Google+ Followers

Monday, December 19, 2011

මාකා මුත්‍රා කරවූ හැටි....

දැන් පාසල් පටන් ගන්නේ 7.30ටය. සෑමා පාසල් යන කාලේ පටන් ගත්තේ උදේ අටටය. අපි යන කාලේ පරක්කූ වී පටන් ගන්නට ඇත්තේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවත් අපේ හැටි දැනගෙන සිටි නිසා විය යුතුය. අටට පටන් ගත්ත කාලේත් අපේ එවුන් ඉස්කෝලෙට ආවේ අටේ කෑලි හැලුනාටත් පසුය. ඒත් දවල් දෙක වෙන්නට පෙර ගෙදර ගිය බව නම් සැබෑය.

මේ සෑමාගේ ඒලෙවල් කතන්දර වල ආරම්භය සනිටුහන් කිරීමකි. ඕලෙවල් විෂයන් අටක් (උපරිම දහයක්) කිසිම ගින්නක් නැතිව කරගැනීමට බහුතරයකට හැකිවිය. ඒත් ඒලෙවල් කියා විෂයන් තුනක් (ඉංගිරීසි සමග 4ක්) කර ගැනීම ඕලෙවල් වලට වඩා අපහසු වන්නේ මන්දැයි පුදුම සහගතය. අර සද කියා අහසේ ඇති සද පෙන්නූ කල අපේ එවුන් බලන්නේ සද දෙස නොව අහසට දික් කල අත දෙසය. එලෙසම අන්න ඒලෙවල් කියූ විට බලන්නේ ඒලෙවල් දෙස නොව පසුකල ඕලෙවල් දෙසය. ඕලෙවල් ගොඩ දැමූ අපට ඒලෙවල් නම් මොනාද? කීම ඒලෙවල් අපහසු වීමට හේතුව බව සියල්ලට දැන් පසක් වී ඇත්තේය.

ඕලෙවල් ඒ අකුරැ සයක් සමග ගොඩ දැමූ සෑමා පයිතරගරස්, වැන්ඩවාල්, නිව්ටන්, ඩෝල්ටන්, වයලා, පියල්, ගනේපොල, වැන්නවුන්ගේ ඇසුර ලැබීමටත්, සරසුල, සිලිංකිය, රැලිති ටැංකිය, වර්නියර් කැලිපර,  මයික්‍රො මීටර ඉස්කුරැප්පු ආමාන වල (‍ටෙස්ට් ටියුබ් ගැන නොලියමි, එවා අපට වැදගත් නැත්තේය) පහස ලැබීමටත්, රිංගුවේ සයන්ස් කිරීමට මැත්ස් ක්ලාස් එකටය. ඒත් මාස දෙක තුනක් ගෙවෙද්දී සෑමාට සිතුනේ මෙහෙමය. 

"යකෝ.. පියතරගරස්ලා, අයින්ස්ටයින්ලා කොන්ඩ රැවුල් වවාගෙන නාකි වෙනකල් පරීක්ෂණ කරලා හොයා ගත්ත දේවල් එක්ක ඉස්කෝලෙ යන කාලේ පොඩි කොල්ලෝ කුරැට්ටෝ විදියට අපි නම් කොහෙම හැප්පෙන්නද??"

සෑමා තමන්ට හිතුන දේ වසර දෙකක් තිස්සේ උසස් පෙල ගුරැවරැන්ට උගන්නන්නට හැදුවට ඔහුට උරැම වූයේ පන්තියෙන් දොට්ට දැමීම් වලට ලක්වීමටය. නැතිනම් කන පිරෙන්ට බැනුම් අසන්නටය. අපේ වයලට් ටීචර්ගේ (රසායන විද්දියා ටීචර්) කටහඩේ උපරිම සංඛ්‍යාතය සෑමාගේ කන් බෙරයේ සංඛ්‍යාතයට සමාන වූ නිසා වයලා උපරිම සංඛ්‍යාතයෙන් කෑගසන විට සෑමාගේ කන් බෙරය අනුනාදයට ලක්වූ අවස්ථා අසීමිතය. 

අපේ වයලාට සෑමා ඇතුලු සෙට් එකම පෙන්නන්නට බැරිය. පසුකාලීනව ඇය කීවේ සෑම් පන්තියේ නැත්තම් මම එනවා කියාය. ජනතාවගේ හිත සුව පිණිස සෑමා පන්තියෙන් එලියට ගියේ අපේ ප්‍රයිවට් ක්ලාස් එකේ කේ.සිරි සර්ට පිං දෙමින්ය. නැතිනම් සෑමාට පළවෙනි පාර ‍රසායන විද්දියා "එස්" එක අහිමිවන්නට ඉඩ තිබින.

අපේ එවුන් සෑමාව පන්තියෙන් තනියම පිටත් කලේ නැත. සහයට වටේට තවත් රැලක් සිටියහ. උන්ද සෑමා පසුපස වැටුනේ සෑමාට අතුරැ අන්තරාවක් වේයැයි බියෙන් නොව, වයලා සමග විසීම සෞඛ්‍යයට අහිතකර බැව් දන්නා නිසාය. මාකා (කලින් මොහුගේ නම මා(ර්)කට්ය, පසු කාලීනව පොෂ් වූ නිසා මාකා වීය), කොටා, කස්සා, කලර්ස්, සහ අප්පුවා (අප්පුවා නොහොත් සොබනා, නයා..etc) ඒ අතර ප්‍රමුඛ විය.

සතියේ දවස් හතරක්ම උදේම තිබ්බේ ෆිකිස්ය. එකම එක දවසක් උදේම කාලපරිච්ඡේදය වයලා සතු වූ බව   සෑමාට තවම මතකය. එදිනට අප කරන්නේ ගාථා කී පසු වයලා පාත් වන බව දන්නා නිසා ගාථා කී සැනින් බත් මුල් කිහිපයක් දිග හැරගෙන කෑමට පටන් ගැනීමය. වයලා පන්තියට පැමිණ ඔළුව දාන්නීය. "ආනේ.. ඔයාලා කනවා නේද?? මම ලැබ් එකේ ඉන්නවා ඔයාලා කාලා ඉවරවෙලා මට කතා කරන්න. මම එන්නම්" කියා වයලා ආපසු හැරෙන්නීය. අපේ එවුන් කාලා ඉවර වුනාට ඇයට කෝල් බැක් කරන්නේ නැත. ඇය ටික වෙලාවකින් පන්තියට එන්නීය. සමහර දවස් වලට අමතකද වන්නීය.

ඒ ලෙවල් කාලයේත් ඩෙස්ක් මාරැ වීමේ සීන් එක තිබුනේය. දවසක් වයලා උගන්නන මොහොතක සෑමාද ඉස්සරහම පේලියේ සිටියේය. වයලා සතුව ක්‍රිස්ටෝපර් කොලම්බස් කාලයේ සටහන් පොතක් තිබින. එය රැගෙන එන්නට අමතක වූ දවසට අපට කෙමෙස්ට්‍රි නැත. කලින් වසරක අයියාල සෙට් එකක් එකී ග්‍රන්ථය සතියක් සගවා තබා වයලා අසරණ වූ ඇයුරැ අප අසා ඇත්තෙමු. එදිනද වයලා පොතත් දිග ඇරගෙන සෑමා ගේ ඩෙස්ක් එක ඉදිරියේ සිටගෙන පාඩම විස්තර කරන්නට වූවාය. "ලමයි මේ අනුවට තියෙන්නේ චක්‍රීය ව්‍යුහයක්...." සෑමාට අසා ගන්නට හැකි වූයේ එපමනකි. ඉක්මනින් ලේන්සුව ඉවතට ගෙන මූන පුරා පිරි කෙල පොදිය පිස දැම්මේ වයලාගේ දත් සැට් එක කෘතිම නිසා කෙල විසික් වෙන බැවිනි. එදා සිට පන්තියේ සැවොම වයලා "චහ්" (chah..!) කියනකොටම මුහුණ අතින් වසා ගැන්මට පෙලබුනහ. (main hoon na ෆිල්ම් එකේද මෙවැනි ගුරැවරයෙකු සිටියා මතකය)

එදා තිබ්බේද වයලාගේ පීරියඩ් එකක්ය. සුපුරැදු පරිදි සෑමා ඇතුලු පහක් පමන වයලාගේ අනුමැතිය මත, අනෙක් දරැවන්ගේ සුභ සිද්ධිය උදෙසා පන්තියෙන් නීත්‍යානුකූලව එලියට බැස්සහ. බැස්සාට කරන්නට දෙයක්වත්, යන්නට තැනක් වත් නැත. පුස්ථකා‍ලයද තහනම් කලාපයක් වූ කාලයක එහිද යා නොහැක. කරන්නට දෙයක් නොවුන තැන මාකා, කොටා, කස්සා, අප්පුවා, සහ සෑමා සිටියේ ලතා ටීචර්ගේ විද්‍යාගාර හන්දියේය. එතනම ඩයියා ගේ (ඩයියා සහ බොකා කතාව කියවන්න) කැඩෙට් රෑම් එක සහ අපේ ටොයිලට්ටුව තිබිණ. විද්‍යාගාර හන්දියේ සිට එතනින් යනෙන කෙලිපොඩිත්තියන්ට විහිළු කිරීම සිරිතය. සමහර නංගිලා දුවන්නේ ටොයිලට් එකටය. එවිට අපේ එවුන් කටපුරා අසන්නේ "ආ නංගී.. කිරි මුහුද කලබන්න යනවාද?" නැතිනම් "ලග නමන්න යනවාද??" කියාය. පසුකාලීනව බොහෝ නංගිලා විකල්ප මාර්ග භාවිත කලහ.

සෑමා ඇතුලු පහේ කල්ලිය විද්‍යාගාර හන්දියට ප්‍රවිශ්ඨව ගත වූයේ සුළු මොහොතකි. පිනා එන බවට අනතුරැ ඇගවීම් ලැබෙන්නට දැනෙන්නට විය. විද්‍යාගාරයට එන මාර්ගය බලා සිටියදී හිස් වන්නට විය. කොල්ලන් එහෙන් මෙහෙන් දුවන්නට විය. නාලාගිරි හස්ති රජු මාර්ගයේ දිව එන විට (ඕලෙවල් නාලාගිරි දමනය කියවන්න) මිනිසුන් හිස් ලූ ලූ අත දුවන්නට වූවා සේ, මිනිසුන් අක් පයින් සිටගන්නට වූවා සේ, නොදනිත් දරැවන් ඇකයෙන් වැටුනා සේ, මින් රල විත් ගං වෙරලට රැස් වූවා සේ, (වැරදිලා ගුත්තිලයේ කොටසකුත් ඇඩ් වුනාද නොදන්නෙමි) බලා සිටියදී පරිසරයම නිහඩව නිසල වන්නට විය.

වයලාගේ නීත්‍යානු කූල අවසරය මත පන්තියෙන් පිටත් වූවද, පිනාට අසු වූ විට වයලා පන්තියෙන් දොට්ට දැමූ බව කිව නොහැක. එවිට වයලා මෙන්ම අප ද ගස්ය. කරන්නට දෙයක් නැත්තේය. දුවන්නට තැනක් නැත්තේම නැත. එකම එක තැනක් තිබින. මාකා උපදෙස් දුන්නේද "මචෝ පිනා කොහෙ ගියත් අපේ ගද ගහන ටොයිලට් එකට එන්නේ නැහැ, වරෙල්ලා ඒකට රිංගමු.." කියාය.

පිනා ලග ලග තම මොලකැටි දෙපා තබා පිය නගද්දී අප රිංගුවේ ටොයිලට්ටුවටය. දමන්නට මුත්‍රා බොක්කේ මුත්‍රා නැත. තටමනවා විනා කරන්නට දෙයක් නැත. පෝලිමට සිටගත් අප චූ කරන ලීලාවෙන් සිටියෙමු. කිසිවෙකු සද්ද නැත. කවදාවත් නැතිව විනාඩි 5ක් පමන චූකරන සෙයියාවෙන් සිටි අපටම චූ එපා වීය. කෙල්ලන් මෙන් ඉදගෙන සිටින ඉරියව්ව ඉතා අගනේය යැයි නොසිතුනාම නොවේය. පෝලිමට සිටින අතර  මාකා කීවේ "බලපං මගේ මොලේ පිනා ආවේ නැහැනේ" කියාය. ඒත් අපේ ඉරියව් අප එලෙසම තබා ගතිමු.
මචෝ පිනා කොහෙ ගියත් අපේ ගද ගහන ටොයිලට් එකට එන්නේ නැහැ
කටස් කටස් ගා සපත්තු හඩක් ටොයිලට්ටුව පැත්තෙන් ඇසී ක්‍රම ක්‍රමයෙන් අඩි සද්දය ලං වෙද්දී චටස් පටස් ගා වේවැල් පහර පිලිවෙලින් වදින්නට වූයේ පිනා කවදාවත් එන්නේ නැති ටොයිලට්ටුවට ඇතුලු වූ නිසාමය.

මුත්‍රා කරන්නට රිංගා පස්ස රතු කරගත් අප මාකාව පතුරැ යනතුරැ බැන්නෙමු. ඔහු එවර කියා සිටියේ.

"කමක් නැහැ බං පිනා අපේ ටොයිලට් එක මොන වගේද කියලා දැක්කෙත් මම නිසානේ. දැන්වත් ඕක හෝදලා පිලිවෙලක් කරයි" කියාය.

ඒත් එදා පිනා ටොයිලට්ටුවෙන් පිටත් වන්නට ඇත්තේ අපේ එවුන් බිත්තිවල ඇද තිබුන සිතුවම් හා කතන්දර පිරික්‍සීමෙන් අනතුරැවය.

Written by sAm_9.19pm_17.12.'11


19 comments:

  1. ලෙසටම ලියල තියනව. මංතුමා ඕලෙවෙල් පාස්වෙලා ඒලෙවෙල් කරන්න ඉස් ඉස්සෙල්ලම දවසෙත් මරු වැඩක් උනා. ඒ දවස්වල අපිට ඉස්කෝලෙට ඇතුල්උනාට පස්සෙ එලියට ඒම සපුරා තහනම්. ඔය කියන දවසෙත් මම ගෙදර ඉදල එනකොට අපේ එවුන් තුන්දෙනෙක් එලියෙ ඉදල මාත් එක්ක ඇතුලට එන්න ආව. ඈතතියාම දැක්ක විදුහල්පතිතුමා ගේට්ටුවලග ඉන්න බව. ඉතින් අපි කලේ මගේ අතේ තිබුන අලුත්ම පොත් හතර එක ගානෙ බෙදාගත්ත එක. වැඩේ කියන්නෙ පින්සිපල්තුමා වැඩේ දැක්ක. ලගට ආවම කස්ටියගෙන් ප්‍රශ්නකලා. අපි කවුරුත් කිව්වෙ ගෙදර ඉදල එන්නෙ දැන් කියල. ඊට පස්සෙ උන්නැහේ කලේ ෂර්ලොක් හෝම්ස් වගේ කොපි පොත්වල නම හොයනඑක. ඒත් එකකවත් මගේ නම නෑ. අලුත්ම පොත්නේ. මිණිහට සෙකන්ඩ් වෙන්නත් බෑනෙ. එවලෙම කිව්ව තමතමන්ගෙ නම් ලියපල්ල කියල. ඔයවගේ කතා සෙට් එකක්ම තියනව. පස්සෙ කියන්නං.
    එතුමා දැං ඉන්නෙ අපේ ඔපීසිය කිට්ටුව. පැන්ෂන් එක හදාගන්න ඇවිල්ලත් මම තමයි උදව් කලේ. කොච්චර ගැහුව බැන්න උනත් අපේ සර්නෙ. එතුමා දැන් මාත් එක්ක බුදු ෆිට්.

    ReplyDelete
  2. O/L කොයිතරම් හොඳට කලත් A/L වලට කෙලවෙන්නෙ දන්නෙම නැතුව. කොහොම උනත් ඒ තමයි සුන්දරම පාසල් කාලය. “අපේ වයලට් ටීචර්ගේ කටහඩේ උපරිම සංඛ්යා තය සෑමාගේ කන් බෙරයේ සංඛ්යා.තයට සමාන වූ නිසා වයලා උපරිම සංඛ්යාරතයෙන් කෑගසන විට සෑමාගේ කන් බෙරය අනුනාදයට ලක්වූ අවස්ථා අසීමිතය. “ හොඳම හරිය..

    ReplyDelete
  3. සිරා කතාව මච0. සමනලය අද තමයි උඹේ බ්ලොග් එක දැක්කෙ. දිගටම කියවනව දැන්නම්..ජය වේවා..

    ReplyDelete
  4. විශයේ වැරැද්ද බං! හික්ස්! කොච්චර කියල දුන්නත් තේරෙන එකක් යැ!

    ReplyDelete
  5. ඉතින් ප්‍රින්සිපල් ටෝය්ලේට් එක හෝදලා නාද අනෙත් දවසේ හැංගෙන්න

    ReplyDelete
  6. රාජ් මහතා-
    //ඒ දවස්වල අපිට ඉස්කෝලෙට ඇතුල්උනාට පස්සෙ එලියට ඒම සපුරා තහනම්// ඇයි බං දැන් කාලේ එලියට යන්න දෙනවද? :)

    කො‍හොමත් ඒලෙවල් කාලේ අපි පොත්වල නම් ලිව්වේ නැහැ නේද, ඒක නිසා ගොඩ නැත්තම් රාජ් විනාසයි..

    සර්ල එක්ක පිස්සු කෙලියට සමාජෙට ගියාට පස්සේ ලෝබ නැතිව උදව් කරන එක නියමයි බං. රාජ් කොලුව ප්‍රින්ස් උන්නැහැ සෙට් කරගත්තේ මිණිබිරියක්වත් ඉන්නවද? :)

    ජය ශ්‍රී (උබේ දස දහසට නැවත උත්තමාචාරය..)

    ReplyDelete
  7. ravinumal- ස්තුතියි සහෝ.. හැමෝගෙම ජීවිත වලට පොදු සිදුවීම් පෙලක් සිද්ධවෙන්නේ ඉස්කෝලෙ කාලේ තමා..

    ජය ශ්‍රි.. ස්තුතියි මේ පැත්තේ ආවට..

    ReplyDelete
  8. සමනල් පැටියා-
    අපිත් ඒ පැත්තෙ එනවා සමනල් පැට්ටා බලන්න..
    ජය ශ්‍රි.. ස්තුතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  9. Sabith- සිරාවට.. අපේ වැරද්ද නෙවේ මම හිතන්නේ විෂයේ වැරැද්ද..

    අසරණයා- එදා ඉදන් අපි එනකොට ප්‍රින්සිපල් හැංගුනේ ටොයිලට්ටුවේ.. :)

    ජය ශ්‍රී දෙන්නටම...

    ReplyDelete
  10. @සබිත් : ඒකනම් ඇත්ත මචන්. අපිටත් බද්දෙ කියල දුන්න කිසිම දෙයක් මීටර් උනේ නෑ. හැබැයි එකෙක් හිටියා අපේ සෙට් එකේ, ඌ කම්බයින්ඩ් මැට්ස් ක්ලාස් එකේදිත් කරන්නෙ බෙන්සීන් වලල්ල අදින එක. ඌටත් කෙමිස්ට්‍රි වලට එස්..

    @සෑම් : තෑන්ක්ස් මචන්..

    ReplyDelete
  11. @සමනල් පැටියා- ගොඩක් එවුන් බෙන්සීන් ඇන්දේ ඇඩ් එකට බං, කේසි‍රි සර්ගෙ ක්ලාස් ගිය එවුන් (අපි ‍වගේ) කාබනික රසායනය මිරිකල වතුර බීපු එවුන්. මොනව බැරි වුණත් පරිවර්ථන පුළුවං..

    ජය වේවා..

    ReplyDelete
  12. හප්පේ එළ සීන් එකක් නේ...ලියලා තියෙනවා නියමෙට..මේ භාසාව තමයි එළ ඈ.....කොහෙන්ද බං මේ ගුත්තිලේ කවිටික හොයා ගත්තේ..හික් හික් ....එළ

    ReplyDelete
  13. ඔබ නොදුටු ලොවක්- මට ඒ කවි තාම මතකයි බොලං.. ට්‍රිප් යද්දී රැප් කරන්න පාවිච්චි කරන්නේ ඒ කවි තමා.. හිකිස්...

    ස්තුතියි.. ජය ශ්‍රී..

    ReplyDelete
  14. මාර සීන් එකනේ බන් අපේ කෙමිස්ට්‍රි සරුත් ඔහොම්ය් . අපි පස් දෙනෙක් හිටියා අපි එලියට දානකම් පොර පාඩම පටන් ගන්නේ නෑ. අපිත් ඉතින් අනිත් උන් ඉගෙන ගන්න ඕන නිසා එලියට බැහැල යනවා
    එහෙම ගිහින් කපු චාටර් අනන්තය් අප්ප්‍රමනය්.

    ReplyDelete
  15. අඩො උබ SDCC එකෙක් නේද? උබේ කතාව කියෙව්ව්යින් පස්සේ ඉස්කෝලේ ගිය කාලේ මතක් උනා..

    ReplyDelete
  16. ඇනෝ- සිරාවට මේක සබ්ජෙක්ට් එකේ අවුලක් වගේ.. :)

    ReplyDelete
  17. කැළණිතිස්ස- ‍කොල්ලා ඒ පැත්තේ වගේ.. උබ කිව්වා හරි..

    ReplyDelete
  18. මාත් ඔය ක්වි තිතක් සිරි සර් ලඟට ගිහින් තමයි කෙමස්ට්‍රි ගොඩ දාගත්තේ. නැත්නම් ඉතින් ඇණ තමා. අපේ මිසුත් ඔහොම පොතක් පිටින් කියවලා ඉගැන්නුවා.

    ReplyDelete
  19. මධුරංග - අනේ මන්දා බං විෂයේ වරද තමා මම හිතන්නේ :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...