Friday, March 1, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 6 කොටස


පිළිවෙලකට මුල සිට කතාව දැනගන්න... එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

එයා මට එදා බස් එකේදි මුණ ගැහිච්ච හැටි, මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන් ඇද්ද හැටි, මට මැඩම්ගෙ ක්ලාස් එක ලගදි හමු වෙච්ච හැටි, එදා මගෙ බයිසිකලේ ටයර් එක හිල් වෙන්න දෙහි කට්ටකින් ඇනල තිබ්බ හැටි මට එක දිගට මැවි මැවි පේන්න ගත්තා. පහ වසරෙදි ආරම්භක විද්‍යාව පටන් ගත් කාලෙදි අපි ඉස්කෝලෙදිම හැදුවා වීදුරු පටි තුනක් ත්‍රිකෝණාකාරව අලවලා බහුරූපේකෂයක්. ඒක ඇතුලට පාට කොළ කෑලි දාලා කරකව කරකව අපි ඇස් රිදෙනකල් බැලුවා. එදා රෑ වෙනකල් ඇදේ දිගා වෙලා හිටිය මට බහුරූපේක්ෂයක් කරකනව වගේ විවිධ රටා මැවෙන්න ගත්තා. මගෙ පුංචි සිත් අහස පුරාම එකම කාව්‍යක් ලියවිලා තිබ්බ. ඇත්තටම කාව්‍යා ඒ ඔයා. මගෙ බහුරූපේක්ෂය ඇතුලෙ රිංගගත්ත පාට පාට කඩදාසි ගුලි ටික ඔයාමයි.

මීට කලින් මගෙ සිහිනය වුණේ කෙල්ලෙක් සෙට් කර ගන්න එක. පාරවල් ගානෙ කොණ්ඩෙ වවාගෙන ඇවිද්දෙ, ඩෙනිමක් ගහගෙන හිපියෙක් වගේ රස්තියාදු ගැහුවෙ, බස් හෝල්ට් වල කට්ට කෑවෙ කෙල්ලෙක් හොයා ගන්න. ඒ අතර මම පාට් ටයිම් ට්‍රයි කලේ ගායකයෙක් වෙන්න. වෙඩින් වලට ප්ලග් වෙලා සිංදු කියද්දි බීපු ඩයල් ඇවිත් මගෙන් ඉල්ලුවෙ බයිල සිංදු. මට මල පැන්නත් ප්‍රේක්ෂක ජනතාව ඉල්ලන දේ දෙන්න මට සිද්ද වුණා. මොකද මම සිංදු කිව්වෙ බෑන්ඩ් එකේ එවුන්ගෙන් සල්ලි ඉල්ලගන්න බලාගෙන නෙවේ. මට තැනකට එන්න ඕන නිසා. ඒත් ජීවිතේ හරිම පුදුමයි. එදා පාට් ටයිම් මම දැක්ක සිහිනය මම සැබෑ කරගන්න ෆුල්ටයිම් ගායකයෙක් වෙන්න හදනකොට, ෆුල් ටයිම් කෙල්ලෙක් හොයා ගන්න ට්‍රයි කරපු එක මට වදයක් වෙලා වගේ. ගායකයෙක් වෙන්න පාර ඇරිල තියෙද්දිත් අහක හිටපු කෙල්ලෙක් ඇවිත් මට බාධා කරනවා. එයාට ආදරේ කරන්න කියල මාව ඒ පැත්තට අදිනවා. ඒත් ඒකි ආදරේ හිතෙන කිසිම දෙයක් කරන්නෙත් නැහැ. කලොත් කරන්නේ මට කෙලවෙන වැඩක් විතරමයි. ඒත් මම ඒකිට ආදරේ කරනවා. මොන සාපයක්ද මන්දා, මට එහෙම දහස්වර හිතුනා.

ඊලග තරග වාරෙදි අපි දොලොස් දෙනාගෙන් එක්කෙනෙක් ඉවත් වුණා. එහෙම එක්කෙනෙක් ඉවත් වුණාට පස්සෙ ඉතුරු සෙට් එකම මැඩම්ගෙ ක්ලාස් එකට සම්බන්ධ වෙන එක තමා සිරිත. මැඩම් ලගින්ම හිතවත්ව ඉන්න කෙනාට මැඩම්ගෙන් වැඩිපුර ලකුණු ලැබෙන බවක් අපි හැමෝටම තේරිලා තිබ්බෙ. මට ඒක අරුමයක් නොවුනට මැඩම් ලග ඉදන් ලකුණු දාගන්න කට්ටිය පොර කන බවක් මට දැනුනා. ඒත් අපි සුපුරුදු පරිදි එකා වගේ ක්ලාස් එකට එන්ටර් වුණා. මේ හරියටම අපේ ක්ලාස් එකේ දෙවෙනි දවස. එදා මැඩම් හරිම ලස්සනට ඇදලා හිටියා. සංගීත පන්තියක් වුණාම හැමෝම ඉදගන්නෙ බිම. මැඩම් විතරක් ටිකක් උස පුටුවක ඉදගෙන හිටියා කොට සායක් ඇදගෙන. අපේ උන් මැඩම් කකුල් පද්ද පද්ද සෘති අල්ලන්න සර්පිනාව හොලවනවා බලාගෙන හිටියා.

“අදට අපි ක්ලාස් එක නවත්තමු... මට තියෙනවා ඔයාලට අවවාදයක් කරන්න...“ මැඩම් ක්ලාස් එක ඉවර වෙන්න තියෙද්දි ඇස් ලොකු කරල අපි දිහා බලල කිව්වා. මුකුත් හිතා ගන්න බැරුව කට්ටිය කටවල් පියාගෙන හිටියා මැඩම්ට කාරණාව කියන්න ඉස්සර වෙන්න ඉඩ දීලා.

“එදා පළවෙනි දවසෙම ක්ලාස් ඇවිත් බොන්න ගිය කට්ටිය අත උස්සන්න..“ මැඩම් එහෙම අහද්දි අපේ උන් මූණට මූන බලා ගත්ත. අර කෙල්ල පිං සිද්ධ වෙන්න මම කලින් ගෙදර ගිය එක හොදයි නේද කියලත් මට හිතුන. හැබැයි මැඩම්ගෙන් ලකුනු දාගන්න ඕනකමක් මට තිබ්බෙම නැහැ.

හැම එකාම අත උස්සද්දි, මම විතරක් බිම බලාගෙන හිටියා. මැඩම් නැගිටල මගෙ ලගට ආවා.

“ඇයි විහග ඔයා බොන්නෙ නැද්ද? ඔයා අමධ්‍යපද?“ මැඩම්ගෙ මූන දිහා බලාගෙන මට බොරු කියන්න බැහැ.

“නැහැ මැඩම් මට එදා හදිසි වැඩක් තිබ්බා...“ මම මැඩම්ගෙ ලස්සන ඇස් දෙක අතරේ ගිලෙමින් කිව්වා..

“හරි.. මීට පස්සෙ කවුරුත් බොන්න පිටට යනවා එහෙම නෙවෙයි. කරන දෙයක් ක්ලාස් ඉවර වෙලා අපේ ගෙදර ඉදන් කරන්න. මට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මට අවට මිනිස්සුන්ගෙන් කතන්දර අහන්න බැහැ. අපේ හස්බන්ඩ් වුණත් මාරම අන්ඩර්ස්ටෑන්ඩින්. ඒක නිසා කරන දෙයක් මේ තාප්පෙ ඇතුලෙ ඉදන් කරන්න ඕන..“

මැඩම් එහෙම කිව්වට අපේ උන්ට සතුටක් දැනුනෙ නැහැ. ඒත් කට්ටිය බය වුණෙත් නැහැ. මැඩම් ඔය කියන අන්ඩර්ස්ටෑන්ඩිං කියන හස්බන්ඩ්ව අපේ එකෙක් වත් දැකලවත් තිබ්බෙ නැහැ. එහෙම එකෙක් ඉන්නව නම් ඌ ඉන්නත් ඕන මේ තාප්පෙ ඇතුලෙමයි නේද කියල කට්ටිය කතා වුනා. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ වුණේ එදා බොන්න ගිය සීන් එක ලීක් වුණේ කෝමද කියන එක. අනික අපේ එවුන් සෙට් එකේම එකෙක් මිසක් ඔය සීන් එක කවුරුත් දන්නෙත් නැහැ. අපි හැමෝම එකි නෙකාව සැක කරන්න ගත්තා. හැම එකාම මාව සැක කරන්න පටන් ගත්තා. ඒ මම එදා වැඩේට සෙට් වුනෙ නැති නිසා. මම නෙවේ කියල උන්ට උත්තර දෙනව ඇරෙන්න මට කරන්න දෙයක් තිබ්බෙ නැහැ. ඒත් අපි හැම එකාම එදා කතාවුණා ඊලග දවසෙ මැඩම් ගෙ ගෙදර බොන්න සෙට් වෙන්න. එදා වෙච්ච කතා බහෙන් කවුරුත් හවස බොන්න යන්න කතා කරපු නැති නිසා කට්ටිය ආපු ආපු පාරවල් දිගේ ගෙදර යන්න පිටත් වුණා.

“විහග..“ මැඩම් මොකටද මගෙ පස්සෙන් එන්නේ.. මැඩම්ගෙ කටහඩ ඇහිල මම වට පිට බැලුවා.

ඇත්තටම මට කතා කළේ මැඩම් නෙවේ, කාව්‍යා. මම ආයෙත් සිතුවිලි අතර අතරමං වෙන්න ගත්තා. එදා වගෙම අදත් එයා මැඩම්ගෙ ක්ලාස් එක ලග. මැඩම් එයාගෙ නැන්දකෙනෙක් නම් ඇයි එයා මැඩම්ගේ ගෙදරට නොයන්නෙ? මට කෝල් කරල එන බවක් කියන්නෙ නැතිව එකපාරට කොහෙන් හරි පාත්වෙන්නෙ?

“මොනවද කොල්ලො කල්පනා කරන්නේ... ඇයි මාව දැක්කම බය හිතෙනවද?“

“ඔව් ගොඩාක් බය හිතෙනවා...“

“ඒ මොකද ඒ??“

“එදා ටයර් එක හිල් කළා, අද මොනවා හිල් කරයිද කියල මට බය හිතුනා... ඒකයි මම කල්පනා කලේ..“

“අපෝ මේ.. එදා මම ටයර් එක හිල් කළා කියල ඔයාට පාඩුවක් වුණේ නැහැනේ. වෙනද වගේම ගෙදර ගියානේ..“

“මම ගෙදර ගිහින් ඔයාට කෝල් කරනකල් ඒක දැනගෙන හිටියෙ නැහැනේ..“

“අපෝ මරු සංගීත කාරයා... කල්පනාව අන්තිමයි.. ටියුබ් එකේ හුලං නැහැ කියල නොදැනෙන ගායකයා කොහොමද හරි තැනදී හුස්මක් අරන් සිංදුවක් කියන්නේ..“

“යනවා යන්න... පණ්ඩිතයා..“

මොනවා කළත් කෙල්ලගේ ඇස් දෙක අස්සෙ මාව ගිලෙන්න ගන්නවා. මට තේරෙනවා එයාට මං ගැන බලාපොරොත්තුවක් තියෙනවා. උදේට ලිහලා අතාරින හරක් පැටියෙක් වගේ මම කොච්චර ඇතෑරියත් එයා හවස් වෙද්දි මගෙ ලගට එනවා කියල මට දැනෙන්න ගන්නවා. ඒක හරි අමුතු හැගීමක්. කෙල්ලෙක්ගෙන් අහන්නත් කලින් එයා තමන් ලග දැවටෙනවා කියල කොල්ලන්ට දැනෙනවා. හරිම පුදුමයි.

“මේ ඒක නෙවේ...“ මහ රෑක අප ගෙදර වහලෙට වැටුනු පොල් ගෙඩියක් වගේ එයා නිහඩබව බින්දා.

“ඒක නෙවේ නම් මොනාද??“

“මට ඩාන්සින් පාට්නර් කෙනෙක් ඕන..“ එයා ඇස් පුංචි කරල කිව්වා.

“හරි වැඩක් නේ ඉතිං ඕක මට කියල හරි යනවද?“

“ඔයාට පුලුවන්නම් මාත් එක්ක එනවද ක්ලාස් යන්න. වැනි වැනී සිංදු කියලම හරි යනවද? පොඩ්ඩක් ඩාන්ස් කරන්නවත් ඉගෙන ගන්නව හලෝ...“ ඒකි මහ දරුණුවට කිව්වා.

“හලෝ...???“ මට මල පැන්න පාර මම ඇහුවා.

“ඔව් හලෝ...“ ඒකිට ගාණක් නැහැ.

‘හලෝ හලෝ කියන්න අපි ෆෝන් එකෙන් නෙවේ කතා කරන්නෙ. නවත්ත ගන්න ඔයාගෙ රස්තියාදු ගති..“

“නැතුව මම ඔයාට කොහෙමද කතා කරන්න ඕනේ??“ ඒකි මගෙන් ඇහුව.

“කතාකරන්න ගැලපෙන නමක් ඉස්සරහට සෙට් වෙයි.. බය නැතුව ඉන්නකෝ..“

“හරි ඔන්න ලබන සතියෙ ඉදන්, මේ වෙලාවට අපි ඩාන්ස් කරන්න යනවා හරිද???“

“හරි... යමු..“

මම දෙපාරක් නොහිතා හා කිව්වා. මගෙ පස්සෙන් හොල්මනක් වගේ පාත්වෙන. සැරින් සැරේ මට කරදර කරන, මගෙ හිත මටත් හොරෙන් උස්සන කෙල්ලෙක් කතා කරද්දි ඩාන්ස් කරන්න, මම බෑ කියයිද? මට දෙපාරක් හිතන්න වුණේ නැහැ මම හා කිව්වා.

එතකොට ලබන සතියෙ  ඉදන් අපි දෙන්නා යනවා ඩාන්ස් කරන්න. මම මගේ හිතටම කියා ගත්තා.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_11:48am_24/02/2013
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස...

40 comments:

  1. අයියෝ අවුරුදු උත්සවේ.... මේකාගේ සින්දු අහනවා මදිවට නැටුම් බලන්නත් වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. ඇයි බොල එදා නැටුම් අසාර්ථකද ??

      හෙහ් හේ...

      ජය වේවා !

      Delete
  2. ශෙග්!! කවුද බං මේ මැඩම්...මාර පින්වන්තියෙක්නේ!!!!

    ReplyDelete
    Replies
    1. පිං කතා වැඩ කිරීම වරදක් ද බං ?

      ජය වේවා !

      Delete
  3. අමාරුවෙන් සින්දු අහගෙන නම් ඉන්න බැරියෑ..ඒත් නටන්න ගත්තම....අයියෝ....

    ReplyDelete
    Replies
    1. විහගයා නැටුවම වරදක් තියෙනවද ලිහිනියෝ...

      ජය වේවා !

      Delete
  4. කොල්ල Singing Star අත ඇරල Dancing Star යන්න වගේ හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ දෙන්න බැදලා.. ලමයෙක් හදලා.. ලිට්ල් ස්ටාර් පාරක් දැම්මම කෝමද ?

      Delete
  5. මැඩම්ටත් ෂොට් එකක් ගහන්න ඕන වෙලා වෙන්න ඇති ගෙදරම සෙට් වෙන්න කිවුවෙ කට්ටියට.

    ReplyDelete
    Replies
    1. ෂොට් එකක් දාල කොල්ලො 12ක් එක්ක ඩාන්ස් එකක් දැම්මම කෝමෙයි :)

      ජය වේවා !

      Delete
  6. අන්න ගෝලයන්ට හොදින් සලකන මැඩම්ලා.

    ReplyDelete
    Replies
    1. එතකොට අල්මෙන් අකුරු උගනී.. කුමරු සොදවා..

      ජය වේවා !

      Delete
  7. ඔය නටන තැන්වල තමා කැත සීන් වෙන්නේ සෑමෝ! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අත්දැකිමෙන්ද රජෝ ?

      ජය වේවා !

      Delete
  8. අහෝ බේදයකි, ගායකයා මළේය.....

    ReplyDelete
    Replies
    1. ඇහ් ?

      ඇයි බං ඒම කියන්නේ.. කොල්ල තැනකට එන්න හැදුව විතරයි !

      ජය වේවා !

      Delete
  9. එහෙනං අවුරුද්දට නැටුං බැලියෑකි අපටත්...

    ReplyDelete
    Replies
    1. විහගයා එදාට එන එකක් නැහැ නලින් අයියා !

      ජය වේවා !

      Delete
  10. Replies
    1. dancing class එකේ සින්දු කියලා singing class එකේ නටන්ඩ ගනීද? මේ විහඟයට මෙලෝ සිහියක් නෑනේ...

      Delete
    2. හිකිස්.. ඒ තරමට ආදරේ උතුරනවා බං !


      ජය වේවා !

      Delete
  11. ඕං 4.5.6 එකසැරේ කියෙව්ව.

    ReplyDelete
    Replies
    1. මම හිතුව බං මොකක් හරි ජ්‍යාමිතික සුත්‍රයක් කියලා !

      ජය වේවා !

      Delete
  12. අහිංසක කොල්ල‍ට මැඩම් ලව්ව අතවර කරවනව නෙවේ ඕං.....

    ReplyDelete
    Replies
    1. මැඩම් කොරල හරි කොල්ල තැනකට ආවොත් මටත් ආඩම්බරයි බං :)

      ජය වේවා !

      Delete
  13. හෑ. මැඩම් තමා මැඩම්... මේ කෙල්ලත් එක්ක පරිස්සමින්. හිල් කලොත් විනාසයි.

    ReplyDelete
    Replies
    1. අන්තිමට හෝල් ඉන්ද හාට් වෙයි ද බං ?

      ජය වේවා !

      Delete
    2. එහෙම වෙන්නත් බැරි කමක් නැහැ.

      Delete
  14. ෆුටා....ඒ පාර නටනවත්ද?
    කිවත් වගේ බලාගෙන ඇ.
    මොනා මොනා හිල්කරයිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. හදවත තමා බං විහගයාගෙ හිල් වෙලා තියෙන්නෙ. අරකිගෙ නම් අමුතුවෙන් හිල් වෙන්න දෙයක් නැහැනේ !

      ජය !

      Delete
  15. එකි හොල්මනක්ද බන්? නැත්තම් මැඩම්ම වෙස් වලාගෙන එනවද දන්නේ නැහැ :D
    බලමුකෝ බලමුකෝ.මේක තව දිගයිද?

    ReplyDelete
    Replies
    1. ෂික් හොල්මන් කතාවක් නෙවෙ බං. දිග වැඩි කරන්නෙ නැහැ ඉක්මනට ඉවර වෙයි !

      ජය !

      Delete
  16. මේකත් නටන කේස් එකක්නේ සෑම් අයියේ

    ReplyDelete
    Replies
    1. මෙගා ස්ටාර් වගේ බං. හැම එකම තොරනවා !

      ජය !

      Delete
  17. අපෝ... ඒ ගමන නටන්නද යන්නේ..... හෙඩිම වෙනස් කරන්න වෙයිද මන්දා.....

    ReplyDelete
  18. මැඩම් කකුල් දෙකෙංද සෑමයියේ සර්පිනාව ගැහුවේ????????

    ReplyDelete
  19. එතකොට උඹ නටනවත් එක්කද? හොද වෙලාවට මේවා බලන්න මම නැත්තේ ඔහේ..

    ReplyDelete
  20. සැක් ඔන්න ඔය වෙලාවට තමා අයියේ ඊරිසියවද මොකද්ද එක දොට්ට පනින්නේ...සැක්... :(

    ReplyDelete
  21. ඒකත් ජයසිරි මංගලම් එහෙනම් ඈ... ඕන නැ‍ටුමක් නටපං හැබැයි පුතේ පෙරේසමෙන්...

    ReplyDelete
  22. නැට්ටුක් කාරියෙක් ද සෙට් කරන ඉන්නේ.

    අරවගේ ගුරුවරු අපිට ලබිලම නැහැ නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...