ඔහු දුෂ්කර ගුරු සේවයේ යෙදී සිටියේ රාජාංගනය නම් වූ ගම්මානයේය. ඒ තම බිරිද සහ උපන් පළමු දරුවා නඩත්තු කිරීමේ දැඩි අරමුණ නිසාය. සියළු දුක ගැහැට සිනහ මුසු මුහුණින් විදගැනීමේ අප්‍රමාණ ධෛර්්‍යය තම දරුවන්ටත් ලබා දීම පුරුදු කිරීම ඔහුගේ අරමුණ වූ බවට නැසැකය. මෙන්ම ඔහුගේ බිරිද, ඔහු සමග සිටිමින් එවන් දුෂ්කර ගම්මානයක කල් ගෙව්වේ ගුරු නිවාසයේය. රැයක් දහවලක් නැතුව ගුරු නිවාසය වට සැරි සරන සර්පයන් ඇයට, සුපුරුදු වූවාය. දරුවා සමග, තම නිවස අතැර ගෙවෙන වසර කිහිපය ඔවුන්ගේ ජීවිතය ශක්තිමත් කළ බවට සාධක වර්ථමානයේ දකින්නට ලැබෙන්නේය.
දුෂ්කර සේවාව අවසන ඔවුන් දෙදෙන සහ පළමු දරුවා සුපුරුදු නිවසට පැමිණියහ. ලෑලි ගැසූ නිවස, ඔවුන්ට සැනසිල්ලක් වූයේ මොනවා වුනත් අපි දැන් ඉන්නේ අපේම තැනකනේ යන අදහස සිතට ආ නිසාවෙන්ය. ඒ කොළඹ ප්‍රධාන මාර්ගය අසල ඉදි වු ලෑලි නිවසක්ය. ඔහුගේ මව, ඇගේ නැන්දම්මා, ගම් පෙදෙසේ ප්‍රධාන සිල්ලර කඩය කරද්දී, ඇගේ පියා, ඔහුගේ මාමණ්ඩී, පෙදෙසේ විශාලතම බේකරිය කළේය. එහෙත් ඔවුන් ගෙන් ලැබෙන සහයට වඩා දෙයක් නොයිල්ලමින් ඔවුන් පොලොව මත නැගී සිටීමේ නිරත වූහ. ලෑලි ගෙයක් පසෙකින් තබාගෙන, දෙමහල් නිවසක් තනන්නට සිතීම විහිළුවක් බව, ඔවුන් නොසිතුවේ ඒ අප්‍රමාණ ධෛර්්‍යය නිසාමය. මේ අතර ඇගේ මල්ලී, ඔහුගේ මස්සිනා ලොරි දෙකක් සහිත බිස්නස් කරුවෙක් වුයේය. ඒ අතර ඔහුගේම කියා පත්තර කඩයක්ද තිබුනේය. තමන්ට සියල්ල උරෙන් උර ගැටී කරන්නට බැරී නිසා ඔහු තම ඒජන්සිකම පැවරුවේ ඔහුගේ අක්කාගේ ස්වාමියා හෙවත් ගුරු මස්සිනාටය.
එදා රුපියල් දෙතුන් සීයයට ලැබුණු ඒජන්සිකම, අද කාලයේ පටන් ගන්නේනම් තැබිය යුතු තැන්පතු මුදල ලක්ෂ ගාණක් (5ට ආසන්න) වන්නේය. එසේම උපාලි, ලේක්හවුස්, සුමති, විජය, ආදී ඒජන්සිවලට එකින් එක වෙන වෙනම තැන්පතු තැබුව හොත් ඒ සදහා ගෙවන ලක්ෂ ගාණක තැන්පතුව දසගුනයකට වඩා වැඩි වන්නේය. ඒ කිසිවක් එකල නොසිතෙන්නට ඇති ඔවුන් තම මලයාට අඩුවක් නැතුව මුදල් ගෙවා ඒජන්සි ලබා ගත්තෝය. ඒ අතර ලෑලි නිවස දෙමහල් නිවසකට පරිවර්ථන කිරීමේ සටන ඇරඹීය.
පළමු දරුවාට පසු වසර 4කට පසු දෙවෙනි දරුවා (දියණිය) ලැබීමත්, එයිට වසරකට පසු තෙවෙන දරුවා (පුතු) ලැබීමත් ඇයගේ සිහින ගමන මදකුත් පමා වීමට හේතු නොවීය. එක ලග උපන් දියනිය හා පුතුන් දෙඅතට වඩාගෙන ඇය සියළු රාජකාරි ඉටු කළාය. උදේම පාසල් ගොස් දහවල නිවසට එන ස්වාමියා ඇයට සහනයක් වූවාය. බත් පිගානට පොල් සම්බෝලයක් තිබුනත් ඔහු කිසිවක් නොඅසන්නේය. ඒ ඇය විදි දුක් ඔහුගෙ සිත තැන්පත්ව තිබි නිසා විය හැකිය.
දෙමහල් නිවසට අත්තිවාරම වැටෙන්නේ මේ අතර තුරය. ප්‍රධාන පාරට මුහුණලා, කඩ කාමර තුනක් සහිතව, දෙමහල් නිවසක් ඔවුන් සැලසුම් කළහ. ඒ අතර පසෙකින් තිබු ගඩොල් මැටි සහිත ඔවුනට අයිති වූ වෙනත් පිරිසකට කුලියට දුන් කඩ කාමරය නොකැඩීමට ඔවුන් තීරණය කළහ. මෑතකදී ඇගේ පොඩිම පුතු ඇසුවේ “ඇයි අම්මේ මේ කඩ කෑල්ල කඩන්නේ නැත්තේ.“ කියාය. ඇය දුන් ප්‍රතිඋත්තරය මත ඇගේ දූරදර්ශි බව පුතු තේරුම් ගත්තේය. ඇය කිව්වේ ‘කවද හරි වාහනයක් ගත්තම තමා ඔය කඩේ කඩන්නේ. එතකොට පහල තට්ටුවේ ගැරේජ් එකට වාහනේ දාන්න පුලුවං.‘
ඔවුන්ගේ සියළු බලාපොරොත්තු අධිෂ්ඨානය සමග මුසුව කාලයත් සමග සැබෑ වුයේය. ප්‍රධාන මාර්ගය ඉදිරිපිට වටිනා කඩ කාමර තුනක් සමග දෙමහල් නිවසක් ඉදි වූයේය. පුවත්පත් ඒජන්සිය පෙදෙසේ විශාල පෙදෙසක් ආවරණය කරන ඒජන්සිය වීය. එසේම පුවත්පත් බෙදා හැරීම සදහා වෙනම දෙදෙනෙක් වැඩට ගත්තේය. ඒ සදහා දැල් කූඩයක් බැදි පා පැදි යොදා ගත්තේය. විටෙක ඔවුන් දෙදෙනාගෙන් යමෙක් සේවයට නොපැමිනෙන්නේද, එවිට බෙදා හැරිය යුතු පුවත්පත් ඔහු විසින්ම බෙදා හැරීමට ඔහු කටයුතු කලේ තම වෙලදාම වර්ධනය කර ගැනීමටය. එසේ බයිසිකලය පැදන්, පුවත්පත් රැගෙන යන විට පවා මගතොට හමුවෙන පුද්ගලයන් ඔහු ඇමතුවේ ‘සර්‘ කියාය. නැතොත් ‘ආ ඉස්කෝලෙ මහත්තයා.. අද ගෝලයා නැද්ද‘ කියාය. එසේ ගොඩනැගු ජීවිතය අද ඔවුන්ගේ දරුවන්ට ආභරණයක් වන්නේය.
දිනක් ඔහුගේ පොඩි පුතු සවස පැවැත්වෙන පෞද්ගලික පන්තියකට ඔහු ඇරලවූයේ මෙවන් දැල් කූඩය බැදි පා පැදියකය. එය දුටු ඔහුගේ මිතුරෙකු සියල්ලෝම ඉදිරිපිට පුතුව සමච්චලයට ලක් කළේය. ‘ඒ උඹ අද ආවේ අර බක්කියේ බැහැලා නේද?‘ කියද්දි පුතු නිහඩව සිටියේ ඔවුන්ට නැති යමක් තමන්ට තිබෙන බව උන් නොදන්නා නිසාය. එසේ කාලය ගෙවී පොඩි පුතුට ඔහු තවමත් මිතුරෙක්ය. මෑතකදි පුතුගේ රෝද හතරේ නැගී ඒ මිතුරා ගමන් කරද්දි පුතුට ඒ වදන් වැල නොනැවතී ඇසෙන්නට විය. එහෙත් මිතුරාගේ සිත නොකැඩීමට ඔහු වගබලා ගත්තේය.
දෙමාපියන්ගේ වැඩ වලට පුතු දෙදෙනා මෙන්ම දියණිය දුන් සහය දෙමාපියන් දත්තෝය. අයියා සාමාන්‍ය පෙල කොට නිවසේ සිටියදී, කඩේ ගෝලයා වැඩට නොආ දිනවල පත්තර බයිසිකලය පැද ගියේ අයියාය. උදේ 7ට පිටත්ව දහවල 11ට කිට්ටු වී දහඩිය පෙරාගෙන, විටෙක කකුල තුවාල කරගෙන නිවසෙට එන අයියාගේ මුහුන මලයාට තවමත් මැවී පෙනෙන්නේය. එසේ දෙමව්පියන්ට උර දුන් ඔහු විවාහ පත්ව තමන්ගේම නිවසක් තනාගෙන, ප්‍රසිද්ධ ආයතනයක මැනේජර් පදවියක් සමගම ඉහල වැටුපකට, රෝද සතරක් සහිතව වැජබෙන්නේය. ඒ එදා තාත්තාට යන්න නොදී බලෙන් පත්තර බයිසිකලය පැද ගිය නිසාවෙන්ය. තම රැකියාව කරන අතරතුර කඩේ වැඩ වලට උපකාර කළ දියණිය විවාහ පත්ව දෙමාපියන්ට බරක් නොවී ජීවත් වෙද්දි දෙමව්පියන්ට නිම් නැති සතුටක් වන්නේය.
පෙදෙසේ තවත් කඩ කිහිපයකට පුවත්පත් බෙදා හරින්නේද මේ ඒජන්සියෙන්මය. එසේ බෙදාහැරෙන පුවත්පත් මුල් කාලයේ රැගෙන ගියේ බයිසිකලයකය. එසේ රැගෙන යද්දී දෙතුන් වරකට වඩා ගමන් කිරීමට සිදු වීම මහත් හිසරදයක්ය. විටෙක තිරෝද රියක් කුලියට ගෙන පුවත්පත් රැගෙන ගියද එය ලැබෙන ලාභය අඩු විමට බලපාන නිසා, එම බයිසිකල් ගමන පොඩි එකා කරට ගත්තේය. එසේ යද්දි මග තොට දී හමුවෙන දන්නා එවුන් පවා කතා කරන්නේ අල්ප වශයෙන්ය. ඒ පත්තර රැගෙන යන නිසා විය හැකිය. දිනක් ඒ පැත්තේම සිටින සංගීත ගුරුවරියක පොඩි එකාගෙන් ඇසුවේ අහ් අද පත්තර බිස්නස් වගේ කියාය. ඒ වචන වැලට පොඩි එකා දුන්නේ ඇගේ කට වැහෙන උත්තරයක්ය. “ඔව් ඇන්ටී ඇයි?? අපි ඉස්කෝල ගිහින් ඉගෙන ගත්තේ, අපි ජීවත් වුනේ මේව කරපු සල්ලි වලින්, ඉතින් ගෙදර ඉන්න නිවාඩු දවසෙ ඒවට උදව් කලාට අමාරුවක් වෙන්නෙ නැහැනේද?“
දයාබර ඇනෝ... මෙච්චර වලි කෑවේ උබටත් ඒ ටික කීමටය.
උක්ත කතාවේ ඔහු ඇය සෑමාගේ දෙමාපියන්ය. ලොකු පුතා සෑමාගේ අයියාද, දියණිය සෑමාගේ අක්කාද, පොඩි පුතු/පොඩි එකා යනු සෑමාද වන්නේය.
අපි එක එකාට හිස නොනමා ජීවත් වෙන්නේ, අනිත් උන්ට උදව් කරන්නේ මෙවන් කාලපරිච්ඡේදයක් සාර්ථකව අහවර කළ නිසාය. ඒ අතීතය අමතක නැති සේම, ඒවා අවමානයක් ලෙස නොසිතන්නේය. සෑමා කවදත් කිවේ මේ ටිකය.
“මම පඩිපෙලක උඩට නැගගෙන යනවා. මට මුල්ම පඩිය තාම අමතක නැහැ. මොකද මම මගෙ සෙරෙප්පු දෙක ගැලෙව්වේ එතැන.“
ස්තුතිය ඇනෝ කමෙන්ට් එකතුකරන කතන්දරකාරයාට.
Written by sAm_9:09_19/08/2012
පලි - හිත් වේදනාවෙන් ලියුවක් නොව, අප්‍රමාණ ආඩම්බරයෙන් හා සතුටින් ලියුවකි.
දෙමහල් නිවසට අත්තිවාරම වැටෙන්නේ මේ අතර තුරය. ප්‍රධාන පාරට මුහුණලා, කඩ කාමර තුනක් සහිතව, දෙමහල් නිවසක් ඔවුන් සැලසුම් කළහ. ඒ අතර පසෙකින් තිබු ගඩොල් මැටි සහිත ඔවුනට අයිති වූ වෙනත් පිරිසකට කුලියට දුන් කඩ කාමරය නොකැඩීමට ඔවුන් තීරණය කළහ. මෑතකදී ඇගේ පොඩිම පුතු ඇසුවේ “ඇයි අම්මේ මේ කඩ කෑල්ල කඩන්නේ නැත්තේ.“ කියාය. ඇය දුන් ප්‍රතිඋත්තරය මත ඇගේ දූරදර්ශි බව පුතු තේරුම් ගත්තේය. ඇය කිව්වේ ‘කවද හරි වාහනයක් ගත්තම තමා ඔය කඩේ කඩන්නේ. එතකොට පහල තට්ටුවේ ගැරේජ් එකට වාහනේ දාන්න පුලුවං.‘
ඔවුන්ගේ සියළු බලාපොරොත්තු අධිෂ්ඨානය සමග මුසුව කාලයත් සමග සැබෑ වුයේය. ප්‍රධාන මාර්ගය ඉදිරිපිට වටිනා කඩ කාමර තුනක් සමග දෙමහල් නිවසක් ඉදි වූයේය. පුවත්පත් ඒජන්සිය පෙදෙසේ විශාල පෙදෙසක් ආවරණය කරන ඒජන්සිය වීය. එසේම පුවත්පත් බෙදා හැරීම සදහා වෙනම දෙදෙනෙක් වැඩට ගත්තේය. ඒ සදහා දැල් කූඩයක් බැදි පා පැදි යොදා ගත්තේය. විටෙක ඔවුන් දෙදෙනාගෙන් යමෙක් සේවයට නොපැමිනෙන්නේද, එවිට බෙදා හැරිය යුතු පුවත්පත් ඔහු විසින්ම බෙදා හැරීමට ඔහු කටයුතු කලේ තම වෙලදාම වර්ධනය කර ගැනීමටය. එසේ බයිසිකලය පැදන්, පුවත්පත් රැගෙන යන විට පවා මගතොට හමුවෙන පුද්ගලයන් ඔහු ඇමතුවේ ‘සර්‘ කියාය. නැතොත් ‘ආ ඉස්කෝලෙ මහත්තයා.. අද ගෝලයා නැද්ද‘ කියාය. එසේ ගොඩනැගු ජීවිතය අද ඔවුන්ගේ දරුවන්ට ආභරණයක් වන්නේය.
දිනක් ඔහුගේ පොඩි පුතු සවස පැවැත්වෙන පෞද්ගලික පන්තියකට ඔහු ඇරලවූයේ මෙවන් දැල් කූඩය බැදි පා පැදියකය. එය දුටු ඔහුගේ මිතුරෙකු සියල්ලෝම ඉදිරිපිට පුතුව සමච්චලයට ලක් කළේය. ‘ඒ උඹ අද ආවේ අර බක්කියේ බැහැලා නේද?‘ කියද්දි පුතු නිහඩව සිටියේ ඔවුන්ට නැති යමක් තමන්ට තිබෙන බව උන් නොදන්නා නිසාය. එසේ කාලය ගෙවී පොඩි පුතුට ඔහු තවමත් මිතුරෙක්ය. මෑතකදි පුතුගේ රෝද හතරේ නැගී ඒ මිතුරා ගමන් කරද්දි පුතුට ඒ වදන් වැල නොනැවතී ඇසෙන්නට විය. එහෙත් මිතුරාගේ සිත නොකැඩීමට ඔහු වගබලා ගත්තේය.
දෙමාපියන්ගේ වැඩ වලට පුතු දෙදෙනා මෙන්ම දියණිය දුන් සහය දෙමාපියන් දත්තෝය. අයියා සාමාන්‍ය පෙල කොට නිවසේ සිටියදී, කඩේ ගෝලයා වැඩට නොආ දිනවල පත්තර බයිසිකලය පැද ගියේ අයියාය. උදේ 7ට පිටත්ව දහවල 11ට කිට්ටු වී දහඩිය පෙරාගෙන, විටෙක කකුල තුවාල කරගෙන නිවසෙට එන අයියාගේ මුහුන මලයාට තවමත් මැවී පෙනෙන්නේය. එසේ දෙමව්පියන්ට උර දුන් ඔහු විවාහ පත්ව තමන්ගේම නිවසක් තනාගෙන, ප්‍රසිද්ධ ආයතනයක මැනේජර් පදවියක් සමගම ඉහල වැටුපකට, රෝද සතරක් සහිතව වැජබෙන්නේය. ඒ එදා තාත්තාට යන්න නොදී බලෙන් පත්තර බයිසිකලය පැද ගිය නිසාවෙන්ය. තම රැකියාව කරන අතරතුර කඩේ වැඩ වලට උපකාර කළ දියණිය විවාහ පත්ව දෙමාපියන්ට බරක් නොවී ජීවත් වෙද්දි දෙමව්පියන්ට නිම් නැති සතුටක් වන්නේය.
පෙදෙසේ තවත් කඩ කිහිපයකට පුවත්පත් බෙදා හරින්නේද මේ ඒජන්සියෙන්මය. එසේ බෙදාහැරෙන පුවත්පත් මුල් කාලයේ රැගෙන ගියේ බයිසිකලයකය. එසේ රැගෙන යද්දී දෙතුන් වරකට වඩා ගමන් කිරීමට සිදු වීම මහත් හිසරදයක්ය. විටෙක තිරෝද රියක් කුලියට ගෙන පුවත්පත් රැගෙන ගියද එය ලැබෙන ලාභය අඩු විමට බලපාන නිසා, එම බයිසිකල් ගමන පොඩි එකා කරට ගත්තේය. එසේ යද්දි මග තොට දී හමුවෙන දන්නා එවුන් පවා කතා කරන්නේ අල්ප වශයෙන්ය. ඒ පත්තර රැගෙන යන නිසා විය හැකිය. දිනක් ඒ පැත්තේම සිටින සංගීත ගුරුවරියක පොඩි එකාගෙන් ඇසුවේ අහ් අද පත්තර බිස්නස් වගේ කියාය. ඒ වචන වැලට පොඩි එකා දුන්නේ ඇගේ කට වැහෙන උත්තරයක්ය. “ඔව් ඇන්ටී ඇයි?? අපි ඉස්කෝල ගිහින් ඉගෙන ගත්තේ, අපි ජීවත් වුනේ මේව කරපු සල්ලි වලින්, ඉතින් ගෙදර ඉන්න නිවාඩු දවසෙ ඒවට උදව් කලාට අමාරුවක් වෙන්නෙ නැහැනේද?“
දයාබර ඇනෝ... මෙච්චර වලි කෑවේ උබටත් ඒ ටික කීමටය.
උක්ත කතාවේ ඔහු ඇය සෑමාගේ දෙමාපියන්ය. ලොකු පුතා සෑමාගේ අයියාද, දියණිය සෑමාගේ අක්කාද, පොඩි පුතු/පොඩි එකා යනු සෑමාද වන්නේය.
අපි එක එකාට හිස නොනමා ජීවත් වෙන්නේ, අනිත් උන්ට උදව් කරන්නේ මෙවන් කාලපරිච්ඡේදයක් සාර්ථකව අහවර කළ නිසාය. ඒ අතීතය අමතක නැති සේම, ඒවා අවමානයක් ලෙස නොසිතන්නේය. සෑමා කවදත් කිවේ මේ ටිකය.
“මම පඩිපෙලක උඩට නැගගෙන යනවා. මට මුල්ම පඩිය තාම අමතක නැහැ. මොකද මම මගෙ සෙරෙප්පු දෙක ගැලෙව්වේ එතැන.“
ස්තුතිය ඇනෝ කමෙන්ට් එකතුකරන කතන්දරකාරයාට.
Written by sAm_9:09_19/08/2012
පලි - හිත් වේදනාවෙන් ලියුවක් නොව, අප්‍රමාණ ආඩම්බරයෙන් හා සතුටින් ලියුවකි.
වෙල් ඩන් සැමා!!! කට උත්තර නැති වෙන්නම දීලා තියෙනවා
ReplyDeleteමුල අමතක නොකර ලැජ්ජ නැතුව කතා කරන එක වටිනවා සහෝ.
Deleteස්තුති උබට !
මෙන්න උබ එක :))
No Comments...!!!
ReplyDeleteMy first ENGLISH Comment :P
Got to know that you are attending ENGLISH class now...
Delete:D
Please accept my humble bow... HATS OFF SAM!!!
ReplyDeleteඋඹ එදා ඔය කතාව කියද්දී මම හිතුවේ නෑ ඒ කතාවේ මෙච්චර ගැඹුරක් ඇති කියලා..
Thanks ALX,
Deleteමේ සංෂිප්තය !
අනික ඕක ඇනෝ කමෙන්ට් එකක් නෙවේ බ්ලොගර් කමෙන්ට් කියලත් මම දන්නවා !
බිංදු,හපනා,මිහිර, විජය, විදුසර ඉඳන් තරුණයා වෙනකල්ම ඒ අත් දෙකෙන්ම ගත් බවට තවමත් ඇති මතකය නිසා මේ කතාවේ සත්‍යතාවය ගැන කිසිම සැකයක් නැත....
ReplyDeleteබයි ද වේ: අර ගෝලයා ගිය මාසේ කිවුවනෙ බන් පොර වැඩට ඇවිත් දැන් අවුරුදු 20 ගානක් කියලා? ඇත්තද බං?
උබ කියන්නේ අපේ වසන්තයා ගැන.. හිකිස්...
Deleteඔව් බං ඕකා අපි පොඩි කාලෙ ඉදන් ඉන්නේ. හැබැයි වැඩ කරපු දවස්වලට වඩා වැඩට නාපු දවස් ඇති. උබ කියන්නේ ඌට පාඩුද දවසට පැය 4ක් වැඩකරල ආතල් එකේ ඉන්න එක?
This comment has been removed by the author.
ReplyDeleteආඩම්බරයි කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ :)
ReplyDeleteහ්ම් !
Deleteනියමයි!!!!
ReplyDelete//මම පඩිපෙලක උඩට නැගගෙන යනවා. මට මුල්ම පඩිය තාම අමතක නැහැ. මොකද මම මගෙ සෙරෙප්පු දෙක ගැලෙව්වේ එතැන.“//
කියන්න දේවල් නෑ.. වෙන්න ඕනෙ ඔච්චරය්... මුල මතක මිනිස්සු දිනනවා!!!
එතකොට අර අගින් කමෙන්ට් දාන ඇත්තෝ ?
Deleteධෛර්යවන්ත ජෝඩුවක්.
ReplyDeleteඒ හයිය තමා මේ !
Deleteමුල මතක නැත්නම් .........
ReplyDeleteමැද මොනවද වෙන්නෙ කියලා මතක් වෙන්නෙත් නෑ
අග කොයි වගේ වෙයිද කියලා හිතන්න මතක් වෙන්නෙත් නෑ.
එහෙම උන් නැහැ බං දැන්. අතීතේ මතක් කරන්න අකැමැති ලැජ්ජ වුන් ඉන්නේ !
Deleteඇත්තටම සෑම්, කරලා තියෙන වැඩ ගැන බලපුවාම මම හිතුවේ නැහැ මේ වගේ කොල්ලෙක් කියලා. අර කිව්වත් වගේ (Xander) Hats off to you brother...
ReplyDelete:D
Deleteයකෝ මම අහවල් එකක් කරලද?
මම නම් මුල කියවද්දිම දැන ගත්තා මේ උබලෑ කතාව කියලා.. කියවන්ඩ වටින, ගැම්මක් එන කතාවක් ඒක.. ඕවා උත්සහයෙන් දියුණුවෙන කාටත් හොඳ ආදර්ශ.. මචන් ඕක තව ටිකක් ඇදලා සවිස්තරව කතාවක් වගේ ලියුවොත් කොහොමද ? පොතක් උනත් කරන්ඩ පුලුවන්..
ReplyDeleteඋත්සහවන්තයින්ගේ කතාව එළියට ගත් ඇනෝලාටත් ආචාර නොකර කොහොමද ? ඒත් උඹ ඇනෝ කමෙන්ට් වලින් සැලෙනවානම් මේ ගමන යන්ඩ අමාරුයි නේද ? ආතුරයන් අතර අනාතුරව ඉන්ඩ බලපන්.. මුල් හොඳ හින්දා අනිවාරයයෙන් ගහ හොඳ වේවී..ඒත් පොඩි පොඩි හුලන් වලට වැටෙන්ඩ හදන්ඩ එපා.. අල්ලලා හිටපන්..
ජය !!
//ඇදලා සවිස්තරව කතාවක් වගේ ලියුවොත් // කස්ටියට එපා වෙනවා ෂුවර් !
Delete//කතාව එළියට ගත් ඇනෝලාටත් // ඇනෝම නෙවේ බං. ඇනේ වෙස් ගත් බ්ලොගෙක්.
// ආතුරයන් අතර අනාතුරව ඉන්ඩ බලපන්..// ස්තුති මචං. කෝමත් අනාතුරයි.
ජය !
සෑම් අයියේ.. උඹ අයිය ගැන අළුතෙන් බ්ලෝග බඳින්න ගනිපු මමත් හොඳට දන්නවා. මම වගේ තවත් හොඳට දන්නා අය ඇති.. මට වඩා හොඳට. තරියා එහෙම..
ReplyDeleteඔහේට අමතක උන දේවල් ටිකක් මතක් කොරන්න ඕනේ..
1. බුරන බල්ලා හපා නොකයි
2. බල්ලෙක් බිරුවට කන්දක් පත් වේද..?
3. උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇද ඇරෙන්නේ නෑලු
4. බල්ලට ඇති වැඩකුත් නෑ... හෙමින් ගමනකුත් නෑ...
5. කම්මලේ බල්ලා වගේ
සියලුම බලුතාවනි... තොපලාට අපහාසයක් වුයේ නම් සමා වනු මැන.
ජිවිතේ පස්සට හැරිලා බලද්දී තමන්ට සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි..
අන්තිමටම එක දෙයක්... " සාර්ථකත්වයේ මාවත් මා නොහදුන්නෙමි.. එහෙත් අසාර්ථකත්වයේ එකම මාවත සියල්ලන් සතුටු කිරීමට යාමය."
අවසානයේ කෙසේ නමුත් "බල්ලෝ බුරති සඳ බැබලෙති"
උබ තරියගෙ යාළුවෙක්ද බං?
Deleteඔය බල්ලො ගැන මම කලින් හින්දි වචන සැට් එකක් දැම්මා.
“බව්වා බූරා හේ.. කන්දා පාතා නහී හේ “
//5. කම්මලේ බල්ලා වගේ//සුදා මල්ලි , අපේ එකා හොදයි බන් ඔය ඇනෝල වගේ නෙමයි හැම වත්තෙම කක්ක කරන්ඩ යන්නේ නෑ.
Deleteඅරේ වහ්..........! ආප්කා බාත් බොහොත් අච්චා හේ යාර්.
Delete@සෑම් අයියා- තරියා පිලිබඳ සුදා මල්ලිගේ දැනීම:- දැක ඇත්තේද කතාබහ කර ඇත්තේද මුණු පොතෙන් පමණි.
Delete@කම්මල- බල්ලා හොඳයි කම්මල් අයියා අයිතිකාරයෝ කොහෙන්වත් ගිහින් වාඩි කොරවන්නේ නැත්නම්.. :ද ෂා....... ඔහේ ලඟත් බල්ලෙක් ඉන්නවයි....?
@සරත් අයියා- ආප්කා නහි අන්ඩස්ටෑන්ඩ් හේ
එල සෑමා එල...!!!
ReplyDeleteඑල !
Deleteසෑමෝ සෙරෙප්පු දෙකටත් කෙලීද දන් නැ
ReplyDeleteඅර මහත්තයගෙන් තමා අහන්න වෙන්නේ
Deleteකොයි කෙනාද?
Deleteඋත්සාහවන්තයන්ට ජය වේවා.....
ReplyDeleteසෑම්ට සහ සෑම්ගේ පවුලේ අයට....
ඇඩෙන්නම දීලා තියෙන්නේ ඇනෝලට..
ReplyDeleteකවද හරි ආඩම්බරෙං දෙයක් කියන්න ඉතුරු වෙන්නේ දුක් මහන්සියෙං ගොඩනැගුනු මිනිස්සුන්ට විතරයි...
එහෙම නැතුව රත්තරං හැන්දෙං කිරි බීපු එවුංට නෙමේනේ..
බියගම උං දන්නවනේ සෑමලගෙ ඒජන්සිය ගැන..
තව කවර කතාද ඉතිං..
ජයවේවා කීවා!!!!!!
//රත්තරං හැන්දෙං කිරි බීපු එවුං// දුලබයි.
Deleteඑත් රත්තරං හැන්දෙන් කිරි බිව්ව වගේ දගලන එවුන් බහුලයි.
දන්නවද ? රත්තරං හැන්දෙන් කිරි බොන්නේ කිරි දෙන්න අම්මෙක් නැති උන් !!
ජය සහෝ !
උඹ නියම කොල්ලෙක් මල්ලි.. ජයවේවා.. වැජඹේවා...
ReplyDeleteතුති මාතලන්.
Deleteබොටත් ජය !
ආදර්ශවත් කථාවක්... මම කථාව කියවන්න ගත්ත මුල්ම හරියෙදිම හිතුවා මේ කථාව සෑමා ගෙ වෙන්න ඇති කියලා... වැඩ බැරි උන්ට පුලුවන් වැඩක් කරන එකාට ගල් ගහන්න විතරයි... එහෙම කරලත් වට්ටගන්න බැරි උනොත් පස්සෙ කලෙක කපන්න ගිය අත සිබිනවා වගේ බොරුවට වර්ණනා කරාවි හිත යටින් පැසවලා එන කුණු ගද හංග ගෙන...
ReplyDeleteඔය කිව්ව ලස්සන පවුලේ පුංචි පින්තූරෙකුත් තිබුනා නම් තමයි මේ පෝස්ටුව සම්පූර්ණ...
අප්පොච්චියේ පිංතූර ස්කෑන් කොරල ගන්න වෙයි..
Deleteජය හොදේ !
නියමයි සෑමා.. උබෙත් මගෙත් කතාව එක වගේමයි.. පොඩො පොඩි වෙනස් කම් තියෙන්නේ.. උබේ අම්ම තාත්තා ගැන ආඩම්බරයි බං..
ReplyDeleteකෝ ඉතින් කතාව ?
Deleteස්තුති මචං !
ආචාරය :)
ReplyDeleteනියමයි සෑම් නියමට උත්තර දීලා තියෙනවා උබ ....
ReplyDeleteතුති !
Deleteජීවිතේ කටු කාල ,පචවෙලා,චාටර්වෙලා,උත්සාහවන්ත වෙලා ජීවිතය ජයගත්ත එකා තමයි නියම වීරයා..! කටුකාල..කාල..ගොඩනගාගත්තු ජීවිතය ගැන ආඩම්බර වෙන එකෙක් විදියට මමත් උඹට සුභ පතනවා.අතීතය අමතක නොවීම පිලිබඳව.
ReplyDeleteස්තුති සහෝ..
Deleteමොනව වුනත් ඒ කටුකත්වයේ අමිහිර අපිට නොදැනෙන්න දෙමව්පියෝ වගබලා ගත්ත.
මචං සෑම්, උඹේ අම්ම තාත්ත ගැන එයාලගෙ ධෛර්යය ගැන මට බොක්කටම වැදුනෙ අර අපි නයි කතන්දරයක් කියපු දවසෙ උඹේ රිප්ලයි එකෙන්. තමන් ආපු ගමන මතක තියෙන මිනිස්සු, ඒ ගැන ආඩම්බරෙන් කතාකරන මිනිස්සු මහ පොළොවෙ පයගහල ජීවත් වෙන මිනිස්සු. එයාල ලේසියෙන් වැටෙන්නෙ නෑ බං, ඔය පරඬැල් හෙලවුනාට.
ReplyDeleteඔය කමෙන්ට්ස් මමත් දැක්ක බං, ඇත්තටම මිනිස්සුන්ට ඔය තරම් කුහක වෙන්න පුළුවන්ද, අනෙක මොකටද? මොනව වෙනුවෙන් ද? පහත් උත්පත්තිය! නැතුව වෙන මොකක්ද? කකාගෙ බ්ලොග් එකේ ඇනෝල නටන විකාරෙ ගැන ඇත්තටම මමත් කලකිරුණ, පහුගිය පෝස්ට් එකක මමත් ඒ ගැන කකාට කමෙන්ට් එකක් දැම්මා. සමස්ථයක් වශයෙන් ගත්තම සිංහල බ්ලොග් අවකාශෙ ගඳගස්සවන කීප දෙනෙක් ඉන්න බව සැලකිල්ලෙන් බලන් හිටියම වැටහෙනව. මේ සයිබර් අවකාශයෙදි සුහදව හමුවෙල විහිළුවක් කරල හිනාවෙල මොනව හරි අත්දැකීමක් අරන් එදිනෙදා ජීවිතයෙදි ඇතිවෙන ආතතිය අඩුකරගෙන සතුටුවෙන්න බැරිකම මොනතරම් පවුකාරකමක් ද කියල මට වෙලාවකට හිතෙනව. ඇත්තෙන්ම ඔවුන්ට අපි සියළු දෙනා අනුකම්පා කළ යුතුයි කියලයි මටනම් හිතෙන්නෙ. ඒ අතින් උඹ හරි උත්තරේ දීල තියෙනව සෑම්.
(මේ වගේ සරල කමෙන්ට් එකක්වත් සමහර තැන්වල දාන්ට බෑ, වටකරල නෙලන්ට ටීම් එකක් සැදී පැහැදී ඉන්නව. මට නම් ඕන මේ ඉන්න ටික කාලෙ හැමෝම එක්ක සුහදව සතුටෙන් ඉන්න, අවුරුදු කීපයක් තිස්සෙ මේවල වෙච්චි දේවල් මම දැක්ක, ඇහුවා. ටිකක් අන්තවාදී වුනත් අන්තිමට මම හිතන් ඉන්නෙ කිසිම කෙනෙක් එක්ක පුද්ගලික දැන හැඳුනුම්කම් ඇතිකර නොගෙන ඉන්න එක වඩා හොඳයි කියල. බොහෝ විට කල්ලි ඇති වෙන්න මූලිකම හේතුව බ්ලොග් අවකාශෙන් එපිටට ගිය පුද්ගලික හිතවත්කම් කියල පෙනෙන්ට තිබෙන නිසා. එක ජාතියෙ කුරුල්ලො එක අත්තෙ වහනවළුනෙව.)
ඇත්ත මචං..!
Deleteස්තුති සහෝ !
Deleteඋබේ දිග කමෙන්ට් එකට මම සරල රිප්ලයි එකක් දෙන්නම්. ඉතිරිය උබ හිතා ගනින්.
සුමිත් බ්ලොග් එකක් නොලියා උබ වගේම හැම බ්ලොග් එකක්ම කියෙව්ව කාලෙ උබට මතක ඇති. ඒ කාලෙ හැම එකාම සුමියා එක්ක හිටියා. දැන් සුමියා බ්ලොගක් ලියනවා. දැන් ඌට කුහකකම් කරන එවුන් ටිකක් ඉන්නවා. දකින්න ඇති ඌට විරුද්ධව තිබුන කමෙන්ට්.
// ඇත්තටම මිනිස්සුන්ට ඔය තරම් කුහක වෙන්න පුළුවන්ද, අනෙක මොකටද? මොනව වෙනුවෙන් ද? පහත් උත්පත්තිය! නැතුව වෙන මොකක්ද?//
උබත් ලියන්න පටන් ගත්ත දවසට උබට නෙලයි.. (දැනටමත් සමහර තැන් වල නෙලනවා නේද?)
උන් බ්ලොග් වලින් තමන්ට නැති දෙයක් ලෝකෙට පෙන්නනවා. අපි බ්ලොග් ලියනවා විනෝදෙට,
ඒ කියන්නේ උන්ගෙ ජීවිතේ.. අපි විනෝදෙට කරන දේට සමානයි. හිකිස් !
@ DDT - උඹ කියපු දේවල්වලට සම්පූර්ණයෙක් එකගයි. ඔය කල්ලි කේස් එකෙන් වෙච්ච අවුල් ගැන අපි කතා කරන්න ඔනෙත් නෑ. දුකා අයියා ළගදි දාපු පෝස්ට් එක දැක්කහම තේරෙනවා, ඔය කල්ලිවල බැස්ම සහ නිස්සාරබව. ඕවගෙන් තමා ඇත්තටම 'ගද ගැස්සවීම්' වෙන්නේ.
Deleteසෑමා කියල තියනවා වගේ, ඇත්තටම මොකක්ද බන් උන්ගේ ඔය මඩ ගැහිලි වලින් තියව 'මොන්ටිසෝරි' ආතල්. ඇයි බ්ලොග් මහ මැතිවරණයට ඉල්ලල දිනන්නද? නැතන්ම් හොදම මඩයට කප් එකක් දෙනවා කියල කවුරුහරි කිව්වද?
මේ මෝඩ චූන් වලට සෑමා දුන්න 'කනේ පාර' ගැන නම් ඇත්තටම ආඩම්බරයි.
මුල අමතක නොකිරීම ජයග්‍රහනයේ අඩිතාලමයි.ජය!
ReplyDelete(http://hardwaretest4u.blogspot.com/)
ජයෙන් ජය !
Deleteදුක දිනා ජයගත් මිනිස්සු.....
ReplyDelete“මම පඩිපෙලක උඩට නැගගෙන යනවා. මට මුල්ම පඩිය තාම අමතක නැහැ. මොකද මම මගෙ සෙරෙප්පු දෙක ගැලෙව්වේ එතැන.“
.....නියම කොටේෂන් එක....
ඒක නෙවෙයි බං....උඹට ආදුරුසෙට ගන්නයි කියපු සුමිත් නිරිඇල්ලට ත් එතනදිම කෙළියනෙ.... ;)
උබ බ්ලොග නොලියන්න කලින් උබට වන්දනා කරපු උන්, උබ බ්ලොග ලියනකොට උබට ගරහන්නෙ ඇයි කියල අපිටත් තේරෙන්නෙ නැහැ.
Deleteඑකෙක් හොදට ලියනකොට එන කුහක කමද?
මම නම් කියන්නේ ඇනෝ කොමෙන්ට් වලට ඉඩ දීම නරකයි කියායි.මුහුණට කියන්න බැරි ඉරිසියා කතා ඇනෝ හැටියට කියනවා. මම නං ජීවිතේට ඇනො කොමෙන්ට් දාලත් නැහැ දාන්න ඉඩ තියන්නෙත් නැහැ මගෙ බ්ලොගේ.
Deleteඒ මරුනේ...මගේ ගානේ ලේන්සුවක් ඒ ඇනෝට #^^ තියන $%& පිහද ගන්න..
ReplyDelete#^^ තියන $%& පිහද ගන්න වෙලාවක් නැතිලු. හැමදාම කවුරු හරි එකෙක් එනවලු !
Deleteවෙන කියන්න දෙයක් නැහැ.ඇත්තමයි ආඩම්බරයි සහෝ :)
ReplyDeleteතුති !
Deleteජය වේවා මචං. වදින්න ඕන තැන් වලට නියමෙට වදින්න ඇති.
ReplyDeleteඋඹව අවුරුදු උත්සවේ හම්බුන වෙලාවෙ මම හිතුවෙ නෑ උඹ මේ වගේ සිරා ඩයල් එකක් කියලා..
හම්බුනා නම් තමා. එදා දැක්ක ලස්සන දැන් බ්ලොග් අවකාශෙ තියෙනවද බං?
Deleteස්තුති !
සෑමා ගැන ආඩම්බරයි.... එලකිරි සෑමෝ !!!
ReplyDeleteහැට්ස් ඕෆ් !
ටැංකු මචං.
Deleteඋබ වික්ටර් අයිවන්ව දන්න එක ගැන ඇනෝ ආඩම්බරෙන් කතා කරලා :))
අපූරු කතාවක් සෑම්... මං කැමතිම මෙන්න මේ විදියේ කතාවලට... මේවා ලැජ්ජා විය යුතු කතා නෙවෙයි..අපි කාගෙත් ජීවිතවල තියෙන සුන්දරම පැත්ත තමා මේ. ජීවිත කියන්නේ මල් යහන් වල පෙරලි පෙරලි ඉන්න එකය කියලා හිතන අයටනං මේක අරුමයක් වෙන්න පුළුවන්...ඒත් මේ තමා නියම ජීවිතේ...
ReplyDeleteමේ ලිපිය විතරක් නෙවෙයි පහුගිය බ්ලොග් අවකාශය පුරාම ලිය උන ලිපි හා කමෙන්ට් සෑහෙන ප්‍රමාණයක් මං කියෙව්වා...ඒ හැම තැනකදීම මං දැක්ක දෙයක් තමා උමට කෙලින්න හදන්නේ උඹ ගැන හුගක් දන්න උන් ටිකක්.. පැහැදිලිවම ඉරිසියාව කියන දේ කරට ගහලා කරන කතා ටික් ඇර වෙන දෙයක් ඒ කතා ඇතුලේ තිබුනේ නැහැ. මේ කතාව කියෝපුවම මට තේරුනේ ඇත්තටම ඔය හාදයින්ට උඹත් එක්ක ඉරිසියාවක් ඇති වෙන්න මේ ටික ඇති කියලයි.
මුල තාමත් මතක උන්ට ජයවේවා ! අමතක උන්ටත් ජයවේවා... උන් කොහේදි හරි මුල හොයද්දි ඒක නෑ... සැමාගේ හිතට වැදුනුම පෝස්ට් එකයි... :)
ReplyDeleteපල ඇති රුකට ගල් වදිද්දී රුක කතා කරනවා දුටිමි..
ReplyDeleteමෙවන් මවක් පියෙක් සහ පවුලක් ලද ඔබ වාසනාවන්ත යැයි හැඟේ..
/* දිනක් ඒ පැත්තේම සිටින සංගීත ගුරුවරියක පොඩි එකාගෙන් ඇසුවේ අහ් අද පත්තර බිස්නස් වගේ කියාය. ඒ වචන වැලට පොඩි එකා දුන්නේ ඇගේ කට වැහෙන උත්තරයක්ය. “ඔව් ඇන්ටී ඇයි?? අපි ඉස්කෝල ගිහින් ඉගෙන ගත්තේ, අපි ජීවත් වුනේ මේව කරපු සල්ලි වලින්, ඉතින් ගෙදර ඉන්න නිවාඩු දවසෙ ඒවට උදව් කලාට අමාරුවක් වෙන්නෙ නැහැනේද?“ */
ReplyDeleteනියම පිළිතුර!
මගේ පන්තියේ කොල්ලෙක් කොට කලිසමක් ඇඳගෙන ආවාය කියා හිනා වුණු ගුරුවරියෙකුත් ඔහුගෙන් මේ ආකාරයේම කතාවක් අහ ගත්තා!
// පන්තියේ කොල්ලෙක් කොට කලිසමක් ඇඳගෙන ආවාය කියා හිනා වුණු ගුරුවරියෙකුත් // මේ කතාව කියෙව්වා මතකයි.
Deleteඅවාසනාවකට කකෝ මම කතන්දර බ්ලොග් එකේ දැන් කමෙන්ට් කරන්නෙ නැහැ. පිට උන් ඇවිත් අරිනකොට වෙලාවක කකාට ගානක් නැහැ.මම ඇනෝ ඩිසේබල් කෙරුවේ මට හැර පිටස්තරයින්ට බැනලා කමෙන්ට් දාන උන් ඉන්න නිසා.
ජය !
පත්තර ඒජන්සිය කරන එක ලජ්ජා වියයුතු දෙයක් කියල හිතන එකෙක් ඉන්නවනම් ඒක හරකෙක්, ඔක්කොම පත්තර එකපාර කියවන්න හම්බවෙන්නේ ඒජන්සිය කරන එකාට විතරයි, මට තාමත් ඉරිසියයි අපේ පැත්තේ පත්තර ඒජන්සිය කරන එකත් එක්ක.හැබැයි පොර නම් කියන්නේ යකා බදාගත්තා වගේ වැඩක් කියල, කැපවීමෙන් ම කරන්න ඕනෙ කියල .
ReplyDeleteඇනෝල දාන ඒවා පස්සෙ පන්නන්න එපා සැමා පේන විදිහට තමන්ගේ බ්ලොග් එකේම ඇනෝ කොමෙන්ට් දාල ආතල් ගන්න කට්ටිය ඉන්නව.
මමත් හිතුවා මේනම් සෑමගෙ කතාවම තමා කියලා.ගොයම් කරලත් බර වැඩි වෙන්න වෙන්න බිමට නැවෙනවාලු.:))))
ReplyDeleteදැන් මොකක්ද බං මෙතන ලැජ්ජා වෙන්න තියෙන්නෙ?
ReplyDeleteමට නම් එහෙම දෙයක් පේන්නෙ නෑ.
සෑම්. උඹට මතකද මගේ පෝස්ට් එකක් තිබ්බා "මගේ මචං බාප්පලා සහ 'පටුන'" කියලා. ඒ මචං බාප්පලාටත් තියෙනවා පත්තර ඒජන්සියක් අපි ඉපදෙන්න ඉස්සර ඉඳං. අර පටුන පොත ගැන කිව්වෙ ඒ පත්තර ගෙනියපු ලමයෙක්. ඔය සේවකයො නැති දවසට අර චූටි බාප්පා (ඌ මගෙ වයසෙමයි) පත්තර බයිසිකලේ අරන් පේපර් රූට් එකේ යනවා. දවසක් මාත් මගෙ බයිසිකලේ මූත් එක්ක ගියා. උදේ පාන්දර හයටද කොහෙද පිටත් වෙච්ච ගමන ආපහු එනකොට දවල් දෙකද කොහෙද. මාර අත්දැකීමක් ඒක.
මිනිස්සු "ඕයි, අයිසෙ, තමුසෙ, කොලුවො" කියලා කතා කරනකොට එදා අපි දෙන්න මූණට මූණ බලගෙන හිනා වුනා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අපෙ කාගෙත් කතාවල් ඔය වගේ තමයි සෑම්, සතුට දැනෙන්නේ මුල අමතක නොකර ඒ කටුක මතක ඔස්සේ නැවත මනසින් ගමන් කරනකොට ...
ReplyDeleteධර්මද්වීපය කියා ලොවටම කියා ගන්නා මිනිස්සු ඉන්න රටක අය නේද මේ අනිත් මිනිස්සුන්ගේ රැකියාවට ගරහන්නේ. ඔස්ට්‍රේලියාව වගේ රටවල සියලුම රැකියා කරන මිනිස්සු හවසට පබ් එකේදී එකතු වෙලා සුහදව බියර් එකක් තොල ගානවාලු. එතනදී දෙන ඩොලර් වල ගහල නෑ මේක පාර අතුගාපු ඩොලර්, මේක බැංකු මනේජර්ගේ ඩොලර් කියල. එතැනදී තැන තියෙන්නේ සල්ලි වලට. හොයපු ක්‍රමයට නොවෙයි. රටක සමාජයක් පවත්වාගෙන යන්න හැම කෙනාගෙම දායකත්වය වටිනවා. ටොයිලට් සුද්ද කරන මිනිහා මාසයක් වැඩ නොකරොත් අනිත් යට වෙන දේ ගැන කියන්න අවශ්‍යද ?
ReplyDeleteමාරයාගේ කතාව කියෙව්වහම තමයි මටත් වැටහුනේ අපට වෙලා තියෙන දේවල් මොනවාද කියල. ඒ වගේම තමන්ට මුහුණ දෙන්න වුන දුක්ක දායක දේවල් කියන්න බය වෙන්න ඕනත් නැහැ කියල. රැකියා කරන අපට හිතිල තියෙන දෙයක් තමයි අපේම කියල ව්‍යාපාරයක් තිබ්බා නම් කොයි තරම් හොඳද කියල. ලැබෙන වැටුප මදියි කියල පාරවල් වල කෑ ගහනවට වඩා සැමගේ තාත්තා කල දේ කොයි තරම් ආදර්ශමත්ද ?
මම ඒක දෙයක් කියන්න අද සෑමා ලියන දෙයින් පේනවා ගෙදර පත්තර ඒජන්සිය තිබීමෙන් සෑමා මොන වගේ පෝෂණයක් ලබල තියෙනවද කියල. මටත් ඉස්සර පුරුද්දක් තිබ්බා ගෙවල් ළඟ පත්තර ඒජන්සියට ගිහින් පත්තර ඉල්ලගෙන කියවන්න. ලයිබ්‍රිරියෙදී තැනක් නැති අපි වගේ පොඩි එවුන්ට ඒ කාලේ පත්තර ඒජන්සිය ලොකු පිටුවහලක් වුණා.
මගේ රාජකාරි අත්දකීමේදී මම දැකපු දෙයක් තමයි, විවිද තාඩන පීඩන වලට මුහුණ දීල හැදුන අය ඉහල තනතුරු වලට ගියාම වලව්කාර චරිත රඟපාන්නේ. අනිත් මිනිසුන්ට තාඩන පීඩන කරන්නේ. ඇත්තටම මේ බ්ලොග් ලිවිල්ල නිසා අපට නොදැනුවත්වම අපේ මුල මැද අග හැම තැනම මතක් වෙනවා. කොහොමටත් පැදුරේ ඉන්න මිනිහව ඊට වඩා පහලට දන්නා විදියක් නෑ. "පත්තර ඒජන්සි" කතාව සෑමට කියන්න ඇත්තේ මේ මුල අමතක වෙලා ඇති කියල හිතාගෙන. ඒකෙන් නොකිය කියවෙනවා එහෙම කියපු කෙනාට වඩා සෑමා ගොඩක් උඩින් ඉන්නවා කියල.
ජය වේවා අයියේ..
ReplyDeleteමුල අමතක නැති මිනිස්සු කවදාවත් වැටෙන්නේ නැ.. :D
Good post sam..
ReplyDeleteදුක් විදල ජීවිත ජයගත්ත මිනිස්සුන්ට මුල අමතක වෙන්නෙ නෑ.එහෙම අමතක කරන්න පුලුවන්කමකුත් නෑ.
ජීවිතේ මුල් කාලෙ දුක් වින්දා කියන එක පස්සෙ කාලෙක කියන්න ලැජ්ජ වෙන්න ඕනෙත් නෑ.මටනම් ඒක ආඩම්බරයක්.මේ පෝස්ට් එකෙන් තේරෙනව සෑමටත් ඒක එහෙමයි කියලා.එහෙම මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ...
බලාපොරොත්තුවෙන් හිටිය පිළිතුර.
ReplyDeleteඋඹ ඇයි මෙච්චර කල් ගත්තේ මේක ලියන්න?.
ඔය ඔස්ට්‍රේලියාව වල,යුරෝප් වල ඉන්න උන් හිතන් ඉන්නේ උන් ඉපදෙද්දී රත්තරන් හැඳි කටේ ගහන් ආපු උන් කියලා.
උඹේ කතාව ඇත්තටම ආදර්ශමත්.
වරදින්න තත්පරයයි... හරියන්න, වරදින්න යන තත්පරය වගේ සියදහස් ගුණයක් ගතවෙනවලු... :ඩී
ReplyDeleteබනින්න වැරදි හොයන්න වරදිද්දි හිනා වෙන්න කස්ටිය බුරැතු පිටින්.... හොදක් කියන්න හොදක් දකින්න දියුණුවේදි සතුටුවෙන්න කස්ටිය 1%....
ජය වේවා සැමෝ..!!!!
යකෝ රාජාංගනේ මගේ අම්මයි තාත්තයි දෙන්නත් තඹුත්තේගම මහ ඉස්කොලේ උගන්නල තියෙනව කොයි කාලේද බං ඔය රාජාංගනේ තමා එයාල ඒකාලේ ඉඳලා තියෙන්නෙත් හැබැ මම නං ඒ සංදියේ ලදරුවෙක් කාල වකවානු කියහං මම තාත්තගෙන් අහන්නම්. උබව මුනගැහුන දවසේම මට තෙරුම් ගියා තවත් පොලවෙ පයගහල ජිවත්වෙන එකේක් මුන ගැහුන විත්තිය..ජය
ReplyDeleteමුලින්ම කියන්නම් සෑමෝ මෙන්න මගේ ආචාරය.. අපි කාගේ කාගේත් ජීවිත වල ඔය වගේ දේවල් වෙලා තියෙනවා.. (එහෙම නැහැයි කියනවානං ඔහු/ ඇය අර මොකක්ද එකෙන් වැටිච්ච එවුන් වෙන්න ඕනි..) මේ වගේම ජීවිතේ ගැන වර්ණ බ්ලොග් එකේදී මම දැක්ක.. එතනදිත් මං කිව්වේ ඒ පුද්ගලයන්ට වඩා අපි අද ඉස්සරහින් නම් අපි දිනුම්..
ReplyDeleteමේ පෝස්ටුව කියෙව්වාම වගේම උඹත් එක්ක එකට වැඩ කරපු එකෙක් විදිහට මං දන්නවා උඹ අද ඔය එක එක නපුංසකයන්ට වඩා ගොඩාක් ඉස්සරහින් කියල.. කොන්දක් තියෙන මිනිහෙක් උනාම දෙයක් කෙලින් කියන්න වගේම කියන දේකට කෙලින්ම මූණ දෙන්නත් පුළුවං කමක් තියෙන්න ඕනි..
බ්ලොග් එකක් අවුරුදු ගානක් ලිව්වයි කියල, ෆලෝවර්ස්ලා දාහක් දෙදාහක් හිටිම පොර වීමක් නෙමෙයි වගේම ඇනෝ ඇවිල්ල මොකක් හරි කුණුහරපයක් කොමෙන්ටුවක් විදිහට දැමීමත් පොර වීමක් නෙවෙයි...
කොර හෝ පොර කියන්න නිකං මාන්නයක් විතරයි.. හැබෑවටම දෙයක් කරපු එකා තමයි මං නං පොරක් විදිහට දකින්නේ.. නැතුව ඔය ඉස්සෙල්ලා කිව්ව උදවිය නෙවෙයි...
ජය වේවා!!
ජීවිතේ කියන්නේ මේක තමා.අපි කිසිවෙක් රිඳී කරඬුවලින් කිරි බීපු අය නෙවෙයි. ඒනිසා. නැග්ග ඉණිමගේ පාමුල මතකයි. අතීතයම තසයි අනාගතය සැළසුම් කරන්නේ. ඔබ පිළිබඳව ඔබ තැබූ මේ සටහන කියන්නේ එයයි.
ReplyDeleteනියමයි මචං, කියන්න ඕන එක නියමෙටම කියලා තියෙනවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඇත්තටම ආඩම්බරයි සෑමෝ..!
ReplyDeleteඅහසින් පහළ වුණ අය මේ මිහිපිට නැත.. එහෙම හිතාගෙන ඇවිත් කෑ ගහන අය තවමත් පඬිපෙළ ලගටවත් ඇවිත්ද කියලා ආපසු හැරිලා බැලුවනම් පෙනේවී.. ඉතිරිය ඕනෙ නෑ..
//මම පඩිපෙලක උඩට නැගගෙන යනවා. මට මුල්ම පඩිය තාම අමතක නැහැ. මොකද මම මගෙ සෙරෙප්පු දෙක ගැලෙව්වේ එතැන.“//
ආචාරය..!
ජය..!
අපි හැමෝටම උඹේ කතාව ආදර්ශයක් සෑමා. ආඩම්බරයක්..
ReplyDeleteපෝස්ට් එක හොඳයි නමුත් ඇනෝලාට අපි පිළිතුරු දිය යුතුද?
ReplyDeleteඔබේ කතාව වැදගත් ඒක අස්සෙ කතාවක් ඇති. නමුත් ඇනෝලාට පිලිතුරු දීමනම් වැදගත් නෑ කියලා තමයි මමනම් හිතන්නෙ.....
එයාලට ඕනි දෙයක් කියයි...අපිට පුලුවං වෙන්න ඕනි ඒ ඇනෝලාට යමක් ඉබේ දැනෙන් අරින්න...දැං ඇනෝලා දෙන්නා ඔයාව ෆලෝ කරනා එකක් නෑ....
ඇනෝලට පස්සෙන් පන්නල ගිහිං උත්තර බදින්න එපා බං.
ReplyDeleteබල්ලෝ බුරති, තවලම ඉදිරියටම ඇදෙයි.
ReplyDeleteමම පඩිපෙලක උඩට නැගගෙන යනවා. මට මුල්ම පඩිය තාම අමතක නැහැ. මොකද මම මගෙ සෙරෙප්පු දෙක ගැලෙව්වේ එතැන.“/
ReplyDeleteela
ඇත්තමයි සෑම් අයියේ මගක් කියවනකොට මට හිතුන මේ උඹේ කතාව කියල. ඇත්තටම මට උඹ ගැන ආඩම්බරයි සිරාවටම. ගොඩක් දෙනෙක් තමන් උඩම පඩියට ආවේ මුල්ම පඩිය පාගල කියන එක අමතක වෙනවා. සෙරෙප්පු දෙක ගැලෙව්වේ කොතනද කියල උඹ එක අද දන්නවා වගේම හෙටත් අමතක නොකරනවා කියල මං දන්නවා.
ReplyDeleteඇනෝ කියන්නේ කොන්ද පන නැති සත්තු කොට්ඨාශේකට කියල අපි දන්නවනේ.
මගේ අචාරය!!!!!!! සෑමයියාට.... :)
ReplyDeleteසෑමෝ - උඹේ බ්ලොග් එකේ මම ගොඩක් කමෙන්ට් කරල නැති බව ඇත්ත. හැබැයි ගොඩක් කියවල තියනවා. එකේ සහතිකේ ගන්න ගිය එක ගැන දාපු පෝස්ට් එකෙන් පස්සේ අද තමා කමෙන්ට් කරන්නේ. මේකට කමෙන්ට් නොකර බෑ බන්.
ReplyDeleteමචන්, ගොඩක් අයට වගේ මටත් ඔය වගේ අතීතයක් තිබුණා. ඒ අතීතය ගැන මතක් කරල කවුරු හරි නොන්ඩි කලත් මට දැනෙන්නේ සතුටක්. හේතුව ඒ අතීතය ගැන මම හදවතින් ආඩම්බර වෙන නිසා. ජීවිතේ දුක අදුනගත්ත එවුන්ට වරදින්නේ නෑ බන්. හේතුව වැරදුන තැනත් හිනා වෙලා ඉන්න උන් දන්නවා. ඇත්තටම කිව්වොත් ඒ අත්දැකීම දුකක් කියල කිව්වේ සාපේක්ෂව. හැබැයි උන්ට ඒක ඇත්තටම දුකක් නෙමෙ, ආදරණීය අභියෝගයක්.
කෙටියෙන් කිව්වොත් 'උඹත් තව කොන්දක් තියන කොල්ලෙක්'.
මම එන්න පරක්කු උනා සෑම්....කියන්න තියන දේවල් කට්ටිය කියල තියනවා..ඔයාගෙ අම්මටයි තාත්තටයි හිස නමා ආචාර කරනවා..හොඳ කොන්දක් තියන පුතෙක් ඔයා..ජය වේවා...!
ReplyDeleteකියන්න වචන නෑ අති විශිෂ්ටයි සැමා අයියේ .අපි දෙන්නගෙන්ම සුබ පැතුම් ඇනොලා කියන ඒවාට දුක හිතන්නේ නැතුව ආඩම්බර වුනු එක වටිනවා.(කුරුල්ලා + කිඳු )
ReplyDeleteකියන්න දෙයක් නෑ සෑමෝ... අර උඩ කියලා තියනවා වගේ " බල්ලෝ බුරති, සද බැබෙයි "
ReplyDeleteජේ හෝ...
ඵල ඇති රුකට මිනිස්සු ගල් ගහනව කියල කතාවක් තියෙනවනේ..ඵල තිබුන කියල ඒත් ඒ මිනිස්සු අත්තික්ක ගස් වලට ගල් ගහන්නේ නැනේ...ඉතින් උබ සතුටු වෙයන් උඹ අත්තික්ක ගහක් නොඋන එක ගෙන..කන්න දෙයක් තියෙන නිසයි ඒ ගල් උඹට එන්නේ..
ReplyDeleteawsm...අහමිබන් බ්ලොගයට ගොඩ උනා අද දවසම officiye කරේ කියවපු එක manageraya දන්නවනම් ඉවරයි මරේ මරැ බ්ලොගය
ReplyDelete