මිනිස්සු අනුන්ගේ දේවල් සෙවිමට රුසියෝය. ඒ කාලයේ එහා ගෙදර වෙන්නේ මොකක්දැයි මෙහා ගෙදර එවුන් සිටියේ මීටරෙන්ය. ඒ අතර සමහරෙක් ගමම ආවරණය වන අයුරින් පැපරාසි සේවයේ යෙදෙන්නෝය. කෝපි කඩේ නාටකයේ සිටි අඹිලින්ගේ නම ඔවුන්ට රෙජිස්ටර් වන්නට විය. ඒ අතර එලෙස චීත්ත ඇදගෙන අනුන්ගේ දේවල් හොය ස්ත්‍රීන්ට දයාවතී නමද රෙජිස්ටර් වන්නට විය. කාලය ගත වෙද්දී ගොසිප් වෙබ් අඩවි එම සේවයේ නිරත වන්නට විය. එසේම විදු්‍යුත් මාධ්‍ය ආවරණය හරි හැටි ක්‍රියාත්මක විම නිසා ඉහත කී පුද්ගලයන්ට තම රැකියා අහිමි වීම ඛේදනීයය.
ෆේස් බුකිය නිසා බොහෝ අයගේ පෞද්ගලික තොරතුරුද ලීක් වෙන්නට විය. එසේම පාන්දර බඩ වේලීමක් නිසා *කේ ආඩම්බර බලන්න වුවද අපේ එකාලා ඒවා ‘ස්ටේටස්‘ ලෙස අප්ඩේට් කරන්නට පටන් ගත්තෝය. ස්වාමියා හැරයාම, බිරිද වටේ යාම, උණ, ජලභීතිකා, සෙංගමාල, වැනි ලෙඩ රෝග වැලදීම් පිළිබද පවා ස්ටේටස් අප්ඩේට් වන්නට විය.
ලොවට පේන්නට එසේ ස්ටේටස් දමමින් සිටියද privacy යටතේ නොහොත් පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් පිරිස් තම (විශේෂයෙන් ස්ත්‍රින්) පොටෝ ෂෙයාර් කරන්නට වූහ. සෑමා දැක ඇති සමහරුන්ගේ වෙඩින් ඇල්බම් ෂෙයාර් වී ඇත්තේ custom යන ආරක්ෂිත තත්වය යටතේය. එනම් මිතුරන්ට පෙනෙන්නට, තෝරාගත් පිරිසකට නොපෙනෙන්න වෙඩින් පොටෝ ෂෙයාර් කරන්නට විය. හේතුව කලින් යාළු වී සිටි කොල්ලා හෝ කෙල්ල දකී කියා විය හැකිය. පවුල් ප්‍රශ්න නැතිනම් අනේ වාසනවාවන්ය.
ඒ අතර කෙල්ලෝ කෙල්ලෝ මැසේජ් දාන්නේද හොර රහසේය. ස්ටේටස් එක අප්සට් නම්, අනේ ඇයි මොකෑ සීන් එක කියා දුක් අසන්නේය. ඒවා කමෙන්ට් ලෙස නොව රහසේම මැසේජ් ලෙස වැටෙන්නේය. මේ අනුව පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සැගවී තැබෙන එක ස්ථානයක් ලෙස ඊ-මේල් ගිණුම් සහ ෆේස් බුකි අකවුන්ට් පත්වුයේය.
ඒ සියළු ස්ථාන හොරුන් විසින් කඩා බිද දමන්නට උත්සාහ කරන තත්වයට ආවේ ගිණුම් වල ඇති තොරතුරු උපුටා ගැනීමට හැකර්ලා බිහිවිම සමගය.
ඒ.ටී.එම් මැෂින් එකක කතාවක් සෑමාට මේ අතර මත් වුයේය. මුදල් ගැනීමට පෝලිමේ පිරිසක් සිටියදී ඒ.ටී.එම්. යන්ත්‍රය අසල අයෙක් මුදල් ගනිමින් සිටියේය. ඔහු මුදල් ගෙන එලියට එද්දී ඔහුට පසුව සිටි පුද්ගලයා ඔහුට යන්නට නොදී නවතා ගත්තේය.
“තමුසෙ කෝමද මගේ පින් නම්බර් එක දන්නේ??“
“මම තමුසෙගෙ නම්බර් එකක් දන්නෙ නැහැ ඕයි“
“එහෙනම් ඇතුලෙදි තමුසෙ තරු 4ක් ගැහුවේ.. මගෙත් තියෙන්නේ තරු හතරක පින් නම්බර් එකක්“
පරණ කතාව එසේය. මේ සෑමාගේ කතාවය...
මෑතකදී තරූගේ ලෝකයේ තරුවා දැමූ අනුන්ගේ password උස්සමුදෝ.. පෝස්ට් එක දුටු සැමාට පාස්වර්ඩ් හැක් කරන නියම ක්‍රමයක් සිහිපත් වුවේය. එහෙත් සෑමා එය practically තවමත් කර නැති බවත්, එසේ නොකරන බවත් කිව යුතුමය.
අවශ්‍ය ද්‍රව්‍ය -
- සෑමාගේ ජාතියේ කීබෝඩ් එකක්
- ගෙදර ඉන්ටර් නෙට් නැති මිතුරන් කිහිපදෙනෙක්
මුලින්ම මිතුරාට ෆේස් බුක් ලොග් වීමට අවශ්‍යය නම් තම නිවසට එන ලෙස පවසන්න. ඔහු පැමිණි පසු ඔබේ කීබෝඩ් එකෙන් බුකියේ පාස්වර්ඩ් ටයිප් කිරීමට තැත් කරනවා ඇත. එහෙත් පාස් වර්ඩ් ටයිප් කරන තීරුවේ අකුරු සහ ඉලක්කම් වැටෙන්නේ බෝල හෝ තිත් ලෙස නිසා ඔබට ඔහුගේ පාස්වර්ඩ් එක නොපෙනෙනු ඇත.
එවිට පහත ආකාරයේ සෑමාගේ කීබෝඩ් එක උපකාරි වනු නියතය.
හොදින් බලන්න අකුරු ගෙවි ඇත |
“කෝමද බං මේකේ ටයිප් කරන්නේ... අකුරු මැකිලානේ..“
එවිට ඔබ දක්ෂ විය යුතුය.
“කෝ කියපං මම ටයිප් කරන්න..“
විටෙක ඔහු ඔබට පාස්වර්ඩ් කීමට අකැමැති වනු ඇත. එසේ බෑ කිවහොත්..
“එහෙනම් මචං නෝට් පෑඩ් එකේ පාස්වර්ඩ් එක ටයිප් කරලා ඔතනට කොපි/පේස්ට් පාරක් දාපං“
එවිට පාස්වර්ඩ් කොටන් තීරයේ බෝල ලෙස පෙනෙන අකුරු ඔබට හොදින් පෙනෙනු ඇති. ඔහුගේ ගිනුම හැක් වී හමාරය.
Written by sAm_1:56pm_09/08/12
සෑමාගේ මිතුරන් විටෙක බුකියට ගොඩ වැදීමට නිවසට එන නිසා මෙවන් අත්දැකීමක් ඇත. නමුත් සෑමා කෙරේ ඇති විශ්වාසය නිසාත්, සෑමා කිසිදින උන් පාස්වර්ඩ් කොටනාකාරය නොබලන නිසාත් උන්ට සෑමාට පට්ට ෂුවර්ය. මේ පෝස්ටුව දැක එන එවුන් බිය නොවේවා යයි පතමි.
කියවල ආයෙ කමෙන්ට් කරඤ්ඤං.
ReplyDeleteඅර කිව්ව වගේ උබත් නරක් වෙලා... මම එක කියල දැම්ම වගේ.. :ඩී
Deleteගෙදරටම ඇවිත් කීබෝඩ් එක යූස් කරනව නම් අහුවෙන්නෙ නැතිවෙන්න පාස්වර්ඩ් හොයාගන්න සොෆ්ට්වෙයා දැන් තියෙනව නේ බං. ඔය කැෆේවල එවුනුත් පාවිච්චි කරන්නෙ.
Deleteමගේ කීබෝඩ් එක උඹේ එකට හපන්, ඒකෙ ගොඩක් කීස්වල අකුරු දැන් මැකිල. ගත්තෙ 2005 දි.
මගේ කීබෝඩයත් 2005 එකක් බං. හරියටම A/S/D/F/J/K/L/; මැකිලා.
Deleteපුළුවන්නම් කියපං ඇයි කියලා...???
දැන් නම් ලැප නිසා.. ෂේප්.. ;)
මේකෙන් උඹේ පාස්වර්ඩ් ඒක හිත ගන්න පුළුවන්.
Deleteඋඹලගේ කි බෝර්ඩ් ටික දවසකින් කටුගෙට අරන් යාවි.
Deleteතාම උත්තරේ ආවෙ නැහැ හු.. හූ..
Delete@ අසරණයා,
Deleteඔව් බං. ඉස්සරහට අපේ කටුගෙවල්වල තියන්න ඉතිරි වෙන්නෙ ඔය වගේ එව්ව තමා. උඹ ඔහොම කිව්වට මම මේ කී බෝඩ් එක පාවිච්චි කරපු තරමට අළුත් එවුව ගත්තොත් ඔරොත්තු දෙනකන් නෑ කියල හිතෙනව. මට මවුස් නම් මාස දෙකකට තුනකට සැරයක් වත් ගන්න වෙනව, ඉක්මනට සවුත්තු වෙනව. ඒක දැන් එපා වෙල තියෙන්නෙ, බාල බඩු. ඔය කීබෝඩ් එක ගන්නකොට ගත්තු බෝල මවුස් එක නම් මම ගොඩක් කල් යූස් කරා. ඒකට දැන් තියෙන ලේසර් ලඩි.
@ sAm (සෑම්),
මට නිකම් අදහසක් ආවා ආවා වගේ බං. ඒත් ඊට වඩා ශිෂ්ඨ උත්තරයක් ආවොත් ලියඤ්ඤං. :)
සීංහල වැඩිපුර කොටපු හන්දා
Deleteමටත් ඒක මුලින් හිතුන අටම් අයියා. ඒත් අනිත් අකුරුවලට සාපේක්‍ෂව හල්කිරීම්, ඉස්පිලි පාපිලි කොම්බු ඔය තරම් යෙදෙනවද? මටනම් හිතෙන්නෙ ඒ තරමට අනිත්වත් එහෙනම් ගෙවෙන්න ඕන කියල.
Delete@DDT- උබේ මීයාගේ කාලෙ හරි බං
Delete@අටම්- වැරදි මචං..
කී බෝඩ් එකෙන් ටච් ටයිපිං කරනව නම්, බෝඩ් එක බලන්නෝනි නැහැ. නියම ආකාරයට ඇගිලි මෙහෙම තියන්නෝනි.. = http://en.wikipedia.org/wiki/Touch_typing
එතකොට වැඩිපුරම ගෙවෙන්නේ ඔය කියපු අකුරු ටික තමා බොලව්..
උඹට විකාරද, ඒක තාම පැකින් කැඩුවෙත් නෑ.
Deleteමට තරමක් වේගෙන් ටයිප් කරන්න පුළුවන් වුනාට ඔය ටච් ටයිපිං කොරමෙ හරි යන්නෙ නෑ බං.
වයලින්, ගිටාර් වගේ ඒව පැකිං පිට තියල වැඩක් නැහැ බං. සිසන් වෙන්නෝනි.. නැත්තම් හරි ස්වර උපදින්නෙ නැහැනෙ... :)
Deleteටච් ටයිපිං පුරුදු වුනොත් පට්ට ලේසී බං.
කී බෝඩ් බලන්නෝනි නැහැනේ.. ස්ක්‍රීන් එක දිහා බලාගෙන කොටතෑකි !
සෑමා ටයිප් කරන්නේ අර හරි ක්‍රමයට අත තියාගෙන වෙන්න ඕනේ
Deleteඔයිට වඩා ලේසි හසු නොවන ක්‍රමයක් ඇත..
ReplyDeleteහැබැයි එය තරමක් වියදම්කාරීය..
මේක අතඋඩින් ලාබයි නොවැ...
Deleteවටිනා අදහසක්..හිකිස්
ReplyDeleteකිසි දිනක සැමා අයියාගේ කී බෝඩය නොඇල්ලීමට දිවුරා පොරොන්දු වෙමි.
ReplyDeleteතැන්කිව් ඈ මාවත් මතක් කොලාට.. :) :)
:)
Deleteමගෙ ඒවට අත තියන්නැ හරිය !
හැක් හැක් .ඒකත් එළ ක්‍රමේනෙ
ReplyDeleteඑලනේ !
Deleteහෆොයි.. ඕන තරම් හොරු මේ රටේ පිරිලා ඉඳිද්දී ඔන්න සෑමාත් පටන් ගත්තා කැලාසියක්..
ReplyDeleteකෝ උබේ ඉලෙක්ට්‍රොනික් ?
Deleteසෑමෝ උඹේ බ්ලොගර් පාස්වර්ඩ් එක දුන්නොත් මට පුවවන් උඹ හැක් කරන්න. :)
ReplyDeleteනියම හැක් කිරීම් තිබුනෙ 2011 පෙබරවාරිවලනේ! මතක උදවිය ඇති. මාරය එක පෝස්ට් එකක දාල තිපුන හැක් කරන විදිය. "අනේ බුදු අයියේ/මල්ලී මට උඹේ පාස්වර්ඩ් එක දියං" කියල බැගෑපත්ව ඉල්ලල හැක් කරනව. ලේසියි නේද?
මාරයා මාරයිනේ... මට මතකයි පෝස්ටුවා.. :ඩී
Deleteඅපි අහුවෙයි ඕවාට.මං එහෙම උඹලගේ ගෙදර ආවොත් එන්නේ කී බෝඩ් එකකුත් අරගෙන :P
ReplyDeleteබෑ බෑ පිට ඒව ගහන්නෙ නැහැ.. උබගෙ කී බෝඩ් එකේ වයිරස් :පී
Deleteසෑමාගේ කී බෝඩ් එක තව ටික දවසකින් කෞතුකාගාරෙට දෙන්න පුළුවන්.. හි හි...
ReplyDeleteඒත් අලුත් ඒවාට වඩා පරණ කීස් ලොකු කී බෝඩ් එකක ටයිප් කරන කොට ලේසියි වගේ මට නම්....
අකුරැ ටික ලියලා වත් ගත්තොත් නරකද.....
දැන් ලැප්ටොප් එක තියෙනවා නොවැ.. මැකෙන්නෙ නැහැ සදහට..
Deleteඅනික ඕනෙම අකුරු නැති කී බෝඩ් එකකින් මට සිංහල/ඉංග්‍රිසි දෙකම ටයිප් කරන්න පුළුවං.
සෑමා touch typing ප්‍රගුණකළ අයෙක් නොවැ !
“එහෙනම් මචං නෝට් පෑඩ් එකේ පාස්වර්ඩ් එක ටයිප් කරලා ඔතනට කොපි/පේස්ට් පාරක් දාපං“ ඉතින් සෑම් අයියේ නෝට් පෑඩ් එකේ ටයිප් කරන්නත් අකුරු පෙන්නේ නැත්තම් අරූ කොහොමෙයි ටයිප් කරන්නේ ? තේරුනේ නෑනේ !
ReplyDeleteකුකුළා වත්ත වටේ වැටිලා තියෙන හාල් ඇට අහුලනවා වගේ පුළුවන් නේ.
Deleteඅසරණයට තේරුනා...
Deleteඇයි පැතුමෝ... පාස්වර්ඩ් ටයිප් කරනකොට බෝල බෝල නේ වැටෙන්නේ.. වැරදියට ගැහුවද කියල කෝමද දන්නේ.. නෝට් පෑඩ් එකට දාල ගැහුවම පේනවා.. ඇස් පනා පිටම හරිද වැරදිද කියලා..
අනික වැරදි පාස්වර්ඩ් දෙතුන්පාර ගහලා කෙලව ගන්නෝනි නැහැනේ !
Shari hari shari. Danne mata therune..!!
DeleteThanku asar ayya & sam lokka
දැන් කාලේ කොල්ලන්ට කී බෝඩ් එකේ අකුරු ඕන නෑ. චැට් කරලම අකුරු මතකයි.. ඒ නිසා මේ වැඩේ නම් ටිකක් අමාරු වෙයි සෑමෝ.......
ReplyDeleteඅපේ එවුන්ට බැහැ බං. ඔය කීබෝඩ් එකත් මට ගේමක් නැහැ. මොකද මමත් කී බෝඩ් එක නොබලා නිසි ආකාරයට ඇගිලි තියාගෙන ටයිප් කරන්නේ.. :)
Deleteස්තුති මේ පැත්තෙ ආවට !
අපේ අක්කගේ ලොකූ කොල්ලගේ ෆෝන් එකේ එක ඉලක්කමක් අකූරක් නැ.
Deleteඒ --තා කාටුන් බලබලා sms කොරනවා ෆෝන් එක දිහා බලන්නෙම නැ.
මොකද බං ඔය කී පෑඩ් එකට උනේ
කෑලි හත අටකට sms කරනකොට ඉතූරැ වෙයිද ලොකූ මාමා
හොද වේලාවට අපේ අක්කා කලින්ම වලගංපිටි ගියේ
නැත්තං අරුගේල මිරිකලා හිරේ යනවා
දැන් හැදෙන එවුන් හුණු කූර / කළු ලැල්ල අතට ගන්න කලිං කී බෝඩ් එක එක්ක ඔට්ටු වෙනවා බං..
Deleteපොර ලොකු මාමගේ ආරෙට යන එකෙක්ද මන්දා..
ගෙවිච්ච එකක් හරි කමක් නෑ ටයිප් කරන්ඩ තියෙනවනම් මරු.. හික්ස් :)
ReplyDeleteසිරා !
Deleteපාස්වර්ඩ් හැක් කිරිල්ල ගැන දැනගන්න නම් චිත්‍රපටි ගොඩක් නැරඹිය යුතුය..නැත්නම් සෑමාගේ පෝස්ටුව කියවිය යුතුය..
ReplyDeleteකොහොම වුනත් මට නම් අර කතාවේ ඔරිජිනල් වර්ෂන් එක හොඳයි කියලා හිතෙනවා..
කොයි කතාවේ ඔරිජිනල් එකදෝ...????
Deleteහේ හේ...වෙලාවට අර කුකුල්ලු මොනවද අහුලනවා වගේ ටයිප් කරපු කාලෙ ඉවරයි...
ReplyDeleteඑහෙම ජාතියේ එවුන් තාම එනවා අපේ ගෙදර :ඩී
Deleteඅඩෝ සවුත්තූව දාන් නැ මමත් ඒ ජාතියේ
Deleteඕං එහෙනං සෑමාත් ටියුෂන් පන්තිය පටාං ගත්ත ඈ...
ReplyDeleteඔය ක්‍රමේ අසාර්ථක වෙන තැං ගොඩාක් තියෙනවා...
ඔහොම ෆේස්බුක් යන්න උණ තියෙන උන් අඩුයි දැං.. මොකෝ අතේ තියෙන පෝං එකේ ඇස් ඇම් ඇස් වලිනුත් අපේ එවුන් මේ වෙද්දි මැසේජ් කොරනවානේ බං..
අනික උඹ ගැන දන්න එකෙක් ඔය වගේ වැඩක් කොරයිද උඹ ඉස්සරහ????
//අනික උඹ ගැන දන්න එකෙක් ඔය වගේ වැඩක් කොරයිද උඹ ඉස්සරහ????//
Deleteඅනේ බොල අපේ එවුන් තාම ඇවිත් මගෙ ගෙදර මැෂින් එකෙන් ලොග් වෙනවා. උන් කාමරේ උන්ගෙ වැඩ. මම එලියේ.. :පී
මේ වගේම පේජ් එකක් හදන ඒක නරකද ?
ReplyDeleteහප්පා පෝස්ට් එක දැක්කගමන් බය උනා සැමත් හැකරෙක් වෙලාද කියලා...මේක මරු ඈ....
ReplyDeleteඅපිටත් හැක...(ර්)
Deleteyes we can කිව්වේ නිකන්ද බං ?
හ්ම්ම්ම්... මේ ක්‍රමේත් හරි යන්නෙ නැ..වෙන විදිහක් හොයාගන්න වෙනවා හැක් කරන්න..
ReplyDeleteජය වේවා! :D
මම කියපු විදිහ බලන්න :)
Deleteකබරයක දොරක් හැක් කරන විදිය දානවද?. එතකොට දොර කඩන්නේ නැතුව ඇතුලට යන්න පුළුවන්. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. නැත්නම් මම පහලින් කියන්නම්.
ReplyDeleteකබරයක නෙවේ බං.. කාමරයක..
Deleteඅර උබේ පෝස්ට් එකක තිබ්බා එහෙම පනින විදිහ..
හෙම්බිරිස්සාව හැදුනාම කියන්නේ කබරයා කියල නේ.
Deleteනැ ඒ විදිය නෙවෙයි.
එහෙනම් කෝමද බං කරන්නේ??
Deleteකලින් අයිතිකාරයගෙන් යතුර ඉල්ලනවා ඒ යතුර සබන් කෑල්ලක තියල තද කරනවා එතකොට යතුරේ හැඩේට සබන් කල්ලේ ඇඳෙනවා. ඒ සබන් කැල්ල යතුරු කපන තැනකට ගිහිල්ල දෙනවා. ඒ යතුරින් පුළුවන් දොර අරින්න.
Deleteනැත්නම් හොඳටම ෆිට් කෙනෙක්නම් ඉල්ලගෙන ගිහින් යතුරු කපන තැනකට දීල තව යතුරක් කපාගෙන එනවා. දොර කඩන්න ඕනේ නැහැ.
අනේ ***
Deleteඕක ඔච්චර දෙයක්ද ?
:ඩී
අපේ හැටි දන්න එවුන් පාස්වර්ඩ් ගහන පැත්ත පළාතක අපිව තියා ගන්නේ නැනේ...
ReplyDeleteඒක සිරා කතාව !
Deleteඕකට වඩා පට්ට වැඩක් තියනවා! සිරාම වැඩක්! කී බෝඩ් එකේ අකුරු මාරු කරලා තියන එක!
ReplyDeleteඅකුරු මාරු කරන්නේ කී බෝඩ් එක අනිත් පැත්ත හරවලද බං ?
Deleteඔෆිස් එකේ පරන මැසිමේ කී බෝඩ් එකත් ඔය වගේම තමා...
ReplyDeleteපරණ මහන මැෂිමක්ද මචං :)
Deleteකැඩුනොත් කියහං හදලා දෙන්නං
Deleteකැඩුන හැම එකම හදනවද බං ?
Deleteදුවගෙන ආවා හැක් කරන හැටි හොයාගන්න.....
ReplyDeleteඅපරාදේ.....
මොනවා උනත් එල ක්‍රමයක්... උබලගේ ගෙවල් පැත්තෙවත් එන්නේ නැ කියලා හිතා ගත්තා... කමක් නැ නේද?
එල එල... ආවොත් කෝල් එකක් දියන්..
Deleteමට ඔය ටොපික් එක ගුගල් එකේ හොයලා ඇති වෙලා තින්නෙ..!
ReplyDeleteසෑමා ද හැකර්! බලාගෙන උඹව FBI එකෙන් උස්සයි!
ReplyDeleteATM වල පෝලිමේ ඉන්නකොට එකෙක් එලියට එනකල් අනිකා එලියෙ ඉන්නෙ නැතුව ඇතුලට රිංගලා බලා ඉන්න එක කැත වැඩක් බව අපේ උන්ට කවදා තේරෙයිද දන්නෙනෑනේ?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
අපේ එවුන් පුලුවන්නම් අරූ සල්ලි එලියට ගන්නකල් අනිත් එකාගෙ කරට අතදාගෙන බලාගෙන ඉදී.
Deleteනැහැදිච්ච උන් !
අහ් මම ආශම මාතෘකාවක්...හිකිස්.
ReplyDeleteඅපි නොදන්න හැක් !
Delete:ඩී
හි හි....මාර ක්‍රමේ..:)
ReplyDeleteඇයි නරකද?
Deleteමම ලංකාවට ආවම උඹලගේ දිහා ඇවිත් යන්න හිටියේ.. එක්කෝ දැන් එන්නේ නෑ... :)
ReplyDeleteහෙක් හේ.. උඹ එනනෙම නැති එක හොදා.. :))
Deleteඋබත් ශේප් එකේ පරණ කොම්පිතර කෑලි විකුනන බිස්නස් එකකට අතගහන්ට යන්නේ නේද මේකට දාපං මගේ පුංචි බිස්නස් එකේ පලමු ඇඩ් එක කියල හික්ස්
ReplyDeleteසෑමාගේ ටිකිරි මොළය ටිකිරි මාරි කෑමෙන්දෝ තවත් සන්නද්ද වී ඇති හැඩයි... සිරා ඉස්සර වැඩ කරපු ඔෆීසියක හැකර්ස්ලා සැට් එකක්ම හිටියා.. උන් කොල්ලන්ට කිසිම දෙයක් කලේ නෑ... අනේ දැරිවියෝ දවස පුරාම උදේ ඉදන් හැන්දැ වෙනකන් Messenger, face book වල කොටපු චැට් ගෙඩි පිටින් හැන්දෑවට MS word පිටු කීපයකට ගන්නවා... උන් ඒවා විශ්ලේෂණය කරලා කියනවා අහවල් කෙල්ලට කොල්ලො මෙච්චරයි.. අරකි බැන්දට තව දෙන්නෙක් ඉන්නවා.. ආදී තොරතුරු.. මේ කථා බහ ලීක් වෙලා ඊට පස්සෙ කෙල්ලො ඔෆිස් එකේදී අන්තර් ජං ජාලෙට යාම සම්පූර්ණයෙන් නතර කොලා.
ReplyDeleteඅන්න නෙට් එකේ බුදියන ඉන්න උන් එලවන්න පහසුම ක්‍රමයක්.. තැන්කු වේවා.. (ඒත් අපේ උන් ඔහොම කිව්වා කියලත් යයිද ෂුවර් නෑ.)
Deleteඔය විදියට පාස්වර්ඩ් හැක් කරන්න නම් ඒ විදියෙම කී බෝඩ් එකක් ඕන.
ReplyDeleteමේකෙන් දැනගන්න පුළුවන් වුන එකම දේ සෑමට ටච් ටයිපින් පුළුවන් බව විතරයි, මට නම් බෑ.
උබ අර එන එවුන්ට කෙලින්ම එන්න එපා කියුවනම් ඉවරනෙ මේ හතර වරං කතාවක් නැතිව ....
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
// මේ පෝස්ටුව දැක එන එවුන් බිය නොවේවා යයි පතමි.//
ReplyDeleteහයියූ.. එසේම වේවා..!!! :D :D
හපොයි මේ පැත්තට එන්ටත් බයේ බෑ.:D
ReplyDeleteමට පුළුවන් ටච් ටයිපින් ම නෙවෙයි. වෙනම විදියකට. ඒ කියන්නේ මම කවදාවත් ස්ටෑන්ඩර්ඩ් විදියට අත තියාගෙන ටයිප් නොකරමි. ඒත් බඩු ෂුවර් එකටම වැඩ ය....:)
ReplyDeleteකරයි අපේ අකවුන්ට් නම් හැක් :p :p
ReplyDeleteඑකත් නරකම නෑ :ප
ReplyDeleteසෑමා මෙසේ බ්ලොග් කොට කොට සිටිය යුතු අයෙක නොවේ!මෙවැනි මොළකරුවන් අවශ්‍ය FBI එකටයි!හයියෙන් ඉඳ ගන්න එපා බං..අමාරු වෙයි! ;)
ReplyDeleteපරන කීබෝඩ් පට්ට බං..ඒක උඩ වාඩිවෙලා ටයිප් කලෑකි..!
ReplyDeleteමගේ කී බෝඩ් එකේ නම් අකුරු පෙන්නේම නැතිය. තියෙන්නේත් අකුරු කෑලිය.
ReplyDeleteසැමාගේ හැක් සිස්ටම් එකනම් සිරා. සී. අයි. ඒ. එකට සිOහල බැරි හොඳ වෙලාවට. නැත්නම් සැමාගේ පස්සේ පන්නන්න ගන්නවා ප්‍රොෆෙෂනල් හැකර් කෙනෙක් කියලා..
ReplyDeleteමගෙත් තියෙන්නේ ඔයවගේ අකුරු මැකී ගිය කොළ ගැලවී ගිය කීබෝඩ් එකක් තමයි. සෑමා කීව ට්‍රිච්ක් එක try කරලා බලන්න ඕනේ.
ReplyDelete