Google+ Followers

Wednesday, March 7, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස)

********

සු හඩ නංවමින් ක්ෂණිකව විස්ථාපනය වී හැකි උපරිම උසට එලැබ පුපුර යන්නා වූ අහස් කූරක් ලෙස සිරිමෙවන් ගේ නෝන්ජල් ජීවිතය ක්ෂණිකව එළිය කළ වැලහින්නකගේ ප්‍රේම වෟත්තාන්තය.

********

ගෙදර බලු කුක්කාට පෙම් බදින කොළඹ හතේ යුවතියන් සේම මහ වනයේ වැලහින්නකට බැදි පෙමක් ගැන විශ්වාස කළ හැක්කේද? විශ්වාස කළ හැකි වුවද, නොහැකි වුවද, කොනක සිට කියවිය යුත්තේමය.....

"දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා" වචන පෙල නොඅසා තිබූ ලසදා, හිදිසියේ ගමේ කඩමණ්ඩිය අසලදී දුටු පිටගම්කාර කරත්තකාරයෙකුගේ කරත්ත කවියකට මුලාව සිරිමෙවන් හැර ගියාය. රාජකීය නමක් තිබුනද මුලු ගැන්වී ගෙවෙන ජීවිතය නිසාම ඇයටද සිරිමෙවන් එපා වීම සාධාරණ බැව් ලියන්නට මා අකැමතිය. මංගල රැයේ පවා සියල්ල සිදුවූයේ ලසදාගේ සිතැගි පරිදිය. වෙලේ, කුඹුරේ, කැලේ වැඩ කරන විට සමද්විපාද ත්‍රිකෝණ හැඩැති අබුඩ ලේන්සුව හැද සිටින සිරිමෙවන් එදා රාත්තිරියේ ඇගේ ඔතාගෙන සිටියේ යාර දහයක පමණ සරම් කීපයක්ය. සිරිමෙවන් ගේ දහිරිය නිසාදෝ ගෙදරින් කෙරුනු බලපෑම නිසාදෝ දීග ආ නමුදු ඇගේ සිතැගි පරිදි මනරම් රැයක් එදා ඇයට ගත කරන්නට නොවුණි. රිමෝට් එකක් සුරතේ තබාගෙන කාර් එකක් පදවන්නාවු සිගිති දැරිවියක මෙන් ඇය තමාට අවැසි සියළු දේ ඔහු ලවා කරවා ගත්තාය. සිරිමෙවන් පළමු දින බාලාංශ පන්තියට ගොඩවූ කලෙක මෙන් කදුලු පිරි දෙනෙතින් තම ගුරුවරිය කියන දේ කරන්නට වුයේ කවදාවත් නැති පීඩනයක් මැද්දේය. කොටින්ම කිවතොත් විද්‍යාගාරයේ ස්ථිති විද්‍යුතය ප්‍රායෝගිකව අත්හදා බලන සිසුවියකගේ අතට එබනයිට් කූරක් දුන් කලෙක මෙන් අතුල්ලා අතුල්ලා ලසදා විද්‍යාගාර පරීක්ෂනය එදිනත් කළාය.

එදිනට පසු ගෙවුන මාස කිහිපය අතරතුරදි මොලොව එලිය දුටුවේ සිරිමෙවන්ගේ පළමු සිගිත්තායි. දරුපැටියාට 7 වන වසර එලබෙන තෙක් සිරිමෙවන් හා ලසදා එකතු නොවූ බව ගමටම නොරහසකි. පාලමක් යටින් ගගක් නොගලනා කලෙක පාලමෙන්ද වැඩක් නැත්තේමය. එවිට පාලම පවා හඩා වැලපෙන්නේ ගගට වැඩක් නැත්තේනම් වෙනත් කිසිවෙකු හෝ තමාගෙන් වැඩක් ගන්නා ලෙස ඉල්ලමිනි. එවන් කලෙක වැසි නැති බිමකට කඩා වැටි කදුලු බිංදුවක් සේම ලසදා නෙත ගැටුනේ කරත්තකාරයෙකි. ඒ ගමේ කඩමණ්ඩියේදීය. කහට උගුරක් බොන්නට සීනි ගේන්නට කඩයට ගිය ලසදා සීනි පැත්තක තබා කඩමණ්ඩියට පැණි බීම ඩිලිවරි කරන්නාවූ කරත්තයේ නැගී සිදාදි ගතවුවාය.

හවස් ජා‍මයේ බැස ගිය හිරු පසුදින නැගෙනහිරින් නොනැගෙන කලෙක සියළු ජනයා කැලබුණ සිතින් සූර්්‍යයා සොයනු නොඅනුමානය. නමුදු සවස් ජාමයේ සී‍නි ගේන්නට කඩේට දිව ගිය තම බිරිය ලසදා ගැන ගමේ එවුන් සොයන තුරුම සිරිමෙවන් නොසිතුවේය. හේ දිවි ගෙවුයේ සියළු රාගාදී කෙලෙසුන් නැසූ තපසෙකු පරිදිය. බේබද්දෙකුට රා කට්ටක් මෙන් පොඩි පුතුගේ සිනහ පිරි මුව ඔහුගේ තනිය නිවූ බව නිසැකය. එක දිනක් පීඩිතව ගතකළ රැයෙකින් ලද එකම තුටු පඩුර මෙයම විය. 

"ගිය එකාල ගියාවේ බොල කොල්ලෝ.. මට පුලුහං බොලාව ලොකු මාත් කොරන්ට." කිසිත් නොදන්නා දරුවා සිරිමෙවන්ගේ වදනට හිස සලන්නේය.

පැණි බීම කරත්තකාරයාට මුලාව තම බිරිය ගම හැර ගියද සිරිමෙවන් කළේද පැණි රස්සාවකි. උදේම කුණු කෙල පිරි මුවින් කැලේ රිංගනා සිරිමෙවන් නැවත ගෙදර එන්නේ මී පැණි දෝත දරාගෙනය. බිරිදට දෙවෙනි වූ සිරිමෙවන් මී මැස්සාට නොදෙවෙනි වන්නේ දෛවයේ සරදමක් මෙනි. මී මැස්සා දෂ්ඨ කරනු සිරිපාලට අමිහිරි නොවුනද නිතරතුරු සිතට වදදෙන ඇය තමාට දෂ්ඨකල ඒ කර්කෂ රාත්තිරිය සිරිමෙවන්ට අමතක නොවන්නේමය. එදින තමාගේ පිරිමිකම මෙන්ම සම්පූර්ණ දිවියද විනාශ වු බවෙක් හෙතෙම සිතන්නේය.

අමුඩ ලේන්සුවට ඔරොත්තු නොදෙන කුට්ටම යන්තමින් සගවාගෙන සීරීම් සහ හිරිවැටීම් දරාගෙන මී වදයක් සහිත ගසකට සිරිමෙවන් ගොඩවන්නේ කුට්ටම පරදුවට තබාගෙනය. ගසට නැගි හෙතෙම මී වදයක් දකින්නේ එළදෙනකගේ තන පුඩුවක් දුටු වහු පැටියෙකු ලෙසින් දිදුලන දෙනෙතිනි. එසේ දුටු මී වදය සුරතින් දරාගෙන ගසෙන් බිමට බසින කලෙක අමුඩය ගැලවී වැටුනද, කුට්ටම ගැලවී බිම වැටුනද, සිරමෙවන්ට වගක් නැත්තේමය. මාලු කැබැල්ල කටේ සිර කරගත් හොර බළලාට කොපමණ පහර දුන්නද මාළු කැබැල්ල අත නොහරින්නාක් සේම කුට්ටම හෝ අමුඩය විනශ වුවද මී වදය සිරිමෙවන් අත නොහරින්නේමය.

ගසෙන් බිමට බට සිරිමෙවන් වටපිට නෙත් යොමු බැලුවේ පාළු මහ වනයේ අමුත්තක් දැනුන නිසාමය. තම බිරිද හැරගිය දින සිට අද වනතුරුත් කළබල නොකලා සේම දුටු දසුනින් සිරිමෙවන් කළබල නොවූවද හෙබ්බිරිස්සාව හැදුන දිනෙක තමා අත රෙදි කැබැල්ලක් සිර කර ගන්නා පරිදිම, අත තිබි මී වදය සුරතේ තද කොට ගත්තේය.

පිරිපුන්, පිරුණු කළු රෝම කූපයෙන් වැසුන සිරුරින්, සිරිමෙවන් දෙස බලා සිටියේ දඩාර වැලහින්නකි. වෙසක් දින ගමේ පන්සලේ තොරණ බලන්න ගිය අයුරු සිරිමෙවන්ට සිහි විය. තොරණේ සිටි මුචලින්ද නාගයාගේ දෙනෙත් නිවි නිවි දැල්වුනා සේම වැලහින්නගේ දෙනෙත් දැල්වෙන්නට විය. ඒ අතර සිරිමෙවන්ට සිහි වූයේ පෙරේදා හවස තම පුතු පොතක් දිග හැර සද්දෙට කියවු වලහෙකුට අසුවූ මිතුරන් දෙදෙනෙකුගේ කතාවයි. එහෙත් ගසකට නැගීමටද, මලා සේ බිම වැටීමටද කාලයක් නොවේය. වැලහින්න දෙනෙත් දල්වා සිරිමෙවන් දෙස බලා හිදී. අදුරු රැයක පාරට දැමු වාහනයකින් නැගෙන හෙඩ් ලයිට් එලිය දුටු කලෙක නිලංකාර වූ දෙනෙතින් සිරිමෙවන්ද වැලහින්න දෙස බලා සිට මොහොතින් සිහිසුන්ව ඇද වැටුනේය.

තමා පිලේ නිදා සිටින විටක අමුඩය ඔසවා ඒ අතරින් ඉව කරනා බැලලියගේ මෙන් පහසක් දැනුන කලෙක සිරිමෙවන් සිහි උපදාවා වට පිට බැලුවේය. හැද සිටි අමුඩයද ගලවා දමා වැලහින්න තම දෙපා අතර හිදගෙන සිටින අයුරු දැක සිරිමෙවන්ගේ දෙනෙත් පලල්ව, කට උල්ව, කකුල් හිරි වැටී ගියේය. තම බිරිදට නොදෙවෙනිව වැලහින්නක් විසින් තමාව දෙවන වරටත් කෙලසන ලද බව සිරිමෙවන් කෙසේ විශ්වාස කරන්නද. වත්තේ පොල් උල මත පොල් ලෙලි ගසන සිරිමෙවන් පොල් උලක් වී, වැලහින්න පොල් ගෙඩියක් ලෙසින් වියරුව සිරි මෙවන් ලග දණ ගසා සිටී. ගලන ගගුලක කෝටුවක් මත පාවී යන කුහුඹුවෙකු මෙන් සියල්ල සිදුවන්නට ඉඩ හැර සිරිමෙවන් සිහි සුන්ව මෙන් වැතිර සිටියේ තම පොඩි පුතු උපත ලැබීමට හේතු වාසනා වූ ලසදා සමග යහන් වැදි රැය සිහි ගන්වමිනි. සිරිමෙවන්ගේ නූගත් සිතට එලැබි චකිතය වූයේ වැලහින්නට තම මුහුණ සිහිත දු සිගිත්තියක් ලැබෙනවා නිසැක බවය.

තියටර් එකට බට රෝගියෙකු සිහි නැති වූ කලෙක තම වකුගඩුවක් ගලවා ගත්තද නොදන්නවාක් සේ සිරිමෙවන් හිත හදාගත්තේය. දෑස් තද කොට පියාගෙන වැලහින්නට තියටර් එකේ සිස්ටර් වන්නට ඉඩ හලේය. සියල්ල නිමාව වැලහින්න නැගිට විත් සිරිමෙවන්ගේ මුවට පාත් විණ. දෑස් තදින් පූට්ටු‍කර ගත් සිරිමෙවන් කැළෑ දෙවියන් යැද්දේය. කැළණියේ අපට ඉස්සර හිටියේ විභීෂණ වුවද දැන් ඇමතිතුමා විශ්ණු වඩම්මවා ඇති නිසා අපි නම් අසරණය. එහෙත් සිරිමෙවන් දන්නා කැළෑ දහමට අනුව යැදිය යුත්තේ කැළෑ දෙවියන්ය.

රූපවාහිනී වෙලද දැන්වීමක මවක් විත් තම කුඩා දරුවාගේ නලල සිප ගන්නා කලෙක මෙන් සිරිමෙවන්ගේ නලල මත තම ගද ගසන මුව තබමින් වැලහින්න නික්ම ගියාය.

සියල්ල අවසන දුහුවිලි ගසා දමා නැගිට ගත් සිරිමෙවන් තමා වෙනදාට කැළැ පලතුරු කඩාගෙන කොලේක ඔතා ගෙදර ගෙනියන්නාක් මෙන් හබරල කොලයක් කඩා තම කුට්ටම වසා ගත්තේය. ලසදා සමග තනි වූ රැයේ අදුරු කුටියක ගෙට මුලුගැන්වුන යුවතියක මෙන් විලි ලැජ්ජාවේ හැසිරුණ සිරිමෙවන් නූල් පටක් නොමැතිව කෙසේ නම් මහ වනය මැදින් නිවැසට යන්නද. සියල්ල සම සිතින් විද දරා සිරිමෙවන් නිවැස ඉදිරිපිට මිදුලට පිවිසි කළ තම කොලු පැටියා වෙනදා මෙන් පෙර මගට දිව ආවේය.

වෙනදාට හබරල කොලය අස්සේ තිබෙන්නේ මාදං, හිබුටු, නාරංය. දිව ගිය කොලුවා පැන්න ගමන් හිබුටු වල්ල මිරිකා ගත්තේය.

"ඇැැැැක්..." ඉවසා ගත නොහැකි වූ සිරිමෙවන් මොර දුන්නේය. කොලුවා පැත්තට පැන්නේය.

"ඒ ගමන උබත් පටන් ගත්තද ‍මගෙ කුට්ටම තලන්න. තොපේ අම්ම ඉන්න කාලේත් එක දවසක් මාව විනාස කළා. ඊට පස්සේ උඹ බඩට ආව. අද කොහෙවත් ගිය වැලහින්නක් ඇවිත් මාව කුඩු පට්ටම් කළා දැන් උබත් එනව උලුක් වෙලාද බලන්න. දුපං මගෙ දෑහන නොපෙනී..."

*** මතු සබැදි ***

Written by sAm_7.12pm_07.03.2012

කැත හිත් වලට දැමූ කවි පොඩ්ඩෙන් හිට්ස් 50,000ට ලගා වුණි. සැමට තුති.. !

57 comments:

  1. ඊයා..... වැලහින්නකුයි මිනිහෙකුයි.... අභව්‍යයි....

    ReplyDelete
    Replies
    1. ඔක්කොම තේරුනා ඒත් අභව්‍යයි කියන එක විතරක් තේරුනේ නෑ !

      Delete
    2. අයියෝ... අයියා ඒක දන්නේ නැද්ද? අභව්‍යයි කිව්වෙ වෙන්න බැරි දෙයක් කියන එකයි...

      Delete
    3. වෙලාවට මධුරංග කොලුවා කලින්ම මම අහන්න හිටපු ප්‍රස්නේ අහල උත්තරෙත් අරගෙන..

      ස්තුති !

      Delete
  2. සිංහයෙක්ට අල්ලලා පැවත එන ජාතියක්නේ. අවුලක් නෑ..
    මචන් ලිවිල්ල ගැන ලියන්න.. මම දන්න සාහිත්‍ය මදි.. නමුත් වෙන්න ඕන මේ වගේ දේවල් තමයි. සර්පයාගේ පොතට පස්සේ මම කියවපු.. සුපිරිම ලියවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. සර්පයගෙ පොත් මොකක්ද මාතලන් ස‍හෝ.
      කතාව පොඩ්ඩක් අප්සට් වගේ.. ලබන කොටස තවත් සුපිරි කරමි..

      ස්තුති !

      Delete
    2. ඔය සුමිත් නිරිඇල්ල ලියලා තීයෙන්නේ කේ කේ සමන් කුමාර කියලා උගේ පොත්. ඌට කියන්නෙත් සර්පයා කියලා. සයිමන් නවගත්තේගමගේ පොතුත් මේ වගේ. නමුත් ඒවා උඹ කියවලා නැත්නම් කියවන්න එපා මේක ලියලා ඉවරවෙනකම්.

      Delete
    3. සිරා.. කියවන්නෙ නැහැ ඉවර වෙනකල්..

      අනික කියෙව්වත් මගෙ හිතේ තියෙන ස්ටෝරිය වෙනස් වෙන්නෙ නැහැ කෙල්ලෝ..

      ටැංකූ !

      Delete
  3. ඊළඟට වැලහින්නට මොකද වුනේ...?

    ReplyDelete
    Replies
    1. ඉදිරියට බලමු රූ !

      Delete
  4. ඊළඟට වලස් පොජ්ජෙක් හම්බේවිද දන්නෙ නෑ නේ.....

    ReplyDelete
    Replies
    1. වැලහින්නද මන්දු වෙන්න ඕනේ නේද බොල පොජ්ජෙක් ලැබෙන්න..

      Delete
  5. යකෝ මෙහෙම කතාවක් කියෙවුවාමයි ..! මේක නම් මග අරින්න බෑ .. ඊගාව කොටසෙදිත් එකතු වෙන්නම් ..

    බලමු මොකෑ වෙන්නේ කියලා ..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ කිව්වෙ අර කාටද ඌරෙක්....

      Delete
    2. @සදරු - සදරුගේ පැමිණීම සෑමාට ආඩම්බරයකි.. ස්තුති..

      @රාජ් - මටත් මතකයි ‍ඌරගේ සීන් එක. අපි සදරුගේ රසිකයො නොවැ..

      Delete
    3. ඒ ඉතින් ඌරෙක් නේ .. ඒක නෝමල් නේ මේක එහෙමද

      මුන්ට අපේ පලාතේ කියන්නේ වලස්සු නෙවේ පරියෝ කියලා

      Delete
    4. සදරු හිටපු පලාත සුන්දරයි.. හිස් අහස ලස්සන වුනේ ඒකයි..

      Delete
  6. පලවෙනි දවසෙම සෑහෙන්න පරීක්ෂණ කරලා වගේ !
    ඒකනේ මූට එපා වෙලා තියෙන්නේ.

    අර පොල් ලෙලි ගහන කතාව නම් පට්ට ! අපේ ගෙදරත් පොල් ගෙඩියක් ලෙලි ගහන හැම වාරයකම මට තනියෙන් හිනා යනවා. අපේ අම්මා ඒ වෙලාවට අහන්නේ මොකෑ ලොකු එකෝ තනියෙන් හිනා වෙන්නේ කියලා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අපොයි නරක පුතෙක් නොවැ.. පොල් ගෙඩියක් ලෙලි ගහනකොට හිනා වෙන්නේ..

      කැත හිත් තාම හැදිල නෑ බොලවි.. සෑමට ඉතිං තව කවි ලියන්න වෙනවා.. :)

      Delete
  7. මට මොනවත් කියන්න හිතෙනේ නැහැ.මේ කතාවෙනම් ත්‍රාසය භීතිය කුතුහලේ තිබුනා.කුතුහලේනම් උපදින්න ඉන්න මිනිස් වලස් පැටියා තාත්තා වගේ වෙයිද අම්මා වගේ වෙයිද?

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම අසික්කිත වැඩක් වෙන්නෙ නැහැ මචං..

      ස්තුති !

      Delete
  8. සෑමෝ, උඹට මේ හදිස්සියේම මොකද බං උනේ...

    ReplyDelete
    Replies
    1. සෑමා යහතින් ලොකු ‍පුතේ.. වෙනසක් කොරන්ට බැලුවේ.. විනාස වෙන්න වෙයිද මන්ද..

      ස්තුතී !

      Delete
  9. යකෝ මාර වැලහින්නක්නේ ඒ... ඒ කියන්නේ වළහා සිරිමෙවන්ටත් වඩා දුර්වල ඇති... හිහ්..

    එළ දිගටම ලියපන්..

    ReplyDelete
    Replies
    1. අප්පද බොල වලහා ගැන මට දැන් මතක් වුනේ.. කතෘවරයාට වඩා මෙයා හිතනව නොවැ..

      ජය !

      Delete
  10. කතාවේ ආඛ්‍යානය ගැන ගැටළුවක් නැත. ඒත් උපමා අලංකාරවල ගැටළුවක් තියෙනවා. කතා නායකයා සංස්කෘතික මිනිසෙක් නෙවෙයි, අර්ධ මනුශ්‍යයෙක්. ඔහු වඩාත් කිට්ටු කැලෑවටයි.
    කතෘ ඉන්නෙ සිරිමෙවන් නිරීක්ෂණය කරමින් ඔහු ආසන්නයෙයි. ඔහු දකින්නේ සිරිමෙවන් දකින දේමයි. ඔහුගේ දෘෂ්ඨියෙන්මයි...එහෙයින් උපමා අලංකාර ද සිරිමෙවන්ට ගෝචර නොවන දේ නොවිය යුතුයි. රූපවාහිනී දැන්වීම්-රිමෝට් කොන්ට්‍රෝල් -ලැබ් -කැළනියේ ඇමති....සිරිමෙවන්ට අදාල දේ නොවේ. ඔහු ජීවත්වෙන යුගයට ද අදාල දේ නොවේ. කතෘ ද කියවන අප ද ඒ උපමා රූපක සමග ගනු දෙනු කරන්නේ වුව ද කතාවට එයින් සිදුවන යහපතක් නැත. සිදුවන්නේ අවැඩක්මය. තව ද විහිළු බලෙන් ඇතුළත් කරන්න උත්සාහ නොකරන්න. කතාවට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන්න.
    මෙහි ආඛ්‍යානයෙන් මා වශි වූ බව කිවයුතුයි. සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයා හා කේ. කේ. සමන්කුමාරගේ කතා ආකෘතීන් වල නෑකමක් මා මෙහි දැක්කා. උඹේ ප්‍රතිභාව කුමන හේතුවක් නිසාවත් පහළ වැටෙන්න ඉඩ දෙන්න එපා.
    ෴ ජය වේවා ෴

    ReplyDelete
    Replies
    1. යකෝ . . මේක තේරුනේම නෑ

      Delete
    2. ඒ කතාව හරි කියල මටත් හිතෙනව. //මාලු කැබැල්ල කටේ සිර කරගත් හොර බළලාට කොපමණ පහර දුන්නද මාළු කැබැල්ල අත නොහරින්නාක් සේම// වගේ උපමා නං ගැටලුවක් නෑ. නවීන උපමා එච්චර හරියන්නෙ නෑ.(මේවගේ කතාවකට).

      Delete
    3. අවංකවම මට ලියද්දිත් තේරුනා වැඩේ අස්පට් කියල ඒත් තියෙන අසමජ්ජාතිකමට එහෙම්මම දැම්ම නොවැ...

      අවංකවම ස්තුතී !

      Delete
  11. හික්........... අනේ මට නං මුකුත් කියන්න බෑ බං. මට හිනාවෙන්ඩ ඕනේ! අනේ...... අයියෝ........ මට බෑ....... :D :D :D

    ReplyDelete
    Replies
    1. ස්තුති බට්ටා මුකුත් නොකිව්වට.. හිකිස්...

      Delete
  12. හයියෝ සිරිමෙවන්....එළ එළ ඊලඟ එකත් බලමු.....

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. ඊලග එක මීට වඩා හොද වෙයි..

      Delete
  13. හස්බන්ඩ් දාල ගිය වැළහින්නක් වෙන්න ඇති අනේ මන්ද....

    ReplyDelete
    Replies
    1. එහෙව් කේස් එකක් තමා මේ සිරිමෙවන්ට පිහිට වෙන්න ඇවිත් තියෙන්නේ

      Delete
  14. යාලුවො දෙන්නෙක් මීපැනි කඩන්න කැලයට ගියා
    වලහෙක් පැන්නා . . එකෙක් ගහකට නැග්ගා . .
    කලබල උන අනිකා . . . මැරුන වගේ වැතිරුනා. .
    වලහ කනට කොදුරාලා ආපහු කැලයට ගියා

    අනේ මෝඩ යාලුවේ මීපැනි රස ටොපි වගයක් තියෙද්දි මීපැනි මොකටද ?
    ඩේලි *කිං නෝ චිල්රන් . . කියල තමයි වලහ කීවෙ

    ReplyDelete
    Replies
    1. ඕනය කිව්වේ මොන කිං ගැනද බොලව්..

      සිරා සිරාය.. අදයි ඒ කතාව ඇහුවේ..

      Delete
  15. අත්භූතයි..
    කවුරු කොහොම කිව්වත්, අද කාලෙ මේ වගේ දෙයක් කා‍ටවත් හිතෙන්නෙ නෑ. ඒක නිසා මේක අළුත්වැඩක්! පට්ටයි සෑම්.. :D

    ReplyDelete
    Replies
    1. කාලෙකින් බොල කමෙන්ටුවක් දැක්කේ... කොහෙද ගිහින් හිටියේ..

      ස්තුතී

      Delete
  16. මාර කේස් එක...... සෑමටත් හිතෙන දේවල්.. :P

    ReplyDelete
    Replies
    1. අබුද්දස්ස කාලෙ නොවැ..

      පේස්බුකියේද නොදිටිමි.. කොහෙද වහං වෙලා ඉන්නේ..

      Delete
  17. පට්ට කතාව.. අනිත් ටිකත් ලියමු.. අර කලින් කට්ටිය කියලා තියෙනවා වගේ උපමා ගැන පොඩ්ඩක් හිතමු..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.. ඒකෙන් තමා චොර වුනේ..

      ස්තුතී

      Delete
  18. අනී................මන්දා.............
    දිගටම ලියන්නකෝ.....වෙනස්ම කතාවක්.....

    ReplyDelete
    Replies
    1. ලැජ්ජත් හිතෙනව අෆ්පා..


      ස්තුති කිව්වා !

      Delete
  19. හෙහ්...හෙහ්...වැලහින්නට මොන විධියෙ පැටියෙක් ලැබෙයිද ?

    ReplyDelete
    Replies
    1. සිරි මෙවන් වැඩකාරයා නොවැ..

      මක් වෙයිද දන්නෙ නැහැ ;)

      Delete
  20. අඩේ... බලනකොට වැලහින්නියොත් මාර වැඩනෙ කරන්නෙ.....

    ReplyDelete
    Replies
    1. මහ වල් එකෙක් අප්පා....

      Delete
    2. නමේ මුලම වැල නෙ මෙයා

      Delete
    3. ස්ටෝරියට වැලේ වැල් නැතුව ගියා ඕනයා.. :ඩී

      Delete
  21. මචන්, මතෘකාවෙයි උඹ ලියන විදිහෙයි පොඩි අව්ලක් තියනවා නේද ? "වැලහින්නකට පෙම් බැදිමි" කිව්වොත්, මට හිතෙන හැටියට උඹ කතාව ලියන්ඩ ඕනා උත්තම පුරුෂ ඒක වචනයෙන් නේද ? දැන් උඹ ලියන්නේ මධ්‍යම පුරුෂයෙන්. කිව්වා හරිද මංදා.. දැන් ඕවා මතකත් නැහැ බන්.. ඒත් මට නිකන් හිතෙනවා පොඩි අව්ලක් තියනවා කියලා.. තව දන්න කෙනෙක්ගෙන් අහලා බලපන්.. " වැලහින්නකට පෙම් බැන්දා " වගේ කිව්වනම් හරි ද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සියළු දෝෂ නිවාරනව ලබන කොටස කියවමු..

      ස්තුති මචං..

      Delete
  22. අඃ...තව දෙයක්....මේ ෆොටෝනම් වැඩේට ගැලපෙන්නෙ නෑ. ‍ෆොටොස් නැතුවම කළෝත් හොඳ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සියළු දෝෂ නිවාරනව ලබන කොටස කියවමු..

      ස්තුති මචං..

      Delete
  23. හපොයි....කියෙව්වගෙන් කියෙව්වෙ නෑ මෙහෙම කතාවක්.....

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඉදිරියට.. හෙහ් හේ. !

      Delete

Related Posts Plugin for WordPress, Blogger...