Thursday, January 31, 2013

මං මුලාවී පාර සොයාගෙන...


මාතෘකාව දුටු විගස, මෙය මේ දිනවල හැමතැනම කියවෙන බ්ලොග් ගෙට්ටුවේ ගීතයෙන් ගීතය තරගය ගැන ලියවෙන ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න. මන්ද උක්ත තරගය නිසා සෑමාට නොයෙක් විදිහේ කතා හැදුනේය. ගමේ ග්‍රාමසේවක මහතාද සෑමාගේ කල්කිරියාව හොද නැති බවට ගම පුරා ප්‍රචාරණයක් ඇරියේ ඒ නිසාමය. එනිසා මෙය හුදෙක් ගීත පිළිබද නොව, අතරමං නොවී ගෙදර යන ආකාරය ගැන පෝස්ටුවක්ය.

ඉස්සර පාර සොයා ගත්තේ සතුන්ගේ ඉවෙන්ය. ඒ වාගේම රෑට රෑට පාර හොයා ගත්තේ අහසේ තරු වලින්ය. පසුව මාලිමාවද, අද කාලේ නම් ජී.පී.ඇස් සැට් එකද ඇත්තේය. ඒ අතර පුලු පුලුවන් එවුන් නම් කරන්නේ ෆෝන් එකෙන් ගූගල් මැප් භාවිතා කිරීමය. සෑමා ඉස්කෝලෙ යන කාලේ එකෙක් තඩි බෑග් එකක පොත් දමාගෙන ආවේය. එහි රෝද දෙකක්ද තිබුනේය. එය හුදෙක් විදෙස් ගමන් සදහා භාවිත කරන ජාතියේ එකක්ය. එහි අලවා තිබු මාලිමාව නිසා අපේ උන් ඌට නොයෙක් කතා හැදුවේය. ‘මචං උබ හැමදාම ඉස්කෝලෙ එන්නේ පාර හොයාගෙනද‘ ඇහුවහම ඌට මල පනින්නේය. ඒ පුංචි කාලේ නිසාය. ඒ කාලේ කතාව එහෙම තියෙද්දී මේ මෑතකදී ඒ හා සමාන වැඩක් වුණේය. ඒ අප හතර දෙනෙක් කාරයට නැගී කුරුණෑගල පැත්තේ මල ගෙදරකට ප්ලග් වෙන්නට සිතියම් අදිමින් සිටිය මොහොතක්ය.

“මචං කොහෙන්ද ලග?“

“දැන් අපි උඩුගම්පොල ඉන්න නිසා, මිනුවන්ගොඩින් දාමු නේද?“

“උඹල යන විදිහකට යමල්ලා බං, උබල දන්නවද මම මිනුවන්ගොඩ වැඩ කරන්න ගිය පළවෙනි දවසෙ, මිනුවන්ගොඩ හොයා ගත්තෙ ගූගල් මැප් එකෙන් බලලා.“

ඒ කවුද කියා කීවොත් ඌ මට හෙට පෝරියල් එක සැට් කරනවාය. ඒ නිසා ගූගල් මැප් එකෙන් වැඩ ගන්න කොල්ලෝ ඉන්නා බව සිහිතබා ගත්තොත් ඇතිය. එදාම මල ගෙදර අහවර වී නිවසට එන විට අපේ ලකියා කුරුණැගල සිට කොළඹ පැත්තට හරවන්නෙ නැතුව නුවර පැත්තට වාහනය කරකවා අපිට පට්ට ආතල් එකක් දුන්නේය.

“මචං අපි නුවර ගිහිල්ලම එමුද බං?“ ඒ සෑමාය.

“හෙට නිවාඩු නම් යන්න තිබ්බා බං“ ඒ දිලාය

“අඩෝ මේ නුවරට කිලෝමීටර 21යි කියන්නේ...“ හරියටම කිලෝමීටර ගාන මතක නැතිය.

“පිස්සුද බං එහෙම වෙන්නෙ කෝමද? අපි යන්නෙ කොළඹ පැත්තටනේ..“

නැවත සොයා බැලු කළ අපට තේරුනේ අපි නුවර පැත්තට යන බවක්ය. ඇස්, කන් වසාගෙන දිගටම ගියා නම් නුවර දළදාව වැදගෙන එන්නට වෙනවා නිසැකය.

අපේ උන් කොහොමත් තමන් දන්නා පාරක ගියත් වාහනය නවතා පාරවල් අසන්නෝය. ඒ පාර නොදන්නා කමට නෙවේය. ලස්සන කෙල්ලෙක් දැක්කොත් නවත්වා කතා කිරීමට අවශ්‍ය නිසාය. දිනක් අපේ ලකියා දුර තියාම කෙල්ලන් දෙදෙනෙක් දැක කෑගෑවේ අන්න මචං පට්ට කෑලි දෙකක් එනවා කියාය. ලගට ගොස්  පාර අසන්නට වාහනය ස්ලෝ කල විට දකින්නට ලැබුනේ ආච්චි කෙනෙක් සහ කෙල්ලෙක්ය. මූ ආච්චීටත් කෑල්ල කියා නෝන්ඩි වූවේය. දවසක් අපි දිලගේ ගෙදරට යන පාරේ ගමන් කරමින් සිටියෙමු. හැමදාම උදේ හවා ගෙදර යන පාරේ මූ වාහනය ස්ලෝ කළේ කෙල්ලෙක් දුටු නිසාය.

“නංගී මේ පාරෙන් ගනේමුල්ලට යන්න පුලුවන්ද“

“ඔව් අයියෙ, ඔය පැත්තට ගිහින් යන්න..“

“හරි තැන්කි්‍යු නංගී..“

උදේ හවා යන පාරේද කෙල්ලෙක් දුටු විට පාර ඇසීම තරම් ආතල් එකක් නැති තරම්ය. එක දවසක් මේ සැට් එකම සෑමාගේ ගෙවල් පැත්තට එන පාරක ආවෝය. එපා කියද්දී සැට් එක කෙල්ලෙක් ගිය අතුරුපාරකට වාහනය ගෙන ගියෝය. ඒ කෙල්ල වාහනයකට යා නොහැකි සුට්ටං පාරකට හැරුණාය. අපේ උන්ට කරන්නට දෙයක් නැතුව ඉදිරියට ගිය විට පාර අවසන් වුයේ නිවැසකින්ය. ඒ ගෙදර ගේට්ටුව ලග හිටි එවුන්ගෙන් අපේ කස්ටිය බොරුවට පාරක් ඇසුවෝය.

“පුතා.. ඔය පිටිපස්සෙ ඉදන් ඉන්න ලමයා මේ ගමේම තමා.. එයාගෙන් අහල බලන්න...“ සෑමා කර කුට්ටං වූයේ ඒ පිළිතුරෙන්ය. එදායින් පසු ගමේ කරක් ගැසීමට අපේ උන්ට ඉඩක් නැතිය.

තනියම යන විටකදී නම් අපි පාර හොයා ගන්නේ පාරේ යන බස් එකක් පිටුපසින් ගිහින්ය. නැතිනම් මග දිගට නවත්වමින්, ත්‍රීවීල් පාර්ක් වලින් ඇසිය යුතුය. සමහර පාරවල් වල ඉන්න ඩයල් වලින් පාර ඇසු විට අප අන්ද මන්ද වන නිසා ත්‍රීවීල් පාර්ක් වල උන් ෂුවර්ය. දිනක් බස් පසු පස යන තියරිය අනුගමනය කරමින් සෑමා සුට්ටං පාළු පාරක යන මන්දගාමී බස් එකක පිටුපසින් ආවේය. වැඩි දුරක් බස් එකේ පිටුපසින් යෑමට සෑමාට නොහැකි වූයේය. බස් මාමා එලියට අත සහ ඔළුව දමා කීවේ ඉස්සර වෙන්න කියාය. බුවා හිතන්නට ඇත්තේ සෑමා ඉස්සර කරන්න විදිහක් නැතිව හෙමින් එනවා කියාය. කරන්නට දෙයක් නැතුව සෑමා ඉස්සර වූයේය.

දිනක් අපේ මිතුරෙකු මල ගෙයක් අවසන් වීමෙන් පසු තනිව ගෙදර යාමට බැරුව සිටියේ රෑ බෝ වූ නිසාය. එදා ඌ සිටියේ බයේ නෙවේය. මල ගෙදරට කස්ටිය සමග ආවාට ගෙදර යන්නට සිදුවූයේ තනියෙන් නිසා පාර සොයා ගත නොහැකි වෙන නිසාය. කෙසේ හෝ මිතුරා පිටත් වුයේය. පොර හරියට ගෙදර ගියාද කියා බලන්නට පැය කිහිපයකින් අපේ උන් කෝල් කළෝය. එදා අපේ උන් මිතුරාට ඉගැන්වුවේද බස් පසුපස ගොස් පාර සොයන තියරියමය.

“මචං උඹ ගෙදරද?“

“ගෙදරද තමා උබල මට මරු ටොෆිය සෙට් කළේ..“

“ඇයි මචං මොකද??“

“තොපේ හු**තේ තියරිය නිසා මම දැන් බං ගෙදර ආවේ..“

“ඉතිං කියපං මොකද වුනේ කියල...“

“තොපි කියපු විදිහට මම බස් කාරයෙක් පස්සෙන් ගියා.. ඌ ගේට්ටුවෙන් ඇතුලට බස් එක දැම්මම දන්නේ.. මම උගෙ පිටිපස්සෙන් උන්ගෙ ගෙදර ඇවිත් කියලා...“

මිතුරා වැඩ ඉවර වෙලා ගෙදර යන ඩ්‍රැයිවර්ගෙ ගෙදර ගියෙ නැතිලු...


sAm ශ්‍රී Perera_11:24pm_30/01/2013

70 comments:

  1. හිකිස් මරැ තියරිය. "සෑමාගෙන් පාර ඇසිය යුතු නැත" උගත් දේ එයයි.

    ReplyDelete
    Replies
    1. ඇයි පස්සෙන් එයි කියලද?

      Delete
  2. මැප් ගැන කියද්දි ගූගල් දෙයියා කරන උදව් නම් අසීමිතයි.

    ReplyDelete
  3. තියරි හොදය..
    මෙහිදී සෑමා පිළිබඳව වචනයක් දෙකක් කිව යුතුමය..
    ගම්පහ ගෙට්ටුව අවසාන වී මාත් කස්සාත් සුප්පාත් තව එකෙකුත් (උගේ නම මතක නැත) ගමන් ගත්තේ සෑමාගේ රථයෙහිය..
    එහිදී කඩවත පසු කර තරමක් දුර ගමන් ගත්තායින් පසුව (කොළඹ දෙසට) සෑමා වාහනය ස්ලෝ කර සැලුනයක් පෙන්නුවේය..
    එය වනාහී කාන්තා සැළුනයකි...
    එහි පට්ට කාන්තාවක් (ඇත්තවශයෙන්ම ගැටිස්සියක්) සිටි අතර ඇගේ සායේ දිග කකුලේ සුදු පැහැය මගින් අපට ඈත තියාම අදුනාගත හැකි විය..
    ඒ පිළිබඳව සෑමා කල විග්‍රහය වෙනම පෝස්ටුවකිං දැක්විය හැකිය..
    අසරණ කුරුළු කූඩූ සුන්නත්දූලි කිරීම නොමනා ක්‍රියාවක් බැවින් මෙතැනින් එහාට මුකුත් නොකියමි...

    ReplyDelete
    Replies
    1. තරියා උඹ එදා බීලා වැඩි වෙලා ගෙදර ගියෙ මගෙ වාහනේ නෙවේ..

      මතක නැද්ද බොට ?

      Delete
    2. කියපු ටික ඇතිඩ මන්ඩ...හික්...;)

      Delete
  4. සෑමාට උන ඒවම යාලුවන්ගෙ ගිනුම් වලට බැර කරල කියනවද මංද. කොහොම උනත් ලොල් ඈ

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ නැහැ. උන් වුනත් මේක බලනව නොවැ

      Delete
  5. උපරිම හිනා අන්තිම එක‍ට..

    ReplyDelete
    Replies
    1. ඒකයි ඒක අන්තිමට දැම්මේ

      Delete
  6. කූප්පරජා අරූ නෙමෙයි මෙන්න මූ

    ReplyDelete
  7. රයිට්! දැන් මං දන්නව මගේ තරහකාරයෙකුට දෙන්න ඕනේ පෝරියල් එක..

    ReplyDelete
    Replies
    1. හපොයි.. මූ මේකෙන් වැඩක් ගන්න හදන්නේ

      Delete
  8. හෆෝයි... මරු තියරිය...
    අත්හදා බලන්න ඕනේ....

    ReplyDelete
  9. //උදේ හවා යන පාරේද කෙල්ලෙක් දුටු විට පාර ඇසීම තරම් ආතල් එකක් නැති තරම්ය.//

    මේ හන්දා තමා වැඩට වෙලාවට යාගන්ට බැරිවෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. ඒක නිසයි පැයකට විතර කලින් පාරට බහින්නේ !

      Delete
  10. එක පාරක් ලයිට් නැති එකෙක් වෙන වාහනයක් පිටිපස්සේ ගිහිං නවත්තුවහම බැහැලා ඌට බැනලා නවත්තන්නේ නැතුව යනවා ඕයි කියලා. ගෙදර ගරාජ් එකට දාලා නවත්වන්නේ නැතුව මම කොහේ යන්නද ඕයි කියලා අර මනුස්සයත් කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්න හිටියේ ඔය කතාවමයි.... ++++++

      Delete
    2. මාත් අහල තියෙනවා ඔය සීන් එක

      Delete
  11. //“පුතා.. ඔය පිටිපස්සෙ ඉදන් ඉන්න ලමයා මේ ගමේම තමා.. එයාගෙන් අහල බලන්න...“ //..........හපොයි.....ඊට හොඳා කෝච්චියට බෙල්ල තිබ්බ නම්..!

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං අපේ මිත්තරයෝ දෙන ආතල් නොවැ

      Delete
  12. එදා ගෙට්ටුව දවසේ එක කාර් එකක ආපු කට්ටියකුත් ගූගල් මැප් එකෙන් පාර හොයාගනනේ ආව කියන්නේ. ජය...!

    ReplyDelete
  13. අර බස් කාරය ඉස්සර කරන්න කිවුවහම ඌට කියන්න තිබ්බෙ යකො මම ඉස්සර කරල කොහේ යන්නද කියල.

    “පුතා.. ඔය පිටිපස්සෙ ඉදන් ඉන්න ලමයා මේ ගමේම තමා.. එයාගෙන් අහල බලන්න...“
    ඒකනං නියම කෑල්ල තමයි.

    ReplyDelete
    Replies
    1. :)

      අපි හිමින් යන්න ගියොත් ඒකටත් බාධා කරනව බං බස් කාරයෝ

      Delete
  14. පට්ට තිරියාය.... අනේ හපොයි.... ලස්සනට ලියල තියෙනව සහො........

    ReplyDelete
  15. මරු තියරිය.... මටනම් ඔය ගුගල් මෑප් එක පේන්න බෑ.... අපේ මනුස්සය අන්තිමට ඕකෙන් බල බල ගිහින් පුරුදු වෙලා ගෙදර ටොයිලට් එකට ගියෙත් ඕකෙන් බලල....

    ReplyDelete
    Replies
    1. සයියෝ.. වල හොයන්නෙ මැප් එකෙන්ද?

      Delete
  16. Apo mokada e yaluva?
    Yako e yaka gate eken athulatath daalada?
    Maath paraval hoyanna google map use karanava.eka hoda kramayak paaraval hoya ganna

    ReplyDelete
    Replies
    1. මැප් එක බලල හරි මග පලයන් පුතා !

      Delete
  17. මුල ඒවා ලොල් ය.
    අන්තිම එක ලොලේ ලොල්ය...

    ReplyDelete
  18. පාරවල් හොයාගන්න තියරි නම් පට්ට ය.

    ReplyDelete
  19. මගේ බ්ලොග් එකට එන පාර සෑමාට අමතකය..

    ReplyDelete
  20. ත්‍රීවීල් තියරියනම් අත්දුටු බව කියන්නම ඕන සෑමෝ ...සැටිෆිකෙට් ට්රූ

    ReplyDelete
    Replies
    1. සිරාවටම. හරි තැන කියනවා

      Delete
  21. lol machan ela..maath habai oya wade karanawa
    indala hitala paalu parawal wala yaddi..hikz..

    eka newe machan ube site eka malaata load wenne naha..
    godak elawata post maga arenawa...

    ReplyDelete
    Replies
    1. ලෝඩ් වෙන්නෙ නැත්තෙ, මොකක්ද එන error එක?

      Delete
  22. ඔය බස් තියරිය නම් අපේ අක්කත් ඉද හිට අනුගමනය කරනවා....

    ReplyDelete
    Replies
    1. අක්ක එහෙම වැරදිලා ගෙදරකට ගියාද බොල

      Delete
  23. බස් එකක් පස්සේ යන්න ඕන අදවත්.

    ReplyDelete
    Replies
    1. ඩැයිවර් අන්කල්ගේ ගෙදර හොයාගන්න පුළුවන්නේ එතකොට.

      Delete
  24. එදා කැලණියේදී කෙල්ලෙක්ගෙන් ගම්පහ යන්න පාර ඇහැවුවම "අය්යේ අර යන 200 බස් එක පස්සෙන් යන්න' කිවුව නේද ?

    ReplyDelete
    Replies
    1. හු... හු..

      කැලිනියෙන් 200 බස් යන්නෙ නැත. ඒවා යන්නේ නුවර පාරේය :)

      Delete
  25. දැන් හොයහල්ලකො පස්සෙන් යන්න බස්.....

    ReplyDelete
  26. කාලෙකට පස්සේ සෑමා හිනා යන්න පොස්ට් එකක් දාලා. මෙන්න අපේ පරණ සෑමා.

    අපිත් පඩි කාලේ මළගෙවල් වල ගියා රෑට ගෙදර එන්න පාර අමතක වෙනවා හරියට බයකට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. නිදහසේ ලිව්වා බං. ඒකයි මේ වෙනස.

      ස්තුති..

      බොලා නම් බයට පාර අමතක කරනව ඇති.

      Delete
  27. මේ තියරියත් මරු තමා... අර එදා මට වුණේ ඔයාලත් මල්වත්තටද යන්නේ කියල අහලා....හික් හික්..

    ReplyDelete
    Replies
    1. අහ්.. මතක් වුනා.. ඒකත් මරු සිද්ධිය..

      Delete
  28. පාරවල් අමතක වෙන එක ගැන කතා කරලා වැඩක් නැත.මට මගේ ගෙදරට යන පාරද දවසක් වැරදුනේය.ඉස්කෝලේ කුප්ප වැඩකට මාට්ටු වෙලා ගෙදරින් ගෙන්නන්න ගෙදර ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලුවාම මට මතක තිබුනේ නැත.ඇඩ්‍රස් එක ඇහුවාම ඒක මතක තිබුනේත් නැත.විනය පාලකතුමා හිතුවේ මම උන්දෑව කෝචොක් එකට ගත්තා කියලාය.පස්සේ අම්මා ඇවිත් මා ගැන කියා ඔහුගේ හිත හැදුවාය.

    ReplyDelete
    Replies
    1. ඒ තරමට බුද්ධිමත් කොල්ලෙක් ඈ..

      හිනා යනව බං

      Delete
  29. සෑමලගේ තියරිය අපිත් කරනවා උදේ හවස යන පාරවල් වලදී කෙල්ලෙක් දැක්කොත් ආගන්තුක පිරිසක් බවට පත් වෙනවමයි.ගූගල් මැප් එක මාත් යූස් කරපු කොල්ලේ. :)

    ReplyDelete
    Replies
    1. අඩේ උබත් ගෙදර යන්නෙ පාර අහගෙනද?

      Delete
  30. පාරවල් නෙහ්.....

    අලුත් ගෙදරට ඇවිත් ඒ ගෙදර ඉඳන් මේන් රෝඩ් එකට යන්න කිව්වට විස්වාස කලනවද අයියො මට ඩවස් තුනක්ම පාල වැලඩුනා....:‘(

    ReplyDelete
    Replies
    1. ඊතල ගහන්න පාර පැත්තට :ඩ‍

      Delete
  31. මේ වගේ පාරවල් අහන්න ගිහින් මමත් හොඳ කටු කාලා තියනවා..දවසක ඒ ගැන ලියන්න ඕන..

    ReplyDelete
  32. ගමනාන්ත දෙකම එකම බෝඩ් එකේ දාපු බස් එකක් පස්සෙ අතර මැදින් ෆලෝ කළාම පාර හොයාගන්න හරි ලේසියි...

    ReplyDelete
    Replies
    1. ඒ තියරිය තමා සෑමා කෝමත් අනුගමනය කරන්නේ. :)

      Delete
  33. gps google map බලාගෙන ගිහින් හොද හොද අත්දැකීම් තියනවා... ඒත් බස් පස්සෙ ගිහින් පාර හොයාගෙන නෑ. අතරමන් උන වෙලාවක බස් එකක් දැක්කොත් සැමාව මතක් වෙයි.

    ReplyDelete
  34. //“පුතා.. ඔය පිටිපස්සෙ ඉදන් ඉන්න ලමයා මේ ගමේම තමා.. එයාගෙන් අහල බලන්න...“ //

    අනේ අෆොයි..! :D :D

    ReplyDelete
  35. මේ පැත්තේ නම් බස් පස්සේ ආවොත් එන එකාට සාමාන්‍යයෙන් යනවට වඩා කිලෝ මීටර් දහයක් විතර වැඩිපුර යන්න වෙනවා. ඊට වඩා කෙල්ලන්ගෙන් පාර අහන තියරිය මරු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...