tag:blogger.com,1999:blog-79437001448376067592024-03-14T13:53:17.921+05:30sAm cReations | සෑම්ගේ කතාවsAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger498125tag:blogger.com,1999:blog-7943700144837606759.post-76523924465074845402023-10-14T22:00:00.001+05:302023-10-14T22:00:00.146+05:30බේකරියේ සිරවූ විපුලයා.. - Vipula stucked at the Bakery !!!
කාලෙන් කාලෙට අපිට සෙට්වෙන ගැන්සි විවිධය. ඉස්කෝලෙ යන කාලයේ නම් ඉස්කෝලෙ සෙට් එක, බස්හෝල්ට් එකෙ සෙට් එක, ක්ලාස් එකෙ සෙට් එක, ආදී ලෙස විවිධ ස්ථාන අනුව ගැන්සියක් සෙට් වීම හොදම උදාහරණයක්ය.

දැන් සෑමා ඉන්නා සෙට් අනුව එක සෙට් එකක් නම් මොන්ටිසෝරි සෙට් එකය. උන්ව සෙට් වෙන්නේ උදේ 8ට හා දවල් 11.30ටය. තුන වසරේ සෙට් එක තවත් සෙට් එකක්ය. උන්ව සෙට් වෙන්නේ දවල් 1.30ටය. දැන් ඉන්නා සෙට් වලින් ගොඩක්ම ඉන්නේ වයසක සෙට්ය. කාලීනව ඒවා වෙනස් වීම අරුමයක් නොවේය.

ඔය හැම සෙට් එකම සෙට් වෙන අවස්ථාවක් අනිවාය. ඒ කියන්නේ ටේබල් එකක් වටේට සෙට් වීමය. ඒ අනුව මොන්ටිසෝරි සෙට් එක මුලින්ම සෙට් වුනේ සම්පත් අයියලෑ දිහෑය. සම්පත් අයියා කියලා මුලින්ම කිව්වාට පහු පහු වෙද්දී මෑන්ට අපෙ මොන්ටිසෝරි සෙට් එක කියන්න ගත්තේ සම්පා කියාය. දැන් දැන් ඌට කියන්නේ සම්පයියා කියාය. ඒක හැටිය. මුලින්ම මුලිච්චි වෙද්දී තියෙන් ගෞරවය හා පිළිගැනීම පහු පහු වෙද්දී ෆිට් එක වැඩි වෙද්දී යන්නේ දෙපිටින්ය.

ඔන්න සම්පයියෑ ගෙදර මුලින්ම සෙට් වුන දවසේ කස්ටිය රෑ ගෙදර එන්නෙ නැතුව පහුවදාම ගෙදර ආවා මතකය. ඒකත් පහුවදා දවල්ය. ඒ තරමට සම්පයියා අපිට සැලකුවේය. පහුවදා උදේ කන්න යමක් හොයන්නට යද්දී සම්පලෑ උඩහ බේකරියක් තිබ්බේය. ඉතිං පළවෙනි දවසේම සම්පෑ බේකරිය සෑමාගේ මතකයේ රැදුනේය.

ඔහොම කල් ගෙවෙද්දී දවසක් රෑක සම්පාට බයිටක් දෙන්නට සිතා අපි ගත්තේ කෝල් එකක් ය. හදුනාගන්නට බැරි පරිදි ඥංඥුං හඩින් සම්පා ඇමතුවේ සෑමාය.

අඥේ ඥංපත් අයියේ..

ඔව් කවුද මේ කියන්න..

අඥේ අය්යේ මඥ් මේ බේකරියෙ ඉදන් කතා කරන්නේ..

ඔව් කියපං

මාව මේ බේකරියෙ උන් ඇතුලට දාලා වහලා අයියේ

ඈ.. මේ වෙලාවෙ.. ඔතන කවුරැවත් නැද්ද

ඥෑ අයියේ.. මුං ඔක්කෙම ගිහින්.. මම මේ ඇතුලෙ ඉදන් කතා කරන්නේ..

කවුද බං මේ..

මම විපුල අයියේ..

හිටහං මම පොඩ්ඩක් බලන්න..

කියලා තියපු සම්පා සෑමාව සැක නොකර සතියක් විතර ගෙවුනේය. මොන්ටිසෝරිය ලග සැට් එකටම සීන් එක ගැන කියපු සෑමා රෙකෝඩින් එකද ඇස්සෙව්වේය. සම්පා දකින වාරයක් පාසා විපුලයා සිහිවී සිනා යෑම අපට අවසන් කරගත නොහැකි තැනට ආවේය. අන්න එදා අපි සම්පාට ඇස්සෙව්වේ රෙකෝඩින් එකය.

හෑ &$(කන්නෝ.. අරුං අරහෙ විපුලයා කවුද කියලා හොයනවා..

කවුද ?

බේකරියෙ උන්..

අප්පට සිරි..

ඔව් බං.. මම හිතුවා උදේට අපි කෑම ගන්න කඩේ ඉන්න ඥංඤුං ඩෑල් එක වෙන්න ඇති බේකරියෙ හිරවුනේ කියලා. තව පොඩ්ඩෙන් මම උගෙනුත් අහනවා මොකැ මල්ලි උනෙ කියලා.

ඉතිං සම්පයියේ එදා රෑ මොකෝ උනෙ ?

ඇයි බං මං එදා නිදිමරගාතෙම බේකරිය උන්ට කතා කරලා කිව්වා අන්න කවුද එකෙක් ඇතුලෙ හිරවෙලාලු ගිහින් දොර ඇරපල්ලා කියලා.

උන් පහුවදා උදේ සම්පට කියලා එහෙම එකෙක් හිටියෙ නැහැ කියලා..

සම්පා එදායින් පස්සෙ බේකරිය පැත්ත පලාතෙ ගියෙ නෑය. බේකරියෙ උන් සම්පා දැක්කාම අත වනලා හිනාවෙනවාය කියලා සම්පෑ පවුල මොන්ටිසෝරිය ලගදී කීවාය.

Written_by_sAm_sRi_10:00pm_14.10.2023
sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com10tag:blogger.com,1999:blog-7943700144837606759.post-6651194728454494552021-07-02T09:50:00.003+05:302021-07-02T09:50:57.190+05:30ත්‍රීවීල් අයියා - Three wheel brother !!
හදිස්සියට පාරක් අහ ගන්නට ඉස්සර ඉදන් අපිට උදව් කළේ ත්‍රීවීල් අයියලාය. ඕනෙම වෙලාවක වීල් පාක් එකකට ගියොත් උදව්වක් ගන්නට පුලුවන් බව කිව යුතු මනාය. පාරක් අහන්නට, බාර් එකක් අහන්නට, ඕනිම ගමක අප්ඩේට් එකක්, ගොසිප් එකක් සෙනික අප්ඩේට් වෙන්නේ වීල් පාක් එකටය. ගමේ කෙනෙක් වීල් එකේ යන ගමන් කරන්නේ අර පුටු පුටු සද්දෙ අස්සේ වීල් එකෙ අයියාව කේලමකින්, දේශපාලනයෙන් හෝ තර්ක සාස්ත්‍රයෙන් අප්ඩේට් කිරීමය. ඉන්පසු සියලු ගොසිප් හෝ දැනුම හෝ පාක් එකේ සාමාජිකයන් සෙට් එක අතරේ සංකලනය වී අපූරුම නිවුස් රැසක් සොයාගැනීම් හෝ නිපැයුම් රැසක් සමාජයට එකතු වන්නේ ඇසුරු සැනින් ය.

ගමේ එකා පිට එකා වෙන් කර හදුනා ගැනීමට ඔවුන්ට හැකි ය. ගමට පිටින් ආ එකා, ගමෙන් පිට පැන්න එකා ඔවුන් ගේ දත්ත ගබඩාවේ සටහන් ය. අහිම්සක එකී, අහවල් එකී සහ වල් එකී ඔවුන්ගේ මෙමරියේ අප්ඩේට් ය. එහෙව් තත්වයක් තිබියදී ශ්‍රී ලංකා පොලිසියට ත්‍රීවීල් 2000ක් ගෙන්වන්නේ රාජානුග්රහයෙන් ය.

ඉතිං වීල් එක්ක ගණුදෙනු දැන් සුපරික්ෂාකාරී විය යුතුය. වෙනදාට ඕනෑම ගමක බැස මල් කෑල්ලක් සොයන්නට වීල් එකකින් අසන්නට කිසිවෙකු නොපැකිලෙන බව කවුරුත් දන්නා සත්‍යයක් ය. දැන් එහෙම කරන්නට පෙර දෙවරක් සිතිය යුතුය. එවැනි සෑම දෙයක්ම දැන් හරිම රිස්කිය. එලෙසම වීල් සෙට් එකක් බැස අපි පොලිසියෙන් කිව්වොත් අනේ නෑ ඔයාලා පොලිසියේ නෙවේ කියන්නටද බැරිය. කෝකටත් ආරක්ෂාවට පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නුවනට හුරුය. පොලිස් හා සාමාන්‍ය ත්‍රීවීල් වෙන්කර හඳුනාගන්නා තුරු අපිට සමා කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය යුතුය.

⚠️️සෙනික u ටර්න් ගසන වීල් වලට නොබනින්න.

⚠️️වීල් එකකට අත දමන්නට පෙර දෙවරක් හිතන්න.

⚠️️අඩියක් ගසා වෙරි මතේ වීල් වලට නොනගින්න.

⚠️️සිග්නල් නොදමා හරවන හෝ වමට සිග්නල් දමා දකුණට කරකවන වීල් වලට නොබනින්න.

⚠️සියලු ️වීල් වලට ගරු කරන්න.

⚠️️ෆෝන් එක කනේ තියන්නට පෙර දෙපස වීල් තිබේදැයි බලන්න.

⚠️️අධික වේගයෙන් වීල් පසුකර නොයන්න.

⚠️️සැම විටම වීල් වලට ප්‍රමුඛතාවය ලබා දෙන්න.

තත්වය එසේ තිබියදී වෙන්කර හදුනා ගැනීමට පහත ත්‍රීවීල් වැකි හෙවත් වීල් ටැග්ස් සමාජගත කරමි. ඔබේ එව්වාද පහළින් කොටන් යන්න.

කැළණිය බෝඩරේ

අතහිත ඕඅයිසී ගෙන්

මාංජු සාක්කුවේ - චන්ඩි දැන් බෝක්කුවේ

ආවා සොයා ආදරේ

ඉංග්ලිශ් අකුරු තුනේ ලොක්කා

පොලිසිය නෑ ආතල් දන්නේ

විකසිත ආදර ප්‍රාර්ථනා

ඉන්ස්පෙක්ටර් ලකී

Written_by_sAm_sRi_8:00am_02.07.2021
sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com6tag:blogger.com,1999:blog-7943700144837606759.post-65897666389167078732021-06-24T16:19:00.000+05:302021-06-24T16:19:26.105+05:30දුමින්දාගමනය - Duminda Arrives !!

අද පොසොන්ය. ඒ කියන්නේ කලා ශිල්ප ගණනාවක් සමඟ ලංකාවට අනුබුදු මිහිඳු හිමි වැඩම කළ දවසය. උදේම නැඟිට්ට ගමන් කරන්නට උනේ ඉස්කෝලෙ වැඩක්ය. සෑමා ඉස්කෝලේ නොගියාට පුත්‍රයා ඉස්කෝලේ යන්නේය. යනවා කිව්වට කොල්ලා යන්නෙ ලැප්ටොප් එක ලඟටය. ගිහින් ලැප් එකට වැඳ, පන්සිල් කියන්නේය. ඉන්පසු ස්ක්‍රීන් එක දිහා බලාගෙනම පාසැල් ගීය හා ජාතික ගීය කියා පාසැලේ වැඩ අරඹන්නේය. දැන් ඉස්කෝලේ යෑම එහෙමය. ඉස්සර වැඩිහිටියෝ පොඩි උන්ට හෙවත් අපිට විහිලු කළේ උබලා වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා යෑ... කියලා ය. දැන් ළමයි ලොකු උන දාක මුල් ළමා විය ගැන කුමන ජෝක්ස් එළියට ඒ දැයි සැකය.

පොසොන් පොහොය නිසා ගෙදර සෙට් එකම එකට ඉදගෙන දුර පේන තැනිතලා ගැන ගීතයක් ගායනා කළ යුතු බවත්, එය වීඩියෝ කළ යුතු බවත් සහ එය පාසැලේ ගෲප් එකට එවිය යුතු බවත් කිව්වේ ටීචර් ය. අන්තිම දවසට කලිනුත් ටීචර් කිව්වේ ළමයි හැට නම ලක්සයෙන් එකම දරුවයි තවම එව්වේ කියාය. ඒ අපි නොවේ වෙන දරුවෙක් ය. ඊයේ උදේ කිටියා ඕගන් එක ගසද්දී කිහිප වරක් රිහසල් කළ අපි එක වර වීඩියෝ කර යූ නල ගත කළේ ඒ වීඩියෝ එකය. ටීචර්ට වීඩියෝ එක යැව්වාම ඇය කිව්වෙ අනේ නයිස් අම්මා, බට් කට්ටිය හිටං කිව්වා නම් මැක්ස් ප්‍රෝ කියලාය.

මල කෙලියක් ය. වන් ශොට් වීඩියෝ එක ගත්තේ ආයි පොඩි උන් තුනක් එක්ක හිටං කරන්නට බැරි නිසාය. ඉදන් කළේ උන් මෙල්ල කර ගැනීමටය. ෆෝන් එක කබඩ් එකක් උඩ අටවා ශේප් එකෙ ගත් වීඩියෝ එක නැවත කැටයම් කළ නොහැකිය. ඒ නිසා අනේ ටීච මේ අමාරුවෙන් කළේ මීට වඩා බෑ කියූ විට ඈ ඕකේ කිව්වාය. ඒ නිසා ටීචර් හොඳය. <3

උඩහ කඩේ අක්කා පෝයට බිත්තර දෙන්නේ නැතිය. ඇය කියන්නේ පෝයට බිතතර දෙන එක පෞ කියාය. ඉතිං පෝයට දාන බිත්තර වලට කිකිළී මක් කරනවාද දන්නේ අක්කාය. එක දවසක් ඇය කිව්වේ අනේ මල්ලී අතට දෙන්න බෑ ඔයාම අත දාලා බිත්තරේ ගන්නවා නම් ඕකේ කියාය. එදා බිත්තරේ ගත්ත දා සිට පෞල කිව්වේ අපි පෝයට සෝයා කමු කියාය. ඒ නිසා ඊයේ සෑමා දඩයම් බට්ටා පැකැට් එකක් ගන්නට කඩේට ගියේය. අක්කා බට්ටා සෑමා අතේ තබන්නට යද්දී එතැනට ආ කඩේ අයියා කිව්වේ බට්ටා එපා මල්ලීට පොලොස් රස එකක් දෙන්න කියාය. අනේ අයියේ අපි ඔරිමජිනල් පොලොස් කොහොමත් කන නිසා අපිට බට්ටාම දෙන්න කියා සෑමා එය ගෙදර අරං ආවේය.

සෑමා උදේ වීඩියෝ එකට සබ්ස්ටයිට්ල් දමමින් නටද්දී කිටියාගෙන් කම්ප්ලේන් එකක් ය. අනේ මේවා ගෙනාවෙ ඇයි. මේකෙ ISO, SLS සහතික නෑනෙ. එවලේ එව්වාට රිප්ලයි නොකළ සෑමා වැඩේ සිහියෙන් සිටියේය. ඒ සහතික දෙන සමාගමේ ඇන්ටී පවා කිව්වේ අනේ ඒ සහතික හරියට දෙන්න ගියොත් මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙනවා කියාය. ඉතිං එහෙව් රටේ ISO SLS සහතික නැති කඩේ අක්කාගේ බිත්තරේ සෑමාට විශ්වාස බව කිව යුතුය.

වෙසක් පෝයට ඉස්කෝලේ පාඩමට වෙසක් ගැන බුද්ධාගමට කියා දුන්නාට පසු කොල්ලාට ඊළඟ පාඩමට තිබ්බේ පන්සල් ගිහින් පිළිවෙලට වඳින ස්ථාන ගැන සහ එව්වාට වඳින ගාථා ගැන පාඩමක් ය. අවුරුද්දේ මුලම කොල්ලාගේ පොත් සෙට් එක අවබෝධ කරගත් සෑමා දිනපතා හවස බුදුන් වඳින සෙග්මන්ට් එකට ඒ ගාථා ඇතුලත් කළේය. ඒ නිසා කිසිම අවුලක් නැතුව පාඩමට පෙර පිළිවෙලින් චෛත්‍යය, බෝධිය සහ බුදු පිළිම වඳින ගාථා කොල්ලාට පාඩම් විය. හොඳම හරිය උනේ ඉතිපිසෝ ගාථාව වාර විභාගයට ප්‍රශ්නයක් ලෙස තිබීමය. කොල්ලා ගානක් නැතුව කියලා දැම්මේ ඒ ගාථාවය.

පොසොන් වලට කලින් පොසොන්, මිහින්තලය සහ මිහිඳු හිමි ගැන කතා කිව්වාට කොල්ලා දේවානම්පියතිස්ස නම හරියට කිව්වේ ඊයේය. මුල් වාරයේ සර්වමිත්‍ර බමුණා කියන නම කිව්වාට වඩාඒ වචනය අමාරු විය. එහෙව් කොල්ලාට දුර පේන තැනි තලා ගීතය යම්තම් හෝ හුරුවීම අපිට දුමින්දාගමනයට වඩා සතුටුය.

ඉතිං අපි කිරිබත් පිස හන්දියේ බෙදා ලක්ස 69ක් සමඟින් සැමරීමු.

ලින්ක් එක බලා සැදැහැවත් සිත් උපදවා ගන්න.

ඒ උපන් සිතින් සබ්ස්ක්‍රයිබ් කරන්න.

බුදුසරණයි !

Written_by_sAm_sRi_4:00pm_24.06.2021
sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com6tag:blogger.com,1999:blog-7943700144837606759.post-60702535581535793872019-04-11T01:18:00.001+05:302019-04-11T01:18:48.696+05:30අපිරිසිදු ආදරේ !!

නොපෙනනා කඳුළු නීරසයි

ගත පෙගුණු දහඩියම මහ ගඳයි

බුලත් විට මුඛය තිත්තමයි

දෑතෙ කරගැටම තිස් තුනයි

නිය පොත්ත වැදුනොතින් තුවාලයි

ඒ ඇතුලෙ කුණු පිරී ජරාවයි

පිබිදෙනා යටිකයම අවසරයි

පිලිකුලක් නැතිව ඔබ ලඟ හිදියි

මගෙ හුස්ම ඔබෙ නලල තෙමාලයි

ඒ පුසුබ නුබට නම් මහ මෙරයි

අව් රශ්මි පුච්චනා මා ගතයි

පුන්සඳේ දැවටෙද්දි පින තමයි

මගෙ මැණික යැයි කියන නුබ තමයි

කාසි සොයනා හිතට සවි ගෙනෙයි

වැලපෙනා දහවලින් මුදාලයි

සිරි යහනෙ මා රජෙක් කරාලයි

උන්ට නොපෙනෙනා නුබ රැජිණියයි

දැලි දූලි ඔය හුස්මෙ රඳාලයි

මා ජීවෙ ඒ දූලි වසාලයි

හැමදාම ලඟ ඉන්න පතාමයි

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com5tag:blogger.com,1999:blog-7943700144837606759.post-28949817836343538642019-04-08T23:04:00.002+05:302019-04-08T23:04:56.530+05:30අවුරුදු නැද්ද ?

අම්මෝ ඒ කාලෙනෙ අවුරුදු. දැන් නම් මොන අවුරුදු ද? හැම අවුරුද්දේම හැම අයම කියන්නේ එහෙමය. ඉස්සර ඔන්චිල්ලාය. හැමෝම ගෙදරය. කැවුම් කොකිස් මුං අළුවා බදින සුවඳය. කොහා ගස් උඩය. පංච ක්‍රීඩාය. ඔලිඳ කෙලිය ය. රබන් සුරල්ය. එදා ආතල් ය. මෙදා නැතිය.

අවුරුදු කිව්වාම දැන් ඉන්නා හැමෝම කියන්නේ එහෙමය. අපේ මිනිස්සු දකින දේට වඩා ලැබෙන දේවල් වලට වඩා හිතන්නේ කියන්නේ නොලැබෙන දේවල් ගැනය. අවුරුදු නැත්තං කිරිබත්ගොඩ, මහරගම පසු කරන්න මෙච්චර වෙලාවක් ගත වෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන්නට කෙනෙක් නැති එක ගැන සිතිය යුතුය. ඉස්සර වගේම අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් ගන්නට පොඳිකන්නේ අවුරුදු නැති නිසාදැයි ඇසි යුතුය.

අවුරුදු ඇත. එහෙත් අපිට මඟ හැරී හෝ අමතක කර දමා ඇත.

ඉස්සර අවුරුදු මෙන් පොඩි උන්ට ඔන්චිල්ලා බඳින්නට ගසකට නඟින්නට කෙනෙක් දැන් නැත. එක්කෝ ඔන්චිල්ලා පදින්නට තරම් හයිය අතු සහිත ගස් සොයන්න නැත. එහෙමත් නැති නම් ගස් තිබ්බාට ඔන්චිල්ලා බඳින්නට වෙලාවක් වැඩිහිටියන්ට නැත. අවුරුදු පොඩි උන්ට නැති කළේ එතැන සිටය. පංච බෝඩ් එකක් සොයා දෙන්නට කෙනෙක් නැත. කියා දෙන්නට ආච්චිලා සීයලාද නැත. එව්වා එකතු කරගෙන නිවාඩුව ගත කරන්නේ නම් අවුරුද්ද ඉස්සර වගේම ජුන්ඩක් ලැබෙනවා නිසැකය.

ගෙදර කැවුම් කොකිස් මුං අලුවා හදන්නට බැරි නම් එව්වා කඩෙන් ගන්නට හරි ඔබට බැරි නැත. කැවිලි සහිත මේසය සාදා ඉස්සර අවුරුද්ද දකින්නට ඔබට බැරි නැත. රබන් සුරල් නම් අද කරන්නට බැරි දෙයක්ය. කොහා සොයා ගන්නට බැරිය. එදාට හොඳ චැනල් එකක් ටියුන් කළා නම් ඒවාද එකතු කර ගන්නට බැරි නැත.

ඒ සියල්ල පැත්තකට දමා ඉස්සර අවුරුද්ද මෙන් හැමෝම එකට සිටින, නෑකම් යන, හෝ මහ ගෙදරට එකතු වෙන අවුරුද්ද විඳින්නට ඉඩක් දවසක් වෙන් කර ගන්නේ නම් ඉහත කිසිත් නැතුවාට ඔබට අවුරුදු දැනෙනු ඇත.

අනේ දැන් නම් ඉස්සර අවුරුදු නැහැ කියමින් සිටිනවාට වඩා. ඉස්සර අවුරුදු අද හෙට හෝ හැමදාටම මවා ගැනීම ඇත්තේ අප අතේ මිස කාගේත් අතේ නොවන්නේය.

sAmsRi 08/04/19 10:56pm

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com4tag:blogger.com,1999:blog-7943700144837606759.post-81521461043024054432019-04-05T23:59:00.001+05:302019-04-05T23:59:17.547+05:30ඔබමයි !

සැලෙන වීදුරු බිඳෙන

සිහින් කරදර හඬට

සමයි ඔබෙ ගොළු වදන්

හීනයෙන් මා මරන

හැපෙන කුර හඬට සම

ඔබේ රළු බර වදන්

ඉවසමී මා ඉතිං

සැබවින්ම මා හඬයි

මී විතත් මත් කරයි

රෑ ඇසෙන සී පදින්

අඩවන්ව මා තබයි

මුළු රෑම අවදියෙන්

නොනිදනා දූ පුතුන්

නිදවනා තත නුබයි

දරා ඉමි සම සිතින්

පුදා පෙම එක ලෙසින්

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com2tag:blogger.com,1999:blog-7943700144837606759.post-73035274104223772112019-04-03T23:23:00.003+05:302019-04-03T23:23:24.084+05:30අයියාගෙ රස්සාව... - Aiya's Job !!

ගමේ උන්ට ඕනේ නැති දෙයක් නැත. පාර අයිනේ නිවස ඇති නිසා පාරේ යන උන්ට සියල්ල පෙනේ. වාහනය හෝදන අතර පාරේ යන ඩෑල් එකක් සෙට් වුනොත් "අහ් මේක හෝදනවා ඉවරයක් නැහැනේ" යැයි කියයි. ආයේ දවසක ඒ පුද්ගලයාම සෙට් වුනොත් "අයියෝ දූවිල්ල නේ.. මේක හෝදන්නේ නැද්ද" යැයි අසයි. පනිට්ටුව, ප්‍රෙෂර් ගන් එක දී හෝදපං කියා කනට දෙන්නට සිතෙන්නේ එවිටය.

ප්‍රෙෂර් ගන් එක කිව්වාම තවත් කතාවක් මතක් විය. ගන් එකක් සල්ලි දීලා ගත්තේ සර්විස් සෙන්ටර් වලට පන්සීය බැගින් පුදන්නට බැරි නිසාය. පන්සියය බැගින් විසි වතාවක් සේදුවොත් දසදහසක ගන් එකක් ගත හැකි නිසා පහසු ගෙවීමේ ක්‍රමයට සෑමා ගන් එකක් ගත්තේය. සෑම සති අන්තයකම ප්‍රෙෂර් ගන් එකෙන් වාහනය හේදීම සෑමාගේ සිරිතය. සර්විස් සෙන්ටර් එකට වැකියුම් කරන්න පුදන මුදලත් ඉතිරි වන්නේ අර අටමා අටවා දුන් රුපියල් 1000ට ගත් වැකියුම් ක්ලීනර් එක තවමත් වැඩ නිසාය. එය වෙළඳපොළ මිල තවමත් රුපියල් 15000ක් පමණය. ඉතිං ඔය සති අන්ත සමහරක සෑමා ප්‍රෙෂර් ගන් එක එළියට ගන්නට කම්මැලි කම නිසා ටැප් එකට හෝස් එක පමණක් ගසා කම්මැලි සේදිල්ලක් සෝදන්නේය. එහෙම හෝදන වෙලාවක දවසක් ආපු ඩෑල් එකක් කිව්වේ අපෝ තියෙන පෙරේතකම සර්විස් එකට දාලා හෝදන්නකෝ කියාය. එවිට සෑමා කිව්වේ ඔව් අප්පා වියදමක් නේ ඒ නිසා අතින් සෝදනවා කියාය. ගන් එක ගැන ඉන්ට්‍රොඩියුස් කරනවාට වඩා ඌව පිටත් කර හෝදන කාර්යය ඉක්මන් කර ගත හැකිය. පසු දාක ගන් එකෙන් සෝදන වෙලාවක ඒ ඩෑල් එකම පැමිණියේය. "ආ අලුතින් ගන් එකක් ගත්තාද? මේක නම් වටිනවා" කියූ විට සෑමා කියුවේ අර එදා ඔයා පෙරේතකම් නොකර සර්විස් සෙන්ටර් එකට යන්න කියපු දවසෙත් මේක තිබ්බා කියාය. මෑන්ස් මිසින්ය.

මෑත දිනයකදී මැෂින් එකෙන් වාහනය සෝදන වෙලාවක කඩේට ආවේ සෑමා පාසැල් සමයේ සිට දන්නා ලස්සන නංගි කෙනෙක්ය. ස්කූල් වෑන් එකේ ගියත් සෑමාව නොදන්නා ගානට ආ නිසා සෑමා ගණනකට නොගත්තේය. කඩේට ගොස් ඇය අම්මා සමඟ චැටක් දමා පත්තරයක්ද රැගෙන ආපසු යද්දී

"ආ..ඔයා දන්නවද මේ නංගිව?" කියා ඇසුවාය.

"මොකද මම නොදන්නෙ? මෙයානෙ මාව නොදන්නෙ"

"අපෝ නැහැ අයියෙ. අම්මා කිව්වාම මට මතක් උනෙ"

"ඔව් ඔයා අපෙ ස්කූල් වෑන් එකෙනෙ ගියෙ"

"ඔව් ඔව් සරත් අංකල්ගෙ එකෙ.."

"ඔයාගෙ යාලුවා බෝධිනී නේ??"

"අන්න හරි.."

"හෙලේනා එකට නේ ගියෙ??"

"අම්මො ඔයාට ඔක්කොම මතකනේ.."

"අපො අපිට කෙල්ලො ගැන අමතක වෙනවද?"

"මම අයියෙ බැන්දෙ කෑගල්ලෙන්. ටුවින්ස් ලා ඉන්නෙ. දෙන්නම අයියගෙ පුතාගෙ වයස"

"අනෙ හොඳයි නෙ.."

"අයියා මොකද දැන් කරන්නෙ? ඔයාද මේ ගරාජ් එක කරන්නෙ??"

"කොයි??"

"මේ වාහන ගොඩක් ගහල තියෙන්නෙ.. අහ් සෙරි සර්විස් සෙන්ටර් එකක් නේද??"

කඩයට ආ වාහන කිහිපයක් සහ සෑමා සෝදන වාහනය පෙන්වා ඇය සෑමාට ජොබ් එකක් දුන්නාය.

"ඔව් නංගී වාහනයක් හෝදගෙන ෂේප් එකේ ඉන්නවා.."

"අනෙ අයියෙ බබාලා නිසා මමත් ජොබ් එක අතෑරියා. දැන් ගෙදර ඉදන් හරි කරන්න මොනවා හරි දෙයක් බලනවා."

කියමින් ඇය සෑමාට නම්බරය දී පිටත්ව ගියාය.

sAmsRi_04/03/19_11:18pm

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com15tag:blogger.com,1999:blog-7943700144837606759.post-85384594910634319992019-04-01T13:51:00.001+05:302019-04-01T13:51:56.533+05:30වෘත්තීය ලෙඩ - Occupational Diseases !!

වෘත්තීය ලෙඩ වර්ග දෙකකි. එකක් මානසික සහ අනෙක කායික ලෙඩය. මානසික ලෙඩ ගොඩක් ඇත්තේ ලොක්කන්ටය. කොන්ද නමාගෙන පහළ උන් සිටීම දැකීම, අනිත් උන්ට බැරි වී තමන්ට පුලුවන් වීම, උන්ට කඩේ යනු දැකීමට කැමති වීම, උන් නිතර හරි යැයි අනිත් උන් පිළිගත යුතු බව වැනි මානසික ලෙඩ බහුතරයක් ඇත්තේ ලොක්කන්ටය. පොඩ්ඩන්ට ඇත්තේ කායික ලෙඩය. මානසික ලෙඩ ඇත් සොක්කන්ද නැතුවා නොවේය. උන්ටත් තමන් අනිත් උන්ට වඩා ලොකු යැයි සිතා එන සමහරක් මානසික ලෙඩත් සහිතය. උන් සොක්කෝය. එහෙත් පොඩි අපි වගේ උන්ට මානසික වෘත්තීය ලෙඩ වලට වඩා ඇත්තේ කායික වෘත්තීය ලෙඩය. සෑමාට ඇති අත්දැකීම් අනුව තමන් නිරත වෙන වෘත්තිය අනුව විවිධ ලෙඩ ඇති විය හැකි බව කිව යුතුය. ඒ අතර නිතර තමන් සිටින ඉරියව්ව බලපාන්නේය. වැඩි වේලාවක් සිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම අනුව විවිධ වෘත්තිය රෝග ඇති විය හැකිය.

කාලයක් සෑමා මර්චන්ඩයිසින් රස්සාවක් කළේය. ඒ කාලයේ සිටියේ මීයා අල්ලගෙනමය. ලැප් නැති කම්පියුටර් තිබුණ කාලයේ මීයා අල්ලන් සිටිය නිසා සෑමාගේ දකුණු අතේ මැණික් කටුව යටි පැත්තේ රිදිල්ලක් ඇති විය. පුංචි ගෙඩියක් මට්ටමට එතැන ඉස්සී මහා රිදිල්ලක් බවට පත්වන්නට ගියේ සුළු කාලයක්ය. දොස්තරලා ලඟට නොගොස් ඉරියව්ව වෙනස් කිරීමෙන් එය යලි නිවැරදි කරගන්නට සෑමාට හැකි විය. කළේ සුළු ප්‍රතිකර්මයක් පමණක්ය. මවුස් පෑඩ් එකක් මත මීයා තබා පෑඩි එකේ ස්පොන්ජ් ගැට්ටක් මත මැණික් කටුව තබා ගැනීමෙන් වේදනාව මාසයක් පමණ යද්දී නැති වී ගියේය.

පසු කාලෙක ඒ වගේම කොන්දේ අමාරුවක් ඇති වී සෑමා මහ දුකක් වින්දේය. නැමෙන්නට බැරිය. කෙලින් වෙන්නට බැරිය. බොහෝ අය කිව්වේ මෙට්ටයේ හෝ කොට්ටයේ අවුලක් කියාය. දොස්තරලා බෙහෙත් දුන්නේ වේදනාව සමනය වීමට මිසක ලෙඩේට නෙවේය. බොහෝ විට කෙන්දෙ අමාරුවට බෙහෙත් ගන්නා අයට සිද්ධ වෙන්නේ වේදනා නාෂක ගැසීම මිස ලෙඩේට බෙහෙත් සොයා ගැනීම නොවේය. සෑමා නිදහසේ කල්පනා කර බලා කොන්දේ අමාරුවට හේතුව සොයා ගත්තේය. වාහනේ ඩ්‍රැයිවින් සීට් එකේ හේත්තු වෙන කොටස තිබූ ආකාර වෙනස් කර සතියක් පමණ යද්දී වේදනාව සෙමින් අඩුවෙනු සෑමාට තේරුම් ගියේය. අපිට ඇති වෙන බොහෝ කෙන්දේ අමාරු වලට හේතුව අපේම වැරදි ඉරියව් බව අමුතුවෙන් කිව යුතු නැත. එව්වාට බෙහෙත් හොයනවාට වඩා ඉරියව් වෙනස් කිරීමෙන් වේදනාව හෝ රෝගය පහ කර ගත හැකිය.

මේ බ්ලොග් ලිපිය ලිවිමට පවා හේතු වූයේ මෑතකදී ඇති වූ වේදනාවක්ය. සෑමාගේ දකුණ අතේ මහපට ඇඟිල්ලේ මහා වේදනාවක් එන්නට ගත්තේ මාසයකට පමණ ඉහතදී සිටය. ඇඟිල්ල නොමිලේ ගැස්සෙන හෙල්ලෙන ගතියක්ද තිබූ නිසා මගේ අම්මෝ ස්නායු කේස් එකක් යැයි සෑමාටද සිතුනේය. එහෙත් දින කීපයක් ඇතුලත ලෙඩේ සොයා ගන්නට සහ වේදනාව අඩු කරගන්නට සෑමා සමත් වූයේය. මහපට ඇඟිල්ලෙන් බට්න් එකක් පවා ඔබන්නට බැරි තත්වයට ආවේ වේදනාවේ උපරිමයේදීය. ෆෝන් එක අත් දෙක මත තබාගෙන මහපට ඇඟිලි දෙකින් දිඟු කාලයක් භාවිතා කිරීමේදී මේ අමාරුව ඇති වූ බව සෑමාට තේරුම් ගියේය. දකුණු ඇඟිල්ල වම් ඇඟිල්ලට වඩා හුරු නිසා ඒ ඇඟල්ලෙන් ඩිස්ප්ලේ එකේ එහා කෙලවර ටච් කිරීමට යාම වේදනාවට හේතුව බව සෑමාට තේරුණේය. වෛද්‍යවරයෙකු ලඟට ගියා නම් අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂණයක් කරන්නට වෙනවා සහතිකය. පසුව එම ඇඟිල්ලේ භාවිතය අඩු කිරීමෙන් වේදනාව සමනය කර ගැනීමට සෑමාට හැකි විය.

බර වැඩ නොකරන අපිට වෘත්තීය මට්ටමේ මෙහෙම ලෙඩ එනවා නම් එදිනෙදා බර වැඩ කරන මිනිස්සුන්ට කොහොම අමාරුවක් ඇත්දැයි සිතන්නට අපේ ලෙඩවල වේදනාව ප්රමාණවත්ය. ඔබටත් යම් වේදනාවක් ඇති නම්, රුදාවක් ඇති නම්, නිදහසේ කල්පනා කර රුදාවට හේතුව කුමක්ද කියා බැලූ විට සරලව ඉරියව් වෙනස් කිරීමේ බෙහෙත ඔබටම සාදා ගත හැකිය.

sAmsRI_01.04.19/1:47pm

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com3tag:blogger.com,1999:blog-7943700144837606759.post-39980150703069388322019-03-25T21:24:00.001+05:302019-03-25T21:24:55.181+05:30කරුවලේ සිට ලියමි - Words without Electricity !!

කරන්ට් එක නැත. ලැප් එක ඇත. මතක ඇති අතීතයේ කරන්ට් එක කැපුවේ ච.බ.කු මැතිණිය පමණි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියය. ඇය කැපුවේ අපි පොඩි කාලයේය. ඉන්පසු දන්නා කාලයක නම් අදය. ඒ අපේ රවී කරුණානායක මහත්තයාගේ සුරතින්ය. කළුවරේ ඉන්නා විට මතක් වූයේ අනේ ඒ කාලේ කරන්ට් එක ගියාම අපි කළේ මේවානේ කියලාය. එව්වා ලියන්නට සිතී ලැප් එක අතට ගන්නා විට අඩේ ඒ කාලෙ ලැප් එකක්, ෆෝන් එකක් වත් නැතුව කොහොම කාලය ගෙව්වාද යන්න සිහිවිය.

ඉස්සර ගෙදර ලයිට් ඇරුණාම රෑට පත්තු වුනේ ටීවි එකය. දැන් නම් ටීවී එක බල්ලාට ගිහින්ය. ෆෝන් එක සහ කම්පියුටර් කරලියට ඇවිත් දැන් කම්පියුටර් එකත් පැත්තකය. ටැබ් එක සහ ෆෝන් එකට හොඳ කලක් ගිහින් ය. චබකු කරන්ට් එක කපන කාලයේ කරන්ට් එක කපන්නට නියම හේතුවක් කිව්වා සෑමාට මතකය. ඇය කිව්වේ පාරේ තඩි ජෙනරේටර් එකක් ගෙනියනවා ඒක ගෙනියන වෙලාවට කරන්ට් එක කැපිය යුතුයි කියාය. නැති නම් පාර හරහා ඇති කරන්ට් වයර් වල ෂෝට් වී විශාල හානියක් වෙනවා යැයි කිව්වා වගේ මතකය. එය හදපු කතාවක්ද, නැතිනම් චබකු මෝඩ කමට කිව්වාද කියා සොයා බලන්නට සෑමාට එදා නොහැකි වූයේ එදා සෝෂල් මීඩියා නැති නිසාය. කෙසේ වෙතත් එහෙම කතාවක් මතකය.

කරන්ට් එක යන නිසා ටීවි එකත් අහිමි වූ සෑමා පරණ කාර් බැටරියක් සොයා ගත්තේය. ඒ පහළ කුලියට දී තිබු කඩයෙන් ඉවත් කළ එකක්ය. ඉවත් කළා කිව්වාට ඒ අය පැත්තකට වෙන්නට තබා තිබූ exide වර්ගයේ බැටරියක් අනේ වැඩ කරන්නේ නැති පව් අහිංසක බැටරියක් යැයි සිතාගෙන සෑමා ඔසවාගෙන ආවා මතකය. ඉන්පසු උන් බැටරිය හෙව්වාද නැත්ද යන්න තාමත් දන්නේ නැත. හැබැයි නැවත බැටරිය උන්ට නොපෙනෙන ලෙස තබා ගැනීමට සෑමා උනන්දු වූ බව කිව යුතුය.

එසේ ගෙන ආ බැටරිය කෑලි හයක් හෝ අටක් දැමිය යුතු සිංගර් ඩබල් ඩෙක් කැසට් ප්ලේයර් එකකට ගසා සිංදු ඇසිය හැකි වන පරිදි සාදා ගන්නට සෑමාට හැකි විය. ගෙදර සැවොම ඉන්නා තැන් වලට වී ඉදගෙන මඳ අඳුරේ සිංදු අහන්නට පටන් ගත්තේ ඒ කාලයේය. ටික දවසකින් තාත්තා නියම කේබල් එකක් ගේ අස්සේ තිබී එළියට ගෙන ආවේය. කෙලවරක් බැටරියට ගසන ක්ලිප් දෙකක් සහ අනෙක් කෙළවර තිබුණේ ටීවි එකට ගැසිය හැකි ජැක් එකක්ය. මෙන මල විකාරද මේකෙන් කොහොමද යකඩෝ ටීවි එක බලන්නේ යැයි සිතා සෑමා පැත්තකට වූයේය. අගේට අසන්නට තිබූ රේඩියෝ එකෙ බැටරියටත් කෙලින්න තමයි යන්නේ යැයි සිතා සෑමා අහකට වූයේය. තාත්තා බැටරියට ක්ලිප් දෙක ගසා අනිත් කෙළවර ගේ ඇතුලේ තිබී දූවිලි ගසා ඉවතට ගන්නා ලැබූ Daytron වර්ගයේ අඟල් 12ක පමණ කළු සුදු ටීවි එකට ගැසුවේය. අඩේ නියමෙට වැඩය. තැන් තැන් වලට වී ඒකාත්මික වී ඇස් පියන් සිංදු අහන් හිටිය අපිට තාත්තා ටීවී එකක් ලබා දුන්නේ එලෙසය.

ඉස්සර කරන්ට් එක තිබුණද නැත්ද අදාල නැතිව මිනිස්සු ගෙදර එකට සිටිය බැව් කිව යුතුය. දැන් කරන්ට් එක නැති නිසා හෝ පවුලේ සැවොම එක තැනකට ගන්න බැරි බව සැබෑය. කරන්ට් එක නැති විට පවා තම තමන් ෆෝන් ටැබ් සහ ලැප් ඔන් කරගෙන තමන්ගේ ලෝක වල වෙන වෙනම ජීවත් වන ප්‍රාණීන් වී හමාරය. කරන්නට දෙයක් නැත. තාක්ෂණය එහෙමය.

Written_by_sAmsRi_25/03/19_9:16pm

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com15tag:blogger.com,1999:blog-7943700144837606759.post-35983407163068094542019-03-22T22:10:00.002+05:302019-03-22T22:10:43.403+05:30විල්පත්තුව සරලව

පොඩි එකා හිටවනවා,

මහ එකා කපනවා..

- බඩුඊර්ඩීන්'ස් ලෝ !!

Pic - sAm

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com1tag:blogger.com,1999:blog-7943700144837606759.post-18947957001931808162019-03-15T21:51:00.002+05:302019-03-15T21:51:24.687+05:30අංකල්ට නැති එක - What Uncle left behind !

කලකට ඉහතදී සෑමා වෛද්‍යවරයෙකු හමුවන්නට ගිය මොහොතක වූ අපූරු සිදුවීමක් මෙසේය. රෝගියෙකු තම කුටියේ සිටියදීම වෛද්‍යවරයා සෑමාට ඇතුලට කතා කළේ කාර්ය බහුලත්වය නිසා ඉක්මනින් තම කටයුතු අහවර කර ගැනීමට විය හැකිය. වෛද්‍යවරයා හා රෝගියා අතර දෙබසට කන් නොවැටෙන්නට සෑමා අවට ඇති පෝස්ටර් බලමින් කල් යැවීමට පටන් ගත්තේය. නමුත් ඒ දෙබසින් සෑමාගේ දෙසවන් ඉවත් කිරීමට අපහසු විය. එය ඒ තරමට අපූරු දෙබසක් වීය.

මහළු රෝගියා වෛද්‍යතුමා පෞද්ගලිකව හඳුනන අයෙකු විය හැකිය. එය ඔවුන්ගේ දෙබසින් පැහැදිලි විය. සාමාන්‍යයෙන් පෞද්ගලිකව හඳුනන් වෛද්‍යවරයෙක් ලඟට ගිය විට පටන් ගන්නේ පවුලේ විස්තර වලින් නිසා ඔවුන්ගේ හැඳුනුම් කම ගැන සෑමාට යම් අදහසක් ඇති වීය. මහළු රෝගියා තමන්ගේ දරුවන් එතෙර අධ්‍යාපනය ලබන බව පුරසාරම් දොඩන්නට වූයේ වෛද්‍යවරයාගේ මුහුණට සිනහවක් එක් කරමින්ය.

ඩොක්ටර් උදේම හොස්පිට්ල් යනව නේද?

හවසට ප්‍රයිවට් ප්‍රැක්ටිස් නේද?

අම්මෝ මහන්සියි නේද? අපේ දරුවන්ට නම් එහෙම නැහැ. එයාලා රට ඉදන් හොඳට හම්බ කරනවා. එහෙ මේ තරම් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඇයි ඩොක්ටර් යන්නෙ නැත්තෙ? මෙහෙ කට්ට කනවට වැඩිය එහෙ ගියා නම් මරු නේ ??

අංකල් ගේ වචන ටික නිසා සෑමාට සංවාදයෙන් පිටට කන් යොමු කරන්නට බැරි විය. වෛද්‍යවරයා දුන්නේ සරල එක උත්තරයක් පමණක්ය.

"යන්න බැරිකමක් නැහැ. මට මෙහෙ මගෙ දෙමව්පියෝ බලා ගන්න තියෙනවා. නංගිගෙ දරුවො මගෙ දරුවෝ මාව දැක්කාම හරි සතුටින් ඉන්නෙ. මට ඒ ටික වටිනවා."

දරුවන් රට රස්සාවට යවා ගෙදර තනිව සිට තනිවම වීල් එකක නැඟී බෙහෙත් ගන්නට පැමිණ වෛද්‍යවරයාට බෙහෙත් දෙන්නට ගිය අහිංසක මහළු රෝගියාගේ මුහුණ මැලි විය. තමන් ලඟ නැති වුණත් දරුවන් ඔහු පිළිබඳව සොයා බලනවා විය හැකිය. එහෙත් ඔහුගෙන් ඉවත්ව ගිය උණුසුම පුරවන්නට ඒ මුදල් වලට බැරි බව ඔහු තේරුම් ගන්නට ඇත.

මිනිස්සුන් තමන්ට නැති දේ ගැන නොතකා අනුන්ට නැති දේ ගැන කතා නොකරන්නේ නම් හිත් රිදවීම් බොහෝ අඩුවනු නිසැකය.

#sAmsRi_15/03/19

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com5tag:blogger.com,1999:blog-7943700144837606759.post-40627045009154985832019-03-14T00:25:00.003+05:302019-03-14T00:25:36.841+05:30ගුරු වර්ජන - Teacher's Strike !!

ගුරු වර්ජන අස්සේ කියවන්නට ලැබුනේ සුන්දරයි සුනන්දා හෙවත් රෝජාගේ පෝස්ට් එකක්ය. ඇය කියන්නේ..

"ගුරුවරු සේවය කරන්නෙ පැය කිහිපයකැයි මම නොකියන්නේ එය පැය කිහිපයකට සීමා නොවන බව අප කවුරුත් දන්නා නිසා වුවද? මෙය ඒක පාර්ශවීය වරදක් නොව ද්වීපාර්ශවීය වරදැකැයි මට සිතෙන නිසා මෙලෙස සටහන් කරමි. දිගින් දිගටම පිරිහෙන සමාජයක ගුරුවරු දුවා දරුවන් පමණක් නොව ඔබද මාද ඇතැම්විට වරදකරුවන් වී හමාරය." (පෝස්ට් එක මෙතැනින්)

ගුරුවරුන් පිළිබඳ සෑමා සතු වූ සුන්දර මතක අසුන්දර වූයේ උසස් පෙළ කාලයේය. ඒවා ගැන කෙටි බ්ලොග් සටහන් බොහොමයක් බ්ලොග් එකේ ලියැවී ඇත්තේ අමිහිරි සුන්දර මතකයන් ලෙසය. ගුරුවරුන්ගේ ඇතැම් දුර්ජන ක්‍රියා හේතුවෙන් ගුරු සංහතියම එපාවන බව නම් කිව යුතුය.

සෑමාට උසස් පෙළ ගණිත සර්ව එපා වූයේ ඔහු කළ අසාධාරණ පළිගැනීමක් නිසාය. එදා මා ඇතුළු පන්තියේ බොහෝ දෙනෙක් ගෙදර වැඩ කරගෙන ඇවිත් නොතිබුණු බව සත්‍යයක්ය. එහෙත් කලින් දිනක පන්තියේ සිසුවෙකු වෙනුවන් සාධාරණය කතා කරන්නට ගිය ඇරියස් එක සර්ගේ හිතේ තිබුණු බව සෑමාට සිහි වූයේ මේ සිද්ධියෙන් පසුය. පන්තියේ ඉතිරි හතලිස් දෙනා සිටියදී සර් ඉදිරියට කැඳවා සෑමාගේ පමණක් ගෙදර වැඩ කළා දැයි පොත පරීක්ෂා කළේය. ඔහු හොඳින් දැන සිටි කරුණ නම් අනිත් අයද ගෙදර වැඩ කරගෙන නොසිටි බවය. සෑමා වැඩ කරගෙන ඇවිත් නැති බව කියමින් පොත විසික් කර පන්තියෙන් එළියට දමා සර් තමන්ට අවශ්‍ය පලිය ගත් බව කිව යුතුය. පන්තියේ අනිත් සිසු සිසුවියන්ටද ඒ බව පසක් වූ බව සැබෑය. තමුන්ගේ තාත්තාත් ගුරුවරයෙක් නේද තමුසෙ දන්නැද්ද ගුරු වරුන්ට සලකන්නන යැයි ඔහුගේ මුවින් පිට වූයේ කළ වරද ගැන පමණක් නොව හිතේ තිබූ තරහවද පිටකරමින්ය. කාලපරිච්ඡේදය අවසන් වන තුරු එළියේ සිටි සෑමා එදායින් පසු ඒ ගුරුතුමා ගැන කිසිම පිළිගැනීමක් හෝ සතුටු සිතක් නොවීය.

රෝජා කියූ පරිදිම ගුරු සේවය උගන්වන කාල සීමාවට පමණක් නොව ජීවිත කාලයටම බලපාන් බව මම උගත්තේ අපේ තාත්තාගෙන්ය. ඔහු උත්සව අවස්ථාවකට ගියත් සැර බීමක් කටේ තිබ්බේ කලාතුරකින්ය. ඒ ගත්තත් බෙහෝ අල්ප වශයෙන්ය. ඒ සියල්ලටම හේතුව වූයේ උගන්වන කාලසීමාවට පමණක් නොව ජීවිත කාලයම ගුරු වරයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිය යුතු නිසාය. දිනක් සෑමා වෙඩිමකට ගොස් අඩියක් ගසනා විට ඈත සිට අංකල් කෙනෙක් ඇසුවේ ආ.. මේ සර් ගේ පුතා නේද කියාය. එතැනින්ම සෑමාට හිතුනේ සර් වගේම දරුවන්ද ගුරුවරයෙකුගේ දරුවෙක් යන හැඟීමෙන් කටයුතු කළ යුතු බව සමාජය බලාපොරොත්තු වන බවය.

ගුරු ගෞරවය සෑමාගෙන් නොපිරිහෙලා උදුරා ගත් උසස් පෙළ ගුරුවරුන් නිසාම ගුරු වර්ජනය ගැන සෑමාට ඇත්තේ අප්පිරියාවක් ලෙස සටහන් කළ යුතුය. අද ලෙඩ නිවාඩු දමා වැඩට නොගිය ගුරුවරු අපි මහන්සි වෙන්නේ දරුවන් හදන්න යැයි හෙට පාසැල් ගොස් කටපුරා කියන්නේ කෙසේදැයි සෑමාට නම් ප්‍රශ්නයක්ය. ප්‍රසිද්ධ පාසලකට ඔළුව දමාගෙන ටියුෂන් පිටින් ගොඩ යන බුරුතු සිටිනා බහුතරයක් ගුරු කුලකයෙන්, සැබෑවටම සුජාත ගුරුන් පැතීම ඉදිරියටත් නොකළ යුතු බව සෑමාගේ අදහසය.

#sAmsRi_14/03/19_11:59pm

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com11tag:blogger.com,1999:blog-7943700144837606759.post-26607385926029088712019-03-11T23:19:00.001+05:302019-03-11T23:19:29.844+05:30ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කිරීම - Finger works in the Queue !!

ලියන්නට යන්නේ කැත හිත් වලට ලස්සන කවි කැටගිරියේ එක්ක නොවුනාට ස්මාර්ට් ෆෝන් එකෙන් දහසක් කැටයම් දමනා උන්ට දරා ගන්නට බැරි වෙනු නිසැකය. අපේ උන් ෆෝන් එකේ ඇප් භාවිත කළ ප්‍රමාණ මැන බැලුවහොත් සමාජ ජාලා ඇප්ස් ඉහළම තිබෙනු නිසැකය. ෆේස් බුක්, යූටියුබ් ඇරුණු කොට වට්ස් ඇප්, වයිබර් ඉහළම රැදෙනවා නිසැකය. ඉස්සර නම් sms එකකින් කළ එව්වා දැන් ඇප්ස් ගොඩකින් කිරීම පහසුය. ඒත් ඇප් ප්‍රමුඛතා ලිස්ට් එක ඉහත ආකාරයෙන් සමාජ මාධ්‍යය ජාලාම නම් ඔබ ඊටත් එහාට ගොස් තවත් වැඩකට ඇති ඇප් එකකට යොමුවී වෙනසක් සිද්ධ කරගන්නවා නම් එය වටිනා බව කිව යුතුය.

"මචං මැසේජ් එකක් දැම්මා"

ඉස්සර මෙහෙම එකෙක් කෝල් කළාම කෙලින්ම SMS ඉන්බොක්ස් එක බැලීම පමණක් ප්රමාණවත්ය. දැන් එහෙම නෙවේය. මුලින්ම මැසෙන්ජර්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ සහ වීචැට් පවා බැලිය යුතුය. එහෙමත් නැතිනම් අවසන ඇස්ඇම්ඇස් ඉන්බොක්ස් එක ද පරීක්ෂා කළ යුතුය. එහෙමත් නැතිනම් ජීමේල් එකට ලොග් වී එවූ මැසේජ් එක සොයා ගත යුතුය. දැන් මෙවලම් බහුලය. ආකාර බොහෝය.

කොච්චර තාක්ෂණය තිබුණත් අපේ උන් හිතන්නේ ඉන්ටර්නෙට් යනු ෆේස් බුක් කියාය. බොහෝ මහළු අය පවා ඉන්ටර්නෙට් කිව්වාම හිරි වැටී යන්නේ අම්මෝ ෆේස් බුක් කියන්නේ මහ විනාසයක්ය, ඉන්ටර්නෙට් යනු ඒ වගේම විනාසයක් කියාය. ඒ තත්වය බොහෝ විට සත්‍යය වන්නේ බෙහෝ අය ලැප්ටොප් එකක් පවා ඔන් කළ විගස බ්‍රවුසර් එකේ මුලින්ම ඕපන් කරන්නේ ෆේස් බුක් වීම නිසාය. නිකමට වෙනම ටැබ් එකක පවා බුකිය ඕපන් වී තිබීම දැන් සරල කාරණාවක්ය.

සමාජ ජාලා භාවිතය ප්‍රශ්නයක් නොවන්නේ කාලය ගත කිරීමට තනිව මඟ බලා සිටීමට සිදුවන වෙලාවක් කල් මැරීමේ හොදම මෙවලමක් ලෙස භාවිත කළ හැකි නිසාය. අවභාවිතාව ගැන වෙනම ලිවිය යුතු මාතෘකාවක්ය. එලෙසම තාක්ෂණය ඇඟිලි තුඩක තිබියදී කාලය බල්ලාට දමා පෝලිමේ සිටින උන් දැක්කාම සෑමාට නඟින්නේ ඌරු ජුවල්ය. බෙහෝ වෙලාවට තැපැල් කන්තෝරු, විදුලි බල මණ්ඩල, ජලාපවාහන මණ්ඩල සහ බැංකු වල පෝලිම් වල ඉන්න අය දැක්කාම සෑමාට හිතෙන්නේ අනේ ඇයි මුං මෙහෙම කියාය. අතේ ෆෝන් කෑල්ලක් තියාගෙන ඒකට කොට කොට පෝලිම් වල දුක් විදින්නේ බිල් ගෙවීමට නම් ඔබ දෙවරක් සිතිය යුතුය. පෝලිමේ නොසිට විදුලි හා ජල බිල්පත් ගෙවීම දුරකතනයෙන්ම කළ හැකි බව සියල්ලෝම දන්නා නමුදු භාවිතාව ඉතා අල්පය.

හදිසියකට ෆෝන් බිල් ගෙවීමට සුපර් මාකට් වල පෝලිම් වල තපින අය, වෙනත් බිල් ගෙවීමට පවා සුපර් මාකට් පෝලිමේ තපින අය පව් ය. එයාලා ස්මාර්ට් ෆෝන් අතේ තබාගෙන සිටින්නේ සමාජ ජාලා වල සිරවී පෝලිම් අස්සේ සිරවී සිටින්නට විය යුතුය. ඩයලොග් මොබිටෙල් ආදී ඕනෑම බිලක් ඔවුන්ගේ වෙබ් අඩවි වලින් කාඩ් මඟින් ගෙවිය හැකිය. නැති නම් ඔබේ බැංකුවට අදාල ඇප් මඟින් අමතර ගෙවීමක් නැතිව එවලේම පහසුවෙන් කර ගත හැකි බව දැන ගත යුතුය.

ඇඟිල්ලේ වැඩේ පෝලිම් දමා කර ගත යුතු නැති බවට ඔබ දැන ගත යුතුය. එය භාවිත කළ යුතුය. ඔන්ලයින් සියළු දේ කර ගත හැකි රටක බැංකු කටයුතු, මූල්‍යය කටයුතු ඉතා පහසුවෙන් කර ගත හැකි ඇප් සහ ඒවායේ එන නොයෙකුත් අලෙවි ප්‍රවර්ධන සහනයන් පවා ලබා ගැනීමට ඔබ තවමත් ප්‍රමාද නැති බව සිහි කළ යුතුය.

#sAmsRi_11/03/19

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com12tag:blogger.com,1999:blog-7943700144837606759.post-56691827745164142552019-03-07T00:01:00.000+05:302019-03-07T00:01:16.756+05:30ඔය සද්ද මෙයාලට දරාගන්න බැහැ මල්ලී..

හික්කඩුවේ මඟුලක් සෙට්වී අපි කොළඹින් පිටත් වූයේ වෙඩිමට යාමටත් වඩා ට්‍රිපක් යාමට ලැබීමේ මහත් සතුටින්ය. එදා වෙඩිම අවසන හෝටලයේ ගේට්ටුව ලඟදීම ඇඳුම් උනා දමා ෂෝටට බැස්සේ මුහුදක් නොදුටු නුවර උන් වගේය. පැය ගාණක් ඇල්කොහොල් ලවන සමඟ දිය කොට ගොඩට ආවේ රාත්‍රී හතට පමණය. ගෙදර යෑමට අවශ්‍යය යැයි අපේ උන්ට සිතුනේ එවිටය. සියල්ලෝම වෑන් එකට නැග්ගේ ඉස්සෙල්ලාම කඩෙන් ප්ලේන්ටියක් ගසා මොනවා හො ගිල නැවත පිටත් වීමටය.

හෙමින් කතා කළත් දහයකගේ හඬ ඇති දෙදෙනෙක් අපේ නඩයේ සිටියෝය. අපි ඔවුන්ට කිසිදාක මචං සද්දේ අඩුවෙන් කතා කරපං යැයි නොකියන්නේ වැඩක් නැති නිසාය. උන්ගේ සද්දය අඩු කිරීමට උත්සාහ නොගන්න අපි උන්ට කියන්නේ මචං පොඩ්ඩක් කට වහගෙන හිටපං කියාය. කට වැසුවොත් මිසක් කටහඬ අඩු කර කතා කරන්නට නම් උන් දෙන්නාට නොහැකිය. පොඩ්ඩක් සද්දය අඩුවෙන් කතා කරපං කිව්වොත් මුල් වචනය හෝ දෙක පමණක් අඩුවෙන් කතා කර නැවත සුපුරුදු විලාසයට ඒම උන් උපතින් ගෙනා දෙයක් විය හැකිය. ඉතිං එව්වා හැදීමට අපිට නොහැකිය.

පොඩි කඩයකට ගොස් අප දස දෙනාම වාඩි වූයේ කෑමට සහ ප්ලේන්ටි ගැසීමටය. අරුන් දෙන්නා කඩේ වාඩි වූ වෙලාවේ සිටම නොනවත්වා කියවිල්ලය. බිත්තර ආප්ප ඉල්ලීම්, ප්ලේන් ආප්ප ඉල්ලීම්, ලුණු මිරිස් ඉල්ලීම් ඒ අතරය. නොනැවතී කඩේ ඇති බෝඩ් ලෑලි පවා කියවමින් ඇතුලේ සිටි අනිත් මිනිසුන් පවා අපහසුතාවයට පත් කිරීමට උන් සමත් වීය. කඩේ පොඩි නිසා දෝංකාරය වැඩිය. උන් දෙන්නා කියවන විට එය තවත් ඩබල්ය. කඩේ ඇතුලට ගොඩවන විට ඇතුලේ පාසැල් වැඩ කරමින් සිටි පොඩි කොල්ලෙක් සියල්ල පසෙක තබා කුස්සියට දිව්වේ අපේ උන් දෙන්නාගේ සද්දය නිසාය. කඩේ අක්කාට ඌරු ජුවල්ය.

"මල්ලී ඔය දෙන්නෑ සද්දෙ නවත්වනවද? අපෙ දරුවන්ට ඔව්වා දරා ගන්න බැහැ"

උන් දෙන්නාගේ සද්දය මැකී යද්දි කඩේම හිටිය සුවහසක් ජනතාව වහලය ගැලවෙන්න සිනාසුනේ අක්කාට ආඩම්බරයක් එක් කරමින්ය. කොල්ලාද නැවත මේසයට පැමිණ පාසැල් වැඩ පටන් ගත්තේය.

සියල්ල අවසන අක්කා බිල හැදුවාය. කෑවාට වඩා බිල වැඩි බව අප සැමට තේරුණු නිසා නැවත කාපු බීපුවා කියමින් ගණන් හැදුවේ අපේ උන් දෙන්නාය. උන්ට අක්කා සමඟ තිබුණේ සල්ලි නොගෙවා එන තරම් ඇරියස් එකක් බව කිව යුතුය.

අවසන අක්කා සියල්ල ගණන් බලා කලින් කියූ මුළු එකතුවට වඩා රුපියල් පන්සියයකට වඩා අඩු එකතුවක් කිව්වාය. අපේ උන් දෙන්නට අක්කා එල්ලා මැරීමට වරෙන්තු දුන්නා මෙන් සතුටුය.

"අක්කෙ මේ ඔයා හිතුමතේට හොර ගණන් කියන්න එපා.. අපෙ උන්ට ඔව්වා දරා ගන්න බැහැ.."

කෑගහන්නට එපා මල්ලී යැයි කියූ තැන සිට කතා නොකර සිටි ඇරියස් එක කවර් කරන්නට අපේ උන් දෙන්නාට හැකි විය. එදා සිට උන් කෑගසන හැම මොහොතකම කඩේ අක්කා මොහොතකට සිහි කළොත් සද්දට මදක් අඩු කර ගත හැකිය.

#sAmsRi_11:57pm/06/03/19

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com13tag:blogger.com,1999:blog-7943700144837606759.post-52497331998676217242019-03-04T23:59:00.001+05:302019-03-04T23:59:24.116+05:30කෙටිම කෙටි හිඟන කතාවක් - A Beggar's Tiny Tale !!

සුපර් මාකට් එකක රථය ගාල් කර ඇතුලට යද්දී හිඟන මනුස්සයෙක් ඉදිරියට ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"මෙන්න පනහක්..."

ඇතුලේ වැඩකටයුතු නිමා කරමින් එළියට ආවේ ගෙදර යන්නය. ඩෑල් එක නැවතත් ආවේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

"ඇයි දැන් පනහක් දුන්නේ.."

ඩෑල් එක මාරුය. හැමදාම වගේ කිසි ප්‍රමිතියක් නැතිව, කලින් සල්ලි දුන් උන්ගේ අත්සනක් වත් දා ගන්නේ නැතුව පස්සෙන් එලවා නියමාකාරයෙන් නොකරන මේ රස්සාවට බනින එක දැන් කම්මැලිය.

වාහනයට නැග්ගා විතරයි තව කෝල් එකක්ය. එක්කෝ බඩු ලිස්ට් එක වැඩි කර එවන එකක් විය හැකි යැයි එතැනම ආන්සර් කළේ සෑමාය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ඒ හඬ නැවත ඇසුනේ ෆෝන් එකෙන් නොවන බව පැහැදිලිය. බාගෙට ඇරී ඇති ෂටර් එකෙන් නැවතත් ඩයල් එක පැමිණ තිබුණේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

සෑමාට මරු ජුවල් අස්සේ ආතල් එකක් ගියේය.

"ඇයි හලෝ ඔයාට පනහක් දීගෙන ඇතුලට ගියේ ඒකෙන් ගන්නවකෝ.."

"හරි සර්.. හාල් කිලෝ එක හරි පොල් ගෙඩියක්...!!"

"ඔව් ඕයි ඒ පොල් ගෙඩියට තමා රුපියල් පනහක් දුන්නේ"

ඩෑල් එක මිසින්ය. කෝල් එක අවසන ගේට් එකෙන් එළියට එන්නට හැරෙන විට වාහනයට පැන්නේ නැවතත් ඔහුමය. ඔහුගේ කට සෙලවෙන අයුරු මට පැහැදිලිය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

ගෙදර පැමිණ ටීවී බලන අතර සෑමාට බකස් ගා හිනා ගියේය.

"මහත්තයා හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක් ගන්න..."

කතාව උපහාසයට මිස අපහාසයට නොවුනත්,

හිඟා කෑමත් කලාවක්ය.

මාකටින් නැතුව කිසිත් බැරිය.

#sAmsRi_04/03/19

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com10tag:blogger.com,1999:blog-7943700144837606759.post-45438713699984690912019-03-02T02:16:00.001+05:302019-03-02T02:16:19.515+05:30කෙල්ලෙක් නම් ඕනෙ එකක්.. - How guys spoil themselves !!"අයියේ ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න.. ප්ලීස්.. ❤"

මෙහෙම එවපු නංකි කෙනෙක් ගෙ ප්‍රොෆයිල් එකට ගියා. කොල්ලෙක් මැසේජ් කරපු ස්ක්‍රීන් ශොට් සැට් එකක් දාලා ඌව විනාශ කරලා. නොදන්න උන් චැට් එනවලු. ඒකිගෙන් ලකුණු ගන්න කොල්ලෝ වට වෙලා ඌවත් ඩූසණය කරලා.

අපි එහෙම දැම්මොත් මෙන්න නොදන්න කෙල්ලෙක් ලයික් ඉල්ලනවෝ කියලා....

මොනෝත්තටද යකෝ ඇඩ් කර ගත්තෙ.

- හොඳම යාලුවෙක්

ප්‍රොෆයිල් එක දීපං උබට බැරි නම් අපි ලයික් දාන්න.

- යාලුවෙක්

ඕකනෙ කියන්නෙ නොදන්න අය ඇඩ් කරගන්න එපා කියලා.

- ශ්‍රී ලංකා පොලිසිය

චාටර් කරන්න එපා මම යකෝ ෆේක් එකකින් ආවෙ.

- මෛත්‍රීපාල සිරිසේන

බේරිලා එනකල් හිටාංකො බාවන්ඩ

- මා.මඩූස්

චීත්තයක්, ජීන්ස් එකක් වෙන්ඩම ඕනි ෆ්රෙන්ස් බය නැතුව ලයික් එකක් ඉල්ලන්න. සරමක්, ශෝටක් වගේ නම් මරණ වරෙන්තුව අතේ තියන් ඉල්ලන්න.sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com5tag:blogger.com,1999:blog-7943700144837606759.post-31977857009835379262019-02-27T15:45:00.001+05:302019-02-27T15:59:40.819+05:30නොකියාම නිදි නේද?

බිම වැටී ඇති පිනි සේම

දිළිසුනා ඔබ ළඟ පාත

වැතිරිලා මම නොදොඩාම

රස සොයමි රහසේම

පිනි වාගේ දිලුනාට

පැණි රසක් නැතුවාට

දහඩියෙන් නැහැවීම

නිදි නේද නොකියාම

ඉඩ නැතිව සයනේම

කිටි කිටියෙ වෙලුනාම

මඳ අඳුරෙ ගිලුනාම

ආදරේ නොදැනේද

කෙටි හුස්ම හනි හනික

ගන්නේද නුබ මැණික

නිදි සේම පැද්දේද

ඔය පපුව මැද හුස්ම

ඇස් පියන් තද කරන්

නොනිදාම ඔබ නිදන්

මට පහසුවෙන් තියන්

ඉඩ දෙන්නෙ කිම කියන්

සිහිසුන්ව ඔබ වැටී

මට ලිහිල් බව දි දී

කිමිදෙන්න හුස්ම දී

නුබ හොරෙන් ඇයි නිදී

සඳ රැස් අප දකී

මද සුළං රැල් වැදී

ඇහැරෙන්න හිත නොදී

නුබ හිදින් මම සිබී

මගෙ උකුල් බර දැනී

හිදින් නුබ නොරැවටී

සේද තිරපට ඇරී

මුළු රෑම නෑ නිදී

#sAmsRi_27/02/19

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com3tag:blogger.com,1999:blog-7943700144837606759.post-29780202110832132182019-02-25T15:36:00.000+05:302019-02-25T15:36:01.368+05:30මගේ කිරි කතාව.. - My Milk Story !!

කිරි පිටි පිළිබඳව කතිකාවක් ඇති වූයේ මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රකාශයක් නිසාය. ඔහු සඳහන් කළේ කිරි පිටි වල ඌරු තෙල් අඩංගු බවය. ඊට විරුද්ධව හඬ නඟන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඌරු තෙල් අඩංගු නැති බව විද්‍යාත්මකව සනාථ කර ඇති බවත් කිරි පිටි භාවිතය පිළිබඳව කිසිඳු ගැටළුවක් ඇති කර ගත යුතු නැති බවත්ය. කතාව තවත් ඉහළ තලයකට ගෙන යන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් කළ ප්‍රකාශයක් නිසාය. තමන් සෞඛ්‍යය ඇමතිව සිටි කාළයේ කිසිදු කිරිපිටි නිශ්පාදක සමාගමක් සමඟ කිසිම ගණුදෙනුවක් නොකළ බවක්ය. එය රාජිතගේ කිරිපිටි ඩීල් ගැන නොකියා කියූ කතාවක් වැනිය. කෙසේ වෙතත් දේශීය කිරි නිශ්පාදනය රටේම අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නොවන තැනක බොහෝ අය කියන්නේ කිරි පිටි අත්‍යාවශ්‍යය දෙයක් නොවන බවය. ක්ෂීරපායී සත්වයින් ඉපදී මුල් කාලයේ ආහාරයට ගන්නා කිරි නැවත භාවිතයට නොගනිති. එසේ ගන්නේ මිනිසුන් පමණක්මය.

ඇත්තටම කිරි පිටි මිනිස්සුන්ට බලෙන් එබ්බවූ දෙයක්ය. නුවනක්කාර වන්නට ගැහැණිය මිලට ගත යුත්තේ රත්තී යන වචන ටික නිතරම ඔබේ ඔලුවට දමන්නේ වෙළඳ දැන්වීම් වලින්ය. ජව ශක්තිය පෝෂණය නැතුව හැම උදෑසනක්ම අසාර්ථක වන බව කියන්නේද කිරිපිටි ආයතනයක්ය. සම්පූර්ණ යොදය සහිතව අවශ්‍යය නම් ආහාරයට ගත යුත්තේද කිරි පිටි බව මතක් කර දෙන්නේද වෙළඳ දැන්වීම් මඟින්ය. සියළුම ආයතන විටින් විට රූපවාහිනීයේ ඔබ අප ඉදිරියේ හඬා වැටෙන්නේ ඔවුන්ගේ එක හොඳම එක කියා මතක්කර දෙමින්ය.

කොතරම් කිරිපිටි වැඩක් නෑ යැයි කියෙව්වාට සෑමාද කිරිපිටි ජීවියෙක්ය. මව් කිරි වලින් නතර වී නැවත කිරිපිටි වලට සෑමා හුරු වූයේ කුඩා කාලයේ සිටය. උදෑසන අවදිව උදෑසන ආහාර වේල නොගෙනම පාසැල් යන සෑමාගේ උදෑසන ආහාරය වූයේ අම්මා සාදා දෙන කිරිපිටි එකය. ඉන්පසු උදෑසන කෑම ලෙස ගන්නේ පාසැල් රැගෙන යන කෑම පාර්සලය ය. රාත්‍රී ආහාරයට පසු නින්දට පෙර කිරි බීමද පුරුදු කළේ අම්මාය. අද තවමත් ඒ පුරුද්ද තාත්තාටද තිබෙන්නේ අම්මා නිසාය. උදෑසන අම්මා දෙන කිරි වේල සහ සවස ලැබෙන කිරි වේල තාත්තාටද ආවේණික දෙයක්ය.

විවාහයෙන් පසුද ඒ පුරුද්ද අතෑරීමට සෑමාට නොහැකි වූයේය. උදේ සවස බොන කිරි එක අත්‍යාවශ්‍යය දෙයක් ලෙස මානසික බලපෑමක් කාටත් හොරා සිතේ රජ කරන නිසාම අතහැරීමට අපහසුය. දින කිහිපයක් සෑමා කිටී සහ ඇගේ අම්මා කිරිපිටි වලට තිත තබමු යන සංකල්පය යටතේ උදෑසන අවදි වූ විට කිරි වෙනුවට උණු වතුර වීදුරුවක් බීමට උත්සාහ කළෝය. දින දෙකක් හෝ තුනක් උපරිමයෙන් එම උත්සාහය සාර්ථක වූ අතර ඉන්පසු ඔන්න ඔහේ කිරි එකක්ම බොමු අප්පා යැයි එකඟතාවයකට පැමිණ නැවත පරාජිත පුරුද්දට වැටුනෙමු.

කිරිපිටි පිළිබඳ නැවතත් ඇතිවූ කතිකාව නිසා ඒ පුරුද්ද අත්හැරීමට නැවත වරක් උත්සාහ ගැනීමට කාලය එළැඹ ඇත. දරුවන්ට සහ ඔබ අප පරිභෝජනය කරන කිරිපිටි වෙනුවට කොළ කැඳ වර්ගයක් හෝ වෙනත් පානයක් ආදේශ කර ගැනීමෙන් මසකට රුපියල් පන්දාහක පමණ අවම ඉතිරියක් පවුලකට සාදාගත හැකි බව සෑමාගේ මතයයි.

මම කිරි පිටි අතහරින තුරු ඔබට කරන්න යැයි බලපෑම් නොකරමි.

එහෙත් ඔබත් එලෙස අතහරින්නේ නම් සතුටුය.

#sAmsRi_25/02/19

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com8tag:blogger.com,1999:blog-7943700144837606759.post-68741522298362821952019-02-22T22:01:00.000+05:302019-02-22T22:01:05.928+05:30සිහිනය පරම්පරා දෙකක දුරින් ය...!!

අපේ පරම්පරාව පාසැල් සමයේ සිටම වෙනස් කරමු යැයි කියන පරම්පරාව ලෙස හැඳින්වීමට සෑමා කැමතිය. රචනාවක් ලියුවත්, කතාවක් පැවැත්වූවත් අපේ උන් ලිව්වේ කිව්වේ වෙනස් වෙන හැටි ගැනය. රැක ගන්නා හැටි ගැනය. බොහෝ මාතෘකා පරිසරය ගැනය. පරිසර විනාශය ගැන හඳුන්වා දෙන රචනා අවසන් වූයේ පරිසරය රැක ගනිමු කියාය. ඔබ රැකුනොත් අපිත් රැකේ ලෙස කිව්වේද පරිසරය ගැනය. මේ ටික ලියන්නට සෑමාට සිත් වූයේ වෙනස් වෙන පරම්පරාව ඈතක නොවන බව කීමටය. නමුත් ඒ පරම්පරාව අපට කලින් පරම්පරාවට පසුවත්, අපේ පරම්පරාවට පසුවත් බව කීමටය.

සපුගස්කන්ද ප්‍රදේශයේ One way හරස් මාර්ග දෙකක් ඇත. ඒ හරස් මාර්ග දෙක ඇත්තේ කලාප අධ්‍යාපන කාර්යාලය පැත්තට දෙල්ගොඩ පාර සහ මාකොල පාර යා කිරීමටය. එක ලඟ වැටී ඇති හරස් කෙටි පාරවල් දෙක නිවැරදි ආකාරයෙන් භාවිතය කාටත් පහසුය. සපුගස්කන්ද පැත්තේ සිට කිරිබත්ගොඩ පැත්තට යන සෑමාට හරස් පාරේ ඇති තැපැල් කාර්්‍යාලයට යෑමට වටයක් ගසන්නට සිදු වේ. එක වන් වේ එකකින් දෙල්ගොඩ පාරට දමා තැපැල් කන්තෝරුවට ගොස දෙල්ගොඩ පාරෙන් නැවත මාකොල පාරට දමන්නට සිදුවන්නේ නීතිය පිළිපැදීමටය.එහෙව් අමාරුවෙන් නැවත මාකොළ පාරට දමන සෑමාට මුහුණට හමුවූයේ ත්‍රී රෝද රථයක්ය. කලින් පරම්පරාවේ අංකල් ඩෑල් එකක් නිසා පාඩමක් ඉගැන්විය යුතු යැයි සෑමාට සිතුණේ කුපාඩිකමටය. ත්‍රී රෝද රථය හරස් කර නැවැත්වූ සෑමාට අංකල් අත පය විසික් කරමින් කීවේ තමාට යන්නට ඉඩ දී පසුපසට ගන්නා ලෙසය.

"ආ.. අංකල් මේක වන් වේ නේද?"

"ඔව් ඇයි?"

"ඇයි නෙවෙ, හරියට යන්න ඕනි නම් එහා පැත්තෙ පාරෙන් දාලා එන්න තිබ්බා.. කාටත් කරදරයක් නැහැ එහෙම කළා නම්.."

"අනේ යනවා ඕයි යන්න.."

අංකල් සරලව පිළිතුරු දී තමාම වාහනය පිටු පසට ගෙන සෑමාට ඉඩ දුන්නේය. කතාව එතැනින් ඉවර කළේ මෙච්චර වයසට ගිය අංකල්ව හදන්න සෑමාට බැරි නිසාය. වරද කළ බව ඇත්තය. හිනාවකින් වරද පිළිගෙන ලිස්සා ගියා නම් අංකල් ඊටත් වඩා ලස්සනය.

එතන් සිට සෑමා කල්පනාවට වැටුනේ මාර්ග විනය කඩන බොහෝ පිරිස් අංකල්ලා සීයලා බව සිහි වූ නිසාය. වයසත් එක්ක එන පිළිනොගන්නා බව සහ දරදඬු බව නිසාම ඔවුන්ගේ මාර්ග විනය පිරිහී ඇත. හදන්නට යෑම තේරුමක් නැත. ඒ නිසා කාලයට ඉඩ දී පරම්පරා දෙකක් වත් ඉවසිය යුතු බවය සත්‍යය.

පාරිසරික ප්‍රශ්න වලදීද වැඩිහිටි පරම්පරාවේ උද්දච්ච දරදඬු වැඩ බොහෝය. බුලත් කෙල ගැසීම දැන් තරමක අඩු වී ඇත්තේ අලුත් පරම්පරාව බුලත් කෑම අවම නිසා බව කිව හැකිය. එලෙසම උඩින් පරම්පරා දෙකකින් අපි පැතූ පරිසරය දුර බව කිව යුතුය. සිගරැට් බීම වැඩිහිටි සහ අපේ පරම්පරාවටත් පොදුය. ඒ අතරින් වැඩිහිටියන් ෆිල්ටරය අත කරකවා කොහේ හෝ විසිකරන හැටි සෑමා දැක ඇත්තේය. අතේ ඉතිරිවන ෆිල්ටර් කොටය කසල බඳුනකට හෝ අළු බඳුනකට දමා යන තරුණ පිරිස් බොහෝය. වැරදි අවම කිරීම අතින් තරුණ පරම්පරාව ප්‍රමඛ බව කිව හැකිය.

දිනක් සෑමා ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කැළණිය විද්‍යාලයේ පාසැල් බසයෙන් විටින් විට තැනින් තැන බසයේ ජනේල් වලින් එළියට දමන අයිස් ක්‍රීම් කවර සෑමා දුටුවේය. සුළඟට පාව ඇවිත් පාර පුරා විටින් විට රට මැවූ අයිස් ක්‍රීම් කවර දැක සෑමාට ඇති වූයේ කලකිරීමක්ය. පාසැලේ නම ගැසූ බසයෙන් ලැජ්ජා නැතුව කුණු එළියට දමන්නට තරම් පොඩි උන් මෝඩ යැයි සිතන්නට බැරිය. බසය හරස් කොට රියදුරුට කතා කළේ සෑමාය. වැඩිහිටි පුද්ගලයෙකු වූ ඔහුට එය ගණනකට නැති දෙයක් බවට පෙනී ගියේය. නැති නම් රියදුරුට පැති කණ්නාඩි වලින් සිද්ධිය නොපෙනෙන්නට ඉඩක් නැත. එය දැක නොදැක්කා ලෙස සිටිනා උඩ පරම්පරාවේ නැහැදිච්ච ඔහු කවදාවත් යට පරම්පරාවකට හරි වැරැද්දක් කියා දෙන්නේද නැත.

කසල කළමනාකරණය, කුණු වෙන් කිරීම සම්බන්ධයෙන් නව පරපුර දැනුවත්ය. දිරා යන නොයන සහ ඉඳුල් ද්‍රව්‍ය ලෙස කසල වෙන්කර කුණු ලොරියට බාර දීම උඩ පරම්පරාවට මහ බරක්ය. කුණු ගිණි තබන විට එහි වූ ප්ලාස්ටික් කැබලි ඉවත් කර නිවැරදිව ගිණි තැබීමට පවා ඔවුන් කම්මැලිය. එහෙත් අපේ කාලේ උබලෑ ක ාලේ කියා උද්දච්ච කතා කියමින් පොඩි උන්ට ලොරි ටෝක්ස් දීමේලා පුරෝගාමීන්ය.

ත්‍රීවීල් අංකල් සෑමාව දුරකට ගෙන ගොස් අතෑරියේ තව ප රම්පරා දෙකකින්වත් උබලා පතන ලෝකය බිහි වෙනවා යැයි කියා දෙමින්ය.

නොහැදෙනා අංකල්ලාට, ඇන්ටිලාට,

ස්තූතියි කියා දුන්නාට !!

sAm_sRi_9:15pm_22/02/19

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com5tag:blogger.com,1999:blog-7943700144837606759.post-16808214743149371132019-01-01T00:22:00.000+05:302019-01-01T00:22:00.316+05:30දුක් මොහොතක දැනෙන සතුට.. - A Friend in Need !!

සෑමා දිලා සමඟ වැලිසර රෝහලට ගියේ රාජකාරී කටයුත්තකටය. ඒ අතර දිලාට අතුරු වැඩක්ද පැවරී තිබුණේ තම ආයතනයේ ප්‍රධානියෙක් ගේ රෝගියෙක් බැලීමටය. සියළු වැඩ නිමා කොට දිලා සහ සෑමා රෝගියාගේ නම පමණකි තිබුණු SMS එක රැගෙන ගියේ තුන්වන වාට්ටුවටය. මැසේජ් එකේ තිබුණේ වාට්ටු අංකය පමණක්ය. එතැනින් එහාට රෝගියාගේ් නම ඔස්සේ අප ඇද සොයා ගත යුතුය. කවදාවත් දැක නොමැති රෝගී කාන්තාවක් සොයා යෑම අපහසුය. එහෙත් එතරම් රෝගීන් බහුල නොවූ වාට්ටුවක ඇය සොයා ගැනීම අපහසු නොවනු ඇතැයි අප සතු වූ බලාපොරොත්තුවක්ය. මුලින්ම අප සිතා සිටියේ ආයතනයේ එතරම් ධනවත්, බලවත් පුද්ගලයෙකුගේ ඥාතියෙක් මෙහි රඳවා සිටින්නේ මන්ද කියාය. විටෙක පුද්ගලික රෝහලකට නොගියේ මන්දැයි ප්රශ්නය අප සතු වූයේය. වාට්ටුව සොයා යද්දී මඟදී හමු වූයේ සෑමාගේ මිත්‍රයෙක්ය. ගමේ එකෙක්ය.

"අඩෝ.. "

"මොකෝ බං මෙතන.."

ගමේ කම අපේ කම ඉස්සර වූයේය. කොල්ලා සිටියේ එතැන තිබූ කණුවකට හේත්තු වෙලාය. ඔලුව බරකින් විය යුතුය. කිසිවෙකු රෝහලේ ප්‍රථිකාර ගන්නවා විය යුතුය.

"අම්මා ICU බං.. අපි මේ සිහිය එනකල් ඉන්නවා.."

ඇගේ සම්පූර්ණ විස්තරය සෑමා අසා දැන ගත්තේය. ලොකු සීන් එකක් නෙවේය. සෙම ඉවත් කරන සැත්කමක්ය. එහෙත් ICU එකය. සැත්කමක්ය. මහා බරක්ය. නීරෝගීකම උතුම්ම ලාභය බව සැබෑය. ගහක් ගලක් මෙන් මිනිස්සු බිම ඇදන් වැටෙන්නේ කෙසේ දැයි කාටත් උත්තර නැතිය.

"කෝ වෙන කවුරුත් නැද්ද, උබ විතරද ආවෙ.."

"නෑ බං තාත්තා ඉන්නවා.."

"අපි මේ ලෙඩෙක් බලන්න තුන්වෙනි වාට්ටුව හොයන් යනවා බං.."

"ආ.. අපෙ අම්ම හිටියෙ ඒකෙ.. ඉදපං මම පෙන්නන්න.."

මිතුරා වාට්ටුවට යන හැටි සවිස්තරාත්මකව පෙන්වද්දී එතැනට ආවේ මිතුරාගේ තාත්තාය. සෑමාගේ ද හොද මිතුරෙක්ය. අංකල් හොඳ එකාය. ඇන්ටීද එලෙසමය. සැත්කමේ ප්‍රමාණය මත නොව, සැත්කමක්ය යන වචනය නිසා අංකල්ට සෑමාව හරියට මීටර් වූයේ නැතිය.

"ආ. අංකල්.. මොකද ඇන්ටිට??"

"අනෙ මහත්තයෝ බලන්නකෝ.."

කියමින් අංකල් කතාව පටන් ගත්තේය. සෑමාව සිහි නොවීය. ඔපීස් ඇඳුම් නිසා සහ ටයි පටිය නිසා අංකල් සිතන්නට ඇත්තේ වැරදියටය. කරදයකින් ඔලුව වැහිලාය. වෛද්‍යවරයෙකු ලෙස සෑමා ගැන සිතන්නට ඇතිය. නැවත එතැනට එන පොරොන්දු පිට සෑමා සහ දිලා ගියේ තුනවන වාට්ටුවටය. රෝගියා ගේ නමින් ඇද සොයා ගන්නට උදව් කළේ එතැන සිටි හෙදියක්ය.

ඇගේ කතන්දරය වෙනකක්ය. ඒත් දුකක්ය. ඇය රත්නපුරේය. දිලාගේ ආයතනයේ ප්‍රධාන නිලධාරියාගේ කිසිම ඥාතියෙක් නොවේය. ඇය කලින් එම ආයතනයේ සිටි සාමාන්‍ය සේවකයෙකුගේ බිරිඳක්ය. ඇගේ ස්වාමියා සහ දැරිය ඕස්ට්‍රේලියාවේය. ඇය මෙහේ ලෙඩ ඇඳේය. ඔවුන් නත්තල් නිවාඩුවට ලංකාවට නොඑන බවත්, නැවත එන්නේ අප්‍රේල් බවත් ඇය කිව්වාය. ඇය ඔවුන් සමග රටට නොගියේ ඇයිදැයි අසන්නට නොගියේය. ඒවා අපට අදාල නැතිය. එහෙත් කිසි කලෙක නොදුටු රෝගී කාන්තාවක්, ගෙදර උදවියද නොමැතිව, බලන්නට ගිය මොහොතක ඇයට ඇති වූයේ අමුතු සතුටක්ය. ඒ බව ඇය අප හා කළ කතා බහෙන් අපූරුවට පෙනෙන්නට තිබුණේය.

නොදන්නා ඇයත්, දන්නා සෑමාගේ මිතුරා සහ අංකලුත් එකම අවස්ථා දෙකකය. දෙතැනම සිත් තැවුල්ය. දන්නා අංකල්ට සෑමා අමතකව දැනුන සතුට පැහැදිලිය. නොදන්නා ඇන්ටී ට අප දැක දැනුන සතුටද පැහැදිලිය. කාන්තාරයක හෝ කෙලවී සිටින අවස්ථාවක දන්නා එකෙක් හමුවෙනවා නම් දැනෙන සතුට, කෙලවී සිටින දුක මකාලන දිව්‍ය ඔසුවක් බව කිව යුතුය. එහෙව් තැනකදී තරුවක්ව පායා කාන්තරයට මාවතක් පෙන්වන්නට ලැබීමද භාග්‍යයක්ය.

Written_by_sAm_ශ්‍රී_14/12/2017

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com8tag:blogger.com,1999:blog-7943700144837606759.post-8832736246353869832018-06-03T22:52:00.001+05:302018-06-03T22:53:08.805+05:30සමන්තබද්‍ර, චන්දිමාල් දෙස හැරී බලමු... - Any Marketing is Good Marketing ???

ඕනෑම ජරාවක් අයිසින් කර මේසය මත තැබීමට අපේ උන් සමත්ය. කාගේ හරි රෙද්දක් බතික් කර කැටයම් දමා ඒ මේසය මත එලන්නේම අපේම උන්ය. හාල් කෑලි ෆෝම් කිරීම සහ පබ්ලිසිටිය උපරිම කිරීමද ඒ අතින්ම උත්කර්ෂවත්ව කරන්නෝය. එක අතකින් ගොං කමය. පච හලමින් වේදිකාවට ගොඩ වූ චතුරලා ඩෑල් වූයේ අපේ උන්ගේ ගොං කම් නිසාය. ඒ පොරට හෙනම පබ්ලිසිටියක් දීම නිසාය. අනිත් අතින් අපෙ උන් කුහකය. ඉරිසියාවය. කොහෙවත් ඉන්න එකෙක් පාටියක් දැම්මාම, උගෙ සල්ලි වියදම් කළාම අපේ උන්ට කාලා ඉන්නට බැරිය. පාටියට ආපු උන් ඇදගෙන ආපු ඇදුමේ සිට එක එකා වෙන වෙනම කොටස් වශයෙන් අනුකලනය කරන්නේ ඉරිසියාව නිසාමය. අපිට නැති ආතල් වෙන උන් ගත්තාම අප උන්ට හිරි වැටෙනවාය.

අනිත් එක අපෙ උන්ට සමාජ මාධ්‍යයක දෙකට බෙදෙන්නට හේතුවක් තිබිය යුතුමය. හැරීගේ පවුලගේ මේකප් එක නැති එක අපෙ උන්ට අවුල්ය. අපෝ රෝයල් ඩෑල්ය. මේකප් නෑය. චාටර්ය. හිඟන වෙඩිමක්ය. ඊට එදිරිව රෙදි උස්සං එන අනිත් සෙට් එක කියන්නේ තවත් කතාවක්ය. අන්න චාම්ය. අපෙ රටේ උන්ට මේකප් නැතුව බැරිය. ලංකාවේ කෙල්ලෝ මේකප් එකෙන් රන් වෙන උන්ය. හෝදලා ගත්තාම මෙලෝ රහක් නැතිය. ඒ බෙදිල්ල කෙල්ලො කොල්ලෝ ලෙස පමණක් නොව මේකප් දාන කෙල්ලෝ සහ මේකප් නොදාන කෙල්ලෝ ලෙසත් දෙකට බෙදී ගියේය. හේතුව කාරණා දෙකක්ය. එකක් ගොං කමය. අනික කුහක කමය. හැරියා බැන්දේ එහේය. කෙල්ල වැඩිමල්ය. ඩිවෝස්ඩ්ය. අවුල උට නොව, උගෙ පවුලේ උන්ට නොව අපෙ හැති කරේටය.

චන්දිමාල් මම දන්නේ උගෙ බර්ත් ඩේ එක නිසාය. දිනේෂ් නොව ඇඳුම් අන්දන චන්දිමාල් කෙනෙක්ය. ඌ උගෙ සල්ලි වලින් ආතල් එකක් ගත්තේය. මේ පළවෙනි එක නෙවේය. ගිය අවුරුද්දේද ජයටම එකක් අරගෙන තිබ්බේය. ඒත් අපෙ උන්ට අවුල මේ පාර එකය. ඒ අවුල නිසාම පබ්ලිසිටිය ජයටම ගියේය. වෙනදාට ඇදුම් අන්දන චන්දිමාල් මේ පාර පාටියට එන උන්ගේ ඇදුම් ගලවලාය. බාගෙට අන්දලාය. ඒකටත් වැරදි චන්දිමාල්ය. හොදටම වියදම් කරලාය. අපෙ උන්ගේ කුහකකමය. තමන්ට ගන්න බැරි ආතල් අනිත් එකෙක් ගන්නවාට අවුල විය යුතුය. ඒ අස්සේ ගොං කම්ය. දැනට ප්‍රසිද්ධ නිලියන් විස්සකට වැඩිය චන්දිමාල්ට කියා මනාලියන් වී ඇත්තේය. දැන් ගොං ආතල් දුන් කුහක උන්ගේ නාමෙන් චන්දිමාල්ට පැකේජ් එක වැඩි කළ හැකිය. පබ්ලිසිටිය. උපරිමයෙන්ය. මෙතුවක් චන්දිමාල්ව නොදැන සිටි සෑමා පවා ඌව දන්නේ පේජ් වලින් දුන් පබ්ලිසිටිය නිසාය. ඇඟ පේන්න ඇදන් පාටියක්ට බැස්සාම අපෙ උන්ට හිරි වැටෙනවාය. දරාගෙන ඉන්න බැරුව දඟලනවාය.

පිටිදුවේ නමින් හිඳ සමන්තබද්‍ර ලෙස රහත් වූ සාදුගේ පාටිය නම් පාටිය ය. අපෙ උන්ට එව්වා වටින්නේ නැතිය. එදා සාදුගේ බත්ඩේ සෙලිබ්රේෂන් එකට නොතිබුණු ආතල් මේ පාටියට තිබ්බ නිසා ඒ පාටිය දැන් අමතකය. එක්කෝ අරහත් සාදුගේ මහ විසාල දාන පිංකමක් කියා පාටිය අමතක කර දැම්මා විය හැකිය. සාදුගේ කප් කේක් දාහේ මොණර පිල අපෙ උන්ට අමතකය. එව්වාත් ආතල් බව සිහි තබා ගත යුතුය. ඉරාජ් හෙලුව මාකට් කර වීඩියෝ කරනවා කියා දඟලන අපෙ උන් එව්වාම ෂෙයාර් කර විව්ස් වැඩි කර දෙන්නෝය. වරක් සමන්තබද්‍ර සාදු ලගට ගොස් ඉරාජ් වීඩියෝවක් කළේ විකුණගෙන කන්නට විය හැකිය. රැස් මාලාවක් පවා සාදුට සාදා දුන්නේ ඉරාජ් අයියාය. එහෙව් ඉරාජ් අයියා අම්මලාගේ දිනයටද කොහෙදෝ මෑතකදී වීඩියෝවක් කර හැඩු කදුලින් කියා සිටියේ හෙලුවට ලැබෙන ලයික් මේකට වැටුනේ නැහැ කියාය. ඇත්තය. පොර කලින් කළේ හෙලුව මාකට් කරන එක බව නොකියාම කියවුණේ එදාය.

මොක කිව්වත් අන්තිමට වෙන්නේ ජරාවක් කළොත්, මාකට් වෙන්න පුලුවන් තත්වයක් එනවා යැයි සමාජ කතිකාවක් ඇති වීමය. එතැන් පටන් අනිත් හැම එකාම කරන්නේ ශෙයාර් වෙන තැනට, පබ්ලිසිටිය වැඩි වෙන තරමට, කතා බහට ලක්වෙන දේවල් සමාජ ගත කිරීම පමණය. එතකොට කුහක උන් අපිට නැති ආතල් උන්ට කියා බනිමින් ෂෙයාර් කරනවාය. ගොං ආතල් ඇති උන් මගෙ අපේපේ මේවා නේ ආතල් කියා ශෙයාර් කරනවාය. කවියෝ කවි ලියනවාය. බෙදිලා ගහ ගන්නවාය. නැවත ටොපික් එකක් එනකල් කල් ගෙවනවාය.

ආතල්ය.

sAm_sRi_9:54_pm_03/06/18

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com7tag:blogger.com,1999:blog-7943700144837606759.post-75090386937285544732018-05-27T17:32:00.000+05:302018-05-27T17:32:01.616+05:30බේබද්දන්ව බේරා ගතිමි.. - For the name of the Dopers !!

#බීමත්කමේ_දුර්විපාක

දුක කාටද

කාළකන්නිකම කාටද

අඬදබර කාටද

නිකරුනේ තුවාල කාටද

රතු ඇස් කාටද

#බීම_බෝතලය_ලඟ_පමාවෙන_මිනිසාටය

තව තවත් බොන්න යන මිනිසාටය

මඨ්යසාර රතට රතේ

දිලිසෙන විට..

වීදුරුවෙහි පෙන දමන විට

ලස්සනට වැක් කෙරෙන විට

#ඒ_දෙස_දෙස_නොබලන්න

නැත්නම්..

අන්තිමේදි එය

නයෙකු මෙන් සපා කයි

පොළගෙකු මෙන් දෂ්ඨ කරයි

එවිට ඔබේ ඇස් අද්භූත දේ දකි

ඔබේ කට විලම්බීත දොඩවයි

එවිට ඔබ...

මුහුද මැද ඒ මේ අත

පෙරලෙන කෙනෙකු මෙන්ද

කුඹ ගස මුදුනේ

නිදන්න හදන කෙනෙකු මෙන්ම වනු ඇති

එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත

"ඔවුන් මට පහර දෙන්නට ඇත

නමුත් මට රිදුනේ නැත

ඔවුන් මට ගසන්නට ඇත

නමුත් මට දැනුනේ නැත

කොයි වේලේ මා අවධි වෙයිද..?

එවිට මම තව උගුරක් බොමි".....

- කතාකරන පන්හිදේ බොන උන්ට එදිරිව ලියූ පද වැලක් ඉහත දැක්වෙන්නේය. බීලා අඩි පොලේ ගහන උන් හිටියේ ඉස්සරය. බොන හැම එකාම බේබද්දෝ ගානට වැටුනේ ඉස්සරය. දැන් එහෙම විය යුතු නැතිය. අඩියක් ගසා සැපේ ඉන්නා උන බෝය. කාටවත් කරදරයක් නැතුව, වෙනදාටත් වඩා වටේ පිටේ උන් එක්ක සතුටින් ඉන්නා උන් බෝය. ඉතිං සෑමා රිටර්න් එක දුන්නේ මෙහෙමය. කවියෙන්මය.

ඉස්සර වලිය,

අල්ලපු ගෙදරින් නැගෙන..

අංකල් බීමත් ය,

වැඩ ඇරී ගෙදර එන..

ඇන්ටී ඇඳිවතය,

ගුටි සමග නිවසින් පිට කෙරෙන..

දරුවන් කදුලෙන් ය,

ඉගෙනුමට තිත තබන..

අංකල් පුතුය,

දැන් ඒ නිවසෙම වෙසෙන..

හවසට පාටිය,

බෝතල් කිටි කිටි හඩ ඇසෙන..

ඔහුගේ වයිෆ් ය,

බයිට් මික්ශර් හදන..

එනමුදු සතුටින් ය,

වලියක් නොම ඇස ගැටෙන

Written_by_sAm_ශ්‍රී_4:15pm_27/05/2018

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com6tag:blogger.com,1999:blog-7943700144837606759.post-45846277450646791572018-05-24T22:36:00.000+05:302018-05-24T22:36:20.302+05:30බෑ කියනවාට වඩා හා කියනවා පහසුය.. - Easiest Way to Love !!

ඉස්සර කෙල්ලෝ මැටිය. අමුම අමු මැටිය. කොල්ලෙක් ලියුමක් දුන්නොත් බනිනවාය. එක්කෝ ඔරවනවාය. නැති නම් දන්න අයියලා බස්සලා ගස්සනවාය. කොල්ලා කොයි තරම් හැකියාවක් තිබ්බත් කෙල්ලගේ අයියා ගැහුවොත් ඉවසනවාය. ගහපං අයියේ මම අනුකම්පාවෙන් හෝ ඒකිව සැට් කර ගන්නවා කියා ඉන්නවාය. ඒ කෙල්ලගේ සීයා ආච්චි ඇවිත් ගැහුවත් එහෙමය. කොල්ලා දරාගෙන ඉන්නවාය. ඉන්පසු කෙල්ලගේ හිත උණු වෙනවාය. තෙල් තාච්චියට දැමු වතුර බිංදුවක් මෙන් කෙල්ලම ඇබරිලා ඇවිත් කොල්ලා සිප සනසනවාය. ක්ෂණිකව නොවන දෙයක් නොවේය. ඒත් කාලයට ඉඩදී තුවාල වේලෙන්නට, තැල්ම මැකෙන්නට, ඉඩ දුන්නාම කෙල්ල අතේය. ඉන්පස්සේ කෙල්ලට බූට් එකය. අර ගහපු අයියා, ආච්චි හෝ සීයා ඇවිත් කෙල්ල සමගම වැද වැටෙනවාය. අවුල්ය. ඒත් එව්වා දෛවයේ සරදම්ය. පව් ය.

එහෙමත් නැතිනම් වෙන්නේ කෙල්ල ලියුම අරගෙන මිසින් වෙනවාය. කොල්ලා රිප්ලයි එනකල් බලා සිටින්නේය. ඒත් කෙල්ල පිට පාරේ ගෙදර යනවාය. කොල්ලාට එපා වෙනවාය. ඉතිං එක්කෝ ඌ ඒකි වෙනුවෙන් තනිකඩව බලා සිටිනවාය. එක්කෝ ඒකත් එනතුරු බලාගෙන ඉන්නා ගමන් තවත් එකක් කරලා බලනවාය. කෙල්ල විභාග අහවර වී කැම්පස් යන්නට ලෑස්ති වී අර කොල්ලාව හොයනවාය. ඒ යාලු වෙන්නටය. එක්කෝ අරූව ආයේ ෆෝම් කර වචනයක් නැවතත් ගන්නටය. එතකොට කෝච්චිය ගිහින්ය. එක්කෝ කොල්ලා තවමත් තනිකඩවය. නැතිනම් කොල්ලා දරු පවුල් කාරයෙක් වෙලාය.

සමහර කෙල්ලෝ කරන්නේ ලියුම අරගෙන රිප්ලයි නොදී අරූව තවදුරටත් මෝල් කිරිමය. ඌ ඇස් දල්වාගෙන හැමදාම මහ මඟය. අරකී ඇස් කරකවා පද්දලා හා අයියේ කියලා ලයින් එකක් දෙන්නීය. කොල්ලා ෆුල් සැටිස්ය. හැම එකාටම කියන්නෙ වැඩේ හරි කියලාය. කෙල්ල ඌව තියාගන්නේ සමාජයට තමන්ට ඇති ක්‍රෂ් ප්‍රමාණය අති මහත් බව පෙන්වන්නටය. කොල්ලා හෙනම සීන් එකේ තනියම ආතල් එකක් ගන්නේ ඒකි හා කියනවා ෂුවර් බව හිතේ තියාගෙනය. හැබැයි කෙල්ල ගේම ගොඩ දා ගන්නවාය. කොල්ලා ඒකි හරි තමා කියමින් වෙන එකක් වත් බලාපොරොත්තු නොවී ඉන්නවාය. එක්කෝ කලින් කිව්වාක් මෙන් තව එකක් කරගන්නා බුද්ධිමත් උන්ද ඉන්නවාය.

උඩ කී ආකාර සියල්ල ඉස්සර ජාතියේ උන්ය. එහෙම ලව් සෙට් වුනත් හෙන බෝරිං සීන්ය. දැන් වගේ ක්ෂණික රිප්ලයි නැති නිසා වැඩක් කර ගත් එවුන්ද අල්පය. ඒකට දැන් කාලේය. ලියුම් නැතිය. ක්ෂණික රිප්ලයිය. බෑ කියනා උන් නැහැය. ඩිමාන්ඩ් කරන උන් අල්පය. වැඩේ නැගලා යනවාය. සරලව කිව්වොත් මරා ගැනිලි නැත්තේය. දෙදෙනාම කතා බහය. එක්කෝ මීට් වෙනවාය. කාලයත් සමඟ ගැලපෙන උන් ඉතිරි වී නොගැලපෙන ලව් මග ඇරී යනවාය. ඒ ක්‍රමය ඉතා හොඳය. ඇරියස් නැතිය. උන් දෙන්නා දෙපැත්තට ගිහින් වෙන උන් බැදගත්තත් තරහවක්, වෛරයක්, ඉරිසියාවක් නැතිය. අන්න ඒක සැබෑ ආදරයය. ඒ අස්සේ ගොං පාට් ලව්ද නැතුවා නොවේය. 99%ක් ගිය එකා ගියාවේ, ආපු එකා එක්ක පවුල් කනවා කියා සිටින්නෝය. ඉතිරි 1% තමන්ගෙ එක කන ගමන් ගිය එකාගේ එකත් කන්නට, විනාස කරන්නට දඟලන්නෝය.

කැමති එකාට, පස්සෙන් එන එකාට, කෙලින්ම කතා බහ කර කැමතියි කීම හෝ ලඟින් තබා ගැනීම සරල සහ ලේසිම ක්රමයය. ටික දිනකින් කොල්ලා කෙල්ලගේ තරම තේරුම් ගෙන එක්කෝ ඈත් වෙනවාය. නැති නම් ඔන්න ඔහෙ ඕන මඟුලක් කියා ඒකි එක්කම ඉන්නවාය.

sAm_ශ්‍රී_9:34pm_24/05/2018

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com7tag:blogger.com,1999:blog-7943700144837606759.post-50351947708867336052018-05-21T22:52:00.002+05:302018-05-21T22:52:12.064+05:30ත්‍රීවීල් සහ පරිකල්පන මෙව්වා එක... SL Tuk Tuk Habits !!

ත්‍රීවීල් අයියලා මරුය. එයාලා කරන්නේ සමාජ සංවර්ධනයක්ය. අපි ඉස්කෝලෙ ගියාට පස්සෙ මොලේ කල්පනා කළේම නැතිය. විභාගයකට ඇරෙන්නට අපි මොලේ කල්පනා කරන්නේ බොහෝ අඩුවෙන්ය. ඒ මොලය බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් පවත්වා ගැනීමටය. කල්පනා කළොත් අපරාදේය. එක්කෝ බරටම කල්පනා කර, ප්ලෑන් කර වැඩක් කළොත් මොලේ කල්පනා කර කෙරුවාට වඩා හොදින්ම අල වෙනවා ෂුවර්ය. ඒ තරමට අපේ මොලේ අපිටම ගැලපෙනවාය. ඉතිං ඉස්කෝලේ ගියාට පසු පාවිච්චි නොකළ සෑමාගේ මොලය පාවිච්චි කරවන්නේ ත්‍රීවිල් අයියලාය. එමඟින් සෑමාගේ පරිකල්පන මෙව්වා එක ඉතා ඉහළ මට්ටමක ඇති බව කිව යුතුය.

අද උදේ සෑමාට ඉදිරියෙන් ගිය ත්‍රීවීල් එකේ අයියා මාරම ඩෑල් එකක්ය. හෝන් එකසිය එකක් පමණ නාද කළේ ඊයේ දහම් පාසැලට දාන්නට ගිය දරුවා අද රැගෙන යන්නාක් මෙන්ය. ඒ හෝන් එක වාර එකසිය එකට නාද වූයේ රටා එකසිය එකකින්ය. මෑන්ස්ට සෑමා ඉඩ දුන්නේය. ඉස්සරහින් ආ ටිපර් එකේ අයියාද ඉඩදුන්නේ පුංචි උනත් හරිම සැරයි ත්‍රීවීල් ඇටේ කියාගෙන විය යුතුය. සෑමාට රවාගෙන ඉදිරියට ඇදුන ත්‍රීවීල් අයියා වම්පැත්තට සිග්නල් දමාගෙනම ගියේය. සෑමාව ඉස්සර කළේද මෑන්ස් වමට සිග්නල් දාගෙනය. මොහොතකින් සෑමාට තත්වය වැටහුනේය. පාන්දර මේ අයියා කරන්නට යන්නේ සෑමාගේ පරිකල්පන ශක්තිය උරගා බැලීමක්ය. ඉතින් දැන් කල්පනා කළ යුතුය. එක්කෝ මෑන්ස්ගේ සිග්නල් ලයිට් ඩිෆෝල්ට් එන්නේ එහෙම විය යුතුය. ඒක නම් කොහෙත්ම විය නොහැකි බව සෑමා තනියම සිනා සෙමින් ප්‍රතික්ෂේප කළේය. කල්පනා කරමින් සෑමා බෙන්තොට බේක හවුස් ලඟ නැවැත්තුවේය. එක්කෝ ප්ලේන්ටියක් බොමින් කල්පනා කළ යුතුය.

ඇතුලට යද්දී ත්‍රිවිල් අයියාද එතැනය. පොර තකහනියේ ඇවිත් ඇත්තේ මාළු බනිසක් ගිලින්නටය. මෑන්ස්ට ගැස්ට්‍රයිටිස් විය යුතුය. හදිසියේ පැමිණ කෑම කෑවාට පව් නැතිය. හැබැයි පාන් පිටි කන එක නම් වැරදිය. යන්නට තිබුණේ මාතර බත් කඩයකට මිසක බෙන්තොට බේක් හවුස් නොවේය. හයිවේ දාන්නට තිබ්බා නම් ත්‍රිවිල් අයියා මාතර හෝ ගොස් බත් කඩයක් හොයා ගන්නවා ෂුවර්ය. මෑන්ස් අර මරුමුස් මුහුණ ම නැවත සෑමාට දැම්මේය. බනිසක් ප්ලේන්ටියක් සමඟ අයියාගේ මේසය මතම ඉදගත් සෑමා මෑන්ස්ට ටෝක්ස් කළේය. බලනකොට මෑන්ස් සපුගස්කන්දේය. අතුරු පාරකය. සෑමා පාර දන්නේ නැතිය. හැබැයි එක වචනයෙන් සෑමා මෑන්ස්ව අදුරනා තැනට කතා කළේය.

"ඔව් අයියේ ඔයෑලෑ මිඳුලෙන් පාරට දාලා වමට දැම්මාම හරි නේද?"

ත්‍රිවිල් අයියා ෆොක්ස් වීය. අන්න හරි මල්ලි. එතැන තමා අපෙ ගේ. සෑමා ගේ පරිකල්පනය දැන් දියුණුය. අර වමට දැමූ සිග්නල් එක, අයියා හැමදාම උදේට ගෙදරින් එලියට බහිනකොට දාන සිග්නල් එකය. ඉතිං අයියා වැරදි නැතිය. උදේම දාන සිග්නල් එක නිවන්නේ හවසටය. ත්‍රිවිල් වල හැන්ඩ්ල් එක කැරකෙව්වාට සිග්නල් ලයිට් ඕෆ් නොවනාව ඇතිය.

කඩෙන් එළියට බැස කිරිබත්ගොඩ පැත්තට යද්දී ඉදිරියට එන හැම එකාම හෙඩ් ලයිට් ගහනවාය. ටිකක් සැලකිලිමත් විය යුතු සීන් එකක්ය. ඉරි නොකැපිය යුතුය. සෑමා එකින් එක තමා සතු වැරදි මෙනෙහි කළේය. ලයිසම, ඉන්ෂුවරන්ස් සියල්ල හරිය. ආදයම් බලපත්‍රය හරිය. ඒත් වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවා නැතිය. අල්ලනවා නම් අල්ලා දඩ ගැසිය නොහැකි සීන් එකක්ය. වාතයක් වී යවන තරමේ වැරැද්දක්ය. කෝකටත් අයිනට කර වාහනය නවත්වා ගත් සෑමා ඉදිරියට ආවේ හෙඩ් ලයිට් දෙකම ගසා ගත් වීල් එකක්ය. හම්මට උඩු සුනිර අයියාය. සැලුයුට් එකක් ගසා සෑමා ඩෑල් එක පාරේ එහා පැත්තේ නවත්වා ගත්තේය.

"මොකද පොලිසියෙන් ඉන්නවද ඉස්සරහ?"

"නැහැ බං.. මම මේ දැනුයි පාර්ක් එකට යන්නේ.."

"අහ් ඊයේ මහ රෑ වෙනකල් හයර් සෙට් වුණා නේද??"

"ඔව් ඕයි ඊයෙ මරු.. කෝමද දන්නෙ??"

"ඒක තමයි හෙඩ් ලයිට් තාම ඔන්.. "

සුනිර අයියලා පවා වැඩ කරන්නේ සෑමාගේ පරිකල්පනය වැඩි දියුණු කිරීමටය. අන්න මිනිස්සුය. ඉස්කෝලෙ ටීචර්ලා වත් අපේ පරිකල්පන මෙව්වා එක ඔප්නැංවුයේ නැතිය. සුනිර අයියා විස්සාස කර ඉදිරියට යා හැකිය. වීල් එකක් අමුතු වදනක් තිබුණොත් සෑමා යන ගමන් වුවද ෆොටෝ එකක් ගසා ගන්නට මැලි නොවන්නේය. සමහර වීල් වල වදන් බොහෝය ඡේද කිහිපයකට එකතු කර ලිව්වොත් ශිෂ්‍යත්වයට වචන් 150කට නොඅඩු රචනාවක් ගොඩ දමා ගැනීම අපහසු නැතිය. එහෙව් වීල් එකක් සෑමා ඉදිරියෙන් ය. සෑමා ක්ෂණික ෆොටෝ එකක් ගසා ගත්තේ ට්‍රැෆික් එකේදී වදන් දහයක් කියවා ගත්තද තවත් වදන් අසූ අටක් පමණ ඉතිරිව තිබූ නිසාය. තවත් පිටුපසින් සිට වාක්‍ය කියවිය නොහැකි විය. සෑමාට දකුණු තීරුවේ ඉඩක් ලද නිසා ඉදිරියට යන්නට සිදු විය. වීල් එකේ අයියා සහ සෑමා එක කෙලින් තීරු දෙකකය. පොර ආතල් එකේය. සිනා මුවින්ය. සෑමා ෂටර් එක විවෘත කර තම පරිකල්පන හැකියාව මැන බැලුවේය.

"වදන් නම් වදන් ඔව්වා තමා මචං.."

"කෝමද හොදයි නේද?? මගෙ එව්වා.."

"ඒකනෙ කියන්නෙ.. අයියාට ස්ටිකර් ගහන යාලුවෙක් ඉන්නවද??"

"අහ ඔව් ඔව් තොරණ හන්දියෙක අහවල් ෂොප් එක මගෙ යාලුවෙක්ගෙ, මම වදන් දුන්නම උෟ ලෙසටම ගහල දෙනවා.."

සෑමා හරිය. තමන්ගේ පරිකල්පනය උපරිම මට්ටමක ඇත්තේය. තව දුරටත් පරිකල්පන මෙව්වා එක මැන බැලීම තවත් ප්‍රශ්න වලට අත වැනීමක් විය හැකි යැයි උපකල්පනය කළ සෑමා පරිකල්පන නිවැරදි දැයි විමසා බැලීම නවතා දැමුවේය.

Written_by_sAm_ශ්‍රී_9:45pm_21/05/18

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com17tag:blogger.com,1999:blog-7943700144837606759.post-64456565415588321052018-05-18T21:40:00.002+05:302018-05-18T21:40:56.880+05:30බලාපොරොත්තු.. - Hopes !!

උබට මේ මොහොතේ බලාපොරොත්තුවක් තියෙනවද?

ඇත්තටම මටත්, ඔබටත් මේ මොහොතේ බලාපොරොත්තුවක් නැතිය. මේ කියන්නේ ඉරහද අල්ලන තඩි බර බලාපොරොත්තු ගැන නොවේය. සරල සුන්දර ඒවා ගැනය. ලබා ගත හැකි එව්වා ගැනය. ගෙවල්, දොරවල්, යාන වාහන, විවාහ යනු බරපතල බලාපොරොත්තුය. එව්වා ගැන කතා කිරීම වැඩක් නැතිය. ඒත් ඉස්සර අපිට සරල සුන්දර බලාපොරොත්තු තිබුණු බව සිහි කළ යුතුය. දැන් එව්වා නැතිය. එව්වා අපි ඒ කාලේම ලබා ගත්ත බව සැබෑය. නමුත් එවැනි සිහින තවත් නැතිය.

ඉස්සර ඉස්කෝලෙ යන්නේ සෙල්ලම් කරන්නටය. කෑම එක ඉන්ටර්වල් එකට පෙර හොරෙන් කන්නේ ඉන්ටර්වල් එක වැඩිපුර ලබා ගන්නටය. වෙලාව ඉතිරි කර ගන්නටය. ක්‍රිකට් ගහනවා නම් යන්නේ බලාපොරොත්තුවකින්ය. වැඩි වෙලා බැට් කරන්නටය. එක්කෝ වැඩිපුර විකට් ගන්නටය. එව්වා බලාපොරොත්තුය. ඉස්සර අපිව ජීවත් කළ එව්වාය. කාලය යන බව නොදැන සිටින්නට අපි රඳවා ගත් සුන්දර බලාපොරොත්තුය.

විටක යාලුවෙක් පහුවදා ඉස්කෝලය රැගෙන එන ටීවී ගේම් එකක්, ප්ලේස්ටේෂන් හෝ ගේම් සීඩි එකක් එනතුරු බලාපොරොත්තුවෙන්ය. ඉන්පසු එය අතට ගත් පසු ගෙදර යන තෙක් බලාපොරොත්තුය. ඉක්මනට බෙල් එක ගසන තුරු සිටින්නේ ගෙදර දුවන්නටය. එව්වා බර නැතිය. සුන්දරය. ඉටු කර ගත් බලාපොරොත්තුය.

දැන් එව්වා නැතිය. ඉස්සර ටීවි එක පවා බලාපොරොත්තු ගුහාවක්ය. සරල එව්වාය. ටෙලි ඩ්‍රාමාය. පටලැවිල්ල ආනන්ද වික්‍රමගේ ගේ නියම නාට්‍යයක්ය. සතියකට එක දවසක්ය. අද ඉවරවෙන නාට්‍ය ලබන සතියේ මේ වෙලාවටම බලන තුරු ඇඟිලි ගැනිල්ලක්ය. සුන්දරය. ඉටුවන එව්වාය. බලාපොරොත්තුය. ඉස්සර එවැනි ටෙලි ඩ්‍රාමා බහුලය. මායාබන්ධන මේ සතියේ අහවර වී ඊළඟ සතිය වෙනතුරු බලා සිටින්නේ බලාපොරොත්තුවෙන්ය. ලබා ගන්නටය. කාටවත් හානියක් නැති ආශාවන්ය. අපි නොදන්න ලයිව් කාලයක් ඉරිදා දහවල ගියේය. දහම් පාසැල් ඇරී ගෙදර දුවන් එන්නේ බලාපොරොත්තුවෙන්ය. ඉවර වෙන්නට පෙර බලන්නටය. පුංචිම කාලේ ඩේන්ටී රස පැන පවා බලාපොරොත්තුවක්ය. මෑතකදී නම් සෙනසුරාදා වෙනතුරු නොවිසිලිමත් වූයේ කූඹියෝ නිසාය. දැන් එහෙමවත් එකක් නැතිය. බලාපොරොත්තු නම් දැන් ටීවි එකේ ඇත්තේම නැත්තේය.

ඉස්සර අප්‍රේල් නිවාඩු කාලයය. අවුරුදුය. ඔන්චිල්ලාව පවා බලාපොරොත්තුවක්ය. අද රෑ නිදා ගන්නේ හෙට උදේම නැඟිට ගොස් ඔන්චිල්ලාවට ගොඩ වෙන්නටය. අගෝස්තු නිවාඩුවත් එසේමය. සරුංගල්ය. සරුංගලය හැදූ දා සිට නින්දට යන්නේ හෙට නැඟිට ආයේ සරුංගලය යවන බලාපොරොත්තුවෙන්ය. අද නූල් බෝලය ඉවර වෙනතුරු දුන්නේ නම් හෙට ඩොට් වෙන්නට යැවිය යුතුය. තවත් බෝලයක් ගැට ගැසිය යුතුය. දකුණට බර වැඩිය. පස්ස බර මදිය. ප්රශ්නය. හෙට නැවත පිළිසකර කළ යුතු බලාපොරොත්තුය. එව්වා සුන්දර ඒවාය.

එක්කෝ සර්කිට් කැබැල්ලක්ය. හෙන ප්‍රොජෙක්ට් එකක්ය. කෑලි ටික රැගෙන ආ තැන සිට එකලස් කර සර්කිට් එක වැඩ කරවන තුරු බලාපොරොත්තුය. එක්කෝ ඩෙසක්ටොප් මැෂින් එකක්ය. හාඩ්වෙයාර් වැඩය. ෆෝමැට් එකක් ගැසීම පවා බලාපොරොත්තුවක්ය. හෙනම එක්ස්පෙරිමන්ට්ස්ය. ආතල්ය. සුන්දර බලාපොරොත්තුය. එක්කෝ අලුත ඉන්ස්ටෝල් කරගත් සොෆ්ට්වෙයාර් එකක්ය. නිර්මාණයක් කරන තුරු බලාපොරොත්තුවක්ය. දැන් ඇප්ස්ය. එහෙව් ලොකු බලාපොරොත්තු නැතිය. අපිට කරන්නට තරම් දෙයක් කිසිම තැනක ඉතිරි කර නැතුවා වාගේය.

සැනසිල්ලේ කල්පනා කර බැලිය යුතුය. දැන් අපිට පොඩි එව්වා නැතිය. ලොකු බරපතල විනාසකාරී ඔලුව කන බලාපොරොත්තු පමණක්ය. පොඩි පොඩි ලබා ගත හැකි ආකාරයේ බලාපොරොත්තු කාටවත් නැතිය. හදා ගත යුතුය. සිත නිවන, ලබා ගත හැකි සුන්දර සරල බලාපොරොත්තු කිහිපයක් ලං කර ගත යුතුය. කාටවත් කරදරයක් නැතිය. කාලය සුන්දරව ගෙවා දැමිය හැකිය.

Written_by_sAm_ශ්‍රී_9:36pm_18/05/2018

sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com4