පොලිස් කතා රැසක් ලියා පරම කිරුළ දිනා ඇත්තේ රාජ් ගේ නවාතැනේ රාජ් මාමාය (දරුවෙක් ලද පසු මාමා කීම සාධාරණ යැයි හැගේ).මේ මාමා අන්තිමට දැමූ පොලිස් කතාවක්ය.
මෑතකදී සෑමාගේ මිතුරෙකුගේ නිවසේ අළුත් වැඩියා කටයුතු කිහිපයක්ම සිදු විය. ඒ අතර ඔහුගේ නිවසට අලලා පන්තිකාමර කිහිපයක්ම ඉදි වුයේ පොර ක්ලාස් කරන නිසාවෙන්මය. සෑමාගේ මිතුරා වඩු වැඩ සහ සීලිම් ගැසීමේ කටයුතු වලට සොයා ගත්තේ තම නිවසට නුදුරු ස්ථානයක සිටින වඩුවෙක්ය. පොර ලොකු ටෝක්ස් දෙමින් මිතුරාගේ නිවසේ වැඩ කටයුතු කරමින් සිටියේය. බොහෝ බාස් මහතුන්ගේ පොදු ආවේණික ලක්ෂණය නම් වැඩක් භාර අරගෙන ටික කළක් සිට වැඩ අතර මග දමා මාරු වීමය. බොහෝ විට ඔවුන් මෙය සිදු කරන්නේ තමන්ට වැඩ ලබා ගැනීමටය. එනම් භාර අරගෙන අතර මැද දමා ගියාට නිවසේ අයිතිකරුවා එය වෙන කෙනෙකුට පවරන්නේ නැතිව නැවත තමා එනතුරු බලා හදී යන කුහක චේතනාවෙන්ය.
සියළු කටයුතු දින කිහිපයක් තුල හොදින් සිදු වී අප මිතුරාටත් සිදු වුයේ කාටත් බාස් ලා අතින් සිදුවන පොදු සැනත්‍රෑන්සියමය. බාස් බඩුමුට්ටු හකුලාගෙන හදිසියේ අස්ථාන ගත වූයේ කැපූ ලී කැබලි එසේම තිබියදීමය. අප මිතුරා දහ අතේ කල්පනා කරන්නට විය. වැඩේ තව කෙකුට පවරණවාට වඩා බාසා කොහෙන් හෝ කුදලාගෙන ආ යුතු බව ඔහු තරයේ විශ්වාස කලේය. ඒ නිසාම ඉවක් බවක් නැතිව බාසාට කෝල් කරන්නට විය. බොහෝ අවස්ථාවල බාසා සොයා දඩයමේ යාමටද සිදුවිය. එහෙත් ඔහු ආ ගිය අතක් නැතිය.
කෙසේ වෙතත් එලව එලවා බාසා සෙවිමට තැත් කිරීමේ සාර්ථක ප්‍රථිඑලයක් ලෙස අපේ මිත්‍රයාට බාසාගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට හැකි වූයේය. අප මිත්‍රයාගේ ඉහේ කැකුලු මල් දෙකක් පිපුනාක් බදුය.
“මොනාද හලෝ කරන්නේ.. මේ වැඩේ අතමග දාලා කෙහෙද ගියේ...?“
“අනේ මහත්තයා බලන්න ### පොලිසියේ ඕ.අයි.සී මහත්තයා එන්න කිව්ව එයාගෙ ගෙදර වැඩකට. බෑ කියන්නත් බැහැනේ.. මගෙ ඕනෙ වැඩකට උදව් කරන මනුස්සයා..“ බාසා පොර ටෝක් දුන්නේය.
“අහ් ඒමද? එහෙනම් ඒ වැඩ ඉවර කරල දවස් දෙකකින් වත් ඉක්මනට එනවා හලෝ.. නිකං මිනිස්සුන්ව අතරමං කරන්න එපා හරිද?“ මිතුරා බාසාට අවවාද කලේය.
බාසා නොදන්නවා වූවාට අප මිතුරා තවමත් දහම් පාසලේ ගුරුවරයෙකු ලෙස උගන්වන්නේය. එමෙන්ම ඕ.අයි.සී මහතාගේ දියණිය ඔහුගේ පන්තියේ ශිෂ්‍යාවක්ය. එනිසා මිතුරා සමග එතුමා සමීප ඇසුරක් පවත්වන්නේය. එසේ තිබියදී දිනක් දෙදෙනාම පන්සලේ දී මුණ ගැසී කතාවට පැටලුනෝය.
“අහ්.. සර් මේ දවස් වල ගෙවල් රෙපයාර් කරනවලු නේද?“ ඒ අප මිතුරාය.
“අපේ ගෙදර ? නැහැ මල්ලී අපේ ගේ හදලා ඉවරයි. කොච්චර කල්ද දැන්..“ ඒ ඕ.අයි.සී මහතාය.
“නැහැ... අපේ ගෙදර වැඩ කරපු බාසෙක් කිව්වේ. පොර වැඩ අතරමග දාල යන්න ගියා. පස්සෙ කෝල් කරල අල්ල ගත්තම කිව්වා සර්ගෙ ගෙදර ලොකු වැඩක් කියලා. සර්ගෙ හැම වඩු වැඩකටම සපෝට් කරන්නෙ මිනිහ කිව්වා.“ අප මිතුරා කේන්තිය පිරුන සිතින් කීවේය.
“වෙන්න බැහැනේ. කොහෙ එකෙක්ද ඕකා.. මේ #ැරියව තියන්න වටින්නෙ නැහැනේ“ ඕ.අයි.සී මහතා සුපුරුදු සිංහලට බැස්සේය. ඔහු හොද උස මහතය. කතා කරන්නේ සිංහලෙන්ය. රාජකාරියට පැමිණි මුල් දවස්වල පැත්තම හෙල්ලුවේය. කසියා බොන එවුන් මෙන්ම පෙරන එවුන්ද කුදලාගෙන ගොස් දඩුවම් කලේය. ඒ අතර සැවොම ඔහුගේ නමට පවා බය වන්නට වූවෝය. ඇත්තටම දක්ෂ මනුස්සයෙක්ය.
“මේ තියෙන්නෙ සර් නම්බර් එකත්.. පොර ඉන්නව කිව්වේ ## පැත්තේය. සර්ගෙ ගෙවල් ලගම...“ මිතුරා ෆෝන් එක දිගු කලේය.
“දෙන්න බලන්න... මූට කෝල් කරල හොද දෙකක් කියන්න“
අප මිතුරා නොම්බරය ඩයල් කර ඕ.අයි.සී මහතාගේ කනේ තැබීය. නමුත් ලවුඩ්ස්පීකර් සහිතවය.
ඕ.අයි.සී - හලෝ.. මේ අර වඩු බාස් මහත්තයද?
බාසා - ඹව් මහත්තයා කියන්න.
ඕ.අයි.සී - කියන්න??? මගේ නම ###, මගෙ ඇඩ්ඩ්‍රස් එක @@@, මම $$ පොලිසියේ ඕ.අයි.සී හරිද? තමුසෙ මේ මොනවද කියල තියෙන්නේ අපේ ගෙදර වඩු වැඩක් කරනව කියලා? නිකං මේ ඇරව ගන්නෙ නැතුව පාඩුවේ ඉන්නවා හරිද? මගේ ගේ හදල ඉවර වෙලා අවුරුදු ගානක් වෙනවා හරි??
ඉන් එහාට වචනයක් වත් කීමට පෙර දුරකථනය විසන්ධි විය.
දිනකට පසුව අප මිතුරාට දුරකථන ඇමතුමක් ලැබුනේය.
බාසා - මොකක්ද මහත්තයා එක එක්කෙනා දාලා මාව බය කරවන්නේ. ඇත්තටම එදා කතා කලේ ඕ.අයි.සී මහත්තයා නෙවේ නේද?
මිතුරා - එයාද නැද්ද බලන්න මේ නම්බර් එකට කෝල් කරල අහනවා. දෙන්නද නොම්බරේ?
බාසා - එපා මහත්තයා. කමක් නැහැ. මම මේ යාළුවෙක්ගේ ගෙදර වැඩ වගයක් මේ දවස් වල. ඉවර කරල ඉක්මනට එන්නම්. අර මහත්තයා හදන්න කියපු කබඩ් එක හදල තියෙන්නේ. පුලුවන්නම් ඇවිත් අරන් යන්න. මට ඒකට සල්ලි එපා.
මිතුරා - ඔයා ඇඩ්වාන්ස් අරගෙනත් ඔහොම කැත වැඩ කරන නිසා මම කෝල් කලේ. මට ක්ලාස් කරගන්නවත් නැහැ ඔයා කරපු වැඩෙන්. පුලුවං ඉක්මනට එනවා..
** වැඩ අතරමග දමා ගොස් මිනිසුන් කරදරේ වට්ටවන බාස් මහතුන්ට ආදර්ශයක් සහ අවවාදයක්. **
Written by sAm_7:53_01/08/2012

ඒ වඩු බාස් එලවලා වෙන කෙනෙක් ගෙන්න ගන්න එක තමා හොඳම දේ. ඔය වගේ මිනිස්සුන්ට වැඩ දෙන්ට නරකයි.
ReplyDeleteඅද මම එක වෙලා...:)
වැඩේ භාරගන්නකොට ඒ තරම් බාසෙක් නැහැ. ඒත් මගදි තම මේ ලක්ෂන මතු වෙන්නේ..
Deleteඔයා අද එක වුනේ අනිත් බ්ලොග්කරුවන් සියල්ලම පෝයට උදේම පන්සල් ගිහින් නිසා.. :ඩී
පොඩ්ඩිට මේව තේරෙන්නෙ නෑ. එක බාස් කෙනෙක් පටන් ගත්ත වැඩක් තවත් බාස් කෙනෙක් කරන්න කැමති නෑ.
Deleteඑල කොල්ලෙක් ..>> ඕකුන්ට ඔහොම වෙලා මදි..!! වැඩේ පටන් ගන්නකම් තිබ්බ තදියම වැඩේ කරනකොට නෑ
ReplyDeleteසිරාවටම පොඩ්ඩෝ.. මුලදි තමා මැරීගෙන වැඩ..
Deleteවැඩ අතරමග දමා ගොස් මිනිසුන් කරදරේ වට්ටවන බාස් මහතුන්ගේ අවධානය පිණිස මෙම ලිපිය වැඩබිම් අසල ප්‍රදර්ශනය කල යුතුය.
ReplyDeleteහී හී..:)
Deleteඅපොයි උන් මේක ගලවල දාලා සිමෙන්ති එක්ක කලවං කොරයි බං..
Deleteමක බාස්ලගේ හැටි ඔකොමය.. ඉක්මනින් කඩුව මුත් සෑදීමට වැඩි කාලයක් ගතවේ..
ReplyDeleteහොඳ වැඩේ ඌට... පොලිසියේ ලොක්කා මහත්මයෙක් වගේ.. මගේ ශිර්ෂප්‍රණාමය
එතුමා සිරා. හැබැයි කතා කරපු විදිහ මෙතන ඒ ආකාරයෙන්ම නොදාන්න සෑමා වග බලා ගත්තා..
Delete:)
මම හිතුවේ බාසට හොඳ කෑමක් සෙට් වෙයි කියලා
ReplyDeleteකෑමක් සෙට් වෙන්න කලින් පොර කට් කරපු නිසා හොදයි
Deleteoic mahaththaya honda wadi samo.thawa tikak sarata denna thibbe okata.
ReplyDeletepissu katha karanwada awatharr.. OIC katha karapu widiya damma nam mama winasaiii
Deleteඕකුන් ඔහොමමයි බන්..
ReplyDeleteහ්ම් ඇත්ත බං
Deleteඅපේ අක්කලගේ ගේ හදද්දී අපිට බාස් මහත්තයෙක් ඔහොම කලා,අපේ ගේ හැදිල්ල පැත්තක තියලා මිනිහා ඒ අහල පහල කොන්ත්‍රාත් සේරම අරන් තිබුනා අපිට අන්තිමට එයාගේ පස්සෙන් යන්න උනා
ReplyDeleteඅන්න ජීවමාන උදාහරන.. හැම පැත්තෙම එහෙමනේ බලං ගියාම.. :(
Deleteඅපේ රටේ බාස්ල ඔහොම කරොත් එයාලට විරුද්ධව නඩු දාන්න පුලුවන්. ඕඅයිසී මහත්තය මොකක්ද අරින්න හැදුවේ? මට වැඩිය සිංහල තේරෙන්නෙ නැහැනෙ..!!!
ReplyDeleteහප්පුච්චියේ .... ඔය තේරිච්ච තරම මැදෑ කිරිල්ලියෙ, පොලිස්කාරයොන්ගෙ කතා විග්‍රහ කරන්ඩ කියල සෑම අමාරුවේ දාන්ඩ එපා. :)
Deleteඇත්ත ඇත්ත ඒක නොදැන ඉන්න තරමට හොඳයි.. :)
Deleteමම හිතන්නෙ OIC මොකුත් ඇරියා නෙවෙයි. බාස්ගෙ නම තැරියා අබේ. අර ඇඹුල් කෙසෙල් යායක් හෙම තියෙන්නෙ ගෙදර. :)
Deleteතරියා අබේ ;\
henryblogwalker the Dude
මේ ගෑල්ලමයි අහන දේවල් ඇත්තට!
Deleteඔය කොමෙන්ට් එක මම දාපු එකක් නෙවේ..ඕක කවුරු හරි කුපාඩියෙකුගෙ වැඩක්...!!!!
Deleteමේ කිරිල්ලිලා දෙන්නෙක් තමයි... බ්ලොගක් අලුතින් ගහලා කිරිල්ලිගෙ එකට රිඩිරෙක්ට් කරලා..
Deleteඔව් බලන්න ඔය ප්‍රොෆයිල් එක හදල තියෙන්නෙ මැයි මාසෙ.අද වෙනකම් මම දන්නෙ නැහැ..මේ වෙනකම් තව මොන මොන දේවල් කලාද දන්නෙ නැහැ ඔය කුපාඩිය..!
Deleteරකුසා තාම ඔයාව අත ඇරලා නැහැ වගේ..
Deleteමළ මඟුලයි, දැං කමෙන්ට් කරන්න කලින් දෙපාරක් හොයන්න වෙනවනේ. මිනිස්සු මොකට මේ වගේ බාල වැඩ කරනවද මන්දා. සොරි කිරිල්ලි, මම ඇත්තටම හිතුවෙ ඒ ඔයා කියල.
Deleteනො ප්‍රොබ්ලම්ස්......ඕව කරල මාව වට්ටන්නද? නැත්නම් එලවන්නද? හහ්...අපි බලමු එහෙනම්....මම හිතන්නෙ නැහැ මේක රකුසගෙ වැඩක් කියල තරු අයියෙ.....
Deleteමෙව්වා මානසික ලෙඩ තියන උන්ගේ සිගිති ආතල් ...
Deleteදැං මාරවැඩේනෙ වෙන්නෙ.. එකින් එකට බලන්න වෙනවා මේ ඇත්ත එකද බොරු එකද කියලා..
Deleteඅසහනය ඉහවහ ගිහින්.. මේව පහත් පන්තියේ මිනිස්සුවත් නොකරන වැඩ..
Deleteජීවිතේ කිසිම සතුටක් සැණසීමක් සුවයක් වින්දනයක් ලැබෙන්නෙ නැති,කවදාවත් ලබා ගන්නත් බැරි,ජීවිතේ අවීචි මහා නරකාදිය කරන් ජීවත් වෙන උන් ආතල් ගන්නෙ ඔන්න ඔය විදියට......
Deleteකිරිල්ලි, තාවකාලිකවවත් පින්තූරෙ මාරු කළොත් කොහොමද.. නැත්තම් අපිට ක්ලික් කර කර දිනය බලන්න වෙනවා හරි කෙනාව හොයා ගන්න.. ඒත් ඊට පස්සෙ ඒ විදිහටත් හදයි නේද ? මේක වසංගතයක්.. ඕක බෝ වුනොත් හරි ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට..
Delete( දැන් නම් අනුන්ගෙ බ්ලොග් වල රිප්ලයි බටොන් ඔබන්ඩත් බයයි :-) )
එහෙමත් සීන් වෙනවද. ඔන්න කිරිල්ලි මමත් මගෙ කමෙන්ට් එක ඉල්ලා අස්කරගත්තා. සොරි ඈ.
Deletehenryblogwalker the Dude
ගනන් ගන්න එපා අයියෙ..මම මේකෙ වෙන සෙල්ලම් හොල්මන් ඔක්කොම බලාගෙන ඉන්නෙ 2009 ඉඳන්ම.......
Deleteකිරිල්ලියෙක්ගේ පින්තුරයක් නැතුව වෙන පින්තුරය දාන්න. ඒ බුරුවා ත් දාගෙන කිරිල්ලියෙක්ගේ පින්තුරයක්නේ.
Deleteකොහෙත් බාස්ල එකයි. මෙහේ එවුනුත් ඔහොමයි. එයාල ඕක කරන්නෙ හැමතැනම වැඩ අල්ලගන්න. වැඩ පිට යන නිසා.
ReplyDeleteබාස්ලට කොහෙ හරි පුහුනුවක් දෙනවද බං.. හැම එකාගෙම තියෙන්නේ එකම ධර්මය
Deleteවැඩකරු බොරු කාරයෙක් හොරෙක් වුනාම හරි ප්‍රශ්නේ .. ඊට වඩා හොඳ එකෙක් නැත්තන්?
ReplyDeleteබාස්ලගේ වැඩ කරුවෝ වුනත් ඔය පොදු ධර්මතාවයට වැඩ කරන්නේ.
Deleteවැඩ අල්ල ගන්න භාගෙට කරපු වැඩේ දාල පනිනවා
අනේ සෑමො බාස්ල ගැන කතාකලොත් මටත් සිංහලෙන් තමයි කතාකරන්න වෙන්නෙ. ඒක නිසා මෙතනින් නතරවෙනවා. :x
ReplyDeleteමළා .... බාස් කෙනෙක් ඩූඩ් අයියටත් ඇරල වගේ. :)
Delete@DDT : බාස්ල කියල තියෙන්නේ.. එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් එහෙම කරලා වගේ....
Deleteහිතාගත්තැහැකි :)
Deleteහෙන්රියා හැම එකාටම ඔවුන් ඇරලා ඇති.. ඒ කිව්වේ බාස් වැඩ පැත්තෙන්.. :)
Deleteමට දැන් බයක් නෑ උඹලා වගේ යාලුවො සැට් එකක් ඉන්න නිසා. බලාපල්ලකො කොච්චර concerned ද කියලා. :D
Deletehenryblogwalker the Dude
උඹ බාස්ල ගැන ලිව්වාම මමත් හිතාගත්තා බාස් කතා කියලා අලුත් ටැග් එකකින් සීරීස් එකක් පටං ගන්න. මම පොලිස් කතානම් පහක් විතර ලියලා තියෙනවනෙ.
ReplyDeleteඅයියෝ බාස්ලද.....-----------!!!!!!!!!!!!!!!!!!!! !@#$%$#@
henryblogwalker the Dude
ලියපං පුතා ලියපං.. අපිට ඕනේ කතා තමා..
Deleteඅප කුඩා කල අප නිවසේ ඉදිකිරීම් කටයුත්තකට නිවාස කීපයකට එහායින් සිටින මේසන් බාස් තුමෙකු පැමිණියේය... දිවා ආහාරයට ඔහුගේ ගෙදරට යාම සිරිතය.. දිනක් අනාදැමූ සිමෙන්ති ගොඩක් තිබියදී දිවා ආහාරයට ගෙදර ගිය මෑන් නැවත අවේ නැත... සවස් යාමෙ ගෙදරට ගොස් බැලූවිට දක්නට ලැබුනේ දිවා ආහාරයට පෙර කන සාක්කුවට වැටෙන්නට අඩියක් ගසා නිවසේ දපාගෙන සිටි බාස් තුමාය... සිරාගේ පියතුමානෝ ගෙවිය යුතු මුදල් ගෙවා සේවය නැවත අවැසි නැති බව පවසා... ඉතිරිවී තිබූ සිමෙන්තියෙන් කැඩී බිදී තිබූ කාණු ආදිය කුඩා අපද සහභාගි කරගෙන ප්‍රතිසංස්කරණය කළේය...
ReplyDeleteඒක සිරා වැඩේ..
Deleteඅපේ කුලේ අංකල් කරන්නෙත් ඇඩ්වාන්ස් අරගෙන උදේම ෂොට් එක දාගෙන වැඩේට බහින එක. ඉතිං අපි ලගට ගිහින් වද දුන්නොත් කුනුහරප වැලයි..
සම්පූරණ ඇත්ත .බොහෝ බාස්ලා ඔය වැනිය..ප්ලෑන් එකක් ඇඳ තිබුනාට උන් වැඩ උන්ට ඕන විදියට..අන්තිමට..ගේ,ප්ලෑන් එකට වඩා වෙනස්.
ReplyDeleteඅපි එතකොට අවුට් පුට් එකේ විදිහට ප්ලෑන වෙනස් කරන්නෝනි..
Deleteසමහර කාලකණ්නි එහෙම තමයි, මාත් අත්දැකීමෙන් කියන්නෙ.
Deleteඔප්පු හොයන්න කච්චේරිගානේ රස්තියාදුවෙන එකයි, බැංකු ලෝන් වගේ ඒවට කොළ පුරෝන එකයි, ගේ හදන්න බාස්ල හොයන එකයි, උං ගෙං වැඩ ගන්න එකයි ඔක්කෝම එකයි..
ReplyDeleteතූ නොදකිං...
මෙන්න පීඩනයට පත් තවත් තරුණ ජීවිතයක්..
Deleteසහතික ඇත්ත මචං !
බාස්ල හොඳයි.ඒ වැඩක් බාරදෙන්න නෙමේ.පාළු මකාගන්න.
ReplyDeleteඒකත් සිරා කතාව !
Deleteමාර බාස් කෙනෙක්නේ. අපේ ගෙදරත් හදාගන්න එන්න කිව්ව බාස් කෙනෙක් ඔය වගේ ආතල් වැඩක් කලා
ReplyDeleteමොකද සීන් එක..? කෝම හරි හොයාගෙන පලයන් බං.. මිනිස්සු රවට්ටන උන්ට ඉඩ දෙන්න එපා..
Deleteඅඩෝ එකෙක් බයින්නෑ බාස්ලට....
ReplyDeleteමමත් තව ටික දවසකින් මේසන් බාස් වගේ පොරක් හරිය.. :/
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉංජෙක් = බාස් කෙනෙක්. ඒකත් එල වැඩේ වගේ
Deleteඅම්මෝ උබව අමතක වුනා..
Deleteඋඹත් මෙහෙම පොලු තියන්නද කල්පනාව..
උඹට වඳින්නං රජතුමනි, ඔය පාර්ලිමේන්තු වගේ ලොකු දේවල් කරපං. මේ අපි හෙම යන එන පාලං හෙම හදන්න නං හිතන්නවත් එපා. :o
Deletehenryblogwalker the Dude
මම හිතන්නෙ බාස්ලා හැමදාම දුප්පත් වෙලා ඉන්නෙ මේවගේ විශ්වාස කටයුතු සේවාවක් දෙන්න බැරි නිසා..
ReplyDeleteකොහොම වුනත් සෑමගේ යාළුවා වගේ අය ඉඳලා හිටලාවත් පාඩමක් උගන්නපු එක හොඳයි..
බොහෝ වෙලාවට බාස්ලා දුප්පත් වෙන්නේ තියෙන බේබදු කම නිසා. නැත්තම් දවසකට 1000කට වැඩි මුදලක් උපයන එවුන් දුප්පත් වෙන්නෙ කෝමද?
Deleteඅනික මේ විදිහේ පොලු තැබීම් නිසා..
බාස් ලා ඔහොමම තමයි..
ReplyDeleteලා-වට ඒම තමා !
Deleteබාස්ලා ඔහොමම තමයි බන්.. සමහර එවුන් අතේ තියෙන ගාන හිදෙනකම් අලුත් වැඩකට අත නොගහ ඉන්නවා.. තව එවුන් වැඩ අල්ල අල්ල යනවා හැමතැනම.. වැඩේ බාගෙට කරාට පස්සෙ වෙන එකෙක්ට දෙන්නත් බෑනෙ..
ReplyDeleteමගදි ගියාම වෙන බාස්කෙනෙක් වැඩ භාරගන්නෙ නැති බව උන් දන්න නිසා බය නැතුව වෙන ඒවාට අත ගහනවා..
Deleteඅපේ ගෙදර අලුතෙන් ටයිල් කරන්න විතරක් ගියා මාස දෙකකට වඩා.....
ReplyDelete(ගෙදර ලොකූ එකක් නිසා නෙමේ.........:P
ඔය වගේ බාස්ලාගෙ වැඩ නිසා)
අපේ අයියලගෙ ගෙදර ටයිල් කරපු එකා කිව්වා ටයිල් එක එක සයිස්ලු. ඒක නිසා මැදින් ලොකු හිඩැසැක් එනවලු.. පස්සෙ වෙන එකෙක්ට දුන්නා.. පොර ලස්සනට කලා..
Deleteඕක හැම තැනම වෙනවා.. බස් උතුමන් නිසා !
හික්.එක එක සයිස් එන්නේ ටයිල් ගෙදර හදපු ටයිල්ද කොහේද :D
Deleteඉන්දියන් ටයිල් බොහෝවිට එක එක සයිස් තමයි.ඒක බොරුවක් නෙවෙයි. ඒත් දක්ෂ බාස් කෙනෙකුට ඇද පළුදු ඉවත් කරලා ටයිල් එක අල්ලන්න පුළුවන්.
Deleteගෙවල් හදනකොට ලොකු සයිස් දෙන බාසල එක්ක මට මල පනිනවා. උන් ගේ හදන්නේ උන්ට ඕනේ විදිහට මිසක් අපිට ඕනේ විදිහට නෙමෙයි. පොල්ල තියන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ
ReplyDeleteඉතිං බං ඇත්තනේ උන් හදන ගේ උන්ට ඕනෙ විදිහට එපැයි :)
Deleteමේ කියල තියෙන්නේ අපි දන්න කියන කෙනෙක් ගැන වගේ
ReplyDeleteහ්ම්.. හොයල බැලුවොත් හොයා ගන්න පුලුවං. මම හිතන්නේ දැනටමත් දන්නව ඇති.. :)
Deleteඔය වෝටර් බෝර්ඩ් එකේ වැඩකරන සෑම් අයියගේ යාළුවා වෙන්ඩ ඇති
Deleteමේ දවස් වල අපේ අක්කලගේ ගෙදර වැඩ.. බාසා ඔහොමම පොල්ල තියලා ගිහින්.. අපේ තාත්තා දවසක් බලලා පහුවදා වෙන එකක් දාලා වැඩේ කරද්දි කලින් බුවා ඇවිත්.. තාත්තා හොදවයින් දෙකක් කියලා දෙන්න තිබ්බ සල්ලි දීලා යවලා.. බාස්ලනම් ඔහොමමයි..
ReplyDeleteආදර්ශමත් වැඩක් බං. උන්ට සමාවක් දෙන්න හොද නැහැ.
Deleteමිනිස්සු අතරමං කරන නිසා..
බාස්ලානම් ඔහොම්මයි බං ඔවුන්ට දෙන්න හොද නෑ ඇඩ්වන්ස්වත්.. වැඩක් කරවගන්න වදින්න ඕනේ ඔවුන්ට
ReplyDeleteපට්ට තරහක් නේ කනියා තියෙන්නේ
Deleteඕ....... ගෙයක් හදන කාලෙට මතක් කරගන්න ඕන..:)
ReplyDeleteමේක ප්‍රින්ට් කරල ලැමිනේට් කරල තියා ගන්ට
Deleteහිකිස් මරු ඈ...
ReplyDeleteසමහර බාස්ලා ඉන්නවා එක වැඩක් කර කර ඉන්නකොට තව වැඩක් අර ගන්නවා. එතකොට වැඩ දෙකම නා ගන්නවා :)
ReplyDeleteඒක ඇත්ත. උන් වැඩ පිට යයි කියල ඒම කරන්නේ
Deleteහොද අත්දැකීමක්! මීට පස්සෙ ඔ්ං බාසෙකුට තගක් දානවනං අමතන්න සෑම් අයිය
ReplyDeleteඑල එල..
Deleteඔය ඕඅයිසී ගෙ නම්බරේ ටිකක් දීපන්කො.. මටත් බාසෙක් ඉන්නවා අල්ලගන්ඩ..
ReplyDeleteඔය යාළුවගෙ නම තිලාන්ද?????
ReplyDeleteඔකුන් නිසා ගෙවල් හදද්දී අපේ ලේ පිච්චෙනවා. මුළු ලෝකෙටම එකම තියරිය..
ReplyDeleteඔක්කොම බාස්ලා මෙහෙම නැ,බාස්ලා සහ බාසාවෙල්ලන් අතර වෙනස තමයි ඔය
ReplyDeleteමේක කියවලා ආතල් බාස් කතාවක් මතක් උනා
ඉස්සරහට බලමු
සෑම් දැක්කද මගේ පොලිස් කතා ටික
"බාසාවෙල්ලන්" =?
Deleteමේක නම් තේරුනේ නැහැ අටම්පහුර
මටද බාස්කෙනෙක් මෙහෙම කර ඇත. මම කලේ වෙන හොඳ බාස් කෙනෙක් අල්ලාගෙන ඉතුරු බාගේ කරගත්තු එකයි. පලවෙනි බාස් එද්දී ගෙයි කොටස හදලා ඉවරය. :D
ReplyDeleteගෙයක් හදනවට වඩා හොදයි ගල් ගුහාවක හිටියනම් කියල හිතෙන්නේ මුන්ගෙන් වැඩගන්නකොට තමයි.අම්මමප බාසල මතක් වෙනකොට @$##*#@#$#^&^@!
ReplyDeleteහැමෝම බාසලාට බනියි .අපේ ගෙදර හදපු බාසා එලය කිසිම ප්‍රමාද දෝෂයකින් තොරව වැඩේ සිදු කරන ලදි!
ReplyDeleteජය!!!!!
හැක හැක හැක
ReplyDeleteඅපොයි බාස්ලා ඔහොමමයි...
ReplyDeleteබාස්ලා ගැන නම් කතා කරලා වැඩක් නෑ... අවරුදු 3ක් රෙන්ට් ගෙවගෙව ඉන්න කට්ටියක් මම දන්නවා ගේ හදලා ඉවර කරගන්න බැරැව... මේසන් බාස් වඩු බාස් වයරින් බාස් පයිප්ප බාස් ඔක්කෝටම හපන් ටයිල් බාස් ..... අද එනවා කිව්වොත් එන්නේ මාසයක් කොල් කරලා බැන්නට පස්‌ෙස්... වෙන කරන්න දෙයක් නැතුව බාගෙට හදපු ගෙයි පදිංචි වෙලා ඉන්නවා....
ReplyDeleteබාස්ලා ඔහොම වැඩ බාගෙට දාලා යන්නේ උන් වැඩ තියෙද්දිත් තව තණ්හාවට වැඩ දෙක තුන එක පාර බාර ගන්නවා
ReplyDeleteඅපරාදේ දෙකක් අන්නවන්න තිබ්බේ....බාස් ලා කියන්නේ හැම එකාම ඔහොමයි..වැඩේ පටන් ගන්නවා ඊට පස්සේ හොයන්න නෑ....
ReplyDeleteබාස් මාමලා ඔහෝම්මයි අප්පා.... වඩු වැඩ නම් කමක් නැතෙයි කියමුකෝ කොහොමද පොලව ටයිල් කරන්න ආපු බාස්ලා ගෙයි බාගයක් ටයිල් කරලා මාරු වුනාම... ඊට පස්සෙ ටයිල් අල්ලන්න ආපු එකා ටයිල් මාරු කරලා ඇල්ලුවාම... ඒකෙත් රටාවක් තියෙනවා පුදුම කලාත්මකයි මම කිව්වට විස්වාස කරලා බලන්නකෝ හිහි...
ReplyDeleteබාස්ලා තමන්ගෙ හිතුමතේ කරන වැඩ හින්දා ගේක අභ්‍යන්තර සැලසුම් සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා.
ReplyDeleteඑතකොට නව නිවසේ,නිවැසියන්ගේ ජීවිතය සැලසුම් ශිල්පියා පුරෝකථනය කළ විදියට වඩා වෙනස්වෙනවා.
මේක අපි හිතනවට වඩා බැරෑරුම් ප්‍රශ්නයක්.
පට්ට සීන් එක ඔය වගේ බොරු කරන උන්ට දෙන්න ඕනේ ඔයවගේ තමයි
ReplyDelete