Saturday, December 20, 2014

නාස්තිය පහදා දීම.. - Explaining Watage !!


ඌ දිනපතා ඉරුව
සිගරට් කොටය
රුපියල් වලින්ම
30ක් වෙච්චි



ඈ දිනපතා ගත්ත
ඊ විටමින් පෙත්ත
හිසකේ දැවටිච්චි
රුපියල් 30ක් වෙච්චි


sAm_sRi_Perera

Thursday, October 30, 2014

උන් තැන නොමැත මාගේ පිංබර අම්මා...!!!



http://www.yousaytoo.com/ammaa-sndki/2726504


පෙරදා පිපුණු හිරු මල දුටුවේ නැත මා
කළු වූ වලා අතරින් එළියක් වැටුණා
හිරිපොද වැස්ස නැඟුනා හිරිගඬු පුම්බා
හිරු හැංඟිලා අඳුරින් දවසම පිරුණා


සීතල වතුර කැට එක්කොට සිරුර දොවා
තෙත් වූ නිල ඇඳුම අතගෙන දිගහැරලා
පොල් කටු ඉස්කිරිම තබලා පිරිමැද්දා
තෙත් බව දුරලන්න ඒ රස්නෙට බැරුවා


සිත් නැති වැස්ස පාසල් ගමනට බාධා
රත් කර ඇඳුම් වේලා ගන්නට බැරුවා
තෙත් බව නොවේ නිසි කළ ගත් විට සෝදා
මෙත් සිත් බිඳී අම්මා හට දොස් නැඟුණා


නැඟ බැස කන්ද පාසල් ගමනේ යෙදිලා
එන්නේ සවස හොදටම විඩා වෙලා
අම්මා කළ යුතුය මගෙ වැඩ සොයා බලා
තෙත් වූ ඇඳුම් ඈ මත වරදක් කෙරුවා


නෙසතුටු සිතින් සීතල සුසුමක් සලලා
අම්මා දෙපා නොවැඳම එළියට බැහැලා
දොරටුව අසල සිටි අම්මා දෙස නොබලා
පාසල් යන්න ආවා එළියට බැහැලා


සත්තයි බරයි වෙනදට වැඩියෙන් අඩිය
උස්සා තබන්නට බැරි තරමට වෙහෙස
ඇත්තයි දනිමි වෙහෙසන බැව් ඔබ සසර
මොහොතයි තරහ නිවසට විත් යාළු වෙමි


පාසල් ගොසින් පොත් පත් පෙරලා බැලුවා
යෙහෙලියො අතර නොගැටී නිසලව සිටියා
උණුසුම දැනෙන තැන ඒ උණුසුම වින්දා
තෙත් වූ සීත ඇඳුමෙන් සැඟවී සිටියා


චිරි චිරි වැස්ස දවසම නිවනක් නැත්තේ
පොත පත වැඩට සිතුවිලි බාධා මත්තේ
අබලන් ගෙදර අම්මා තනිවම ඇත්තේ
පාසල අතර දිව යයි සිත ගේ පැත්තේ


සුළඟින් වැස්ස දරුණුව වැඩි වී දැනුනා
ලෝකය කඩා වැටෙනා බව සිත් කිව්වා
කඳු වැටි නාය ගොස් බව ඇතමුන් කිව්වා
කලබල මැද්දෙ දෙපයින් හැම තැන දිව්වා


නිවස නොපෙනෙනා මානේ සිට බැලුව
කිසිවක් නොපෙනුනේ විදිහට මා සිතුව
පස් කඳු පමණි දිස් වුණි පොළොවේ මතුව
දියවී ගොසින් වෑහෙන කදුලැලි ඇතිව


පුපුරා දැවෙයි හදවත කදුලැලි නිම්මා
හිත් නැති අහස නිවසක් අතුරා දැම්මා

 උන් තැන නොමැත මාගේ පිම්බර අම්මා
පතනෙමි අමා සුව බුදු සරණයි සම්මා


sAm_ශ්‍රී_Perera_7:02am_30/10/14

Thursday, October 23, 2014

ගිහි සැප විඳින පැවිද්දෝ පිළිබඳ ගීතවත් කතාව... - Obey to the Lyrics !!


බුද්ධ දේශනාව නම් මැදුම් පිළිවෙතය. කාමසුඛල්ලිකානු යෝගය හෙවත් අධික සැප විදීම අත හැරීමය. අත්තකිලමථානු යෝගය හෙවත් අධික දුක් විදීමද අත හැරීමය. එනම් ඒ දෙපැත්තටම නොගොස් මැද පිලිවෙතේ සිට ලෝභ, ද්වේශ, මෝහ අතැර මැදුම් පිළිවෙතින් තෘෂ්ණාව ප්‍රහීන කිරීමය. තත්වය එසේ තිබියදී ජීවිතය ගැන කළකිරී, නිමල බුද්ධ ධර්මය ඉගෙන ගෙන සසර කතරින් එතෙර වීමට සසුන් ගත වන්නෝ හෙවත් පැවිද්දෝ බොහෝය. එලෙස පැවිදිව ඔවුන් ගෙවන්නේ මැදුම් පිළිවෙතමද? සිතිය යුත්තේ එයයි. තම පන්සලට වාහනයක නැතිනම්, බණට දානයට වැඩීමට ප්‍රවාහන පහසුකම් නැති තැන සිට සොයන්නේ සැපය. ගමනා ගමනයට වාහනයක් තිබීම හෝ ඒ සඳහා වෙනත් ක්‍රමයක් සෙවීම සාධාරණය. වාහනය හොඳ ජාතියේ එකක් විය යුතුයැයි සෙවීම, වාහන‍යේ සැප සෙවීම, ආදිය ආශාවන්ගේ ඇලීමේ ප්‍රමාණය මත අසාධාරණය. දානය පූජා කරන ගිහියාගේ සිට, බණ දහම් අසා බුද්ධ ධර්මය මත යැපෙන ගිහියා දක්වා එය නම් පට්ට අසාධාරණය.

විටක මෙය වාහනයෙන් නොනැවතෙන්නේය. එය ගිහි සැප දක්වාම දිවෙන්නේය. දානය ලැබෙද්දී එය රසවත් විය යුතුය. පිරිසිදු විය යුතුය. එය දන් දෙන්නා අත තිබිය යුතු ගුණයක්ය. එමෙන්ම ඕනෑම පෘථජන පුද්ගලයෙක් (පැවිද්දන් ඇතුළුව) බලාපොරොත්තුවන දෙයක්ය. එය එසේ විය යුතුය. මන්ද අපේ උන් දාන දෙන්නේ ගෙදර එකෙක් මළාමය. එවිට ලැබෙන පින් වැඩි වෙන්නට කෑම රසවත් හා පිරිසිදු වීම හොඳය. නැත්තං මැරුණ එකා ගෙදර විත් හොල්මන් කරනවා ෂුවර්ය. ඒ කෑම වේලට, දාන වේලට මැරුණ එකා කැමතිම ආහාරය මෙනූ ගත වීම තවත් හොඳය. එවිට ගෙදර උන්ට දැනෙන බය අඩුය. මන්ද මැරුණ එකාගේ හොල්මනින් බේරිය හැකිය. දානය එසේ පිරිසිදු රසවත් වීමට අමතරව පන්සලෙන්, හාමුදුරුවන්ගෙන් මෙනූ එකක් දානය දෙන ගෙදරට ලැබෙන්නේ නම් එය සාධාරණ දැයි දෙවරක් සිතිය යුතුය. කෑම කඩෙන් ඕඩර් කර ගෙන්වා ගන්නා සේම දායක මහත්යාගේ නිවසට දෙන මෙනූ එක සාධාරණ දැයි හිතන්නට තරම් දෙයක් නැතිය. පැවිද්දෙකු මස් මාළු කෑම දැන් සාමාන්‍ය සිද්ධියක්ය. මස් යනු බොහෝ විට චිකන්ය. චිකන් කෑම වරදක් නොවන තැනට වැටී ඇත්තේය. හරකා, ඌරා නම් පැවිද්දන්ට අකැප ලිස්ට් එකේ තැබෙන්නේය. චිකන් කෑම එතරම් දරුණු සිද්ධියක් ලෙසට නොගැනෙන නිසා මස් මාළු කෑම පිළිබඳ සෑමාගේ සිතේ අකැපක් නොමැති තරම්ය. එහෙත් ගිහියාගේ ආර්ථික මට්ටම අනුව සකසන්නට යන දාන මෙනූ එකට හාමුදුරුවන්ගේ මෙනූ එක බද්ධ වන්නේ නම් ඒ තරම් කොල්ල කෑමක් ලොවෙත් නැතිය.

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගියෝ උපාසකයෝය. මේ උපාසක, උපාසිකාවෝ විටක ගෙදර ජීවත් වන්නට මුදල් නැත්නම් සරණ යන්නේ සංඝයාගේය. ගෙදර ඉන්නා හයක් හතරක් නොදන්නා පොඩි එකාව පන්සලට ගෙනිහින් දමා පැවිදි කරවන්නෝය. පොඩි එකාට උගන්වන්නට මුදල් නැති තැන ඌව පන්සලට යවා, හිස බූ ගා, සිවුර අන්දවා, පන්සලේ මුදලින් දරුවාට උගන්වන්නෝය. ඒ අතර පන්සලේ මුදල් ගෙදරට අඳින්නෝය. ඒ අතර මැද ගෙදරට වඩින පොඩි නම ගම මැද්දේ සිට නිවසට වඩම්මාගෙන වටේ පිටේ ගෙවල් වලින් කලෙක්ෂන් දමන්නෝය. ඒ අතර මැද පිරිවෙන් අධ්‍යාපනය ලබා, ගුරුවෘත්තියට බැදෙන තරුණ හිමි නම කොහෙන් හෝ කෙල්ලෙක් සැට් කරගෙන සිවුර හැර යන්නෝය. 

මෑතකදී සෑමා පන්සලකට ගියේය. පැත්තකින් සෑමාගේ කන වැකුනේ සෝමතිලක ජයමහ මහතාගේ අපූරු ගීත වැලක්ය. 

“ඈත රටින් ලද දූත හසුන් - බැලුවාට හොරෙන් සඳ එළියේ...
ප්‍රේම විරහ දුක සෝකය දී පිටු - පානු එපා සඳවතියේ...“

ගීතය නම් මනමාල ගිරවුය. සරලය, අර්ථවත්ය, සංගීත රසයෙන් යුක්තය. අනිවාර්යයෙන් සාහිත්‍යෙයන් පැසසිය යුත්තේය. බොහෝ ආදරබර ගීත, විරහ ගීත ලියූවන් අතර පැවිද්දෝ සිටින්නෝය. එය සාහිත්‍ය හැකියාවමය. එවන් මට්ටමකදී මෙවන් ගීත ඇසීම සාධාරණය. විවේචනය කළ යුතු නැතිය. මාද නැවත සෝමතිලකයන්ගේ ගීත ඇසිය යුතු යැයි සිතා නිවසට විත් ගීත ගොනුවේ ඇති පැරණි ගීත ලැයිස්තුව පීරුවේ ඒ නිසාමය. පන්සලේ තිබූ සබ්වූෆර් එකෙන් පැහැදිලිව ඒ හඬ ඇසුනේය. වූෆර් එක නම් මයික්‍රොලැබ් එකක්ය. ඒ බව තරුණ හාමුදුරු දෙනමගේ දෙබසින් ගම්‍ය වූයේය. ක්‍රියේටිව් වූෆර් එකේ මිලත්, කොලිටියත් මයික්‍රෝලැබ් වූෆර් එකත් සමඟ සසඳන්නට හාමුදුරු දෙනම සමත් වුණෝය. ඒ අතර ෆෝන් පිළිබඳ ඇතිවූ දෙබස අපූරුය. ඒ පැරණි ඇල්කාටෙල් මොඩ්ල් ගැන සිට අලුත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් දක්වාම දිව ගිය කතාවක්ය. එම්.සී එකේ ඇති ෆෝන් ගැන, තාක්ෂණික මෙවලම් ගැන ඔවුන් සතු වූ දැනුම සිත් ගන්නා සුළුය. තාක්ෂණික යුගයක ඒ පිළිබඳ දැනුම ලබා ගැනීම වරදක් නොවන්නේය. එහෙත් ගිහි සැප හැරදා, පැවදි වන්නේ ලෝකෝත්තර සුවයකට මිස ලෞකික සුවයක් සඳහා නොවන බැව් නම් කිව යුතුය.

සැප නම් තවත් ප්‍රභේද ගොඩක් ඇත්තේය. ගිහියා විඳින පැවිද්දා නොවිදිය යුතු උපරිම ගිහි සැපය ලෙස දකින්නේ කම් සැපතය. එය විවිධාකාරයෙන් විදින ගිහියෝ පිළිබද සමාජගත ප්‍රසිද්ධ රහස් ඇත්තේය. ඊට පැවිද්දාට වඩා කෙලින්ම වගකිව යුත්තේ කාන්තාවන්ය. පැවිද්දා දෙවෙනුවට වගකිව යුත්තේ යැයි විටක සිතෙන්නේය. මන්ද කාන්තාවක් පැවිද්දෙකු අසලට ගොස් සැප සොයන්නේ රහස්‍යභාවය රැක ගැනීමට මිසක අන් කිසිවකට නොවන්නේය. ගමේ සිටින සිරිපාල හෝ මසිරිපාල සමඟ ජිකි ජිකියක් දැම්මහොත් එය පසුවදාම පබ්ලික් වන්නේය. පබ්ලික් නොවුන හොත් සිරිපාල හෝ මසිරිපාලම එය පබ්ලික් කරන්නේ මහ රැජිණ සමඟ ජිකියක් දැමූ අයෙක් මෙන්ය. එහෙත් පන්සලේ හාමුදුරුවෝ එසේ නැතිය. තැඹිලි, සුප් බී දන් වළදා, පළතුරු අනුභව කරන ස්වාමීන් වහන්සේ අසල සපුමල් සුවඳය. සිරුර සනීපය. සැප නම් අනන්තය. රහස්‍යභාවය නම් මහ පොලොවේ වල දැම්මා සේය. එවන් තැනකින් ලැබෙන සැප පිළිබඳව අධික විශ්වාසය දක්වන කාන්තාවෝ, සතර වරිගයම එගොඩ දමා ගන්නට සැතපෙන්නෝය. අභිධර්මය ගැඹුරින් දකින්නෝය. එතැන් පටන් පන්සලේ කුළඟන සමිතියේ සභාපතිනී, ලේකම්, හෝ භාන්ඩාගාරික තැන හොබවන්නෝය. එතැන ඇත්තේ ගිහියෙකු නොලබන පැවිදි සැපය. අපා ගත වන තාවකාලික සැපය.

මේ සියල්ල පිළිබඳ සෑමාට ලියන්නට සිත් ආවේ අද උදෑසන ඇසුණු ගීතයක් නිසාය. සිරි ලංකාවේ කම්සුව විදිඳ සමහරක් පැවදි උදවිය පිළිබඳ ලියැවී ඇති එකම ගීතය එය වන්නේය. මේ එම ගීතයේ සෑමාට ඇසුණු කොටසය.

වන මලට ආශාවේ..
වන බඹරා ආවාසේ..

මෙහි මල ලෙස උපමා කර ඇත්තේ ආශාවන් ගැනය. මල යනු කම් සැප ලෙස නම් කළහොත්, ආවාසය හෙවත් පැවිද්දන් වැඩ සිටින ස්ථානයේ සිටින බඹරා වන්නේද, කම්සැපට ලොල් වූ පැවිද්දෙක්මය. ගීතය ලියූ රචකයා බුද්ධ ධර්මයට පිටුපා කටයුතු කරන පැවිද්දන් වෙනුවෙන් යොදාගෙන ඇති උපමා සහ උපමේය නම් අගය කළ යුත්තේය.

පලි - ගීතයට වෙන අර්ථකතන දීමෙන් වලකින්න.

Written_by_sAm_ශ්‍රී_perera_06:17am_23/10/2014

Thursday, October 16, 2014

නන්දේ අයිස් බකට් චැලෙන්ජ් එකට මුහුණ දෙයි.. - Nande Faced Ice Bucket Challenge !!


අයිස් බකට් නම් හමාරය. දැන් යන්නේ අමු මිරිස් චැලෙන්ජ්ය. (ෆේස් බුක් ගෘප් එක මෙතැනින්) අයිස් බකට් නාන කාලේ වත්, අමු මිරිස් කන්න පටන් ගන්න කාලේ වත් අපේ නන්දේ ගමේ නොසිටියේය. නන්දේ යනු කවරෙක්දැයි සෑමාගේ බ්ලොග බැලූ සියල්ලෝම දන්නවා ඇතිය. එහෙත් නොදන්නා අය සිටිය හැකි නිසා නන්දේ යනු කවරෙක්දැයි මෙතැනින් බලා ගත හැකිය. අපට සහ ගමටම ආතල් දුන් නන්දේ කිසිම හොරකමකට, ජඩ වැඩකට හවුල් නැතැයි සෑමා තරයේ කියන්නේය. ඔහු කළා නම් කළේ කන පාත්වෙන්නට අඩියක් ගසා සෑමාගේ වත්ත මිදුලේ කොහේ හෝ වැටී නිදා ගැනීම පමණක්ය. ඉන් නිවසට අවශ්‍ය මුරකරුවෙකුගේ සහය නොඅඩුව ලැබුණු බව කිව යුතුය. තත්වය එසේ තිබියදී ගමේ අයෙක් නන්දේට හොර ලේබලයක් ගසා ප්‍රසිද්ධ කළ නිසා නන්දේ නිදි පැදුරටත් නොකියාම ගමෙන් පිටත්ව එහා ගමට වී සිටියේය. මුහුණ පුරා වවා තිබූ “නදීක ගුරුගේ“ වැනි රැවුල කපා දමා නන්දේ එහා ගමට වී සිටියේය. මඟතොටදී සෑමා ඔහුව හමුව කතා බහ කළත් ගමෙන් පිටවූයේ මන්දැයි නන්දේ කියුවේ නැත. ඒ ගැන අසනා විටක “නෑ මහත්තයා.. නෑ..“ කියමින් මඟ හැරියා මිසක කිසිවෙකුට වචනයක් නොකිව්වේය.

නන්දේ ගමෙන් පිටවූ දා සිට එතැන ගන්නට වලි කෑවේ කුලේය. නන්දේට කලින් ගමේ උපන් එකා කුලේය. නන්දේ නම් අල්ලපු ගමේ සිට සංක්‍රාන්ති වූවෙක්ය. එසේ වුවත් කුලේට වඩා ජනාදරය දිනා ගන්නට නන්දේට කෙටි කලෙකින් හැකි වූයේ කුලේ වවන් කුහක ගති ඇත්තෙක් නොවූ නිසාය. ඒ නිසාම කුලේ සිතේ නන්දේ කෙරේ වැඩුනේ ඊෂ්‍යාවක්ය. විටක ක්‍රෝධයක්ය. එහෙත් විශේෂ කාර්යය බලකායේ සිටි නන්දේ වැනි අයෙක්ට කුලේ තම අතටවත් මදි බවත්, වැඩිහිටියෙකු නිසා ප්‍රතික්‍රියා නොදක්වන බවටත් නන්දේ දිනක් කියා සිටියේය. ඒ කුලේ නන්දේට ගසන්නට ගඩොල් ගලක් ඔසවාගෙන පැමිණි විටකය. නන්දේ නොසැලී නොබියව කුලේට හිස දී බලා සිටිනා විට කුලේ ගල උලුක් කොට ඉවත්ව ගියේය. එතැනදි නන්දේ විශේෂ බලකායේ පුහුණු ලද්දෙක් බව සෑමා සැක හැර දැනගත්තේය.

නන්දේ ගිය දා සිට, කුලේ සෑමාගේ ගරාජයට පැන්නේ නන්දේ අනුගමනය කළ ක්‍රම උපායන් අනුගමනය කරන්නටය. නන්දේ නම් සෑමා වැඩ ඇරී නිවසට ආ විගස පාර බලන්නේ, වාහනය පාර්ක් කිරීමට සහය දැක්වීමටය. එන විට ගරාජයේ නිදාගෙන සිටියද, ඔහු ක්ෂණික නැගිට සහයෝගය දී වාහනය ඇතුලට දැමූ පසු ඊට එහා පැත්තේ නිදා ගන්නේය. උදෑසන සෑමාගේ තාත්තා කඩේ විවෘත කරන්නට පැමිණෙන විට, මුහුණට පෙනෙන්නට නොසිටින්නේය. ඒ උදෑසනම තමා මුනිච්චි වේ යැයි සිතාගෙන විය යුතුය. ඒ සියළු ගති සහිත නන්දේ ගිය පසු කුලේ එම ස්ථානය ගන්නට දැගලුවේය. ගරාජය තුල නිදන්නට වූයේය. එහෙත් සෑමා වැඩ ඇරී නිවසට ආ විට ගරාජයට වාහනය දමන්නට සහයෝගයක් නොමැත. සහයෝගයක් තියා නැගිටින්නේ වත් නැතිය. තත්වය එසේ නිසා සෑමා බොහෝ අවස්ථාවල වාහනය පාර අයිනේ දමන්නේ කුලයා නිදි නිසා ඌගේ අතක් පයක් උඩින් ගොස් වාහනය ඇතුලට දමන්නට බැරි නිසාය. ඒ නිසාම නන්දේ නොමැති අඩුව ගමට වඩා දැනෙන්නට වුණේ සෑමාටය. විටෙක සෑමාගේ නිවසේ අයටය.

තත්වය එසේ පැවතුණේ කෙටි කාලයක්ය. කුලේගේ ස්ථානය නැති කරමින් නන්දේ නැවත ගමට ආවේය. ඒ පසුගිය සතියේය. නන්දේ ආ තැන සිට කුලේ ආ ගිය අතක් නොමැත. ඔහු තම අක්කාගේ නිවසේ මඩුවක නිදා ගන්නවා යැයි පැවසෙන්නේය. දහවල නම් ගමේ එහේ මෙහේ ඇවිදින්නේය. විටක කන්නේ බොන්නේද සෑමාගේ අම්මා ලබා දෙන බත් පතක්ය. නන්දේ සුපුරුදු පරිදි රෑට නිදන්නට ගත්තේ ගරාජයේය. විටක බියර් බෝතල පදම වැරදුනු විට හෝ රොකට් සැර වෙනස් වූ විට නන්දේ කෙලින්නේ පිස්සුය. එලෙස පදම වැඩි වූ මොහොතක ඊයේ රාත්‍රි යේ නන්දේ නිදාගෙන ඇත්තේ ඉහළ මාලයට නගින පඩිඩපල අවසන් වන තැන, දොර අභියසය. රැය පහන් කළ නන්දේ අද සෑමාට සහ නිවසේ අයට කියා සිටියේ මෙවන් කතාවක්ය.

“බලන්න නෝනා මම නිදාගෙන ඉද්දි වතුර බාල්දියක් වගේ එකක් ඇඟට වැටුණා..“

“ඒ කෝමද එහෙම වෙන්නේ.. මම හිතන්නෙ වැස්සට තෙමෙන්න ඇති..“

“මොන වැස්සද නෝනා.. මම හිතුවා ලාල් සර් මට වතුර පනිට්ටුවක් ගැහුව කියල..“

“ඒ මනුස්සයා මොකටද නන්දෙව එළවන්නේ..“

“නෑ නෝනා.. මේකයි කතන්දරේ.. කවුද එවුන් දෙන්නෙක් ඇවිත් මට වතුර පුරවපු බෑග් දෙකකින් ගැහුවා..“

“ඒක කෝමද නන්දෙ දන්නේ.. නිදාගෙන නෙවේද හිටියේ..“

“මට වතුර ගහපු හැටියේ මම නැගිට්ටා.. මේ තියෙන්නෙ හිස් ෂොපින් බෑග් දෙක.. පහළට ඇවිත් බලද්දි බෑග් එකෙන් ලීක් වුණ වතුර සිමෙන්ති පඩිය උඩ වැටිල තිබ්බා. මම එහෙම්මම හන්දිය පැත්තට දිව්වා.. තාර පාර දිගේ වතුර අඩි පාරවල් එහෙම්මම තිබ්බා..“

“හරි මඟුලක් නේ යකෝ.. අපේ වත්තට ඇවිත්.. එහෙම වතුර ගහල යන්න..“ ඒ අම්මාය.

“එහෙම කරන්නෙ කෝමද? මේක හරියට අපිට ගහල ගියා වගේ වැඩක් නේ..“ ඒ නම් සෑමාය.

“හරි මහත්තයා.. අද අපි බලමුකෝ.. අද තමා මම නියම අයිස් බකට් චැලෙන්ජ් එකට මූණ දෙන්නේ..“

හවස් ජාමයේ නන්දේ ගේ කතාව අහවර වුණේය. සෑමා නන්දේගෙන් ඇහුවේ අද මම රෑට ඇලර්ට් එකේ ඉන්නද කියාය. නන්දේ කිවේ, පිස්සුද මහත්තයා මම බලාගන්නම් වැඩේ කියාය. සියල්ල අවසන සෑමා ඩොංගලය ගසාගෙන බුකි ගත වූයේ සිද්ධිය අමතක කරමින්ය. ඒ අතර අපේ ගමේ හර්ෂයා (ධර්මේ ලෙස අනුවර්ථ නාමයකින් හර්ෂගේ කතාවක් ඉස්සර ලියැවුණේය.) චැට් එකට සැට් වුණේය.

හර්ෂ - සෑමා මොකෝ වෙන්නේ??

සෑමා - ඉන්නවා මචං..

හ - අඩෝ ඊයේ අපි මාර සැපක් ගත්තා..

සෑ - මොකෝ කළේ..

හ - බෆලෝයි, මමයි, මධුරංගයයි සෙට් වුණා..

සෑ - ෂික්.. අපි නැතුව??

හ - අහපංකෝ.. උබලගේ පඩිපෙලේ උඩ නිදං හිටපු ඩයල් එකට අපි වතුර පාරක් ගැහුව යකෝ..

සෑ - *කනවා.. යකෝ ඒ නන්දේ බං හිටියේ..

හ - නන්දේ කියන්නේ/?

සෑ - ඇයි බං උබලෑ දන්සලේ එනවුන්සිං පාර දුන්නේ...

හ - &කනවා.. අපි හිතුවේ කුළේ ඉන්නෙ කියලා.. ඒත් ලඟට ගියාට පස්සේ ඌ නෙවේ වගේ.. ඒත් ආපු එකේ ඔන්න ඔහේ ගහලා ආව බං.. අවුලක් නෑනේ..

සෑ - හුකෑස්.. පොර සීන් එකේ ඉන්නේ.. උබලට කෙලී යකෝ..

හ - මායි, බෆයි, මධුවයි ඊයේ මාර ආතල් එකක් ගත්ත ඕයි.. අපි අම්බලමටත් ගියා කුලයව හොයන්න ඌ හිටියේ නැහැ. එතන පැටී හිටියා ඌවත් නාවල තමා උබලගෙ ගෙවල් පැත්තට ආවේ.. කුලේ කොහෙද බං නිදා ගන්නේ?? මට ඌට තමයි දෙන්න ඕනේ පාර...

පලි - මා දැන් කළ යුත්තේ හර්ෂයාව, නන්දේගෙන් ගලවා ගැනීමට නිහඩ සිටීම පමණකි.

Written_by_sAm_ශ්‍රී_Perera_12:21am_16/10/14

Sunday, October 12, 2014

නැති වූ ජොකා නැවත හමුවෙයි.. (2) - Found the Lost Thing !!! (2)


නැති වුණ ජොකාගේ කතාව (මෙතැනින්) ලියන්නට ගොස් අසා ගත් කතන්දර අනන්තය. ලැබූ කමෙන්ට් දැක බඩ දඟලන්නේය. ජොකාගේ ඉතිරිය ලියා දමනවාද මඟ අතෑර දමනවාද  කියා කොමඩ් එක මතදී සිතන්නට වූයේ සෑමාය. එවිට බොගක් පෂ්චාත් භාගයෙන් මදක් දුර ගොස්ය, එහෙත් කොමඩ් එකට පහත් වූවා පමණක්ය. එවන් බොගක් ඇතුලට ඔබා ගැනීම වැනි වැඩකට නැති යමක් කරනවාට වඩා, කොමඩ් එක මතට පතිත කිරීම පහසුය. පුක හැර ගිය බොග නැවත ඇතුලට ඔබා ගැනීම වැනි වැඩක් කරපු එකෙක් ලොවෙත් නැතුව ඇත. එසේ නම් කොටසක් දැමූ බ්ලොගක්, ඉතිරිය නොදා පතිවත රැක ගන්නට යන තරම් අවැඩක් ලොව කොහේ තිබෙන්නේද? කෙහේවත් නැතිය. ඉදින් කතාවේ ඉතිරිය මෙතැන් සිට ලියැවෙන්නේය.


ජොකා එබූ ෂොපින් බෑග් එක අතට ගත් සෑමා කල්පනා කළේ ජොකා මෙතැනට ආවේ කොතැනින්ද කියාය.

එදා සෙනසුරාදා දවසක්ය. උදෑසන හාෆ් ඩේ එක වැඩ කළ යුතුය. හවස ගෙදර යා යුතුය. හාෆ් ඩේ නම් එලෙස විය යුතුය. එහෙත් මීට මාස 6කට පමණ පෙර එදින උදෑසන වැඩ අහවර සෑමා ගොස් ඇත්තේ රාගම පැත්තේ බ්ලොග්කරුවෙකුගේ නිවසටය. එහි උදෑසන සිට කාලය ගත කර තිබුණේ තවත් ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් පිරිසක්ය. සෑමා උදෑසන වැඩ අහවර කර එහි යන විට මිතුරන් පිරිස දහවල ආහාරයද රැගෙන තවත් බොහෝ දුර ගොස් සිටියෝය. මිත්‍රයාගේ නිවස ඉදිරිපිට සිට සෑමාව ඇතුළට රැගෙන යන්නට දෙතුන් දෙනෙක් ආවෝය. ඔවුන් සිටියේ බොහෝදුර ගොස්ය. ක්ලබ් එකක් ඇතුලට එකෙක්ව බලෙන් රැගෙන යන ආකාරයෙන් පිරිස සෑමාව ඇතුලට ඔබා ගත්තෝය. එතැන් සිට ඔවුන් සහ සෑමා අතර දුර නැති කිරීමට සෑමාට වහා ක්‍රියාත්මක වන්නට සිදු වූවා මතකය. උදෑසන ආහාරය මඳ වූ නිසාත්, දහවල ආහාරය පමා වෙන නිසාත් ඒ අතරට වැටෙන ලෝදිය තරමක් බරපතල බව සියළු ලෝක සත්වයෝ දන්නවා විය යුතුය. එහෙත් සෑමා සිටි මහපොළොව සහ මිතුරන් සිටි චන්ද්‍රයා අතර දුර ඇසිල්ලකින් වෙනස් කළ හැකි බව දත් සෑමා වහා ක්‍රියාත්මක වූයේය.

සියල්ල නිසි ලෙස සිදුවූයේය. මිශ්‍ර නොවිය යුතු දෑ මිශ්‍ර වූයේය. සීමාව මායිම සොයා වෙහෙසෙන්නට කළක් නොවූයේය. නොගැලපෙන ගීත, නොගැලපෙන තාල, සහ නොගැලපෙන නර්ථන අතර සෑමා මහ පොළොව සහ අහස අතර දුර මනිමින් සිටියේය. මිතුරන් දහවල ආහාරය ගනිද්දී සෑමා හදේය. හිදගෙන සිටි අසුනින් නැගිට ගත්තේ බොහෝ වෙලාවකට පසුය. නැගිට ගන්න හැකිය. නමුත් ඇසෙනා දේවල් දුර සිට ඇසෙන්නටත්, තමා පවසන දේ තෘවුරතාවය අඩුවෙන් ඇසෙන්නටත් වූ නිසා සෑමාගේ හඬ වැඩි වූයේය. ඇසෙනා හඬ අඩු වූයේය. ඒ අතර ඝෝෂාවය. ස්කයිප් කෝල්ය. බ්ලොග් කළබලය. කාපු බීපු උන් පිටත් වූවෝය. කන්නට තරම් හයියක් නොමැතිව සෑමා වත්ත පහළ වෙල අද්දරට ගොස් කොක්කු ගණින්නට, වූයේය. අප මිත්‍ර බ්ලොග්කරු සෑමා අසල සිටියේය. ගෙදර යන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිව සෑමාට දුරකථන ඇමතුමක් ආවේ මස්සිනාගෙන්ය. ජාඇල සිට පොර ගෙදර බලා යන බවත්, සෑමා කොහේ සිටින්නේදැයි ඇසූ විට සෑමා කීවේ උබ මහබාගෙට වරෙන්, මම ගෙනිහින් දාන්නම් කියාය. ඌව ගන්නටත් සෑමා රාගම සිට මහබාගෙට යා යුතුය. කාලය ගත වෙනවාදැයි නිච්චි නැත. ලොවම නැවතී ඇති බවක්, කාලාන්තරයක් ගෙවුනා හා සමාන බවක් සිතට දැනෙන්නේය. ඒ බව හොදින් දැනුනේ අප මිත්‍රයාගේ ඇද මත හිඳ වෙල දෙස බලාගෙන කබරයෙක් ගේ හිස අතගෑ විට පෙනුනු කට්ට කළුවර නිසාය.

ඇස පියවෙන, හැරෙන හැගීමෙන් තොර මොහොතක සෑමාගේ දුරකථනය නාද වූයේය. සෑමා තම අත දිග හැර එය තම බ්ලොග් මිත්‍රයා අත තැබුවේය. ඔහු දුරකථනය එසවූවා මතකය. මොහොතින් හුරුපුරුදු කටහඩක් බ්ලොග් මිතුරාගේ නිවසේය. ඒ වන විටත් මිත්‍රයා සෑමාගේ මස්සිනාව නිවසට කැඳවාගෙන විත් තිබුනේ රාගම සිට මහබාගේ දක්වා ගිහින්ය. ඇතුලත කාමරයක සිටි සෑමාට සාලයේ සිදුවන දෙබස ඇසෙන්නේය.

මල්ලි කොහෙද හිටියේ..

මම ජාඇල හිටියේ..

හොඳ වෙලාවට මල්ලිව සෙට් වුණේ මූට යන්න විදිහක් නැතුව හිටියේ..

මටත් එච්චර ඩ්‍රයිවින් බැහැ.. ඒත් ෂේප් එකේ යන්න පුලුවන්..

අවුලක් නැහැ.. ලයිෂන් තියෙනව නේ..

ඔව් ඔව්.. ෂෙප්.. ලයිෂන් තියෙනවා..

මල්ලි මොනව හරි කනවද? සෑමා කෑවෙත් නැහැ..

බත් නේද?? අවුලක් නැහැ කමු...

සෑමා ඇතුලේය. ඇතුලේ එකාට මොනවා වූවාදැයි නොබැලූ මස්සිනා එළියේ කෑම කන්නේය. වෙන එකෙක් තමන්ව රවටා නිවසකට රැගෙන ආවේදැයි වත් නොසිතා බත් එක ගිලදැමූ ඔහු කාමරයට පැමිණ සෑමා ඉන්නවාදැයි නොබැලුවේය.

මල්ලි ඩෙසර්ට් ගන්න..

අයිස් ක්‍රීම් ටිකක් විතරක් ගන්නම්..

මොහොතකින් මිත්‍රයා සහ මෂ්සිනා කාමරය ඔලුව දැම්මෝය.

සෑමා නැගිටපං..

මට විනාඩි දහක් ඇලවෙන්න දියන්..

යකෝ උබ දැන් පැය දෙක තුනක් ඇලවෙලා..

මස්සිනා.. යමං යමං.. මම ඩ්‍රයිව් කරන්නම්...

හරි හරි පොඩ්ඩක් හිටපල්ලා..

හරි.. වරෙන් වොෂ් එකක් දා ගන්න.. වොෂ් එකක් දැම්මම හරි යයි..

හරි බං.. විනාඩි දහයකින් දාමු..

නෑ නැ වරෙන්.. හිටපං මං ටවල් එකක් අරන් එන්න..

ටවල් එක රැගෙන නැගිට ගත් සෑමා වොෂ් එකක් දමන්නට ගියේය. ඊට පෙර දොට්ට යා යුතු බව පවසමින් දොට්ට ගියේය. ඉන්පසුව වතුර නිදහසේ වැටෙන්නට දී මහ වැස්සක් යටට වී සිටින්නාක් මෙන් නිසොල්මනේ සිටියේය. ප්‍රේකෂකයන් දෙපොල මහා බර කතාවකට වැටී සෑමාට උපදෙස් දෙන්නට වූවෝය. සියල්ල අවසන සෑමාව ඔබාගත් රථය නිවෙස බලා පැමිණියේය. ඒ කෙසේ පැමිණියේදැයි සෑමාට මතක නැතිය. පදවාගෙන ආ මස්සිනා දක්ෂ රියදුරෙකු නොවන නිසාම සෑමා දෙනෙත් පියාගෙන සිට වරින් වර ඔහු කොහේ යන්නේදැයි විමසා බැලුවේය. සපුගස්කන්ද හරහා බියගම පාරට වැටෙන ෂෝට් කට් එකෙහි මඟ මහා ප්‍රපාතයක් සමඟ වංගුවක්ය. එතැනදී මස්සිනා හඬ අවදි කළේය.

අඩෝ මෙතැනින් කෙලින්ම නේද?

නැහැ බං වංගුවක් තියෙනවා..

නෑ යකෝ පාර ඉවරයි..

හෙමින් පලයන් දකුණට වංගුව..

හු^%$ යකෝ කෙලින් ගියානම් පත වලක්..

ඒක තමා යකෝ කිව්වේ.. හරවපං කියලා..

එම ජවනිකාවෙන්ම සෑමා සිහියෙන් සිටි බවට මස්සිනා තවමත් පිළිගන්නේය. එහෙත් සිදුවූ සියල්ල තැනින් තැන හිස්ය. ඒවා පිරවීමට දවසක් කල්පනා කළත් ලොවෙත් බැරිය. නිවස කිට්ටුවදී සෑමා මස්සිනාගෙන් ඉල්ලීමක් කළේය.

මචං ගෙදරට යන්න කලින් පොඩ්ඩක් නවත්තලා මට විනාඩි දහක් නිදා ගන්න දියං..

හරි දැන් වෙලාව මෙච්චරයි.. උබ නිදාගනින්.. මම විනාඩි දහයෙන් කතා කරනවා..

නැගිටපං.. දැන් හරි..

අඩෝ විනාඩි දහයක් ගියෙ නැහැ...

පිස්සුද බං විනාඩි පහලොවක් ගියා.. දැන් යමං..

අතරින් පතර හිඩැස් ඇතිව, සියල්ල සෑමාට මතකය. එහෙත් නැති වූ ජොකෙක් ඩිකියෙන් මතු වීමෙන් මතකය අලුත් වූයේය. එදා ජලස්නානයේදී හැදගෙන සිටි ජොකා අප මිත්‍රයා අතින් පාර්සල් ගත වී ෂොපින් බෑගයකට බැස, සෑමාගේ ඩිකියේ සැඟවී මෙහි පැමිණ ඇත්තේය. එහෙත් එය හමුවූයේ මාස කිහිපයකට පසුව වීම, මතකය අලුත් කරමින් බ්ලොග් එකක් ලියැවීමට හේතු වූයේය.

සෑමාගේ අවවාදය - ජොකා නොමැතිව බාර් ගත වන්න...


Written_by_sAm_ශ්‍රී_Perera_10:24pm_12/10/14

Thursday, October 9, 2014

නැති වූ ජොකා නැවත හමුවෙයි.. - Found the Lost Thing !!!


නව පරිපාලන ක්‍රමය නිවසට ඒමට පෙර සෑමාගේ ඇදුම් සෝදා ගත්තේ සෑමාගේම සුරතින්ය. පාසල් කාලයේ නවය වසරට පය තබන තුරු රෙදි සේදීමේ කටයුතු අම්මා කළාය. ඇගේ මහන්සියට විරාමයක් තබන්නට සෑමා තමන්ගේ රෙදි පොට්ටනිය සුරතට ගත්තේ නමය වසරේ සිටය. නමය වසර යනු නව යෞවුන් කාලයයි. පාසල් ඇදුවේ කුණු බිදක් හෝ ගෑවෙනවාට අකැමැති යුගය දහය වසරින් පටන් ගත්තද නමය වසරේ සිට තමන්ගේ ඇදුම පැළදුම සහ කොණ්ඩය පිළිබඳව සැළකිලිමත් වීම පොදු පුරුෂ ශිෂ්‍ය ගතියය. නැතිනම් පාසලේදී, පන්තියේදී, බසයේදී, බස්හෝල්ට් එකේදී කෙල්ලෙකුගේ දිශ්ඨිය ලබා ගත නොහැකි බව පරම සත්‍යයක්ය. මන්ද එදා සිට කෙල්ලෝ ලව් කළේ ඇඳුම ඇතුලේ සිට කොල්ලාට නොව, කොල්ලාගෙන් පිටත ඇති ඇඳුමටය. ඒ පරම සත්‍යයට සෑමා මුහුණ දුන්නේද නමය වසරේ සිටය, එම සත්‍යය එසේ වූ නිසාම නමය වසරේ සිට පස්සෙන් පැන්නූ කෙල්ල, දහය, එකොලහද, දොළහ සහ දහතුනද පසුවෙන තුරු සෑමාට හොඳම මිතුරියක් මිස ආදරවන්තියක් නොවූවාය. එම පරම සත්‍යයට පිං සිදු වන්නට සෑමා ඇගෙන් තොර ලොවක වෙනත් කිරුළක් දැරුවේය. යම් දිනක ඒ ආදර අන්දරය බ්ලොග් ගත කළ යුතු බව සෑමාගේ හැගීමය.

කෙසේ හෝ නමය වසරේ සිට නව පරිපාලනයට එනතුරු සෑමා තමන්ගේ රෙදි තමන්ම සෝදා ගත්තේය. බෙහෝ පුරුෂයන් විවාපත් වූ විට කියන්නේ ගෙදරට “වොෂින් මැෂින්“ එකක් ගත්තා මචං කියාය. ඒ කියන්නේ තමන්ගේ රෙදි සියල්ල ගෙදරට ආ කාන්තාව හෙවත් භාර්යාව සෝදනවා කියාය. සෑමාට නම් උක්ත කාන්තාව සමඟම වොෂින් මැෂින් එකක්  ලැබුණු නිසා තත්වය වෙනස් වූයේය. එදා සිට රෙදි සියල්ල හෝදන්නේ මැෂිමේය. නමුත් මැෂිමට රෙදි ලෝඩ් කරන්නේ කාන්තා පාර්ශවයෙන්ය. තනිවම රෙදි සෝදා ගන්නා කාළයේදී ඇඳුම් කිසියම් බැලන්ස් කිරීමකින් භාවිත කළ හැකිය. උදාහරණ ලෙස ඔබට ඇත්තේ මේස් කුට්ටම් දෙකක් නම්, සතියේ කාර්යාල දින පහේදී ඔබට දින දෙකක් (සදුදා-අඟහරුවාදා) එකම මේස් කුට්ටම දමා, ඒ දෙක සෝදා දමා අනෙක් කුට්ටම් දෙක ඉතිරි දින දෙක (බදාදා-බ්‍රහස්පතින්දා) දැමිය හැකිය. එවිට ඔබ බදාදා දින මුල් දින දෙක දැමූ කුට්ටම සෝදා දැමිය යුතුය. එවිට සිකුරාදා, සහ සෙනසුරාදා නැවත එම පළමු කුට්ටම භාවිතයට ගත හැකිය. උක්ත ක්‍රම සහ විධි උපයෝගී කර ගනිමින් සීමිත ඇඳුම් ඇති නම් පිරිසිදුව අඳින්නට බැලන්ස් කළ හැක්කේ තමන් විසින්ම තමන්ගේ රෙදි සෝදා ගන්නවා නම් පමණක්ය.

එලෙසම සෑමා රෙදි සෝදන කාලයේ ජොක්කු බැලන්ස් කළේය. එක ජොකෙක් සෑමා අදින්නේ එක දිනයක්ය. නැවත අදින්නේ අනිවාර්යයෙන් සෝදලාය. කවදාවත් ජොකා තෙතයි කියමින් අයන් එකේ පුලුස්සා හෝ ෆෑන් එකේ එල්ලා වේලලා භාවිතා කර නැත්තේය. එහෙව් තත්වයක් යටතේ සෑමා අලුත් මැනේජ්මන්ට් එකට පෙර මැනවින් ජොක්කු තුනක් බැලන්ස් කළේය. එය සාධාරණ ලෙස කළ හැකි කටයුත්තක්ය. එහෙත් නව ජීවන ක්‍රමය, නව පරිපාලනය යටතේ මුල් කාලයේ සෑමාට කෙළ වූයේය. ඒ දිනකට දෙතුන් වරක් ජොකා තෙමාගෙන මාරු කරන්නට වූ සිද්ධියක් නිසා නොව පරිපාලනයේ දුර්වලතාවයක් වූ බැවින්ය. ඒ නිසාම නව පරිපාලනය යටතේ සෑමාට ජොක්කු පහක් (සුදු තුනයි - අළු දෙකයි) භාවිතය පවා අපහසු වූයේය. විටක පස් දෙනාම වැලේ එල්ලී සිට සෑමාට ඔච්චම් කළේ “අඩෝ උබ අද සිවිල් පිට හිටපං“ කියාය. ඊට හේතුව සතියේ දින පහක් අදිනා ජොක්කු සැට් එක සෙනසුරාදා හාෆ් ඩේ එකට පසු එක වර මැෂින් ගත කරන නිසාය. එවිට සෙනසුරාදා කලින් ඇඳපු එකක් අදින්නට සිදුවේ. එළෙසම ජොක්කු තෙත නිසා ඉරිදා දින නිවසට වී හිදින්නට වන්නේ සිවිල් පිටය. ඉරිදා සෑමාව සිවිල් පිට තබා ගැනීමේ උපක්‍රමයක් මත එය සිදු වූවා දැයි සැක සහිතය. එහෙත් අවුල වැඩි වන්නේ ඉරිදා කොහෝ හෝ ගමනක් යන්නට සැට් වුණොත්ය. එවිට පාරට බහින්නට වන්නේ සිවිල් පිටය.

උක්ත ක්‍රමය මුල් මාස කිහිපයක් තිස්සේ සෑමාට උග්‍ර ගැටළුක්ව දැනුනේය. විටක දින පහ අතරතුර එකෙක් අස්ථාන ගත වුවහොත් ගැටළු රැසකට මුහුණ දෙන්නට වන්නේය. ඒ අනුව සෑමාට ජොක්කු තුනක් බැලන්ස් කිරීමේ වාසිය තදින්ම දැනුනේය. එදිනම තමන් ඇදන් සිටින වස්තරය සෝදා දැමීමේ වාසිය මහත් යැයි සිතුන අවස්ථා අපමණය. සියල්ල එසේ සිදුවෙද්දී එක ජොකෙක් මිසින් වුණේ සිද්ධ වූයේ කුමක් දැයි සිතා ගත නොහැකිවය. පහක් බැලන්ස් කරන්නට ගොස් සෙනසුරාදා හාෆ් ඩේ එකට කෙළ වූ සෑමාට, අතරතුරදී එකෙක් අස්ථාන ගතව යෑම වාවා ගත නොහැකි පාඩුවක්ය. එලෙසම කිසිම විටක කවර් කර ගත නොහැකි සිද්ධාන්තයක්ය. කාර්ය බහුල වීම් සහ කම්මැලි වීමේ හේතූන් මත නැති වූ එකා සොයා ගන්නට සෑමාට නොහැකි වුයේය. එලෙසම සිද්ධ වුයේ කුමක්දැයි සිත ගත නොහැකිව සයනේ උඩුකුරුව කල්පනා කරන්නට වූයේය. සැට් එකම එකට සෝදා එක දිගට වැලේ එල්ලා දමන විටක එකෙක් මිස් වන්නට හේතුවක් ඇත්තේම නැත්තේය. ඒ නිසා සිදුවූ කිසිවක් නිෂ්චය කළ නොහැක. කළ හැක්කේ කාලයට ඉඩදී බලා සිටීම පමණක් යැයි සිතා සෑමා මුනිවත රැක්කේය. මැරිච්ච එකා පෝස්ටර් ගසාවත් හොයා ගත නොහැකිය. අතුරුදහන් වූවෙක් නම් පෝස්ටරයක් ගැසිය හැකිය. එහෙත් ජොකෙක් නැති වුවා යැයි පෝස්ටර් ගසනවා තියා කටක් ඇර කාටවත් කියන්නට නොහැකිය. කළ හැක්කේ සත්තකින්ම කාලයට ඉඩදී බලා සිටීමය. සෑමා එළෙස කලක් සිටියේය.

දිනක් හදිසියේම ඩිකිය අස් කරද්දී ෂොපින් බෑග් එකක ගුලි වූ ටකරමක් වැනි යමක් සෑමා දුටුවේය. වර්ණය නම් පුරුදුය. නහයේ තබා ඉබින්නට බැරි තැන සෑමා එය එළියට ගෙන දිග හැර බැලුවේය. අහෝ අතුරුදහන් වූ එකා ඩිකියේය. දැන් කළ යුත්තේ මේකා මෙතැනට ආවේ කෙලෙසදැයි මතක් කිරීමය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:12pm_08/10/14

Monday, October 6, 2014

Throne Rush ක්‍රීඩකයන් වෙඩි තබා ගත් හැටි... - Throne Rush @ Battle Ground !!!


සයිබර් අවකාශයේ එකතු වූ පිරිසක් හැබැහින් යම් තැනකට සෙට් වීම අහඹුවක් නොවන බව සෑමා තේරුම් ගත්තේ බ්ලොග් අවකාශයෙන්ය. මීට වසර කිහිපයකට පමණ ඉහතදී කිසිදා නොදුටු බ්ලොග් සහෘදයන් රැළක්  සෑමාට සෙට්වූයේ සයිබරයෙන් පිටත මහ පොළොව මතදීය. සයිබර් සිහින උලෙල, ගෙට්ටුගෙදර් වැනි සිද්ධීන් ඊට උදාහරණයන්ය. ඒ අතර සිදුවූ ලේ දන්දීම්, වැනි සමාජ සත්කාරයන්ද වූයේය. බ්ලොග් ලොවෙන් පිටත ඔන්ලයින් ගැසූ ක්‍රීඩාවකදී ෆෙස්බුක් චැට්, ෆේස් බුක් පේජ් සහ ගෘප් වලදී එකතු වූ ගේම් කාරයන් පිරිසක් සයිබරයෙන් පිටත මහ පොළොව මත පිහිටි යුධ පිටියකදී හමුවූයේ සෑමා කිසිදා නොසිතූ ලෙසින්ය. සියල්ල සිදුවූයේ ඊයේය. Throne Rush ලෙස ෆේස් බුකියෙන් ඉපිද, ඇන්ඩ්‍රොයිඩ් ඇප් හරහා ජංගමකරණයට ලක්ව ලංකාවේ අපේ උන්ට සෙල්ලම් කරන්නට හුරු වූ ක්‍රීඩාව නම් අපූරුය.

Throne Rush නගරයක් ;)

තමන්ගේ නගරය තමන් විසින් අලංකාර කරගනිමින්, යුධ භටයන් හදා ගනිමින්, රත්තරං කාසි, ආහාර පාන තමන්ම සපයා ගනිමින් සහ එක එකාගෙන් හොරකම් කරමින් මාලිගාව, ආරක්ෂක ක්‍රම යවත්කාලීන කරගනිමින් කරන්නාවූ එකී ක්‍රීඩාව අපහට ලබා දුන්නේ ආත්ම තෘප්තියක්ය. ඒ අතර සහෝදරත්වය වැඩි කරවූ Brother Hood හෙවත් කල්ලි ගැසීමේ සංකල්පයද අප අතර බැඳීම් වැඩිකළ බව නොරහසක්ය. ඊට වඩාත්ම සුන්දර උදාහරණය නම් ඊයේ උදෑසන සිට සවස් ජාමය දක්වා අප සියළු දෙනා අතර හුවමාරුවුණු අදහස්ය. 

ලංකාවේ කොල්ලෙක් වශයෙන් ලෝකෙන්ම පළමු තැන ගන්නට TOM BRUSH ට (ඌ කියන්නේ බ්‍රෂ් නෙවේ කියාය.) හැකි වූයේය. ඒ අතර ලංකාවේ බ්‍රදර් හුඩ්ද ලෝකයේ රෑන්ක්ස් වල ඉහළටම ගියේ අපේ එවුන්ගේ වැඩ කිඩ නිසාය. ගේම් එකේ වැඩ කිඩ පැත්තකට දමා අපේ සැට් එක Paint Ball ගසන්නට හංවැල්ලේ Hustler's Paintball එකට සැට් වුණෝය. 
ටොම් බ්‍රෂ් (බ්‍රෂ් නෙවේලු ඈ..), තිවකං, මේලක, දහම්, තුමුල, නලියා, සම්පත් (මූත් සෑම් ඈ..), ප්‍රමුදිත, රවියා, ඉන්ද්‍රජිත්, අසංක, සමීර, සජියා සහ මම තුමා

කස්ටිය කැලේ පැන්නේ තුවක්කු අත දරාගෙනය. කණ්ඩායම් දෙකක් වශයෙන් දෙකට බෙදී පේන්ට් බෝල් වලින් වෙඩිතියා ගන්නට අපේ උන්ට තිබුණේ මහා උනන්දුවක්ය. ක්‍රීඩාවේ නීතිරීති පිළිබඳව සහ එහි ආරක්ෂාව පිළිබඳ උපදෙස් දෙද්දී අපේ එවුන් නැවත හැරී ගෙදර එන්නට තරම් බය වූ බව කිව යුතුය. කාඩ්බෝඩ් කැබැල්ලක් හතරට නමා ඒ තුලින් පේන්ට් බෝලය පසාරුකරගෙන යනවා පෙන්නූ පසු සෙල්ලම් කරන්නට තරම් හිතට හයියක් එන්නේම නැත. ඒත් සෙල්ලම අතරමැද දී සෑමාගේ පිටුපසින් පැමිණි සාහසික එදිරිවාදියෙක් පශ්චාත් බෑයට තැබූ වෙඩි පහරින් සෑමාට පේන්ට් බෝල් සමඟ තිබු භීතිය නිවි ගියේය. 



ඉහත පිංතූරයේ සිටින පරිදි මංතුමා (ඉන්න විදිහ අවුල් ඈ), Throne Rush කප් ගැසූ ටොම්, හෙල්මට් එක වැටෙන්න නොදී අපහසුවෙන් සිටින ෆොටෝ ජෙනික් දහම් කොලුවා, වෙඩි නොවදින සජියා, අල්කයිඩා නායක මේලක, නොසැලී ඉදිරියට ගිය ප්‍රමුදිත, සහ අහිංසක යුදෙව්වා  සමීර අවි  රැගෙන ඉදිරියට යද්දී ප්‍රතිවාදී පිළ සැඟවී ගුලි ගැසී සිටි බව නොරහසක්ය. පළමු තරගය පිටියේ වාසියෙන් ජය ගන්නට ප්‍රතිවාදීන්ට හැකි වුවද, දෙවන තරඟය අපේ පිළ ජය ගත්තේය. තුන්වන තීරණාත්මක තරඟය පිටියේ වාසිය රැගෙන ප්‍රතිවාදීන්ට ජය ගන්නට නොහැකි වූයේ තරඟය සම මට්ටමට පත් කරමින්ය. ඉන්පසු පේන්ට් බෝල බෙදා හදාගෙන සහයෝගයෙන් කළ සටන ඔවුන් ජය ගත්තේ අපේ එවුන්ට වටකර පහර දෙමින්ය. පේන්ට් බෝල බෙදාහදාගෙන කළ ක්‍රීඩාව එතරම් සැළකිල්ලෙන් කරන්නට අපේ උන් මැලි වූ නිසා එය පරාජයට පත් වූ බව කිව යුතුය.


ප්‍රතිවාදී පිළ ලෙස පිංතූරයේ සිටින්නේ දකුණේ සිට ඉතිහාසය උගන්වන තුමුළ, මොරටුව විස්ස විද්දාලේ සෑම්, සංධාන ගතව පහර දෙන අසංකලා ජෝඩුව, මහ මොළකරු රවියා, නිතරම හදේ සිටි තිවංක සහ නොසැලී හිටගෙන ඉදිරියට ආ වෙඩි නොවදින උස මහත නලීන් කොල්ලාය.

තරඟ නීති උල්ලංගනය කරමින් තුමුලයා තහනම් උත්තේජක ලෙස බුලත් විටක් හපද්දී, ඔවුන්ගේ කණ්ඩායම රෙෆ්රීටත් වෙඩි තබන්නට වූවෝය. විවිධ උපක්‍රමශීලී පසු බැසීම් සමඟ ඔවුන් හිටි තැනම සැඟවී සිටියෝය. කිසිම දෙයක් ගණනකට නොගත් අප කණ්ඩායම නොසැලී ඉදිරියට ඇඳෙමින් ප්‍රතිවාදීන් භීතියට පත් කළෝය.

කැමරා රැගෙන යාමේ ප්‍රතිවිපාක - මෙතන මම හැර සෙට් එකම ඇත

ගහ මරා ගැනීම් අමතක වන්නට හීන් අඩියක් ගසමින්, කැළණි ගං ඉවුරේ අඩි ගණනක් ගැඹුරු තැනෙක් දිය නා සැනසෙමින්, දිනයක විනෝදයක් සමඟ Throne Rush ක්‍රීඩකයන් Paint Ball ගැසීම අහවර කළෝය. කවදාවත් එකතු නොවේ යැයි සිතූ පිරිසක්, එකට එක්ව සුන්දර දවසක් ගත කළ අතර නැවත හමුවන සිතුවිල්ලෙන් සමුගන්නට සිදුවූයේ තුමුලයාට තංගල්ලේ බැංකුවට යන්නට තිබුණු බැවින්ය.

කතාකරන්නට, මතක් කරන්නට බොහෝ දේ ඉතුරු කරමින්, සියළු කටයුතු සම්පාදනය කළ සියළු දෙනාට සහ සංවිධායක මණ්ඩලයට හද පිරි ස්තූතිය.

පලි - Throne Rush ඇල්මෙන් ක්‍රීඩා කළද ඒ පිළිබඳ මා ලියූ ප්‍රථම බ්ලොග මෙයයි. අවුල් වගේ නම් කමා කරත්වා.

Written_by_sAm_ශ්‍රී_Perera_7.02am_06/10/14

Thursday, October 2, 2014

නැවතිලාද? නවත්තලාද? හිටලාද? - Stopped ???




සතියකට තෙවරක් යවත්කාලීන වූ බ්ලොගක් සම්බන්ධයෙන් නැගෙන්නේ උක්ත වූ ගැටළු තුනය. අයෙක් අසන්නේ සෑමාගේ බ්ලොග නැවතිලාද කියලාය. තවකෙකු නවත්තලාද කියා අසන්නේය. එකවර ඇගට කඩා පනිමින් සමහරු අසන්නේ හිටලාද කියලාය. සියල්ලට පිළිතුරු සමඟින් සෑමාගේ ආගමනය මෙසේ සටහන් වන්නේය.

නැවතිලාද?

නැවතිලා කියන්නේ ඔටෝ වෙන දෙයක්ය. ඒ කියන්නේ හිතලා කරන දෙයක් නොවේය. ටැප් එකක වතුර නැවතිලා කියන්නේ එක්කෝ ජල සම්පාදනයෙන් දෙන වතුර නවත්තලාය, නැතිනම් ටැංකියේ වතුර අහවර වෙලාය. කොටින්ම සරලව ගතහොත් වයසක සියා කෙනෙක් සෙල්ලම් කරන එක නවත්වනවා නොව සෙල්ලම නැවතිලාය. ඔහුට සෙල්ලම් කිරීම නැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති වුවත්, සිතාමතාම සෙල්ලම නැවැත්වූවේ නැති වුවත්, කාලය සමඟ සෙල්ලම ස්වක්‍රීයවම නවතින්නේය. ඒකට කියන්නේ නැවතිලා කියලාය. 

ඒ අනුව සෑමා බ්ලොග් එක නවත්වන්නට අදහස් කර, අදහස් කරගෙන නැති නිසා බ්ලොග් එක නැවතිලා යැයි කියන එක සම්පූර්ණ වැරදිය. එසේම ලියන්නට දෙයක් නොමැති වීමේන්ද බ්ලොග් නවතින නිසා, සෑමාට ලියන්නට දෙයක් නොමැතිව බ්ලොග නැවතිලා යැයි සිතීමද අසාධාරණය. මන්ද ලියන්නට දේවල් තවමත් ඇති නිසාය. ඒ නිසා සරලව කිව යුත්තේ සෑමාට තාම නැවතිලා නැති බවක්ය. 

නවත්තලාද?

සමහරුන් කළකට සමහර දේවල් නවත්වන්නෝය. සියළු දස්කම් දක්වාගෙන සිටින විවාහක ජෝඩු නවත්වන්නේ නැතිය. කාලාන්තරයකට එක ලෙසම ක්‍රීඩා කරන්නෝය. එහෙත් එසේ ඔවුන් කීවත් මසකට අනිවාර්යයෙන් දින කිහිපයකට නවත්වන්නට වන්නේය. ඒ ස්වාභාවික ව්‍යසනයකට ඉඩකඩ ලබා දීමට සිදු වීම නිසාය. එවිට සෙල්ලම් කරන එක නවත්වලා යැයි කියන්නට වන්නේය. එලෙසම බොහෝ අය බාර හාර ඔප්පු කිරීමට මස් මාලු අනුභවයෙන් වැලකෙන්නෝය. එවිට සරලව කියන්නේ මම මස් මාළු කන එක නවත්වලා යැයිය. සමහරු බොන එක නවත්වන්නේ නැවත බෝතලයක් දකින තුරුය. අනුන්ගේ මුදලින් බොන උත්තමයෝ වියදම් කරන්නට සිදුවෙද්දී බොන එක නවත්වලා යැයි පිළි වදන් දී, නැවත නොමිලේ බෝතලයක් දුටු විට බීම ආරම්භ කරන්නෝය. කිසිම පැකිලීමකින් තොරව දිනපතා අඩියක් ගසන ඇත්තෝ බීම නොනවත්වන්නෝය. එහෙත් බීම නවතින්නේ අග හිඟ කමක් ආවොත් පමණක්ය. එතැනින්ද නවත්වනවා සහ නවතිනවා යන වචන දෙකේ වෙනස හොඳින් පෙනෙන්නේය.

ඒ අස්සේ සෑමාට සිහිවන්නේ කිටියා නිර්මාංශ වූ ආකරය හෙවත් මස් මාළු අනුභවයෙන් තොර වූ හැටිය. මේ දිනවල සෑමාගේ නිවසේ අලුත් වැඩියා කටයුතු කිහිපියක් සිදුවෙන නිසා ඇත්තටම බ්ලොග් එකට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූයේය. එකී අලුත් වැඩියා කටයුතු ඉවර වෙන තුරු කිටියා මස් මාළු අනුභවයෙන් තොර වෙන බව කියමින් මසට තිත තිබ්බාය. එවැනි කැප කිරීමක් අගය කළ යුත්තේය. (සමහර වෙලාවට ඇය බ්ලොග බලන නිසා ඒ වචන ටික සඳහන් විය යුතුය.) අලුත් වැඩියා කටයුතු අහවර වෙන තැන බාරය ඔප්පු කොට මස් මාළු අනුභවය ඇරඹිය යුතුය. බාරය ඔප්පු කරන්නට දිනක් කිටියා සහ සෑමා එළි බැස්සේ දහවල ආහාරයද පිටින් ගන්නට බලාගෙනය. නිවසින් එළියට බහින විටදීම තිබුණු දැඩි බඩගින්න නිසා සෑමා යෝජනා කළේ දහවල ආහාරය අරගෙන බාරය ඔප්පු කිරීමට යමු කියාය. එහෙත් ඇය තරයේ කියා සිටියේ සියළු වැඩ අවසන කෑමට යමු කියාය. සියල්ලට පෙර බාරය ඔප්පු කළ හේතුව සැමාට අවබෝධ වූයේ ඇය දහවල ආහාරයට දෙදෙනාටම චිකන් ඕඩර් කළ නිසාය. නැතිනම් ඕඩර් කරන්නට වෙන්නේ චිකන් එකක් සහ වෙජිටබල් එකක්ය.

හිටලාද?

සමහරු නිතර ඇසුවේ මචං හිටලාද කියාය. ඒ ප්‍රශ්නයට පිස්සු කොර වෙන සෑමා අනිත් පැත්තට අසන්නේ “මොනවාද?“ කියාය. හිටනවා කියද්දී එහි ප්‍රෙභේද රැසක් ඇත්තේය. කොටින්ම කිවහොත් හිටිනා දේවල් රැසක්ය. මුලින්ම ජෝතිපාල මහතා කිව්වේ “ඔබ එනතුරු මා තනියෙන් හිටියා“ කියලාය. එතැන කිව්වේ නැවතිලා බලා සිටින එක ගැනය. දැන් කාලේ මචං හිට්ටා නේද? හිටියා නේද? කියා ඇසුවොත් පිළිතුරු දෙන්නට පෙර නැවත ප්‍රශ්නයක් නගන්නට වෙන්නේය. සෑමාට කිව හැක්කේ “මචං බ්ලොග් එක නම් හිටලා නැහැ“ කියාය. වෙන කිසිවක් හිටලාද? හිට්ටාද කියා නොඅසන්නේ නම් අගනේය.

මාසයක් පමණ නිහඩව සිට නිදහසේ ගලාගොස් ලැබුණු ලක්ෂ හයක හිට්ස් සමඟ, සෑමා නැවත නොනැවතී ලියන්නට සූදානම් වන්නේ මෙතුවක් රැදී සිටි සියළු බ්ලොග්කරුවන්ට, සියළු රසිකයන්ට ස්තූති කරමින්ය.


Written_by_sAm_ශ්‍රී_Perera_7:13am_02/10/14

Monday, September 8, 2014

පෝදින දහම් පඬුර...


පවුලගේ සීයා නැති වූ නිසාත්, සෑමාගේ ආච්චීගේ (අම්මාගේ අම්මා) වර්ෂ පූර්ණ බණ, සහ දානය සැට් වීම නිසාත් සෑමා පසුගිය ටිකේ සිටියේ කලබලකාරී ස්භාවයෙන්ය. ඒ අස්සේ මා නොදුටු බ්ලොග් මිතුරෙකු වන අවන්හලේ මහේෂ් රත්නායක සහෝදරයා පොත් ප්‍රදර්ශණය බලන්න යන්නට කළ ආරාධනය පවා ඉවත දමන්නට වූයේ මළගෙදර කටයුතු සිද්ධ වූ නිසාය. මළ ගෙදර රැදෙන්නටත්, ආච්චිගේ බණ ගෙදර එන්නටත්, නැවත මළගෙදර නයිට ගසන්නටත්, නැවත පහුවදා උදේ ආච්චීගේ දානේ ගෙදර එන්නටත්, සිදුවීම ආතල්ම සීන් එකක් වූවේය. ඒ අතර මැද බණ ගෙදරදී අසන්නට හැකි වූ බණ කතාව අද පෝදින ලිපිය ලෙස ලියා තබන්නට සෑමා සිතා ගත්තේය. ආච්චීගේ බණ ගෙදරට වැඩම කළ හාමුදුරුවන් විසින් දෙමාපියන්ට සැලකීවේ අගය පහදා දෙමින් දේශණා කළ ධර්ම පඬුරයි මේ.

ගෞතම බුදුන් වහන්සේට පමණක් දෙවෙනි වූයේ අගසව් තනතුරු දැරූ සැරයුත් තෙරුන්ය. උන්වහන්නේ පිරිනිවන්පෑමට ආසන්න වූ කළෙක බුදුහිමි අමතා මෙසේ කීවෝය. 

“ස්වාමීනී මා දැන් පිරිණිවනවට ආසන්නයි, මීටත් වඩා මා හට ශරීර ශක්තියෙන් කටයුතු කළ නොහැකි බැව් දැනෙන නිසා මා පිරිනිවනට සූදානම් වෙමි...“

එය අසා සිටි ගෞතම බුදුන් වහන්සේ අසා සිටියේ සැරයුත් මහ තෙරුන් වහන්සේ පිරිණිවනට බලාපොරෙත්තු වන්නේ කුමන ස්ථානයද යන්නයි. එවිට උන්වහන්සේ කියා සිටියේ තමන් උපන් ගම, උපන් ස්ථානය වන තම නිවස, තමන් පිරිනිවන් පෑමට යොදා ගන්නා බවයි. එය අසා සිටි ගෞතම බුදුන් වහන්සේ සැරයුත් හිමියන්ගේ වචනයට ගරු කරමින් එය වටිනා කාරණාවකැයි දන්වා සිටියෝය.

බුදුරජානන්වහන්සේගෙන් අවසර පතමින් සැරයුත් තෙරුන් වහන්සේ පන්සිය නමක් භික්ෂු සංඝයා පිරිවරාගෙන තමන් වහන්සේ උපන් ග්‍රාමයට පිවිසුනෝය. එලෙස වැඩමකොට තම නිවසට ගොස් ඉතා මහළු වූ තම මෑණියන් බැහැ දකින්නට වූවෝය. තම පුතු දැකීමෙන් උද්දාමයට පත් මෑණියන් තමන් වහන්සේට අවශ්‍ය මොනවාදැයි අසා සිටියේ උපස්ථාන කරන්නටය. සැරයුත් තෙරුන් වහන්සේ තමා ඇතුළු භික්ෂු පිරිවරට නවාතැන් පහසුකම් ඉල්ලා සිටියේ රැය පහන් කිරීමට අවශ්‍ය බව කියා සිටීමෙන්ය. පන්සියනමක් වූ භික්ෂු සංඝයාට නවතින්නට තරම් ඉඩක් නොමැති තම නිවසේ නවාතැන් පහසුකම් දෙන්නට නොහැකි බැවින් සිත් තැවුලට පත් වූ මෑණියෝ එලෙස කරන්නේ කෙසේදැයි තම පුත්‍රයාගෙන් අසා සිටියාය. පන්සිය නමකට නැති වුවත් තමන් වහන්සේට පමණක් හෝ නවාතැන් පහසුකම් දෙන්න යැයි උන්වහන්සේ ඉල්ලා සිටියෝය. එම ඉල්ලීමට අනුව උන්වහන්සේ ගිහිකළ රැදී සිටි කාමරය සිය මෑණියන් විසින් ප්‍රධානය කරන ලද්දේය.

මහා බ්‍රහ්මයා සියල්ල මැවුවේයැයි, සියල්ල ලබා දෙන්නේ මහා බ්‍රහ්මයා යැයි අන්ධ භක්තියෙන් යුතුව සිටි සැරයුත් තෙරුන්වහන්සේගේ මෑණියන් තම පුතු උගත් ධර්මය පිළබඳව කිසිත් නොදැන සිටියාය. රැය ලඟාවෙත්ම සැරයුත් තෙරුන්වහන්සේට දරුණු රෝගාබාධයක් වැළදෙන්නට වූයේය. ලේ අතීසාරය නිසා නිතරම ලේ පිටවන්නට වූවේය. නිතරම ලේ පිටවන නිසාත්, තම පුත්‍රයා නිවසට පැමිණි සුන්දර දවසක ඔහු දරුණු ලෙස රෝගාබාධයකින් පෙළෙන්නට වූ නිසාත් මෑණියෝ මහත් නොසතුටටත්, කළබලයටත් පත් වූවාය. ඇය තම පුතු සිටින කුටියට වැඳ උන්වහන්සේට උපස්ථාන කරන්නට අවසර ඉල්ලා සිටියාය. එහෙත් ඇය කළ ඉල්ලීමට උන්වහන්සේ අවසර නොදුන්නාය. ඇය නොසතුටින් රැය අවදිව සිටියදී මහා ආලෝක ධාරාවක් නිකුත් කරමින් පුතු සිටි කාමරයට සතර වරම් දෙවි වරු පහළ වූවෝය. ඔවුන් සැරයුත් මහ තෙරුන්ට උපස්ථාන කරන්නට අවසර ඉල්ලා සිටියෝය. එයටද අවසර නොදුන් උන්වහන්සේ නිහඬව බුදුගුණ සිහි කරන්නට වූවෝය. පසුව නැවත ආලෝක ධාරාවක් නිකුත් කරමින් පෙනී සිටියේ ශක්‍ර දෙවියෝය. ඔහුටද උපස්ථාන සඳහා අවසර නොලද තැන මහා බ්‍රහ්මයාද උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිමින් උපස්ථානයට අවසර ඉල්ලා සිටියේය. කිසිවෙකුට තමන් සඳහා උපස්ථානකරන්නට අවසර නොදුන් උන්වහන්සේ නොසැලී වේදනාව දරා සිටියෝය.

පසුදා උදෑසන සැරයුත් හිමි ගේ මෑණියෝ රැය පුරා සිදුවූ සිද්ධීන් උන්වහන්සේගෙන් දැන ගැනීමට පැමිණියාය. පළමු ආලෝක ධාරාවක් නිකුත් කරමින් කවරෙක් පැමිණියේදැයි එතුමිය ඇසු කළ, උන්වහන්සේ කියා සිටියේ ඒ නම් සතරවරම් දෙවි වරු බවය. දෙවන ආලෝක ධාරාව සමඟ තමන් වහන්සේට උපස්ථාන කරන්නට අවසර පතන්නට ආවේ ශක්‍රයා බවත්, තෙවෙනුව මහා බ්‍රහ්මයා පැමිණි බවත් උන්වහන්සේ වදාලෝය. තමන් මෙතුවක් විශ්වාස කළ අදහන්නට වූ  මහා බ්‍රහ්මයා තම පුතුට උපස්ථාන කරන්නට අවසර ගන්නට ආ බව ඇසු මෑණියන් තුරුණුවන් කෙරෙහි පැහැදී සැරයුත් මහ තෙරුන්ගෙන් බණ අසන්නට වූවාය. එය දුටු මහාකාරුණිකයානෝ තෙවරක් සාදුකාර දී, සැරයුත් තෙරුණ් පිරිනිවනට පෙර තම මව්ගෙන් බිව් කිරිවල ණය ගෙවන්නට තරම් වාසනාවන්ත වූයේයැයි වදාලෝය.

මිය ගිය පසු මළසිරුරකට දණ බිම හොවා වන්දනා කොට, අටපිරිකර අහසට උස්සා පින් අනුමෝදම් කරනවාට වැඩිය, කිසිවෙකු ජීවත්ව සිටින සමයේ ආදරයෙන්, සිත් නොරිදා බලාගන්නේ නම් එයම ඔවුනගේ පරලොව සුගතියට හේතුවන බව ධර්මදේශනාවට වැඩම කළ ස්වාමීන් වහන්සේ තව දුරටත් දේශණා කළෝය.

Written by sAm ශ්‍රී Perera_8:13am_08/09/14

Sunday, August 31, 2014

නොහඬනු මැන සුරතාන්තය ලඟ... - Do not Cry at the Last Drop !!!!






හැඟුම් මතු කර
ගතම උණුසුම්
කළා මොහොතින්
ඔබේ සුරතින්



උදෑසන නිදි
දැහැන් බිඳිමින්
රැගෙන සුරතින්
පිරිමදී නුඹ
සයන මත පෙම්



හදිසියෙන් මෙන්
තබා පසෙකින්
අමතකව මා
ගියා සැනෙකින්



නොනැවතී පෙම්
හදින් උණුසුම්
බලා හිදිනෙම්
එනතුරා දැන්



පුපුර පුපුරා
නැගෙන පෙම් දැල්
ගිණි දවයි හද
පතුරු ගසමින්



එනතුරා නුඹ
බලා සිටිමින්
දැවෙයි සියොලඟ
මහා දුකකින්



නැගෙන ගිණි දැල්
නිවන්නට දැන්
අයෙක් ආවොත්
සමුගනිමි මං



උණුසුමින් මා
අවදි කරවා
දුරක ගිය නුඹ
යලිදු එනතුරු
බලා සිටිනට
වරම් නෑ දැන්


නොහඩනෙමි මතු
සුරතාන්තය ලඟ
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*

නිමිත්ත-

උදේ පාන්දර 6ට විදුලි ඉස්තිරික්කය ප්ලග් එකට ගසා, ඇඳුම් මැදගෙන, නැවත ප්ලග් එක නොගලවා රැකියාවට ගිය බිරිඳට ඉස්තිරික්කය ලියූ කවි පෙලක්. සෑමා 8ට පමණ ඇදුම් අයන් කරන්නට විදුලි ඉස්තිරික්කය ලඟට ගිය නිසා සිදුවන්නට ගිය මහා විපතක් මඟ හැරුනේය. මේ එම අවස්ථාවේ විදුලි ඉස්තිරික්කය සෑමාට කියූ කවි පෙලක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_8:10am_31/08/2014

Wednesday, August 27, 2014

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!


අත බලා සාස්තර කිව්වේ ඉස්සරය. ඊටත් පසුව මූණ බලා සාස්තර කියන්නට වූයේය. දැන් සාස්තර කියන්නේ අල්ල ස්කෑන් මැෂින් එකට තබාය. අත ස්කෑනර් එකට තැබූ විට එය කොම්පියුටරය මඟින් ඇනලයිස් කොට පුද්ගලයෙකුගේ ඕනෑම විස්තරයක් කියන්නේය. ඒ තරමට තාක්ෂනය දියුණුය. ඒත් සෑමා සාස්තර කියන්නේ පුද්ගලයෙකුගේ හැසිරීම දෙස බලාය. ඕනෑම අයෙක් සමඟ මොහොතක් කතා කොට, හැසිරීම නිරීක්ෂණය කොට ඔහු ගැන කිසියම් ගති ගුණයක් කියන්නට ජෝතිෂය විභාග සමත් විය යුතු නැත්තේය. උපන් දා සිට මෙතුවක් මුණ ගැසුණු අය, ආශ්‍රය කළ අය ඇසුරෙන් තවත් පුද්ගලයෙකු විනිශ්චය කළ හැකිය. විටක වරදින්නට පුලුවන එහෙත් වැඩි වෙලාවකට ඒවා නිවැරදි වන්නේය. එසේම කිසියම් අයෙකු දුටු මොහොතේම ඔහු කළ ක්‍රියාවක් නිසා ඔහු ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි සරල විද්‍යාත්මක ක්‍රම පවතින්නේය. මේ කියන්නට යන්නේ ඉන් සමහරක් ගැනය.

අවංකයා හඳුනාගන්න

විටක පිරිසක් මැද මහා ගඳක් ඔබ නහයේ ගැටෙන්නට හැකිය. බොහෝ විට එය කුණ කාණුවක හෝ වැසිකිලයක ගඳකට සමාන විය හැකිය. නමුත් එය ගුවනට මුදා හැර ඇත්තේ ඔබ සමඟ සිටි පිරිසෙන් අයෙක් බව හැමෝටම සැක සිතෙන්නේ එය අධෝ වාතයක් වන නිසාය. එවිට ඔබ අසල සිටින අය දෙස ඔබ හොරෙන් බලන්නේත්, අවට සිටින අය එකිනෙකා දෙස බලන්නේත්, වාතයේ හිමිකරුවා සොයා ගැනීමටය. වටේම සිටින්නේ හිත මිතුරන් නම්, අයෙක් අත ඔසවා වාතයේ හිමිකරුවා තමන් යැයි පවසන්නට තරම් හැකියාවකින් පසු වන්නේනම් හෙතෙම සැබෑම අවංකයෙක් වන්නේය. විටෙක “ඩෝං“ සද්දයෙන් යවනා අධෝවාතයක හිමි කරුවා සොයා ගැනීම පහසු සේම, ඕනෑම අයෙක් එවැනි සද්දයෙන් යවනා වාතයක හිමිකාරත්වය ලබා ගන්නේ ආඩම්බරයෙන්ය. එහෙත් මිනී මරණ “චූස්“ සද්දයෙන් යන වාතයට නම් හිමිකරුවෝ නැත්තේ එහි ගඳේ සාන්ද්‍රණය වැඩි නිසාය. එවැනි වාතයක් තමන්ගේ යැයි හිස නමා පිළිගන්නට හැකි තැනැත්තා සෑමා දකින්නේ මහා අවංක ඩයල් එකක් විදිහටය. එලෙසම එය අවංකව පිළිගැනීමට තරම් එඩිතර අයෙක්ද වන්නේය.

ආත්මාර්ථකාමියා තේරීම

ඔබ පිරිසක් කැටුව යම් ගමනක් යන්නේ නම් වතුර බොතල් ගෙන යනවා ෂුවර්ය. ඒ අතර ඔබ රැගෙන යන වතුර බෝතලය යම් කෙනෙකු පානය සඳහා ඉල්ලන්නේ වතුර නැති කමටය. පිපාසයටය. එවිට ඔබ රැගෙන යන බෝතලය ඔබේ යැයි සිතා ඔබ කට තබා පානය කරන්නේ නම්, ඔබ බොහෝ විට ආත්මාර්ථකාමීය. නැතිනම් රැගෙන යන බෝතලය තව කෙනෙකු ඉල්ලාවි යැයි සිතා කට නොතබා පානය කරන්නේය. පාන් හෝ කිසියම් ආහාරයක් ගත් සැනින් ඔබ වතුර බෝතලයට කට තබා පානය කර බෝතලය තුල බලන්නේ නම් එහි පාන් කැබලි හෝ ආහාර කැබලි පා වෙනු දැකිය හැකිය. එලෙස ඔබ කට තබා පානය කළ වතුර හෝ බීම හෝ බෝතලයක් අන් අයෙකු වෙත පිරිනමන්නේ නම් හෝ, පිරිනමන්නට සූදානම් වන්නේ නම් දෙවරක් සිතිය යුතුය. බොහෝ අය පුරුද්දට මෙන් කට තබා පානය කරන්නේ තමන් රැගෙන ආ වතුර බෝතලය නිසාය. එහෙත් තමන්ගේම බෝතලය වුවත් කට නොතබා ඉහළට ඔසවා පානය කරන්නේ නම් තව අයෙකුට පිරිසිදු වතුර බිඳක් ලබා දිය හැකි බව සිහියේ තබා ගත යුතුය.

පරාර්ථකාමියා යනු

පරාර්ථකාමියා යනු ආත්මාර්ථකාමී නොවන පුද්ගලයා යැයි ඔබ සරලව සිතනවා විය හැකිය. නමුත් එය එසේ නොවන්නේය. පරාර්ථකාමියා සැම විටම අනෙක් අයගේ යහපත ගැන සිතන්නේය. එය ආත්මාරථකාමී නොවීමට වඩා දුර ගිය ක්‍රියාවක්ය. ඔබ බොහෝවිට පොදු වැසිකිලි භාවිත කරනවා විය හැකිය. එලෙස භාවිත කරන වැසිකිලිය වතුර ගසන්නට ඔබ මැලි වන්නේ එය ඔබේ නොවන නිසාය. පොදු වැසිකිලි අමතක කොට ගෙදර වැසිකිලිය සිහියට ගන්න. ඔබ උදෑසන අවදි වී මොහොතක් වාඩි වී කල්පනා කරන්නේ එම රජ අසුන මත හිඳගෙනය. එලෙස හිදගෙන කාර්යය නිමවා නැඟිට යද්දී ඔබ වතුර නොගසා යන්නේ නම් ඒ අමතක වීමක් නිසාය. නැතිනම් කිසියම් රාජකාරියකට ප්‍රමාද වීම නිසාය. එවිට දෙවෙනුව පැමිණෙන පුද්ගලයා අසීරුතාවයකට මුහුණ දෙන්නේ ඔබ වතුර නොගසා ගිය නිසාය. එලෙසම දෙවෙනුව පැමිණෙන්නා තද බල අමාරුවකින්, හදිස්සියකින් පැමිණියේ නම් හෙතෙම ඔබගේ ගුණ වයනවා අනිවාර්යය. 

ඒ සියල්ල අමතක කොට ඔබ වතුර ගසා කොමඩ් අසුනෙන් නැඟිට ගියා  යැයි සිතන්න. එහෙත් ඔබේ වතුර ගැසීම හෝ කොමඩ් බඳුනේ ඇති වතුර ප්‍රමාණය ඔබ දැමූ උදලු මිටක් තරම් වූ බෙට්ට ගසාගෙන යන්නට තරම් ප්‍රමාණවත් නොවූ යේ නම් එය කොමඩ් එකේ රැදෙනු නිසකය. එසේම ඔබ පිටත් වෙද්දී කොමඩ් එක දෙස නොබැලුවේ නම් හෝ එය මඟහැර ගියේ නම් නැවත අසීරුතාවයකට පත් වන්නේ දෙවෙනුව පැමිණෙන පුද්ගලයාය. එසේම උදළු මිටි තරම් ඒවා කොමඩ් බඳුනේ ජලය මඟින් ගසා නොයන බවත්, එය ගසාගෙන යන්නට නම් බාස්කට් එකකට වතුර පුරවා කොමඩ් එකට හැලිය යුතු බවටත් විද්‍යාත්මකව සොයාගෙන ඇත්තේය. එවන් තත්වයක් යටතේ තදබල අමාරුවකින් පැමිණෙන අය බාස්කට් වලට වතුර පුරවා ඔසවා කොමඩ් එකට ගැසීමෙන් මහත් අසීරුතාවයකට පත්වන බව මතක තබාගත යුතුය. එසේනම් ඔබ පරාර්ථකාමී වන්නේ නැවත එන පුද්ගලයා වෙනුවෙන් නිවැරදිව කොමඩ් එක ෆලෂ් කර යෑමෙන්ය.

පිරිසිදුකම සහ පරාර්ථකාමීත්වය

ඔබේ පිරිසිදු කම තවකෙකුගේ ජීවිතයට තර්ජනයක් නොවන බව ඔබ සිතන්නේ නම් එය හුදු මුලාවක්ය. දිනක් සෑමා කඩවත පැත්තේ කඩයකින් එළවළු රොටියක් කෑවේය. ප්ලේන්ටියක්ද ගසා කඩේ මුදලාලිට මුදල් දෙන්නට යද්දී ඔහු තම කිහිල්ල කසමින් ඉතිරි දුන්නේය. එක වරක් නොව දෙතුන් වරක් කිහිල්ල කසනවා දුටු සෑමාට සිහි වූයේ තමා බඩට දා ගත් එළවලු රොටිය ඔහුගේ අතින්ම ලබාගත් බවක්ය. ඒ ගැන වැඩිය සිතන්නට ගියොත් බඩට දා ගත් එක උගුරෙන් නැවත කටට එනවා ෂුවර් නිසා සෑමා ඒ ගැන වැඩිය සිතන්නට නොගියේය. කඩවල්වල නම් පිරිසිදු කම කෝමත් අන්තිමය. එහෙත් ඔබ නිවසේ සිදුවන කටයුතු වලදී පිරිසිදු කම ගැන සිතනා අවස්ථා තිබේදැයි මතක් කළ යුතුය.

ගෙදර සුරතල් බල්ලෙකු, බැල්ලියක හෝ, පූසෙකු සිටිනවා යැයි සිතන්න. ගෙදර ගෘහණිය වන කාන්තාවක් අනිවාර්යයෙන් පූසන් සුරතල් කිරීමට කැමතිය. පූසන් පිළිබඳව කාන්තා ආකල්පය ගැන ප්‍රශ්න කළ යුතු නැති නිසා බල්ලන් ගැන නොකියා පූසන් ගැන සඳහන් කළෙමි. ඒ පිළිබඳව දොස් නොනගන්න. එලෙස පූසා සුරතල් කොට පැමිණ යම් ගෘහණියක් නැවත ආහාර පිළියෙල කිරීමේ යෙදෙන්නේ නම්, අත් සෝදන්නට අමතක වන්නේ නම්, ඇයගේ පරාර්ථකාමීත්වය අල්පය. තමන් ගැනවත් නොහිතනා තත්වයට වැටී ඇත්තේය. මන්ද ඒ පිසින ආහාර ඇයද අනුභව කරන නිසාය.

කෑම කෙසේවෙතත් තම ආදරවන්තයා හෝ අදරවන්තිය හමුවන්නට යන්නේ නම් උදෑසන දත් සැට් එක මදින්නේ නැතුව ගියහොත් සිදුවන්නේ විනාසයක්ය. එදිනට මුහුණට මුහුණ ලංකිරීමටත් නොහැකි වන්නේය. ඉන් ඔබගේ අදාරවන්තයා හෝ ආදරවන්තියගේ අනෙකා ගැන නොහිතනා ගුණය පිළිඹිබු වන්නේය. එසේම බොහෝවිට කෙල්ලන් තම කොල්ලාගෙන් බේරීමට දත් මදින්නේ නැතිව කොල්ලා හමුවීමට පැමිණිය හැකිය. එවන් අවස්ථාවක සියළු හැඟිම් සිරකරගෙන අසරණ වන්නේ කොල්ලාය. එලෙස අපිරිසිදුකම අවියක් ලෙස සිතාගෙන දත් නොමැද පැමිණෙන කෙල්ලන් සිතේ තබා ගත යුත්තේ බෙහෝ කොල්ලන් ඌරන් බවය. උන් අපිරිසිදු කම ගැන නොසිතා කටේ දමා ගත යුත්ත දමා ගන්නේ කිසිම පැකිලීමකින් තොරවය. ඒ නිසා ඔබේ පිරිසිදු කම රටේ යහපත මෙන්ම ඔබේ යහපත උදෙසා බව සිතේ තබා ගත යුතුය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:43am_27/08/14

Friday, August 22, 2014

මහින්ද මාමා පරාදයි...... - MR Lost !!




ඉස්සර කතාවට කියන්නේ පෙරලුනොත් පෙරලෙන්නේ බාල්දියක් කියාය. එය දැන් යල් පැන ඇත්තේ බාල්දි, බකට්, පනිට්ටු භාවිතය තරමක් අඩුව ඇති බැවින් විය යුතුය. මන්ද ඉස්සර උදේ නැගිට්ට හැටියේ මිනිිස්සු අතට ගන්නේ පනිට්ටුවය. එය අතට ගෙන මුලින්ම ලිදෙන් වතුර ටිකක් ඇඳ ගන්නා ඈයෝ ඊට පස්සේ තවත් පනිට්ටුවකට වතුර වත්කරගෙන දුවන්නේ ලැට් එකටය. දැන් කොමඩ් තිබුණාට ඒ කාලේ දණිස් පොල් කටු නවාගෙන, කොන්ද වකුටු කරගෙන උදේම මුහුණ දෙන හොඳම එක්සර්සයිස් එක ටොයිලට් එකට යෑමය. දැන් ඒ වාගේ ආතල් එකක් ගන්නට හැකි වන්නේ කොහේ හෝ ට්‍රිපක් ගොස් එළිබහින්නට කැළෑවකට රිංගා ගත්තොත් පමණක්ය.

එහෙත් වැසි සමයේ බාස්කට් එකට එළියට බැස ඇත්තේය. ඒ වැස්සට වැටෙන වතුර එකතු කොට වතුර නොමැති පැතිවලට යවන්නට නොව, ඊට අයිස් පුරවා නාන්නටය. අයිස් බකට් සෙල්ලම ගැන ලියන්නට සිත් වූයේ සමහරුන් අභියෝග කරනා පිරිස් ගැන අසා සිටි විටය. ලිපිය ලියන්නට බ්ලොග කාලෙකින් දිගහැර බලනා විට අපේ මධුරංගයා බකට් සෙල්ලමේ නීතිරිතී සහ තරඟ කරනා ආකාරය ගැන ලියා ඇත්තේය. වඩාත් පහසුවෙන් ඒ පිළිබඳව මෙතන කොපි පේස්ට් එකක් ගසා ලිවිය යුත්ත පහතින් ලිවීමට සහයක් වූ මධුවාට මුලින්ම ස්තූති කළ යුතුය.

++++

අයිස් බාල්දි අභියෝගය එහෙමත් නැත්නම් තේරෙන විදිහට කියනවා නං අයිස් බකට් චැලේන්ජ් එකට සහභාගි වෙන කෙනා මේ අභියෝගයට සහභාගි උනාට පස්සේ ඩොලර් 10ක මුදලක් ALS සංගමයට ගෙවන්න ඕන.

අභියෝගයට සහභාගි වෙන කෙනා කරන්න තියෙන්නේ අයිස් කැට දමපු වතුර බාල්දියකින් නාගන්න එක විතරයි..අයිස් බාල්දියකින් නෑවට පස්සේ ඒ කෙනාට පුලුවන් තව කිහිප දෙනෙක්ව (තුන්දෙනෙක් විතර) නම් කරන්න.

ඒ නම් කරපු තුන් දෙනා පෑ විසි හතරක් ඇතුලත අයිස් බාල්දි අභියෝගයට මුහුණ දෙන්න ඕන. මුහුණ දීලා වීඩියෝ ගත කරලා ඒ වීඩියෝ දර්ශන යූ ටියුබ්, වෙයින්,ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කරන්න ඕන.

අභියෝගයට නම් කරපු කෙනෙක් මේ අභියෝගය බාර ගන්නේ නැතුව මඟ අරිනවා නම් ඒ කෙනා ඩොලර් 100ක මුදලක් ALS සංගමයට දිය යුතු යි !

තවත් විස්තර අවශ්‍ය නම් මධුවාගේ ලිපිය මෙතැනින් බැලිය යුතුය.

+++

අයිස් බකට් සෙල්ලම මා මුලින්ම දුටුවේ ඉරාජ් කොලුවා නාපු තැන සිටන්ය.


ඔහු අභියෝග කළේ ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග, රන්දීර් විතාන සහ තනුජා ජයවර්ධන යන අයටය. ඉන් ඔටාරා නෑවේ සංගා සහ මහේලටද නාන්නට අභියෝග කරමින්ය.




ඉරාජ්ගේ අභියෝගයෙන් මල්ෂා නෑවාය.



ඇය අභියෝග කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මර්වින් සිල්වා සහ මහින්ද රාජපක්ෂ යන අයටය. දැනටමත් පැය 23ක් ඉක්ම ගොස් ඇති නිසා මහින්ද මාමා සහ මර්වින් මාමා අයිස් බකට් සෙල්ලමෙන් පරාද වී ඇත්තේය. නමුත් හිරුණිකා අද මහ වැස්සේ අයිස් බකට් එකක් නෑවාය.


හිරුණිකා අභියෝග කළේ හරීන් ප්‍රනාන්දු, ලාල් කාන්ත, සහ සෙනල් වෙල්ගම යන අයටය. හරීන් ලාල් සහ ශසේන්ද්‍ර මේ දවස්වල උණු වතුරින් නාන නිසා අයිස් සෙල්ලමට එනවා යැයි සිතිය නොහැකිය. එහෙත් සෙනල් වෙල්ගම පුත්‍රයා නම් පැය විසිහතරකට පෙර අනිවාර්යෙයන් නානවා ෂුවර්ය.

උදෑසන සිටම ඉවරයක් වැස්ස නිසා සෑමාද නාන්නේය. එසේම මහ මඟ සිටිනා බහුතරයක් මේ දිනවල නාන බවට අමුතුවෙන් කියන්නට දෙයක් නැත්තේය. කෙසේ හෝ අයිස් දියකර ඇති වතුරෙන් ස්නානය කොට හෝ සමාජ සත්කාරයක් සිද්ධ වන්නේ නම්, පලස්තීනයට අධාර දුන්නාට වැඩිය වටින්නේය.

වැස්සේ කරන්නට දෙයක් නැතිව,
බ්ලොග මතක් වී ලියුවේ..

sAm_ශ්‍රී_Perera

Thursday, July 31, 2014

වචන සෙල්ලම්.. - Word Games !!! (පොඩි සෑමාගේ ලිපියක්..)



දයා බර ප්‍රින්සි පල් සර්ට ලියමි...


ලිපියේ උඩින් ආ මන්ත්‍රනය කර ඇති ආකාරය දුටු විටම සර්ට තද වෙන බව දනිමි. මන්ද සර්ට ඒ කාලයේ කැළෑ පත්තල වැදුනේද ඒ ආකාරයෙන්ම නිසාය. එහෙත් සර් අපිට සිංහල ටීචර් ලියම් ලියන්නට කියා දුන්නේ මෙසේ ආ මන්ත්‍රනයක් දමාය. සිංහල ටීටර්ව මතක් කළාම සර්ට නැවත මල පනිනා බව දනිමි. අපේ සිංහල ටීචර් දයාසීලී වීමත්, හැමෝම ටීචර්ට ආදරේට දයා කීමත් ඒකට හේතුවක්ය. සර්ට තද වෙන අනිත් හේතුව නම්, සර් දයා ටීචර්ට හේත්තුවක් දාන්නට ගොස් මාට්ටු වී කැළෑ පත්තර කෑමය. ඒවා සියල්ල පරණ කතන්දර නිසා සර්ට මම මේ ලිපිය ලියන්නේ සිස්සයන් වෙන අපේ අයිතීන් සුරක්ෂිත කර ගැනීමටය.

ඒ අප පන්ති කාමරයේ කරනා වර්ඩ් ගේම්ස් (Word Games) හෙවත් වචන සම්බන්ධ සෙල්ලම් කිරීමේ අයිතිය ආරක්ෂා කර ගැනීමටය. පන්තියේ විවේකයක් ලද විගස අප කරන්නේ ජීවන නිපුනතා පොතේ අන්තිම පිටුව පෙරලා ගැනීමය. ඒ ගැහැණු, පිරිමි, මල්, පලතුරු, සත්තු, ගම්, බඩු, එලවළු සෙල්ලම කරන්නටය. සෙල්ලම හොඳ දෙයක් වුවත් අපි කරන්නේ හොරෙන්ය. ඒ ටීචර්ලා සර්ලා අපිට ඒවා කිරීමේ නිදහස වාරණය කර ඇති නිසාය. එකී වාරණය නිසා යම් දවසක පාසල් යන එවුන් මේවා නොකරනවා නිසැකය. එදාට උන් වචන සෙල්ලම් අමතක කොට දමා සියල්ල ක්‍රියාවෙන්ම කරන්නට සැරසෙනවා ෂුවර්ය. සර් තරහා නොගන්නේ නම් මේ සෙල්ලම අපට තදින්ම වාරණය කළේ සර්ගේ අපේ දයා ටීචර්ය. ඒ සිද්ධිය මෙසේය.

එදා තිබුණේ සිංහල පීරියඩ් එකක්ය. සිංහල ටීචර් කෝමත් පන්තියට එන්නේ පීරියඩ් එකෙන් හතරෙන් එකක් ගියාට පස්සේ කියා අපේ උන් දන්නේය. අපේ උන් ටීචර්ව හොයන්න යන්නේ නැත්තේ ටීචර්ව හොයන්නට දෙයක් නැති නිසාය. මන්ද ටීචර් ඒ හතරෙන් එක ඉන්නේ සර්ගේ රූම් එකේ කියා දන්නා නිසාය. ඒ නිසා ටීචර්ගේ උදේ පීරියඩ් එකේ මුල් හතරෙන් එක අපේ උන් ආහාර ගැනීමට වැය කළෝය. පසුව ඉතිරි හතරෙන් තුනෙන් ටීචර්ව අපේක්ෂා කළද ටීචර් එන පාටක් නොතිබුණේය. එකී කාලය අපේ උන් වචන හරඹය හෙවත් අපේ සෙල්ලමට වැය කරන්නට වූවෝය. එදා පන්තියම තරඟයට එකතු වූ නිසා පන්තිය එකම කලඹලයක් වූයේය. එකෙක් “ද“යන්නෙන් අකුරු ලියන්නට දී තිබියදී, ගැහැණු, පිරිමි, මල්, පළතුරු ආදිය සියල්ල ලියා තබා “බඩු“ වකට “දයා“ ලෙස ලියා තිබුණේය. එය අමු වැරැද්දක් බවත්, එලෙස බඩුවක් නැති බවත් පන්තියම මැදිහත්ව අපේ එකාට පැහැදිලි කරද්දී ටීචර් පන්තියට ආවාය. අපේ එකා සෙල්ලම කරපු කොළය හංගද්දී ටීචර් කොළේ උදුරාගෙන “ද“යන්නෙන් ලියූ වචන සැට් එක කියෙව්වාය. කියවා අපේ මිතුරාව පන්තියෙන් දොට්ට දමා සියල්ලන්ටම පහරදී මරණ තර්ජන පවා එල්ල කළේ මේ තරඟය පාසලේ දී කිසිදා නොකරන ලෙස වාරණයක් දමමින්ය. එදායින් පසු ඒ සෙල්ලම තහනම්ය. අපේ මිත්‍රයා තවමත් කියන්නේ බඩුවක් නම් එතැන ලියැවිය යුත්තේ “දයා“ කියාය.

උක්ත කාරණාවේ සත්‍ය අසත්‍ය බව දන්නේ සර් පමණක්ය. එහි සත්‍ය සෙවීමට මෙය ලියන්නට පටන් ගත්තා නොව එකී සිද්ධියෙන් පසු අපේ පන්තියේ විනය පිරිහිණු අන්දම ලියා දක්වන්නටය. එතැනින් මතු අපේ උන්ට වචන සෙල්ලම් කවදාවත් කරන්නට නොලැබුනේය. අපේ උන් එම සෙල්ලම දාන්නට වූයේ ඉන් පසුව ඉංග්‍රිසි ටීචර් සමඟය. දිනක් ටීචර් තාරාවාට කියන වචනය ඇසුවාය. අපේ එකෙක් එක වරම කීවේ duck (ඩක්) කියාය. පැත්තක සිටි එකෙක් dick (ඩික්) දෝ මොකක්ද කියනවා ඇසුනද ටීචර් ඒවා කනකට නොගත්තාය. පසුව එහි plural හෙවත් බහු වචනය ටීචර් ඇසුවාම එකෙක් දඩි බිඩියේ නැඟිට කියා සිටියේ එක තාරාවා ඩක් නම්, තාරාවෝ සමූහයකට “ගො-ඩක්“ කියනා බවක්ය. එදා සිංහල ටීචර්ගේ කේස් එක ටීචර් දන්නා නිසා අනිත් බහුතරයක් ටීචර්ලා අපේ පන්තියට සද්ද දාන්නට නොආවෝය. ඒ නිසා ඉංගිරිසි ටීචර් එය ඉවසා සිටියාය. ඇය එය නිවැරදි කරමින් කියා සිටියේ “ඩක්“, නම් බහුවචනය “ඩක්ස්“ කියාය. ඉන්පසුව තව එකෙක් පැත්තක සිට කෑගෑවේ “එහෙනම් ටීචර් තාරාවෝ ගෙනියන වාහනේට කියන වචනේ දන්නවාද කියාය.“ ටීචර් බයිට් වේදෝ නොසිතා “ඒ මොකක්ද ඒ...“ කියා ඇසුවාය. අපේ එකා “ඇයි ටීචර් ඩක්-කුව...“ කියූ නිසා ටීචර් පාඩම වෙන අතකට හැරෙව්වාය.

සිංහල ටීචර් අපට අහිමි කළ word games අපේ උන් නොනවත්වාම කළේ අපේ ඉංගිරිසි ටීචර් සමඟමය. දිනක් වාක්‍ය සැකසීම පිළිබඳව කළ පාඩමකදී ටීචර් සිංහල වචන පෙළක් දුන්නේ ඉංගිරිසියට පෙරලන්නටය. අපේ උන් එයද වචන සෙල්ලමට යොදාගත්තෝය. “මේ රටේ නීති පොත් දෙකක් නැහැ..“ කියා ටීචර් කීවාය. ඒ ඉංගිරිසියට පෙරලන්නටය. අපේ ජෝනා පුටුව පෙරළාගෙන නැඟිට උත්තර දුන්නේය. “THERE IS NO DOUBLE RULE BOOK IN THIS COUNTRY" එදා තව පොඩ්ඩෙන් ටීචර් අපේ ජෝනාව ඩබල් කරනවාය. ඉන්පසුව පන්තියේ පිළවෙලකට ඉන්නා සිරිකමලා ගෙන් ටීචර් ප්‍රශ්නයක් ඇසුවාය. “හරි සිරිකමල් කියනවා බලන්න ඕස්ට්‍රේලියාවේ යුද්ධයක සළකුණක් නැහැ කියලා ඉංග්‍රීසියෙන්..“ සිරි කමලා ඇඹරුණේය. නැවත ජෝනා නැගිට උත්තර දුන්නේය. “MARK WAR IS NOT IN AUSTRALIA“ මාර්ක් වෝ දැන් සෙල්ලම් කරන්නේ නැතැයි අනිත් උන් කෑ ගැසූ නිසා ටීචර්ට ජෝනාගේ වාක්‍යය ඇසුනේ නැතිය.

අපේ උන්ගේ සෙල්ලම නවතින්නේ නැති තැන ටීචර් පන්තියෙන් කලින් පිටත් වූවාය. නැවත ටීචර් පන්තියට ආවේ පසු දිනය. එදාත් අපේ උන් ටීචර්ට සත්තම් දාන්නට වූවෝය. මැදහත් සිතින් බැලූ විට සියළු වැරදි බැර වන්නේ අපේ සිංහල ටීචර්ගේ අකවුන්ට එකට සහ අපේ ජෝනාගේ එකවුන්ට් එකටය. නමුත් අපේ උන්ගේ බුද්ධි වර්ධනය කළ වචන සෙල්ලම් දැමීම වාරණය කළ තැන සිට අපේ උන් කුපිත වූ බව නම් සැබෑය. පසුදිනද ටීචර් පර්වර්ථනය සඳහා අපිට දුන්නේ වාක්‍ය දෙකක් පමණක්ය. ඉන් පළමු එක PRESENT TENSE ගැන කියා දීමටය. “මම පුතාට කෑම කවනවා“ යැයි ඈ කී විට අපේ එකෙක් කීවේ I AM EATING MY CHILDREN කියාය. එදා එය කීවේ ජෝනා නොව වෙන එකෙක්ය. ඌව පාවා දීමට නොහැකි නිසා මම නම නොකියමි. නැවත ටීචර් එය නිවැරදිව කියාදි “මගෙ අම්මා බත් උයනවා“ සිංහලට හරවන්නට කීවාය. අපේ ජෝනා නැවත උද්වීපනය වී කියා සිටියේ MY MOTHER IS A RICE COOKER කියාය. ටීචර් එතැනින් නොනැවතී අපේ උන්ට පහරදී, ප්‍රින්සිපල් සර්ව සොයා ආ සැටි, සියළු විස්තර සර් දන්නවා ඇතිය.

මේ සිද්ධි සියල්ල නොනැවතී ඉදිරියට ගලා යනු ෂුවර්ය. හරියට විස්සවිද්‍යාලේ උන්ට පහරදී, උන්ට වරද පටවා සමාව ගන්නට කීවා හා සමානය. උන් සමාව නොගන්නේ වරද නොකළා කියාය. මහ උන් සමාව ගන්න කියන්නේ උන් වරද පිළිගත්තා යැයි කීමටය. ඉතිං සර්.. මෙකී ලිපිය ලියන පොඩි සෑම සතුව විකල්පයක් ඇත්තේය. ඒ ක්‍රමයෙන් අපේ උන් නිවැරදි මඟට එනු ෂුවර්ය. අපේ උන්ට ඕනැ වචන සෙල්ලම් කිරීමටය. ගැහැණු, පිරිමි සෙල්ලම නැති වුණත් වෙනත් සෙල්ලමක් කිරීමට අපේ උන් කැමතිය. මා කියන්නේ අපේ උන්ට කොම්පියුටර් රූම් එකේ දොර නිදහස් වේලාවට විවෘතව තබන ලෙසය. එහි ගොස් උන්ට ගූගල් එකේ වැඩ කරන්නට අවස්ථාව ලබා දෙන්නේ නම් උන් වචන සෙල්ලම් දානවා ෂුවර්ය. ඒ SEX සර්ච් කොට ලෝකයේ පළමු තැන ගන්නට නොව, අපේ භාෂාව ලෝකය තුල තවත් ඉදිරියට ගෙනියන්නටය.

මේ ලිපිය කියවා සර් අපේ ඉස්කෝලෙම ඉන්න උන්ට රට වෙනුවෙන් උදව්වක් කරන්න කියා ඉල්ලා සිටිනු දැකීමට පොඩි සෑමා කැමතිය. Google Translate වෙතට සිංහල භාෂාව ඇතුලත් කරන්න ගන්න උත්සාහයක් විදිහට මෙය අපේ උන්ට හඳුන්වා දිය යුතුය. එදාට අපේ උන් කෙලින පිස්සුව අවසන්ව, ටීචර්ලාට නිදහසේ වැඩේ කරගෙන යා හැකිය. මේ ක්‍රමයෙන් ඉංගිරසි නොදත් අපේ ජෝනාට මෙන්ම සිරිකුමාරටත්, මටත්, වෙබ් පි‍ටුවක් උනත් පහසුවෙන් සිංහලයට පරිවර්තනය කරගන්න පුලුවන්ය. පාසල් ළමයින්ට,ගුරුවරුන්ට,ඉගෙන ගන්න හැමෝටම,මෙකී නොකී සියලු දෙනාටම වාසි සැලසෙන මහඟු කාර්යයක් ලෙස හැදින්විය හැකිය. ඒ නිසා ඔබේ වටිනා කාලයෙන් ටිකක් වැය කරලා මේකට උදව් කරන්නේ නම් වටින්නේය. ඒකට ලින්ක් එක මෙසේය. මෙතනින් පිවිසෙන්න පුලුවන්

ගූගල් ට්‍රාන්ස්ලේට් ක්‍රියා කරන හැටි ගැන මෙම වීඩියෝව නරඹා බෙදා ගන්න. (සිංහල උපසිරැසි සහිතයි)


මෙය හඳුන්වා දීමෙන් සර්ට මෙන්ම දයා ටීචර්ටත් නිදහස් සුවය විදින්නට හැකි බව මතක තබා ගත යුතුය.

ඉතිං සර්..
ඔබට ජය..

මීට පොඩි සෑමා..

පලි - මේ පිළිබඳ ලිපියක් ලියන්නට කියා ඊමේල් එකක් එවූ එක වසරේ සිට මගේ මිතුරා වූ “Anja“ හෙවත් අංජනයාටත්, බුකියේ මාව මීට ටැග් කළ පසන් කොලුවාටත් ස්තුතියි.

පපලි - වැඩේ කොරලම බලපල්ලා. super mario ගේම් එක ගහනව වගේ තමා.. ඉවරයක් නැහැ.. වචන එනවා සූ ගාලා...

Written by sAm_ශ්‍රී_Perera_7:10am_31/07/2014

Wednesday, July 23, 2014

තාත්තා අම්මාගේ ඇමතුම් මිස් කරයි..... - Dad Missed Mom's Call !!


තාක්ෂණය පෙවීම අපහසු කාර්යයක්ය. තාක්ෂණය දිනපතා වෙනස් වීමත්, ඒ සමඟ අප්ඩේට් නොවීම පිළිබඳවත් සෑමා මින් පෙර ලිපි ලියුවේය. දිනක් “මත්තා“ කැසට් ප්ලේයර් එක කුමක්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සෑමාට අපහසු වූයේ ඒ කාලේ ඒවා නොදන්නා අද කාලේ පොඩි උන් අපි එදා හිටියාට වඩා අද පරිණතව සිටින නිසාය. ඒ වාගේම අපි වයසට යද්දී දිනපතා බිහිවන අලුත් ගැජට් ගැන අප සිහියෙන් සිටින්නේ නැති නම් අපටද හැරමිට්ටෙන් යන කාලය වෙද්දි කෙළවන්නේය. එදාට හැරමිට්ට වෙනුවට අලුත් ගැජට් එකක්ද බිහිවෙනු ෂුවර්ය.

සෑමාගේ මිතුරෙකුගේ පියෙක් වැඩ කළේ විදුලිබල මණ්ඩලයේය. අංකල් සිරා බුවාය. හැබැයි හවසට ගෙදර එන්නේ පොඩි අඩියක් ගසාගෙනය. විදුලිබල මණ්ඩලයේ පැරණි සේවකයෙක් නිසා, විශ්‍රාම යන්නට කිට්ටු කාලයේ අංකල්ට වරප්‍රසාද ගොඩාක් තිබුණේය. කැමති විටක ගෙදර ඒමට, කැමති පරිදි නිවාඩු ගන්නට, වැනි වරප්‍රසාද කීපයක් ඒ අතර වූයේය. ඔෆීස් එකේ එළියට පනින්නට ඉඩ ලැබෙන නිසා අංකල් කලින් ගෙදර නොආවේය. රැකියාවට ආදරේ කරමු ලිපියේ කීවා සේම අංකල්ද ගෙදර නොගිහින් කට්ටි පැන්නේය. බොහෝ විට අඩියක් පුඩියක් ගසන්නට බාර් එකට ගියේය. ඉන් ගැටළුව මතුවූයේ ඇන්ටීටය. කොයි වේලාවේ කොතැනක සිටින්නේදැයි දැන ගැනීමට ඇන්ටී කළේ අපේ මිතුරා හෙවත් පුතුගේ සහයෙන් අංකල්ට ෆෝන් කටුවක් ලබා දීමය. කොහේ ගියත්, කොතැන ගියත් එය සාක්කුවේ දමාගෙන රැගෙන යා යුතු බවට නීතයක්ද අංකල්ට පණවන ලද්දේය. ඉන් මඳක් සැලෙන්ඩර් වූ අංකල් සතියක් පමණ ෆෝන් එක සාක්කුවේ දමාගෙන ගියේය. කොල් නොගත්තාට අංකල්ට කෝල් එන්නට වූයේ ඇන්ටී ගෙන්ය. කොහේද ? කොතැනනද? කීයටද? ආදී සුපුරුදු ප්‍රශ්න වලින් හෙම්බත් වූ අංකල් ඊලඟ සතියේ සිට ෆෝන් එක අමතක කොට ගෙදර දමා යන්නට වූයේය. සුපුරුදු ලෙස හැමදාම අමතක වන ෆෝන් එක මතක් කිරීම ඇන්ටීද තම දින චර්යාවෙන් අමතක කොට අංකල්ට දුරකථනයෙන් තොර නිදහස් දිවියක් නැවත ලබා දුන්නාය.

විටක විශාල රාජකාරියක් කරන ෆෝන් එක මහා වදයක් වන්නේ එලෙසින්මය. බොහෝ අයට රස්සාවෙන් නිවාඩු අරගෙන නිවසේ රැදී සිටියද, විරාමයක් නැත්තේ ෆෝන් එක නිසාය. ගුරුවරයෙකු වූ කේ.කේ.ඩබ්ලිව් පෙරේරා මහතා හෙවත් සෑමාගේ තාත්තා ෆෝන් භාවිතයෙන් තොරව සිටියේය. ඒ මෑත කාලයක් වන තුරුය. පාසල් සිසු සිසුවියන්ට ෆෝන් තහනම් සේම සෑමාගේ තාත්තාද ෆෝන් කෙරෙහි වැඩි උනන්දුවක් නොදැක්වුවේය. සෑමා පාසල් යන කාලයේ, ගණිත අංශ ප්‍රධානී ගනේපොල සර්ටත් ෆෝන් එකක් තිබ්බා මතකය. පන්තියේ උගන්වන අස්සේ ෆෝන් එක නාද වුවහොත් සර් ෆොන් එක අරගෙන පන්තියෙන් පිටතට දුවන්නේය. ඒ දිව ගොස් සෙක්ෂන් එකටම ඇසෙන්නට කෑගසා කතා කරන්නේය. අපේ උන් එය අනුකරණය කරමින් ගන්නේ පට්ට ආතල් එකක්ය. සර් විටක ෆෝන් එක ස්ටාෆ් රූම් එකේ අමතක කොට අපේ පන්තියට පැමිණ උගන්වන්නේය. එවන් මොහොතක වුවද ෆෝන් එක නාද වුව හොත් අපේ පන්තියට ඇසෙන්නේය. ඒ තරමට සද්දයක් දමා තිබුනේ සර්ගේ කන් නෑසෙන නිසාද නැතිනම් දුරකථන භාවිතයේ දැනුම මඳ නිසාදැයි සිතා ගත නොහැකිය. මෑත භාගයේ කම්පියුටර් ෂොප් එකක් කරන සෑමාගේ මිතුරෙකුගේ නිවසට ගොස් මොනිටර් එකක් ඉල්ලා තිබුණේ එම සර්මය. අපේ එකා LCD, LED හොඳයි කියද්දී CRT පැරණි වර්ගයේ මොනිටර් එකක්ම සර් ඉල්ලා තිබුණේය. එක පැත්තකින් සර් නිවැරදිය. CRT මොනිටර් එකේ කොළිටිය අනෙක් ඒවායේ තවම ඇත්දැයි සැක සහිතය. එහෙත් විදුලි පිරිමැස්ම සහ නව්‍ය බව අතින් නම් අනෙක්වා ඉදිරියෙන්ය.

සෑමාගේ තාත්තාට දුරකථනයක් ලබාදීමේ අදහස අම්මාට ආවේ කාරණා කිහිපයක් මතය. ඔහු පාසල් ගිය විටක පුවත්පත් කළමනාකරුවන් කඩේට ආ විටක සම්බන්ධ කර ගැනීමේ පහසුව ඉන් ප්‍රධාන වූවේය. විටක ඔවුනට ගෙවීම් කරන්නට චෙක් පත් ලියා තබා කොහේ හෝ අස්සක ගසා තාත්තා පාසල් යන්නේය. අම්මා ඒවා වරු ගණන් සොයා පසුව තාත්තාව කන්ටැක් කර ගන්නට පාසලට කෝල් කරන්නීය. ඉන්පසු තාත්තා පන්තියක සිට ඔපීස් එකට දිව යා යුතුය. එකී කරදර මඟ හැරීම සඳහා තාත්තා අතට ෆෝන් එකක් දිය යුතු බව අම්මාගේ මතය වූයේය. එහෙත් එම මතය ක්‍රියාවට නැංවූයේ මැතිවරණයකට පෙර දිනයේය. තාත්තා මැතිවරණ මධ්‍යස්ථාන භාර නිලධාරියෙකු ලෙස සේවයට ගිය මැතිවරණයකදී, ඊට පෙර දිනයේ තාත්තා පිටත් වෙද්දීම අම්මා තාත්තා අතට ෆෝන් එකක් දුන්නාය. එතැන් පටත් තාත්තා අතේ ෆෝන් එකය. ඉන්පසුව ගැටළු මතු වූයේ ෆෝන් එක ඔපරේට් කිරීමේදීය. තනි සිම් පතක් දැමිය හැකි භාවිතයට පහසු Nokia දුරකථනයක් වෙනුවට අම්මා තාත්තාට ලබා දුන්නේ ඩුවල් සිම් චයිනීස් ෆෝන් එකක්ය. එහි වැල් වටාරම් ඉතා සංකීර්ණ බැවින් තාත්තාට වෙනම ක්ලාස් එකක් කොට ෆෝන් එක අතට දෙන්නට වූයේය. මැතිවරණ මධ්‍යස්ථානයේදී Silent කළ ෆෝන් එක ගෙදර ගෙන එන තෙක්ම තාත්තා සද්ද නැත. ගෙදර  ඇවිත් කීවේ තමන්ට කිසිම ඇමතුමක් නොලැබුණ බවක්ය.

Profile වෙනස් කිරීම, FM ඇසීම වැනි වැඩකිඩ බෙහෝමයක් තාත්තා ඉක්මනින් ඉගෙන ගත්තේ නිතරම දුරකථනය ඔබමින් සිටි නිසාය. දැන් නම් වැඩේ ගොඩය. එහෙත් මෑත භාගයේ සිතාගත නොහැකි ගැටළුවක් පැණ නැග්ගේය. එනම් තාත්තාගේ ෆෝන් එකට කෝල් එකක් වත් එන්නේ නැති තත්වයක්ය. එකක්වත් කිව්වේ එන එකම කෝල් එක ගෙදර ලෑන්ඩ්  නම්බර් එකෙන් අම්මා ගන්න කෝල් එකය.

අම්මා සහ තාත්තා ෆෝන් එක සෑමා අතට දුන්නේ දුරකථනයේ දෝශය සමනය කිරීමටය. සෑමා ෆෝන් එක අතට ගත් සැටියේ බැලුවේ ෆොන් එක සයිලන්ට්ද කියාය. එහෙත් සයිලන්ට් නෙවුයේය. ඉන්පසුව සෑමාගේ දුරකතනයෙන් තාත්තාගේ නම්බරයට කෝල් කර බැලුවේය. ආතල් එක කියන්නේ තාත්තාගේ නම්බර් එක දැන ගත්තේ ඒ අවස්ථාවේදීය. කිසිම අවුලක් නැතුව සෑමාගේ කෝල් එක තාත්තාට ලැබුණේය. ඉන්පසු ගෙදර ලෑන්ඩ් නම්බර් එකෙන් කෝල් කළ විට කෝල් එන්නේ නැතිය. දැන් කරන්නට තියෙන්නේ එක වැඩක්ය. බ්ලැක් ලිස්ට් එක බලන එකය. චයිනිස් ෆෝන් කැබලි වල බ්ලැක් ලිස්ට් එක එන්නේ කොල්ලන්ට වඩා කෙල්ලන්ට වැඩ ගන්නටය. බොහෝ කෙල්ලන් චැට් එකේදී, මඟ තොටදී කොල්ලන්ට නම්බර් දී බේරෙන්නේ මේ ඔප්ෂන් එක නිසාය. මුල් කාලේ හොඳට කතා බහ කරමින් සිට අනේ ඌ ගැලපෙන්නේ නැහැ, ඌට සල්ලි නැහැ, ජොබ අප්සට්, නැතිනම් තමන්ගේ කොල්ලාට අහුවෙයි සිතා කොල්ලාව බ්ලැක් ලිස්ට් කරන්නේ කෙල්ලන්ය. තාත්තාගේ ෆෝන් එක චැක් කළ විට ගෙදර ලෑන්ඩ් නම්බර් එක බ්ලැක් ලිස්ට් එකේය. මහා විනාසයක්ය. අම්මාට සෑමා කිවේවේ මෙන්න අම්මේ ඔයාව බ්ලැක් ලිස්ට් කරලා කියාය. තාත්තා දන්නා බ්ලැක් ලිස්ට් එකක් නැත්තේය. කෙසේ හෝ නම්බර් එකේ Option ගොස් බ්ලැක් ලිස්ට් එකට වැටී ඇත්තේ තාත්තා අතින්මය.

සිද්ධියෙන් පසු තාත්තා වැඩි දුරටත් පැවසුවේ දිනක් Player එකේ සින්දුවක් Play වීම නවත්වා ගත නොහැකිව ෆෝන් එකේ බැටරිය ගලවා නැවත දැමූ විට තත්වය සමනය වූ බවක්ය.

Written_by_sAm_ශ්‍රී_perera_7:21am_23/07/14

Thursday, July 17, 2014

ඇතුලේ හිරවීම් (දෙක) - Can't Get it OUT?? (Part-02)

කලින් ලිපියේ ලියන්නට හැදුවේ හිරවීම් ගැනය. එහෙත් ලියැවුණේ බලු කතාන්දරයක්ය. දොට්ට පිලට යද්දී හරියටම කොමඩ් එක ටාගට් කරන අපේ එවුන්ට කතාවක් ලියද්දී මාතෘකාව ටාගට් කරගත නොහැකිවීම දුක්ඛිත සිද්දියක්‍ ය. සෑමාටද එසේමය. එලෙස ලියාගත නොවූ ATM කතාව මෙසේය.

හිරවීම් නම් ඉතා දුක්ඛිත බැව් එදා බලු කතාවෙන් සනාත වූවේය. හිරගන්නට යන එකෙක්ව බේරා ගැනීමට පිරිමි බහුතරයක් උපකාර කළද කාන්තාවෝ නම් කිසිම සහයෝගයක් නැත්තේය. එය සෑමාට අත්දැකීමෙන් තේරුම් ගියේ හිරවුණු දවසකය.

හදිසියට මුදල් අතට ගන්නට සෑමා යන්නේ ගෙවල් ලග අති ATM එකටය. එතැන බැන්කු ශාඛාවක් නැත්තේය. කාන්තාරයක් මැද හිටවූ ආකාරයේ ATM මැෂින් එකකින් සල්ලි ගැනීම අවධානම් බව මතක තබා ගත යුතුය. හදිසියේ ඔබගේ කාඩ් පත එවැනි මැෂින් එකක හිරවූවොත් ඔබ අසරණ වන්නේ සිද්ධිය ගැන කියන්නට එතැන සිකියුරිටි අංකල් කෙනෙක් වත් නොමැති වන නිසාය. බැංකුවක් අසල තිබෙන මැෂින් එකක නම් ඕනෑම වේලාවක කාඩ්පත හිර වූවොත් ඒ ගැන ඒ අසල සිටින සිකියුරිටි අංකල්ට කිව හැකිය. එහෙත් බැංකු ශාඛාවක් අසල නැති මැෂින් වලදී කාඩ් පත හිරවුණොත් ටිකක් කරදර වන්නට සිද්ධ වෙන්නේය.

දිනක් සෑමා ගෙවල් අසල ඇති මැෂින් එක අසලට ගියේ මුදල් ගැනීමටය. මැෂින් එක අසලට යාමට පඩිපෙළ නැගගෙන යද්දී එතැන කෙල්ලෙක් මූණ දෙක කරගෙන සිටියා සෑමාට මතකය. ඉන්පසුව කාඩ් පත ඇතුලට දැමූ සෑමා රහස් යැයි කියනා අංකය ඇතුලත් කළේය. සිදුවූයේ විපතක්ය. කාඩ්පත ඇතුලට ගියා මිසක එළියට නම් ආවේ නැතිය. සියළු සෙල්ලම් දමා ගන්නට හැදුවද වැඩේ ගොඩ නොගියේය. සියල්ල බලා සිටියේ උඩින් සවිකර තිබූ කැමරාව පමණක්ය. සෑමා එලියට ආවේ මැෂින් එක සැදූ එවුන්ගේ අම්මා මුත්තා සිහි කරමින්ය. පහළට එද්දී පෙර කී කෙල්ල සෑමා දෙස බැලුවාය.

“සල්ලි ගන්න පුලුවන් වුණාද අයියා...“

“ෂික් බලන්නකෝ.. කාඩ් එක හිරවුණානේ..“

“ඒක තමයි.. මගේ කාඩ් එකත් හිර වුණා..“

ඇගේ මුහුණ දෙස බලා සිටියදී සෑමාට මැවී පෙනෙන්නට වූයේ කිසිදාක නොදුටු ඇගේ මෑණියන්වය.

“ඉතිං මම ඇතුලට යද්දි කිව්වෙ නැත්තෙ මොකෝ හලෝ.. ඔයා මාර බඩුවක්නේ...“

ඇය නිරුත්තරය. සමහර විටක කාඩ් පතක් සිරවූවද ඊලඟට පැමිණෙන පුද්ගලයාට කිසිම ගැටළුවක් නැතිව තමන්ගේ කාඩ් පත පරිහරණය කිරීමට ඉඩ ලැබෙන්නේය. එහෙත් තම කාඩ්පත සිරවී තිබියදී ඊලගට පැමිණෙන පුද්ගලයාට ඒ බව පවසා සිටීම යුතුකමක් වන්නේය. නැතිනම් සිදුවන්නේ තමා වැටුණු වලේ තවත් කිසිවෙකු වැටෙනු බලා සිටීමටය. එදින සිරවූ කාඩ් පත නැවත බැංකු ශාඛාවෙන් ලබා ගැනීමට සෑමාට දින කිහිපයක් ගත වූයේය. එම සිද්ධියෙන් උගත යුතු පාඩම නම් බැංකු ශාඛාවක් අසල නැති ATM මැෂින් වලට කාඩ් පත ඇතුලත් කිරීමේදී දෙවරක් සිතිය යුතුය යන්නයි.

කාඩ්පත සිරවුවහොත් කුමන හෝ ජිල්ටෝන් එකක් දමා කාඩ් එක ගත හැකිය. එහෙත් ඔබේ මුදල් මැෂින් එකෙන් පිටතට නාවොත්, හො හිර වුව හොත් ඔබට ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව දැන සිටිය යුතුය. පෙර කී මැෂින් එකෙන්ම දිනක් සෑමා මුදල් ගන්නට උත්සාහ කළේය. එහිදී රුපියල් 2000/-ක් ගන්නට මුදලේ අගය මැෂින් එකට ඇතුල් කළද මුදල් පිටතට නොආවේය. සෑමා නැවත වරක් උත්සාහ කළේය. මැෂින් එකේ ක්‍රියාකරන හඬ පිටතට ඇසුනද, එවරත් මුදල් නොලැබිණ. මුදල් පිටතට ලැබෙන කවුළුව අතගා බැලුවද එ වැසී ඇත්තේය. කළ හැක්කේ අන් කිසිවක් නොව කැමරාව දෙස බලා මුදල් ලැබුණේ නැති බවට විරිත්තීම පමණක්ය. ඉන්පසුව කාඩ් පතේ ශේෂය විමසූ විට ඉන් රුපියල් 4000/-ක් අඩු වී තිබුණේය.

ඉන්පසු සෑමා කාඩ් මධ්‍යස්ථානය ඇමතුවේය. ඔවුන් කීවේ බ්‍රාන්ච් එකක් අසල නොවන මැෂින් එකක් නිසා ඔවුන් එය පරික්ෂා කරන්නේ යන්ත්‍රයට නැවත මුදල් පුරවන්නට ගිය විටක බවය. ඒ නිසා දින දෙකක් පමණ ඉවසා, වරද නිවැරදි නොවූයේ නම් ගිණුමට අදාල බැංකු ශාඛාවට දන්වන ලෙසය. සෑමා දින දෙකක් ඉවසා බැංකු ශාඛාවකට දැනුම් දුන්නේය. බැංකු සහකරුවෙක් කියා සිටියේ ගිණුමේ එදින 4000ක මුදලක් අඩුවී ඇති බවත්, තවමත් ඔවුන් එය නිවැරදි කර නැති බවත්ය. තවත් සතියක කාලයක් පමණ ඉවසා සිටින මෙන් ඔහු කීවේය. ඒ අතර සෑමා නැවත කාඩ් මධ්‍යස්ථානය ඇමතුවේය. ඔවුන් කීවේ සතියක කාලයක් පුරාවට කිසිවෙකු එම ATM මැෂින් එක ලඟට ගොස් නැති බවක්ය. එක අතකින් එය විහිළුවක් බව හැඟුනද සෑමා නිහඩව සිටියේය. නැවත මාකොළ කොමර්ෂල් බැංකු ශාඛාවෙන් විමසූ විට මුදල් තවමත් ලැබී නැත්නම්, බැංකුවට ලිපියක් නොදුන්නේ මන්දැයි ඇසුවේය. මෙතුවක් එවැනි පියවරක් අනුගමනය කළ යුතු බවට සෑමාට කීවේ කාඩ් මධ්‍යස්ථානය පමණක්ය. කලින් වර බැංකු ශාඛාවෙන් විමසූ විට ඔවුන් කීවේ එවැන්නක් අනවශ්‍ය බවත්, ඉවසා සිටිය යුතු බවක්ය. සෑමා කාඩ් මධ්‍යස්ථානය අමතා නැවත කතා කළ විට ඔවුන් කෑෂ් සෙන්ටර් හෙවත් බැංකු ශාඛාවලට අනුබද්ධව නොපිහිටි ATM මැෂින් වලට මුදල් පුරවන මධ්‍යස්ථානයක නම්බර් එකක් දුන්නෝය. සෑමා එය ඇමතුවේය.

ඔවුන් කීවේ එම කාල සීමාව තුල එසේ මුදල් වැඩියෙන් පිටතට පැමිණීමක් හෝ, යන්ත්‍රය තුල සිරවීමක් සිදුව නැති බවක්ය. සෑමා යන්ත්‍රය භාවිත කළ දිනය වේලාව සහ ඒ වේලාවේ අදාල මුදල් 2000, බැගින් දෙවරක් පිටතට ලබා දුන් බව ආයතනය මගින් කියා සිටියේය. එහෙත් සෑමා අතට මුදල් නොලැබුණු බවට එතැන තිබූ කැමරාව සාක්ෂි දරන්නේ නම්, එය නැවත නිරීක්ෂණ්‍ය කර බලා සාධාරණයක් ඉටු කිරීමට ආයතනය නිවැරදි විය යුතුය. ඒ මොහොතේ මැෂින් එකේ තිබූ කැමරාවෙන් සිද්ධිය නිරීක්ෂණය කරන මෙන් සෑමා ඉල්ල සිටිය විටදී ආයතනය කීවේ ඒ සඳහා කොමර්ෂල් බැංකු ආයතනයට බලයක් නොමැති බැවින්, පොලිස් පැමිණිල්ලක් මාර්ගයෙන් අදාල ඉල්ලීම කළ යුතු බවක්ය. අපේ ගිණුමක, අපේ සල්ලි ගන්නට පොලීසි බඩ ගාන්නට වන්නේ නම්, බැංකුවේ ATM මැෂින් එකක සවි කළ කැමරාවේ අයිතිය ඇත්තේ පොලිසියටද? ඒවා සවිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා සෑමා විමසා සිටියේය. එසේම ඔවුන් මින් අදහස් කරන්නේ බැංකු ශාඛාවක් නැති මැෂින් එකකින් මුදල් ගැනීමේදී ඇති අනාරක්ෂිත බවදැයි විමසා සිටිය විට එහා පැත්තේ කතා කළ පුද්ගලයා සිනාසුනේ එය සත්‍ය බව හඟවමින් දැයි සිතා ගත නොහැකිය.

උක්ත සිද්ධියට මුදලට නතු නොවූ, බලයට නතු නොවූ, ලොව සාධාරණම පොලිස් සේවය හවුල් කර ගන්නවාට වඩා, සිදුවූ පාඩුව දෙස බලා, නැවත එම වරදම නොකිරීමට වග බලා ගැනීම පහසුය. එසේම යම්කිසි මුදල් හදිස්සියකින් වැඩි මුදලක් ලබා ගන්නට ATM මැෂින් එකට ගියේ නම් එතැනදී සිදුවන අපහසුතාවය ගැන දෙවරක් කල්පනා කර බැලිය යුතුය.

මට නැවත මතක් වන්නේ මැෂින් ඇතුලේ හිරවීම් ගැන ලියන්නට ගොස් ලියැවුණු බලු කතාවේ අවසන් වාක්‍යයි.

//සල්ලි හිරවීමෙන් සෑමාට වූ සිද්ධිය මතක් වෙද්දී විටක සිතෙන්නේ අපේ ATM මැෂින් බැල්ලිගේ අහවල් එකට වඩා අන්ත බවක්ය.//

Written_by_sAm_ශ්‍රී_Perera_7:17am_17/07/14

Monday, July 14, 2014

ඇතුලේ හිරවීම්... - Can't Get it OUT??


හිරවීම් හෝ සිරවීම් ගැන ඇසුවාම පපුව හිරවෙනා තත්වයක් බොහෝ දෙනෙක්ට ඇත්තේය. පොළොව හාරාගෙන යද්දී පතල් අස්සේ සිරවීම් ගැන ඇසුවාම හුස්ම හිරවෙන්නේ ඉබේටම වාගේය. එවැන් සිද්ධියකදී හිරවුණු අයට හුස්ම හිරවන්නා සේම අපේත් හුස්ම හිරවන්නේය. එසේම වැඩි සතුටකදී හෝ වැඩි දුකකදී පපුව හිරවෙනා තත්වයක් බොහෝ අයට ඇත්තේය. එය කෙළවර වන්නේ පපුවේ අමාරුවකින් හෙවත් හාර්ට් ඇටෑක් එකකින්ය. ඒ සියල්ල මැද්දේ හිරවීමට හොඳම උදාහරණය දිය හැක්කේ බලු කතාවකින්ය. බලු කතා කිහිපයක් ලියූ සෑමා හිරවීමේ උදාහරණය බල්ලා කොට ගෙන ලියන්නට යන්නේ ATM කාඩ් එක සිරවීමක් ගැනය. 

බලු කතාව මට කීවේ මිතුරෙක්ය. තමන්ගේ ගම් පැත්තේ සිටිනා බල්ලෝ සැට් වලට විවිධ අනන්‍ය වූ හැසිරීම් සහ පිහිටීම් ඇති බව හොඳින් නිරීක්ෂණය කළ හැකිය. බල්ලාට ඇති වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ කියූවද උන්ගේ හැසිරීම සහ දින චර්යාවේ සමානකමක් ඔවුන් අධ්‍යයනය කිරීමෙන් උගත හැකිය. එවැනි වාහාන පසුපස පන්නන බල්ලෙකු සහ ත්‍රීවීල් හයර් දුවන බල්ලෙකු ගැන සෑමා අතීතයේ සටහන් කළේය. අපේ මිතුරාගේ පැත්තේ බල්ලෝ සැට් එක සිට ඇත්තේය. උන්ගේ තඩි පොෂ් ලුක් එකක් තිබූ බල්ලා ඒ පැත්තේ රජෙකු මෙන් සිටියේය. එසේම ඌට ලයින් දෙන, ක්‍රෂ් එක, සිකුමාල පිරිසිදු බැල්ලක් ඒ අවටම සැරිසරා ඇත්තේය. වටේට සිටි බලු රැල නොයෙක් වර්ගයේ වල් බල්ලෝ වූවෝය. ඒ අතර සිටි ‘පූලා‘ නම්  (ඔහු මීට වඩා අපූරු නමක් කියූ නමුදු නම මතක නැත) වූ නකුටු බල්ලා බලු සැට් එකේ කොන් වී සිටි අයෙක්ය. රජා, සුකුමාල රැජිණ සමඟ සංවාසයේ යෙදුනද අනෙක් උන්ට කිසිම සැපතක් නොමැති වූයේය. එසේම රැජිණ ලෙස සිටි සිකුමාල බැල්ල රජුට හැරෙන්නට වෙන එකෙක්ටවත් තම කරේ නගින්නට ඉඩ නොදුන්නේය.

තත්වය එසේ තිබියදී රජු හා රැජිණ සැපෙන් කල් ගෙවද්දී අනෙක් බලු සැට් එක රැජිණට ගහ මරා ගන්නෝය. එහෙත් රැජිණද තම පතිවත රැකගෙන පුදදෙන්නේ මහ රජුට පමණක්ම වූයේය. ඒ අතර හැමදාම වලිය. මහ බල්ලාද බලු සැට් එක සමඟ පොර බැද බැල්ලට ලං වන්නේය. අනෙක් උන් පොර  බැද්දට වැඩක් නැත්තේ සටනින් ජය ගත්තද අවසන් තීරණය ඇත්තේ බැල්ලීගේ මනාපය පරිදි බැවින්ය. ඇය කවුරුන් සටන ජය ගත්තද කරේ නගින්නට දෙන්නේ මහ බල්ලාට පමණක්ම විය. එකී අසාධාරණ සමාජ ක්‍රමය හමුවේ සටන් පවා දිනපතා ජය ගත්තේ මහ බල්ලාය. අනෙක් උන් සටන අතරමැද අතැර යන්නෝය, විටක ජයගෙන පැත්තකට වන්නෝය. මේ සියල්ල මැදහත් සිතින් පැත්තකට වී බලා සිටියේ නකුටු පූලාය. විටක සටන් ජයගෙන පැමිණෙන උන්, බැල්ලගේ පහස නොමැති වූ තැන නගින්නේ පූලාගේ කරේය. එහෙත් පූලාට කරන්නට දෙයක් නැත්තේය. ඌ පිරිමි සහ ගැහැණු අතර මැදහත් සිතින් කොන්ද නමාගෙන සිටින්නේ තිබෙන්නාවූ නෝන්ජල්කමටය. එසේම කරකියාගත දෙයක් නොමැති අසරණකමින්ය.

දිනක් බලු සැට් එකම පාර දිගේ වලියක්ය. මහා සටන එළැඹී තිබුණේ එදින යැයි කිව හැකිය. මන්ද සියළු බලු සැට් එකම මහ බල්ලාව වට කොටගන ඌව සපා කන්නට වූයේ කලින් කතිකා කරගත් ආකාරයටය. ඌ බේරෙන්නට පාර පුරා දුවමින් දඟලන්නට වූයේය. ඒ අතර බැල්ලීද පැත්තකට වී නොසිට සැට් එක මැද්දට පැන බල්ලා වෙනුවෙන් සටන් කරන්නට වූවාය. තත්වය ක්‍රමයෙන් දරුණු වන බව පැත්තකට වී බලා සිටියේ පූලාය. එසේම ක්‍රමයෙන් උත්සන්න වන සටන් ජවනිකාවේ අවසන සිතා ගත නොහැකිව බැල්ලද පැත්තකට වූවාය. පූලා අවස්ථාවාදී වූවේය. පැත්තකට වී සීන් එක බලා සිටිනා බැල්ලගේ පිටට පැනීමට තරම් ශක්තියක් පූලාගේ සිතේ ඇති වූයේය. “මලත් කම් නැත එකක් ගසලා“ යන අති උතුම් වූ චේතනාවෙන් පූලා බල්ටික් ගසා පැන්නේ බැල්ලගේ පිට මතටය. බැල්ල තම ස්වාමියා වෙනුවෙන් වෙන්කොට තිබූ කෑම වට්ටෝරුව වෙන කෙකුට නොදී ඉන්නට වග බලා ගත යුතු යැයි සිතා ක්ෂණිකව පූලාගෙන් බේරෙන්නට තැත් කළාය. එහෙත් සිදුවූයේ අනෙකක්ය, පූලා ඇතුලේ සිටියදී දොර ලොක් වූයේය. ඉක්මනින් වෙන් නොවන බලු බැදීමකින් පූලා බැල්ල සමඟ කරේ යද්දී, අනෙක් බලු සැට් එකම සටන් විරාමක් තබා සිද්ධිය දෙස නෙත් යොමන්නට වූවෝය. 

පූලාට කරකියා ගන්නට දෙයක් නැති වූයේ මහ බල්ලා සමඟ අනෙක් බලු සැට් එකම පූලාගේ කරේ නැඟ පහර දෙන්නට වූ නිසාය. බැල්ල පහත මාලයේද, ඊට උඩ මහළේ පූලාද, සිටියදී බලු සැට් එකම පුලාව වට කොට කන්නට වූයේ ඇල්.ටී.ටී.ඊ. එකෙන් පැමිණ දෙමහල් ගොඩනැගිල්ලකට කුරුම්බැට්ටි ප්‍රහාරයක් එළ්ල කරන ආකාරයෙන්ය. ලොක්, අන් ලොක් වෙන තුරුම, ප්‍රහාරයන්ට මුහුණ දුන් පූලා “ලෙඩා මලත් බඩ සුද්දයිනේ..“ සිතා පණ බේරාගෙන දුවද්දී, බැල්ල ඉතා ලැජ්ජා සහගතව බලු රැල අතරේ කොන් වූවාය. මහ බල්ලාට කර කියා ගත දෙයක් නොමැතිව සිටියේ රාජ සභාවට පැන අග බිසවට එකෙක් කෙලියා නේදෝ යන කඩා වැටිච්ච සිතින්ය.

බලු කතාන්දරය දුර දිග ගිය නිසාම, බල්ලෝ කෝම හිර කර ගත්තද, ATM කාඩ්/සල්ලි එකේ හිර නොවන ආකාරයට කටයුතු කරනා සැටි සාකච්ඡා කිරීමට නැවත ලිපියක් ලියන්නට වන්නේය. සල්ලි හිරවීමෙන් සෑමාට වූ සිද්ධිය මතක් වෙද්දී විටක සිතෙන්නේ අපේ ATM මැෂින් බැල්ලිගේ අහවල් එකට වඩා අන්ත බවක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:12am_14/07/14

Thursday, July 10, 2014

අපි නොදන්න රැකියා.. - Hidden Jobs !!!


සෑමාගේ සීයා මෙලොව ඇතැර ගොස් දැනට වසර විසිපහක් වන්නේය. මාළු වැස්සේ සිටි ආච්චී ගේ ආදරණීය සැමියා වූ අපේ සීයා නොහොත් තාත්තාගේ තාත්තා මිය ගියේ සෑමා පොඩි කාලයේය. ඒ කාලයේ මල ගෙදර පොටෝ කැබලි වල සෑමා අත දරුවෙකුව සිටියේය. මාතලන් මෑතකදී ලියු මලගෙවල් ස්ටෝරියේ පොටෝ කැබලි ඇල්ලීම ගැන සදහන් වූයේය. එහෙත් ඒ කාලයේ මලගෙවල් වල පොටෝ ගැසීම රජටම වූයේය. නමුත් මෑත භාගයේ සිට මල ගෙවල් වල පොටෝ කැබලි ගැසීම එතරම් දක්නට නොමැති බව කිව හැකිය. අපේ අම්මාගේ අම්මා හෙවත් කුංකාච්චී මිය ගිය මොහොතේ පවා පොටෝ කැබලි ගසන්නට කිසිවෙකුවත් පෙළබුනේ නැතිය. එදා අම්මා ලියා තිබූ කවි පන්තියක් සෑමා පෝස්ට් එකක් ලෙස දැම්මා මතකය.

කෙසේ හෝ වේවා මල ගෙවල් ගැන ලියන්නට හදනවා නොව මේ ලියන්නට යන්නේ අපි නොදන්නා ජොබක් ගැනය. අපේ තාත්තාගේ අම්මා (ආච්චී) පෙරටු කොටගෙන අපි සීයා සිහිපත් කොට දානමය පිංකමක් කරන්නට කතිකා කර ගත්තේ මාසයකට එපිටදීය. එතැන් සිට දානය දෙන්නට තැනක් තෝරා ගැනීම, දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීම පවා කළේ අපේ මහප්පාය. මහප්පා තෝරාගත්තේ රාජගිරිය වික්ටෝරියා නිවාසයය. එහි සිටිනා අබාධිත අයට දානයක් දිය යුතුය යන්න මහප්පාගේ තේරීම වූයේය. එතැන බැලීමට මහප්පා මා සමඟ එහි ගියේය. ගොස් ඔවුනට අඩුපාඩු ඇත්තේ කුමක්දැයි  සොයා බලන්නට අපි සිදුවූයේය. එමඟින් අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුගත කොට අප දිනයක් වෙන් කර ගත්තේ මහප්පාගේ මුලිකත්වයෙන්ය. යම්තාක් දුරට ආධාර ලැබෙන තැනක් වූ නිසා සෑමා කීවේ එතැන එතරම් අහේනියක් නැති තැනක් කියාය. එහෙත් දීම හෙවත් දානය අපේ පැත්තෙන් කළ යුතු වැඩක් නිසා ඒ සඳහා කටයුතු කරන්නට අප කතිකා කර ගත්තෙමු.

ගමේ පන්සලේ (අපේ ගමේ පන්සල් තුනක්ය.) මූලික කරගෙන අප පිටත් වූයේ වික්ටෝරියා නිවස බලාය. දැන් ඉන්නා තරුණ පිරිස් සහ තාක්ෂණය පිළිබඳ කතිකාවකදී තාක්ෂණය නිසා දරුවන් නොමඟ යාම පිළිබඳ කතාවක් ඇඳී ආවේය. එහෙත් සමාජ වෙබ් අඩවි ආධාරයෙන් බොහෝ තරුණ පිරිස් සමාජ සත්කාර අදියට යොමුව ඇති බවට සිතුවිල්ලක් හාමුදුරුවන්ගේ මනසේ නිර්මාණය කරන්නට හැකි වීම ගැන සෑමාට සතුටක් ආවේය. එසේම අබාධිත මනස විකල් වූ අය පිළිබඳව කතා වෙද්දී හාමුදුරුවෝ අපූරු කතාවක් කීවෝය.

“ඒ මිනිස්සු උපතින්ම සිහි විකල් වෙලා ඉන්නෙ.. ඒත් හොඳ සිහිය තියෙන අපේ මිනිස්සු ගුලිද මොනවද කාල සිහිය විකල් කර ගන්නෙ විහින් නේ...“

“අපොයි ඒක නම් ඇත්ත හාමුදුරුවනේ..“

“අපේ පැත්තේ සිරිසෝමයා මරු වැඩක් කළානේ.. පෙරහැර දවසේ...“ (සිරිසෝම යනු මන: කල්පිත නමක්ය.)

“ඒ මොකක්ද හාමුදුරුවනේ..“

“මිනිහා පෙරහැර යද්දි මාත් එක්ක කියව කියව ආව.. බෝක්කුව ලඟ වෙල ලඟ පාරෙදි..“

“ඉතිං..“

“මිනිහා වෙලෙන් පැනලා ගෙදර යන්න බලාගෙන හිටියෙ.. අනික සිහිවිකල් වෙලා හිටියෙ... වෙල ලඟදි මිනිහා කියපි.. හාමුදුරුවෝ පාරෙන් යන්න මම එහෙනම් වෙලන් වඩින්නම් කියලා....“

එදා සිරිසෝමයා වෙලන් වඩිද්දී හාමුදුරුවෝ පෙරහැරෙන් පන්සලට ගොස් තිබුණේය. හාමුදුරුවෝ ගුලි කෑමේදී සිදුවන මානසික විකෘතිය විග්‍රහ කළේ ඒ අයුරින්ය.

එලෙස වික්ටෝරියා නිවසට ගොස් දානමය කටයුතු නිමා කොට, සීයාට පින් අනුමෝදම් කොට, අවට අබාධිත, අසරණ වූ අය බලද්දී මහප්පා කීවේ දැන් Disabled හෙවත් ආබාධිත කියන වචනය භාවිතා නොවන බවක්ය. ඒ වෙනුවට කිසියම් හෝ හැකියාවක් ඇති බව කියවෙන differently abled කියා නම් කෙරෙන බව කියා සිටියේය. ඇත්තටම ඔවුනට සම්පූර්නයෙන් නොහැකියාවක් නැත්තේය. එනම් සම්පූර්නව ආබාධිත අය නොවූයේය. සමහරුන් සුභ පැතුම් පත් සාදා ඒවා තමන්ගේ ඇද අද්දර තබාගෙන විකුණන්නෝය. සමහරු අතේ බඳිනා බෑන්ඩ් ගොතා ඒවා විකුණන්නෝය. එවැනි සයිඩ් බිස්නස් කරන්නට තරම් හැකියාවක් ඔවුනට තිබුනේ Disabled නොවී differently Abled වූ නිසාය.

සියල්ල අවසන් වී එළිය පැමිණ විට අයෙක් රෝද පුටුවකට වී පාර දෙස බලාගෙන කුමක්ද සටහන් කරනු දක්නට ලැබුණේය. විටක ඔහු පාර දෙස බලාගෙන කවි ලියනවා විය යුතුය. දවස පුරා කිසිම වැඩක් නැතුව රෝද පුටුවට වි සිටියදී වෙන කරන්නට දෙයක් නැතුවා විය හැකිය. එක්කෝ පාර දෙස බලාගෙන පාරේ යන වාහන ගණිනවා විය හැකිය. එවැනි සිතුවිලි සිතට එද්දී අප කළේ ඔහු ලඟට කිට්ටු වී කරනා දේ කුමක්දැයි විමසීමය. ඔහු කනේ ඉයර් ෆෝන් එකක් ගසාගෙන, ෆෝන් එකකින් සිංදු අසනු අපට දක්නට ලැබුනේය. තම රෝද පුටුව මත තබා ඇති ලී කැබැල්ලේ පොතක් තබා ඇත්තේය. පැත්තක ලෑල්ලේම ඔරලෝසුවක් අලවා ඇත්තේය.

“ඔයා මොකද මෙතන කරන්නේ??“

“අහ්.. මම වැඩසටහනක් ලියනවා..“

අම්මට හුඩු කලාකාරයෝ මෙතනත් ඉන්නව නොවැ.. කියා සිතා ගත් මම තවත් ප්‍රශ්න නැගුවේ සියල්ල දැන ගැනීමටය. 1988 වසරේදී තමා ඔබ්රෝයි (අද සිනමන්) හෝටලේ වැඩ අහවර වී පාන්දර පාරට බැස්ස මොහොතේදී වෑන් රථයක් පැමිණ තමාව හප්පාගෙන ගිය බවත්, පසුවදා උදේ පිරිසක් පැමිණ තමාව කානුවකින් ගොඩ ගෙන රෝහලට රැගෙන ගිය බවත්, සිදුවූ ප්‍රමාදය නිසා තමන්ට දෙපා වාරු නැති වූ බවත් හෙතෙම කීවේය.

“හරි දැන් මේ වැඩසටහන මොනව ගැනද??“

“නැහැ.. මම කරන්නේ හවස 4 ඉදන් හවස 5 වෙනකල් එෆ් එම් නාලිකාවක යන වෙළඳ දැන්වීම් ලියනවා...“

“එතකොට..“

“ඒගොල්ලෝ ඇවිත් මේ කොළේ අරන් යනවා.. මාසෙ අන්තිමට අපිට ගාණක් දෙනවා..“

“අඩේ.. මාරයි නේ.. එයාල මොනාද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..“

“එයාලට ඒ පැය ඇතුලත් වෙළඳ දැන්වීම් මිස් වුණාද කියල චෙක් කරනවා..“

කෙසේ හෝ වේවා, තනිවී අතරමං වී, සමාජයෙන් දුරස්ථව නිවාසයක රැදී සිටින ඔවුනට එවැනි කාර්යයක් පැවරීම නම් අගය කළ යුතුය. ඔහුට එම කුඩා රැකියාවෙන් මාසය අන්තිමට යම්කිසි මුදලක් අතට ලැබෙන බව හෙතෙම කීවේය. එවිට සෑමාට කල්පනා වූයේ අප නොදන්නා රැකියා කීයක් නම් මෙලොව ඇත්තේද යන්නයි...

Written_by_sAm_ශ්‍රී_Perera_12.01am_10/07/14
Related Posts Plugin for WordPress, Blogger...