නේ සාප්පු වලය. නත්තලටය. ඒ අපිව ගෙන්වා ගන්නටය. අපෙන් සල්ලි අරන් අපිට බඩු දෙන්නටය. නැති නම් නිකං දෙන්නට නෙවේය. එහෙව් එකේ සැන්ටා සීයා සිටියා නම් මැගි ආච්චීටද සතුටුය. අපිටද සතුටුය.
Written_by_sAm_ශ්‍රී_10:14pm_26/12/16