Tuesday, March 5, 2013

උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාව... - 7 කොටස


කොනක ඉදන් එක හුස්මට...

පුංචි කාලෙ අම්මල අපිට කෝටු මස් වෙනකල් ගහනවා. ඒ වැරදි කරන්න එපා කියල. ඊට පස්සෙ ඉස්කෝලෙට ගිය දවසෙ ඉදන් දණ ගස්සවල තියෙනවා, වේවැලෙන් ගහනවා. ඒ අපේ ගුරුවරු. අපිට නරක දේවල් කරන්න එපා කියල. ඒත් හැදෙන්නෙ නැති අපි ඒවා නැවත නැවතත් කරනවා. ඒ අපි නරක නිසාම නෙවේ. අපේ දගකාරකම නිසා. එහෙම දහ දොලොස් පාර කියල වෙනස් නොවුන මම එදා එක සවසකින් වෙනස් වුනා. හැම සති අන්තයකම යන්න තිබ්බ මියුසික් ක්ලාස් එකට පිටු පාලා මම යන්න පටන් ගත්තා ඩාන්ස් කරන්න. ඒ අර කොහෙන්වත් පාත්වුණ කාව්‍යා කෙල්ල නිසා. එයා මට එක පාරයි එන්න කිව්වෙ. මම එදා ඉදන් යන්න ගත්තා. තරගය පැත්තකින්, තියාගෙන, ඒ හීනය පිටු පාලා වගේ මම ඒකි එක්ක නටන්න ගත්තා. අපි හැමදාම මුණ ගැහුනේ මැඩම්ගෙ ක්ලාස් එක ලගදි, එතැනදි මුණ ගැහිලා මායි එයයි ඩාන්ස් කරන්න යනවා. මම ගිටාර් එකක් එල්ලගෙන ඩාන්සින් ක්ලාස් යනවා පිස්සෙක් වගේ.

ඒ සියල්ල මැද්දෙ දෛවයේ සරදමක්දෝ කොහෙද වගේ මම ටිකෙන් ටික තරගයේ ඉදිරියට යනවා. හැමදාම මැඩම්ගෙන් වැඩි ලකුණු ලබා ගත්තෙ අපේ අසේලයා. ඌ හැමදාම මුලින්ම ඊලග වටයට තේරෙද්දි අඩු ලකුණු ලැබෙන මම පිදුරු ගහේ එල්ලිලා වගේ ඊලග වටයට තේරෙන්න පටන් ගත්තා. අසේලයා සනීප නැතිවෙනවා, උගෙ වැඩේ ඇක්සිඩන්ට් වෙනවා, එතකොට කැමරා අරගෙන කට්ටිය හොස්පිට්ල් යනවා, උගෙ අම්ම ඌට ඇපල් කවනවා වීඩියෝ කරගෙන ඇවිත් මුන් එදාට තරගෙ මැද්දෙ පෙන්නනවා. ඒ වෙලාවෙ අපෙ උන්ටත් කොහෙ හරි යන ලොරි බාගෙක හැප්පිලා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න හිතෙනවා. ක්ලාස් නොගිය දවසෙ ඉදලා මැඩම්ගෙන් මට ලකුණු අඩු වෙන්න ගත්ත එකට මම අහිතක් හිතුවෙ නැහැ. තරගෙ මැද්දෙ වුණත් මැඩම් මට ඇස් වලින් කතා කළා. මම ඒ ඇස් දෙකෙන් බේරිලා මහා ප්‍රේක්ෂක රැළක් මැද්දෙ ගායනා කළා. ඒත් කොච්චර හොදට ගැයුවත් මැඩම් මට කුරිරු වුණා. ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා, මගෙන් එයාට නොලැබුණේ මොනවද කියල. අවසානේ මම, අසේල සහ තවත් එකෙක් ඉතුරු වෙන තැනට, අවසන් තරගකරුවෝ තුනක් ඉතිරි වෙන තැනට තරගය නැගල ගියා. මම මැඩම්ගෙ ක්ලාස් නොයා ඩාන්ස් කරන්න ගියා. ගායනය, නර්තනය එක්ක වේදිකාව මත මම පට්ට සාධාරණයක් ඉෂ්ඨ කළා කියල අපේ අමල් සර් කිව්වා. මැඩම් කිව්වේ නර්තනයට වඩා ගායනය ගැන කන්සිඩර් කරන්න ඕන තරගයක් කියල මේක.

කාව්‍යාගෙයි මගේ ආදරේ මෝරණ මට්ටම ඇවිත් තියෙන්නෙ. ඒත් මම තුන්දෙනෙක් ඉන්න වටයට තේරුණාම එයා එච්චර සතුටු වුණෙ නැහැ. එයා මට කිව්වේ දැන් ඇති දැන් අයින් වෙන්න කියල. මගෙ හිත දන්න එයා කිව්වෙ නම් ඔයා එක පාරට අයින් වුණොත් ඔයාට දරගන්න බැරි වෙයි කියල අයින් වෙන්න කියල. ඒත් මට තව එක වටයක් ඉස්සරහට ගියොත් මහා වේදිකාවක ගායනා කරන්න පුලුවන් කියල ඇයි එයා තේරුම් නොගන්නෙ කියල මම කල්පනා කළා.

“ඇයි කාව්‍යා ඔයා එහෙම කියන්නෙ, ඔයා කැමති නැද්ද මම අර තඩි වේදිකාව මැද්දෙ කූඹි පැටියෙක් වගේ දගලනවට“

“හිහි... මම කැමති පැටියෝ. ඒකනෙ මම ඒකාලෙම ඔයාට ජිම් එකකට හරි යන්න කිව්වේ..“

“ජිම් එකකට ???“ මම ඒ උත්තරේට පුදුම වුණා. යකෝ මට මියුසික් ක්ලාස් යන්න නොදි පජාත කරපු කෙල්ල දැන් ජිම් යන්නලු.

“ඔව් ඔයා ජිම් ගියා නම් මෙලහකට ඇග හැදිලා. අර ස්ටේජ් එක මැද දගලද්දි ඈත ඉන්න සෙනගට හොදට පේනවා. නැත්තම් පිටීම පස්සෙ අයට ඔයාගෙ සද්දෙ විතරක් ඇහෙයි.“

“යනවා යන්න.. මෝඩ කෙල්ල..“

මම එයාගෙ ඔළුව පාත් කරල ටොක්කක් ඇන්න ආදරේට. ඒක ආදරේට ඇන්නට සැරට වැදුන කියල මට තේරුනේ මගෙ අතටම රිදුන නිසා. එයා ඔළුවෙ ගහගෙන හිටපු තඩි සමනලයෙක් ඉන්න කොණ්ඩ කට්ටෙ මගෙ ඇගිල්ලක ඇටයක් වැදිල මටම රිදුනා කොර වෙන්නම.

අපේ ගෙදර කට්ටිය මට හොදටම සලකද්දි, ගමේ උන් ගස් ගල් උඩ නැගගෙන මගෙ ෆොටෝ තියෙන බැනර් ගම පුරා එල්ලද්දි මට මාර කික් එකක් ආවා. අපේ ගමේ මන්තිරියා මට මාර සපෝට් එකක් දුන්නා. උගෙ වෙඩින් එකේ සිංදු කියලත් මම අනාගත්ත හැටි පොර මට සැරින් සැරේ මතක් කළා. ඒක මට මහා පන්නරයක් වුණා නොවැරදී සිංදු කියන්න. ගම පුරා පිරිත්, බෝධි පුජා පැවැත්වුනේ මට ආශිර්වාද කරන්න. ගමේ පන්සලේ හාමුදුරුවෝ මගේ මැණික් කටුව ලග ඉදන් වැලමිට ලගට වෙනකල් පිරිත් නූල් බැන්දා අන්තිම දොලොස් දෙනාගෙ තරගෙ ඉදන් මේ අද දවස වෙනකල්ම. ගමේ කොල්ලො සරුංගල් යවන්න නූල් නැත්තම් මගෙ ලගට දුවන් එයි කියල මට හිතුන වාර අනන්තයි. හැමෝම මට ශක්තියක් වෙද්දි අරයා මට ශක්තිය දුන්නෙ අඩුවෙන් කියල මට හිතෙන්න ගත්තා. මම අන්තිම තුන්දෙනාගෙ තැනට ආපු දවසෙ එයාට මම හිතපු තරම්ම සතුටක් දැනුනෙ නැහැ. 

අන්තිම තුන්දෙනා මියුසික් ක්ලාස් එකට යන්න ඕන දවස අද. මම ඒ ක්ලාස් එකත් කට් කරල ඩාන්සින් ක්ලාස් යන්න අරයව මීට් වෙන්න මියුසික් ක්ලාස් එකට යන පාරට හැරුණා. වෙනදට වඩා කල්පනා කරමින්, හෙමීට...

පාර අයිනෙ වෙනදට මම එනකල් බලං ඉන්න පුංචි සමනලී අද පේන්න නැහැ. මම මගෙ ඇස් හොදට ඇරලා විපරම් කළා. වැටමාර ගස් වැවුණ පාර දෙපැත්ත පීර පීර මම හෙව්වා ඒ ඇස් දෙක. සමනලියෙක් රිංගන්නෙ නැති වැටමාර පදුර අස්සක මම දැක්කා කකුල් දෙක. ඇත්තටම ඒ එයා. ඒ කකුල් දෙක නොහදුනන මම බත් කාළා වැඩක් නැහැ. ඒ එයාමයි. ඒ එයා තමයි මගෙ සමනලී.. කාව්‍යා...

සමනලියකගේ කකුල් දෙක අස්සෙන් හිටගෙන ඉන්නෙ තඩි කළු බඹරෙක් කියල මම දැක්කෙ ඇස් දෙක තව ටිකක් ලොකු කළාට පස්සෙ. මට කෑගැහුණා.. 

“කාව්‍යා....කාව්‍ය....කාව්.. කා....ක...“

එයා අරයව තල්ලු කරගෙන ඉස්සහට පැන්නා...

“අඩෝව්.. අසේලයා....“

ඒ හම්පඩ මූණ අදුන ගන්න මට බැරි කමක් තිබ්බෙ නැහැ. මැඩම්ට මුට්ටි අල්ලන එකා මගෙ කෙල්ලව අල්ලගෙන මාව යකෙක් කරන්න හදනවා. මම පැන්නා අසේලයට ගහන්න.

“එපා.. එපා.. විහග...“ එක වචනෙකින් පවා මාව සිහිමුර්ජා කරන කාව්‍යා මගෙ අතේ එල්ලුනා..

“මට මූව ඉවරයක් කරන්න දෙන්න කාව්‍යා.. දෝස්තෝ යේ ඒක් දෝ දේස්කා ප්‍රේම් කහානී හේ““

මම හින්දි නළුවෙක් වගේ මොර දුන්නා.

“පිස්සුද විහග.. අසේල මට උදව්වක් කළේ..“

“උදව්වක්.. කෙල්ලෙක් මේ වැටමාර අකුළක දාගෙන උදව් කරන් මේ තොගෙ කවුද? තෝ දන්නවද මේ මගෙ කවුද කියලා..“ මම මොක කිව්වත් අසේලයා සද්ද නැති නිසා මම තවත් වැඩ දැම්මා..

“අනේ විහග තේරුම් ගන්න, මම මෙතන ඔයා එනකල් ඉද්දි මගෙ ඇහැට රොඩ්ඩක් ගියා.. අසේල ඇවිත් මගෙ ඇහැට පිඹලා ඒක අයින් කළා..“

කාව්‍යා කිව්ව දෙයින් මට ලැජ්ජා හිතුනා. මම හරියට බොරුවට කලබළ වෙලා නේද කියල තේරුණු මම අසේලයගෙන් සමාව ගත්තා. උගෙ මූණෙ කිසි වෙනසක් පෙනුනෙ නැහැ. කලින් වගේ තක්බීර් වෙලා බලාගෙන හිටියා. අසේලයා මියුසික් ක්ලාස් එක ඇතුලට රිංගද්දි, මම කාව්‍යා එක්ක ක්ලාස් එකට පස්ස හරවලා පිටත් වුණ ඒකිත් එක්ක නටන්න. ඒ කියන්නෙ අපෙ ඩාන්සින් ක්ලාස් එකට යන්න.

මතු ෂබැදි !

sAm ශ්‍රී Perera_07:18am_05/03/2013


51 comments:

  1. aleeeeee mm da 1 weniya :) lassanai kathawa eath meka kothanin kohoma nawathida danne neee .. ;) mm kiuwe me me denna horen dancing class yana eka :P

    ReplyDelete
    Replies
    1. මේක අන්තිමට ඉවර වෙනවා !

      ජය !

      Delete
  2. බොහොත් අච්චා

    ReplyDelete
  3. බලපන්කො වෙන වැඩ නේ! දැන් තියෙන්නේ අරුටත් ලොරි බාගෙක හැප්පෙන්න!

    ReplyDelete
    Replies
    1. පව් බං අහිංසක විහගයා...

      ජය !

      Delete
  4. මේක නම් නියම හින්දි ෆිල්ම් එකක්, මුලින් සිංදු, ඊට පස්සෙ ඩාන්ස් දැන් ෆයිට්...අන්තිමට සේරම ඉවර උනාම පොලිස්සියෙනුත් එයි..

    ReplyDelete
    Replies
    1. හිටියේ නැත්තෙ දුෂ්ඨයෙක් විතරයි..දැන් ඒකත් හරි...:D

      Delete
    2. මේක බොක්ස් ඔපීස් කඩයිද ?

      ජය වේවා !

      Delete
    3. මේකා ඔෆිස් කෙසේ වෙතත් බොක්ස් නම් කඩයි.

      Delete
    4. @අසරණයා
      +++++++++++++++++++

      Delete
  5. මචං මට ඇත්ත කියපන්.... කෙල්ල අසේලට නේද මේ සපෝට් කරන්නේ??????? අරූට මියුසික් ක්ලාස් යන්න නොදී....

    ReplyDelete
    Replies
    1. උබල ඉතිං ෙප්න කියන් හදනව ෙන්.. :))

      ජය !

      Delete
  6. //ඒ කකුල් දෙක නොහදුනන මම බත් කාළා වැඩක් නැහැ. ඒ එයාමයි. ඒ එයා තමයි මගෙ සමනලී.. කාව්‍යා...// සික් විතරක් මගෙ චිත්ත රූප විනාස කලා. දැන් මැවෙන්නෙ හොරි හැදිච්ච් කකුල් දෙකක්.

    ReplyDelete
    Replies
    1. නැහැ බං.. ඒ කකුල් ලස්සනයි. ඒ්ක අදුන ගන්න බැරි වුනා නම් බත් කාල වැඩක් නැහැ කියල මම කිව්ෙව්..

      නැතුව ඒ්ක කැත නැහැ..

      ජය !

      Delete
  7. මේකේ කෙලවර කොතනද කියලයි ගොයියෝ මමනම් හිතන්නේ. මොකද පටන්ගත්ත විදියෙන් සෑහෙන්න වෙනස් වෙලා දැන් අරන් යන්නේ. බලමු බලමු

    ReplyDelete
    Replies
    1. ඉවරවෙද්දි බලමුකෝ..

      :)

      Delete
  8. හපොයි.. මූ නං කවදාවත් ඉගෙනගන්න ගොබිලෙක් නෙවෙයිවගෙ.. උල තිබ්බොත් මුගෙ ඉස්සෙල්ලම හිල් වෙන්නෙ මොලේ

    ReplyDelete
    Replies
    1. පව් බං ආදරේ නිසානේ...

      Delete
  9. 'මගේ මැණික් කටුව ලග ඉදන් වැලමිට ලගට වෙනකල් පිරිත් නූල් බැන්දා' හෆොයි.

    ReplyDelete
    Replies
    1. දෙවි පිහිටෙන් කොල්ල ගොඩ යන්න හදන්නේ...

      Delete
  10. සෑම්, ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
    Replies
    1. උබ ෆොන්සේකා මහත්තයට හිතවත් බවක් දැක්ක නිසා හිතුන උබ මේ රටටත් හිතවත් කියල එකයි ඉහත ඉල්ලීම කලේ, එත් උබ ගිහින් මාතලන්ට පුක දුන්න, මොලයක් නැති පොන්නයෝ

      Delete
    2. ඇනෝ උඹටයි බන් මොලයක් නැත්තෙ...

      මාතලන් මොන මතයක් දරුවත් ඌව බ්ලොග් අවකාශෙන් එලවන්න අනිත් උන්ට තියන අයිතිය මොකක්ද බන් ? උඹ ඌගෙ මතයට විරුද්දනම් ඒකට විරුද්දව කරුණු දක්වපන්, හැබැයි ඌට උගේ මතය දරන්න තියන අයිතියට එරෙහි වෙන්න උඹට අයිතියක් නෑ..

      උදාහරණයක් හැටියට ඔය ඇනෝ ජීවත් වෙන වට පිටාවෙ ඇතිනෙ අනන්තවත් ඔබ තුමාගෙ මතයට එරෙහි අය.. ඔවුන් ඔබේ මතයට එරෙහි අය නිසාම ඔබ තුමා ඒ ගොල්ලන්වත් ලෝකෙන් තුරන් කරන්න හදනවද ?

      ඒක හින්ද ගොන් පාර්ට් නොදා හිටහන්.. මාතලන් වැරදිනම් ඒක ඌට ඒත්තු ගන්වපන්.. බැරිනම් ඌව ඉවසපන්.. එච්චරයි..

      Delete
  11. " ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට "
    ඊලඟ වටේට මේ සින්දුව කිව්වොත් මොකද? :D

    ReplyDelete
  12. කෙල්ල විහගව ගොනාට අන්දවලා අසේලයාව දිනවන්න හදන්නේ බොල.ගෑනු ඔක්කොම එකයි :P

    ReplyDelete
    Replies
    1. සයියෝ මුන් ගෙස් කරන කැත..

      :)

      Delete
  13. කෝ යකෝ මගෙ කමෙන්ටුව?????????

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලාත් නැහැ බං. ඩිලිට් කලෙත් නැහැ.

      :((

      Delete
    2. මම කිව්වේ පාන් කෑවම ඔහොම්මමයි කියලා :)

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    3. උඹ හැමතැනම දාල තිබ්බෙ ඕක තමා !

      මොකක්ද බං ඕකෙ තේරුම ?

      Delete
  14. අහෝ දුකකි ඉරකි තිතකි වෙයිද මංදා මෝඩ විහඟයට?

    ReplyDelete
    Replies
    1. පව් බං මෝඩය කියන්න එපා

      Delete
  15. //මම පට්ට සාධාරණයක් ඉෂ්ඨ කළා කියල අපේ අමල් සර් කිව්වා.//

    ඇත්ත නම් දානවද බං..හිකිස්..!

    ReplyDelete
  16. හරි වේගෙන් යනවා නේ.මෙගා වගේ නෙවෙයි. අර මිස් උඹට ආදරෙයි ඇයි තේරුම් ගත්තේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. මට නෙබේ බං විහගයට කියපං.. මොන මගුලක්ද මාව අල්ල ගන්නෙ...

      :D

      Delete
  17. මම කිව්වා ඔය ටික වෙයි කියලා.. අපොයි අරූ.. පවු බන්...උගෙ උච්ච ස්වරෙ..

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං ජීවිතේ හැටි ඕම ටමා !

      Delete
  18. අඩේ ඇහැට පිඹින්න ගිහින් තියෙන්නේ මරු ප්ලේස් එකකටනේ.
    විහඟට සොරි ඩොට් කොම් වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. ඇහැට පිඹින්න නෙවේ.. ඇස් උගුල්ලන්න ඕනෙ නැද්ද මං අහන්නේ ?

      Delete
  19. කෙල්ලගේ අතේනෙ කඩුවයි කොපුවයි තියෙන්නෙ, බලමුකො කඩුව දෙන්නෙ කාටද කියලා....

    ReplyDelete
    Replies
    1. කඩුව කොපුව ඇතුලෙ දැම්මෙ නැත්තං කෙල්ලට බඩු පැකට් වෙයි නේද සුමිය ?

      Delete
  20. අන්තිමේට ඇදගෙන ඉන්න කලිසමකුත් නැතිවෙන වැඩක් තමා සෑම්ට වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සෑම්ට .. නෙවෙ යකෝ විහගයට..

      Delete
  21. මෙහෙම සිංදු කියන්න ගිහින් අන්තිමේදි නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නැතිවෙයිද

    ReplyDelete
    Replies
    1. පව්... විහගයා වෙනුවෙන් හොදක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න අයියෝ..

      Delete
  22. නියමෙට ලියල තියනවා

    ReplyDelete
  23. ඊට පස්සෙ ආපහු අකුලට ගියේ නැද්ද රොඩ්ඩ අරන් දාන්න?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...