Friday, March 30, 2012

වැලහින්නකට පෙම් බැදිමි..... (4 කොටස)

මෙතෙක් කතාව... 

රතියට ‍ලොල් ලසදා පැණි බීම කරත්තකාරයා සමග ගම හැර යද්දී සිරිමෙවන් දරුවා සමග නිවසේ තනිවේ. මී කැඩීමට කැළයට යන සිරිමෙවන්ට වැලහින්නකගේ අතවරයකට ගොදුරුවන්නට සිදුවේ. සියල්ල අවසන නිවසට එන සිරිමෙවන් දරුවා සමග නිවසේ තනිවේ. රාත්‍රියේ නිවසට එන්නේද වැලහින්නමය. වැලහින්නගේ සෙනෙහස මවගේ සෙනෙහස යැයි රැවටී නිවසේ දොරගුලු හරින්නේද සිරිමෙවන්ගේ පුත්‍රයාය. එදින රාත්‍රියද සිරිමෙවන් ගෙවන්නේ වැලහින්න සමගය. 

සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (1 කොටස) මෙතනින් කියවන්න.
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (2 කොටස) මෙතනින් කියවන්න. 
සවිස්තරාත්මකව වැලහින්නකට පෙම් බැදිමි..... (3 කොටස) මෙතනින් කියවන්න.

වැලහින්නට තුරුලුව නිදා සිටි තම පුතා දෙස බලා සිටි සිරිමෙවන් අවසන පුතු ඇමතුවේය. පුතු තුරුලෙන් මිදෙද්දී වැලහින්නගේද නින්ද කැඩින. ඇයද නැගිට වටපිට බැලුවාය. සිරිමෙවන් පුතු සමගය. පුතු ද සිරිමෙවන්ද ඇරුණු දෙනෙතින් වැලහින්න දෙස බලා සිටිති. 

"තාත්තේ.. අපි මෙයාව තියා ගමු" මව් සෙනේ නොලද පුතු වැලහින්නකගේ සෙනේ වටහා ගෙන ඇත්තේ එලෙසය.

"මේකව ගෙදර තියා ගන්න. බොට පිස්සුද? ගමේ එකාල මට පද හදයි. ලසද එක්ක නිදා ගන්න බැරි වුණ එකා වැලහින්නක් ගෙදර තියාගෙන ?" ඉර හැරෙන්නට පෙර නැගිට පියඹන කුරුලු රංචුවක් මෙන් පුතුට පිළිතුරු දෙන්නට පෙර සිරිමෙවන්ගේ සිත වැඩ කළේය.

"අනේ පුතේ.. මේකා හරි වස සතෙක්.. ඒක නිසා ගෙදර තියා ගන්න බැහැ නොවැ.."

"අනේ තාත්තේ.. මට අම්මත් නැහැ.. තාත්ත කැලේ ගියාම මට තාත්තත් නැහැ. තාත්ත කැලේ නොගියොත් අපිට කන්නත් නැහැ." ගෙදරින් හොරකම් කරගෙන හෝ හොර බැළලියක් තම බලල් පැටවාට කිරි පොවන්නා බව පැටවා දනී එලෙසම සිරිමෙවන්ගේ පුතු තම පියා විදින දුක දනී. පුංචි සිතට ගැඹුරු අදහස් ගැලුවේ ඒ නිසාමය.

"මේකා මොනා වුණත් මේ ගෙදර ඉන්නේ නැහැ.. බොලාට ඕනෙ නම් මම අම්මව ගේන්නම් මොන ලෝකෙන් හරි..." සිරි මෙවන් කෑ ගැසුවේය. වැලහින්න පෝදාට පන්සලේ සිල් පවාරනය කොට ගෙදර යා ගත නොහැකිව හිදගෙන සිටින සිල් අම්මා කෙනෙක් මෙන් බිම හිදගෙන බලා සිටින්නීය. ඒ දුටු සිරිමෙවන්ට  යකා ආවේශ විය.

"ඈ යකෝ තොට මම දීපු ඒව මදිද තොට.. පල මගේ දෑහට නොපෙනී.." දෙවරක් තමාව දූෂණය කළ වැලහින්නට තවත් සමාව දිය නොහැක. පුතුට මව් ඕනේ නම් නාඩි වැටෙන කුමන හෝ මනුස්ස ගැහැනියක් ගෙදර ගෙන ආ හැකි මුත් වැලහින්නක් ගෙදරක රදවා ගත‍ නොහැක. සිරිමෙවන් තම අතට අහුවූ පොරොව ඉහලට එසවූවේය. වැලහින්න මෙවර බැලුවේ සානුකම්පිත හැගීමකිනි. එහෙත් සිරිමෙවන් පොරොව පහත නොදැම්මේය.

"අනේ තාත්තේ..." කියමින් සිරිමෙවන් ගේ පුතු බදා ගත්තේ සිරිමෙවන්ව නොව වැලහින්නවය. සිරිමෙවන්ගේ ඇස් දෙක උඩ ගියේය. තම තරහව දෙගුණ තෙගුණ වුයේය.

"ඒ ගමන මේ පොඩි එකත් අම්ම වගේ වෙන්න හදනවා. ඒකිටත් මට වැඩි පස්සෙ ආපු පැණි බීම කරත්තකාරයෙක් ලොකු වුණා, දැන් මේකටත් කොහෙන්ද පාත් වුණ වැලහින්නක් ලොකු වෙලා" සිරිමෙවන් බක් මහට පෙර වැස්සක අකුණු සැරයක් සේ සිගිති පුතුගේ දෙපා මුලට පාත්විය.

පුතු වැලහින්න තරයේ බදාගෙන සිටියදී සිරිමෙවන් පොරව පැත්තකට දැම්මේය. වැව වැස්සට වාන් දැම්මද එහි සිටින මාළු වැව් බැම්මට උඩින් පනිනවාට වැව පවා අකැමැතිය. එසේම තම තරහව පුතුට හානියක් වනු දැකීමට සිරිමෙවන් අකැමැතිය. එසේම ගමේ එකාලාගේ කතන්දර, පොඩි පුතාගේ ආදරය අමතක කරන්නට නොහැක්කේමය. කිසිවක් සිතාගත නොහැකි සිරිමෙවන් ගෙමිදුලට බැස බිම ඇණ තියා ගත්තේය.

රාත්‍රිය ගෙවුනේ පුතුට කරදර වේ යැයි බියෙනි. දැන් එහෙව් බියක් නොමැත. තමා සමග රති ක්‍රීඩා කළද එහිද වෙනසක් නැති බැව් සිරිමෙවන් ගේ සිතට වඩා සිරිමෙවන්ගේ ගත පවසයි. එහෙව් කලෙක වැලහින්න බින්න බැස්සාට වරදක් නැත. එහෙත් පහල ගෙදර වික්‍රමගේ අම්මා ගම ගිණි තියනවා නිසැකය. ලසදා සමග ගත කළ රැය ගැන පවා ඇය දැන සිටියේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්ය. එහෙව් ගෑණියෙක් වැලහින්කගේ පෙමක් ගැන ගමම අවුළනවා නිසැකය. සිරිමෙවන් මිදුලේ බැද සිටි හරක් තඩියා දෙස බලමින් කල්පනා කලේය. ඇත්තටම සිරිමෙවන්ට සිටි හරකෙක් නැත. ඒ හරකා පොල්පිති ඔලුවෙන් කපා ලණුවෙන් ගසක බැද සිටි තම පුතුගේ පොල්පිති හරක් පෝතකයාය.

ගමේ පන්සලේ පිංකම් කාලෙට සිරිමෙවන් ‍වැවේ කිමිදෙන්නේය. ඕලු, නෙළුම් මල් සොයමින් ජලය කළඹන්නේය. ඒ හැර සිරිමෙවන්ගේ සිත කිසිදාක කැළඹුනේ නැත. මේ වැලහින්න ආ දා සිට තම සිත රාගයේ හා ද්වේශයේ වෙලෙමින් අනාථව සැරිසරන්නේය. වැව අසල ගස්වල සිටි පිළිහුඩුවන් මාළු දුටු කළ ක්ෂණිකව පහල බසින්නේ යම්සේද එලෙසම වැලහින්න සහ දරුවා නි‍වසේ තනි වූ බව සිරිමෙවන්ට ක්ෂණිකයෙන් මතක් විය. පය පැටලෙමින් සිරිමෙවන් නැගිට ගත්තේය.

කූඩලු කරලක් ඇගිලිතුඩින් පොඩි කර පටස් ගා පුපුරන ඇසිල්ලේ සිරිමෙවන් නිවස තුලය. පැදුර තිබ්බ හැටියේම එතනමය. පැදුරටත් නොකියා වැලහින්න පිටුපස දොරින් පිටමංව ඇත. පොඩි පුතුද පේන්නට නැත. පෙර දින රැයේ පුතු විසින් වැලහින්නට ගෙට එන්නට ඇරිය දොරින්ම දෙදෙනා පිටත් වූ හැටියක් පෙනේ. සිරිමෙවන් ලසදා නවැස හැර ගියාට වැඩි සොවින් රත් වෙන්නට විය. දරගත නොහැකි කම්පනයෙන් සිරිමෙවන් වෙවුලන්නට විය.

"පර...වැලහී.. මේක මගේ පොඩි එකා අරන් ගිහිං හිටු මම තෝ තියන්නේ නැහැ. ඇයි යකෝ තොට මාව ඕනේ නම් මගේ පන වගේ ඉන්න එකාගෙන් පලි ගන්නේ..." සිරි මෙවන් කියවන්නට විය. ගමට ඇසෙන්නට කෑ ගැසීම අනුවණ බව හේ දනී. ලසදා ගිය විට පවා තමා නිහඩව සිටි මුත් ගමම දෙවනත් විය. එහෙව් එකේ තමා කෑගැසුවොත් ප්‍රතිඵළ දරුණු බැව් සිරිමෙවන්ගේ සිත් දනී.

සිරිමෙවන් කිසිත් සිතා ගත නොහැකිව එලියට බැස්සේ වැලහින්න ගිය මගක් සොයා ගන්නටය. එදා තමා කැලේ මැදදි මුලින්ම හමු වූ තැනට යාම උචිතය. ඒ අවට මේ වැලහින්න සිරි සරනවා විය හැකිය. මහ වනය තමාට නිවස බදුය. එහෙත් තෙරක් නොපෙනන විලක අසරණව සරණ මල්පුලුට්ටෙකු මෙන් ආතක් පාතක් නැතිව සිරිමෙවන්ට වනය පුරා ඇවිදන්නට විය. එදා හමුවූ තැනද ඇය නැත. ඒ අවට පුරා සැරි සැරුවද වැලහින්න නැත්තේමය.

ගසක අත්තක් කැඩුන පාටක්, අඩි සළකුණක් වත් ඉවකර ගන්නට සිරිමෙවන්ට නොහැකි වූ තැන නැවත හැරෙන්නට වූයේය. ඇදිරි වැටෙන්නට පෙර වැලහින්න නිවසට එනු නොඅනුමානය. ඇයට දරු සෙනේ නැත්තේමය. දරුවාට මව් සෙනේ දැනුනද ඇයට ඇත්තේ තණ්හාවය, රති කාමයමය. එහෙව් වැලහින්න රාත්‍රියේ තමා හමුවට එනු නොඅනුමාන බැවි සිරිමෙවන් දනී. තවත් කල් නොහැර නිවසට යාමට සිරිමෙවන් සිතුවේය.

වවුල් තටු සැලෙන හඩ, කළාමැදිරි එළි, ගෙම්බන්ගේ සැරසිලි නිවස වටලා සිටියද සිරිමෙවන් ගෙමිදුලේ ඇණ තියාන බලා සිටියේ අදුරු පරිසරයට දෙනෙත් ‍යොමාගෙනය. දරුවා මහ වනයේ අනතුරකට ලක් වේදෝ සොවින් හෙතෙම වැලහින්න සමග කුපිතව සිටියේය. අවට අදුර මැකෙන්නට කවදාවත් නොමැතිව ලාම්පුවක් එල්ලන්නට සිරිමෙවන්ට සිත් වූයේය.

ගෙතුලට ගොස් ලාම්පුවක් දල්වා එළියට එන ‍කලෙක මිදුලෙන් අදුනේ වැලහින්නගේ රැවයි. සිරිමෙවන් අතෙහි තිබි ලාම්පුව කරකවා වැලහින්නට දමා ගැසීය. කම්බි කැබැල්ලෙන් ගැටගසා තිබි ලාම්පුව කැරකැවී ගොස් නිවස දෙසට වැටෙද්දි වැලහින්න ඉදිරියට පැන සිරිමෙවන් පෙරලා ගත්තීය. සිරිමෙවන් මෙලෝ සිහියක් නැතිව බිම පෙරලින. වැලහින්න සිරිමෙවන් මිදුලට ඇදගෙන ගියාය.

මොහොතින් සිරිමෙවන් හිස ඔසවා බැලුවේ සිහි මද ගතියෙන්ය. එසේ හිස එසවූ සිරිමෙවන්ට හැගුනේ වැලහින්නගේ උකුලේ තම හිස රදවා ඇති බවකි. ඈතින් මහා එලියක් වැටෙන බැවි හැගී සිරිමෙවන් බැලුවේ නිවස දෙසයි. ගිණි දැල් නංවමින් පිදුරු සහිත වහලය දැනටමත් භාගයක් ඇවිලී ගොසින්ය. පරාල ලෙස තබා තිබි අමු කෝටු කැබලි ගින්දරට තවත් රුකුල් දෙමින් දැවෙන්නට විය. සිරිමෙවන් කදුළු පිරුණු දෙනෙතින් වැලහින්නට කෙදුරුවේය.

"ඇයි උඹ මට මෙහෙම කරන්නේ. මගෙ පොඩි එකාවත් කැළේ අතරමං කරලා.. දැන් මගේ ගෙදරත් විනාස කලා.."

....මතු සබැදි....

58 comments:

  1. Replies
    1. ටෝටලි කන්ෆියුස්ඩ් ද ?

      Delete
  2. අපොයි පොඩි එකාට මක් වුනාද??

    ReplyDelete
    Replies
    1. හොද පොඩි එකා.. ඒකා හැදිල තියෙන්නේත් අම්ම (ලසදා)වගේම තමා..

      Delete
  3. එළ බන්.. නියමයි.. ඔය උපමා උපමේයන් උඹට කොහෙන්ද බන් එන්නෙ.. ?

    තාම හිතාගන්ඩ බෑ මොන හරුපයක්ද මේ කියලා...

    ReplyDelete
    Replies
    1. උපමා එන තැන මටත් හිතා ගන්නට බෑ මචං.. මම හිතන්‍‍‍ෙන් ඇගිලි තුඩින් එන්නේ.. :)


      කතාව ගැන හිතලා අවුල් වෙන්න එපා කොල්ලා.. ඊලග එක කියවලම බලමු

      Delete
  4. අනේ ඇත්තටම ඇයි මේ වැලහින්න සිරිමෙවන්ට වද දෙන්නෙ? කාගෙද මූ...
    ඇත්තම කිව්වොත් මේ හරුපෙ මොකද්ද කියලා මටත් මීටර් නෑ බොලේ...

    ReplyDelete
    Replies
    1. සිරිමෙවන් පව්ය.. දරුවාද පව්ය..

      කතාවෙන් අසරණව කල්පනා කරන අපේ එවුන් ඊටත් වැඩිය පව්ය..

      ස්තුති :))

      Delete
  5. සිරිමෙවන් කැළේට දක්කන්නද හදන්නෙ වැලහින්න..........

    ReplyDelete
    Replies
    1. හ්ම් දැන් තේරෙනවා ඇති නේද ?

      Delete
  6. හපොයි.....මාල කොන්ෆියුස් හලේ......:(

    ReplyDelete
  7. වැලහින්න ගෙටත් ගිනි තියලද? දැන් ඉතින් ඊළඟ දවසෙත් එන්න එපැයැ ඉතුරු හරිය දැනගන්න..

    ReplyDelete
    Replies
    1. තව ස්වල්පයකින් ඉවර කරනව මචං..

      ආයෙ එන්න.. :)

      Delete
  8. හ්ම් ..කතාව යන්නේ මම තුන් හිතකින්වත් හිතූ නැති විදිහට .. නිමයයි සැමා ඔහොම්ම යං ..

    ReplyDelete
    Replies
    1. ස්තුති සදරු... මම දන්නව බොලා මේ කතාවට මනාපයි කියල.. ;)

      Delete
  9. මොකක්ද බොලේ වෙන්න යන්නේ දැන්නම් මුකුත් හිතාගන්න බෑ අප්පා.... මේ දකින්නේ හීනයක්ද කියලා තමා අහන්න හිතෙන්නේ ඒත් බොලේ මෙච්චර දිග හීනයක් දකින්නේ කොහොමෙයි... වැලහින්නි මුලින්ම දැක්ක තැන ඉඳලා මේ වෙනකන්ම හීනයක් වෙන්න ඕනේ එහෙනම්... මඤ්ඤං වී සිටිමි... ගිනිගන්න එක හීනෙන් වෙන්න බෑ නේ... මොකක්ද වෙන්නේ කියාපියෝ

    ReplyDelete
    Replies
    1. සිහින නැත ගැමියෝ.. මේක සිරා කතාවක්.. නින්දක් නැහැ.. හීන කොහෙන්ද එතකොට.. :))

      ඊට පස්සෙ මොකද වුනේ දන්නවද ඔයා... ?

      ඊට පස්සෙ (කවුද බෝයි) සිරිමෙවන් ගැන කතන්දරේ.. කියනවා මං අහං ඉන්නකෝ දැන්..

      ස්තුති ස‍හෝ !

      Delete
  10. හීනයක්ද කියලත් හිතෙනවා.....;)

    ReplyDelete
    Replies
    1. නැහැ... ද සිහින නෙවේ.. :))

      Delete
  11. කලින් කොටසට වඩා කතාව ගිය පාර වෙනස් වෙලා.. බලමු මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. හැම දේම වෙනස් වුනත් හොද දෙයක් වෙන්න කියල පතමු මචං..

      Delete
  12. මේක මොන වර්ගයක කතාවක්ද ඇ .........

    ReplyDelete
    Replies
    1. සම්මතයෙන් පිටයි.. නමුත් මාරයි :))

      Delete
  13. අනේ කවුරුවත් නැද්ද සෑම්ගෙ ඇඟට හොඳ ඇල් වතුර බාල්දියක් හලන්න..??

    ReplyDelete
    Replies
    1. හප්පේ මම නාන ලමයෙක් බොල.. මෙයා මාත් එක්ක මාර තරහක් තියෙන්නේ..

      හීනයක් නෙවේ මේක ඇත්තක්.. ඇත්තම ඇත්තක්.. ;)

      Delete
  14. හප්පා මාර සීන් එකක් නේ ඒපාර...සිරිමෙවන්ට වැලහිනි දීගේ කන්න කැලේටම යන්න වෙයිද...හිතාගන්න බෑ සැමෝ....කථාවනං එළ ඈ.....

    ReplyDelete
    Replies
    1. අලේ මන්දා.. පව් බං සිරියා.. හිත හොද එකා.. :))

      Delete
  15. මොකක්ද බං ඒ වුනේ.මහා නරක වැලහින්නක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මම හිතුවා ඒකි ලසදට වඩා හොද වෙයි කියලා.. ඒත්.. :((

      Delete
  16. දැන්නම් ඇහැරෙන්න වෙලාව හරි වගේ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනේ. හීනයක් නෙවේ මචං..

      Delete
  17. ලෙසටම ලියලා තියනවා....
    ජය වේවා!!!!!!!

    ReplyDelete
  18. මේ වගේ කතාවක් ජීවිතේටමද ඇහුවද කොහෙදෝ....
    අමුතුම විදියේ කතාවක්. කියවගෙන යන්ට හිතෙනවා.

    ඔයාගේ තාත්තා ඩබ්ලිව්. ඒ . සිල්වා නෙමේ කියලා ෂුවර්ද? :D

    ReplyDelete
    Replies
    1. මාත් මෙහෙ‍ව් එකක් ලිව්වම නොවැ... මුලදි එපා වෙලා හිටියේ. හොද ප්‍රතිචාර නිසා සහ කියවන දෙතුන් දෙනෙක් වෙනුවෙන් ලියන්න ගත්තේ...

      ස්තුති !

      සිල්වා නොවේය. අපි පෙරේරාමය... :))

      Delete
  19. හපොයි දෙයියනේ අසරණ සිරී‍ට මොනා වෙයිද???

    ReplyDelete
    Replies
    1. සිරීගේ සිත සීරී ඇත. ඒ සීරීම තුවාලයක් දක්වා උඩු දුවයිද සැකය.. :))

      Delete
  20. හ්ම්..... අනේ මන්දා ඔහොම යං.. දැන්නම් හති වගේ...

    ReplyDelete
    Replies
    1. හති කිව්වේ.. කියවලද ? නැත්තං.. :)

      හති කෙසේ වෙතත් තුති මචං..

      Delete
  21. මෙය සිහිනයක් වනනේනම් මුළු ප්‍රයත්නයම අසාර්තක වේ. කතාව සිහිනය - මායාව හා යතාර්ථය අතර දෝලනය වනු පෙනේ. දැන්නම් මට ද මඥ්ඤංය.එහෙයින් නිහඩ වෙමි-ඉවසමි,
    නුඹලා ද ඉවසපල්ලා...

    ReplyDelete
    Replies
    1. සිහිනයක් ලෙස කතාවක් ලීම තරම් කුප්ප වැඩ සෑමා කරන්නට අකැමැතිය. ;))

      එතකොට කියවන එවුන් පව් මචං..

      තුති !

      Delete
    2. හරියටම හරි.
      මමත් හොදටම දන්නවා මේක සිහිනයක් නෙවෙයි කියලා.
      මම එහෙම ලිව්වෙ "සිහින"යක් ගැන සැක කරන අනෙක් සගයන්ට එහෙම නෙවෙයි කියලා තහවුරු කරන්න සහ කතාවට ගලගෙන යන්න ඉඩ දීලා ඉවසගෙන ඉන්නයි කියන්නයි.

      Delete
  22. Replies
    1. මාරම නැහැ ඕයි !

      මට මාරයා මතක් වුනේ.. හිකිස්..

      Delete
  23. වැලහින්න හදන්නෙ එයාගෙ ගෙදරට සිරිමෙවන් එක්ක යන්න වගේ..එතකොට ගමපුරා කට කතා පැතිරෙන්නෙත් නෑනෙ.. ;)

    ReplyDelete
    Replies
    1. අප්පේ මෙයා මොනා කියනවද මන්දා...

      බලමු බලමු මොකෑ වෙන්නේ කියලා..

      Delete
  24. මේක නම් පට්ට කතාවක් බන්.කොහෙන් හොයාගත්තු උපමාද මන්දා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං.. :))

      ස්තුතී !

      Delete
  25. මේකත් උඹේ වල් හිතට කවි පොඩ්ඩක් වගේ එකක් වෙයිද දන්නේ නෑ. දාන කමෙන්ට් එකක් ටිකක් පරිස්සමින් දාන ඒක ඇගට ගුණ වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ එහෙම කැත සීන් කොච්චර වුණාද බොල දැනටමත්... :))

      Delete
  26. මොන හරැපයක්ද බං.. මම බට ලයිට් ද නැත්තම් කථාව බට ලයිට් ද මන්ද..

    ReplyDelete
    Replies
    1. බොලා මුල ඉදල‍ බැලුවෙ නැත්තං තේරුම් ගැන්ම අපහසුයි.. :))

      Delete
  27. පව් අසරණ වැලහින්න. සිරිමෙවන් වගේ එකෙක්ටත් අහු උනානේ. (මෙය කියවා මොලය විකාර වී ඇති බැවින් හා තේරුම් ගැනීමට නොහැකි බැවින් ඔන්න ඔහේ මට හිතුන විදියකට හිත ගත්තා.)

    ReplyDelete
    Replies
    1. නැහැ බොල සිරිමෙවන් තාම වැලහින්න වගේ එකියකට අහුවුනේ. සිරිමෙවන් දරුව ගැන හිතල තමා එහෙම කලේ..

      :((

      Delete
    2. හරි බොල මම බොලුවට කිව්වේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...