Wednesday, January 9, 2013

චංචලා ගේ තියරිය...


සෑමා මිතුරෙකු සමග වාහනයක ගියේය. මිතුරා රිය පැදෙව්වේ මං තීරු දෙකේ මාර්ගයේ දකුණු පැත්තෙන් පැයට කිලෝමීටර 60ක වේගයෙන්ය. පොලිසිය නැවැත්තුවේය. ඔයාලා දකුණෙන් හෙමින් යන එක වැරදිය. හෙමින් යන නිසා පිටුපසින් එන වාහන වම්පැත්තෙන් ඔබව ඉස්සර කළ යුතුය. පැයට කි.මී 60ක වේගෙන් හෙමින් යාමත්, ඔබ නිසා අනිත් අයට වමෙන් ඉස්සර කළ යුතු වීමත් නිසා සෑමාගේ මිත්‍රයාට දඩ ගැසිය යුතුය. එනිසා පොලිසිය දඩ ගැසුවේය. එය චංචලාගේ තියරියය.


රංගනගේ වත්තට එහා වත්තෙන් පොල් ගෙඩි වැටුනේය. ඒ ගැන පැමිණිලි කිරීමට රංගනගේ මව ප්‍රාදේශීය සභාවට ගියාය. එහි සභාපති හමුවූවාය. සභාපතිතුමා ඇයගේ පැමිණිල්ල භාරනොගෙන ඇත්තේය. ඇය සභාපතිතුමා සමග දඹර වී ඇත්තේය. එහා පැත්තේ කාමරයේ සිට ඇත්තේ හසිතය. ඒ නිසා හසිතට වෙඩිතබා ඝාතනය කර ඇත්තේය. එය චංචලාගේ තියරියය.


කැළණිය පැත්තේ ඩෙංගු මර්ධනයක් ක්‍රියාත්මක වූයේය. මහජන සෞඛ්‍ය පරීක්ෂක ජනතාව දැනුවත් කලේය. එහෙත් ජනතාව ඒ පිළිබද නොතකා තම ගෙවතු පිරිසිදු නොකළෝය. ඇමතිතුමා පැමිණියේය. මහජන සෞඛ්‍ය පරීක්ෂක කැදෙව්වේය. ඔහුව ගස් බැන්දේය. ගම්වාසීන් ගෙවතු පිරිසිදු නොකළ නිසා සෞඛ්‍ය පරීක්ෂක වැරදි කරුය. එය චංචලාගේ තියරියය.


ඇමතිවරු දෙදෙනා එකම පලාතේ කුඩු බිස්නස් කළෝය. දෙදෙනා එකිනෙකාට අභියෝග කර ගත්තෝය. හදිසියේ දෙදෙනාම එකම තැනකදී මැතිවරණ දිනයකදී මුණ ගැසුනෝය. මහ පාර මැද වෙඩි තබා ගත්තෝය. එක් ඇමතියෙක් මියගියේය. අනෙකා අසාධ්‍ය වි රෝහල් ගත වුයේය. පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා පිටරට ගියේය. ඔහුට දැන් මුකුත් මතක නැතිය. ජනතාවට ඔහුව මතක නැතිය. ඒ නිසා මිය ගිය ඇමති වැරදිකරුවාය. එය චංචලාගේ තියරියය.


කෙල්ලෝ කොටට අදින්නෝය. මහ මග හැඩට ගමන් කරන්නෝය. කොල්ලෝ හැරි හැරී බලන්නෝය. සාය ගවුම කොට නිසා අමාරුවෙන් කකුල් එකතු කර හිදගන්නෝය. එවිට කොල්ලෝ නැවත නැවත එබි එබී බලන්නෝය. එවිට කෙල්ලෝ ඔරවන්නෝය. උන් පෙනෙන්නට ඇන්ද නිසා, හැරි හැරී බලපු කොල්ලෝ වැරදිය. එය චංචලාගේ තියරියය.


ඇමතිතුමා මාධ්‍යයට ගල් ගැසුවේය. තවත් මාධ්‍යයකට රිංගා කළබල කලේය. සියල්ල කැමරාවේ සටහන් වුනේය. සෑම මාධ්‍යයකම එය විකාශ වූයේය. සියල්ල ජනතාව රූපපෙට්ටියෙන් දකිද්දි පොලිසිය වැරදි කරුවන් සොයා මෙහෙයුම් කලෝය. තවමත් අපරාධකරුවන් හමුවී නැතිය. එය චංචලාගේ තියරියය.


ගෙදර මිනිස්සුන්ට කන්න දෙන්න සල්ලි හොයන්න රිසානා රට ගියාය. ගියේ තම ආගමම තියෙන රටකටය. එහි ගෘහ සේවයට ගොස් දෙසතියෙන් නිවසේ දරුවා කිරි හිර වී මිය ගියේය. නිවැසියෝ නොබලන නිවැසියන්ගේ දරුවා මිය ගිය නිසා රිසානාව අද ඒල්ලා මැරුවේය. එය චංචලාගේ තියරියය.


මලිත් පාසලේදී චංචලා නැටුම් කාමරයේ නටන අයුරු හොරෙන් බැලුවේය. එය පාසලේ සර් කෙනෙක් දැක්කේය. මලිත්ට සර් කෝටුවෙන් තැලුවේය. මලිත්ට ගහද්දි චංචලා හැඩුවාය. එය චංචලාගේ තියරියය. එම තියරිය අනුසාරයෙන් උඩ කී සියළු සිද්ධින් සිදුවී ඇත්තේය. වැරදි කාරයා නිවැරදි වන, පැත්තක ඉන්න එකෙක් වැරදි කාරයා වන තියරිය, එය චංචලාගේ තියරියය. ඉස්සර මෙය තිබුනේ කැකිල්ලේ රජ්ජුරුවෝ ලගය. දැන් තිබෙන්නේ අපේ මහ රජ්ජුරුවෝ ලගය. ඒ නිසා දුටුගැමුණු රජුටද ඒ නිසා කිසි අවුලක් නැතිය.



Written by sAm ශ්‍රී Perera_04:31pm_09/01/2013

87 comments:

  1. මාරයිනේ බං චංචලාගේ තියරිය..........!! :D

    ReplyDelete
    Replies
    1. සිහිනෙන් හැඩුව තාලෙ දන්නේ තාම හිත තමයි :ඩී

      Delete
  2. ඇමතිතුමාගේ පින්වන්ත් පුතණුවන් පාන් කාලක් පරිප්පු සමග කෑමට තරු හෝටලයට ගියේය.බිල නොගෙවූ නිසා හමුදා නිලදරුවෙකු එයට විරුද්ද විය.පුතනුවන්ගේ හිසට උඩින් කාක්කෙට්ටවත් යාමට නොහැකි නිසා නිලදරුවා ගුටි කෑවේය.පුතනුවන් පවු සෝදාගන්න කැළණි ගොසින් පොලිසියට ගියේය.කොල්ලෙක් උනාම හිරේට ට්‍රිප් එකක් යන ලෙස පියතුමා ඉල්ලුවේය.පියතුමාට ගරු කරන ආදරණීය පුත්‍රයා තරු 5 ට්‍රිපක් ගියේය.

    ReplyDelete
    Replies
    1. මේ වගේ මට මිස් වෙච්ච තියරි කොච්චර තියෙනවද බොල

      ස්තුති !

      Delete
  3. නියම තියරිය බං.... හි හි

    ReplyDelete
    Replies
    1. දැනට රටේ තියෙන තියරියට මම නමක් දුන්න විතරයි හිරුවෝ.

      Delete
  4. චංචලා තියරිය මරු නෙ බන්...සුභ අනාගතයක ආශ්චර්යය මට මැවිලා පේනවා ඒ තියරිය අස්සෙන්...

    ReplyDelete
    Replies
    1. මැවිල පේනව නෙවේ.. උදාවෙලා ඉවරයි ඒ ආශ්චර්යය..

      Delete
    2. පාසලේ පෙම නිසා....
      තාම මං තනිවෙලා...

      Delete
  5. මරු තියරිය... කියලා වැඩක් නැත.. මම ලියන්න හිටපු එක උඩ එකෙක් ලියලා....

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මාතලන් කියන්න ගිය එක?

      Delete
  6. අඩේ මේ පිංතුරවල ඉන්නේ චංචලාද

    ReplyDelete
    Replies
    1. නැහැ.. වෙන කෙනෙක් බං..

      Delete
  7. තව වෙන්නට බොහෝදේ ඇත. අවසානය මෙය නොවේ. සෑමා, අවංක රේගු නිලදාරියාට වෙච්ච දේ අමතකද?

    රිසානා බේරා ගැනීමට 2007දී මම නිතර නිතර CNN වෙත ඊ මේල් යැවීමි.
    Saudi Arabia: Death sentence: Rizana NafeekWednesday, November 21, 2007 12:16 AM
    From: emailkavikaari@gmail.com
    To: yourviev@cnn.com
    URGENT ACTION
    Saudi Arabia: Death sentence: Rizana Nafeek (f)

    PUBLIC AI Index: MDE 23/026/2007
    05 July 2007

    UA 175/07 Death sentence

    SAUDI ARABIA Rizana Nafeek (f), aged 19, Sri Lankan national

    Domestic worker Rizana Nafeek was sentenced to death on 16 June for a murder
    committed while she was 17 years old. Saudi Arabia is a state party to the
    Convention on the Rights of the Child (CRC), which expressly prohibits the
    execution of offenders for crimes committed when they were under 18 years old.
    Rizana Nafeek is believed to have appealed against her sentence, but if her
    appeal is unsuccessful she could be executed within days.

    She was arrested in May 2005 in Jeddah on charges of murdering an infant in her
    care. She had no access to lawyers either during interrogation or at her trial
    and was believed to have confessed to the murder during police questioning. She
    has since retracted her confession.

    She apparently told the authorities that she was born in February 1988, but
    they seem to have ignored this on the basis that her passport indicated that
    she was born in February 1982. According to information available to Amnesty
    International no medical examination is believed to have been carried out to
    ascertain her age, nor was she given the opportunity to present her birth
    certificate, which reportedly shows that she was born in 1988.


    BACKGROUND INFORMATION

    Saudi Arabia applies the death penalty for a wide range of offences. Court
    proceedings fall far short of international standards for fair trial, and take
    place behind closed doors.

    Defendants normally do not have formal representation by a lawyer, and in many
    cases are not informed of the progress of legal proceedings against them. They
    may be convicted solely on the basis of confessions obtained under duress,
    torture or deception. The rate of executions in Saudi Arabia has recently
    increased sharply, and the authorities have executed at least 100 people so far
    this year, although the true figure may be much higher. Death sentences are
    usually carried out by beheading.

    Saudi Arabia assured the Committee on the Rights of the Child (who monitor
    states' implementation of the CRC) in January 2006 that no children had been
    executed in the country since the CRC came into force in Saudi Arabia in 1997.
    This is a weaker commitment than is required by the CRC, which demands that no
    one is executed for crimes committed when they were under 18, no matter how old
    they are now.

    වැඩේ පත්තු උනේ නැත. මගේ උත්සාහය අත්හැරිනි. මේ පුංචි උත්සාහය වත් ගෙන නොතිබුනානම් මම අද මීට වඩා ලොකු ගින්නක ඉඳීවි

    රිසානා මා දියණි නුඹ ගිය තැනක සතුටින් සැපෙන් ඉඳපන්!!! මගේ හදවත ඇවිළුනා. නුඹවෙනුවෙන් මා වෙන කුමක් කරන්නද? හඬනවා විනා............

    ReplyDelete
    Replies
    1. ජනාධිපති ලොක්කාට බැරි වුණ එක කවී කොහොම පත්තු කරන්නද? ඒත් උත්සාහයක් ගත් නිසා දුක තුනී කරගන්න පුළුවන් ඇති.

      නීතියක් මානුෂීය නොවන තැන් තියෙනවනම් ඒ නීතියෙන් වැඩක් තියෙනවද?
      මම ජාතිවාදියෙක් නෙවේ. ඒත් මේ සිද්ධීන් මාව ජාතිවාදී කරනවා. උන්ගෙ යටි හිත් දුක් වෙනව ඇති කාලකන්නි ජාතියක ඉපදීම ගැනම.

      ස්තුති කවී !

      Delete
    2. රිසානා බේරගන්න මම CNN එකට මේල් දැම්මා කියලා නැන්දා හැම තැනම කිය කියා ඇවිදින්න එපා...තමන්ට තමන්ම ලකුණු දාගන්න ගියාම ඒක හරි කැතට තමයි අපි වගේ ඇනෝ උන්ට පේන්නෙ...

      Delete
    3. ඇයි ඒක නයෙක් වගේ නෙවෙයිද පේන්නෙ? අවංකවම තවත් දරුවෙකුගේ ජීවිතයක් වෙනුවෙං තත්පරයක් හරි වැයකල එක සතුටක් ඇනෝ. ඒ දරුවා යහතිං ගෙදර ආවා නං මහමෙරක් තරං සතුටක් විඳින්ට තිබුනා

      Delete
    4. මෙන්න නයා ! මෙන්න පෙනේ !

      Delete
    5. උබෙ ප්‍රොෆයිල් එකෙන් වරෙන් ඇනෝ මහත්තයා.

      කවිකාරි තමන්ගෙ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න හදල තියෙනවා. සාර්ථක වුනත් අසාර්ථක වුනත් උත්සාහය ධාර්මිකයි. ඉතිං උබ කැටයම් නොදා හිටු.

      “නදච්ඡා වසලෝ හෝති නදච්ඡා හෝති බ්රහ්මණෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්රහ්මණෝ”

      කවිකාරිගේ ක්‍රියාව ඇයව බ්‍රහ්මයෙක් කරන අතර උබෙ තුච්ඡ ක්‍රියාව උබව වසලයෙක් කරනවා. ඒක ධම්මපදය මිසක් මම කියපු එකක් නෙවේ ඕං !

      Delete
    6. කරන්නේ හරි දෙයක් නම් ඒ ගැන හැම තැනම කිව්වා කියලා ඒකේ වැරැද්දක් නෑ.අනිත් එක මේක දකිනකොට " අනේ අපිටත් දෙයක් කරන්න තිබුණා" කියලා හැඟීමක් එනවා...

      Delete
    7. මේ මාගේ ජීවිතයේදී අනෙකෙකු වෙනුවෙන් යමක් කරන්නට උත්සාහ ගත් එක් අවස්තාවක් පමණි. හිතේ ආ දුකට ලීවා මිසක් වෙන යමක් උදෙසා ලීව දෙයක් නොවේ.

      රන්දු ඔබ යමක් නොකලානම් තැවෙන්නට එපා.මත්තට යමෙකුට යමක් අවශ්‍ය විටදී යමක් කරන්නට දෙවරක් සිතන්නට එපා.

      දුටු සෑම වතාවකම ශිෂ්‍යත්ව ගැන පලකරන්නෙත් අනෙකෙකුට වැඩක් වේ යන අදහසින්ම පමණයි. මේ දැරිය මගේ දුවට වඩා බාල අවුරුද්දක් පමණයි.

      Delete
    8. සමහර විට කවී ගේ උත්සහය සපල වන්නටද ඉඩ තිබුනි. එසේනම් රිසානා තවමත් ජීවතුන් අතර

      Delete
  8. තියරිය නම් මරේ මරු....

    ReplyDelete
  9. තියරිය මරු වුනාට practicaly මරු පෙන්නනෝ

    ReplyDelete
  10. මේ තියරි එක ඉස්සෙල්ලම හඳුන්වලා දුන්නේ කවුද සෑම් අයියේ...

    ReplyDelete
    Replies
    1. කට්ටිය සෙට්වී ගෙයක් සැදුවෝට ......මැටි වලට වතුර වැඩිවී පදම වැරදුනෝය, වැස්සට බිත්තිය කඩා වැටුනි, ‍ කලේ හැදු එකා වැරදි කාරයා විය , ඌ කෙට්ටි නිසා අල්ලපු කඩේ මහත මිනිහට පරලොව යන්නට විය ..... පටන් ගත්තේ කැකිල්ලේ රජතුමාලු

      Delete
  11. සෑම් මලය, අරාබිකරයේ ඉන්න උන්ගේම ගෑණුන්වත් එල්ලල මරණ එකේ මෙහෙන් ගියා කියල කිසි සැලකිල්ලක් නෑ. නමුත් මෙතෙන්දි පාඩමක් ඉගෙන ගන්න ඕනි අපේ ජනාධිපති. පුද්ගලිකවම එහෙ රජාට කියලත් සමාවක් ලැබුනේ නෑ කියන්නෙ නීති තද බව. අන්න එහෙම දේශපාලුවන්ට රජාට ඕනි ඕනි විදියට වෙනස් නොකර මෙහෙ තියන නීති ටික ක්‍රියා කරන විදියක් හැදුවොත් වටිනව.

    ReplyDelete
    Replies
    1. පිස්සුද? මෙහෙ තියෙන්නේ චංචලාගෙ තියරිය. එහෙ නීති තද බව ඇත්ත. මොන යකා කිව්වත් නීතිය අකුරට ක්‍රියාත්මක වෙන බව ඇත්ත. (හැබැයි ටිකක් මානුෂීය නැහැ) ඒත් මෙහෙ තියෙන්නේ චංචලාගෙ තියරිය නොවැ. ඒක නිසා හොරා ගෙදර. පැත්තක ඉන්න එකෙක් හිරේ.

      Delete
  12. මරු තියරිය... අපි මේකට නම දාපු සෑමාගේ චංචල තියරිය කියලා

    ReplyDelete
    Replies
    1. සෑමාව ගාවන්න එපා බං...

      Delete
  13. දේශපාලුවෝ රට කන්නෝය.. දූෂණ වංචා සිදු කරන්නෝය.. අපිත් උන්ටම ඦන්දෙ දෙන්නෝය..
    මේ අපේ තියරියයි..

    ReplyDelete
    Replies
    1. //අපිත් උන්ටම ඦන්දෙ දෙන්නෝය..//

      කවුද අපිද?

      Delete
  14. අපේ රටේ ඉතින් තියරි වෑහි වෑහෑලනේ... එකක් චන්චලාගේ තියරිය... තව තියෙන්නෙ මහ රජාගේ තියරි, දුටුගෑමුනු රජුගේ තියරි, රාජ කුමාරවරුන්ගේ තියරි... ඔය ආදී මෙකී ගොඩාක් තියරි තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ හැම කෙනාම චංචලාගෙ තියරියට යටයි.

      අහක ඉන්න එකා වැරදී. වැරදි කාරයා ගෙදර. අන්න ඒකයි ඒ හැමෝම කරන්නේ.

      නීතියක් නැහැනේ !

      Delete
    2. නෑහෑනේ සෑමෝ... ඉතින් ඔන්න ඔයාටත් අමතක වුනා...දුටුගෑමුනුගේ තියරියෙ වෑරදි කාරයො නෑනේ...අමතක වෙලා තමන් තමන්ට කරගන්න දේවල් විතරයි තියෙන්නෙ...

      Delete
    3. අහ්... ටිකක් අවුල් ගියා. දැනුයි තේරුනේ.. :)

      Delete
  15. අපරිමිත දයාවන්ත වූ ද..කරුණාවන්ත වූ ද අල්ලාඃගේ ශුද්ධ වූ නාමයෙන් මෙය සිදු කළ බව සිහියට ගන්න....

    නබිගේ චරිතය "කැත" කළයි කියලා චිත්‍රපටියකට එරෙහිව පෙළපාලි ගිය උන්වත් කුරාණයක් ද මොකද්ද එකක් කටපාඩමින් කිව්වයි කියලා කොලු ගැටයෙක් ‍දක්කගෙන ගිය උන්වත් රිසානා වෙනුවෙන් මීක් ගෑව ද...? අඩුම ගණනෙ පවුලේ අයවත් ඒ ගැන ඒ හැටි කරදර වුනා ද....?

    ReplyDelete
    Replies
    1. දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉදිරියේ මෙයට විරුද්ධ නොවෙමි.

      ඇයි බං දෙයියෝ මානුෂීය නොවුනේ??

      Delete
  16. ඩිෂුම්.....ඩිෂුම්

    ReplyDelete
    Replies
    1. මොන්ටිසෝරියේ විහිළුවට වෙඩි තියාගන්න පොඩි උන් මතක් වුනා :)

      Delete
    2. කොහි කිරිල්ල දාලා බට තුවක්කුවෙන් අපිත් ඉස්සර වෙඩි තිබ්බා....

      Delete
    3. කිරිල්ල නැති කාලෙට, කඩදහි පොගලා ගුලි කරලා බුලට් හැදුවා :)

      Delete
  17. රජාගේ චංචලාගේ තියරිය අනුගමනය කරන්නේ නම්, රට වැසියාද රජා අනුගමනය කලයුතුය. ඒ අනුව හසිත මරා දැමීම නීති විරෝධී නැත. එය අපරාධයක්ද නොවේ. එම කරුණම අරභයා සභාපතියා ඝාතනය වූයේ නම් එය බරපතල අපරාධයක් වන්නේය.

    ReplyDelete
    Replies
    1. අන්න හොදින් ග්‍රහනය කර ගත්තා :)

      Delete
  18. සෝමාලියාවේ දේශපාලනයක් ශ්‍රී ලංකාවේ දේශපාලනයක් දැන් එක සමානයි.

    ReplyDelete
    Replies
    1. උබ ලියුව නේද සෝමාලියාව ගැනද කොහෙද ලිපියක් ?

      ඒක මතක් වුනා මට.

      Delete
    2. ඒ මම ලිවුවේ කොංගෝ ගැන.සෝමාලියාව ඊටත් වඩා අන්තයි..

      Delete
  19. මොනවා හරි කියන්නද නැත්නම් පෙරලි පෙරලි අඩන්නද හිටගන්න බැ

    ReplyDelete
    Replies
    1. මෙහෙ වෙනදේවල්, කිසි දෙයක් හිතා ගන්න බැහැ තමා බං.

      Delete
  20. සෑම් මලය. මට පේන විදියට මේ මරණ දඩුවම ගැන දුක්වෙන්නේ ලංකාවේත් බහුතර සිංහල හා දමිළයන්. නමුත් මුස්ලිම් අය නෙමේ වගේ. මුස්ලිම් පල්ලි වලින් විරෝධතාවයක් පල කලාද?? නැහැනේ. මට දැනගන්න ඕනි ලංකාවේ මුස්ලිම් බහුතරය ඔය මරණ දඩුවමට එකගද, නැත්නම් එකග නැද්ද කියල.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් ආගම ගැන මට ගැටළුවක් නැහැ. මම ඔවුන්ට එදිරිව කිසිම දෙයක් තවම බුකියේ වත් බ්ලොගේවත් දාලා නැහැ. ඒත් මේ සිද්ධියට සම්බන්ධව ඔවුන් ලැජ්ජා විය යුතුයි. උන්ගෙම එකෙක්, අපේ සහෝදරියෙක් මැරෙද්දි මුනිවත රකිනවාට.

      මනුස්සකම් නැති ආගමක්, නීතියක්, මම දැක්කමද මන්දා...

      Delete
  21. සත්‍යයම මිස අන් කවරක්ද!

    ReplyDelete
  22. කවුද බං චංචලා කියන්නේ ? මොනොවද එයාගෙ හෙල්ලෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඇයි ජයියා අහලා නැද්ද මලිත්ගේ මතක මන්දිර ?
      ඒකේ තමා චංචලා ඉන්නේ.

      Delete
    2. එයා නටනකොට ඔක්කොම චංචලයි.

      ඇයි පාර්ලිමේන්තුවෙදි?

      Delete
  23. දෙයි හාමුදුරුවනේ අපේ ඡන්ද ටික වැඩ කරන හැටි දැකලා සතුටුයි ! :)

    මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ ? :)

    ReplyDelete
  24. මලිත් දැන් ආගිය අතක් නැත. චංචලා ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තු යනවාය. මමත් ඔය ජනතාවෙන් එකෙක් වෙමි. මට හෝ ගා ඇඬෙනවාය.

    උඹලගෙ ගෙට්ටුව විවෘත කරන්න චංචලාට ආරාධනා කලොත් මොකද?

    ReplyDelete
    Replies
    1. චංචලා ඉතිං ගම්පහ කෙල්ලනේ..

      ගෙට්ටුවට කතා කරන්න වෙයි වගේ, නැත්තං තරහා වෙයි.

      Delete
  25. මේ තියරිය හරිම චංචලයිනෙ.

    ReplyDelete
  26. මට ඔය මොකුත් මතක නෑ බං.

    ReplyDelete
    Replies
    1. උබ සිංගප්පුරුවෙද ඉන්නේ ?

      Delete
    2. මාත් හිතන් ඉන්නෙ එහේ ගිහින් ඇඳක් උඩට වෙල ඔක්කොම අමතක කරන්න. :)

      Delete
  27. සෑමෝ,

    "මගේ මතක මාළිගාවේ රුජින චංචලා"

    මකුත් කියන්න එපා හරිය..

    ReplyDelete
    Replies
    1. "සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා...."

      Delete
  28. ආතල්...මට නම් දැන් ලංකාවේ ඉන්න හිතෙන්නෙත් නෑ අප්පා...:(
    මේ සිංදුව නිකන් ජෝක් වගේ...
    මේ සිංහල අපගෙ රටයි..
    අප ඉපදෙන මැරෙන රටයි...
    අපෙ හද පණ ගැහෙන රටයි...
    මුලු ලොව මේ රටට යටයි....

    ReplyDelete
    Replies
    1. එහෙම කවියක් තිබ්බද බං?

      මට මතක නැහැ

      Delete
    2. හික් ... හික් ... උබ සිංගප්පුරුවෙද ඉන්නේ ?

      Delete
  29. මන්ද බන් මටනම් මහා කාලකන්නි සතුටක් තියෙන්නේ දුක ඇතුලෙම ඌරගෙ මාළු උගේම අගේ තියලා කැපිච්ච එක ගැන

    ReplyDelete
  30. පට්ට තියරියක්ය...ස්කොලේ සිලබස් එකටත් දාලා ඉගැන්නුවොත් හොඳයි වගේ....රට කරන විදිහ නේ දැන් ඉතින්

    ReplyDelete
    Replies
    1. බැහැ බං සිලබස් එකට දාන්න, සිලබස් එකත් කාල තියෙන්නේ :ඩී

      Delete
  31. උඹ ඉන්න පළාතේ හැටියට මෙහෙම අදහස් පහල වෙන එක පුදුමයක් නොවේ.

    ReplyDelete
  32. මරු මරු මරු......චංචලා අක්කි ලැජ්ජා නැතුව තාමත් උන්ට කඩේ යනවනේ...

    ReplyDelete
  33. සංසලා නගා ගේ තියරිය අගනා තියරියකි. (අන්තිම පොටෝව :) )

    ReplyDelete
  34. නිරතුරු කියෙව්වත් කොමෙන්ට් නොකලෙමි.එත් මේකට සටහනක් නොදා බැරිය . මරු සෑම් මේක නම් . දැන් බොහෝ දේ පිටුපස ඇති තියරිය පැහැදිලිය

    ReplyDelete
  35. චංචලා තියරිය ඔප්පු කිරීමේ අවස්ථා අනාගතයේද දුලබ නොවනු ඇත..

    ReplyDelete
  36. හොඳවෙලාවට චංච්ලා පැත්ත මාරු කලේ නැත්නම් මේ පෝස්ටුව ලියවෙන්න නෑ
    …:)
    …හික් හික් හික්

    ReplyDelete
  37. මසුරං නම් හොයාගන්න නෑ (කටුගේ තිබ්බ ටිකත් කං ගැට්ටා ගත්තනෙ ගේමක් නැතුවම, තනියෙම) රුපියල් පහක්වත් කටට දාන්නද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...