Thursday, March 28, 2013

අපේ සතුට ඈට කොයිද? It Says "Yashodha Needs You"


පහවසර නම් පට්ට ආතල්ය. පන්තිය පුරා දගලමින් සිට අපි ඉන්ටර්වල් එකේ එළියට පනින්නේ සෙල්ලම් කිරීමටය. 5 වසර බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ අපේ පන්තිය පිහිටියේය. ඒ නිසා ඉන්ටර්වල් එකට බෙල් එක ගැසූ සැනින් අප පඩිපෙල දිගේ පහළට දිව ආවේ එක මිනිත්තුවක් වත් අපතේ නොයවා සෙල්ලම් කිරීමටය. ඉන්ටර්වල් එකේදී කැමට පෙට්ටියක දමා අම්මා එවන කෑම එක පවා අපි ඉන්ටර්වල් එකට කලින් පීරියඩ් වලදී හොරෙන් කෑවේ සෙල්ලම් කිරීමට කාලය ඉතිරි කර ගැනීමටය. බෙල් එක ගැසු සැනෙකින් පඩි පෙළට පනින්නේ ඒ ඉතිරි කර ගත් කාලය තවත් ඵලදායී කර ගැනීමටය. මට මතක හැටියට පඩි පෙළ අඩි 5ක් වත් පළලය. එහෙත් ඒ අඩි පහ අපට ප්‍රමාණවත් නොවුනේ අප ඒ කාළේ ප්‍රමාණයෙන් විශාල වූ නිසා නොව, එක පොදියට පඩිපෙල බසින්නට පොර කෑ නිසාය. 

කොට කලිසම් ගැසූ කොල්ලෝ සහ ගවුම් හැද ගත් කෙල්ලෝ කියා අපට වෙනසක් තිබුණේ නැත. කොල්ලෝ දුවන විට කෙල්ලෝ අප පිටුපසින් දුව ආවේ අපව අල්ලා ගැනීමටය. එසේම උන් දුවද්දී අපේ උන් පස්සෙන් දිව්වේ උන්ව අල්ලා ගැනීමටය. අපෙ විදුහලේ තිබූ මහා කෝන් ගස ටයිම වන අතර ඒ අසල තිබු පොල් ගස වයිම වූයේය. ටයිමට එන කෙල්ලන් බදා ගෙන නවතා ගන්නටත්, වයිමේ සිරව සිටින කෙල්ලන්ට නැවත අත දීමට එන කෙල්ලන්ව වලකා ලන්නටත් අප පොර කෑවේ ඉතා සතුටින්ය. දැන කාලේ උන්ව බදා ගන්නට ගියොත් එකම විනාශයක් වෙනවා ෂුවර්ය. ඒ නිසා ඒ කාලේම සිටියා නම් හොදයි කියා විටෙක සිතෙනු සාධාරණය.

අපි ලැබූ ඒ සතුට ඇයට තිබුණේද? අපි එලෙස සෙල්ලම් කරද්දී එක දිනක් ඔබ කකුලක් තුවාල වී පාසල් පැමිණියේ නම්, එදින ඔබ පන්තියේ කොනක තනිවනු ඇත. පන්තිකාමරයේ යකඩ දැලෙන් පිටත සෙල්ලම් කරන ලමුන් දිහා බලාගෙන සිටිනු ඇත. විටක ඔබේ හිතවත්ම මිතුරා හෝ මිතුරිය ලගින් සිටිනු ඇත. එවිට ඔවුන් මෙසේ කියනු ඇත.

“අද ඔයාට සෙල්ලම් කරන්න බැහැනේ.. පන්තියේ තනියම නිසා මම ලග ඉන්නම්..“





ඇය යශෝධාය. කිරිබත්ගොඩ විහාරමහාදේවියේ ඇය උගත්තීය. 1997 ඔක්තෝබර් මාසයේදී ඇයට ලියුකේමියාව වැලදී ඇති බවට වැරදි රෝග විනිශ්චයක් ලැබෙන අතර විවධ ප්‍රතිකාර සදහා ඇයව මහරගම පිලිකා රෝහලට යොමු කරන ලදී. පහ වසරේදී අධ්‍යාපනයට ඇති ඇල්ම නිසාම ශිෂ්‍යත්වයට පෙනී සිටි ඇය ඉන් ඉහළ ලකුණු ගත්තද 1999 වසරේදී ඇගේ ඉනෙන් පහළ කොටස සම්පූර්ණයෙන් පණ නැතිව යන්නේ වසරක පමණ කාලයක් ඇයව එක්තැන් කරමින්ය. පසු කාලීනව අනෙකුත් රෝගි තත්ව ඇයගෙන් පහව යද්දී අප්‍රාණික වූ පහළ කොටස නිසා ඇගේ දකුණු උකුල් ඇටයද පනින්නේය. රෝද පුටුවක සරණින් ජීවත් වූ ඇය 2005 වසරේදි නැවත වෛද්‍ය ප්‍රතාකර සදහා යෙමු වන්නීය. එවිට ඇය කොදු ඇට පේලිය ඇදවීමේ රෝගයට (Kypho Scoliosis) ගොදුරුව ඇති බවත්, ඒ සදහා පැළදීමට සුවිශේෂී වු ජැකට්ටුවක් (Corset) ඇයට වෛද්‍ය නිර්දේශය විය. එහෙත් කොදු ඇට පේලිය දිනපතා ඇද වූ නිසාත්, උකුල් ඇටයේ වැරදි පිහිටීම නිසාත්, ඇය දුෂ්කරතා රැසකට මුහුණ දුන්නාය. දිනෙන් දින වකුටු වන කොදු ඇට පෙළ ඇයගේ පෙනහලුවලට බාධාවක් ඇති කළේය. බොහෝ වෛද්‍යවරු කීවේ මේ සදහා සැත්කමක් කිරීම අපහසු බවක්ය.

ඇය තනිවම මේ සදහා ප්‍රතිකාර සෙව්වාය. ඒ අතර ඉන්දියාවේ ඇපලෝ රෝහලේ Dr. Sajan Hegde මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මේ සදහා වන සැත්කම් ඉතා සාර්ථකව සිදු කරන බව ඇයට සොයා ගන්නට හැකි වූවාය. උක්ත වෛද්‍ය පිරිස ලංකාවට පැමිණි අතර වාරයක ඇය ඔවුන් හමුවට ගිය විට මේ සදහා සාර්ථකව ඉතා ඉක්මනින් සැත්කමක් කළ යුතු බව ඔවුන් කියා සිටියහ. එය ඉතා සාර්ථකව ඉන්දියන් ඇපලෝ රෝහලේ සිදු කෙරෙන බවත් ඊට ඉන්දියානු රුපියල් ලක්ෂ දාහතක් (17) ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හතලිස් පහක් (45) වියදම් වන බවට Dr. Sajan Hegde මහතා ඇස්තමේන්තු ලිපියක් එවන ලදී.

එම ලිපි මෙසේය.. (Please open in a new tab)




http://www.dailynews.lk/2010/11/26/news14.asp

ඒ සියළු කාරණා මැද අගේ පියා දියණියන් තිදෙනෙකු සිටින පවුලේ කටයුතු අතෑර දමා අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇගේ මවගෙන් දික්කසාදය ඉල්ලා සිටි අතර එය ඔහුට පක්ෂව ලැබෙන්නේය. සියළු නොමනා කම් උසුලා ගන්නට බැරි උච්චම අවස්ථාවේදි ඔවුන් මහනුවර ප්‍රෙද්ශයේ කුලී නිවසකට පිටත් වන අතර, ඇගේ නැගෙනිය මහනුවර බාලිකාවකට ඇතුලත් කරන ලදී. විවාපත් අක්කා තම පවුල් දෙකම නඩත්තු කරන අතර එය ඔවුන්ගේ ජීවත් වීමේ සටනට යම් තාක් දුරට අස්වැසිල්ලකි. ඇගේ මව විශ්‍රාමලත් ගුරුවරියක් වන අතරය, යශෝධාගේ සියළු බර ඇය මත පැටවී ඇති නිසා ඇයටද වෙනත් කර්මාන්තයක නියැලෙන්නට නොහැකිය. නැගෙනිය මේ වසරේ උසස්පෙළ සදහා ගණිත අංශයෙන් ඉදිරිපත් වන්නීය.

ඉන්දියානු ඇපලෝ රෝහලේ වෛද්‍ය කණ්ඩායම සිදු කළ ප්‍රතිකර්ම වල සාර්ථකත්වය පිළබද පහල වීඩියෝ වලින් බලන්න.

Dr. Sajan Hegde ( Sr. Consultant Spine Surgeon) Speaks on Renaissance



Spinal Deformity Correction on Agra Dibyajali, a 13yr old Srilankan girl.




අප කවදාවත් නොදුටු හසංගිට හසරැල්ලක් වුණෙමු. අප කවදාවත් නොදටු යශෝධාට සරණක් විය යුතු මොහොත එළැඹ ඇත්තේය. ඔබ අද වෙන් කෙරෙන කිසියම් මුදලකින් ඇය හෙට දිනයේ තම දෙපා වලින් එසවී සිටිය හොත්, මතු කිසිම දිනෙක ඔබට, ඔබගේ හිතවතෙකුට මෙවන් කරදරයක් නොවේවා යන්න සෑමාගේ පැතුමයි.

ඔබ සැමට තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි.

ඇය නැවත හිනැහෙනවා දකින්න
එකතු වෙන්න අප සමග 

Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය - 273-2-001-4-0000208
මහජන බැංකුව, කඩවත. 
PSBKLKLX (Swift code)

වැඩිදුර විස්තර සදහා

0775262396 / 0728571983


37 comments:

  1. බ්ලොග් ලියන හැමෝම මෙහෙව් පින්කම් වෙනුවෙන් පෙලගැසෙන එක ඉස්සෙල්ලාම අගය කරනවා.
    හසංගි ගැන නම් දැනගන්න උනෙ පස්සෙ ඒත් යශෝධා වෙනුවෙන් යමක් කරන්න උපරිම උත්සහා කරනවා..ප

    ReplyDelete
  2. පොඩි ආධාරයක්‌ දැම්ම.
    දන්නා හැමෝටමත් කිව්ව.
    කරන්න පුළුවන් දෙයක් කරමු.අපිට දෙයක් වුනත් මෙච්චරයිනේ.

    ReplyDelete
  3. උතුම්ම වැඩක් අපේ උපරිම සහාය සෑමා.

    ReplyDelete
  4. හසංගි අක්කා වෙනුවෙන්නම් මුකුත්ම කරන්න බැරිවුනා,, යශෝධා අක්කා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න උත්සාහ කරනවා,,

    ReplyDelete
  5. කාරුණික ඔබගේ අවධානයට මෙය යොමු කරන්නේ හුදෙක්ම ජීවත් වීමේ ආශාව මාහට ද නොමඳව ඇති බැවිනි.

    http://www.scribd.com/doc/132937273/A-plea-for-the-Kind-hearts

    ReplyDelete
    Replies
    1. ඔබ වෙනුවෙන් කළ හැකි උපරිමය අපේ පැත්තෙන් සිදු වෙනවා යශෝධා..

      Delete
  6. හසංගිට සුව වීම හිතට සතුටක්.. අපි මෙයාවත් ගොඩ ගම්මු..

    ReplyDelete
  7. පුළුවන් විදියට අපිත් උපකාරයක් කරන්නම්

    ReplyDelete
  8. මාත් පුළුවන් දෙයක් කරනව සෑමො..අනිවා

    ReplyDelete
  9. මහා ලොකු ගානකින් නොවුනත් පුළුවන් විදිහට අපි උදව් කරමු

    ReplyDelete
    Replies
    1. පොඩි දෙ උනත් මට ගොඩාක් වටිනවා. බොහොම ස්තුතියි

      Delete
  10. හැමෝම එක විදියට පෙළ ගැසුනොත් කරන්න බැරි දෙයක් නැහැ.

    ReplyDelete
  11. අපි මේ වෙනුවෙන් සයිබර් සිහින බක්මහ උළෙලේ අවස්ථාවක් වෙන් කරමු. සෑම්, සිරා සහ රජා ඇතුළු පිරිස ඒ සඳහා සුදුසු ආකාරයක් සැලසුම් කරන්න.

    ReplyDelete
  12. පුළුවන් හැමදේම කරමු...

    ReplyDelete
  13. ඔයාලගේ මේ ඉදිරිපත් වීම මට ලොකු ශක්තියක්. ඔයාලා හැමෝටම ගොඩාක් පිං. බුදු සරණයි

    ReplyDelete
  14. පුළුවන් දෙයක් කරන්නම් සෑම් අයියේ. +++++

    ReplyDelete
  15. රජාත් දාල තිබ්බ .
    උදව්වක් කරමු.

    ReplyDelete
  16. හැකි විදිහකින් යමක් කරන්නම්..

    ReplyDelete
  17. අහම්බෙන් දැක්කේ.අනිවාර්යෙන් උදව් කරනවා.හසංගි අක්කට උදව්වක් කරන්න හිටියත් කරන්න බැරි වුණා.ඔයාට ඉක්මන් සුවයත් ලස්සන ජීවිතයකුත් ප්‍රාර්ථනා කරනවා අක්කේ.

    ReplyDelete
  18. මචන්..අපි පුළුවන් දෙයක් කරමු..මිනිස්සු තමයි මිනිස්සුන්ට උදව් කරන්ට ඕනි..මමත් උදව් කරන්නම් මම දන්නා මෙහේ වගේම යුරෝපේ ඉන්න අයටත් මේක කියන්නම්..ඉක්මන් සුවය පතමි...

    ReplyDelete
  19. ආදරණීය යහලුවනේ,

    ඔබලාගේ ලිපි දැකීමෙන් පසු මං ඇයව ඊමේල් මාර්ගයෙන් සම්බන්ධ කරගත්තා. ඈට මුදලින් ආධාර කරනවාට අමතරව ඈ වෙනුවෙන් පුංචි වෙබ් අඩවියකුත් නිර්මාණය කෙරුවා. (මේ මොහොත වෙන විට ඇයවත් ඒ ගැන දන්නේ නැහැ.) එහි අන්තර්ගතයට යොදා ගත්තේ ඔබලාගේ ලිපිවල උපුටන.

    මෙන්න වෙබ් අඩවිය: http://yashodhaneedsyou.info

    ඒ සම්බන්ධ අදහස් සහ දෝෂ ඇතොත් මේ ඊමේල් ලිපිනයට ලියන්න. yashodhaneedsyou2013@gmail.com

    සමාජ වෙබ් අඩවියන්හි හැකි පමණ එය share කරන්න. ඈට සුළුවෙන් හෝ උදව් කළ හැකි අයෙක් සොයා ගැනීමට එය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.

    හැමෝටම ස්තූතියි සහ පිං.

    - ඇනෝ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...