Saturday, March 9, 2013

වෙඩි කෑ ඌරා...


සුන්දර වූ පරිසරයක අසුන්දරත්වයම දකිමින් සිටින්නා ඌරෙකුයි කීම සමාජ ගත සම්ප්‍රදායක් වන්නේය. ගහ කොළ පිරි පරිසරයකද, සුන්දර මල් ගොමුවකද සුවය නොලබන්නා ඌරාය. ඌට ඒවා වැඩක් නැත්තේය. ඌට වටින්නේ මඩ පිරි කුණු කාණුවක්ය. නැතිනම් අසූචි පිරි ජරා වලක්ය. එය ඌට සැප සම්පත් පිරි ආකරයක් වන්නේය. තැලණු මුහුණ, රෝල් වූ නැට්ට සහිත ඌ මඩ ගොඩේ පට්ට ආතල් එකක් ගන්නේය. ඌරා යන නම කැත නිසා ඌට සූකරයා කියනවාට ඌ කැමතිය. එවිට අර ඤොක්කං වූ මුවින් හඩක් නගන්නේය. ඒ සදාදරණිය හඩකින්ය. එකල්හි විකාශය වූ පුංචි පැංචි වැඩසටහනේ මඩයා ලෙස හැදින්වූයේද මෝඩ තක තීරු ඌරු තඩියෙක් ගැනය.

එකල්හි මහා තඩි වලක් වූවේය. එහි ඌරන් රැලක් සිටියෝය. ඒ කාලේ ඌරන් ගෙවල්වල හදන කාලයක් නොවේය. උන් හිටියේ වන ලැහැබකය. ඉතින් උන්ව ගෙවල් වල තබාගෙන හදන්නේ නැති නිසාත්, මෙලෝ රසක් නැති යැයි මිනිසුන් සිතු නිසාත්, උන්ව ගෙවල් වල මසටවත් හැදුවේ නැතිය. මිනිසුන් කළේ උන් නිවැසට එන විට ගල් වලින් පහරදී කැලෑවට එලැවීමය.

දිනක් කොහේදෝ සිටි මිනිසෙක් වල් ඌරෙක් දඩයම් කොට ගෙන නිවැසට පැමිණ ඌව මස් පිණිස උයා බැලුවේය. එදා ඌරාගෙ රස දුටු ඔහු උක්ත මඩවලේ සිටි ඌරන් සැට් එක නිවසට වද්දාගෙන පුංචි ඌරු කොටුවක් තැනුවේය. ඒ ඌරන්ට කන්නට උදේ හවස අසූචි දැම්මේද ඒ මිනිහාමය. ඒසේ තමන්ගේ අසූචි කමින් වැඩෙන ඌරන් සතියකට එකා බැගින් මරමින් කන්නට තරම් ඒ මිනිහා අකාරුණික වූයේය. එසේම මේ බව කල් යත්දී ඌරන්ට දැනුනු නිසා උන් සියල්ල අමතක කොට කැළෑ වැදුනෝය.

එතැන් සිට එලැබියේ ඌරන් නැති සමයක්ය. උක්ත ඌරන් නැති තැන පරිසරය පැහැබරව විකසිත වූයේය. ගස් වැල් වල හට ගන්නා මල්වල ඇති සුවද දසත විසිරෙන්නට ගත්තේය. ඒ උක්ත ඌරන්ගේ දුර්ගන්ධය පරිසරයට එකතු නොවූ නිසාය. අසූචි පිරෙන කුණු කාණු, මඩ පිරුණු වලවල් වල පුංචි සුවදවත් මල් පැලෑටි හටගන්නට වූයේ උක්ත ඌරන් පරිසරයෙන් ඉවත් වූ නිසාය. දරුවන් එළියට බැස සෙල්ලම් කරන්නට හැකි පරිසරයක් දුටුවෝය. වෙනදාට තමන් සෙල්ලම් කරන වටපිටාව ඉතා අපිරිසිදු වූයේ ඌරන් පැමිණ විනාස කළ නිසාය. එහෙත් උන් නැති වූ දින සිට දරුවන් නොබියව එලියට දැමීමට තරම් දෙමාපියන් නිර්භීත වූවෝය.

එහෙත් අවාසනාවන්ත දිනක කැළේ මැදින් මහා වෙඩි හඩක් නැගුනේය. තුවක්කු බටය රත් වූවා සේම ගමම රත් වෙන්නට ගත්තේ එතැන් සිටය. ඒ මහා හඩත් සමගම මහ කැළය කඩා බිදගෙන එළියට දිව ආවේ තඩි ඌරෙක්ය. නොබියව එළියේ සිටි දරුවෝ ගෙතුලට ගැනීමට දෙමාපියෝ උත්සුක වූවෝය. ගහකොල මල් සගවන්නට උත්සාහ කලෝය. ඒ මඩ, අසූචි පිරි ලොවක තමන් පුබුදන මලක සුවදකින් වැඩක් නැති බව සිතා ගත්තා සේය. පරිසරය අදුරෙන් වෙලුනේය. වෙඩි කෑ ඌරා සමාජ ගත වූයේය. 

නැවත මඩ ගොහොරු බිහි වූයේය. අසූචි වලවල් දියෙන් පිරෙන්නට වූයේය. වෙඩි කෑ ඌරා තම ප්‍රජාව බිහි කරන්නට වූයෙන් තත්වය තව තවත් නරක අතට හැරුනේය. ගම් වැසියෝ නැවත මල් පිබිදී සුවද හමන දිනක් වෙනුවෙන් ප්‍රාර්ථනා පිරි දෑසින් බලා සිටියෝය.

මිත්‍යාවෙන් පිරි සමාජයක් මැදින් සිදුහත් උපත සිදු වූවා සේම, එම ධර්මය යම් තාක් පැවතී නැවත මිත්‍යාවෙන් පිරි සමාජයක් බිහි වන්නේය. ඒ සමාජයේදී නැවත මිනිසුන් යහපත් ගුරුවරයෙකුගේ පහස පතන්නෝය. තමන් කරන්නාවූ දේ තමා පිටුපස එන ගැල් කරත්තය බදු වන්නේය. මෙලොව දී මෙන්ම පරලොවදී විපාක දෙන කර්මයන් සහිතව ගැල ගමන් කරන්නේය. ඔබ අද කරන යහපත් ක්‍රියා ඔබේ පැවැත්ම තහවුරු කරන්නා සේම, අයහපත් ක්‍රියා ඔබව විනාශ මුඛයට ගෙන යන්නේමය.

සැමට සුභ ගමන් !

66 comments:

  1. මොකද බන් සුභ ගමන් කිවුවේ!.

    වෙඩි වැදුණු ඌරෝ කිහිප දෙනෙක්ම ඉන්නවා අද සමාජේ තව තවත් බිහි කරන්නෙම ඌරු පැටවුමයි..

    ReplyDelete
    Replies
    1. සුබ ගමන් කිව්වෙ මචං යන තැනක සුබ වෙන්න කියල. අපාය වුනත් !

      Delete
  2. හ්ම්ම්...වැඩේ නම් තේරුනා..මේ මඩ කුණු අවුස්සන ඌරෝ සමුලඝාතනයකට යන්න වෙයි වගේ...
    අනිත් එක "මිනිස්සු" මේ ඌරාට අසුචි විසි කරන එක නැවැත්තුවොත්.....මූ ම ආයේ වල් වදියි නේද?

    ReplyDelete
    Replies
    1. ඒ තැනට කටයුතු කරමු !

      Delete
  3. පේනවනේ ඉන්න මහත්වරුන්ගේ තරම.. මේකේ ඇනෝ වහපන්.. නැත්නම් මෙතනත් විනාශ කරයි...

    ReplyDelete
    Replies
    1. වැහුව බං.

      මෙච්චර කල් ඇරල තිබ්බෙ.

      Delete
  4. මිත්‍යාවෙන් පිරි සමාජයක් මැදින් සිදුහත් උපත සිදු වූවා සේම, එම ධර්මය යම් තාක් පැවතී නැවත මිත්‍යාවෙන් පිරි සමාජයක් බිහි වන්නේය. ඒ සමාජයේදී නැවත මිනිසුන් යහපත් ගුරුවරයෙකුගේ පහස පතන්නෝය. තමන් කරන්නාවූ දේ තමා පිටුපස එන ගැල් කරත්තය බදු වන්නේය. මෙලොව දී මෙන්ම පරලොවදී විපාක දෙන කර්මයන් සහිතව ගැල ගමන් කරන්නේය. ඔබ අද කරන යහපත් ක්‍රියා ඔබේ පැවැත්ම තහවුරු කරන්නා සේම, අයහපත් ක්‍රියා ඔබව විනාශ මුඛයට ගෙන යන්නේමය.

    දවස පටන් ගැනිමට හොඳ ආරම්භයක්.

    ReplyDelete
  5. ලෝක ඉන්න සියල්ලන්ටම හංග ගෙන ජීවිත කාලෙම රහසක් විදියට තියා ගෙන කලත් ඒක තමන්ගෙ හෘදය සාක්ෂිය දන්නවනෙ සෑමා..ඒ හින්දා අපි ඒ ගොල්ලො වපුරන දේ ඒ ගොල්ලන්ටම නෙලා ගන්න ඇරලා ඉමු නේද ?

    ReplyDelete
    Replies
    1. වපුරන දේවල් ගෙදර මිනිස්සුන්ටත් ආහාරයට ගන්න වෙනවා වෙනියා.

      අපි අතෑරලා දාමු !

      Delete
  6. සමහර ක්‍රියාවන් මුළු මහත් සමාජ පරිහානියකට මුල පිරීමක්ද විය හැකියි....

    ReplyDelete
  7. හෙහ් හෙහ්..... කමෙන්ට් කරන්නෙ නෑ බං. බ්ලොග් ලොකේ ලස්සන වැඩි නිසා දැන් කමෙන්ට් කරන්න තරම් හිත දෙන්නෙ නැ.

    ReplyDelete
  8. අනේ මන්ද බං මුං මෙව්වා කරන්න කොහෙන් වෙලා හොයා ගන්නවද කියලා! :D

    ReplyDelete
    Replies
    1. නරක දේට වෙලාව තියෙනවා බං ඕන තරම්.

      තමන්ගෙ බ්ලොග ලියන්න තමා වෙලාව නැත්තේ :ඩී

      Delete
  9. මේ වැඩෙන් වෙන්නෙ අලුතෙන් බ්ලොග් කියවන්න එන කෙනෙක් බ්ලොග් ගැන ඇතිකරගන්න ප්‍රතිරූපය සම්පූර්ණ වැරදි එකක් වෙන එකයි.

    අර නාඩිය කියල තියෙනව වගේ මිනිස්සු උංට අසූචි විසිකරන්නැතිව ඉන්නවනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒ විදිහ හොද වෙයි බං

      ජය !

      Delete
    2. අනිවාර්යයෙන්ම ප්‍රසන්න.. ලැජ්ජාවේ පණයනව මෙව්වද මේ මහා ලොකු බ්ලොග් ලෝකේ වෙන්නේ කියල.. තුට්ටු දෙකේ ජංගියක් මහන්නත් මීට වඩා හැකියාවක් ඕනේ!

      Delete
  10. ඇහ්....දවස් ගානකින් බ්ලොග් කියවනන් ආවේ...මෙලෝ දෙයක් තේරෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න එපා තරුවෝ.. අපරාදේ

      Delete
  11. //නැවත මඩ ගොහොරු බිහි වූයේය. අසූචි වලවල් දියෙන් පිරෙන්නට වූයේය. වෙඩි කෑ ඌරා තම ප්‍රජාව බිහි කරන්නට වූයෙන් තත්වය තව තවත් නරක අතට හැරුනේය. ගම් වැසියෝ නැවත මල් පිබිදී සුවද හමන දිනක් වෙනුවෙන් ප්‍රාර්ථනා පිරි දෑසින් බලා සිටියෝය.//


    බොහොම පැහැදිලි සමාජ යථාර්තයක්.....

    ReplyDelete
  12. කලකිරීමක් තමා ඇතිවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කලකිරෙන්නෙ ඇයි බං?

      මේවා බලාගෙන විනෝද වෙන්න තියෙන්නෙ.

      Delete
  13. <‍ව්‍යාකරණ හෝ යෙදුම්>උක්ත ඌරන් නැති තැන පරිසරය පැහැබරව මුකුලිත වූයේය

    මුකුලිත යන්න විකසිත ලෙස නිවැරදි කරන්න.

    මුකුලිත = පරව ගිය/චාටර්
    විකසිත = පිපුණු/ලස්සන

    ReplyDelete
    Replies
    1. ස්තුති !

      නිවැරදි කළෙමි !

      Delete
  14. මේ කුණු ඌරො නැතිනම් ලෝකේ කොච්චර ලස්සනට තියාගන්ඩ පුලුවන්ද !
    දැන් මේ වෙලා තියෙන්නේ ඌරන්ට අසූචි නැති උනාම උන්ම පහරල උන්ම කන්ඩ ගන්න එකනෙ.

    ReplyDelete
  15. කතන්දරේ නම් තේරෙනවා.. ඕවා ඉතින් අඩු වැඩි වශයෙන් කොයි සමාජයේත් පවතින දේවල් නේ. //ඔබ අද කරන යහපත් ක්‍රියා ඔබේ පැවැත්ම තහවුරු කරන්නා සේම, අයහපත් ක්‍රියා ඔබව විනාශ මුඛයට ගෙන යන්නේමය.//

    ඒක තමයි කියන්න තියන්නේ..

    ReplyDelete
  16. දැන් කාලේ වැඩිපුරම ඉන්නෙ වෙඩි කාපු ඌරෝ තමයි.. උන්ට ඉතින් මොනව කරනවද කියල තේරෙන්නෙ නෑනේ, ඌරොනේ..

    ReplyDelete
    Replies
    1. නිදහසේ සැරි සරන්න දෙන්න. හති වැටිල නවතී :)

      Delete
  17. හික් හික්, උඹ ලස්සනට කියලා තියෙනවා. අනික උඹට පුලුවන් ශෛලිය වෙනස් කරන්න හරියට උඹද ලිව්වේ කියලා හොයා ගන්න බැරිවෙනන නේද?

    ReplyDelete
    Replies
    1. මූ හොරෙන් මට මොනාද කියනවා වගේ :)

      Delete
  18. වෙඩිකාපු ඌරො ඉතින් දඟලලා දඟලලා හැමතැනම විනාස කරලා තමා යන්නෙ... පවු ඉතින් අනුකම්පා කර කර බලන් ඉන්න තියෙන්නෙ...

    ReplyDelete
  19. තරහ ගන්න එපා මන් fake frofile එකෙන් අවට මේවගේ වටින ලිපියක් ඔබට මග හැරෙන්න පුළුවන් හින්දයි යොමු කරන්නේ, ඔයත් යම්දුරකට කොටස් කාරයෙක් නේද කියල මේ ලිපිය කියවල බලලා තෙරුන් ගන්න http://anonymousaya.blogspot.it/2013/03/blog-post_9.html

    ReplyDelete
    Replies
    1. මේ අත් අකුරු මට හොදට පුරුදුයි වගේ..

      Delete
  20. ඌරන් මර්ධනය කරන්න පෑනෙන් බැහැ තුවක්කුවම ගනින් අතට.

    ReplyDelete
    Replies
    1. හිකිස්... පුලුවන් බං.. ටික දවසයි !

      Delete
    2. අරගෙන අහවරයි!

      Delete
  21. කට්ටියම එකතු වුනොත් වෙඩි කැ ඌරන්ව වුනත් මෙල්ල කරන්න බැරි නැ.

    ReplyDelete
    Replies
    1. දැන් නම් එයාම දමනය වෙන පාටක් තියෙන්නේ :)

      Delete
  22. කාටද අප්පා මේ ගහන්නේ...??? මොකාට උනාම මොක, සමහර උන නම් ඇත්තටම ජීවත් වෙන්නෙ මරන එකෙන් පව් සිද්ද වෙන හින්ද විතරමයි

    ReplyDelete
    Replies
    1. // සමහර උන නම් ඇත්තටම ජීවත් වෙන්නෙ මරන එකෙන් පව් සිද්ද වෙන හින්ද විතරමයි//

      අපුරුයි !

      Delete
  23. කැලෑව කිව්වේ කොන්ක්‍රීට් වනාන්තරයකට වෙන ඕනෑ.

    ReplyDelete
    Replies
    1. කොළඹ පැත්තෙ කොන්ක්‍රීට් තමා මචං.

      හරියටම තැන කියන්න මොකක්දෝ වගේ :)

      Delete
  24. නියමයි සෑම්! මට තිබෙන එකම කණගාටුව ඔබේ විශිෂ්ට හැකියාව මේ වගේ තුට්ටු දෙකේ අවජාතක වසල ඌරන් (නිකම්ම නිකම් ඌරන් නොවේ) වෙනුවෙන් වැය කරන්නට සිදු වීමයි.

    ReplyDelete
    Replies
    1. ඌරගෙන් වැඩක් ගනින්.

      මතකද මාතලන්ට විරුද්ධව මේ ලගදි හැමතැනම කමෙන්ට් දාල තිබ්බා. ඉතිං ඌට ඒකෙන් පාඩුවක් වුණාද?
      හැමෝම මාතලන්ව හොයාගෙන උගෙ බ්ලොග් එකට ගියා
      ආපු එවුන් හැරිල ගියෙ නැහැ.
      මාතලන්ගෙ බ්ලොගට මනාප වෙලා ඒක ෆලෝ කළා.

      :)

      ඒ වගෙම මූ නම් සීදේවි ඌරෙක් ! වැඩක් ගනින් :)

      Delete
  25. අළුත් නිසාද මංදා මට මේ ඌරු වැඩේ තේරුන්නෑනෙ අයියෙ.. :O කවුද ඌරා කියලා ඉඟියක් දෙන්න බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. ලොරි මූණක් සහිත එකා ඌරාය !

      Delete
  26. මොනව වුනත් මේ දවස්වල මේ වෙච්ච දේවල් නිසා සිංහල බ්ලොග් අවකාශය යම් යහපත් දිශාවකට යොමුවෙයි කියලා හිතෙනවා.

    ඕනෑම පරිවර්ථනයකට කලින් සියල්ල අවුල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. //ඕනෑම පරිවර්ථනයකට කලින් සියල්ල අවුල් වෙනවා.//

      උබ එදා ඉදන් දක්ෂ/යක්ෂ අදහස් ප්‍රකාශකයෙක් :)

      Delete
    2. අඩේ හැබෑටම ? එහෙනම් ලංකාවටත් යහපත් සුබවාදී අනාගතයක් ගැන බලාපොරොත්තුවක් තියා ගත්තෑකි වගේ.. :D

      Delete
  27. " ඔබ අද කරන යහපත් ක්‍රියා ඔබේ පැවැත්ම තහවුරු කරන්නා සේම, අයහපත් ක්‍රියා ඔබව විනාශ මුඛයට ගෙන යන්නේමය"

    මේකට නම් මමත 100% එකඟයි සෑම්..

    මොනා නැතත් උරාගෙ දත් ටික හරි ලස්සනයි.. මොනවයින්ද දන්නේ නෑ එයා දත් මදින්නේ...

    ReplyDelete
    Replies
    1. මඩවලට දත් කැපෙනවා එතකොට නිකන්ම සුදු වෙනවා. :)

      ස්තුති පු.කුමාරිහාමි !

      Delete
  28. සුදු ඇගෙන ඇවිත් කරට අත දාන්නෙත් ඒ ඌරොම තමයි..

    මොනවා උනත් හරි සිරියාවන්ත ඌරා.. :D

    ReplyDelete
  29. මොකක් හරි වෙන සීන් එකකට ලියපු පාටයි.කතාව ඇත්ත හැබැයි

    ReplyDelete
    Replies
    1. උඹ කොහෙද බං මිසින් වෙලා හිටියෙ

      Delete
  30. හොඳ පොයින්ට් එකක්. නමුත් මේ සමාජේ පිරිහීමේ වේගය වැඩියි.

    ReplyDelete
  31. උඩින් කියන කතාව තේරුනාට යටින් කියන කතාව හරියට තේරුම් ගන්න බෑනේ

    ReplyDelete
    Replies
    1. යට කතාව ගැන හිතන්න යන්න එපා. අපි මල් වගේ හොදට හැදෙමු :)

      Delete
  32. ෂුවර් එකටම මේක ලියලා තියෙන්නේ අරූටමයි.

    ReplyDelete
  33. අදහස් ප්‍රකාශයෙන් වලකිමි! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  34. ඌරො නැති උනාමත් මේක මෙලෝ රහක් නැහැ බං. පරිප්පු නැති හෝටලේ වගේ එතකොට ;)

    ReplyDelete
  35. අපේ එකා වල් ඌරා චීන එකා රට ඌරා,. එතකොට මේකෙ කියන උන් චීනෙන් ආ උන්ද නැත්නං..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...