පෙළ ගැසී
යන රැලී
තෙරපෙමින්
සැර වැඩී
හිරු රැලී
ඇග ගැටී
දවාලයි
සම රැලී
දන්සලක්
මග හිදී
බෙදාලයි
මල් පොදී
මහන්සී
බඩගිනී
දිය පොදක්
වටින්නී
දන්සලක්
ඉදිරියේ
බෙදාලයි
බෝතලේ
ප්ලාස්ටික්
බෝතලේ
ඉතිරෙමින්
පැන් පොදී
පිං දෙමින්
හිස් කරයි
විසිකරයි
බැති පෙමින්
බැති පෙමින් පරිසරය විනාස කළ සැමට තුති.
මේ සෑමාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයයි.
Written by sAm_10:28pm_22/08/2012
කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ්ඥ ධාතු වන්දනාව.... පළමු කොටස බලන්න..
ෂික් මාත් අද ගිහින් වදින්නනේ නැතුව ආවා නේ!
ReplyDeleteමම 1ද බොලේ..!!
Deleteකුණුගොඩ ලගින් උබ එක වෙලා බොල ! :)
Deleteකොච්චර කිව්වත් වැඩක් නෑ බං
ReplyDeleteනොකිය ඉන්න එකෙත් ගතියක් නැහැ බං :(
Deleteශ්‍රි ලංකේය අභිමානය..! අපේ උන්ව කවදා හදන්ඩද මංදා !
ReplyDeleteඋබ මේ චැනල් එකටද මඩ ගහන්නේ :ඩී
Deleteමේක ලංකාව නේ. මොක තිබුණත් අන්තිමට ඉතුරුවෙන්නෙ ඔච්චර තමා.
ReplyDeleteමිනිස්සුන්ට කුණු දාන්න ඩස්ට්බින් තියල තියෙද්දිත්ද ඔය, එහෙමත් නැත්නම් හැතැප්මකට එකක් වත් එහෙම එකක් නැති නිසා ද?
කුණු දාන්න තැනක් තිබුනද නැත්ද කියල මතකයක් නැහැ මචං.
Deleteඔය වගේ වතුර බෝතල් බොහොමයක් අය ගෙදර ගෙනිච්ච නම් ආයෙත් එක පාරක් හරි පාවිච්චි කරන්න පුලුවන්. නැත්තම් එක තැනකට එකතු කරන්න තිබ්බා.
විනාසයිලු නේ පැත්තම...
ReplyDeleteආරන්චියි ආරන්චියි...
ආයෙත් අහලා. ගන්න දෙයක් නැහැ බං !
Deleteඅපි ඒ තරම් නොහිතා කරන දෙයකින් කොයි තරම් විනාශයක් වෙනවා ද කියලා හිතන්න මොහොතක් වත් වෙන් කරනවා නම් තමයි වඩාත් හොඳ!!
ReplyDeleteජය වේවා!!
සහතික ඇත්ත.
Deleteජය !
අපේ නැන්දම්මත් වදින්ඩ ගිහිල්ලා බැරුව ආපහු ආවා, උන්දැත් ඔතනට බෝතල් දැම්මද දන් නෑ.
ReplyDeleteඔන්න ඉතිං පෞද්ගලික කෝන්තර මෙතන අදිනවා.. පව් බං නැන්දම්මා !
Deleteමේ දේවල් නම් ඉතින් ඔහොම තමා සෑමා.. ඔවා වෙනස් වෙද්දි බැරියැ..
ReplyDeleteදැකලා ඉන්න බැරිකමට ලිව්වේ !
Deleteනොදකින්!
ReplyDelete(අර්ථය- මෙවැනි දර්ශන ඇස නොගැටේවා)
ඒකත් එල කියමන කකා.
Deleteශ්‍රද්ධාව බේරෙනවා....
ReplyDeleteහැබැයි පාර දිගේ !
Deleteදැන් ඉතින් අතුගාන්න :) :) :) :) :) :)
ReplyDeleteඔව් ගමේ අයම අතු ගෑවා!
Deleteහිතත් අපිරිසිදුයි පරිසරයත් එහෙමයි.. තමුන් ජීවත්වෙන පරිසරය ජරා කරන මනුස්සයාගේ හිත කොහොමද පිරිසිදු වෙන්නේ ?
ReplyDeleteබුද්ධ දේශනාවෙත් තියෙනවා පරිසරයට ආදරය කරන විදිහ !
Deleteපැත්තම විනාස කරලා !
ReplyDeleteගන්න දෙයක් නැහැ බං!
Deleteලංකාවේ ඉන්න හැත්තට ඔව්ව ගැන කියල කිසිම වැඩක් නෑ බං ගෙදෙට්ට වෙලා ධාතු වැඩුවනං ඔච්චර විනාසයක් වෙන්නෑ
ReplyDeleteඇයි බං පෝලිමේ ඉන්න කෑලි බලන්න යන එක ඔය ගෙදර ඉදන් කරන්න කියන වැඩේට වඩා ගති නේද/
Delete්:))
මේ වගේ මළ මූසල ජාතියකට තමයි ළෝකෙන් උතුම් ජාතිය කියන්නේ. (ඔතනට සිංහල බෞද්ධ උන් ඇර වෙන උන් එන්නේ නෑනේ..) කන පතේ රෙන කාළකන්නි..
ReplyDeleteලොකු ටෝක්ස් දුන්නට අපේ වුන් කරන්නෙම කුජීත වැඩ බං.. :(
Deleteමේ වගේ අපහසුතාවයන් වලට නම් මමත් පත්වෙලා තියනවා..ඔය වගේ පෝළිම් වල ඉඳලා කාපු බීපුවා මල්ලකට එකතු කරගෙන සෑහෙන දුරක් පයින් ඇවිත් ඒත් කුනු බාස්කට් එකක් නැති තැන ගෙදර අරන් ගියපු අවස්ථා අන්නතයි..
ReplyDeleteඒත් හැමෝටම ඒ ඉවසීම නැහැ..මේ ගැන මම ඉස්සර හිතාන හිටියෙ අපිට විනයක් නෑ කියලා..ඒත් පාරේ තැන් තැන්වල නිවැරදිව කලමනාකරණය කරන කුණු බාස්කට් තියලා තියනවා නම් මේ ප්‍රශ්නය දිගු කාලීනව විසඳාගත හැකි බවයි මගේ අත්දැකීම..
මම නම් පහසුම ක්‍රමය අනුගමනය කරනව.
Deleteඅපේ එක්කෙනාගේ හෑන්ඩ් බෑග් එකට ඔබන එක. සරලයි !
සැමාට කන්ඩ දාලා ගිහින්.. :-))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජාට දත් එක්ක බත් කාලා ඇති වෙලා වගේ !
Deleteළංකාවේ කීයෙන් කී දෙනාද පරිසරේ ගැන හිතන්නේ..
ReplyDeleteකී දෙනෙක් නම් කාපු බීපු කොල බස් එකේ කෝච්චියේ ජනේලෙන් එලියට දානවද? එහෙම දාන මිනිස්සුම වෙන රටකට ගියොත් ටොෆි කොලේවත් බිම දාන්නේ නෑ, දඩ ගහනවනේ.
හෑබැයි මම ටික කාලෙකට කලින් බම්බලපිටියෙ ජෝසප් ලේන් එකේදි දැක්කා ෆෝන් කාඩ් එක බිම දාපු කොල්ලෙක්ට පෝලීසියෙන් දඩ ගහනවා..
බොරුවට කිහිප දිනක් දඩ ගහලා දේශපාලන වාසි ගන්නවා ලොකු උන්.
Deleteපස්සෙ සද්ද නැහැ !
මේ පොට් එක මම දැකලා තියෙනවනේ.
ReplyDeleteබියගම ප්‍රධාන මාර්ගය දෙපස !
Deleteඋඹට තියෙන්න බැති පෙමින් අතු ගාල දාන්න. ඒකත් පිනක්නේ.
ReplyDeleteමෙක හොද පෝස්ට් එකක්, අපි හැමෝම තමන්ගෙන් පටන් ගත්ත නම් මේක හදන්න පුළුවන්. මම එහෙම කියන්නේ මම පහුගිය අවු. 10 පුරාවට කිසිම කුණු කෑල්ලක් (බස් ටිකට් එකක්වත්) මේ වගේ පාරවල් වල දාල ගිහින් නෑ. එක්කෝ ගෙදර ගේනවා. නැත්නම් කුණු කූඩයකට දානවා.
අපි හැමෝම එහෙම කලානම් (මහ ලොකු අමාරු වැඩක් නෙමේ, පුරුදු උනාම නිකම්ම කෙරෙනවා)
+++
Deleteඇත්ත මමත් එහෙමයි !! පුරුදු වුනාම නිකම්ම කෙරෙනවා
Deleteඉතිං මම කිව්ව වගේ පවුලගේ හෑන්ඩ් බැග් එකට දාන්න. එයා ගෙදර ගෙනියනවා !
Deleteඅනික් එකාට හෙන ගැහැව්වත්....මමනිවන් ගියානම් ඇති...,ඔන්න ඔහොමයි අපේ සැදැහැවතුන්..!!!
ReplyDeleteකමක් නැහැ එයා නිවාගෙන නේ :ඩී
Deleteහරිනෙ....මං කිව්වා බොරු ද ? ඔය ඇවිත් ඉන්නෙ බැතිමතුන් නෙවෙයි මැටිමතුන්.....!!!
ReplyDeleteඔන්න ඔය ජනතාව වෙනුවට අලුත් ජනතාවක් පත්කරගත් දාට සියලුම ප්‍රශ්න ඉන්තේරුවෙන්ම විසදෙනවා...
ජනතාව පත්කරන්න ඡන්දයක් තියන්න වෙයි ඒ ජනතාව අතරම. ඡන්දෙ දාන්නේත් උන් මයි...
Deleteමට නිකං කැරකිල්ලක් ආවා බං..
මේ පෝස්ට් එක දාන්න බලාගෙන තමා කලින් එක දැම්මේ. :)
නුවර පෙරහැර කාලෙටයි දළදා ප්‍රදර්ශණය කරන කාලෙටයි වැව රවුම ගන්න දෙයක් නෑ. බුද්ධාලම්බන ප්‍රීතිය ඉහවහා ගිහින්!
ReplyDeleteඇයි කැලනි පෙරහැර.. ?
Deleteකපිලවස්තු ධාතූන් වහන්සේලා වඩමවා සිටි ස්ථානයේම දැන්විමක් දින්න තිබුනා. "ඔබ ගෙනා ප්ලාස්ට්ක් බඳුන් මග දැමූ ඔබ මෙතැනින අපායට" කියලා. අන්න එහෙම කළා නම් කවුරුත් ඒක ආයෙ කරන්නෙ නෑ.
ReplyDeleteසරලව කිව්වොත් සංවිධානාත්මක බව අන්තිමයි !
Deleteකට්ටියට ශ්‍රද්ධාව ඉහමොලේ ගිහින් වටපිටාව ගැන අමතක වෙලා ගිහින් :)
ReplyDeleteඑයාල පෙරුම් පුරනවා... සද්ද කරන්න එපා !
Deleteහාපෝ........
ReplyDeleteනිකං බොරුවට කෑගහන්න එපා බං සෑමා. මෙහෙම නොකලොත් අපි කොහොමද දන්නෙ අපේ මිනිස්සු මෙතනට ඇවිත් ගිහින් තියෙනවා කියලා. ඕක සන්නෙවේදන මාධ්‍යයක් බං, එහ්හෙනං!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අපේ කම !
Deleteසික් අපේ උන්ගේ කැත !
ReplyDeleteඋඹට ජය!!1
අපේ එවුන් බුදුන් දකින්න ගියත් ඔච්චරයි...
ReplyDeleteආයෙමත් බුදුහාමුදුරුවො වැඩම කරල බණ දේශනා කරල කිව්වත් අපේ මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ....කොලම කොලපාටින් දිලිසෙන ලස්සන රටක යටින් කුනුකන්දල් උතුරන්නෙ අපේ මිනිස්සුන්ගෙ හිත් වල තියන අපිරිසිදු කම නිසා......
ReplyDeleteතම තමන් වෙන වෙනම හැදුනොත් සමාජයක් හදන්න පුලුවං. ඒත් වෙන්නෙ නැහැ එහෙම !
Deleteබෝතල් කල දානය
ReplyDeleteශ්‍රද්ධාවෙන් උගුරට හලා ගෙන
කෙලෙස් අත හැර දැමු
සැදැහැවත් පින් කැල....
මම කිව්වේ සෑම් අයියේ ශ්‍රද්ධාවෙන් හිතේ වැඳීම වඩා උතුම් කියල.. සාදු...! සාදු....!! සාදු....!!
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
ඕව මොනවද බන් ..මම බස් එකේදී ටොපියක් කාල පස්සේ විසි කරන්න කොලේ සාක්කුවේ දා ගත්තම මට එහා පැත්තේ එකා හිනා උනා.ඔන්න මගක් යනකොට උම තමයි සීන් එක කිව්වේ.ටොපිය කාල කොලේ සාක්කුවේ දාපු එකෙක් දැක්කමයිලු.
ReplyDeleteආයේ ඉතින් පෙරහරක් වගේ දෙයක් කිව්වොත් මම කලින් කියපු උන්ව මුණ ගැහෙන්න පුළුවන් පෙරහරක්ම
ඌ මෙහෙ අවොත් නම් ටිකක් හැදිලා යයි. වාහනෙකින් කොලයක් හරි පාරේ දැම්මොත් ඉතින් රියාල් 500.
Delete