Monday, November 21, 2011

ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා

මේ දවස් වල හැම බ්ලොග් එකකම සැරට යන ටොපික් එක දේශපාලන සංවාදලු. "සෑමා" ඒ ඔක්කෝටම ඇටෙන්ෂන් එක දීගෙනම හිටියලු. "සෑමා"ගෙන් දෙතුන් දෙනෙක් ඇහුවෙත් ඇයි ඒ ගැන මුකුත් ලියන්නේ නැද්ද කියලලු. සෑමා ටිකක් කල්පනා කෙරැවලු. උණු හින්ද බොන්නත් බැහැලු. කැද හින්දා අහක දාන්නත් බැහැලු. ලිවීමේ නිදහස ගැන කියන්න ගිහින් අමාරැවේ වැ‍ටෙන්න ඕනෙත් නැහැලු. "සෑමා" start-no-චිත (ස්ථානෝචිත) ප්‍රඥාව යූස් කරලා හොයා ගත්තලු සිංදුවක්.

යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇණ ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර නරැම යහළු යෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
රට ගිණි ගෙන ඇති වග දුටු මගේ එකම පුතණුවන් 
එ ගිණි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්

ගිණි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරැවෙකි සිරගෙයි මල මගෙ පුතුන්
කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලග උතුම්
ගායනය- නන්දා මාලනී

පද රචනය - සුනිල් ආරියරත්න
කාලීන පෝස්ට් එකක් (ඉල්ලපු නිසා) දැම්මේ "සෑමා" 3.15pm_21.11.'11
ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා

පලි- කතා කලේ දේශපාලනය නොවේ. මනුස්සකම ගැනය. බහුතරයක් තම උපන්දිනය සමරන්නේ අසරණයන්ට දානයක් දීමෙනි, අහිංසක සතෙක් හෝ නිදහස් කරමිනි. එදිනට කාගෙන් හෝ පුංචි හෝ දොසක් ඇසෙන අවැඩක් නොකරන්නේ මනුස්සකම නිසාය.

5 comments:

  1. කතා කලේ දේශපාලනය නොවේ. මනුස්සකම ගැනය. බහුතරයක් තම උපන්දිනය සමරන්නේ අසරණයන්ට දානයක් දීමෙනි, අහිංසක සතෙක් හෝ නිදහස් කරමිනි. එදිනට කාගෙන් හෝ පුංචි හෝ දොසක් ඇසෙන අවැඩක් නොකරන්නේ මනුස්සකම නිසාය. :)

    ReplyDelete
  2. මම මේක කැත නොකර ඉන්නෙමි

    ReplyDelete
  3. ජේ/බී/එල්- ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා. ලොල්...

    ReplyDelete
  4. ඉතාම හදිසියෙන් ලියන්නේ. මේක දැක්කම නොලියා බැහැ. එකඟයි, අනේ මෙහෙම රටක්.

    බුවා+++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තුතී වෙදමහත්තයා.. අපි කියලත් ඉතිං මොනා කරන්නද ???

      Delete

Related Posts Plugin for WordPress, Blogger...