දැන් සමාජයේ වරදක් කළත් බැරිය. වරදක් නොකළත් බැරිය. වරද කළ එකා හිරේ යන්නේ කලාතුරකින්ය. පොලිස් නීතියක්ද හරි හැටි ක්‍රියාත්මක නොවන්නේය. විටෙක වරද කරන්නා නිදහස් වන අතර එකී වරදින් කරදරයට ලක්වන්නා හිරේ යන්නේය. එවන් සිද්ධි බහුලව මෑත භාගයේ වුයේ රජයේ පාර්ශවයේ සිටිනා අයගෙන්ය. එසේම සමාජයේ සිදුවන සාමාන්‍ය වැරදි වලදීද එසේමය.
එහෙත් බොහෝ පෞද්ගලික කෝන්තර අවසන් වන්නේ අදාල සිද්ධියට සම්බන්ධ අයගෙන් නොව ඔවුන්ගේ හිත මිතුරන්ගේ ජීවිත වලට බලපෑම් කරමින්ය. විටක පියෙකු පැටලෙන කෝලාහලය අවසන් වන්නේ දරුවන්, බිරිද හෝ දෙමාපියන් වන් පුද්ගලයන්ට හානි සිදු කරමින්ය. එය හුදෙක් සිද්ධියට අදාල පුද්ගලයන්ගේ දුර්වලම තැනින් අල්ලා ගැනීමක්ය. පුද්ගලයෙකු බොහෝ ආදරය කරන්නාවූ, ලෙන්ගතු වන්නාවූ අයෙකු හසු කරගැනීමෙන් පුද්ගලයෙකුට රිදවීම ඉතා පිලිකුල් සහගතය.
මෑත අතීතය දෙස හැරී බලන විට සෑමාට සිදුවූ කරදර බොහෝය. ඒ සියල්ල මැද සෑමා කෙලින් සිටියේය. එහෙත් තමා වෙනුවට තමන්ගේ නිවැසියන්ට සිදු කරන කරදර පිළිබදව ලිවිය යුතු නිසා මෙය ලියන්නට තීරණය කළේ ඊයේ සවස සෑමාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයත් සමගය.
සෑම්ගේ නිවසේ ඉහල මාලය පිවිසෙන පඩි පෙල ඇත්තේ නිවස ඇතුලින් නොව නිවසට පිටතින්ය. එසේ පැමිණ ප්‍රධාන දොරටුවට එළැබිය හැක්කේය. ඊයේ සෑමා තම කාමරය තුල සිටින විට මහා පිපිරුමක් ඇසුනේ ප්‍රධාන දොරටුව අසලින්, සෑමාගේ කාමරයට කිට්ටුවෙන්ය. පඩිපෙල අහවර වෙන තැනට බැල්කනියද සෙට් වන්නේය. බැල්කනියට පිවිසි කළ සෑමාගේ කාමරයට සමීප වන්නේය. මහා පිපිරුමත් සමග සෑමා, සහ අම්මා තාත්තා දිව ගියේ සිදු වූයේ කුමක්ද බැලීමටය............. එසේ ගිය විට දකින්නට ලැබුනේ කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් උපයෝගි කොට ගෙන නිවසේ ප්‍රධාන දොරටුවට සිදු කළ පහරදීමක්ය.
සෑමා එතැනට යන විටත් අම්මා සහ තාත්තා ප්‍රහාරය සිදුවූ ස්ථානයට ටෝච් එකක් ගසාගෙන එහි ඇති රසායනික ද්‍රව්‍ය පිළිබද විපරම් කරමින් සිටියෝය. එය දුටු වහාම එතැන තිබු ඉටිකොළය අතට ගන්නට යද්දී පවා අම්මා සෑමා වැලැක්වූයේ එහි ඇති රසායනික ද්‍රව්‍ය වලින් සිදුවිය හැකි හානිය පිළිබද සිතමින් විය යුතුය.
සෑමාගේ නම පටන් ගන්නේ ‘එස්‘ අකුරින්ය. ඒ නිසා සෑමා සුපර් මෑන්ද, අයියාගේ පොඩි එකා වඩාත්ම කැමති ඔප්ටිමස්ටය. කොල්ලා ඔප්ටිමස් ගැන කියමින්ද, සෑමා සුපර් මෑන් ගැන කියමින්ද, වැඩ දමා ගත්තෝය. ටවල් එකක් පිටේ බැදගෙත් සෑමා සුපර් මෑන් වූ විට පොඩ්ඩා තමන්ට කාර් එකක් විය හැකියැයි කීවේ ට්‍රාන්ස්ෆෝමර්ස් රොබෝලා වාහන වලට හැරවෙන නිසාය. එසේ ගිය කතිකාව දුර ගිය තැන මෙවන් ප්‍රහාරයක් එල්ල වේයැයි සෑමා සිහිනයකින් වත් සිතුවේ නැතිය. සියල්ල අවසන එදා රාත්‍රියේ අයියා පොඩ්ඩා සමග කෙහේ හෝ ගොස් ඇත. එසේ ගිය විටකදී පොඩ්ඩා 6x4 ප්‍රමාණයේ Fruit Bomb එකක් රැගෙන විත් සුපර් මෑන්ගේ නිවැසට ගසා ඇත්තේය. ප්‍රහාර එල්ල කළ තැන තිබු ඉටිකොළය අතට ගන්නට යද්දි අම්මා එපා කීවද එය අතට ගෙන සුවද බැලුවේ සෑමා පළතුරු බෝම්බ ගැන පෙර තියා දන්නා නිසාය. ඇත්තටම ඇත්ත බෝම්බ වලටද එවන් සුවදක් යොදන්නේ නම් මරුය.
Spitball, Paintball or BB Bombs
(Mighty Popper or Mighty Poppers)
alias: SPRITE BOMBS or SPRITE BOMB
(10 pieces per package)
* DO NOT PLACE IN MOUTH *
* THESE WERE DESIGNED TO BE THROWN ON THE GROUND *
It is basically similar to blue plastic bb's. When they come in
contact with any hard surface they make a bright flash then a small
mushroom cloud forms. Oh yeah, they make a cool explosion too...
These are considered party novelties and 100% legal as of today's date!!!!
*** PLEASE NOTE: MUST BE THROWN HARD AGAINST ANY HARD SURFACE ***
DO NOT AIM/THROW AT PEOPLE OR ANIMALS
BECAUSE IT WILL NOT WORK AND IT'S IRRESPONSIBLE
Written by sAm ශ්‍රී Perera_06:46pm_10/03/2013
මම බැලුවා මේ මොකද උනේ කියලා. හික්ස්
ReplyDeleteපොඩි එකෙක් නේ බං. කලබල වෙලා මට පහර දුන්නා :)
Deleteමේ යකා රැවුලපත්තු වෙලා ඉන්න වෙලාවේ සුරුට්ටු පත්තු කරණවා.. තොගේ මොළේ මයිල්ද...?
ReplyDeleteමූට පිස්සුද කොහෙද බං
Deleteමේක ඇත්තම සිද්ධියක් බං. ඊයෙ අපේ අයියගෙ පොඩි එකා බෝම්බයක් ගැහුව අපෙ ගෙදරට.
Deleteබ්ලොග් සිද්ධ වෙච්ච දේවල් ගැන හිතන්න එපා බං. එක්කෝ ඌරව මරමු, නැත්තං මැරෙන්න දෙමු. කෝම හරි ඌර මැරෙන්න කලින් වැඩක් ගනිල්ලා.
ජය !
අනේ අම්මපා මේ වගේ චිංකි ආතල් දුන්නොත් හෙම, ඊළඟ බොම්බේ ගහන්නේ මමයි උඹට!
Deleteහුටා! නායක කබු තුමාට මෙහෙම කතා කරන එක හරිද මන්ද...
මේකක්වත් එකක් ගහලා බලමුද නායක කබු උතුමාණෙනි...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කබු උපනායක, අඩවි රජානෙනි,
Deleteමේකෙන් දමා ගැසුවහොත් පොදු සතුරා කුඹින්ට අසුව මිය යනවා ඇත. ඌ පව්ය. ඌරා මැරිය යුත්තේ ඌරු කොටුවේදිමය.
ජය වේවා !
මාත් බැලිවා සෑමාට බෝම්බ ගාන්න තරම් මොනවද කලේ කියලා හික් හික්....
ReplyDeleteපලතුරු බෝම්බයක්. දන්නවනේ පොඩි උන් එක්ක වලි දාගත්තම
Deleteජය !
සෑම්, හෙටානිද්දා බ්ලොග් නිසා එකෙක් මැරුණා කිව්වත් මං විශ්වාස කරනවා බං..
ReplyDeleteවිකාරද බං? පෑනෙන්, කී බෝඩ් එකෙන්, යන සීන් තුවක්කු දක්වා යනවාද?
Deleteඅහ්.. ලසන්ත මහත්තයට වුණා නේද?
:(
ඒ ඒකත් මාරයි නේ?? නිවස්වල මේම යයි නේ.. බ්ලොග් අඩවියක් නිසා අද දින පැරෑලිය හන්දියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා මුල්ලේරියා රෝහල වෙත ඇතුලත් කර ඇත. වෙඩි තැබූ බවට සැක කරන්නේ රන් සමනලයා ලෙසින් තමා හඳුන්වාගත් අයකු වන අතර වෙඩි වැදී රෝහල්ගත කර ඇත්තේ කළු පුසා සමග ටියුනින් නම් අයයි... :)
Delete
Deleteහෙහ් හෙහ් හෙහ්.. ඒක මාරයි... අඩේ එහෙම වෙයිද ? එහෙනම් දැන්ම තියා කඩේ වහලා ගෙදර යන්න ඕනා.. මටනම් බෑ පිනට කහින්ඩ ගිහින් වෙඩි කන්න..
අම්මප අර ඇලෙක්සැන්ඩර් තුමාගේ කතාව සහතිකෙන්ම ඉන්තේරුවෙන්ම ඇත්තය!!
Deleteමේවත් වෙයි තමයි දැන් පේන හැටියට..
Deleteඒකත් මාර ආතල් නිවුස් එක :))
Deleteමම හිතුව මේ ලඟදි පාරේ මොකක්ද ප්‍රශ්නයක් වුන නිසා එකේ ප්‍රතිපලයක් ද කියල. ඇයි තව කබ්බෝ සිද්දියකුත් යනවා නේ.
ReplyDeleteනැහැ මචං මේක ඔප්ටිමස් එක්ක ගිය ගේමක් !
Deleteමං හිතුවා සෑම් අයියා ඉන්නෙ අර තම තමාම ගස් බැඳ ගන්න පැත්තෙ හන්දා එහෙම සීන් එකක් වෙලා කියලා.. :D හයියෝ...යැව්වනෙ නොමඟ..
ReplyDeleteමෙහෙ තාම බෝම්බ නැහැ. ගස් බැදිලි, වෙඩි තැබිලි විතරයි :)
Delete:/
ReplyDeleteසුමියා අවුලක් ගන්න එපා බං.
Deleteමේවා ටික දවසයි.
අහිංසක බෝම්බ..! :D :D
ReplyDeleteසුවදාාායි !
Deleteපලතුරු බෝම්බනේ :ඩී
මම බැලුවා මක් වුනාද කියලා මේ...
ReplyDeleteමක් වුනාද තමා. බෝම්යක් බොල. අර ඉංගිරිසි ටික කියවල බලන්න. මාර සැර එකක් ඒක.
Deleteබොට මෝල් ද?
ReplyDeleteපොඩි එකාගෙ වැඩ නිසානෙ බං සේරම !
Deleteඑහෙම බෝම්බත් තියනවද ?? හොඳයි, අනාගතයේ දාමරිකයො, මදාවියො වෙන්න කැමති අය ඉන්නවනම් පුරුදු වෙන්න පුළුවන්..
ReplyDeleteකාටවත් කරදර නැති අහිංසක බෝම්බ :)
Deleteඅඩේ මට අහුවෙලා නෑනෙ. කොහෙද බන් ඕව ගන්න තියෙන්නේ?
ReplyDeleteකිඩ්ස් අයිටම් තියෙන තැනකින් ගත්ත කියලයි ආරංචිය.
Deleteතාම තැන කන්ෆර්ම් නැහැ. අයියගෙන්ම අහන්නෝනි බං.
කබු නායක තුමා කොටියා කෑවෝ නාට්ටියේ දෙවැනි කොටස ලියයි වගේ ;)
ReplyDelete:ඩී
Deleteඇයි කඹු නායක විතරක් අල්ල ගන්නෙ. තොපිත් උපනායක වරු තමා !
සෑමා ලිව්වොත් ලියන්නේ ඔය වගේ නොසන්ඩාල ලියවිල්ලක්.පුංචි බාබාටත් වඩා සෑම් පොඩි එකා වෙලා.පට්ට ලියමනක්
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මේ පොඩි සෑමා නෙවේ.. ලොකු සැමා :)
Deleteඋඹට වෙන්නෙ අර වෘකයෝ ආවෝ කියලා කෑගහපු කොලුවට වෙච්ච දේ හරිද? :)
ReplyDeleteඒ වෘකයෝ නේ බං... මේ ඌරෙක් :)
Deleteජය !
නෙද්දකින්..! බඩ පපුව පත්තුවෙලා බලන්න ආවෙ..!
ReplyDeleteතෝ මලත් බලන්න එන්නෑ මීට පස්සෙ..!! ඕං කිව්ව.
අම්මප..! මාත්!!
Deleteමලත් එන්නෙ නැහැ කියන උන් තමා බං දවස් හතම නයිට ගහන්නේ :)
Deleteඅම්මො..මගෙ පෙනහෑල්ල රිදෙනො..
ReplyDeleteඇයි බං බොට ක්ෂය රෝගයද ? :)
Deleteබ්ලොග් මේ ටිකේ කියවන්න උනේ නැති උනත් මේකේ හෙඩිම දැකලා අවේ බන්.... මොන වෙඩ්මක්ද මේ කියලා තියෙන්නේ......
ReplyDeleteඑත් බලාගෙන පොඩි කමට ඔහොම කලාට පස්සේ පොඩ්ඩා ලොකු වෙලා බෝම්බම ගහන්න ඉඩ තියනවා.... අනික ඉතින් ඕකට අයියා කාරයත් සම්බන්ද ඇති..... පරිස්සමින්....
මහ එවුන් බාලාංස වැඩ කරනකොට පොඩි උන් පූදින්න හදන එක නවත්තන්නෙ කෝමද බං ?
Deleteජය !
සෙල්ලං නෑ නේහ්? ඔප්ටිමස්ගෙන් නේ බෝම්බෙ...
ReplyDeleteබේරෙන්න බැහැ බං !
Deleteඒත් මම “අභිතව‘ මුහුන දුන්නා :)
පැමිණිලි කරමු බං අපි ජිනීවා ගිහින්!
ReplyDeleteනැහැ නැහැ අපි ලංකාවෙ ඉදන් ‘අබීතව‘ මුහුන දෙමු..
Deleteඅනේ දෙයියනේ...මේකගෙ මොළේ කොලොප්පන් වෙලාද...:b
ReplyDeleteකම්පනේට මයෙ හිතේ !
Deleteහික්ස්.... මදැයි ඔයින් බේරුනා..... පොඩි එකා මාර වසයි වගේ ඈ.... සතුරාට නියමෙට වැඩේ දීලා....
ReplyDeleteජුන්ඩි එවුන් ඔහොම බොලද වැඩ කරනව නොවැ !
Deleteහපොයි මම බයවුන තරමක්..සෑම් අපිව නිකන් බය කරනවා.පෝස්ට් ටය්ට්ල් එක දැක්ක ගමන් ඇඟත් හිරි වැටුනා.:D
ReplyDeleteඑහෙමත් බෝම්බ තියෙනවද.. ඇහුවෙත් අදයි..
මාත් ඇහුවෙ දැක්කෙ එදාම තමා. මරු බෝම්බෙ. සොදුරයි අප්පා :)
Deleteනියම බාප්පයි පුතයි . . ටවල් එක පිටේ බැඳගත් සුපර් මෑන් . . හික් හික් හික් .
ReplyDeleteපොඩි එවුන්ගෙ මට්ටමට ගිහින් එපෑ බං විහිළු කරන්න. නැත්තං උන්ට ආතල් නැහැ :)
Deleteටවල් එකක් පිටේ බැඳගත්ත විතරද, ඇයි ජොකා කලිසමට උඩිං ඇඳගත්තෙ නැද්ද.
ReplyDeleteඅම්මප පොඩි එකානං නියම බඩුව තමයි.
+++
Deleteඋබල ඉතිං සම්පුර්න සුපර් මෑන් කොරන්න හදනවනේ, ඇදුම් වැරදියට අන්දවලා !
Deleteටෝකින් අ වෙඩින්. (මගුලක් කතාකරනවා) යකඩෝ මම මේ හිතන් බැලුවේ සිරා කේස් එකක් කියලා.
ReplyDeleteසිරා කේස් එකක් තමයි බං :ඩී
Deleteපොඩි උන්ගෙ ආතල් නේ :)
පොඩි උන්ගේ වැඩ ඒ තරම් ගනන් ගන්න දෙයක් නැ සැම් මලයා
ReplyDeleteඒක ඇත්ත නලින් අයියා. ඇගපත ලොකු වුනාට ජුන්ඩි මොලයක් තියෙන උන් නොවැ !
Deleteඔය පලතුරු බොම්බේ ඔච්චර සද්ද ද?
ReplyDeleteමගෙ අප්පෙ ඔව් !
Deleteඅප්පොච්චියේ මම හිතුවේ සිරාම බෝම්බයක් කියලා... පලතුරු බෝම්බ..? අදමයි ඇහුවේ..? රජා සුකිරි බෝල වලට මාකටින් පාර දුන්නා, සෑම් ලොක්කා අද වෙන එකකට මාකටින් පාර දුන්නා.
ReplyDeleteඌ කබු උපනායකයා නේ බං. :)
Deleteසූකිරි බෝල වලට ආසායි :ඩි
ජය !
සතුරා මොඩයෙකු නොවේ. එය දැන අප දැනගත යුතුමය. එමෙන්ම සතුරා විටෙක පළි ගනිනුයේ ප්‍රතිවාදියාගේ දුරුවලතාවයන් හඳුනාගනිමිනි. මා කියූ දේ හරිද මන්දා....
ReplyDeleteහරියටම හරි..
Deleteඒත් මේ සතුරා පොඩි එකෙක් නේ :ඩි
ජය !
මූ මේ පළතුරු බෝම්බ කියන්නෙ අර පොඩි එකා බෙලි ගෙඩියකින් ගහපු එකටද කොහෙද ?
ReplyDeleteහිකිස්.. නැහැ බොල ඔය ටින්නේ පැකට් එකේ පොටෝව :))
Deleteහිනා වෙයි ඉතිං.
ReplyDeleteයකෝ බෝම්බෙ වදුන නම් ?
අවුලක් නෑ පළතුරු බෝම්බයක්නේ.. දැන් පොඩි එවුනුත් හොයාගන්න දේවල්..ඇත්තටම
ReplyDeleteඊළඟ එල්ල වෙන්නේ බර අවි ප්‍රහාරයක්. පරිස්සම් වුණොත් හොඳා :D
ReplyDeleteකලින් කියා ඇති පරිදි ඔප්ටිමස් හා සුපර්මෑන් තකට තකය..!!
ReplyDelete