Thursday, March 14, 2013

පසුගිය පාඩම්...

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 8 කොටස


කොනක ඉදන් එක හුස්මට...
එක කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... හත්වන කොටස..

එදා අසේලයා කාව්‍යාගෙ ඇහැට ගිය රොඩ්ඩ අයින් කරපු දවසෙ ඉදන් මගෙ හිතට සැනසීමක් තිබ්බෙ නැහැ. අපි පුංචි කාලෙ ඇහැට මොනව හරි ගියාම කරන්නෙ ඇස් පිල්ලම ඇගිලි දෙකකින් ඈත් කරල අල්ලගෙන ඉස්සරහට අඩි දහයක් ඇවිදගෙන ගිහින්, ආයෙත් පස්සට අඩි දහයක් විතර ඇවිදගෙන එන එක. ඒ අත “ඉක්කයි මමයි ගාලු ගියා, ඉක්ක තියල මම ආවා“ කියල පද පේලියකුත් කියවනවා මට මතකයි. සමාවෙන්න මට වැරදුනා. ඒ පද පේලිය කියන්නෙ ඉක්කාවක් (hiccups) ආවහම මිසක්, ඇහැට රොඩ්ඩක් ගියාම නෙවේ. ඒත් මේ කෙල්ලට තිබ්බා අර අසේලයත් එක්ක වැටමාර පදුර අස්සෙ රිංගන වෙලා අඩි දහයක් ඉස්සරහට පස්සට ඇවිදින්න. එයා එහෙම කලා නම් අද මට මෙහෙම වේදනාවක් එන්නෙ නැහැ නේද කියල මට දහස් වාරයක් හිතුන.

සියල්ල එහෙම වෙද්දි මට ඊලගට තිබ්බෙ තියුණු තරගයක්. ක්ලාස් එකට නොයන නිසා මැඩම් මාව අතෑරලා දාල තිබ්බෙ. අසේලයා, සහ අනිත් එකාට මැඩම්ගෙන් මාර සපෝට් එකක් තිබ්බා. ජජ් බෝඩ් එකේ ඉන්න අනිත් පිරිමි දෙන්නගෙම තීරණ මැඩම්ගෙ එක අත්පුඩියකට යටයි කියල මුළු රටම දැනගෙන හිටියා. මැඩම් කරන්නෙ තමන්ට ගොඩ දාන්න ඕන එකා සිංදුව කියල ඉවර වුනාම නැගිටල අත්පුඩි ගහන එක. එතකොට ඌට නොවැරදීම ජනතා ප්‍රතිචාර වැඩි වෙනවා. මැඩම් මට නිකන්ම ලකුණු දීල මගෙ ගුණ වයද්දි, අසේලයට වගේම අනිත් එකාට මැඩම් ස්ටේජ් එකටම නැගල උම්ම දීල ආවෙ, උන්ගෙ දක්ෂතාවයට වඩා වෙන මොකක් හරි සීන් එකකට කියල මට වැටහුනා. ඒත් කරන්න දෙයක් නැහැ. කාව්‍යා මට ක්ලාස් යන එක අහිමි කළේ එයත් එක්ක ඩාන්සින් ක්ලාස් යන්න ඕන නිසා. එයාට වුවමනා වුනේ මාව ලගින් තියා ගන්න මිසක් මාව ගොඩ දාන්න නෙවෙයි. ඒවා මතක් වෙන හැම වෙලාවකම මට හිතෙන්නෙ ආදරේ මහා ආත්මාර්ථකාමී හැගීමක් කියල විතරයි.

අවසාන තුන්දෙනාගෙ තරග වටේ දි මම ගායනා කළේ “ඉවසයිද මන්දා මේ දුන් රිදුම්“ ගීතය. මැඩම් මොනව වුනත්, මට අකැමැති වුණත්, මේ ගීතයට කැමතී කියල මම දැනන් හිටිය නිසා, අවසාන තරගෙට යන්න තියෙන එකම තුරුම්පුව මම ගහල දැම්ම. අසේලයා වැඩ දදා ගිටාර ගගහ සිංදුවක් කියද්දි මම සති ගානක් තිස්සෙ කරක් ගහපු ඩාන්සින් ක්ලාස් එකේ පොඩ් ස්ටෙප් පාරක් අල්ලලා වේදිකාව වර්ණවත් කරන්න උත්සාහ කළා. මට ගිටාර් එකක් තවම ගහන්න බැරි තත්වෙට වැඩේ සෙට් කළෙත් කාව්‍යා නේද කියල මට කිහිපවර හිතුනත් හිත අස්සෙන් උඩට මතු වෙච්ච ආදරේ ඒ සිතුවිල්ලට ඉඩ දුන්නෙ නැහැ. අනික ගමේ උන් හිතන් හිටියෙත් මට ඕනම වාද්‍ය භාණ්ඩයක් වයන්න පුලුවන් කියල. මොකද මම මගෙ පුට් සයිකලේ කැඩිල හන්දියෙ වින්කලේට ගියත් යන්නෙ ගිටාර් එක පිටේ බැදගෙන. හරියට ග්‍රාමාරක්ෂක භටයෙක් වගේ.

“ඇත්තටම විහග, මේක ඩුවට් එකක්, ගායකයාගේ හඩින් ගැයෙන කොටස වගේම, ගායිකාවගේ පැත්තෙන් කියවෙන කොටස ඔයා සාධාරණව ගායනා කළා. ඒ වගේම ඔයා අද වෙනදට වඩා කඩවසම්, අද ඔයාගෙ දැගලිල්ලෙන් වේදිකාවම ආලෝකමත් වුණා...“

ගායනය අවසානේ මැඩම් එහෙම කියල ස්ටේජ් එක උඩට ඇවිත් මාව බදාගත්ත. මට පොලොව පලාගෙන ගිහින්, ලගින්ම අහුවෙන දිය උල්පතකින් නාල එන්න හිතුන. ඒ තරමට මට සතුටක් ආවා. මෙච්චර කල් තරගකරලත් මැඩම් මට එච්චර සපෝට් එකක් නොදුන්නෙ, අද විතරක් ඇයි මට මේ මෙච්චර ආදරයක් දක්වන්නෙ කියල මට හිතා ගන්න බැරි වුණා. ඒ අතර අසේලයගෙ ඇස් දෙක ගමේ පන්සලේ පෙරහැරේ ලමයි බය කරන්න යන යක් වෙස් මුහුණක ඇස් ගෙඩි දෙක තරම් විශාල වුණු බවක් මට දැනුනා. මම සියල්ල සම සිතින් විද දරාගෙන පැත්තකට වුණා. ජජ් බෝඩ් එකෙන් ලැබුණු ලකුණු සහ, එදිනම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ලැබුණු ලකුණු එකතු වෙලා අපේ තීරණය දෙන්නයි නියම වෙලා තිබ්බෙ. ඒ අනුව අවසන් වටයට තේරුණේ මම සහ අපේ අසේලයා. ඔව් මේක ජීවිතය, මරණය සහ ආදරය අතර තරගයක් වෙනවාට සැකයක් නැහැ. මම අධිෂ්ඨාන කළා කාව්‍යා වගේම මේ කිරුළත් මගේ කියල. ඒ දෙකම ගෙනිහින් මම ගෙදර අල්මාරියෙ දානවා කියල. නැහැ කිරුළ විතරයි අල්මාරියෙ දාන්න පුලුවන්. කාව්‍යාව තියන්න වෙන්නෙ මගෙ කාමරේ ඇතුලෙ.

“විහග, ඔයාට දැන් සතුටුද?“

“මැඩම්, මට මාර සතුටක් තියෙන්නෙ, ඇයි මට මෙහෙම දෙයක් කළේ??“

“මට තේරෙන්නෙ නැහැ විහග, පස්සෙ ඒව ගැන කතා කරමු..“

“තැන්ක්යූ මැඩම්..“

“විහග කෝමද අද ගෙදර යන්නෙ...“

“අද ටිකක් රෑ වුණා තමයි, වෙනද වගේම යන්නම් මැඩම්, ට්‍රයිෂෝ එකක් ගෙන්න ගන්නම්...“

“තනියම යන්න? අනික අද වගෙ දවසක පාටි එකක් වත් නැතුව?? “

“මොන පාටිද මැඩම්, අන්තිම තරගෙත් දින්නම පුලුවන් මට්ටමින් එකක් දෙන්නම්...“

“එන්න අද මාත් එක්ක යමු.. මාත් ඒ පැත්තට යන්නෙ. ඔයාට පුලුවන් මගට ගිහින් ට්‍රයි ෂෝ එකක් ගන්න...“

“අනේ කමක් නැහැ මැඩම්.. මම යන්නනම්..“

මැඩම්ගෙ පෙරැත්ත මත මට වාහනේට නගින්නම වුණා. අනික ඒ ගිහිල්ලත් මම ආයෙ ට්‍රයි ෂෝ එකක යන එක මට තවත් වදයක්. ඒත් මැඩම්ට මුකුත් කියන්න බැරි නිසා මම නැග්ග. එදා අපි ගොඩක් දේවල් කතා කළා. වාහනේ යන ටිකට මැඩම් මට ගොඩක් දැනුම දුන්නා. ඇත්තටම හිතුවට වඩා එයා හරි සුන්දර හිතක් තියෙන ප්‍රවීණියක්.

“විහග යමු ඇතුලට..“

“මම මෙතැනින්ම යනවා මැඩම්..“

“පිස්සු කරන්න එපා ලමයෝ. ගෙදරකට ආවහම තේ එකක් හරි බීල යන්න..“

“මේ රෑ ගෙදරට එන එක හරි නැහැනේ මැඩම්. මම යන්නම්. සර්, වුනත් මොනව හිතයිද?“

“විකාර.. සර්?? එයා ගෙදර නැහැ. ඔයා එන්න..“

“මම හරි නිදහසේ ඉන්න ගැහැණියක් විහග, මට සර්වන්ට්ස් ලා කවුරුත් නැහැ. මට ඕන මමම උයලා පිහල කෑම කන්න. මගෙ ගෙදර මගෙ අත් දෙකින්ම වැඩ සිද්ධ වෙන්න ඕනා..“

මැඩම් කියවගෙන ඇතුලට එද්දි ලගම තිබ්බ සෝෆා එකක මම ඉද ගත්තා.

“විහග ඉදගෙන ඉන්න මම වොෂ් එකක් දාල බොන්න මොනව හරි හදාගෙන එන්නම්. මොකද කියන්නෙ කෝපිද? තේද?“

“කමක් නැහැ මැඩම්..“

කිසිම අරමුණක් නැතුව කමක් නැහැ කියද්දි මැඩම්ට හිනා ගියා.

“විහග ඔයා වොෂ් දාන්නෙ නැද්ද?“

මැඩම් වොෂ්දාගෙන ටවල් එකක් අතේ තියාගෙන එකපාරට අහද්දි මාව ගැස්සිලා ගියා.

“මම මොකට වොෂ් දානවද මැඩම්, ඉක්මනට යන්න ඕනා.“

“ආ මේක අරන් ගිහින් වෙෂ් එකක් දාගෙන එනවා.“

මැඩම් මගෙ ඇගට තෙත ටවල් එක විසික් කරල කිව්වා.

විහග දැන් රෑ වෙලා, ගෙදරට කෝල් එකක් දීල මෙහෙ නවතින්න. ඔයාගෙ මිස් වුණ පාඩම් සේරම මම අද දවසින් කවර් කරල දෙන්නම්. මැඩම් පහත් ස්වරයෙන් කිව්වා. ඇත්තටම මට එවලෙ ඕන කළේ කෝම හරි තරගෙ දිනන්න, අසේලයව පරද්දල, කාව්‍යාව ලගට ගන්න. එයත් එක්ක ආදරෙන් ජීවත් වෙන්න.


මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_07:48am_14/03/2013

59 comments:

  1. apata siri searama lesson tika kiyalaa dhennayi yanne !

    ReplyDelete
    Replies
    1. කෝමද විහග තැනකට ආවහම නරකද වෙනි අයියේ ?

      ජය !

      Delete
  2. හුටා.....දැන්නම් ලැජ්ජයි කුජීතයි......

    ReplyDelete
  3. මෙතනිං එහා පාඩං ටික 18+ ද සෑමො.

    ReplyDelete
    Replies
    1. යකෝ සංගීතේ ඇඩල්ට්ස් ඔන්ලි වෙනවද :)

      ජය !

      Delete
  4. එන පොට හොද නෑ කෙල්ල අහා නෑ කොල්ල ගෙට ගන් කිව්වලු.. අපොයි සිංදු කියන්න ගිහින් වෙච්ච දෙයක්..

    ReplyDelete
    Replies
    1. හයියෝ කෙල්ල නරක් වෙනෝ..

      ජය !

      Delete
  5. //ගායිකාවගේ පැත්තෙන් කියවෙන කොටස ඔයා සාධාරණව ගායනා කළා//

    මේක නම් අපි දැක්කා අර ගම්පහ ගෙට්ටුවේ වීඩියෝවෙදිත් :D

    අද රෑ තමා සෑමා උච්ච ස්වර ටික ඉගෙන ගන්නෙ :D

    ReplyDelete
    Replies
    1. අඩෝ මෙන්න මඩෝ.. :))


      ජය !

      Delete
    2. ආයිත් අහලා.. හි හි...

      Delete
  6. මෙහෙම ගියොත් නං සෑම ගායකයෙක් වෙන එක ෂුවර්ම තමා..

    ReplyDelete
    Replies
    1. සෑමා නෙවේ බං. විහග..

      ජය !

      Delete
  7. ඒපාර ඒ මොකාටද මැඩම් එන්න හදන්නෙ ආ....:b

    (ආ...අහන්න හිටියට අමතක උනානෙ..මොකද්ද සැමෝ අර " එක කොටස " කියන්නේ ?? හි හි හි එතකොට දෙවෙනි එක දෙක කොටස, ඊ ලඟට තුන කොටස ...හි හි හී )

    ReplyDelete
    Replies
    1. මැඩම් ක්ලාස් එක පටන් ගන්න යන්නේ..

      එක කොටස කියන්නේ, පළමු කොටස කියන එකට.. ටිකක් කැතයි වගේ නේ :පී

      ජය !

      Delete
  8. හොඳ හොඳ සෙල්ලං රෑ වෙන ජාමෙට!

    ReplyDelete
    Replies
    1. නැහැ. තව සතියකින්. ෆයිනල් එකේදි..

      ජය !

      Delete
  9. මෙහෙම මැඩම්ල ඉන්නවනම් මමත් සංගීතෙ කරනව...

    ReplyDelete
    Replies
    1. අපොයි සංගිතෙ ඉවරයි. වෙන එකක් පටන් ගනී.

      ජය !

      Delete
  10. තරඟයෙන් දිනන්ඩ නම් බොට ඉන්නම වෙනවා, ඉඳපන්.......

    ReplyDelete
    Replies
    1. ඉන්න වෙනවා කිව්වේ :ඩී

      ජය !

      Delete
  11. මේ කොටසින් පසු සෑමට ඒඩ්ස්ලු ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යකෝ මේකෙ කතා නායකයා විහග කියල එකෙක්.

      ජය !

      Delete
  12. හපොයි මේ මක්කෙයි වෙන්න යන්නෙ..
    සැමාගෙ කතාව දැක්කෙ අදයි .එක හුස්මට ඔක්කොම ටික කියවලා දැම්ම
    කතාවනම් නියමයි!!
    තවත් හොදට ලියන්න සුබ පැතුම් ..

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නද දන්නෑ..අයියෝ විහගගේ විභාගේ .....?

    ReplyDelete
    Replies
    1. යකෝ විහගයා ගොනෙක්ද ?

      ජය !

      Delete
  15. මැඩම් වොෂ් එක දාගෙන ආවම් හරි වගේ

    ReplyDelete
  16. පොල් පැලේ හැරෙන්නෙ ගොනාව කන්න වගේ!

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්තට වෙන්නෙ අබුද්දස්ස කාලෙ නිසාද බං ?

      ජය !

      Delete
  17. මේ මැඩම් ඔය කමෙන්ට් කරලා තියෙන අය හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි සිල් ගත්ත උපාසක අම්ම කෙනෙක් වගේ කෙනෙක් කියලමයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මුන් පිස්සු කෙලිනවා..

      ජය !

      Delete
  18. මට ඇත්තමයි කාව්‍යාත් එක්ක මාර මලක ඉන්නේ. උඹව නොමග අරින්න හදන්නේ.කමක් නැහැ හැම දෙයක්ම හොඳින් සිද්ද වුනා නේ.

    අන්තිම කොටස ටිකක් අමුතුයි අමුතුයි වගේ.

    ReplyDelete
    Replies
    1. බලමු කාව්‍යා මොකද කොරන්න හදන්නෙ කියල..

      ජය !

      Delete
  19. පෝස්ට් එක කියවන්න කලින් කෝකටත් කියලා ක්මෙන්ට් ටික කියෙව්වා... ඒ නිසා පෝස්ට් එක කියෙව්වෙ නෑ.. ^_^

    ReplyDelete
    Replies
    1. ඇයි බොල නොකියෙව්වෙ ?

      එහෙනම් ජය නොවේවා. :(

      Delete
    2. ඉතින් මේ හැමෝම කියනෝනේ 18+ කියලා පෝස්ට් එක? ඒ නිසා කියෙව්වේ නෑ..
      කමක් නෑ,, මට ජය වේවා...!!

      Delete
  20. වොෂ් එකක් දාන්න කිව්වේ මහන්සිය නිවාගන්න මිස නරකට එහෙම නෙවෙයි මයෙ හිතේ.....?

    ReplyDelete
    Replies
    1. අන්න යහපත් විදිහට සිතන පතන මනුස්සයෙක්. අනිත් එවුන් එක්ක බැහැ, උන් හිතන්නෙම වැරදියට.

      ජය !

      Delete
  21. මීලඟ ගීතය අති සාර්ථක ලෙස කොටු කොටු. බලාගෙන යද්දී අන්තිමට කෙල්ලගේ ලවු ඉලවුවට මැඩම් සපෝට්... මැඩම් ලවු කලාට බඳින්න දීලා නැහැ. ඒක නිසා කෙල්ලව බන්දලා දෙනවා විහඟට

    ReplyDelete
    Replies
    1. හරි බං පේන කියන්නෙ නැතුව බලපං වෙන දේ :)

      ජය !

      Delete
  22. බුදු අම්මියෝ .... මේ මොනාද මේ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැතෝ.. කොල්ල දිනයිද මන්දා :)

      ජය !

      Delete
  23. රෑට මග ඇරුන ඔක්කොම කවර් කරයිද බං.. මට නම් ශුවර් නෑ නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං සති ගානක් අසේලයා එක්ක කරපු පාඩම් අද විහගයා එක්ක කවර් කරන්න යන්නෙ !

      Delete
  24. සැමාගේ ඉලක්කය :P

    ReplyDelete
  25. මන්ද බොලේ මොන කියන්නද මූ ලෙසටම කියනවා නෙව කතාව. හැබැයි මචං අරක අල්මාරියේ දානවා නම් ඔන්න ඔහේ මට දීපිය......!! නැත්නම් අපසාදේ බං.....!!

    ReplyDelete
  26. හරි එහෙනම් වොෂ් එකක් දාගෙනම එන්නකෝ.... ;)

    ReplyDelete
    Replies
    1. මෙන්න මම දාන්න ආව කමෙන්ට් ඒක මූ දාලා :/

      Delete
  27. මට සිරාවටම මතක් වෙන්නේ අර වැල වරකා ගෙඩි කතාවක් වගේ.... ;)

    ReplyDelete
  28. ඇත්තටම විහඟ දිනයිද මන්දා මේ යන හැටියට..

    ReplyDelete
  29. කොහෙන් නවතියිද මන්දා

    ReplyDelete
  30. මේක මට මිසින් වුනානේ.....
    දැන් ඊලගට අපේ කට්ටිය පෝලිමේ උච්ච ස්වර හොයන් යන්න ගන්නවලු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...