Sunday, March 17, 2013

රත්තරංවාහිණිය ගංජා ගහලද? Marijuana effects on Goldwahini


මාධ්‍යය සෑම තැනක්ම ආවරණය කරන්නෝය. එය නම් හොදය, මිනිසුන්ට යම් දෙයක් ඒ හැටියටම බලා ගැනීමට එම පුවත් උපකාරී වන්නේය. දැන් පොලිසිය ද මාරය. හොරෙක් අල්ලන්න යන්නේත් කැමරා කරුවන් පිරිවරාගෙනය. සමහර නිවුස් මවන්නන් පවා CCTV කැමරාවලින් එකතු වූ හොර මැර කම් වලින්  නිවුස් කියවෙන පැය භාගය පුරවන්නේය. නමුත් ඒ කැමරා වලින් අල්ලා ගත් හොරෙක් මේ තාක් අපි දැක්කේ නැතිය.

අද අපි නොදන්න ලයිව්, ඇට් එයිට් එකේ ගංජා වැලලූ නිවසක කාන්තාවක් අත්අඩංගුවට ගන්නවා පෙන්නුවේය. සිද්ධිය මෙසේය..

පොලිසිය සමග හොර බඩු සෙවීමේ ලා දක්ෂ බල්ලෙකු පාරේ ගමන් කරන්නේය. කැමරාව පිටුපසින් ගමන් කරන්නේය. කඩ කාමර, පාර දෙපස වෙලැද සැල්, අහුමුලු බල්ලාගේ ඉව ගැටෙන්නේය. අවසන බල්ලා පොලිසිය සමග ගෙවත්තකට වැදෙන්නේය. වත්තේ වළලා තිබූ ගංජා මිටියක් කෙසෙල් පදුරක් අසලින් ගොඩ ගන්නේය. ඉන් පසුව පොලිසිය, ගෙහිමි කාන්තාවට කතා කරන්නේය. ඇය තමා මෙවැන්නක් නොදන්නා බවත්, තමා පිටත නැති මොහොතක වත්තට ඇතුළු වී තම වත්තෙන් හමු වූ වා යැයි කියන ගංජා මිටිය ගැන තමා විශ්වාස නොකරන බවත් කියන්නීය. පොලිසිය ඇය බලහත්කාරයෙන් කුදලාගෙන යන්නේය. ඇය තමා නිවැරදි බැව් කියමින් හඩමින් කෑ ගසන්නීය. එහෙත් පොලිස් ජීප් එකේ දමාගෙ ඇයව රැගෙන යන්නේය. ඇගේ දියණියද එය බලාගෙන කෑ ගසන්නීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙක් නිවසක ඩෙංගු මදුරුවන් බෝවන තැන් ඇද්දැයි බැලීමට නිවසකට ආ විගස අමතන්නේ නිවෙස් හිමියාවය. ඉන් පසුව ඔහු වත්තට යන්නේද ගෙහිමියා සමගය. ඉන්පසු තම පිරිස ගෙහිමියා ඉදිරියේ වත්ත සෝදිසි කරන්නේය. මෙය ඉහත ගංජා මිටිය සෙවූ ආකාරයට සිද්ධ වුවොත් සිද්ධ වන්නේ මෙසේය. ඔබ නිවසේ සිටියදී පිරිසක් ගෙවත්තට එන්නෝය. උන් ටයර් පළුවක් අතින් රැගෙන ඔබට කතා කරන්නෝය. එය ඔබ ගෙවත්තේ වතුර පිරී තිබියදී ඔවුන් සොයා ගත් බව ඔබට කියන්නෝය.

එවිට, එම ටයර් කැබැල්ල ගෙවත්තේ තිබූ බව ඔබ දන්නේ නම්...

ඔබ ඒ පිළිබද නොදන්නා බව ඔවුන්ට කියා සිටින්නේය. තම වත්තට ටයර් කැබැල්ලක් රැගෙන විත් දමා තමාව ඒ වරදට අසු කිරීමට උත්සාහ දරන්නේ යැයි කියමින් කෑ ගසන්නේය. කෙසේ හෝ තමා වරදින් නිදහස් වන්නට තනන්නේය. එසේ නොකරන්නේ අල්ප ප්‍රමාණයක මිනිසුන්ය.

එවිට, එම ටයර් කැබැල්ල ගෙවත්තේ තිබූ බව ඔබ නොදන්නේ නම්...

ඔබ ඒ පිළිබදව නොදන්නා බව ඔවුන්ට කියන්නේය. ඒ ඇත්තටමය. නිවසටම වී ගෙවත්ත පිලිබද සොයා නොබලන මිනිසුන් සිටිය හැකිය. ඔවුනට තම වත්තේ තිබෙන ටයර් කැබැල්ලක් මතක තිබෙන්නට බැරිය. එවන් අයෙක් දහස් වර කියන්නේ මෙවන් ටයර් කැබැල්ලක් තම වත්තේ නොතිබුණු බවක්ය. එවිට ඩෙංගු මර්ධනයට ආ පිරිස ඔහු සමග තර්ක කරන්නෝය. ගෙහිමියාද තර්ක කරන්නේය. එලෙස දෙපාර්ශවය අතර නිර්මාණය වන්නේ අනිසි ගැටළුවක්ය.

උක්ත කාන්තාව ගංජා මිටිය සමග සෘජුවම සම්බන්ධ දැයි පොලිසිය හෝ ස්වර්ණවාහිනීය ඒ මෙහොතේ නොදන්නෝය. ඇයව හසු කිරීමට හෝ ගංජා මිටිය සගවා තැබීමට වෙනත් අයෙකු එම වත්තේ ගංජා සගවා තිබුණා දැයි සැක සහිතය. එහෙත් මාධ්‍ය මගින් පුළුල්ව ආවරණය කරමින් ඇයව කුදලාගෙන යන්නේය. ඉහත ප්‍රවෘත්තියේ මා දුටු සැටියට නම් ගංජා ගසා ඇත්තේ ඔවුන්ය. පරීක්ෂණ වලින් අනාවරණය වන්නටත් පෙර අයෙකු වරදකරුවකු ලෙස හංවඩු නොගසන්නට තරම් මාධ්‍ය සාධාරණ විය යුතුය. දුමින්ද සිල්වා මහතා වැනි අය තවමත් වරදකරුවන් ලෙස හංවඩු නොගැසූ එවන් මාධ්‍ය සාමාන්‍ය වැසියන් ඉදිරියේ ගංජා ගැසූ අය මෙන් පුවත් මැවීම දුක්ඛිතය.

sAm ශ්‍රී Perera_08:57pm_17/03/2013

86 comments:

  1. mewa ge media ewunta aniwa hena gahanna ona...aiyya..

    ReplyDelete
  2. එකනේ ඉතින් අපි නිකමටවත් නිවුස් එක චැනල් එකක්වත් බලන්නේ නැත්තේ.... කරන කියන වැඩ දැක්කහම අපේ ලේ පිච්චෙනවා විතරයි... කට මොනවා උනත් කමක් නැ නිවුස් එකට හිට් වෙනවනම්......

    ReplyDelete
    Replies
    1. කෝ බොලා විස්තර ගත්තා මොකක්ද උලව්වකට..ඒකෙ ප්‍රතිපල..?

      Delete
    2. අන්න දේවා උත්තර දීපං.. උබත් අපිව මුලා කරලා.

      Delete
  3. පහත් තැනනි වතුරත් ගලා බසියි.ජනප්‍රිය වෙන්න මිනිසුන් මොනවද නොකරන්නේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  4. අපෝ ... මම නම් ඔය මලඉලව්ව බැලිල්ල නවත්තල හුඟක් කල්. මිනිස්සු මොන මඟුලකට ඕව බලනවද මන්ද.

    මම නම් කියන්නෙ මාධ්‍ය සමඟ ගොස් වැටලීම් කරල මුලු රටටම පෙන්විය යුතු දේවල් හුඟක් මේ රටේ සිද්ධ වෙනව, ඒත් මේ වගේ සිදුවීම් නම් අනවශ්‍ය දේවල්. බංකොලොත් මාධ්‍ය.

    ReplyDelete
    Replies
    1. බංකොලොත් කියන්නෙ මාලිංගය එදා බැනපු එකම හොදා කියලත් හිතුනා.

      Delete
  5. සංවර්ධනයෙන් ස්වයංපෝෂිත වෙලා සුඛිත මුදිත වෙච්ච ජනතාවක් ඉන්න රටක පෙන්නන්න නිවුස් නැති උනාම ඔය වගේ දෙයක් හරි කරන්න එපයැ....

    ReplyDelete
    Replies
    1. සිරාවට.. අපිට ප්‍රශ්නත් නැහැනේ බං !

      Delete
  6. කොහොමටත් අද අපේ රටේ ජනමාධ්‍ය ගංජා ගහලා බව නම් ශුවර්

    ReplyDelete
    Replies
    1. වෙලාවකට ඊට හපන්ද මන්දා !

      Delete
  7. ඔය වාහිනියේ නම් දැන් දැන් පෙන්නන්නේ පොඩි එවුන්ගේ වැරදි විතරයි. මේ වෙනකොට නම් මං බලන්නෙත් නෑ ඕක.

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් පෝත්තියක් බලන්න ඕනවට බලනවා මිසක්.. ඇති දෙයක් නැහැ බං

      Delete
  8. අපි ඉතින් සේරම වාහිනී බලනවා කරන්න වැඩකුත් නෑනේ වැඩ ඇරිල ඇවිත්...මෙන්න මේ පැත්තෙ ගොහින් බැලුව නම්...
    http://nadiniabenayaka.blogspot.ae/2013/03/2.html

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තට ගියා.. මරු ඇහ් ;)

      අපිත් ඉතිං බලන්න ඕනවට නිවුස් බලනව නොවැ !

      Delete
  9. ඕය මගුල බලන්නෙ නෑ බං..!

    ReplyDelete
    Replies
    1. සිරස බලා මෙය බැලුවම ටිකක් සනීපයි...

      ටිකක් පෙරල ගන්න වෙන එකයි අවුල :/

      Delete
  10. වෙලාවට බලන්නේ නැත්තේ ! :p

    ReplyDelete
    Replies
    1. හවස කාටුන් මිස් වෙන නිසාම මම බලනවා !

      Delete
  11. නෙද්දකින් ඔය රන් වාහිනිය..උන්ට පුළුවන් නම් ප්‍රවුත්තියේ ඉන්න එකා ජාතක වෙච්ච හැටිත් පෙන්නාවි..

    ReplyDelete
    Replies
    1. සද්දෙ එක්කම රගපාල පෙන්නනවා බං !

      Delete
  12. ඔය ජරාවාහිනියනම් බල්ලෙකුට වැඩක් නෑ.. පඩේ වෙඩිල්ල කරලා බඩ ගෝස්තරේ හොයා ගන්න උන් හරි දස්සයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සෙන්නා. මේ සිද්ධියෙදි උන් ඒක ඔප්පු කලා

      Delete
  13. ඕක මචං දවස් හතක බැලුවොත් එක දිගට හාට් ඇටැක් හැදෙනවා!

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් උන් ආඩම්බරෙන් ඒ නිවුස් එකත් දායි බං

      Delete
  14. මං ටීවි නොබලන එක හොදයි නේද බලානයනකොට

    ReplyDelete
    Replies
    1. මමත් ඔය බෝට්ටුවේමයි. ටී වී බලන්නෙම නෑ. නිකමට හරි ගෙදර ගිය දවසක ටී වී බැලුවොත් ඇඟේ ලේ කෝප වෙන එක සිද්ධ වෙන්නේ...

      Delete
    2. ටීවි නම් මාත් බලන්නෙ නැහැ. ඒත් නිව්ස් බලනවා..

      බලන්න තියෙන එකම දේත්, මුන් විනාස කරනවා !

      Delete
  15. කාලකන්නි දෙශයක..කාලකන්නි වූ පිරිසක් සමග බලෙන් කාලකන්නි කරවන කාලකන්නි..

    ReplyDelete
    Replies
    1. වචන හැසිරවීම අන්තිමයි ඈ !

      Delete
  16. සැකකරුවෙකුව එහෙම ප්‍රසිද්ධියෙ පෙන්වීම සුදුසු නැහැ.උසාවියකින් තීන්දුවක් දුන් පසුව තමා වරදකරු/නිවැරදිකරු වන්නෙ.ප්‍රසිද්ධ මිනීමරුවො/කුඩු මුදලාලිල සහ යකඩ හොරු ඇස් පනාපිට ඉද්දි පොලිසිය,මාධ්‍ය නිහඩයි.

    ReplyDelete
    Replies
    1. තෝරු මෝරු යහතින් හාල්මැස්සෝ දන්ගෙඩියට . . කැකිල්ලේ රජාගේ තියරියනේ කෙන්ජි

      Delete
    2. සහතික ඇත්ත කෙන්ජි !

      Delete
  17. මම පොඩි එකාට රයිස් එකක් ගන්නකොට රෙස්ටොරන්ට් එකේ ටී වී එකෙන් ඕක දැක්කා. අපේ පොලීසියෙ මාමලා සැකකරුවන්ට අමතනහැටි ලෙසටම පෙන්නුවා. වෙනකක් තියා මැදින් 'කීක්' එකක් දාන්නත් වුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කීක් එක දාල පොලිසියෙ ගෞරවය රැක්ක වගේම, අර කාන්තාවගෙ ගෞරවය ගැනත් හිතන්න තිබ්බ නේ?

      Delete
  18. ලෝකයා ඉදිරියේ තමන් ලැජ්ජාවට පත්වීම නිසා, අදාල කාන්තාව සියදිවි නසාගත්තොත් ඒකත් මුන් කිසිම හිරිකිතයක් නැතිව විකුණනවා.
    ඔය කාලකණ්නි වැඩේ ලංකාවට හදුන්වාදුන්නෙ මහාරාජාවාහිනිය, දැන් රත්තරං උකස්වාහිණිය උන්ව පහුකරගෙන බොහෝ දුර ගිහින්.මුන්ට වගකීමක් ඇතුව ප්‍රවෘත්තියන් සන්නිවේදනය කරන්න අවශ්‍ය දැනුම නෑ.පුවත්, පුවක්වගේ ඔහේ විකුණන්නෙ ඒ හින්දයි.
    හැබැයි,කවදා හරි දවසක මුන් එකෙක් දෙන්නෙක්....සාමාන්‍ය මිනිස්සුන්ගෙ අතින් මැරුම්කනවා; අන්න ඒ දවස එනකල් ඔහොම නටපුවාවෙ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අන්න එදාට උන් හැදෙයි !

      Delete
  19. අර දේවාලෙ හොරගෙඩියාට රත්තරං හම්බ කරල දුන්නෙත් මෙයාල නේද ?

    ReplyDelete
    Replies
    1. කට, කට, කාලි අම්මගෙ උදහසට අහුවෙයි සරත් අයියෙ.

      Delete
    2. හිකිස්.. ඒ කඩෙන්ම රත්තරං ගන්න කිව්ව නේද දෙයියෝ ??

      Delete
  20. හොද වෙලාවට බෝඩ් වෙලා ඉන්න නිසා ටීවි බලන්න වෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. ඉතිං ටීවි එකක් ගමු කෝ ;ඩී

      Delete
  21. සක්කිලි මාධ්‍ය. හැම එකේම වගේ පෙන්නුවා. ඇත්තටම මුන් මාධ්‍යවේදය කියන් දේ පරදාර සේවයේ යොදවන මූසලයෝ. මළ මිනි විකුනන් කන ඩ්‍රැකුයුලාලා, මුන්ට මුල ඉඳලා මාධ්‍ය වේදය කියන් දේ උගන්වන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මුන් හිතාගෙන ඉන්නේ හැමදේකට මැදිහත් වෙන්න අවසර තියනවා කියලා....තව ටික දවසකින් හනිමුන් එකේ කරන එක කැමරා කරන්න දුන්නේ නැ කියලත් සද්දේ දාය්....මුන් දැන් මිනිහෙක් මරලා හරි නිවුස් දානවා ...............

      Delete
  22. At the end of the day, it is all about ratings... A good post!

    ReplyDelete
  23. සෑමයියේ දෙන්න තියෙන එක දොඹේන්ම දීලා තියෙනවා. සල්ලි වලට බල්ලොත් මරණ කාලයක් මේක.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම හොදයි.. මට අයියා කියන්න උබ එච්චර තරුණද?

      Delete
  24. අපෝ ඔය වාහිනියෙ නිව්ස් කියන්නෙ පොඩි උන්ට කතන්දර කියල දෙන තාලෙන්.

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒ කියන විදිහන නම් පට්ට චා ඈහ් !

      Delete
  25. මේ අපේ ලංකාවේ සිද්ධ වෙන දේවල් අහලා බලලා ඔලුව වෛරයෙන් ක්‍රෝධයෙන් පුරෝ ගන්නේ නැතුව ඉන්න නම් ලොකු ඉවසීමක් ඕනවෙනවා බන්. මට නම් දැන් සෑහෙන ප්‍රමානෙක ඇහැකි. ට්‍රයි එකක් දාලා බලහන්

    ReplyDelete
    Replies
    1. එච්චර ඉවසීමක් තියෙන එකෙක් රටින් පිට වෙලා ඉන්න එක නම් මහා විනාසයක් දුකා අයියා :)

      ජය !

      මාත් ට්‍රයි කරනවා බං. ඒත් මොනව හරි ලියවෙන එකයි අවුල !!!

      Delete
  26. අපිටත් හරි චූන් මේවා බලද්දී මේ රටේ නීතිය මාර විදිහට ක්‍රියාත්මක වෙනවානේ කියලා :(

    ReplyDelete
    Replies
    1. කෑගහන්න එපා.. නීතිය අකුරටම නිසා !

      Delete
  27. කොහේ හරි මරණ ගෙදරකට ගිහින් ඒ මිනිස්සු අඬනකොට ඒ මිනිස්සුන්ට මයික් එක අල්ලාගෙන ඉන්නවා.. අනේ ඉතින් අර මනුස්සය මයික් එකට අඬනවා..පස්සේ රෑට ඒක මාකට් කරනවා රඟපාලාම

    ReplyDelete
    Replies
    1. කාන්තාවක් දූෂණය වුනත් ඔය ටිකම තමා බං. ඒකත් පෙන්නයි !

      Delete
  28. ඔය පිත්තල වාහිනිය ගැන කියල වැඩක් නැහැ බන්.

    ReplyDelete
  29. කවුද අනේ ලංකාවෙ චැනල් වල නිවුස් බලන්නෙ. ඊට වැඩිය හොඳයිනෙ කාටුන් එකක් බලාගෙන එන්න එක.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් කටුන් යන්නෙ හවසට බං. අපි ඒ වෙලාවට ඔපිස්. ඒ නිසා ගෙදර ඇවිත් කාටුන් වෙනුවට නිවුස් බලන්නේ :)

      ජය !

      Delete
  30. ඕකේ නේද අර රඟපාලා පෙන්නන සීන් එක තියෙන්නේ? රටකට ගිය කල!

    ReplyDelete
    Replies
    1. අහ්. ඔව් ඔව්. රගපාල පෙන්නනවා තමා !

      Delete
  31. ලාංකේය අභිමානය...........

    ReplyDelete
  32. අතිශයෝක්තියකින් උන් ප්‍රවෘත්ති පෙන්වන්නේ.උන් කොහොම පෙන්නුවත් අපි විමසිල්ලෙන් බලන්න ඕන.පෝස්ට් එකට එකඟයි!

    ReplyDelete
    Replies
    1. අතිශෝක්තිය නිසා අපට ඉපදෙන්නේ අති ශෝකයක් බං :(

      Delete
  33. දැන් පොලීසියට ඔත්තුවක් ආවම ඔය රෙද්දෙ වාහිනියටත් කතා කරගෙනද යන්නෙ එතකොට? මාරයිනෙ. මමත් ඔය වාහිනියෙ එකෙක් අඳුරගෙන තියාගන්න ඕන. හදිස්සියෙ අපේ ගෙදරටත් ඩෙංගු බලන්න එනකොට එන්න කලින් නිව්ස් එක පන්නගන්න

    ReplyDelete
    Replies
    1. හිකිස්.. කෝම හරි නිවුස්වලට මූණ දාගන්න හදන්නේ නේද :ඩී

      Delete
  34. නොදකින් ඔය රට තම්බින්ටම පල

    ReplyDelete
  35. මමත් දැක්ක ඒ නිව්ස් එක. ඒ වාහිනියේ විතරක් නෙවෙයි තවත් එකක ගියා.

    ReplyDelete
  36. හොඳ වෙලාවට බෝඩිමේ ටීවී නෑ...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ යකෝ මේ ආතල් මිස් නොකර ටීවි එකක් ගනින් :))

      Delete
  37. Dude:

    උඹ කියන කතාවට මම මුලුමනින් එකඟයි. මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් තුට්‍ටු දෙකට වැටිලා තියෙන එක තමයි මේකෙන් පේන්නෙ. ඇත්තටම නීතියෙන් වරදකාරයෙක් වෙන්න ඉස්සරම වරදකාරයෙක් කරලා තියෙන්නෙ මාධ්‍යය මගින්.

    ඔය වැඩ සටහන් වල අඩුම ගානෙ මූණට කො‍ටු දාන්නෙ වත් නැද්ද? ඔහොම වැඩ සටහන් තියෙනවා පිටරට චැනල් වලත්. එකක් COPS. ඒවයෙ නම් මූණ පෙන්නන්නෙ නෑ. කො‍ටු දානවා මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වය රකින්න. වාහනවල නම්බර් ප්ලේට් එකටත් කො‍ටු දානවා.

    ReplyDelete
    Replies
    1. // ඇත්තටම නීතියෙන් වරදකාරයෙක් වෙන්න ඉස්සරම වරදකාරයෙක් කරලා තියෙන්නෙ මාධ්‍යය මගින්.//

      මේක ඇත්ත බං.

      මූණට කොටු දාන සීන් එක නම් වුණා. ඒත් හෙන්රි ඒක සාර්ථක නැහැ මගෙ හිතේ. අපේ ගෙදරට පොලිසිය පැනලා මාව අල්ලන් ගියා කියපං. මූණට කොටු දාල පෙන්නුවත් ගමේ උන් දන්නව මේ කවුද කියල. ගමේ උන් ඊට පස්සෙ වරද නිවැරැද්ද නොබලා වැරදි විදිහට බලන එක නවත්තන්න පුලුවන්ද ?

      Delete
  38. මාධ්‍යයේ වගකීම ගැන නම් කතා කරන්න බැරි තරමට පිරිහිලා සෑමෝ..ඒ ගැන මට හිතෙන විදිහට කරන්න තියන එකම දේ මේ දේවල් බලන්නැතුව ඉන්න එක විතරයි..

    ReplyDelete
    Replies
    1. නිවුස් බලන්නෙ නැතුව ඉන්නෙ කෝමද බං ??

      එච්චරයි මම ටීවි එකේ බලන්නෙත්.. උබ ඒකත් නැති කරන්න හදන්නේ :(

      Delete
  39. ඔයා කියලා තියෙන කතාව සහතික ඇත්ත අයියේ..ලයිව් ඇට් එයිට් නෙමෙයි ඩ්‍රාමා ඇට් එයිට්..මං නම් අත ඇරලා දැම්මා සෑහෙන කාලෙකට කලින් ඒක බලන එක..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩ්‍රාමා එකක් වගෙ තමා. හැමදේම රගපාල පෙන්නනව නේ..

      Delete
  40. හොඳ වෙලාවට මමත් ලංකාවේ චැනල් බලන්නේ නෑ. මුන් නිවුස් කියලා පෙන්නන්නේ අඬඇඩියාවල්. දැන් රැල්ලට වගේ හැමෝම ප්‍රවීන මාධ්‍යවේදීන් කියලා කට පුරෝලා කියා ගන්නවා. මුන් නිවුස්ද පෙන්නන්නේ?

    ReplyDelete
  41. දැන් මීඩියා කස්ටිය ඔක්කමලා සැට් වෙලා එක එක්කෙනාගේ රෙදි හෝද ගන්වා අප්පා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...