සෑමට හයියක් වුණ - සෑම් සහ සමාගම..

Thursday, January 17, 2013

වම්බට්ටා වැනි උන් ප්‍රසිද්ධ වීම සාධාරණය...


බොහොම දෙනෙක් ප්‍රසිද්ධියට කැමතිය. ඒ තමන්ට ලැබෙන ලාභ සත්කාර වැඩි කර ගැනීමේ චේතනාවෙන්ය. දේශපාලුවෝ තම සගයන්ට පවා සම්බන්ධීකාරක කාඩ් නිකුත් කරන්නේ ඒ නිසාය. එවිට දේශපාලුවා මෙන්ම කාඩ් ලග තබා ගන්නා පවා වැඩ කාරයෝ වන්නෝය. ගායක, ගායිකා, ක්‍රීඩක. ක්‍රීඩිකා සහ නළු නිලි යන හැමෝම ප්‍රසිද්ධියට කැමතිය. ඒක උන්ගෙ පැත්තෙන් විය යුතු දෙයක්ය. එහෙත් අයුතු ප්‍රෙයා්ජන ලබා ගැනීම නම් වැරදිය.

සෑමාට ප්‍රසිද්ධිය ගැන සිහි වුයේ මේ මෑතකදී පාසලට ගිය විටකදීය. බොහෝවිට පාතාලය වන් මැර චරිත ප්‍රකට වන්නේ නරක පැත්තෙන්ය. එහෙත් පාසල් කාලයේ කරන දග වැඩ නිසා ප්‍රකට වන පිරිස්ද අනන්තය අප්‍රමානය. බොහෝ විට එවන් කලහකාරී චරිත වලට නම් පවා පට බැදෙන්නේය. එය පාසල පුරා පැතිර ගිය කලෙක ගුරුවරුන්ගේ සිට ප්‍රින්සිපල් දක්වාම ඔහුට කතා කරන්නේ එකී ආරූඨ නමින්ය.

පසුගිය කලෙක සෑමාගේ වසරේ. පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායම මුල්වී පාසලට ජල නල පද්ධතියක් ලබා දුන්නේය. මෙය හුදෙක් ඒ ගැන ලියවෙන්නක් නොවන නිසාම, නමුත් ඒ ගැන ඡායාරූපයක් පල නොකර තැබිය නොහැකි නිසාම ඡායාරූපයක් දැමීම උචිතය.

මෙම නල පද්ධතිය සිසු අයිතියට පැවරීමෙන් අනතුරුව අප විසින් ගුරුමණ්ඩලයට, කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයට සහ ප්‍රින්සිපල්තුමාට සංග්‍රහයක්ද පැවැත්වූවෙමු. එහිදී සිදුවූ කතිකාවේදි සෑමාට සිතුනේ “වම්බට්ටා වැනි මැර චරිත ප්‍රසිද්ධ වීම සාධාරණ“ යැයි කියාය.

ප්‍රින්සිපල්තුමා සංග්‍රහ මේසය අසල පුටුවේ වාඩි ගත්තේය. සෙසු පිරිසද වාඩි ගත් විට ඔහු එකිනෙකාට ඇගිල්ල දිගු කරමින් තමා පාසලට පැමිණි 2006 වසරේ පාසලෙන් ඉවත් වූ අපේ එවුන් ගැන මතකය අවධි කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ කර්නල් පදවියෙන් පිදුම් ලද එකම විදුහල්පතිවරයා වශයෙන් ඔහුගේ මතකය තියුණුය.

“අහ් තමුසෙ නේද සිගරට් බීල අහුවුනේ“ ඔහුගේ අත මා මිතුරෙකු දෙසට යොමු වුයේය.

“සිගරට් බීලා... නැහැ සර්.. “ මිතුරා පිළිවදන් දුන්නේය.

“නැහැ නැහැ තමුසෙ මොනවට හරි අහුවුණා..“

“සිගරට් බීල නම් නෙවේ සර්, මම මැච් එක දවසෙ බීල අහු වුණා“ මිතුරා දුන් පිලිතුරෙන් සැවොම සිනා සුනේය.

ඒ සිද්ධිය සිදු වූයේ බිග් මැච් එකක් දවසකය. අපේ එකා පැලෙන්නට බීලාය. සිහිය නැතුව පැත්තක වැටී සිටියදී එහා පන්තියේ පන්තිභාර ගුරුතුමිය පැමිණියාය. 

“මොකද මේකට වෙලා තියෙන්නේ??“ ඒ ටීචර්ය.

“මූට මී මැස් මොරේ හැදිල ටීචර්...“

“මී මැස් මොරේ....? යනව අයිසේ බොරු නොකියා, මූ හොදටම බීල ඉන්නේ...“

“පිස්සුද ටීචර්, අපි හොද සිහියෙන් ඉන්නේ, මූ කියල තනියම බොන්නද?“

“විකාර නැතුව ඕකගෙ ඔළුවෙ දෙහි ලෙල්ලක් අතුල්ලනවා“ ටීචර් විසදුම කීවාය.

“දෙහි ලෙලි නෙවේ ටීචර් එකෙක් ගියා මෙයාට මීමැස් මොරේට ගන්න බෙහෙත් පෙති ගේන්න...“

එදා ටීචර් ඒ වචන සැට් එක විශ්වාස කළාදැයි, නොකළාදැයි අපට හරි හැටි තේරුනේ වසර 6කට පසුව ඉහත කී අවස්ථාවට ගිය විටය. ප්‍රින්සිපල් සමග කතා කළ පසු එම ගුරුතුමිය වෙත අප ගිය විටම ඇය අපේ මිතුරාට කෑ ගැසුවාය.

“තමුසෙ මාව එදා රැවැට්ටුවා නේද?“

“මොකක්ද ටීචර්...“ ටීචර්ගේ කතාව මිත්‍රයාට මෙන්ම අපටද සිතා ගත නොහැකි විය.

“ඇයි මී මැස් මොරේ කියල බීල වැටිල හිටියේ...“ ඒ කතාවට අපට සිනා සෙන්නට හැර කරන්නට දෙයක් නොවීය.

“ආ.. දැන් තමුසෙ මොනවද කරන්නෙ...“ විදුහල්පතිතුමා තවකෙකුට ඇගිල්ල දිගු කලේය.

“මම සර් රට ඉන්නෙ ලංකාවට ආවෙ ලගදි..“

“තමුසෙත් ඉස්සර හැම එකටම මාට්ටුවෙනවනේ...“

“කෝ අර තාත්ත කන්ස්ට්‍රක්ෂන් කරන කොල්ලා..“

සර් මේ අහන්නේ එදා ආවෙත් නැති දැනට ලංකාවෙත් නැති එකෙක් ගැනය. අපේ උන් ඔහු ගැනද කීවෝය, ඉන්පසු ඔහුගේ අත අපේ කාලයේ බෞද්ධ සංගමේ සභාපති තුමා වෙත දිගු වූවේය.

“ඔයා දැන් කොහෙද වැඩ?“

“මම එයාර් ‍ෆෝර්ස් සර්..“

“එතකොට කකුල කැඩුනෙ..“ මෑතකදි වු සුළු අනතුරකින් මිත්‍රයාගේ කකුල වෙලා තිබුනේය.

“ඇක්සිඩන්ට් එකක් වුනා..“

“එයාර් ෆෝස් එකේ ඇක්සිඩන්ට් නම් ප්ලේන් එකකින් වත් වැටුනද?“

“ඔයා නේද බෞද්ධ සංගමේ සභාපති හිටියේ...“

“ඔව් සර්...“ ඒ පිලිවදනට සිනාසුනේ හාමුදුරුවෝය.

“හැම පාරම සභාපති වෙන්නේ මේ වගේ අය තමා. කොහෙන් හරි මැරයෙක් තමා එන්නේ...“ සර් කීවේය.

“හැබැයි සර් අපි තමා මුලින්ම සංඝගත දක්ෂිනාව පටන් ගත්තේ..“ ඒ අපේ හිටපු සභාපති මිතුරාය.

“නැතුව, මට මතකයි,,, මේ පාර අපි දක්ෂිනාව කලේ හයවෙනි පාරට...“ මැර සෙට් එකක් සිටියද, පාසලට අපේ උන් කළ දේවල් හැමෝටම මතකය.

ඉන්පසු ගණිත අංශයට ගිය විට අපේ උන් සාරි පොඩිත්තක් ඇදගෙන, මාල පොඩිත්තක් බැදගෙන කියමින් ලගින් යන විට විහිළු කළ සුන්දර ගුරුතුමිය හමුවෙන්නට ගියේය. ඇයට කිසිවෙකු උක්ත ගීතය ගායනා කරමින් දෙතුන් වරක් බයෝ පන්තිය අසලින් ගමන් කර ඇති බව මතක තිබුණාය. එහෙත් ඒ සෑමා බව ඇයට මතක් නොවුයේ වෙලාව හොද කමටය.

එකළ කම්පුටර් අංශය භාරව සිටි ඇප්ලයිඩ් සර් මවුස් එකේ බෝලය නැති වූවිට එය සොයමින් පන්ති පුරා ඇවිද ගිය හැටි පවා තවමත් හැමෝටම මතකය. පඩි පෙලවල් උඩ මුත්‍රාකර අහු වූණ එවුන්, අල්ලපු වත්තට සෙල්ලම් දාපු උන් තවමත් ඔවුනට මතකය. හොදින් ඉගෙන ගෙන විශ්ව විද්‍යාල ගත වූවන් විශාල පිරිසක් අතරින් ඔවුනට මතක තිබුනේ සුන්දර දග වැඩ කළ ඒ කාලේ මැරයන්ය. හේතුව අප මෙන්ම ඔවුනද එවන් සිද්ධීන් වලින් ලබන සැගවුණ සතුට නිසාය.

එසේම සමාජ ගත සිද්ධීන් වලින් අහිංසක සුන්දර චරිත සුළුතරයක් මතකයේ රැදෙන අතර, වම්බට්ටන් වැනි සමාජ පෙරලියක් කරන චරිත, බහුතරයක් මතකයේ රැදෙන්නේ ඒ නිසාමය.

සැයු - සෑමා අපේ එවුන් මැරයන් බව කීවා නොව, වම්බට්ටා හොද යැයි කීවා නොව, මිනිස් මතකයේ රැදෙන්නේ කැපී පෙනෙන (හොද හෝ නරක) ක්‍රිරියාවන් කළ පිරිස් බවට සටහනක් තැබුවා පමණකි.


Written by sAm ශ්‍රී Perera_8.04am_17/01/2013

51 comments:

  1. ඔව් ඉතින් පතෝල වැටකොලු වාගේ එකාල මොකට මතක තියාගන්නවද

    ReplyDelete
    Replies
    1. ලෙඩ කෑම ගැන කියන්න එපා බං !

      Delete
  2. ඇයි ඉතිං අනික් උංගෙ මොනව කියල මතක තියාගන්නද.

    ReplyDelete
    Replies
    1. ඇයි උන්ගෙ හැදියාව?

      Delete
  3. පස්සේ කලෙකදී ඉගෙනගත්තු පාසලට වැඩක් කරලා දෙන්නේ,ඉගෙන ගනන කාලේදී හිටපු එපාම කරපු උන් විතරයි.

    ReplyDelete
  4. ඉස්කෝල කාලේ නොකරන දගවැඩ කවදා කරන්නද බං ,

    ReplyDelete
    Replies
    1. අන්තිමට කියන්න මතක තියෙන්නෙ එච්චරයි බං!

      Delete
  5. එතකොට කොල්ලන්ව තමයි වැඩිපුර මතක හිටින්නේ ,ඇයි කෙල්ලෝ ඔහොම මතක හිටින ඒවා කරනවා අඩුයිනේ ..තිබුනොත් ඉතිං ලව් කේස් එකක් තමයි ...හික් !!!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අපේ කාලෙ කෙල්ලෙක් “අද රෙයි“ කියල ලියල මාට්ටු වුනා..

      ඒ ගැන පරන පෝස්ට් එකක් ඇති :)

      Delete
  6. කාන්තා පාසල්වලත් ඔහොම අය නැතුව නෙවෙයි,(මැරයෝ නෙවෙයි ඇ) දඟ වැඩ කරන, අදට වුනත් ඒ කාලේ තිබුණු පට්ටම් ගැන නෙවයි ටීචර්ලට මතක මොකක් හරි පෙරළපු බාල්දියක් ගැන තමයි,
    හොදම එක තමයි වටපිටාවේ ගෙවල්වල බෙල් ගගහා යද්දි ඉස්කෝලේ ටීචර් කෙනෙක්ගේ ගෙදරම බෙල් එක ගහපු එක :/

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ කෙල්ලන්ගෙ ඉස්කෝලවල මීට හපන් ඇති හැබැයි.

      අපිත් ගෙදරක බෙල් එකක් ගහද්දි උඩ තට්ටුවේ හිටපු අංකල් කෙනෙක් ඇයි කියල ඇහුව වගේ මතකයි ;)

      Delete
  7. සිංහයන්ගෙන් පැවතෙන ජාතියක්නේ ආයොබෝවන්ඩ....

    ReplyDelete
  8. සෑමාගේ කතාව නම් සම්පූර්ණ ඇත්ත..ඉස්කෝලෙ කාලෙ දඟවැඩ හරි මොන වැඩක් හරි කරලා තිබුන කෙනෙක් තමා පස්සෙ කාලෙක මතක හිටින්නේ..

    ReplyDelete
  9. කොටින්ම ඒ කාලේ එපාම කරපු චරිත තමා පස්සේ කාලෙක ගුරුවරයෙක් දැක්කහම කතා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. දණ ගහල වදිනවත් එක්ක !

      Delete
  10. අප්පේ! ඉස්කෝලෙට ගිහාම තාම ඉස්සර වැරදි වලට දන ගස්සවලා තියන්න බලාගෙන ඉන්න සර්ලා ඉන්නවා බං!

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒ තරමට උබලට සමාව දෙන්න බැහැ වෙන්නැති

      Delete
  11. මම ඒ කාලේ මගෝඩි වැඩ වලට මහා මොලය වශයෙන් ක්‍රියා කලත් ගුරුවරුන් අතර ඉතා අහිංසක අධ්‍යාපනයට කැමති අයෙකු ලෙස ජනප්‍රිය වී සිටියෙමි.

    ReplyDelete
    Replies
    1. අපේ පාසලෙත් ඒ චරිතය කලේ මං.

      Delete
    2. හිකිස්...

      ෂේප් න්‍යායයෙන් කරන ඒවා පේන්න දගලලා කරන ඒවාට වඩා ආතල්ය. එම තියරියේ සෑමා සිටී බවට අමුතුවෙන් නොකිව යුතුය. ඒ නිසා ගුරුවරු කාටවත් සෑමාව වැඩි මීටරයක් නැත්තේය.

      Delete
  12. මිනිස් මතකයේ රැදෙන්නේ කැපී පෙනෙන (හොද හෝ නරක) ක්‍රිරියාවන් කළ පිරිස් බවට සටහනක් තැබුවා පමණකි.//

    හරියට හරි සෑමෝ.

    ReplyDelete

  13. අන්තිමේදී බන් ස්කෝලෙට දෙයක් කරන්න ඉතිරි වෙන්නෙත් ඒ වගේ සෙට් එක විතරයි

    ReplyDelete
    Replies
    1. සිරාවට බං... උන් තමා දුවල පැනල වැඩ කරන්නෙ !

      Delete
  14. එතකොට සෑමාව ප්‍රින්සිපල් උතුමාට මතක තිබුනෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. හීන් නූල් කාරයින්ව මතක නැහැලු

      Delete
  15. අඩේ මටත් කැපී පෙනෙන්න ඕන. දෙන්නං 27 වැනිදට සෑමට ගේමක් එතකොට කැපීපේන්න ඇහැකිනේ.

    ReplyDelete
    Replies
    1. උස මේසයක් උඩට නග්ගන්නං නලියෝ වරෙන්

      Delete
  16. සැමාව මතක් කරගන්නත් හැමෝම බයයි වගේ...

    ReplyDelete
  17. සෑමා කැපී පෙනුනාද කැපිලාම ගියාදැයි නොදනිමි...හික්ස්

    ReplyDelete
  18. මං නම් ඉස්කෝලෙ කාලෙ ඔය කිසිම මගෝඩි වැඩකින් නම ගෑවිලාවත් නෑ.. (අපි කරපු එකක්වත් අහු උනේ නෑ.. ඒවට සේරටම මාට්ටු හෙඩ් ප්‍රිපෙට්) :P

    ReplyDelete
    Replies
    1. උබත් හෙන ගේමක් ගහල වගේ :))

      Delete
  19. අඩියෝඕඕඕඕ
    මී මැස් මොරේ..මතක් උනා බොල ඒ සීනය
    ගනේපොලයානෝ මොනවද කීවෙ?

    ReplyDelete
  20. දග නොකරන බෝ පැල වගේ ළමයින්ට ටීචර්ලා අකැමතියි වගේ පෙන්නුවට, ඉස්කෝලේ තියෙන ඒකාකාරී බව නැති වෙන්නෙ ඒ ළමයින්ගෙන්. කැමතියි කියලා පෙන්නන්න බෑනේ. ඒතකොට උන් කරේ නගින්න එනවනේ.

    ReplyDelete
  21. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  22. මං යන තැන නං හතරවටේම සලකුණු තියලා තමයි එන්නේ .....

    ReplyDelete
  23. කෙනෙක්ව මතක තියෙන්නෙ මොකක් හරි ප්‍රභල හේතුවක් තියෙන්න එපායෑ. එක්කො හොඳින්, නැතිනම් නරකින්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  24. සෑමා හෙන මැරයා...
    මුළු ධර්මාලෝකෙම රන් කලේ සෑමලු..
    වලි එනකොට සෑමා මිසිංලු..
    එච්චර ස්පීඩ් රන් එක..

    ReplyDelete
  25. සෑමගේ මෑරකන් ගොඩක් තියන නිසා ප්‍රින්සිපල් සර්ට එකපාරට හොදම එක මතක් කරගන්න අමාරු වෙන්න ඈති...

    ReplyDelete
  26. තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන හොදින් ඉගෙනගත්ත කීකරු ගෝලයෝ, ඔය ගුරුවරුන්ට නැවත හමුවෙන්නෙ මහත දෙහෙත දරුවොත් එක්ක ඩයබිටීස් සෙන්ටර් එකකදි තමයි, නැතුව ආයේත් ඉස්කෝලෙදි නම් නෙවෙයි.
    උන් එදත් කුහකයි....අදත් කුහකයි.

    ඉස්කෝලේ ගැන හැගීමක් තියෙන්නෙ ඒ ගැන සුන්දර මතකයන් තියෙන උන්ට විතරයි.

    ReplyDelete
    Replies
    1. අම්මප සුමිත් අයියා.. එදා පන්තියටම වෙලා හිටපු ගොඩක් උන් මේ පාර සපෝට් කලේ නැහැ.

      Delete
  27. ඉස්කෝලේ යන කාලේ පිස්සු කෙලපු එවුන්ගෙන් වැඩි හරියක් අද ඉන්නේ ලොකු ලොකු තැන් වල...

    කියලා වැඩක් නැ අප්පා ඒ කාලේ

    ReplyDelete
  28. ඒක නම් අමූලික ඇත්ත බොල...

    ReplyDelete
  29. බිලා වැටිලා ඉන්න එකෙකුට මිමැස් මොරේ හැදිලා ඉද්දි අරු දැඟලුවේ නැද්ද. ඒ සිද්දිය තමා නිම සිද්දිය.

    ReplyDelete
  30. ඇයි අපේ පෝලිමේ පිස්සු කෙලින්නේ මායි තව එකෙකුයි, අහුවෙන්නේ අපි දෙන්න මැද හිටපු ඩබල :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...