Wednesday, March 27, 2013

හෙරෙන් උස්සා බැලුවෙ ඉස්සර... A Poem For Dirty Minds !



හෙරෙන් උස්සා බැලුවෙ ඉස්සර
උස්සලා පෙන්නනව ලෝකෙට
විලි වහන් හිටියාට කොච්චර
කරන වැඩ අන්තිමද මෙච්චර ?

ජ්‍යාමිතික හැඩයක් ඇතත්
ගණිතයට හරි දුර්වලයි
උල් තමයි කෙළවර සැරයි
ත්‍රිකෝණෙක හැඩ සිහි කරයි

කොටුවෙ නම් දුසුමක් හැටයි
ඔඩෙල් එකෙ ඊටත් ගණන්
පොෂ් එකත් හරි පිලිවෙලයි
කොටුවෙ එක නම් සති දෙකයි

තෙමුනොතින් හරි ගද තමයි
කෙලවරේ කැත වැඩ ගොඩයි
දිරණ විට මහ හිල් ගොඩයි
මහ ජරාවක් වගෙ තමයි

කොල්ලෙකු වැඩ පජාතයි නම්
උගෙ නමත් මේ ජංගියයි
හැඩේ හැටි තුම්මුලස් නම්
ඒ තැනෙත් නම ජංගියයි

ලවන ජලයේ දැවටිලා
මුහුදු සුලගේ වේලිලා
මාළු දැල්වල පැටලිලා
ජංගි කෙලවර හිල් වෙලා

මුදල් දී සැප ගන්න එන වුන්
කළබලෙන් ලග දැවටිලා
සමූලව දුෂණ කළා
උන් නිසා විළි හිල් වුණා

තිරිකෝණ හැඩෙ යටින් කෙලවර
කිසිම කරුණාවක නැති හැඩ
ලලිතා ගේ මේ කෙලවර
හිල් ගොඩයි - කරුණා නිදයි

*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*



පරණ ඒවා...

ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම
කෙල්ලෝ කටේ තියන් උරන කැත
එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය
නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය
පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම
පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක
Written_by_sAm_ශ්‍රී_Perera_7:47am_27.03.2013

52 comments:

  1. දැන් එතකොට ඉන්දියාවත් ජංගියක්

    ReplyDelete
    Replies
    1. ඉස්කෝල යද්දි කිව්වේ..

      අන්න ඉන්දියාව පේනෝ කියලා..

      Delete
  2. උඩම හරියේ සුදු වුනත්
    පහල හරියේ කළු-පිරිත්
    තදට බැඳී යයි යයි ලොව සිතත්
    කොයි වෙලේ හෝ ගැලවී වැටෙත්

    ReplyDelete
    Replies
    1. Auto ගැලවෙන්නෙ නැහැනෙ බං. කවුරු හරි බලපෑම් කලොත් මිසක් :)

      Delete
  3. දකුණු ඉන්දියාවයි, ලලිතයි, කරුණානිධියි කරන වැඩ බලපුවම උන්ට හරියන්නෙත් ඔය නම තමා...
    මුල ටික කියවගෙන එනකොට හිතුනේ 18+ එකක් කියලා...
    Hikz...
    මොකක් උනත් පට්ට...

    ReplyDelete
    Replies
    1. ගැලපෙන එක නේද? ටිකක් ගදයි නේ !

      Delete
  4. ඔය ජංගියේම නූල් පොටකින් තමයි පල්ලෙහේ තියෙන අඹ ගෙඩිය හැදිලා තියෙන්නෙත්..

    ReplyDelete
    Replies
    1. ඒකට මෑ ඇටේ කියලා කියුවොත් නේද මේ කවිපන්තියට හොඳ ?

      Delete
    2. මෑ ඇටේ තියෙන්නෙ ඇතුලේ නේ..

      Delete
    3. අඩෝ උබ දේශද්‍රෝහී වෙයි !

      Delete
    4. එතකොට මෑ ඇටේ කොයි හරියෙද ඇත්තෙ මාතලන්

      Delete
    5. වයස සහ ශරීරයේ මහත/කෙට්ටු ප්‍රමාණය අනුව පිහිටි ස්ථානය සුළු වශයන් වෙනස් විය හැක.

      Delete
    6. වසර .......ක අත්දැකීම්

      Delete
  5. ඉස්සර අපි ඉස්කෝලෙදිත් ඕක බලනවා (හපෝ වල් කොල්ලො ) නියම කවි සෙට් එක සැමො

    ReplyDelete
    Replies
    1. අපි නම් ඉස්කෝලෙදි දැකල නැහැ :ඩී

      Delete
  6. අපි ඉස්කෝලේ යන කාලේ ඔය වචනේ පාවිච්චි කළා ප්‍රසිද්ධ ස්ථාන වලදී :D

    ReplyDelete
  7. අප්පේ..ඕකට නම් ජංගිය කියන්නත් හොද වැඩියි බං!

    ReplyDelete
    Replies
    1. ඊට වඩා කැත එකක් නැහැනෙ බං

      Delete
  8. කාලීනයි. පට්ට!

    ReplyDelete
  9. මතක ඇතුව දෙක තුනක් අරන් යමන් ට්‍රිප් යද්දි ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ඉන්දියාවත් දැන් ඉන්දියාවක් වෙලා නේද.

    ReplyDelete
  11. මට හිතුනේ මේ කියන්නේ ජන්ගියක් ගැන කියලමයි..


    මාළු බනිස් කන හැමවෙලාවෙමත් මට මතක් වෙන්නේ ඔයිට සමාන දෙයක්

    ReplyDelete
    Replies
    1. මාළු බනිස් වල ගදටද බං මතක් වෙන්නෙ ?

      Delete
  12. මට හිතා ගන්න බැරුව කියෙවුවෙ. වටේම ගඳ ගස්සනවා ඒ තුන් හුලස් රට.

    ReplyDelete
  13. උඹ කැත හිත් වලට ලියන එව්ව බව දන්න නිස හොදයි.
    කරුනා"නිදි"යපුදෙන් එත් "ජය"ලලිතට දෙන්ඩ බෑ

    ReplyDelete
    Replies
    1. ලලිතට දුන්නම මක්ක වෙනවද අයියෝ

      Delete
  14. එයයිල දැන්, ලොකු ගේම් කාරයො වෙලානෙ,

    අපිව බයිට් එකට අරගෙන?

    (කවදත් අපිව බයිට් එකට ගත්ත එක තමයි කලේ අපිට හරියට පෙනුනෙ නෑ. දැන් වැඩේ පැහැදිලියි)

    ඔය ශේප් එක නම් ටිකක් අවුල් තමයි, සංස්කෘතික ත්‍රිකෝණය, ආදර තිකෝණය..

    ReplyDelete
    Replies
    1. කොන් තුනක් නිසානෙ බං අවුල

      Delete
  15. මට හිතුනා මෙහෙම මොකක් හරි අදහසක් තමා කියලා....

    ReplyDelete
  16. සිරාවට අදනම් හිතාගන්නම බැරිවුනා මොකක්ගැනද කියන්නෙ කියල අන්තිම වෙනකම්.....

    ReplyDelete
    Replies
    1. සතුටුයි හිතා ගන්න බැරිවුන නිසාම

      Delete
  17. අපෝ ඕකුන් ගැන මතක් කරන්න එපා.මට දැන් කරුණා,ජයේ වගේ නම් ඇහෙද්දීත් මළ ග්ර්ර්ර්ර්.

    ReplyDelete
  18. එහෙම තමයි බං අසල්වැසියෝ උනාම. වලියක් නැත්තම් ගතියකුත් නැහැනේ

    ReplyDelete
    Replies
    1. ඒත් ප්‍රේමකරන්නෝනෙලු නේද ?

      Delete
  19. එයාල විසි කරන ජංගි තමා බං මෙහෙට පටවන්නෙ, අපි එයාගෙ සූටි නංගිය කියල ඔය කට්ටිය පහුගිය කාලෙ කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. සූටි නංගිව සමූල දූෂණය කරයිද එහෙ අයියලා ?

      Delete
  20. ++++++++ (Y) (Y)

    ReplyDelete
  21. උඩ ඉඳන් එද්දී නම් හිතුනේ, අපේ තුන් හුලස් ගැන කියන්නේ කියල. බලපුවාම මේ අයියන්ඩි නේ.. :D

    නියමයි සෑම්..!

    ReplyDelete
    Replies
    1. ඇයි යටින් බැලුවම වෙන එකක් ද ?

      Delete
  22. පරක්කු උනත් දුවගෙන ආව කොන උල් එක බලන්න........බලන්කොට ජයලලිතගෙ කොනනෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...