Friday, January 11, 2013

ෆෝන් එක නැතිවෙන්නට පෙර..


ඉස්සර ෆෝන් එකක් නැති වුනොත් නම් ඉතිං නැතිවුණාමය. හොරකම් කරන එකි විසින් එය නිදහසේ පාවිච්චි කරන්නේය. සිම් එක ගලවා විසික් කරන හොරා විසින් අළුත් සිම් එකක් දමාගෙන නිදහසේ පාවිච්චි කරන ක්‍රමය ඉස්සර තිබුනේය. එහෙත් ඒ කාලේ ෆොන් විරලය. එසේම ගන්නා කෝල් වලට මෙන්ම තමන්ට ලැබෙන කෝල් වලට පවා මුදල් අය කෙරෙන්නේය. ඒ නිසා ඒ කාලේ ෆෝන් එක රින්ග් වෙනකොට අයිතිකාරයා බොස බොස ගා වයිබ්බ්‍රේට් වන්නේය. එසේම ඒ කාලේ නම් සිම් එකක් ගන්නට ඉඩකඩම් පවා උකස් කරන්නට වන්නේය.

පසුකාලීන තාක්ෂණික දියුණුව සමගම හැන්ඩ් ෆොන් සමාජයේ බහුල වූයේය. අපි දැන් සිටින්නේ එවන් කාල වකවානුවකය. එනිසා ජංගම දුරකථන අස්ථාන ගතවීම් සොරකම් කිරීම් නීතියට හසු කර ගැනීමට විවිධ ක්‍රම ඇත්තේය. බොහෝ අයට විටක දුරකථනය තැබූ තැන අමතක වන්නේය. එවිට ඉක්මනින් තම සමීපතමයෙකුගේ දුරකථනයකින් අස්ථාන ගතවූ දුරකථනයට ඇමතීම සිරිතය. එවිට අස්ථාන ගතවූ දුරකථනය ඉන්නා තැනක සිට නාද වෙන්නේය. එවිට සොයා ගත හැකිය. සමහර දිනවලදී ඒ පුරුද්දටම සෑමා තම යතුර නැති වූවිට පවා මිතුරෙකුගේ දුරකථනයක් ඉල්ලා ගත්තේ යතුරට මිස් කෝල් කර තිබෙන තැන සොයා ගැනීමටය. එදා සෑමා විලි ලැජ්ජාවෙන් බේරුනේ දහසක් කතා කීමෙන්ය.

දුරකථනය අස්ථාන ගතවීම මෙන් නොව දුරකථනය යමෙක් විසින් සොරාගත්විට සොයා ගැනීම අපහසුය. ඒ නිසා වර්ථමාන සමාජය දැනුවත් කර ඇත්තේ මුලින්ම දුරකථනය නැතිවීම පිළිබදව පොලිස් පැමිණිල්ලක් තබන ලෙසය. ඉන්පසුව උසාවි නියෝගයක් මගින් විදුලි සංදේශන නියාමන කොමිසම මාර්ගයෙන් නැතිවූ දුරකථනය සොයාගත හැකි බවට ඔවුන් කියන්නෝය. ඒ සදහා දුරකථනයේ IMEI අංකය (International Mobile Equipment Identification Number) අවශ්‍යය.

ඒත් සිරිලංකාව වන් රටක ඔය කියන උප්පරවැට්ටියෙන් නැතිවූ ෆෝන් සෙවීම දුෂ්කරය. ඒතරමට අපේ තාක්ෂනය දියුණුය. තාක්ෂනය කෙසේවෙතත් නීති පද්ධතිය අති සාර්ථකය. පොලිසියට ගොස් නැතිවූ ෆෝන් එකට පැමිණිලි දමද්දී උන් හිනා වෙන්නෝය. උසාවි නියෝග ගන්නට යන පිරිසක්ද නැත්තේය. ඒ නිසා තමන් හිසට තම අතමය සෙවනැල්ල කියා, කීයක් හෝ නැවත එකතු කොට ෆෝන් එකක් ගැනීම උචිතය.

ඒ සියල්ල අපහසු වූ කලෙක නියම ඇප්ලිකේෂන් එකක් ආවේය. පෙර කලෙක සෑමා භාවිත කළ සිම්බියන් ෆෝන් එකට එම ඇප් එකක් සෙට් වුනේය. එම ඇප් එක ඉන්ස්ටෝල් වීමේදි අපට වෙනත් දුරකථන අංක දෙකක් දිය හැකිය. එවිට ෆෝන් එක යමෙක් සොරාගෙන සිම් පත මාරු කළ විට ඇප් එක මගින් ස්වක්‍රීයව කලින් ගබඩා කළ නම්බර දෙකට මැසේජ් යන්නේය. ඒ ක්‍රමය මගින් හොරාගේ සිම්පතේ නොම්මරය ලබා ගත හැකිය. සෑමා එම ෆෝන් එක විකුණා ඇන්ඩ්‍රොයිඩ් කට්ටකට බැස දැන් ගොඩක් කල්ය. එහෙත් මෑතකදී ඇප් වල සැරිසරද්දී එවන් තව ඇප් එකක් සැට් වුනේය. මෙච්චර කාලෙකට එය සෙට් නොවීම ගැන දුකය. සෑමා සිතා සිටියේ ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ එවන් ඇපක් නැත කියාය.

සෑමා එම ඇප දැම්මේය. දමා තම මිතුරන් දෙදෙනෙකුගේ නොම්මරද එයට ගබඩා කලේ උන් දෙදෙනා නිතරම අහල පහලක සිටින නිසා ෆෝන් එක නැති වු විගස සොයා ගත හැකි නිසාය. සෑමා පසුදා තම මිතුරෙක් වූ දිලා‘ව මේ පිළිබදව අප්ඩේට් කලේය.

“මචං මම ෆෝන් එකේ සිම් එක මාරු කළාම ඔටෝ මැසේජ් යන ඇප් එක දා ගත්තා..“

“අර හොරු උස්සනවට දාන එක නේද බං?“

“ඔව් ඔව් ඒක තමා.. මම ඒකට උබගෙයි ලකියගෙයි නම්බර් දෙකත් දැම්මා..“

“අඩෝ ඒකට නම්බර් කීයක් දාන්න පුළුවංද?“

“සිරා ඇප් එක බං.. නම්බර් 5ක් දාන්න පුළුවං..“

“අපරාදෙ යකෝ..“

“ඒ මොකද බං ඒ??“

“ඇයි යකෝ මැසේජ් 5ක් යනවා කියන්නේ රුපියල් 10ක් විතර කැපෙනවනේ..“

මිතුරා දුන් උත්තරයට එහා දෙයක් සෑමා නොකිව්වේය. ඉතිං පෝස්ටුවද මෙතැනින් එහා ලියා වැඩක් නැතිය.

Written by sAm ශ්‍රී Perera_09:39pm_11/01/2013

ඇප් එකට මෙතැනින් යන්න

102 comments:

  1. මටත් මොනවත් කියන්නට හිතෙන්නේම නැත.......... යාළුවාට බුදු සරණයි

    ReplyDelete
    Replies
    1. පව් නං ඇයි මේක දැම්මේ. උඹලට තමා කියන්නේ -රි යාළුවෝ කියලා

      Delete
    2. අපිට ඇන්ඩ්‍රොයිඩ් ගන්න සෑමාට මෙන් වත්කමක් නැත.
      සෑමලාට සෑමලාගේ රජය නිසා සරු උවද අපට හුලංය...
      එහෙව් අපට ඇන්ඩ්‍රොයිඩ නම් සිහිනයක්ම පමණක් වන්නේය..

      Delete
    3. අඩෝ අපේ ආන්ඩුව ආවනම් උබලට බ්‍රේස්ලට්, චුයිංගම් හම්බෙනවා..

      ගමේ ඇමතිතුමාට කියපං තරියා.. :ඩී

      Delete
  2. ඔය ඇප් එක මොකක්ද කිවුව නම් අපිටත් දාගන්න..

    ReplyDelete
    Replies
    1. මම අහන්න හදපු එක මෙයා අහලා... අනේ කියන්ටකෝ අයියණ්ඩියේ... පින් අතේ වැඩක්නේ.. ^_^

      Delete
    2. ටැංකිව් ටැංකිව්... යන්තම් ඒ ඇප් එක මගේ ෆෝන් ඒකටත් වැඩ... චෙක් කරලා බලන්න කොහේ හරි දාලා එන්න ඕනේ.. එක්කෝ හොරෙක්ට කියන්න ඕනේ ගන්න කීලා..
      බුවහ්හ්හ්හා... :)

      Delete
  3. බිස්නස් සෑමෝ බිස්නස්

    ReplyDelete
  4. ඒ මොකක්ද ඒ app එක...???

    ReplyDelete
  5. මමත් ඇන්ඩ්‍රොය්ඩ් එකකට වගකියන්න ඉන්නෙ..කීපිය අපිටත් ඇප් එක.

    ReplyDelete
    Replies
    1. දැම්ම ඒත් අපරාදෙ සල්ලි ;)

      Delete
  6. එලස් ඇ
    මට මේ දාගන්න හරි හමන් එකක් නැතුව දහ අතේ විසි අතේ බල බල හිටියේ

    ReplyDelete
  7. අපෝ ඔහොම ඇප් එකක් මගෙ සිම්බියන් එකට දාගෙන මහ කරදරයක් වුනා.පාස් වර්ඩ් එක මටම අමතක වුනා.සුපර් සිම් එකක් නිසා අනික් නොම්බරෙට යනකොට ලොක් කලා.පාස් වර්ඩ් මතක නැතුව මක් කරන්නද.වෙලාවට තාත්තගෙ නොම්මරේ දීලා තිබුනනේ.එතකොටත් තාත්තට මැසේජ් එක ගිහිනනෙය් බලනවා මේ මොකක්ද කියලා.පාස් වර්ඩ් රිකවර් කලා ඒකෙන්.නැත්නම් මක් කරන්නද මන්දා. :D

    ReplyDelete
    Replies
    1. සුපර් සිම් වැඩේ තාමත් අවුලක් නැහැද අක්කේ ?

      Delete
    2. ඕකනෙ කියන්න පාස්වර්ඩ් අමතක වෙන එක මහ කැතයි නේ..

      හැමදාම යාළු වුන පළවෙනි කොල්ලගෙ නම දාන්න. එතකොට අමතක වෙන්නෑ

      Delete
    3. අනේ යකෝ

      Delete
    4. එතකොට දැන් කෙල්ල තරහ වෙනවානෙ...

      Delete
    5. වන් ඇන්ඩ් ඔන්ලි එක කොල්ලයි නිසා අවුලක් නෑ. :D

      @පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ - ඒ කිව්වෙ? වැඩනම් කරනවා ඒත් මං දැන් වැඩි පාවිච්චියක් නෑ.

      Delete
  8. යාලුවට ෆෝන් එකට වඩා මැසේජ් වල වියදම ලොකු උණා,අර යතුර නැතිවුනාම හොයාගන්න ක්‍රමේ අනාගතයේදී එයි නේද සෑම්..

    ReplyDelete
    Replies
    1. යතුරට සිම් එකක් දාමු බං. එතකොට හරි :)

      Delete
  9. සැමා වගේම තමා. යාළුවොත් පට්ට මොල කාරයො :)

    ReplyDelete
    Replies
    1. අඩෝ අපෙ කොල්ලන්ට මුකුත් කියන්න එපා හරිය. උන් මම වගෙ උගත් නැහැ තමා..

      Delete
  10. ඔන්න මමත් එක දා ගන්නලු හදන්නේ... දැන් ඉතින් 5 දෙනෙක්ගේ නම්බර්ස් හොයන්න ඔනානෙ දාගන්න..... (හිකිස්) මමම සිම් මාරු කරන වෙලාවට අවුලක් නොවෙන්නත් එපයැ ඉතින්....

    ReplyDelete
    Replies
    1. නිතර තමන් අවට ඉන්න 5කගෙ නම්බර් දාපං.

      අනික ෆෝන් එක ඉස්සුවම ෆෝන් නම්බර් හිටන් නැතිවෙන නිසා. දන්න නම්බර් දාපං. ඒ කියන්නෙ කට පාඩම් ඒවා.

      සිම් මාරුවෙදි කේස් තමා

      Delete
  11. ඇප් එකට තැන්කූ සැමෝ..ඒත් අපරාදේ සල්ලි..හි හී

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා ෆෝන් එක වගෙද රුපියල් දහය?

      Delete
  12. අයියෝ ෂල්ලි !

    ReplyDelete
  13. ඒ ජාතියේ ඇප් එකක් මිට වසර දෙක හමාරකට පෙර මිලදී ගත් සැම්සුන් ෆෝන් දෙකේම ඇත. (මගෙයි තාත්තගෙයි). අපි නිකමට සිම් එකක් මාරු කලත් දැන් එස් එම් එස් එකක් එයි. එය වැදගත් ඇප් එකකි. මතක් කලාට ස්තුතියි. ජය...!

    ReplyDelete
    Replies
    1. අන්න හරි ප්‍රදීප් අයියා... ඒක තමා ඇප :)

      Delete
  14. කවුද සෑමෝ ඒ යාලුවා?????????????

    ReplyDelete
    Replies
    1. අපේ කොල්ලෙක්. :)

      ඔයා දන්නෙ නැහැනේ !

      Delete
  15. මේ යාළුවට වැඩිය වැස්සේ තෙමෙන්නේ නැහැ=තිව ඉන්ඩ කියහන්!!!

    ReplyDelete
    Replies
    1. ඌ තෙමිල තෙමිල තමා බං මේම වුනේ..

      Delete
  16. බෑ බෑ මං නම් දාන්නෑ..අපරාදෙ සල්ලි..

    ReplyDelete
    Replies
    1. සල්ලි වියදම් කරල වෙන ඒව මේව දාන්න නම් පුලුවං බොලාට..

      Delete
  17. සැමා අයියා මේක මං කිව්වා කියලා යාලුවට කියන්න “බූරුවා!“

    ReplyDelete
    Replies
    1. අඩෝ අපෙ බුද්ධිමත් කොල්ලන්ට කතා හදන්න එපා හරිය?

      Delete
  18. මට නම් රුපියල් දහය යන එක ප්‍රශ්නයක් නෙමෙයි.. ඇප් එක නම් බාගත්තා.. ඒක දාගන්න ෆෝන් එකක් දෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මේක තමා දවසේ කමෙන්ට් එක :))

      Delete
  19. ගත්ත ගමන් factory reset කලොත් app එකට sorry නේද? එහෙමත් නැත්මම් අළුතෙන් rom එකක් flash කරත් එහෙමයි නේද?

    ReplyDelete
    Replies
    1. එක එක ජාතියෙ හොරු ඉන්නවා. බොහොමයක් එවුන් දන්නෙ සිම් එක මාරු කරන්න විතරයි.

      හොරා කරනදේ ගැන අංජනම් බලනවට වඩා, පොඩිම හරි චාන්ස් එකක් හොරාට නොදෙන එක බුද්ධිමත්. හැම දේකම අඩුපාඩු පේන පිරිසක් ලංකාවෙ ඉන්නව නොවැ. සම්පූර්න ආරක්ෂාවක් නොදෙනව වුනාට, නැතිම දේට වඩා, පොඩ්ඩක් තියෙන දේ පාවිච්චි කරපං චමිත්.

      something is better than nothing

      Delete
  20. ඇප් එක පට්ටය.. ඒත් මගේ ජංගම දුකට ඇප් එක වැඩ නැත. එයට දැමීමමට නම් මීට වඩා දියුණු තාක්ෂනයකින් යුත් ඇප් එකක් අවශ්‍යයය.. (NOKIA 1280)

    ReplyDelete
    Replies
    1. මගේ බරණුවට දාන්න නම් ඊටත් දියුනු එකක් අවශ්‍ය විය හැක

      Delete
    2. බණ්ඩා සිම්බියන් ඇප් එක අරන් ෆෝන් එකට අලවමු බං ;)

      Delete
  21. ඔය පොලිස් කතා නම් වැඩක් නෑ... අපේ මස්සිනාගේ ෆොන් එක, වාහනේ ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවේ උදවු කරන්න ආපු (?) එකෙක් උස්සලා.. වාහනේ අරන් යන ගමන්ම පොලිසියේ එන්ට්‍රියක් දලා ‌ෆොන්එක නැති උණත් කමක් නෑ ඒකේ තියෙන පොඩි එකාගේ ෆොටෝ ටික එව්වනං ඇති කියලම.. පොඩි එකා ඉපදිච්ච දවසේ ඉදන් ගත්ත ෆොටෝ ඒකේ තිබිලා තියෙන්නේ.. (මොලෙන්ම වැඩ කරන නිසා ඒක ගෙවිලාද කොහෙද...).. වැඩක් උනේ නෑ... . හි හි... තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න එක හොඳයි....

    ReplyDelete
    Replies
    1. මම කලින් කිව්වත් වගේ,අපිට ෆෝන් එකට වඩා වටින්නෙ ඔය තියෙන ෆොටෝ ටික සහ නම්බර් ටික තමා..

      බලන්න ඇක්සිඩන්ට් වුන එකාටත් කෙලින සමාජයක් නෙමේක..

      Delete
  22. මගේ පළමු රස්සාවේ පළවෙනිම පඩියෙන් ගත්ත මගේ පළවෙනි ෆෝන් එක. හයි ෆයි එකක් නොවුනත් පස්ට ෆෝන් එක. ඒකත් අරගෙන දවසක් බස් එකේ යන කොට, දැනුන ෆෝන් එක නැති බව,බස් එකට ගොඩ වුනු තැන ඉඳල මීටර් 50ක් වත් ගිහින් තිබුනේ නැහැ. කෝල් කරලා බැලුව ඒ වෙන කොටත් විසන්ධි කරලා ඉවරයි. බස් එකේ ඇතුලේ ෆෝන් එක වැටිලද කියල බලන කොට ළඟ හිටපු පොරක් හරියට නොසන්සුන් වුනා. ඒ නිසාම මිනිහට සාක්කු බෑග් පෙන්නන්න කිව්වම අන්ඩර්වෙයාර් එක ඇතුලෙත් පෙන්නුවා ෆෝන් එකනම් තිබුනේ නැහැ. තවත් රහස් තැන් තිබුනද දන්නේ නැහැ. :P

    කොහොමින් හරි ඔය සිද්ධිය වුනේ ඒ දවස් වල වෙන්ඩ හාමිනේගේ ගෙවල් පැත්තේ යන කොට. අපරාදේ කියන්න බැහැ, එහෙ (බලංගොඩ) පොලීසියෙන් පැමිණිල්ල හොඳින්ම සටහන් කර ගත්තා.

    කොහොමින් හරි ඔය පැමිණිලි කිරීම ෆෝන් නැවත සොයා ගැනීම කොහොම වුනත්, තමන්ගේ ආරක්ෂාවට හොඳයි. හොරකම් කරන ෆෝන් එක, සිම් එක නීති විරෝධී වැඩකට ගත්තොත් පැමිණිලි කරලා තිබීමෙන් තමන් ඒකෙන් නිදහස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මොනව වුනත් ෆෝන් එක කොච්චර වටිනව වුනත් අපිට ලොකුම පාඩුව තමා කන්ටැක් ලිස්ට් එක අහිමි වීම :(

      Delete
  23. Sam aiye,oya wage 4n eka horakam kaloth sim eka 4n eka lock karanna puluwn app 1k kalekata kalin matath ahu una..

    Iye pereda aluh gadget ekak dakka net eke site ekaka tibila.eka podi boththamk wage ekak,hariyatama ekata kyna nama nam mataka na.eka key ekaka,adumaka,ballekge pusekge wage hurtal satekge karapatiye unath alawanna puluwn..

    Android hari iphone hari ekakin ekata ena app eken dura simawak dila,etanin ehata gyama alarm 1k wadina widiyata set karanda puluwan.anika podi gps wage map ekakin e button eka wage eka tyna tana penwanawa..

    Podi babalawa maga arena ammalata,thaththalata meka godak prayojanawath kyalai nishpadakayo kynne..

    ReplyDelete
    Replies
    1. ඒ වගෙ තාක්ෂනයක් ඉදිරියට එන එක හොදා. පොඩි උන්ට දාන්න නෙවෙ බං. අම්මල තාත්තලට දාන්න. නැත්තං පොඩි උන් ගෙදර ඉද්දි දෙමව්පියො අල්ලපු ගෙවල් වල මහ රැට


      ජය !

      Delete
  24. Owa wedak ne bro...phone eke physical buttons walinma oya mona software dala thibbath hard reset karannq puluwan...

    ReplyDelete
    Replies
    1. හැම හොරාම ඕක දන්නවද? අනික ගොඩක් උන් කරන්නෙ සිම් එක මාරු කරල ඔන් කරල බලන එක මිසක්, රිසෙට් කර කර ඉන්න එක නෙවෙ.

      හොරාව සම්පුර්න හිර කරන්න බැරි තැනදි පොඩ්ඩක් හරි හිර කරන එකද හොද? නැතිනම් අතෑරලම දාන එකද?

      Delete
  25. සෑම දැන් එස් එම් එස් ප්‍රොෙමා්ශන් වගේ.... ඒත් මෙක නියමයි.

    ReplyDelete
  26. යාළුවගේ කතාවත් ඇත්තනේ..පව් හොරා..සිම් එක දාපු ගමන් රුපියල් 10ක් ඉවරයි..!!

    ReplyDelete
    Replies
    1. සිරාවට පව් හොරා.. බලන්න අපෙ කොල්ලො කොච්චර අවිහිංසාවාදිද?

      Delete
  27. තමංගේ කෙල්ලට හෝ කොල්ලට දාන්ඩ ඔය වගේ ඇප් එකක් නැද්ද මචං??

    ReplyDelete
    Replies
    1. පිට එකෙක් දැම්මොත් හොයා ගන්නද ?

      :)))

      Delete
  28. මගෙත් කවුදෝ යාලුවෙක් මගේ ෆෝන් නම්බර් එකත් ඔය වැඩේට දා ගත්ත වගේ ලාවට මතකයි. ගන්න එක සොෆ්ට්වෙයාර් දැම්මොත් සොරි නේද ? රූ ගේ කතාවයි, දිනුකගේ කතාවයිත් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. නිකංම ෆෝන් එක පුජ කරනවට වැඩිය මෙහෙම එකක් දාල තියා ගන්න එක පව් නැහැනේ බං.

      :)

      Delete
  29. යාළුවා ෆෝන් උස්සනවද බොලේ?

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම ඇහුවෙ ?

      Delete
    2. ඇයි බන් අහවල් හුට්ටප්පරයකටද හොරගෙන් කැපෙන රුපියල් 10 ගැන එක අඩන්නේ???

      Delete
    3. අහ්.. ඔව් නේද බං. හොරා ඌ නම් ඌට නේ පාඩු :ඩී

      Delete
  30. හොයන්න නම් පුළුවන් IMEI එක තිබුනොත්. ඒත් ඉතින් පොලෝසියට කිව්වාට ගණන් ගන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඇප් එකෙන් පුලුවං. මැසේජ් එක එන නිසා.

      Delete
  31. ඇන්ඩ්‍රොයිඩ් නැතෝ......................

    ReplyDelete
    Replies
    1. සිම්බියන් වලට හරි යන එකක් රාජ්ට දැම්මා පොඩ්ඩක් ට්‍රයි කරපං

      Delete
  32. x8 එකකට හරියයිද සෑමෝ?

    ReplyDelete
    Replies
    1. ඒක නම් නොදනිම් රජෝ... ඇන්ඩ්‍රොයිඩ් නෙවෙ නේද ඇක්ස් එයිට් එක. ඒ නිසා ඕකෙම සිම්බියන් ඇප් එක හොයා ගනිං. මම තිබ්බොත් ලින්කුව එවන්නම්..

      ජය !

      Delete
    2. http://gallery.mobile9.com/f/1136779/?ref=2766

      මේක බලපං රාජ් !

      Delete
  33. 1100 වගේ එකකට ඕක දාගන්න පුළුවන් වෙයිද අයියා..

    ReplyDelete
    Replies
    1. පුළුවං කොල්ලා.. බැටරිය ගලවලා, ඇප් එක සෙලෝටේප් කරමු !

      Delete
  34. //..තාක්ෂනය කෙසේවෙතත් නීති පද්ධතිය අති සාර්ථකය. පොලිසියට ගොස් නැතිවූ ෆෝන් එකට පැමිණිලි දමද්දී උන් හිනා වෙන්නෝය. උසාවි නියෝග ගන්නට යන පිරිසක්ද නැත්තේය....//

    අපේ එකෙක් මේ ජාති ඔක්කොම කරගෙන මේ ගැන හොයා බලන විදුලි සංදේශ නියාමන කොමිසමටද මොකක්ද එකට පැමිණිල්ල අරගෙන ගියාම එතැන් හිටිය එකා ලොකු මේසයක් පිරෙන්න තියෙන ෆයිල් පෙන්නලා කිව්වලු මේවාත් ෆෝන් නැතිවුණු ඒවායේ පැමිණිලි තමා කරන්නත් කට්ටිය නැහැ. ඒක නිසා හොයාගත්තු දවසක කියන්නම් කිව්වලු. අයියෝ සල්ලි තමා

    ReplyDelete
    Replies
    1. මේක සිරා අත්දැකීමත්ද හසිතයා...

      පුදුමයි ෆයිල් ටික තියාගෙන හරි ඉන්න එක ගැන :)

      Delete
    2. @ sAm (සෑම්)

      මට කතාව කිව්ව එකා නම් බොරු කියන හාදයෙක් නෙමේ. ඒක නිසා ඇත්ත වෙන්න ඕනේ. නීති දැම්මාට, සිස්ටම් හැදුවාට කරගෙන යන්නත් කට්ටිය ඉන්න එපැයි :D

      Delete
    3. ලංකාවෙ සිස්ටොම්වල, සිම්ටොම්ස් තියෙනවනේ බං :)

      Delete
  35. යාළුවාගේ මොලේ තමා මොලේ...ආර්ථික විජ්ජාව ගැන හසළ දැනුමැති බව පේනවා.. වහාම මෑන්ස්ව මහා බැංකු අධිපති කරන්න ඕන...

    ReplyDelete
    Replies
    1. මූ එතැනට ගියොත් මල මගුලයි වෙන්නේ...

      එදාට මලින්ද මාමා නම් සතුටු වෙයි බං.

      Delete
  36. මගෙ ප්‍රියතම කමෙන්ට් දෙක හරීගෙ එකයි දිනූකගෙ එකයි.

    මේ සෑමා ලිව්ව පෝස්ට් වලින් මගෙ ප්‍රියතම එකක්.

    උඹ දැන් කල්පනාකරනවා නම් උඹ ලිව්ව පෝස්ට් වලින් මම අකමැතිම එක මොකක්ද කියලා... ඒ අර වැලහින්නියකට පෙම් බැඳ කතාව.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපොයි උබ විතරක් නෙවේ හැම එකාම අකැමැති ඒ කතාවට තමා..

      ඒකට හොද ප්‍රතිචාර දුන්නෙ සුමිත් අයිය විතරයි බං :((

      Delete
  37. උබේ යාළුවොත් උබවගෙම ඕන වෙලාවක උම්බෑ කියාගත්තු ගමන්මයි නේ....

    අර ඇප් එක මොකද්ද බං

    ReplyDelete
    Replies
    1. මී---හරකා තමා බං උම්බැ කියන්නේ :ඩී

      දාගෙනම බලපං ඇප් එක.

      Delete
  38. ඔය වගේ කතාවක් මතකයි පොතක තිබුනා. හැබැයි ඒ ලැප් එකක..ලැප උස්සපුහාම වෙබ් කැම් එකෙන් පොටෝ අරගෙන ඔටෝමටිකලි අයිති කාරයාගේ ඊමේල ට පොටෝව එවනවලු....කොහොම වෙනවද දන්නේ නෑ හැබැයි, ඕකෙන් හොරෙක්ව අහුකරලා තිබ්බා, ලංකාවේ නෙමෙයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ ඇප් එක හොයා ගන්න නැද්ද බං ?

      Delete
  39. ෆෝන් එක උස්සපු ගමන් සොෆ්ට්වෙයාර් පාරක් දැම්මොත් බඩු නේද සැමෝ? මගේ සුපර් සිම් එකේ හැටියට මාසෙකට දෙතුන් සීයක්ම මැසේජ් යවන්න තමයි වෙන්නේ.

    හයියෝ සල්ලි!

    ReplyDelete
    Replies
    1. සොෆ්ට්වෙයාර් දාන එකට මම උඩින් කමෙන්ට් එකක් දාල ඇති බං...

      ඒ මොකෑ බං එච්චර මැසේජ් යවන්නෝනි ?

      Delete
    2. ඇයි බන් මගේ සුපර් සිම් එකේ නම්බර්ස් 16ක් තියෙනවා. ඉතින් සිම් එකකට එක මැසේජ් එක ගානේ යැව්වත්......?

      Delete
  40. මමත් පළවෙනි මොබයිල් ගඩොල් භාගෙ ගන්න ගම්පහ ඉදන් පානදුරේට ගියා බන්...අඩු ගානට ඒක ගත්තෙ පිටරටක යූස් කරපු එකක් නිසා...

    ඔය කාඩ් වලින් රීචාර්ජ් කරන විදිය වැඩිය ප්‍ර‍සිද්ධ නැති මුල් කාලෙ මගේ යාලුවෙක් කාඩ් එකත් අරගෙන ආවා..මේක දාගන්න ඕනෙ බන් සතයක් නෑ කියලා...එතකොට බලන් හිටිය එකෙක් ඇහුවා..කෝ බන් ෆෝන් එකට ඔය කාඩ් එක දාන්න තරම් ඉඩක් නෑනෙ කියලා...

    ReplyDelete
    Replies
    1. පොර හිතන්න ඇති pay phone කාඩ් වගෙ ෆෝන් එක ඇතුලට දාන්නෝනි කියලා :))

      Delete
  41. අය්යෝ සල්ලි කියන්නේ ඕක තමා සැමෝ...

    ReplyDelete
  42. මම නම් Avast virus guard එක දාගද්දී ඔය sms පහසුකම නිකන්ම ලැබුනා. ඒකත් සෑහෙන වටින ඇප් එකක් තමා :)

    ReplyDelete
  43. සෑමටත් සෑමගේ වර්ගේම යාලුවෝ හම්බුවෙනවා.. අපරාදේ කියන්න බෑ..

    ReplyDelete
  44. අපේ එකෙක් ඇප් එකක් හැදුවා.
    නුවරදි රුපියල් 50ක් ෆෝන් එකට දැම්මොත් කොළඹ එනකොට සතයක්වත් ඉතුරු වෙන්නේ නෑ.
    කට්ටිය වහාම අන් ඉන්ස්ටෝල් කරලා දැම්මා. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...