පොල් කෑල්ලකට කොපමණ දුර යා හැකිදැයි දන්නේ මීයෝය. බොහෝවිට මීයා පොල් කෑල්ල කටේ තියද්දීම පරලොව යන්නෝය. එවිට පොල් කෑල්ල පරලොවට තරම් දුර යන්නේ යැයි හිතිය හැක. මී කතුරක ඇටවූ පොල් කෑල්ලක් කටින් ගෙන වාසනාවට බේරෙන මීයෝද සිටින්නෝය. උන් හැකිතාක් දුර ගෙන ගොස් පොල් කෑල්ල කන්නෝය. පොල් වලින් කෙනෙරන අනේක විධ නිපැයුම් අතර පොල් ටොපියට හිමි වන්නේ තරමක උසස් තැනක්ය. පොඩි කාලේ සව් කොළය නොගලවා පවා පොල් ටොපි ගිලින පොඩි උන් අතර සෑමාද සිටියේය. ඒ නම් පෙරේත කම නිසාය. ගමේ පාසලේ නිවාඩු කාලයට ආපන ශාලාවේ තිබෙන ටොෆි එහෙම තැබුවේ සෑමාගේ නිවසේය. ඒ කාලයේ අපි නිදන ඇදන් යටින් පවා මතුවූයේ ඒකී පොල් ටොෆී පැකට්ය. හොරෙන් උස්සන පොල් ටොෆි පැකට් එකක කැබලි 50ක් තිබුණේය. ඉතිරිය කා ගත නොහැකි වූ තැන අපි ඒවා සැගවූයේ ඇදන් යටට. අම්මා අතුගාන විට ඒවා කොස්සත් සමග එලියට ඇදී අවේ අප මවිත කරවමින්ය.
මෑතකදී නම් පොල් ටොෆියක් මහා දුරක් ගියේය. එකක් නොව ඒ ටොෆී බෝතලයක්ය. අපේ කමියුනිකේෂන් අයියා (චක්කර කොළ චිත්‍රපටය සෙවූ පොර) කමියුනිකේෂන් එක කරන්නේ හන්දියේය. හැමදාම අදින සරමට ටී-ෂර්ට් එකට සෙනග ඇදී එන්නේ නිධානයක් ගිලින්නට එන බහිරවයන් මෙන්ය. ජයලාල් යනු ඔහුගේ බොක්කක්ය. පොර කමියුනිකේෂන් එක හන්දියට යන තැන සිට ඔහු අසලම සිටියේය. ඒ සෑම අතින්ම උදව් කරමින්ය. දෙන්නා දෙන්නාට මාර මිත්‍රත්වයකින් සිටියෝය. ජයලාල් දැන් ගමේ නැත්තේය. පොර ගමේ ගොස්ය. මාස 6කට පමණ පෙර ගමේ ගිය ජයලාල් අයියා නැවත මේ පැත්තට ආවේ මේ මෑත භාගයේය. ඒ අපේ එවුන් බලා නැවත ගමේ යාමටය. පොර එන විට සෑමාද හිටියේ කමියුනිකේෂන් එක ඇතුලේය.
“අම්මට හුඩු මෙන්න මූ...“
“ආ.. මල්ලිලා.. ඔන් කොල්ලා ආයෙත් ගමට බැස්සා..“
“අඩෝ මූ මෙන්න වෑන් එකකුත් අරගෙන...“
“දැන් සරුයි වගේ ඈ...“
“නැහැ බං මේ අපෙ ඇෆ්ගනිස්ථානෙ හිටපු මල්ලි ආව බං. ඌ තමා මට මේක සෙට් කළේ. දැන් ඉතිං හයර් එකක් ගහගෙන ඉන්නවා..“
ඉස්සර පොර රට ඉන්න මල්ලියෙක් ගැන කියව කියව කෝල් කළා අපට මතකය. ඌ ඉන්නේ ඇෆ්ගනිස්ථානේ මොකක්දෝ හමුදාවක පොඩි ජොබ් කට්ටක බවත්, ඔහුට ෆෝන් භාවිතය පවා සීමා කර තිබුණ බවත් කීවා අපට මතකය.
“යකෝ ජයලාල් අයිය නිසා තමා මූ මේව කරගෙන ජීවත් වෙන්නේ.. හරි නම් බුද්ධික අයියා මූට සලකන්න ඕන මීට වැඩිය..“ සෑමා කිව්වේ ජයේ ඒ දිනවල කමියුනිකේෂන් එකට දුන් සපෝට් නැවත සිහි ගන්වමින්ය.
“නැතුව නැතුව.. ඔය තියෙන දෙයක් මේ බෑග් එක දාපල්ලා...“ කියමින් ජයේ බෑග එකේ කට ඇරියේය..
“ආ කාපං පොල් ටොෆි...“ කියමින් සෑමා බෑග් එකේ කටින් ඇතුලට දැමුයේ අතට අසුවූ පොල් ටොෆි බෝතලයක්ය.
එසේ බෑග් එකේ කට එකතු කොට සුපුරුදු පරිදි අල්ලාගත් ජයේ කතා බහ කොට විනාඩි කිහපයකට පසු තමන්ට නැවත යන්නට හදිස්සි යැයි කියමින් පිටත් වුණේය.
“අහ් බුද්ධික.. මම උබලගෙ ගෙවල් පැත්තට ගිහින්.. අම්මලවත් බලලම යන්නම්...“ ජයේ සමුගත්තේය.
“අප්පට හුඩු.. අරූගෙ බෑග් එක ඇතුලෙ පොල් ටොෆි බෝතලේ...“ සෑමාට සිහි වූයේ පැය භාගයක් පමණ පසුවූ විටය.
“අවුලක් නැහැ. ඕක ඔය අමතක වෙලා වගේ ගියාට සිහි බුද්ධියෙන් ඉන්නේ.. අනිවාර්යෙන් ඕක අපෙ ගෙදර තියල යන්න ඇති..“ බුද්ධික අයියා නිසැකව කීවේය.
ඒසේ ගමෙන් පිටත්ව මාස 6කට පසු අප හමුවී ගිය ජයලාල් අයියා නැවත මේ පැත්තට ආවේ මේ මෑත දිනකදීය. එදා ඔහු හමුවෙද්දී බුද්ධික අයියා එතැන සිටියේ නැතිය.
“එදා වගේ මොනව හරි දාන්නද බං බෑග් එකට??“ එදා කතාවේ ඉතිරිය නොදත් සෑමා ඇසුවේය.
“දාන්නද තමා.. පිස්සු කෙලිනවා බං...“
“ඇයි ඒ මොකෝ...“
“උඹ දාපු පොල් ටොෆි බෝතලේ කුලියාපිටියටම ගියා බං.. “
“ඈක්??? ඇයි උඹ ඒක ගෙදරින් තිබ්බෙ නැද්ද අරුන්ගේ???“
“පිස්සුද බං මට එහෙ යන්න හම්බුනේ නැහැ... මම කෙලින්ම ගමේ ගියා.. ගෙදර ගිහින් බැලුවම මතක් වුනේ...“
“එතකොට බුද්ධිකයා දන්නවද සීන් එක..“
“දන්නවද තමයි බං.. මම ඌට කෝල් කරල කියනකල් ඌ දන්නෙ නැහැ. අන්තිමට ඒ ගාණට හරියන්න මම ඌට රී ලෝඩ් එකක් දැම්ම බං..“
sAm ශ්‍රී Perera_11:16pm_06/03/2013
පොල් ටොපියකට සැමලාගේ ගමේ සිට කුලියාපිටිය දක්වා යාමට හැක.
ReplyDeleteඅපේ බෑග්වලට කවුරුත් මුකුත් නොදාන හැටි :(
Deleteපොල් ටොපියක් කීයද බන්?
ReplyDeleteහොරා කන උන්ගෙන් ගණන් අහන්න එපා බං !
Deleteඅපි කද්දිනං රුපියලයි ;)
Deleteයකෝ සත විසිපහට තිබ්බ කාලෙ තමා අපි හොරා කෑවෙ !
Deleteවෙලාවට 5 ටොපි කන්නෙ නැතුව ඔහොම දේකට පුරුදු උනේ
Deleteමමත් ආසම කෑමක තමා සෑමෝ පොල් ටොපි... තියෙනවනම් ගිලින්න පුලුවන් බඩ පිරෙනකන්...
ReplyDeleteපරණම සිලබස් එකේ ඉංගිරිසි පොතක තිබ්බේ පොල් ටොපි හදන හැටිත් :)
Deleteයෑෂ් මට මතකය.. අපිත් ඔය සිලබස් එකේ නිසා අපි පොල් ටොෆි කෑ බවද මතකය.
Deleteඅපිද එසේ සාදා අන්තිමට සීනි කර වී තිත්ත ටොපී කෑවෙමු.
Deleteහිකිස්.. අපෙ අක්කලත් පදම වරද්දලද කොහෙද මොනවද හැදුව බං පොත බලාගෙන ගෙදරදිම..
Deleteමම හැදුවෙ අර පුවක්ගෙඩි බෝනික්කව :) මතකැති නේ ? ඒකත් ඒ පොතේම තිබ්බා :))
හික් හික් ... ටොපිය කාලා.
ReplyDeleteහිකිස් !
Deleteපොල් ටොෆියක් ගිය දුර කිව්වලු ...:P
ReplyDeleteකටින් ගිහින් අහවල් තැනින් එනව වගේද? පොල් ටොෆිය කුලියාපිටියට ගියාම :)
Deleteමමත් බෑග් එකක් අරගෙන උබලගේ පැත්තේ එන්නම් .. එකටත් මොනවා හරි වටිනා දෙයක් දාපන්කෝ ...
ReplyDeleteවටිනා බොකක් දාල දෙන්නම් බං !
Deleteපොල් ටොපියක් ගිය දුර කිව්වලු,
ReplyDeleteම්හ් එහෙම කිව්වලු :)
Deleteඔය හම්බවෙලා තියෙනෙ ටොපිය!
ReplyDeleteසිහි කල්පනාවත් විවිධයි. වෙලාවෙ හැටියත් ඕන වෙනස් වෙනවනෙ.
ඇත්තටම හෙන්රියා.. කල්පනාව කියන්නේ මාරයි..
Deleteඅපේ එකෙක් මේ ලගදි හෑන්ඩ්ස් ෆ්‍රී එකක් ගහගෙන ඉන්නවා ෆෝන් එකට. ඌ ඒ දෙක කනේ ගහගෙන ඉද්දි කෝල් එනකොට ෆෝන් එකත් අරන් කනේ තියා ගත්ත බං.
මට ඒ වෙච්ච දේ කියන්න තේරෙන විදිහට බං කිව්වෙ. තේරුනාද දන්නෙ නැහැ. :)
හොඳ වෙලාවට පොල්ටොපි බෝතලයක් දැම්මෙ. කොමියුනිකේෂන් එකේ ඊට වැඩිය වටින දෙයක් තිබුණෙ නැද්ද බං.
ReplyDeleteඅපිත් ඉස්කෝලෙ යන කාලෙ කැන්ටිමෙන් අහුරු පිටිං ගිලින කෑමක් තමයි පොල්ටොපි.
කිරි පණුවො එයි කියල ගෙදරින් බැන්නෙ නැද්ද බං උබලට.
Deleteඅපිට නම් බැන්නා..
:)
හී හී ඔයත් කරන වැඩ අනේ. අර මනුස්සයට අතින් පාඩුයි
ReplyDeleteපාඩු කොහෙද? සල්ලි ලැබුනා. එකපාරම බෝතලේම වික්කා :)
Deleteමම ආපුදාට බෑග් එකට අච්චාරු බෝතලයක් දාපන් සෑම්
ReplyDeleteඔන්න උබත් කිව්ව කතාවක්..
Deleteයකෝ කමියුනිකේෂන් වල අච්චාරු තියෙවද ?
:))
සාදරයෙන් පිලිගන්නවා සෑමාගේ අඩවියට..
මේ පොල් "ටොපි" බෝතල් විතරද බං බෑග් වලට දාන්නේ??
ReplyDeleteඒ කුප්ප කතාව නම් මට තේරුනේ නැහැ බං ??
Deleteපොල් ටොපි බෝතෙලේ මාර ටොපියක් නේ කාලා තියෙන්නේ.. පොල් ටොපියක් දැක්ක කාලයක් මතක නෑ.. මම එච්චර පොල් ටොපි වලට ආස නෑ. ඒත් ඒවට දාලා තිබුන කලරින් වලට නම් පට්ට මනාපයි..
ReplyDeleteදැන් පොල් ටොපි ගිණි ගනන් ඇති නේද මාතලන්..
Deleteඇයි බං පොල් ගනන් නේ :ඩී
කලරින් වලින් මොන පාටද මනාපේ /??? :)
" පොල් " කෙසේ වෙතත් හොඳ ටොපියක් වගේ නම් තමා සැමෝ..
ReplyDeleteඅපිට අහු වුනොත් ටොෆි තමා ලිහිනියෝ සැට් වෙන්නේ !
Deleteමං නං ආසම නැති කෑමක්... පොල් ටොපි... හි හි....
ReplyDeleteසැමා කමියුනිකේෂන් එකේ රිංගගෙන මක් කොළාද...
කිරි ටොෆි කෝමද හිරූ???
Deleteයකෝ ගමේ කෙල්ලන්ගෙ නම්බර් උස්සන්න පුලුවන් එකම තැන කමියුනිකේෂන් එකනේ :පී
පොල් ටොපි බෝතලේ උඹේ බෑග් එකට දාගත්තනම් ඉවරර්යිනේ සෑමෝ
ReplyDeleteයකෝ බොලා හිතුවද මම පං මල්ලක් අරන් කඩේ යන බුවෙක් කියලා :))
Deleteයකඩෝ කමියුනිකේශන් එකේ පොල් ටොෆීත් විකුනන්න තියේද ?
ReplyDeleteඋඹ විස්වාස කරපං වෙනි අයියා..
Deleteඌ සෙරෙප්පු සපත්තු පවා විකුනනවා බං. සියල් එකම වහලක් යටින් :)
මම ආසම කෑමක්.. හෆ්ෆා මතක්වෙද්දිත් පෙරෙතකම එනවා.. :(
ReplyDeleteඅපරාදෙනෙ අර කාගන්න බැරිව ඇද යටට දාපු පොල් ටොෆි.. යකෝ කන මනුස්සයෙක්ට දුන්නානම් පිනක් නොවැ!!
ඒ හංගපුවා කාට හරි දෙන්න ගියා නම් අපි මාට්ටු වෙනව නේ බං.
Deleteඔහොම ඇද යටින් මතු වුනාම අපි දන්නෙ නැහැ කියලා මාරු වෙනවා විතරයි. ඉතිං මීයෝ ගෙනිහිල්ල කියල හිතන්නෙ :)
අඩේ මාත් අර සව් කොලේ නොගලවා පොල් ටොපී කන කොටසට තමයි අයිති. හික් හික්
ReplyDeleteඋඹත් අපි වගේ එකෙක් එහෙනම් :)
Deleteමම කල්පනා කලෙත් කමියුනිකේෂන් එකේ පොල් ටොෆි තිබ්බද කියලා..
ReplyDeleteනැතුව බං.. මම කලිනුත් කිව්වේ ඌ සෙරෙප්පු සපත්තු හිටන් විකුණනවා !
Deleteමෙහෙම ගියොත් සෑමටත් ටොපි හම්බවෙයි වගේ.
ReplyDeleteහොද ටොෆියක් සැට් වුනොත් නරක් වෙලා තියෙයිද බං ්
Deleteඅපේ බෑග්වල දාන්නෙ ගඩොල් බාග. එක ටොපියක් ආසාවට කාල නෑ.
ReplyDeleteඋඹ දැන් ටොෆි නොකෑවට කමක් නැහැ. අර පොඩි එකාට ටොෆි චොකලට් අරන් දියන් :)
Deleteපින නෑ..........
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජකම් කළත් ටොෆියක් කන්න පින නැහැ කියන්නෙ ඕකට තමා බං !
Deleteසෑමයියේ...
ReplyDeleteමාත් බෑග් එකක් අරං එන්නං අර බණ්ඩාරවත්ත හංදියේ කොමිනිකේසන් එකේ අක්කව දානවකෝ ඒකට...
අඩේ උබ කියන්නෙ කොයි කමිනිකේෂන් එකද බං? අදම ගිහින් බලන්න හිතෙනවා උබ ඔය කියනව විදිහට ...
Deleteපොල් ටොෆි.. කෝ කෝ තව බෝතලයක් අරන් දාමු මෙන්න මේ බෑග් එකට. මාත් අතාරින්නෙ නෑ ඕවා.
ReplyDeleteහිකිස්.. යකො මුගෙ තියෙන පෙරේත කම :)
Delete//ගාණට හරියන්න මම ඌට රී ලෝඩ් එකක් දැම්ම බං.//
ReplyDeleteඑල කොල්ලෙක්. යාලුවො කියන්නෙ මේ වගේ උන්ට තමා.
ඇත්තටම ඌ හොද එකෙක් බං !
Deleteසෑමාව කඩයකටවත් වද්දා ගැනීමට සුදුසු නැහැ කියන්නේ ඕකට තමා :D
ReplyDeleteබලපං ඉතිං උබලට කතාවක් ලිව්වම.. අන්තිමට ආදර්ශෙට ගන්නෙ මගේ වැරදි :ඩී
Deleteඊසි කෑෂ් නේද? භාණ්ඩ වලට රි ලෝර්ඩ්.!!
ReplyDeleteමමත් පට්ට ආසයි පොල් ටොපි වලට. කඩේකින් හොරෙන් ගත්තාම කොලේ ගලවන්නේ නැතිව කෙලින්ම කඩේ දාල කටේ ඇතුලේ ඉතුරු වෙන කොළ කැල්ල "තූ"ගාලා විදුරුවක ඇලෙන්න ගහන එක තමා නියම ජොලිය.
සිරාවට ඪිසි කෑෂ් වගේ තමා බං :))
Deleteඒ කෙලේ හැම එකේම එහෙම සාර්ථක විදිහට වෙන් වෙන්නෙ නැහැ බං කට ඇතුලෙදි. ගිලින්න වෙන අවස්ථාත් එනවා :)
මේවගේ රස කෑමක් රට වටේ විතරක් නෙවේ ලෝකෙ වටෙත් යනවා..මාත් කැමතිම කෑමක්.. කෑලි පාට පාටින් තියෙනවිට තවත් ලස්සනයි.
ReplyDeleteපොල් පොල් පොපොල් පොල් පොල් පොල්
Deleteලංකාවෙ වතු වල හැදෙන පොල්
පොල් පොල් පොපොල් පොල් පොල් පොල්
පිට රට පටවන පොල් !
සෑමාට බැන වදිමින් මම දැන් පොල්ටොපි කඩයක් හොයන්න යනවා...!!
ReplyDeleteඉස්සරනම් පොල් ටොපියක් සත පනහයි....!
ReplyDelete"ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
සත පනහක් පමනී
ඒ සත පනහෙන් ගතහැකි වන්නේ
පොල් ටොපියක් පමනි..."
මගෙ නම කපලා ෆොටෝ එක දාපු එක නං අවුල් වැඩක්. ඕක මෙතන දැම්ම එකෙන් නං තව එවුන් දකියි. ඒක වෙනම එකක්. ඒත් නම කපපු එක අවුල්.
ReplyDeleteමොනාද බං මේ පොල් ටොෆි. කිරි ටොෆි නම් දන්නව, ඒත් මේ මක්කද බං මේ.
ReplyDeleteඅවසානේ පොල් ටොෆි බ්ලොග් එකටත් ආවා.
ReplyDeleteමචං සිංහලෙන් කිව්වනෙ. ෆොටෝ එකක් නෙට් එකෙන් හොයල දානවනං අඩුම ගානෙ ලින්ක් එකක්වත් දැම්මනං හොඳයි. ඕක එච්චර අමාරු දෙයක් නෙමෙයිනෙ තේරුං ගන්න. උඹම උඩිංම ගහගෙන ඉන්නෙ.
ReplyDeletehttp://www.flickr.com/photos/chamilad/5623325441/
ඕක දැම්ම කියල මාර අමාරුවක් මට නැහැ. ප්‍රින්ට් කර ගත්තත් මට අවුලක් නැහැ. ඒත් නම කපල ලින්ක් එකක්වත් නොදා ඉඳල ඒ ගැන කිව්වාමවත් “ඕන පුකක්“ කියල ඉන්න කොට පට්ට අවුල්.
සුන්දර සීන් කරන්න කලින් බේසික් ටික ඉගෙන ගනින්කො.
මීට පස්සෙ හොඳ එකා වගේ ගන්න පින්තුරෙක මුල් ලින්ක් එක දාපං හොඳේ.
මේ පොටෝ එක මම එදා පෝස්ට් එක දාන්න කලින් බුකියෙ ඔන්ලයින් හිටපු එකෙක්ට කියල හොයා ගත්ත පොටෝවක්. ඌ චැට් එකෙන් පොටෝ එක දැම්ම මිසක් ලින්ක් එක දැම්මෙ නැහැ. ඇත්තටම බං සිංහල බ්ලොගකින් පොටෝවක් ගත්තොත් මම අතපසුවීමකින් තොරව දානවා.
Delete//ඕක දැම්ම කියල මාර අමාරුවක් මට නැහැ. ප්‍රින්ට් කර ගත්තත් මට අවුලක් නැහැ. ඒත් නම කපල ලින්ක් එකක්වත් නොදා ඉඳල ඒ ගැන කිව්වාමවත් “ඕන පුකක්“ කියල ඉන්න කොට පට්ට අවුල්. //
ලොග් වුන හැටියෙ රිප්ලයි කලේ. නැත්තං ඕන පුකක් කියල සද්ද නැතුව හිටිය නෙවේ !