Thursday, January 3, 2013

සාර්ථක දිවියකට ගණිකාවක් වන්න..


ඔහු වට පිට බැලුවේය. පුරා දිනක් පුරා කැමරා කාච වලට මුහුණ දෙමින් තම සගයන් සමග පේලියට හිදිමින් ගත් ඡායාරූප කොතරම් ලස්සන වේ දැයි ඔහු හිතන්නට මැලි වූවේය. ඇය සමග මෙතෙක් ආ ගමන මේ තරම් කරදරකාරී දිනයකින් අවසන් වී, එකම වහලක් යට හිදින්නට හැකි වේ යැයි ඔහු සිහින මවන්නට ඇතිය. ඒ සුන්දර සිහිනය අද කෙලවර වී පියවී ලෝකයේදි දෙදෙනා එක් වී ඇති අයුරු ඔහුව පුදුම කළේය. උදේ පාන්දර මුහුණේ උලාගත් පාප්ප තට්ටුව සෝදාගෙන ඒමට ඇය නාන කාමරය වෙත ගියවගක් ඔහුට සිහි වුයේ සීතල අත් දෙකකින් ඔහුගේ මුහුණ අත ගෑ විටය. පිටුපසින් සිටියේ ඇයය. ඇය නම් මෙතෙක් දිනක් තම පෙම්වතිය වී සිටි තම බිරිදය.

තමන් සමග දගකරන්නට හදන පෙම්වතියට ඔහු බර වුවේය. ඇගේ අත් දෙකින් අල්ලාගෙන ඈ සිටි පැත්ත හැරුනේය. පුරා දිනයක් ඇග තෙත් කළ දහඩිය බින්දු ඇගේ තෙත සාළුවේ ගෑවෙන්නට වූවේය. තෙත පිටින් කාමරයට වැදුනු ඇගේ ගත පුරා පිරි වතුර බින්දු ඔහු ගේ දහඩිය දිය කළේය. ඔහු උණුසුම් සුසුම් හරිද්දී ඇගේ දහඩිය බිදු වාශ්ප වන්නට වුවේය. සුන්දර රිද්මයකින් සිරුරු දැවටුනේය. ලං ලංව ඈත් වුවේය. එකී ස්පර්ශය දෙසිත් උණුසුම් කළේය.

පුරා දවසක් හිටගෙන සිටි මහන්සිය දැන් ඔවුන් අතරින් ගිලිහී ගොසින්ය. සෙමින් රිද්මයෙන් ගැටෙන සිරුරු මහන්සියට හිදගන්නට හෝ වැතිරෙන්නට තැනක් නොසෙව්වෝය. හිටගෙනම, ගේ මැද්දේම ඔවුනොවුන් මෙතෙක් නොවිදි මිහිර විදින්නට වූවෝය. වෙනදා තිබූ බාධක රෙදි කඩමළු ගැලවෙන්නට වූවේය. වෙනදා සීමා සහිතව ගමන් කරන දෙඅත්, දෙපා, දෙතොල්, බාධක නොමැති මහා ගංගාවක් සේ ගලා යන්නට වූයේය. විටෙක ගං ඉවුරට විත් මින් රැලක් උඩ පනින්නට වූයේය. සෙමින් පිහිනා යන අතර එක වර උඩ පනිමින් උන් කළබල කලෝය. ඒ කළබලයේ, නැවතීමේ රසය ඔවුනොවුන් වින්දේ අඩවන් දෙනෙතින්ය. සම්පුර්න වැසූ, හෝ සම්පුර්ණ හැරුණු, දෙනෙත් වලින් කිසිත් රස විදිය නොහැක්කේය. එනිසාම අඩවන් දෙනෙත් ඔවුන්ගේ රසයට ඔවුන්ව යොමුකලේය.

දෙපාමුල දග කරන ඔහුට සහයට ඇය ඉනෙන් එස වුණාය. එසවී තව තවත් ලං වූවාය. සිහින් ස්වරය, මනා රිද්මය, රස ගගුලට පන්නරක් වූවේය. කැඩණු සාළුව බිම වැතිර විල්ලුද පලසක් මැව්වේය. අපිලිවෙල කෙස් රොද මුහුනට වැටී ඇයට බාධා කළාය. ඇය ඒ බාධාව නොසැලකූවද, ඔහුගේ දෙතොල් ඒ බාධාව මැඩ ගන්නට මහත් වෙර දැරුවේය. ඇය ඔහුට බරදී, ලැමෙන් එසවී, හිස පහලට කඩා වැටෙන්නට සැලැස්සවූ විට අපිලිවෙල කෙස් වැටිය පහලට එල්ලා වැටෙන්නට වූයේ. තවමත් දෙනෙත් අඩවන්ය. වචන සිහින් ස්වරයන් වී, දෙතොල් අතරින් වාතලයට පිටත් වූයේ කෙදිරිල්ලක් ලෙසය. 

නලලත, ඇහි බැම, දෙනෙත් පියන්, කම්වුල්, දෙතොල්, නිකට දිගේ රෑටා ආ ඔහුගේ දෙතොල් සහ දෙතොල් අතරින් එලියට රිංගා ආ දිවක් ඇයට සරදම් කලේය. වෙනදාට විශාල ධමනි අතරින් දිවෙන රුධිරය තම කේෂනාලිකා දිගේ වෙනදාට වඩා වේගෙන් දිවෙන බවක් ඇයට හැගුනේය. නිකටේ රැදී නොනැවතුනු දෙතොල්, බෙල්ල දිගේ පහලට උරහිස් දක්වා දිව ගොස් නැවතුනේය. මදක් උරහිසේ විඩා නිවූ ඔහු වේගය වැඩිකලේය. රිද්මය පවත්වා ගනිමින් වේගවත් වූයේය. ඇය රිද්මයට අනුගත වූවාය. ඒ රිද්මයෙන් සැලෙමින් ඔහු හා පාවෙන්නට වූවාය. උඩින් වැටෙන කුරුළු පිහාටුවක් දෙපසට පැද්දි පැද්දි බිමට වැටෙන්නේ යම් සේද ඇය, ඔහු මනා රිද්මයෙන්, සැහැල්ලුවෙන්, කිසිම බාධාවක් නොමැතිව පා වෙන්නට වූවෝය.

අඩවන් දෙනෙත් වැසෙද්දී, උණුසුම් පිණි පොදක් ඇයගේ සිරුරේ පතිත වූවේය. ඔහු වෙනදාට නාස්ති කරන්නාවූ පිණි පොද, අද සිට ඇය සමග වටිනා රාජකාරියකට වෙන් කරන්නේය. කලාත්මක, ආදරණීය, සුන්දරත්වය ඔහුට, ඇයට සැමදාම රැදෙන්නේ ඔවුන් නොවුන්ගේ අවශ්‍යතා තේරුම් ගැනීම මතය. ඇය ඔහුට පමණක්ම, ඔහු ඇයට පමණක්ම, ඔවුන් ඔවුන් නොවුන්ට ගණිකාවෝ විය යුතුය. එවන් කලෙක රස, සැපත සොයා ආදරයක් නැති කාසියට යටවූ ගණිකාවන් හබා යා යුත්තේ නැතිය.

Written by sAm ශ්‍රී Perera_01:24am_03/01/13

95 comments:

  1. කතාව ඈත්ත.....

    ReplyDelete
  2. යේ යේ මම එක.....

    ReplyDelete
  3. ගණිකා වෘත්තීය නීතාගත කරනවා කියන්නේ මේවාට විය යුතුය. මොකද නීතියෙන විවාහ වන නිසාය. D

    ReplyDelete
  4. දැන් මේකෙත් ගණන් වැඩි කරලාය.....සැපතටත් බාධාය!

    ReplyDelete
    Replies
    1. හිකිස් හොද එකක් බැදපං.. එතකොට වියදම අවමයි ;)

      Delete
  5. I cant read ur blog!!! different fonts. I am using windows 8. Could u tell me how to fix this problem? Thank u.

    ReplyDelete
  6. ගණිකාව කෙසේ වෙතත්, සැමියා බිරිඳ එකිනෙකාට උපරිමයෙන් වල් වීමෙන් සිද්ධවන්නේ හොඳක්මය.... ගතින් මෙන්ම සිතින් ද ක්ලෝස් වෙනවාය.

    ReplyDelete
    Replies
    1. තිසර මං කියන්න ආපු එක කියලා..... හි හි

      Delete
    2. සහතික ඇත්ත තිසර, ඔය ඉතිං හිරුවත් සහතික කරල තියෙන්නේ. තව වෙන මොනවද ඉතිං?

      Delete
  7. හුටා... දෙයියනේ කියල උදේ පාන්දරම දැක්කෙ මේක.... ඒකත් ජයසිරි මංඟලම් කිව්වලු

    ReplyDelete
  8. "ඇය සමග මෙතෙක් ආ ගමන මේ තරම් කරදරකාරී දිනයකින් අවසන් වී"

    සැමා කරදරේ වැටිලාවත්ද ?

    එව්වා පැත්තකින් තියමු. කියල තියන දේවල් සහතික ඇත්ත නොවැ..

    ReplyDelete
    Replies
    1. කරදරකාරී දිනය කිව්වේ වෙඩින් දවස බොල රාමෝ :)

      Delete
    2. ඒකම තමා බොල මාත් කියන්නේ. උඹ බැන්දද?

      Delete
  9. අද සමාජයේ දකින්නට තිබෙන කණගාටු දායක සිද්ධී වලට මුලිකම බලපාන ප්‍රධානතම කරුණක් තමයි අයාලේ යන ගත සිත. තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට පමණක් සංසිඳව වන්න ඉඩ හරිනවා නම් නිරපරාදේ නැති වන ජිවිත නවතා ගැනිමට හැකිය.තාවකාලික තෘප්තින් නිසා අනාගතයට අයිති ජිවිත ඔවුන් විනාශ කරන්නේ හිත්පිත් නැති ආකාරයට ය.ඉන්දියාවේ , ඇමරිකාවේ වෙන සිද්ධින් පිළිබඳව හඬක් නඟන අපේ ඇත්තෝ ශ්‍රිලංකාවේ වෙන සිද්ධින් පිළිබඳ ව මුනිවත රකියි.පුංචි දරු පැටව් දෙදෙනා සහ ඔවුන්ගේ අම්මා නිදි පැදුරේ මරා දැමිම ඉන්දියාවෙත් ඇමරිකාවෙත් වෙච්ච සිදුවිම් වලට වඩා බිහිසුණු බව මම කියමි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. හන්දියෙන් හන්දියට බුදු පිළිම, සුරුවම්, සහ වෙනත් ආගමික ස්ථාන පිරුනු රටක මෙවැනි දේ සිද්ද වීම ඛේදවාචකයක් ගයනි.

      ස්තුති අදහසට !

      Delete
  10. "ඇය ඔහුට පමණක්ම, ඔහු ඇයට පමණක්ම, ඔවුන් ඔවුන් නොවුන්ට ගණිකාවෝ විය යුතුය. එවන් කලෙක රස, සැපත සොයා ආදරයක් නැති කාසියට යටවූ ගණිකාවන් හබා යා යුත්තේ නැතිය." සැවෝම මෙය තේරුම් ගත්තානම් හද සසල කරවන අමානුෂික සිදුවීම් ගැන අසා "අනේ අපොයි" කියා සුසුම් හෙලන්නට අවසථාවක් නොමැති වන්නේය.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. සහතික් ඇත්ත !

      Delete
  11. අවැසි සියලු රස නිවසේ තිබේනම්.. ආයේ වෙන මොනවාද. කොයි වේලේත් හිත ගෙදරමයි.
    නියම ලියවිල්ලක්..
    ජය

    ReplyDelete
    Replies
    1. ගෙදර රසට කන්න දෙනවනම් , කඩෙන් කන්නෙ මක්කටෙයි ?

      Delete
    2. බෝඩිම් වෙලා ඉන්න අපිට කොහෙන්ද බන් ගෙදරින් කෑම...කඩෙන්ම තමා...
      අනෙක ගෙවල් වලින් කන උනුත් වෙනසකට කියල කඩ කෑම කනවනේ හිටල...
      මම මේ කෑම ගෙන කිවේ...

      Delete
  12. “දෙපාමුල දග කරන ඔහුට සහයට ඇය ඉනෙන් එස වුණාය. එසවී තව තවත් ලං වූවාය. සිහින් ස්වරය, මනා රිද්මය, රස ගගුලට පන්නරක් වූවේය. කැඩණු සාළුව බිම වැතිර විල්ලුද පලසක් මැව්වේය“
    කොහොම වෙතත් ලියවිලා තියෙන ශෛලිය නම් එල

    ReplyDelete
  13. මං මේ කල්පනා කළේ සැමාට මේ වචන සෙට් එක කොහොමද ආවේ කියලා... නියම වචන ටිකක් යොදාගෙන තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මේක ලියවුණු වෙලාව පාන්දර එකට විතරනේ, ඉතිං අදහස් දෝරෙ ගලනවා ;)

      Delete
    2. අපරාදේ බං දෝරෙ ගලලා පිටට ගිය ටික

      Delete
    3. @ රතු රජරට,

      හික් හික් ... මටත් හිතුන, මටත් හිතුන. අපරාදෙ බං, මේව කුමන්ත්‍රණ.

      Delete
    4. හිකිස් දෝරෙ ගැලුවෙ අහවල් ඒව නෙවේ යකෝ.. අදහස්.. :)

      Delete
  14. සහතික ඇත්ත කතාව!

    ReplyDelete
    Replies
    1. මෙන්න බනියත් සහතික කරලෝ...

      Delete
  15. සෑම එන්න එන්නම වල් වෙනවා මදිවට මේ නාකි අපිවත් වල් කරන්න හදනවා.....

    ReplyDelete
    Replies
    1. නාකි විසේ ගෙටත් උසේ කිව්වලු..

      මෙන්න නලියා බබා වෙන්න හදනෝ..

      Delete
  16. amme mara adaha tikakne. ;) monawa wunath anthima kathawanam sahathika eththa. :))))

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික සහතික ඇත්ත නම් මුල්ටික එච්චර ඇත්තක් නෙවේ ද ;)

      Delete
  17. ගෑණු වල් නම් පිරිමි පිට යන්නෙ නෑ. පිරිමි වල් නම් ගෑණු පිට යන්නෙ නෑ... කතාව එච්චරයි. ඒත් සමහර දේ ජානවල පවතිනවා. ඒවා නම් වෙනස් කරන්න අමාරුයි....

    ReplyDelete
    Replies
    1. ජානවල ඒවත් මැකෙන්නෙ නැද්ද බං උක්ත ක්‍රමයෙන් ?

      Delete
  18. වල් කම එකිනෙකාට තිබීම සාර්ථක විවාහ ජීවිතේක පදනමයි....
    එහෙත් එය පිට ගිය කල්හී....
    අහෝ ඛේදයකි....!!!
    පට්ටෙට ලියලා තියෙනවා ඈහ්...

    ReplyDelete
  19. විසි එක්වන සියවසේ වාත්ස්‍යායන නොහොත් සෑමා..

    ReplyDelete
    Replies
    1. මොකක්? අඩේ මොකක්ද බං ඒ වචනේ ?

      :))

      Delete
    2. ඇයි යකෝ කාමසූත්‍ර ලියපු එකානේ ඌ

      Delete
    3. අඩේ එහෙමද?

      මම දන්නෙ ජ්‍යාමිතික සූස්තරේ විතරයි බොල

      Delete
  20. උන්නත් දාහයි
    මළත් දාහයි
    පෙට්ටියට දාහයි
    තුන්දාහයි
    හැබැයි
    බැන්දොත් පන්දාහයි — at නොබදින්න හිතමින්.

    ReplyDelete
    Replies
    1. පන්දාහක් ඇතිද?

      Delete
    2. මමත් බදින අදහස අතාඑරල දැම්ම..ගනන් වැඩි යකො දැන්...

      Delete
  21. කතාවක් තියෙනවනේ..නිදියහනේදී බිරිඳ බිරිඳක් නොව ගණිකාවක් විය යුතුය කියලා. සෑමාගෙ කතාව හරි... සාර්ථක ලිංගික ජීවිතයක් ගතකරන පවුල්වල අවුල් අඩුයි.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ළිහිණි.....මේකිව කලින් හම්බවුණේ නැනේ..(අපේ නෝනා නොදකීවා මේ කමෙන්ටුව)

      Delete
    2. මේව පවුල් විනාස වෙන වැඩ ඈ :)

      Delete
  22. සුමින්ද ගමගේගෙ ශෘංගාර කලාපය මතක්වෙනවා.....

    තව ඉතින් ඔයින් පස්සෙත් කෙරෙන්න දේවල් එමටයි...ගෙදර කාමර සැලසුම් කර ගැනීම,දරු මල්ලො හැදෙනකොට ඔවුන් නිසි වයසේ දි වෙනත් කාමරවල ස්ථානගත කිරීම.එතකොට දරුවා ස්වාධීන වෙනවා.එහෙම කරන්න බැරිවුනොත්....

    පුංචි පුතේ නුඹ ආ පසු
    අම්මි හුගක් වෙනස්වෙලා
    හිනාවෙන්නෙ නෑ.....
    එදා දාපු කෝල බැලුම් දැන් දමන්නෙ නෑ....

    යනුවෙන් සෝ ගී ගයලා,ලතවෙලා...බීලා, කිචවෙලා...සල්ලාල වෙලා නැතිවෙන එක තමයි වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. නුරා නෙතින් කෝල බැලුම් දැන් හෙලන්නෙ නැ...

      හොද එකතු කිරීමක් සුමියා..

      Delete
  23. අඩේ නියම වචන ටික අයියේ...මාවත් නිකන් මොකද්ද වෙලා මෙව්වා එකකින් අරවා වෙලා මෙන්න මෙහෙම එකක් උනා වගේම උනා...අන්තිමට කියලා තියන ටිකත් සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ තරුවා මඤ්ඤං වී ඇත

      Delete
  24. ade mama baluwa ko meke matrukawa kohetawat adala nane kiyala.... Balinnam meka hariyatama hari kathawa...

    Dan itin kella kamatten badinawanam eka neetyanukula ganika wurtiya kiyamuko.... Etakota ammala balen kellage akamatten bandala dunnot eka neetyanukula istri dushanayakda? Eka ehema dakinawanam hodai eka athakata nadda man ahanne....

    Wenada wagema maru samo sithu kusu matak una... Eke kawiyen kiyapu eka meke niyameta liyala tiyenawa.... Jaya wewa

    ReplyDelete
    Replies
    1. අම්මෝ බං උබ ස්ත්‍රී දූෂනය සාධාරනී කරනය කරලද මන්දා :)

      මොනා වුනත් ස්තුති අදහසට !

      Delete
  25. අඩේ සෑමා දියුණු වෙලා.... හිකිස්... දැන් අර අරක ඔනි නැති වෙයි නේ හලෝ... එල එල...
    යාකෝ රාජ්‍ය රහස් පිටට දෙන්න එපා ඩෝ :පී

    ReplyDelete
    Replies
    1. අරක කිව්වේ? දින්නගේ එකද?

      Delete
    2. මට කියන්න ආව එක අමතක උනා මේක දැකලා.. ඒ කිවුවේ ඒක ගැන නෙමෙයි බොල.. කොහෙද ඉතින් ඒක දන්නේ අපි විතරක් හන්දා කියන්න බෑනේ මෙතන..

      Delete
  26. වැඩිහිටියන්ගෙ උපදෙස් වටිනවා ආ... ;)

    ReplyDelete
  27. බොරු ලැජ්ජාව පැත්තකින් තියල දෙන්නම
    රති සුවය විඳිනවා නම් අහවරණේ ...

    සැමා කියල තියෙන අන්තිම දේ ඇත්ත.නිදි යහනේදී බිරිඳ
    ගණිකාවක් මෙන් හැසිරෙන්න ඕනේ කියල බණ පොතෙත්
    තියෙනවා.මට සූත්‍රයේ නම මතක නැහැ.

    අර අන්තිමට ලියපු එක
    " නිදි යහනේදී ඔවුනොවුන්, ඔවුනොවුන්ට ගණිකාවන්
    වී නම් ...... ...... ..... "

    කියල තිබ්බ නම් මීට වඩා තේරෙනවා .මට උබ කියන කතන්දරේ
    මේකමයි කියල තේරුම් ගියේ කමෙන්ට් ටික බැලුවම..

    ReplyDelete
    Replies
    1. ටිකක් අපැහැදිලි වගේද?

      ස්තුති අදහසට !

      Delete
  28. මගුලයි... මෙවා කියවලා අහිංසක අපි වගේ පොඩි උන් නරක් වෙනවනේ.. :P

    ReplyDelete
  29. මාර පැනි හඳක්නෙ නියමෙටම විස්තර වෙන්නෙ...
    සැමා මලය එහෙම එකක් ඇත්තටම අත්වින්දාවත්ද?...
    කිව්වත් වාගේ අපරාදෙ අර "ඇයගේ සිරුරේ පතිත" කෙරුවෙ...

    රසයි රසයි‍‍....

    ReplyDelete
  30. ආ සැම් මාමේ ඔකෙත් එක එක හතරමං හන්දි තියෙනව නේව...

    ReplyDelete
  31. මේ ජීවිතයේ එක් සුලු තැනක් විතරයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  32. මට තේලෙන්නෑනේ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තාම අත් කරත්ත පදින පොඩි කොල්ලන්ට ඕව තේරෙන්නේ නෑ තමා. අර බිල්ඩ්ම උඩට ගිහින් කරොල බලල කරත්තේ පැදපං මල්ලියෝ...

      Delete
    2. අපි දැක්කා දෙසැ. 31 නලියා හිටියෙ කොහෙද කියලා ;)

      Delete
  33. ඉස්කෝල කාලෙ හොරෙන් කියවපු පත්තර මතක් වුනා...මරු සෑම්

    ReplyDelete
  34. කෝ බොල මගේ කමෙන්ට් එක

    ReplyDelete
  35. නැවු ගියාට පාර හිටින් නැති බව ඇත්ත. ඒ උනාට හොඳම දේ..... මුහුදු වලට නැවු නොදාන එකයි

    ReplyDelete
  36. උඹ ඉන්නෝන තැන ඔතන නෙවෙයි බං, වැල පත්තරය ප්‍රධාන කතෘ ධූරයට ඉහළින්ම සුදුසුකම් තියෙනව උඹට.

    ReplyDelete
  37. උඹට රෑට නේද දොරේ ගලා යන්නේ..(අදහස්)..

    ReplyDelete
  38. මුත් ඒ ගමන ගණිකාවෝ ගැන ලියන්න අරන් කියලා ආවා මදැයි.
    කියන්න තියෙන ටික ඊලග පොස්ට් එකේම දාන්නම්.

    ReplyDelete
  39. කොහෙන්ද බං මේ වචන සැට් එක හොයා ගත්තේ??? අර අන්තිම කෑල්ල තමා ලිපියේ හොඳම කෑල්ල.. ඔය බැඳපු එවුනුත් ඒ බව උඩ කමෙන්ට්ස් වල සහතික කරලම තියෙන්නේ

    ReplyDelete
  40. සෑම් මේක තමන්ගෙම අත්දැකීමක්ද?ලස්සනට ලියවුනු කතාවක්.
    කිවයුතු දේවල් සියල්ලම කලින් කියවෙලා තියෙනවා,ජයවේවා

    ReplyDelete
  41. පුංචි මට තේරුණේ නෑ මෙව්වා..! හිකිස් යැ... සෑමාට ජය!

    ReplyDelete
  42. වචන තමයි බොල වචන.අර සිංදුවක තියෙන්නේ නෙළුමට නෙළුමක් හැපෙනවා දැකලයි දණ්ඩි පැටව් මේ හැටි දඟලන්නේ කියලා......

    ReplyDelete
  43. මදැයි හොරෙන් යන්න ආවා.

    ....//ඔහු වෙනදාට නාස්ති කරන්නාවූ පිණි පොද, අද සිට ඇය සමග වටිනා රාජකාරියකට වෙන් කරන්නේය.//.... ඒ කියන්නේ සැමත් වෙන්ඩ පියෙක්ද?
    උඹේ හැකියාවනම් ඉහලින්ම අගය කරන්න ඕනි මචෝ. එළකිරි.

    ReplyDelete
  44. :D සුභ අලුත් අවුරුද්දක් වේවා සැමා!

    ReplyDelete
  45. සුපිරි කතාවක්ය.....හැමකෙනෙක්ම එසෙ වෙවායි පතමු.....

    ReplyDelete
  46. හෙටම බදිනවා මාත් හිටපංකො..:D :D (සැමෝ බ්ලොග් එකෙන් 3D ෆිල්ම් එකක් බැලුවා වගේ..පට්ට ආහ්.අන්තිමට මාත් නිකන් හිරිවැටිලා ගියා වගේ උනා බන් ;)

    ReplyDelete
  47. පට්ට ,, සමාජය විසින් කථා කල යුතු ( අනිවාර්යයෙන්ම ) දෙයක් . ගොඩක් සමාජ ගැටළු ඇති වෙන්නේ තම පවුල හරියට සමබරව පවත්වාගෙන යන්න බැරි උනාම .. එතකොට බැනල වැඩක් නෑ තමන්ගේ මිනිහ බඩු ගහන්න යනවා, තමන්ගේ ගෑනි පිට යනවා කියලා ..

    ReplyDelete
  48. වල් කතාව උනත් පට්ට සංයමයක් කොල්ලො මේකෙ තියෙන්නෙ

    ReplyDelete
  49. ඔබ නිවැරදිය. වල්කම හරියට පරිහරණයෙන් සාථක පවුල් ජීවිතයක්...

    ඇයි යකෝ කසාද බදින්නෙ ඕක කරන්නමද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...