මෙතෙක් කතාව...
ලසදා ගමට පැමිණි පැණි බීම කරත්තකාරයා සමග තම නිවසට සහ ගමට පිටු පා යද්දී සිරිමෙවන් කිසිත් නොකර බලා සිටී. ලසදා සමග ගෙවූ වෙහෙසකර පළමු සහ එකම රැය සිහි ගන්වමින්, පිළිකුල් කරමින් සිටින සිරිමෙවන් මහ වනය මැද දී නැවතත් වැලහින්නකගේ තාඩන පීඩනවලට හසුවන්නේ ලසදාගේ පළමු රැයට වඩා තම දිවිය කිලිටි කරවමිනි. සියල්ල විද දරා පොල්කට්ටෙන් බිංකුන්ඩන් වසන්නාක් මෙන් හබරල කොළයකින් "නැට්ට" වසාගෙන සිරිමෙවන් නැවත ගෙදරට එන්නේය. එසේ පැමිණ රාත්‍රියේ ඇස් පියා ගන්නට වත්ම දොරට තඩි බා නිවසට ඇතුල් වන්නේ වැලහින්නමය. තම පොඩි පුතු පවා කරුවලේම වැලහින්න අතින් ඇදගෙන ගෙට එන්නේ තම මෑණියන් කියා රැවටීමෙන්ය. වැලහින්න හදුනාගත් පුතු පියා ලගට පනිද්දි වැලහින්න පැදුරක් එලාගෙන නිවසේ බිම වැතිර ගනී.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස) මෙතනින් කියවන්න.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (2 කොටස) මෙතනින් කියවන්න.
කහබිලියා පදුරක් පසෙක තිබියදි කැලැ සතෙකුවත් ඒ ලගින් නිදා ගන්නේ නැත්තේමය. තම නිවස මැද්දේම තඩි වැලහින්නක් දපනේ දමා පැදුරක් එලා නිදා සිටින විට නැවැස්සෝ නිදා ගන්නේ කෙසේද? ලසදා සමග පවා එක පැදුරේ නිදා ගත්තේද එකම දිනයකි. එදිනට පසු සිරිමෙවන් අද වැලහින්නක සමග නිවසේ නිදන්නේ කෙසේද? තම දෑතින්ම එලා ගත් පැදුරේ සිට වැලහින්න දෙනෙත් අයා සිරිමෙවන් දෙස බලා සිටින්නීය. පොඩි පුතුට නම් තම මව් සෙනෙහස දැනුනු කලෙක මෙන් වැලහින්න දෙස බලා සිටින්නේ බිය නිවුනු සිතිනි. සිරිමෙවන් ලසදා සමග තිබි කෝන්තරය සිහිගන්වමින් වැලහින්න දෙස බලා සිටින්නේ තරමක කෝපයෙනි. නමුත් දැමුණු සිතිනි.
"ඕක ඔහෙ හිටපුවාවේ. උඹ මා ලගින් මේ පැදුරේ නිදාගනින් කොලුවෝ.." ඉතිරි ඉරුණු පැදුරු කැබැල්ල එළමින් සිරිමෙවන් පුතුට කීවේය. හිස සලා පුතුද වැතිරුනේ බිය පහව ගොස් ඇති නිසාවෙනි. ගෙදර හුරතලයට හැදුන කැළෑ කුකුල් තඩියා පුතුගේ කුඩා කළ මතකය අවදි කලේය. වත්ත පුරා බෙටි දමමින් කරදර කලත් ඌ සිටියේ පොඩි එකා සමගමය.
හිටි හැටියේ කුකුල් තඩියා අස්ථාන ගතවු විට තම පියා කීවේ ඌව උගුඩුවෝ කෑවා කියා බව පුංචි මතකයේ සටහන්ය. එහෙත් පැණි බීම කාරයා සමග හාදකම දුර දිග යත්ම තම මවගේ කටින් පිටවුණු වදන පුතුට අමතක නැත්තේමය.
"උබ උපාසකය වෙලා මාත් එක්ක නිදා ගත්තෙ නැතිවට මොකෝ ඕන තරම් එකාල ඉන්නව මාව ගන්න බලාගෙන. එහෙව් එකෙක් හයි හත්තිය එන්න කුකුලෙක් ගිල්ලම මොකෝ..."
පුතුගේ මොලකැටියට තේරුනේ අවසන් වචන කීපය පමණක් මුත් මතු දාක සියල්ල වැටහෙනු සහතිකය.
එහෙව් නැතිවූ කුකුල් තඩියා වෙනුවට තමාට අද තෑග්ගක් නිවැසටම ගෙනවිත් ඇත්තේ තම පියා බව පුතුගේ යටි හිත කියන්නේය. මව් සෙනේ නැති හෙතෙම අදුරේ අත පත ගා තම මව් යැයි වැලහින්නකට රැවටුනේ නොහැගෙන සෙනෙහසක් නිසාමද? වැසි දිනට නිවස මැද්දෙන් රෑටා වැටෙන වැහි බිදු සීරාව සේ සිතුවිලි සියල්ල එකිනෙක පුතුගේ සිත දෝරෙ ගලා යද්දී සිරිමෙවන්ද වැලහින්නට තම පුතු ලගට එන්නට නොහැකි වනසේ පුතු සහ වැලහින්න අතරේ වැතිර ගත්තේය.
"ගර්..."
සිරිමෙවන් හිස ඔසවා බැලුවේ වැලහින්න දෙසය. මැටි උරච්චි කරපු නිවසේ ඉරි තලන්නට දෙයක් නැත. එකම බිය තම පුතුය. වැලහින්න තමා කෙරේ ඇති ලොබ නිසා පුතුට කුමක් කරාවිද යන බිය සිරිමෙවන් සිත වෙලා ගත්තේය. එහෙව් සිරිමෙවන් නින්ද නොනින්ද අතර කල්පනාවක පැටලී සිටින්නේ ඉදිරිය අපැහැදිලි නිසාමය. පුතු නම් පසෙක නින්දේය. මව්ගෙන් නොලැබි සෙනෙහෙක ඇරඹුමක් සිත තෙරපද්දි පුතුගේ නින්ද අරුමයක් නොවන්නේමය. සිරිමෙවන්ට නම් මෙය පොලෝ මට්ටමෙන් වලකට වැටීමක් බදුය. අදුරේ දල්වා ගත් හුලුඅත්ත අත දවාලමින් ගිණි ගන්නා බවක් සිරිමෙවන්ට හැගේ. අදුර නිසා හුලු අත්ත නිවිය නොහැක්කේමය. තම පුතු අදුර පරයා ලබන ආලෝකය හා උණුසුම දුටු කල්හි තම අත දැවෙද්දී පවා හුලු අත්ත උස් කොට අල්ලා සිටිනු විනා පැත්තක විසි කර දැමිය නොහැක්කේමය.
මැදින් වැතිර වරෙක වැලහින්න දෙසත්, වරෙක පුතු දෙසත් නෙත් යොමමින් සිටින සිරිමෙවන් දහවල විදි පීඩනය සහ තෙහෙට්ටුව නිසාම දෙපස බලන අතර මැදකදී දෙනෙත් පියා ගත්තේය. ලසදා සමග ගෙවූ පළමු හා එකම රැයෙන් පසු ලසදා නිවසින් පිට වෙනතුරුම සිරිමෙවන් අමුඩයට සමුදුන්නේය. නමුදු ලසදා ගිය දා සිට අමුඩයෙන් තම ගත වෙලා ගත්තේ සිතට ලද නිදහස ගතටත් දැනෙන්නට හරින්නටය.
නෙතු සයක් පියවි බිම වැතිර සිටින අදුරු රැයෙක නෙත් දෙක් පමණක් හදිසියේ අවදි වන්නේ දහවල මහ වනයක් මැද ලද අමුතු රසයක් සෙවීමටය. ඇරුණු නෙතින් වැලහින්න බඩ ගෑවේ සිරිමෙවන් ලගටය. ලසදා තමා හැර ගිය පසු දින සිට වෙලාගත් අමුඩය සුපුරුදු පරිදි සිරිමෙවන් හැද සිටියදී වැලහින්න දෙපා අතරින් එබී බලන්නීය. රා කට්ටක් ගසා වැටී සිටින බේබද්දෙකුට බලු තඩියෙක් තම දෙපා අතර නිදා ගන්නට යද්දි ඇහෙරෙන්නාක් සේම ඉහලට එසවුනු අමුඩ ලේන්සුව අතරින් වැලහින්නගේ ලෝම ගෑවෙද්දී සිරිමෙවන්ගේද දෙනෙත් හැරින. වරක් ගගට පැනපු එකා ගගේ තරම දන්නේමය. දහවල ගගේ පැනපු එකාට එදිනම රැයේ ගගේ පැන්නද ඒ තරම්ම වෙනසක් නැත්තේමය. සිරිමෙවන් දහවල මෙන්ම කළබල නොකර සිටියේය.
තම දෙපා ඈත් වෙයි. තම ගමේ දී දුටු එකම බයිස්කෝප් එකේ වේදිකාවේ තිරය මෙන් තම අමුඩය මෑත් වෙයි. වැලහින්න ඒ අතර ඇතිල්ලෙයි. ලසදා ගෙන් නොලද අමුතු සුවයක් තම සිත වෙලා ගත් බව සිරිමෙවන්ට හැගෙන්නේ දෙනෙත් පියා විද දරා ගත් නිසා විය හැක. වැලහින්න හිදගෙන සිටී සිරිමෙවන් වැතිර පිදුරු වහලය දෙස බලයි. වරෙක තම පුතු දෙස ද තවත් වරෙක දෙනෙත් පියාගෙනද සිටී. වැලහින්න අවසානයක් නොමැතිව කැළෑව පුරා දිව උඩ පනිමින් දිව යන හා පැටවෙකු මෙන් එක තැනම සිට උඩ පනින්නීය.
සිරිමෙවන්ට නම් සිතා ගන්නට බැරිය. ලසදා තමාගෙන් බලෙන් ලද උණුසුම එක වරකි, එක රැයකි. එහි ඵලය පසෙක නිදන පුතුය. එදායින් පසු ලසදාට වුවමනා වුවත් සිරිමෙවන් නම් පැත්ත නොබැලුවේය. එහෙත් එකම දිනක දහවලක හා රැයෙක තමා වැලහින්නක සමගය. වැලහින්න තමා සමගමය. ලසදා ගෙන් ලද උණුසුම අවමානයක් ලෙස හැගුණු සිරිමෙවන් අද වැලහින්නක සමගය. එය තමාට හුරු බවක් හැගෙන්නේමය. තම සිත නම් තිරිසන්මය. සිරිමෙවන්ට වරෙක හැගේ. කුඩා කල සිට මහ වනය තම නිවෙසම විය. කැලෑ සතුන් තම නෑදෑයින් බදු විය. තමා මී පැණි කඩන්නට වනයට රිංගන්නට වූයේ ඉස්කෝලෙ යා යුතු වයසේ පොඩි එවුන් දඩයම් කරමින් ගමට ආ ගුරුතුමෙක් නිසාමය. එහෙව් කැළයට අසීමිත නෑකම් ඇති සිරිමෙවන්ට මෙවන් දෙයක් සිතා ගන්නට බැරි තරම්ය. එසේම පුතු කෙරේ වැලහින්න බැදි සෙනේ තම සිත අවදි කරවන්නට විය. තම නිවුන හැගීම්ද අවුස්සන්නට වු බව සැබෑමය.
සියළු සිතුවිලි මැද සිරිමෙවන් සිරව සිටියදී, තම දෙපා අතර සිරව සිටි වැලහින්න ඉන් මිදී නැගිට ගත්තාය. හැරී බැලුවේ සිරිමෙවන් දෙසය. පෙර දිනක ලසදා සියල්ල අහවර කර සිරිමෙවන් දෙස බැලූ කළ සිරිමෙවන් ගේ ඇස් වෙනතක බැලුවේ විලි ලැජ්ජාව නිසාමය. වැලහින්න තමා දෙස නෙත් යොමන කළ සිරිමෙවන් බැලුවේ වැලහින්නගේ ඇස් දෙස එක එල්ලයේමය. සිරිමෙවන්ට සිතා ගන්නට නොහැක. වැලහින්න පසෙකට වී නැවතත් වැතිර ගත්තීය. සිරිමෙවන් පුතු දෙස හැරී දෙනෙත් පියා ගත්තේය.
කවුලුවෙන් හිරු එබි බලද්දි සිරිමෙවන්ට රැයේ නොපිපි ලැජ්ජාව නැවත පිපෙන්නට විය. හිරු එළිය වැටී මුහුණ උනුසුම් වෙද්දි දෙනෙත් හැර සිරිමෙවන් බැලුවේ තම පුතු දෙසය. පුතු පෙනෙන්නට නැත. සිරිමෙවන් තැති ගත්තේය. තමා සිතුවා නිවැරදිය. නිවසට හදිසියේ ආ වැලහින්න නම් තිරිසන්මය. තම පුතු ඩැහැගෙන ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. සිරිමෙවන් නැගිට හිදගත්තේ පැදුර මතමය. හැරී බැලුවේ වැලහින්න සිටි පැත්තය.
සිරිමෙවන්ට තම ඇස් අදහා ගන්නට බැරි විය. පුතු හිස තබා නිදා සිටියේ වැලහින්නගේ දිගු කළ අතක් මතය. වැලහින්නට තුරුලුව නිදා සිටින්නේ තම පුතුය. වැලහින්න තම අතක් දිගු කොට වැලමිට මත පුතුගේ හිස තබා ඇත. අනිත් අතින් පුතුව සිරුරට තද කොට සිටින්නේ වැලහින්නමය. ලසදා කවදාවත් මෙලෙස පුතු සමග හිද නැත්තේමය. සිරිමෙවන් පසෙකටව බලා සිටියේය.
"කොල්ලෝ.. නැගිටපං.. දැන් උදේ වෙලා..." පුතු නැගිටවන්නට හිත නැති මුත් සිරිමෙවන් හඩ අවදි කළේය.
....මතු සබැදි....
Written bY sAm_6.30pm_22.03.'12
තම දෙපා ඈත් වෙයි. තම ගමේ දී දුටු එකම බයිස්කෝප් එකේ වේදිකාවේ තිරය මෙන් තම අමුඩය මෑත් වෙයි. වැලහින්න ඒ අතර ඇතිල්ලෙයි. ලසදා ගෙන් නොලද අමුතු සුවයක් තම සිත වෙලා ගත් බව සිරිමෙවන්ට හැගෙන්නේ දෙනෙත් පියා විද දරා ගත් නිසා විය හැක
ReplyDeleteහික්ස්!!!! මරු ඈ....
හිකිස් ගාපු විදිහ කැතයි වගේ ඈ.. :)
Deleteස්තුති !
ඔය උඩ තියන පින්තූරෙ කොහෙන්ද ඔයාට? මා ගාවත් ඕක තියනව ගොඩාක් කල් ඉඳන් මම ෆේස් බුක් එකේ දාල තිබුන........
ReplyDeleteඔය නම් වැළහින්නක් නෙවේ..වලස් ඇඳුම යට ඉන්නෙ ළසඳ ම තමා.....හී.හී...
ඕක ගූගල් දෙයියන්ගෙන් ඉල්ල ගත්තේ...
Deleteවැලහින්න නෙවේ, වලස් හම පොරවපු ලසදා තමා ඉන්නේ කියලා අපේ අසරණයත් කලින් කිව්වා.. බලමු මොකෑ වෙන්නේ කියලා..
ස්තුති !
අපූරු පරිකල්පනයක්.. අගෙයි..
ReplyDeleteස්තුති සහෝ !
Deleteමොකද්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව මම මේ ඉන්නේ.. ඔක්කොමත් හරි අර උඩ පින්තූරේ ගත්තේ කොහෙන්ද සෑමෝ...
ReplyDeleteඒක ගූගල් දෙයියෝ තමා මචං දුන්නේ..
Deleteමාත් වෙන දේ තාම දන්නෙ නැහැ. ඊලග කොටස ලිව්වම තමා මාත් දැන ගන්නේ.. :)
කථාව නමි මරු
ReplyDeleteඑත් වැලහින්නක්
කතාව හරි නැද්ද වැලහින්න නිසා.. ?
Deleteස්තුති !
අඩේ පින්තූරේ මරුවට යනවා කතාව එක්ක....කතාව නම් පිස්සු කොර තාම හිතාගන්න බෑ මොනා වෙයිද කියලා....
ReplyDeleteපින්තුරේ සර්ච් කලේ කොහොමද කියල අහන්න එපා.. එතකොට තමා ඕක ආවේ. කලින් "bear" කියල නිකං ගැහුවට ආවෙම නැහැ මචං..
Deleteස්තුති !
මම් බීලත් නැතිකොට කතාව කියවගෙන යනකොට වෙරි ගතියක් දැනෙන්නේ ඇයි කියලා බැලුවා. බැලින්නම් එක කොටහක් කියවලා නෑනේ.
ReplyDeleteඒක කියවලා එන්නම් ! මේකත් කියෙව්වා. කොහොමහරි කතාව ගැට ගහගන්නම් !
හිකිස්.. මට මතකයි බොලා එකක් මිස් කරපු වග.. මොකද එක කොටසක් බොලාගෙ කමෙන්ටුවක් තිබ්බේ නැහැ.. :)
Deleteවැරදියට කතාව ගැටගසා නොගන්නාක් මෙන් ඉල්ලා සිටිමි..
ස්තුති !
කියන්න වචන නැත කතා කියෙවුවත් මෙහෙවු කතාවක් කියවා නැත .. මාරම අදහසක් සැමා !!
ReplyDeleteඊ ගාව කොටසත් මේ වගේම එලට ලියපං ..
අහ්.. මේ ඉන්නේ ලොකු මහත්තයා.. පළමුව සුභ පතමි...
Deleteසදරු එන්නේ වැලහැන්න බලන්න විතරමයි. සෑමාට ඒක හොදට මීටර් මචං.. ;)
ස්තුති සහෝ..!
කතාව මරු
ReplyDeleteනැගලම යනවා.......
පවු අහිංසකයා
නැගල යනව කිව්වේ වැලහින්න සිරිමෙවන්ගෙ ඇගේද නැග්ගේ ?
Deleteස්තුති කිරි පුතා !
මට නම් දැන් දැන් මේ වැල්හින්න ගැන සැකයක් එනවා.. රස හොයාගන ගෙවල් වලට එන, පැදුරු එළන, නිසි වෙලාව එනකම් නිදා ගන්න, අඹුඩ මෑත් කරන, ළමයි තුරුලු කර ගන්න, වැලහින්නක් ...!!
ReplyDeleteඔය එන්නේ ලසදව වැඩේට මාට්ටු කොරන්ට නේද???
Deleteඑහෙම සැක කරන්න එපා මචං ඒ ගෑණි පැණි බීම කරත්තකාරයා එක්ක ගියානේ..
//අදුරේ දල්වා ගත් හුලුඅත්ත අත දවාලමින් ගිණි ගන්නා බවක් සිරිමෙවන්ට හැගේ. අදුර නිසා හුලු අත්ත නිවිය නොහැක්කේමය. තම පුතු අදුර පරයා ලබන ආලෝකය හා උණුසුම දුටු කල්හි තම අත දැවෙද්දී පවා හුලු අත්ත උස් කොට අල්ලා සිටිනු විනා පැත්තක විසි කර දැමිය නොහැක්කේමය.//
ReplyDelete.....අතිවිශිෂ්ඨයි සෑමො...කියන්න දෙයක් නෑ.....
මුලදි වූ වැරදි දැන් නිවැරදි යයි සිතමි...
Deleteස්තුති සහෝ සපෝට් එකට !
මදුරුකොයිල් වගේ හලේ....ඊළඟට වෙන්නෙ මොකද්ද කියල ඉක්මනට ඩාන්ඩෝ.....
ReplyDeleteඅර උඩ වින්චැට් කිරිල්ලි කියල ටියෙන කටාවට් ඇට්ටඩ මන්ඩ...:)
මදුරු කොයිලුත් ඒ වගේද ? නැත්තම් කියවද්දි මොලේ මදුරු කොයිල් වගේ දුම දානවද ?
Deleteකිරිල්ලියට දුන් රිප්ලයි එක බලන්ට... :))
ස්තුති !
මේක නම් අපූරුම කතාවක් සෑමෝ...සුපිරියි! වෙනස්ම කතාවක්...මම සාහිත්‍ය නම් වැඩිය දන්නේ නෑ.ඒ උනාට සයිමන් නවගත්තෙගම මහත්තයාත් මතක් උනා.(දඩයක්කාරයාද කොහෙද)
ReplyDeleteදිගටම ලියන්න...ජය!!!
නවගත්තේගම මහත්තයාගේ කතාව මේක ඉවර වෙලා බලන්ට ඉන්නේ. ඇත්තටම මම ඒ කතාව දැනගෙන හිටියේ නැහැ. කස්ටියගේ කමෙන්ටු වලින් තමා ආරංචි වුනේ.
Deleteස්තුති සහෝ !
//කැළෑව පුරා දිව උඩ පනිමින් දිව යන හා පැටවෙකු මෙන් එක තැනම සිට උඩ පනින්නීය. // ඇයි බං..
ReplyDeleteමවු වුනුසුම සොයන පොඩි පුතු රැවටිලාද නැත්නම් සබැ මවද අනපේක්ෂිත සිද්දි මාලාවක්.
අර කතාවමයි තාම හිතේ තියෙන්නේ නේද? වැලහින්න වෙස් අරන් ආපු ලසද කියල නේද හිතං ඉන්නේ.. :)
Deleteස්තුති සහෝ !
ම්ම්හ්..අමුතුම දෙයක්‌නෙ මේක...බලමු බලන්න ඊළඟ කොටසින්වත් මොකක් හරි තෙරුම් ගන්න පුලුවන් දෙයක් වෙයිද කියලා...
ReplyDeleteඅප්පේ මේක තේරෙන්නෙ නැද්ද..
Deleteස්තුති සහෝ !
මට හිතාගන්න අමාරුයි පුංචි මොළේට කොහොම මෙච්චර ලොකු අදහස් එන්නේ කියලා.....
ReplyDeleteඉක්මනට ඉතිරි කොටසත් බලාපොරොත්තු වෙනවා..... ජය වේවා.
පුංචි මොලේ කීවේ.. පොඩි සෑමාගේද ? මේක ලිව්වේ සෑමා බොල..
Deleteස්තුති සහෝ..
මොකක්ද බන් ඔය පොඩි සෑමගෙයි, සෑමගෙයි කතන්දරේ.. මට තේරෙන්නෑ.. තව එකෙක් ඉන්නවද බ්ලොග් ලියන සෑම් කියලා.. නැත්නම් මේ බ්ලොග් එක සෑම්ලා දෙන්නෙක්ද ලියන්නේ.. නිකන් පොඩි මල්ලියි, චූටි මල්ලියි වගේ..
Deleteපොඩ්ඩක් පැහැදිලි කරානම් යෙහෙකි.
එකම සෑම් තමා මචෝ ඔක්කොම ලියන්නේ...
Deleteපොඩි සෑම් තමා ලියුම ලියන්නේ..
ලොකු සෑම් තමා අනිත් ඔක්කොම ලියන්නේ...
ඒ ඔක්කොම කරන සෑම් තමා මේ මම..
එළ එළ.. ඔය දැන් තේරුනේ හරකට වගෙ...
Deleteසෑම් ඩබලට ජය !!
වචන දෙකක් නෑ සෑමෝ. සුපිරියි.. පරිකල්පනය උපරිමයි.. මම වැඩිය විචාර ලියන්න නම් දන්නේ නෑ. ඒත මට නිකමට වගේ හිතෙනවා මේකත් අර "සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයට" අයිති වෙන එකක්දෝ කියලා... කොහොම උනත් කථාව නම් මැක්සා !!
ReplyDeleteඅනේ ඔය එක එක මණ්ඩල වලට දාන්න එපා බං. උන් මේක වාරණය කොරයි.. ;)
Deleteස්තුති සහෝ.. !
ජීවිතේට මේ වගේ කතාවක් කියවලා නෑ. :D
ReplyDeleteඅම්මද බොල ඒකත් එහෙමද..??
Deleteඑහෙනම් කියවන්ට ඉදිරියටත්..
ස්තුති සහෝදරී..!!
කොහොම ඉවර වෙන්න යන එකක්ද මන්දා??
ReplyDeleteඅනේ තවම සෑමාවත් ඒක දන්නෙ නැහැ නිසුපෝ..
Deleteස්තුති සහෝ-දැරිවී..
මටත් හිතුනෙ නිසූපට හිතුන දේමයි.
ReplyDelete'මේක කොහෙන් කෙළවර වෙන වෙඩිමක්ද' කියල
වෙඩින් එක නම් ගන්න ඕනෙ නැති වෙයි නේද ඔබා මාමේ. :)
Deleteවැලහින්නත් කරල තියන දේවල්..දැන් වැලහින්නට තියෙන්නෙ උදේ නැගිටලා කෑම ටික හදන්න තමයි..!!
ReplyDeleteඅප්පද බොල ලමයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න වෙයි.. :)
Deleteසෑම් අයියෙ නරකෙයි මේක අල්ලල පොතක් ගැහුවොත්........
ReplyDeleteෆිස්සුද බොල.. මට පාරට බහින්ට වෙන වැඩක්..
Deleteඋඹ ලඟකදී ඉඳල හඳේ යන්න පටන් අරගෙනද කියල හිතුනා මේ කතා සීරියස් එක පටන් ගත්තට පස්සේ
ReplyDeleteකමක් නැහැ, කමක් නැහැ
වෙනසකටත් එක්ක හොඳයි. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා
මූදූ ගිහින් ආවෝ.. හදේ ගිහින් නාවෝ...
Deleteහදේ ගියාම කතා ගලාගෙන එනවලු නේද.. ඒ පැත්තේ ගියෙ නැහැ බොල මාස ගාණකින්...
ස්තුති සහෝ..
මටත් සුවර් නෑ මේ ඇත්තටම වැලහින්නක්ද කියලා සැමෝ...නැත්තං කැලේ වල් ෆිල්ම් බලලා නරක් වෙච්ච වැලහින්නක් වෙන්නෝන....මී කඩන්න කැලේ යන්නෝන්නෑ දැං.මී වදේ ගෙදරම බැඳලා වගේ....
ReplyDeleteකැලේ වැල ෆිල්ම්... ???
Deleteමී කෙසේ වෙතත් වදේ තමා ගෑනියෙක් ගෙදර හිටියම...
ස්තුති සහෝ.. (ඇති යන්තම් බුකි රික්වෙස්ට් එක ඇස්-පෙක්ට් කොරලා)
ඉතිරි කොටස ළබන සතියේ..
ReplyDeleteදැන් සෑමාගේ බ්ලොග් චක්‍රය මාතලන්ට මීටර් වගේ... හිකිස්..
Deleteහපොය් ඔලුවත් කැරකෙනවා බෝල o.O ඉතිරියත් විජහට ලීවනං යෙහෙකි :)
ReplyDeleteඅඩේ මි කඩන්න ගිහින්ද ඔලුව කැරකෙන්නේ..
Deleteඑල එල.. ලියමි විජහට..
ස්තුතී !
මිනිස් - වලස් බබෙක් හම්බුවෙයිද?
ReplyDeleteඅපොයි මේ අඹ ගස් බට් කරනව වගේ එහෙම ලමයි හැදෙන්නේ නැහැ ශානි ඔයාට තේරෙයි කවද හරි..
Deleteමචෝ මම පුරුද්දක් විදියට කවි කියවන්නෙ නෑ . . . කතා කියෙවුවට කොමෙන්ට්ස් දාන්නෙ නෑ . . ඒවගේ එවුං තව ඇති. ඒ නිසා උඹේ කතාව අප්සෙට්, කට්ටිය ඒකට කැමති නෑ කියල හිතන්න එපා. මම මේ ටික ලීවෙ මේ කතාවෙ කලිං කොටසෙ උඹ දාල තිබුන කොමෙන්ට්ස් වගයක් කියවපු නිසා.
ReplyDeleteප.ලි.
අර කීවත් වගේ පොතක් ගහන එක තමා මචෝ අරියනම වැඩේ
ස්තුති සහෝ..
Deleteඇත්තට ඒ කමෙන්ට් දැම්මේ කස්ටිය කැමති නැහැ කියල හිතුන නිසා..
ඒත් පටන් ගත්ත වැඩේ අහවර කරන්න ඕනේ.. බලන එකෙක් හරි ඉන්න නිසා..
නැවත තුති මචං..