Friday, January 6, 2012

ලොල්ලා සහ අල්ලපු වත්තේ අංකල් (කසිප්පුවා..)

විද්‍යා විෂයන් කරපු ගොඩක් එවුන් පන්තියේ නැත. සෙට් එකක් හැමදාම ක්‍රිකට් ප්රැක්ටිස්ය. ශිෂ්‍ය නායකයෝ තැන් තැන් වලය. අපිට පන්තියෙන් එලියට පනින්නට නීත්‍යානුකූල අයිතිය දුන්නේ වයලා පමණකි. එනිසා මැත්ස්, ෆිකිස් පීරියඩ් වල පන්තියේ මුහුණ ඔබාගෙන සිටිය යුතුය. ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරනවාට වඩා පන්තියේ සිටීම සැප දායකය. පන්තියෙන් එලියට පැන පිනා වැන්නවුන්ට අසුනොවී කට්ටි පනිනවාට වඩා ඉංග්‍රීසි ටීචර් එක්ක චැටක් දමාගෙන සිටීම සැහැල්ලු මෙන්ම ආරක්ෂා සහිතය. ටීචර්ද අවුලක් නැත. 

අපේ පන්තියේ සිටි හර්කියුලිස් (ධනුෂ්ක) පට්ට ගණන් කාරයාය. හර්කියා 2006 වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ ‍රෑන්ක් එකක් දැම්මේය. පොර වැඩ්ඩා බව දන්නා නිසා ඉංග්‍රීසි ටීචර් හර්කියාට මුකුත් කීවේ නැත. හර්කියා ඉංග්‍රිසි පීරියඩ් එකේද ගණන් හදනකොට ටීචර් නොදැක්කා වගේ සිටියාය. සමහර විටක ටීචර් හිතන්නට ඇත්තේ ‍හර්කියා ඉංග්‍රීසි වැඩ කරනවා කියාය. මොකද අපි ගණිතයට වැඩිපුරම ලීවේ "sin, cos, tan, x, y, z, limit," වැනි ඉංග්‍රීසි අකුරැම නිසාය. හර්කියා එහෙම ගණන් හදනකොට අපි ආතල් එකේ සිටියේ ටීචර්ව කතාවට අල්ලා ගනිමිනි. අපිට විද්‍යා විෂයන් ඉගෙන ගන්න කාලේ නිදහසක් දීපු එකම හොදම ගුරැවරිය ඇයය.

බොහෝ වෙලාවට අපි හිටියේ කොම(ර්)ස් නැතොත්  ආ(ර්)ට්  පන්ති ඇසුරේය. (සෑමා චිත්‍ර කරපු විදිහ වගේය) ඒ පන්තිවල තිබ්බ අමුතු ෆන් අපේ පන්තිවල තිබ්බේ නැත. අපේ එවුන්ට තිබ්බේ විද්‍යාත්මක ආතල්ය. ලැබ් එකේ තියෙන් මොන මොනවා හෝ කලවම් කර වෙන්නේ මොකද බැලීම වැනි ආතල් අපි ගනිද්දී, කෑගසමින් සින්දු කියන ආතල් ගත්තේ ආ(ර්)ට්, කොම(ර්)ස් පන්තිවලය. පන්ති වශයෙන් බෙදුනද එකට සිටිය නිසාම ෂෝටාගේ සිදුවීමේදී අපි එකාවන්ව නැගී සිටියෙමු. එලෙසම කොම(ර්)ස් , ආ(ර්)ට් කරන සෙට් එකද අපේ පන්තිවලටද සෙට්වුනහ.

ලොල්ලා (හරි නම කියනවාට වැඩිය ‍පොර මේ නමට කැමතිය) සිටියේ කොමර්ස් හෝ ආර්ට් පන්ති වලය. (පොර පන්තියේ නැති නිසා කරපු වීෂය මට මතක නැත) අපි 9 වසරේ සිටම මිතුරන් නිසා දවසක් මම පොරට කතා කලේ නම කියාය. පොර මට පිලිතුරැ දුන්නේ "කවුද යකෝ ....?? මම ලොල්ලා යකෝ ලොල්ලා.." කීමෙනි. එදා පටන් මාත් ඒ නම පාවිච්චි කලේ ලොල්ලාගේ හිත නොරිද වීමටය.

අපේ අලුත් විදුහල්පතිතුමාගේ සරණින් දැන් අපේ පාසලට බස් රථ, වෑන්, ත්‍රී වීල් (තව ටික දිනකින් කොල්ලො කෙල්ලන්ට නාන්න පූල් එකක්) තිබුනද එදා අපිට මුකුත් නොතිබුන කලෙක අපේ අසල්වාසී කාන්තා පාසලට ඩිපෝවෙන් පාසල් සේවයක් යොදවා තිබින. ඒකට අපේ එවුන්ට නැගිය නොහැක. ලේඩීස් ඔන්ලිය. උන් අපිට ගෑස් පෙන්නමින් අපේ ගේට් එක ලගින් ගියා සෑමාට තවමත් මතකය. ඒත් ඒ බස් එක අපේ ගේට්ටුව ලග මන්ද ගාමී වෙද්දී අපේ ලොල්ලා ෆුට් බෝඩ් එකේ එල්ලී තොරණහන්දියට ගියේ කෙල්ලන්ගේ මෙන්ම අපේ එවුන්ගේද කටවල් වසමිනි. අපේ එවුන් බස් එකත් එක්ක පට්ට තරහය. තවත් දිනෙක ගේට්ටුව අසල සිටියදී බස් එක යන විට කෙල්ලෝ කෑගැසුවා සෑමාට මතකය. ඒ අපේ එවුන්ට කිංඩියට බව දැනගත් ලොල්ලා තම අතේ තිබ්බ ඩෙස්ක් එකක ලී කැබැල්ල හරියටම බස් එකේ දොර තුලින් ඇතුලට යැව්වේ එතන සිටි කෙල්ලෙක්ගේ කකුල් කොර කරවමිනි. ඒ අපේ සදාදරණිය ලොල්ලාය.

‍එසේම වතුර බෑග්, කෙල පාරවල්, (විශේෂ අවස්ථා වලදී බිත්තර, තක්කාලි) මැද්දේ එම බස් එක ඉදිරියට ඇදින.

එදා අපිට තිබ්බේ ෆ්‍රී පීරියඩ් එකකි. ලොල්ලා අපිව බැලීමට පන්තියට ආවා නොව අපේ කෑම දිග හැර තිබෙනු දැක පන්තියට පැන‍්නේය. කා බී සප්පායම් වී අත්වල ඉදුල් පිටින්ම සිටියදී එහා වත්තේ සීන් ගැන අපේ එවුන් ලොල්ලාව අප්ඩේට් කරමින් සිටියහ . ඇත්තටම එහා වත්තේ අක්කා කෙනෙක් සිටියාය. ඇය එලියට බැස්සේ උදේ පමණි. අපි හිතුවේ ඇය රස්සාවකට යනවා කියාය. ඊටත් ඉදිරියේ තිබුන ගෙදර සිටියේ බැදපු අක්කා කෙනෙකි. එයාගේ ගෙදර පඩිපෙල අපිට ලෙසටම දර්ශන‍ය වේ. අක්කා හැමදාම උදේට පඩිපෙල අතුගා මොප් කරනවා අපි බලා සිටින්නෙමු. හිරැ නැගෙන පැත්තේ ඇගේ නිවස ඇති නිසාත්, පඩිපෙලට වැටෙන හිරැ කිරණ ඇගේ දුහුල් ඇදුම් විනිවිද ගොස් පතිත වන නිසාත් අපේ එවුන් හූල්ලති. ඒ හූල්ලපු හීල්ලිල්ල නිසාමදෝ දවසක් අපේ එවුන් බලා සිටියදී අක්කා ප‍ඩිපෙල දිගේ රෝල් වී වැටුනා අපිට මතකය. ඇගේ ඇදුම ඉන ලගට වියතක් පමන පහලට වන්නට ඉස්සී වැටී සිටියදී පියල් සර් පාඩම කරමින් සිටියේය. උන් හිටි තැන් අමතක වී ඔළු උස්සා, පුටුවලින්ද නැගිට බලද්දී පියල්ට වැඩේ මීටර් වී පන්තියේ  දැල අසලට විත් ඔළුව දමා බැලූ විට පියල්ද සීන් එක දැක්කේය. පියා හිනා වුණා පමණි.

එකී නොකී සියළු සිදුවීම් ලොල්ලාට අප්ඩේට් කරමින් සිටියදී එහා වත්තේ අංකල් කෙනෙක් ප්ලාස්ටික් කෑන් වගයක් අරගෙන පිටුපස දොරටුවෙන් එලියට බසිනු අප සියල්ලෝම දුටුවෙමු. ලොල්ලා අංකල් දුටු වහාම කෑගසුවේ "අඩේ කසිප්පුවා කියාය..."
ලොල්ලා කෑගසුවේ "අඩේ කසිප්පුවා කියාය..."

අංකල් ඇගිලි තුඩු වලින් ඉස්සී කෑගැසූ අය මීටර් කරගන්නට වෙර දරනු දුටු අප සියල්ලෝම පහත් වුනෙමු. ලොල්ලා තම පන්තියට දිව්වේය. අපේ පන්තියේ සිට කෑගැසූ නිසා කරන්නට දෙයක් නැත. බොහෝ වෙලා යනතුරැ අප ඒ පැත්ත වත් බැලුවේ නැත.

සියල්ල අමතක කර කොරිඩෝවේ සිටින විට සරමත් කැහැ පොට ගහගෙන ‍කොරිඩෝව දිගේ කිසිවෙකු එනු දුටු අපට කරගන්නට දෙයක් තිබ්බේ නැත. ඒ පිටි පස්සෙන් ආවේ පියලා සහ සෙක්ෂන් හෙඩ් වෙලා හිටි අපේ ගනේපොල සර්ය. එන විදිහ හොද නැති නිසා අපි පන්තියට රිංගුවෙමු.

පිරිවර සහිතව ආවේ අල්ලපු වත්තේ අංකල්ය.

"කෝ කෑගහපු එකා.. කසිප්පුවා දැන් උබලගේ පන්තියටම ඇවිත් ඉන්නවා.. හරි කොල්ලෙක් ඉන්නව නම් මූණට කියපල්ලා.." අංකල් කෑගැහුවේ ගුරැ මේසයට අත මිට මොලවා ගසමිනි. පියා සහ පොලා සද්ද නැත. ඇමති ආරක්ෂක යුවල මෙන් අංකල් දෙපැත්තට වී බලා සිටිති.

එකෙක් වත් සද්ද නැත. ලොල්ලා පාවා දීමට නොහැක. සියල්ලෝම මොනවාද කෑ මොක්කුද මෙන් බලා සිටිති. අංකල් තොරණේ විස්තරය ගෙන හැර පෑමට පටන් ගත්තේය.

"ලමයි ඔය ගොල්ලන්ට කවදාවත් ඇහිල තියෙනවද අපේ ගෙදර සද්දෙට ටීවී එකක් රේඩියෝ එකක් දාලා තියෙනවා. මම ගෙදර මිනිස්සුන්ට කියලා තියෙන‍්නේ එහා පැත්තේ ඉස්කෝලයක් නිසා සද්ද කරන්න එපා කියලා. ඒ තමුසෙල ඉගෙන ගන්නවා කියල හිතන් ඉන්න නිසා. ප්‍රින්සිපල්ගෙන් අහනවා මම කවුද කියලා. මම මේ ඉස්කෝලෙට කොච්චර උදව් කරපු මනුස්සයෙක්ද? තමුසෙලා එහෙව් මට මෙහෙමද සලකන්නේ"

කතාව ඇත්තය අපිට කරන්නට දෙයක් නැත. අපිත් අංකල් මෙන් අසරණය. අපේ පන්තියටම ඇවිත් අංකල් සද්ද දානකොට පොලා සහ පියා අන්ත අසරනය.

අපට ලොල්ලා පාවා දිය නොහැක. අංකල් කිවේද ඇත්තය. සියල්ල අහවර වෙනතුරැ අපි නොසැලී සිටියෙමු.

ඉස්කෝලෙට අටෙන් පසු එන බොහෝ පිරිසක් ගේට්ටුවෙන් ඇතුලට එන්න බැරි නිසා ඉස්කෝලෙට පැන්නේ අංකල්ගේ වත්ත හරහාය. ඉස්සර අංකල් ඒ පැනිලි වලට ඉනිමං තබා, සපෝට් කලද මේ සිද්ධියෙන් පසු බෙල්ලෙන් අල්ලාගෙන විත් ඉස්කෝලෙට භාර දීමට පියවර ගත්තේය.

Written by sAm_03.00pm_02.01.'12

සෑමා ලොල්ලාව දැනට වසර පහකට පෙර දුටුවාට පසු දැක්කේ නැත.

41 comments:

  1. මදෑ යාලුවා කරපු දේ නිසා හැමෝටම කෙල වෙලා අන්තිමට.ඊට පස්සෙ හොරෙන් පැන්නෙ කොහොමද??

    ReplyDelete
  2. ඔය කාලෙ කොහෙද කටට බ්‍රේක්... ?

    ReplyDelete
  3. @නිසුපා - ඊට පස්සේ ඉතිං විකල්ප මාර්ග භාවිත කලා. ඉදලා හිටලා අංකල්ට හොරෙන් ඒ වත්තටත් පැන්නා..

    ReplyDelete
  4. Weni - සිරාවට තාමත් බ්‍රේක් අහන්නේ නැහැ..

    ReplyDelete
  5. ඇයි බං ඌට ලොල්ලා කියන්නේ සමනලයෙක් වගේ එකෙක්ද.?මොනවා උනත් කැත වැඩේ කලේ..ඉස්කෝලෙට පනින්න තිබුණු චාන්ස් ඒක නැති කරගත්තා

    ReplyDelete
  6. කෝ උඹේ මෙගා ටෙලිය. ඒක දාපං.

    ReplyDelete
  7. ගම්පහ බණ්ඩාරනායකේද කියල හිතෙනවා

    ReplyDelete
  8. අසරණයා - අනේ මන්දා බං ඌට මොකට එහෙම කිව්වද කියල. පොර එල කොල්ලෙක්. පොර සමනලුන්ට වෙඩි තිබ්බා.. :)

    මිනිහා නම කියනවට වැඩිය ඔය නම කියනවට මනාපයි..

    ReplyDelete
  9. රාජ් - අඩේ මේ නිදහස් මාධ්‍යයට තර්ජන කොරන්ට එපා හරිය.. :)

    සිතූ - කුසූ ආදර අන්දරය සිලි සිලි ගා හිරි වැටෙන තවත් ජවනිකාවක් සමග, අනාදරෙන් වේලුන හදවත් වලට ආදරේ පිණි දියර ගලන මහා මාර්ගේ යටින් එලුව බට ලයින් එකක් වගේ..

    බොල.. කල‍බොල කරන්ට එපා.. :)

    ReplyDelete
  10. Observer - අයියා ගම්පහට හරි ආදරෙයි වගේ.. මම දැක්කා කාර් සේල් කතන්දරේ එහෙම. ටිකක් මහන්සි උනොත් (එච්චර මහන්සි වෙන්න ඕනේ නැහ බොල) ගේමක් නැතිව හොයාගන්න පුළුවං. :)

    කාන්තා පාසල් ගැන කීව හින්දද මන්දා කල‍බල වුනේ.. හික් හික්

    ReplyDelete
  11. ඒ නම ඌට ගැලපෙන්නෑ බොල... හම්බුනොත් මම කිව්වා කියපන් ඕක වෙනස් කර ගන්ඩ කියලා...

    ඌට හරියන නමක් දැනට හිතාඩන්ඩද බැරිය...

    ReplyDelete
  12. Senna - අපිත් දන්නවා ගැලපෙන්නේ නැහැ කියලා. පොර ආසයිනේ බං. කෙල්ලොත් කතා කලේ ඔය නම කියලා. නංගිලා "ලොල්ලයියා" කියනවා.

    නමක් තිබ්බොත් කියපං. හම්බුනොත් දාමු..

    ReplyDelete
  13. akkaa gAna kumana kathaadha? dhoedhuwaa wibhaagea feal uneath oka hindhadha koheadha

    ReplyDelete
  14. අක්කා ගැන කුමන කතාද? දෝදුවා විභාගේ ෆේල් උනේත් ඔක හින්දද කොහේද

    ReplyDelete
  15. ඔය ඇනගෙන තියෙන්නේ!

    ReplyDelete
  16. J B L නොහොත් ජයේ - දෝදුවා අක්කට ආදරෙන් බොල හිටියේ. විභාගෙ වගේද ආලය??

    ReplyDelete
  17. ලහිරු - ඇණ කියන්නේ හාඩ්වෙයාර් එකකට ඇණ බොල..

    ReplyDelete
  18. අනේ හුත්තෝ තේරුමක් ඇති දෙයක් ලියහන්

    ReplyDelete
  19. අඩේ මරු පංතියකනේ ඉදලා තියෙන්නේ. මාත් ඉස්සර අපේ පංතියේ වෙනුවට හිටියේ ආර්ට් එකේ. ආර් පන්තිය එල. මරු ! ෆන් ලෝකයකි !

    ReplyDelete
  20. අපෙනං ඕකෙ අනික් පැත්ත. ඔක්කොම වලට සෙට් වෙන්නෙ සයන්ස් ක්ලාස් වලට. මොකද ලැබ් එකේ උඩ තිබ්බ පන්තිවල හූ කිව්වත් කාටවත් ඇහෙන්නෙ නෑ. ටෝටලි අයිසොලේටඩ් :D

    ReplyDelete
  21. Anonymous - පිරිමියෙක් වගේ නම, ගම එක්ක කමෙන්ට් එකක් දැම්ම නම් වටී...

    ReplyDelete
  22. මධුරංග - සිරාවට බොල අපිත් හිටියේ වෙන පන්තිවල ඒකනේ චිත්‍ර ටීචර් කිව්වේ සෑමා චිත්‍ර කරන දරැවෙක් නෙවේ කියලා..

    ReplyDelete
  23. ඉන්දික උපශාන්ත - හෙහ් හේ.. රස තියෙන තැනටනේ බොල සෙට් වෙන්නේ. අපි වලේ විවිධත්වයක් විදින්න තමා තැන් තැන් වල සෙට් වුනේ..

    කොල්ලා අයිසොලේටඩ් වලකද හිටියේ?

    ReplyDelete
  24. මම උඹේ බ්ලොග් එක හොයා ගත්තේ අසරණයාගේ පෝස්ට් එකකින්...
    පට්ට සීන් එකක්නේ බං වෙලා තියෙන්නේ
    ලොල්ල තමයි දවසකටවත් ලොල්ලා... :)

    ReplyDelete
  25. උඹ මගේ බ්ලොග් එකේ දාලා ගිය කමෙන්ටුවෙනුයි මම මේ පැත්තට ආවේ.. මේක හරි අපුරු තැනක්නේ.. හෙමීට අතිත් පෝස්ට් ටිකත් කියලවා බලන්නම්..

    අසරණයගේ මඩ ප්‍රහාරය නිසානේ අපි සෙට් උනේ..

    ReplyDelete
  26. සැමා අයෙත් ඇනෝ කෙනෙක් චී:කරලා නේ.

    @දිනේෂ් මඩ නෙවෙයි බං උතුරායන සෙනහසින් ස්තුති කලා..

    ReplyDelete
  27. ඔයා මට කොමෙන්ට් කරලා සහායෝගය දුන්නට මම අද තමයි ඔයාගේ බ්ලොග් එකක් තියෙනවා කියලා මුලින්ම දැනගත්තේ ඒත් අසරණයාගේ පෝස්ට් එකෙන් මම ගූගල්+ වල අයියව ඇඩ් කරා

    අපෙත් හිටියා ලොල්ලා කියලා පොරක් මට ඒකව මතක් වුනා මේක කියවද්දි හරි ලස්සනට ලියලා තියෙනවා අපේ ලොල්ලාගේ ඇත්ත නම ලෝලිත සිරාවටම මේක කියවද්දි අපේ ඉස්කෝලෙවත්ද කියලා හිතුනු වාර බොහෝයි හි හි අර අක්කා වැටුනාම කට්ටිය නැගිටලා බලපු හැටියි සර් බලපු හැටියි මැවිලා පේනවා...ඔයාට සුභ පතනවා අයියේ දිගටම ලියන්න ජය වේවා....

    ReplyDelete
  28. ..ChAnDiKa.. - ගම කාලා කියන්නේ විනාසම කොරලා බං.. ස්තුතියි මේ පැත්තේ ආවට.. :)

    ReplyDelete
  29. @ලොකු පුතා - අසරණයා තමයි හැමෝටම සරණක් වෙන්නේ බොල, මාත් දැක්කා උඹගේ නම. බුක්මාක් පාරක් දාලා තියෙන්නේ. එන්නම් කෝ..

    ටැංකූ අදහස්වලට !

    ReplyDelete
  30. Dinesh - ඔව් බං අසරණයට වටකරලා ගහන්න ඕනේ..

    ReplyDelete
  31. අසරණයා - දැන් ඇනෝ නංගිලා ගනන් ගන්නේ නැහැ නේ අපි :)

    ReplyDelete
  32. @ගැමියාගේ පත් ඉරුව - පත් ඉරැවෙ කමෙන්ට් කරපු දවසේ ඉදන් මගේ බ්ලොගේ පැත්තකින් පත් ඉරැවට ලින්ක් එකක් දැම්ම හැමෝටම පේන්න. සුභ ගමන් මල්ලී...

    ඒ ලොල්ලා සහ අපේ ලොල්ලා හැරෙන්න තව ලොල්ලන් සිටීද? :)
    ස්තුතියි කොල්ලා..

    ReplyDelete
  33. බොහෝම ස්තූතියි අයියේ කරන උදව් වලට ඔයාගේ කථා සෙට් දැන් කියවන ගමන් මාර ගති ඈ

    ReplyDelete
  34. හික් හික් කසිප්පුවට සර්ලත් බය වෙන්නැති..ඊට පස්සේ පැන්නේ කොහෙන්ද.....අර දුහුල් සලු පිලි අක්කා කසිප්පුවගේ නෑයොද....

    ReplyDelete
  35. @ගැමියාගේ පත් ඉරුව - ස්තුතියි සහෝ...

    @ඔබ නොදු‍ටු ලොවක් - පස්සේ විකල්ප මාර්ග අනුගමනය කලා ඉදලා හිටලා ඒ පැත්තෙනුත් පැන්නා..

    අක්කා.. මතක් කරන්න එපා බං මැවිලා පේනවා.. අක්කා සුදුයි, අංකල් කළුයි ඒ නිසා නෑකමක් නැහැ මම හිතන්නේ. :)

    ReplyDelete
  36. මමත් ඉස්කෝලේ කාලේ සීන් එකක් ලිව්වා බාගෙට . . .

    පස්සේ බලමු ඉතුරු ටික.

    අඩේ යාලුවට කැත නමක්නේ බන් දාලා තියෙන්නේ. . හික්ස්

    ReplyDelete
    Replies
    1. @දුකා එල එල ලියපං අපිත් එන්නම් බලන්ට...

      කැත නැහැ බොල, පොර කැමතී නමට...

      Delete
  37. "ලොල්ලා" ෂඃ... මාර කොල්ලෙක් අෆ්ෆා... හැබැයි ඉතින් ඔයාල කරලා තියෙන වැඩේ හොඳයි යාලුවන්ගේ පැත්තෙන් බැලුවම..

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අපි පාවලා දෙන්නේ නැහනේ..

      ස්තුතී මේ පැත්තේ ආවට..

      Delete
  38. ලොල්ලා, මට ඔය නම හොඳට අහල පුරුදුයි සෑමෝ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...