Sunday, January 6, 2013

හොරු අහුවේ...


පොලිසිය විසින් හොරු අල්ලපු වාර ගණනට වඩා, සාමාන්‍ය ජනතාවගේ මැදිහත් වීමෙන් හොරු අල්ලපු වාර ගණන වැඩිය. එය ප්‍රායෝගික සත්‍යයක් වන්නේ බොහෝ හොරකම් වලට මැදිහත් වන්නේ ඒ ප්‍ර දේශය අවටම කෙනෙක් වීම නිසාය. එදා හොරු කඩපු සෑමාගේ මස්සිනාගේ ෂොප් එක ගැන සෑමා ලිව්වේද කිරිල්ලවල අවට සිටින්නන්ගේ අවධාන උදෙසාය.

මීට සතියකට ඉහතදී සෑමාගේ ගමේ පාසල, බොල්ලෑගල මහා විද්‍යාලය, හොරු කඩා තිබුනේය. පාසලෙන් පැවැත්වුනු මහා පෙරහැරට පසු දින හොරු විසින් පාසල සුද්ධ කර තිබුනේය. වටිනා පරිගණක 14ක් පමණ හොරු විසින් ගෙන ගොස් තිබුනේය. පෙරහැර පැවති දින රාත්‍රියේ පැමිණි හොරු ත්‍රී රෝද රථයකින් කිහිපවරක් පැමිණ පරිගණක ටික රැගෙන යන තුරුත් ඒ අවට නිවැසියන් නොදත්තෝය. මහ රෑ පුංචි අතුරු පාරකින් ගමන් කරන ත්‍රීරෝද රථයක හඩ ඇසුනත් එය පිලිබද උනන්දු වීමට තරම් නොසැලකිලිමත් වෙන ජනතාවකින් ගමකට, වැඩක් නොවන්නේය.

බොල්ලෑගල මහා විද්‍යාලය සැමා අකුරු කළ ස්ථනයක්ය. එක වසර සිට පහවසරේ ශිෂ්‍යත්වය පාස් කිරීම දක්වා සෑමාව ගොඩ දැම්මේ බොල්ලෑගල විද්‍යාලයමය. සෑමාගේ තාත්තා (k.a.w perera) පවා ගුරු සේවයේ නියැලී සිටියේ (දැන් වෙන පාසලක) එම විද්‍යාලයේමය. එනිසා පාසල හොරු කැඩූ බව අසා අප පවුලේ සියළු දෙනාගේ සිත් එකලෙස කම්පා වූවේය. එසේම ගම් වාසීන් මැදිහත්ව පොලිසියට පැමිණිලි කර හොරු අල්ලා ගැනීමට මහත් වෙහෙසක් දැරුවේය. ඒ කාලේ පාසලට තිබු සම්පත් නම් ඉතාම අල්පය. කම්පියුටරයක් පාසලට ලද මුල්ම දවසේ සෑමා ඒ පාසලේ නොසිටියේය. එහෙත් තාත්තා පාසලේ උගන්වන කාලයේ කම්පියුටරයක කිසියම් දෝෂයක් තිබී එය අළුත් වැඩියාවට සෑමා එහි ගියේ පාසලට කරන සේවයක් වශයෙන් සිත සතුටින්ය. ඒ සෑමා පාසලේ උගත් නිසාය.

එහෙත් පාසලෙන්ම ඉගෙන එම පාසලටම වින කළ හැක්කෙක් සිටීද? එම ප්‍රශ්නයට ඔව් කියා පිලිතුරු දිය හැකි මොහොත අද එලැබී ඇත්තේය.

උක්ත සොරකම සිදු වූ දින සිට අපේ ගමේ ‘ලොක්කා‘ අයියා සිටියේ මහත් කේන්තියෙන්නය. ඔහු සැම විටම කීවේ ලගදීම මම මේ හොරු සෙට් එක අල්ලනවා කියාය. පාසලේ උගත් පාසල අසලම ගැවසෙන ඔහුගේ කුපිත විම සම්පුර්ණවම සාධාරණය. එසේ ඔහු ගත් උත්සාහය අද උදෑසන මල් ඵල ගැන්වුනේය. ගම්වාසීහු පාසලට රොක් වී රතිඤ්ඤා පත්තු කලෝය. පාසලෙන් සොරකම් කළ බඩුත් සමගම ගමේම උන් කිහිප දෙනෙක්, පොලිස් ජීප් එකේ පැටවුනේය. හොර බඩු විකිණීමට ගොස් හොරු ටික අසුවී තිබුනේය. එහෙත් දුක්ඛිත කාරණය නම් පාසලේ උගත් එවුන් සෙට් එකක්ම හොරු විලස පැමිණ පාසලට වින කිරීමය.

තමන් අකුරු කළ තැනට හතුරු වීමට තරම් කුරිරු හිත් ඇත්තන්ට, දිය යුතු දඩුවම කුමක්ද? පොලිස් කූඩුවේ තබා පහර දීමද? ගම් වාසීන් මැදිහත්ව අල්ලා දුන් හොරු රැලට එම සංග්‍රහය නම් නොවැරදී ලැබී තිබුනේය. නමුත් උන් දිනෙක නැවත ගමට එන්නෝය. එදින් පසු ඔවුන් සුපුරුදු ලෙස ගමේ සැරිසරන්නෝය. හොරුන්ට ලැජ්ජාව බයක් නැත්තේය. පාසල ඉදිරිපිට දවසක් මුළුල්ලේ තබා උන්ට ලැජ්ජා කිරීම, ගමටම පෙනෙන්නට අපහාස කිරීම කළ යුතු වන්නේය. එවිට පාසලෙන් බිහිවන දරුවෙකු මතු දිනක පාසලට අහිතක් නොකරන්නේය. ගමට, රටට අහිතක් නොකරන්නේය.

නව වසරේ තම දරුවන්ට අළුත් දෙයක් ලබා දීමට සැලසුම් කරගෙන සිටි විදුහල්පතිතුමාට මහත් සතුටක් ඇතිවනු නොඅනුමානය. ඔහුට සහ ගරුමණ්ඩලයට එම කාර්්‍යය කරන්නට නව වසර සුභම සුභ වේවා. හොරු ඇල්ලීමට දහිරියෙන් කටයුතු කළ ලොක්කා ඇතුලු ගමේ සැමට ස්තුතී.

Written by sAm ශ්‍රී Perera_09:22am_06/01/2013

51 comments:

  1. මං හිතුවේ මස්සිනාගේ හොරු ටික අහුවෙලා කියලා. උන්ව අහු උනේ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. උන්වත් අල්ලන්න තිබ්බා ගමේ සපෝට් එක තිබ්බ නම්..

      ඕනෙම හොරකමකට ගමේ එකෙක් සම්බන්ධයි කියල තමා මගේ මතය.

      ස්තුති !

      Delete
  2. ඔය කොයි හොරාටත් වැඩිකල් හොරකම් කරන්න වෙන්නේ නෑ සෑමෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් එකෙක් නවත්තනකොට තව එකෙක් පටන් ගන්න එකයි දුක

      Delete
  3. යකෝ මුං මහ කුජීත හොරු වගයක්නේ. තමන් ඉගෙන ගත්ත දුප්පත් ඉස්කෝලෙනුත් හොරකම් කරන එකා මොකාද? තමන්ගෙ සහෝදරයෙක්ට දරුවෙක්ට ඥාතියෙක්ට ඉගෙන ගන්න තියෙන ගමේ ඉස්කෝලෙ සම්පත් හොරා කන්න මුන්ට ලැජ්ජාවක් නැත්ද? කොහොම උනත් අහුවෙච්ච එක හොඳා, ඒකත් නොවිසඳුනු අපරාධයක් නොවී.

    අනේ මන්ද බං දැන් රටේ එන්න එන්නම හොරකම් අපරාධ වැඩිවෙනව, කවද මිනිස්සුන්ට හොඳ කලක් ලබයිද මන්ද.



    ReplyDelete
    Replies
    1. කවද හරි කන බත් එකත් උදුරගෙන යන කාලයක් එනව බං. ඒක මුලින් ලංකාවෙන් පටන් ගනි වගේ. මොකද කී දෙනෙක් ජීවන බරින් මිරිකිලාද ඉන්නේ

      Delete
  4. අපරධ වලට නිසි දඬුවම් දෙනව නම් මෙච්චර මෙහෙම වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත. බලමුකෝ හසිත මඩවල ඝාතකයා අහුවෙයිද කියලා

      Delete
  5. තමන් උගත් පාසලටත් කෙළන එකා ට උන්ගේ මවට වුවත් .........නට බැරිකමක් නෑ සෑමා...

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව...

      Delete
    2. සිරාවටම. පාසල දෙවෙනි මව කියල නේ හදුන්වන්නේ !

      Delete
  6. දෙමාපියන් අමතක වන යුගයක, මෙවන් හොරු ඉඳීම ගැනනම් සැකයක් නෑ සැමා. කාලකන්ණි කියනවා ඇරෙන්න මොනවා කියන්නද? උන් එලියට ආපු කාලෙක මීට වඩා සැලකිල්ලෙන් ඉන්න ඕනි උන් ගැන.

    ReplyDelete
  7. පජාත හොරු සෙට් එකක්නෙ බං

    සැමාට හොරෙනුත් හොරකම් වෙනව එහෙනම් ඒපැත්තෙ ඈ...

    ReplyDelete
  8. // තමන් අකුරු කළ තැනට හතුරු වීමට තරම් කුරිරු හිත් ඇත්තන්ට, දිය යුතු දඩුවම කුමක්ද? //

    මුන්ට සුදුසුම දණ්ඩනය "බ්‍රහ්ම දණ්ඩනයයි.." එය අත් පා සිය වරක් කැඩුවාටත් වඩා උන්ට දැනේවි..

    ReplyDelete
  9. - නමුත් උන් දිනෙක නැවත ගමට එන්නෝය. එදින් පසු ඔවුන් සුපුරුදු ලෙස ගමේ සැරිසරන්නෝය. හොරුන්ට ලැජ්ජාව බයක් නැත්තේය. පාසල ඉදිරිපිට දවසක් මුළුල්ලේ තබා උන්ට ලැජ්ජා කිරීම, ගමටම පෙනෙන්නට අපහාස කිරීම කළ යුතු වන්නේය.-

    සෑම් මල්ලි අහලා තියෙනවද බ්‍රහ්ම දණ්ඩනය කියලා දෙයක්. ඒ සම්බුද්ධ විනය පිටකයේ තියෙන නොහික්මුණු මහණුන්ව හික්මවන එක් ක්‍රමයක්. අන් අය විසින් ඔවුන් නොසලකා කටයුතු කිරීම. කතා නොකිරීම. දුටුවත් අහක බලාගෙන යාම. කොන් කිරීම. එසේ කල විට නොහික්මුණු තැනැත්තා පීඩාවට පත්ව සිය වරද ප්‍රකාශ කොට සමාව ඉල්වීම මගින් තමාට සමාව ලබාගත හැකියි. මේක බොහෝම අවිහිංසක ක්‍රමයක්. ඒත් ප්‍රතිඵල දායකයි

    ඔය වගේම බොරුවෙන් වංචාවෙන් සොරකමින් කටයුතු කල බ්ලොග් අවකාශයේ එක්තරා චරිතයක් වෙනුවෙනුත් මෑත කාලීනව අප්‍රකාශිත බ්‍රහ්ම දණ්ඩනයක් පැනවිලා තිබුනා. කෙනා නොකිව්වට මේක කියවන කවුරුත් දන්නවනේ. ඒත් කියන්න කණගාටුයි අපේ බ්ලොග් කරුවන් කාරියන් අතරින් අල්පයක් වූ කිහිප දෙනෙක් තවමත් ලැජ්ජාවක් නැතිව එම බ්ලොග් කරුවාට කමෙන්ට් දමමින් අර අප්‍රකාශිත එහෙත් කවුරුත් දන්නා දේ නොසලකා කටයුතු කරනවා. එයට හේතුව නම් ස්වල්පයක් අය විසින් මේ බ්ලොග් කරුවා හොරෙක් බව නොදැනීමයි. ඒත් හොරෙක් බව දැන දැනත් එහි කමෙන්ට් කරන කිහිප දෙනා එම හොරාගෙන් සුළු සුළු වාසි ලබා ගත් අයයි. මේ වෙද්දී ඒ වංචාසහගත බ්ලොග් කරුවා කිසි හිරිකිතයක් නැතිව කලින් පරිදිම කටයුතු කරගෙන යනවා. ඔහු විසින් කරන්නට ලැබුනු වංචාව හෙළි දරුවු වීමෙන් පසුව එයින් අගතියට පත් අය වෙනුවෙන් කල යුතු ණය පියවීම හෝ නොකොට දැන් නැවතත් සිය ව්‍යාපාරය ප්‍රවර්ධනයෙහි ලා කටයුතු කරන්නේ තවත් බ්ලොග් කරුවන්ගේ නම් හා බ්ලෝග් පෝස්ටුවන්ද යොදා ගනිමින්. ලජ්ජාවක් නැති හා සාධාරණ සම්මුතියකදී එයට අනූකූලව කටයුතු කල නොහැකි කිහිප දෙනෙක් තවමත් එහි ගොස් කමෙන්ට් කරනු දැක ගත හැකියි. නමුත් මෙහි ඇති හාස්‍යමය දේ නම් එහි කමෙන්ට් කරනු ලබන බොහෝ බ්ලොග් කරුවන් සමාජ සාධාරණත්වය වෙනුවෙන්,වංචාව හා දූෂණය පිටු දැකීම වෙනුවෙන්, කතා බහ කරන දැන උගත් අය වීමයි. ඇතැම් විට සෑම් මල්ලිත් එහි ගොස් කමෙන්ට් කර තිබෙනවා වෙන්නට පුළුවන්.

    මෙම කමෙන්ටුව මගින් කිසිවකුට හෝ අයස්ථානයෙහි අපහාස කර නොමැති අතර මෙම පෝස්ටුවට අදාල බව සලකන්න. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශෙට අළුතින් ආපු අපි වගේ අය ඔය පැනවූ බ්‍රහ්ම දණ්ඩන දන්නේ නෑ.. ඉතින් නොදැනුවත්ව එවැනි අඩවි කරා ඇදෙන්න පුළුවන්.. ඉතින් කාටත් දැනගත හැකි ලෙස කතා කළානම් වැරැද්ද කරපු එකාටත් මම වැරැද්දක් කළා කියල දැනගන්න පුළුවන්නේ..

      අනික එහෙම වැරිදිකාරයා අඳුනගන්න බැරුව ඒ පැත්තට යන අළුත් අයව මුලා කරගන්නත් පුළුවන්නේ...

      Delete
    2. මමත් මේ බ්‍රහ්ම දණ්ඩන දී තිබෙනවා මගේ ප්‍රධානියෙකුට. පසුව මා ඔහුත් සමග කථා කල විට ඔහුට මහත් අස්වැසිල්ලක් වී ඇති බව දන ගන්නට ලැබුණා.

      Delete
    3. ස්තූතියි ලිංකුවට.....

      කියවල බැලුව... ඇතිවුණේ කලකිරීමක්... මේ බ්ලොග් අවකාශෙ මේවදිය තැනක් කියල නිකමටවත් හිතුන්නෑ..

      Delete
    4. සෑම් ගෙ බ්ලොග් එක තුන්වන පාර්ශව සදහා මඩ තලන තෝතැන්නක් වෙලා. ඔය කියන අයට කෙලින් වෙන අවයවයක් තියෙනවනම් පාළු අම්බලමේ වලං බිදින්නේ නැතුව අදාල තැනැත්තාටම කිව්වනම් ඉවරනේ. සෑම් කියන්නේ චාටර් පොරක් මේවා දකිද්දී.

      Delete
    5. මේක මඩක් නෙවෙයි ඇත්ත කතාවක්. අනිත් දේ තමයි සෑම්ගේ පොස්ට් එකට අදාල කතාවක්. ඒක නෙවෙයි උඹ අභිතද?

      Delete
    6. නැහැ උබගේ තාත්තා .

      Delete
  10. ගමේ හොරෙක් හිටියනම් උව පොලීසියට අල්ලල දීල හරියන්නෙ නෑනේ... කොල්ලො හතර පහක් එකතු වෙලා ගහක බැඳල අතපය කඩල දැම්මනං ආය මොන කතාද?
    මොකෝ ගැහුව කියල පොලීසි යන්නැයි?
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි..

    එහෙම හයියක් තියෙන සෙට් එකක් නෑ කියල දැනුනම තමයි මුං යකා නටන්නේ..

    ReplyDelete
    Replies
    1. ගැහුවයි කියලා පොලීසි යන්න පුළුවන්. මම දන්න විදිහට කාටවත් තව කෙනෙකුට පහර දෙන්න බෑ. අයිතියක් නෑ..

      Delete
    2. යාන්ත්‍රික සිය කැමැත්තෙන් ඉදිරිපත් වෙනවාද හොරෙක්ට ගස් බැදලා ගහන්න?

      අනිත් මිනිස්සු කඩේ යවන්න එපා. ඒ ගුටි කන හොරා වයිර බැදගෙන ඇවිත් ඔයාටම කෙළවලා යාවි කියන බයට සද්දෙ නැතුව ඉන්නවා නේද?

      Delete
    3. ගමේ හොරා ගමේ එකෙක් නම් ඌ සමාජෙට බයයි... අපේ පැත්තෙ නිදන් හොරු ආව.. ඔය ටිකම තමයි කළේ.. අනික සෙනගකට එදිරි වෙන හොරෙක් ගැන හිතන්න බෑ..

      Delete
  11. සෑමා අපරාධය සහ දඬුවම පොත කියවා තිබෙනවද ? බුදු දහම සංකීර්ණ වැඩියි කියල හිතෙන කෙනෙකුට මේ වගේ පොතකින් ඔය යතාර්ථය තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් හොරකම්/බොරුව/වංචාව කරන්නේ අනුන්ට නොව තමන්ටය.

    ReplyDelete
  12. හොරු අහු වුනානෙ කොහොමහරි...ඒක ලොකු දෙයක්....

    ReplyDelete
  13. මම ඔය ඉස්කෝලෙ ගාවයි උදි හවස ගමක් කරල තියෙනා මතක ඇති කාලෙක ඉඳන්.
    උඹලගෙ ෂොප් එක කඩපු උනිත් අහුවුතොත් තමයි නියම.

    ඈ බං. උඹ අර පෝස්ට් එක පෙන්නුවද රවි අයියටයි ජැනට් අක්කටයි?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  14. සත්තු ටිකක් වෙන්න ඇති..!
    ඕය වගේ ගේම දීල තමයි ඊලඟට ලොකු ගේම් දෙන්නෙ.

    ReplyDelete
  15. ඉතිං දං උන්ගේ අම්මලා තාත්තලාටත් ගමේ විසුමක් වෙන්නේ නෑ... හොඳ වැඩක් තමයි අල්ලගත්ත එක නම්.. මං හිතුවේ සැමාලගේ කඩේට වැඩේ දීලා ඇත්තෙත් මේ සෙට් එකමයි කියලා...

    ReplyDelete
  16. පොලිසියට බනින්නේම නැතුව අසල්වාසීන් ගම් වාසීන් විමසිල්ලෙන් එකතුවෙලා කටයුතු කරනවා නම් හොරු අල්ලන එක මීට වඩා පහසු වෙන්න තිබුණා. රජ කාලේ නම් ගමක හොරකමක් අපරාධයක් වුණාම අපරාධකාරයාව ගමේ අය විසින් අල්ලලා දුන්නේ නැත්නම් ගමේ අයට දඩ ගහනවාලු :D

    ReplyDelete
  17. යාන්තම් උන් ටිකනම් අල්ලලා! හැම ගමක්ම මෙහෙම එකතු උනොත් හොරකම් නැත්තටම නැති කරන්න පුළුවන් වෙයි!

    ReplyDelete
  18. අපරාදේ බං පොලීසියට පඩි ගෙව ගෙව තියන් ඉන්නේ.ඔය යක්කුංව වෙන රස්සාවලට දැම්මනං ඉවරයි

    ReplyDelete
  19. එක ඉස්කෝලෙකත් කොල්ලෝ සෙට් එකක්ම වැඩේ දීලා තිබ්බා නේද?
    අනේ මන්දා මුන් ඉගෙන ගන්න තැනෙනුත් හොරකම් කරනවනේ

    ReplyDelete
  20. කැලණියට අරක් ගත් භූතයගෙ හෙන්චයියො නම් හොරු ටික ලබන සතියෙ එළියට ඇවිල්ලා හොරු අල්ලපු උන්ව ඇතුලට යන්නත් පුලුවන්....කෝකටත් විමසිල්ලෙන්...

    ReplyDelete
  21. මේ ගැන ලියපු එක වටිනවා සෑම්...හොරුන්ට වුනත් හැමදාම හැංගිලා ඉන්න බැහැනේ..කොහොම වුන් තමන් ඉගෙන ගත්ත ඉස්කොලෙට මෙහෙම කරපු එක නම් වැරදියි..

    ReplyDelete
  22. උඹලගේ කඩේ කඩපු එකා තවම නිදැල්ලේ නේද? අර ලොක්කා අයියා වගේ එකෙක් ඒ ගමෙත් හිටියනම්..

    ReplyDelete
  23. මචන් වෙලාවකට උබේ බ්ලොග් එක ලෝඩ්
    වෙන්නේ නැහැ .අර FB කමෙන්ට් බොක්ස් එක
    නිසයි ඒක වෙන්නේ..
    අඩුම තරමේ ඒක ලෙයව්ට් එකේ අන්තිමට ලෝඩ්
    වෙන්න හරි දාපන් ...

    ReplyDelete
  24. හොරු කියන්නෙ හොරු අෆ්ෆා... කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ වගේ, හොරු ඉතින් හොරකම් ම තමා කරන්නෙ..

    ReplyDelete
  25. මට බාරදියන් හොරු ටික :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. අපේ ගෙට පැන්න එවුනුත් අහු වුනේ නෑ නෙ.

    තමුන් ඉගෙන ගත්ත ඉස්කෝලෙන් හොරකම් කලා කියන්නෙ ඉතිං.... උන්ට දෙන්න දඬුවම් හිතා ගන්න බෑ.

    ReplyDelete
  27. හොරකමක් වෙනවනම් එතන ගැන දන්නා කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා.තමන් ඉගෙන ගත්තු පාසලට මේ වගේ දෙයක් කරනවා කියන්නේ උන් බල්ලන්ටත් වැඩ ජරා ජාතියක්.

    ReplyDelete
  28. ඊලඟ චන්දෙට පලාත් සබාවට ඉල්ලුවාම ඔය ගමේම අයියලා පෝලිමෙ ගිහින් කතිරෙ ගහයි අපි හොරාට හොරා අපිට කියලා.

    ReplyDelete
  29. නොදකිං ...ඉස්කෝලෙත් හොරු කඩලද ?අකුරක් ලියන්න ඉගෙන ගත තැන ..පුදුම අසික්කිත හොරු ටිකක්නේ ..

    ReplyDelete
  30. හොරු අල්ලලා හිරේ දාලා වැඩක් නෑ තමයි සෑම් අයියේ, එවුන්ව ගමේ ගෙනල්ල වැරදි කරපු තැනට ගිහින් දාලා බෝඩ් ලැලි එල්ලලා දවසක් දෙකක් තියන්න ඕනි. මටත් මතකයි ඉස්සර අපේ ස්කොලේ කම්පියුටර් රූම් එකට ගිහින් මවුස් එකේ බෝලේ ගලවාගෙන එන එවුන් හිටියා..ස්කොලේ යකඩ ටිකක් කිලෝ ගානට පටවලා උන් පොරවල් වගේ හිටියා. ඔහොම සිද්දියක් ස්කෝලෙට කියලා මම ඒ සෙට් එකෙන් පලුයන්ඩ කැවා. එදායින් පස්සේ මම හ්ම් නෑ

    ReplyDelete
  31. එක්තරා අවාසනාවන්ත සිද්ධියකින් පස්සේ අපේ පැත්තෙත් ඔය වගේම වඩේ කරපු තුන් හතර දෙනෙක් අහුවුණා. හැබැයි හොරුටිකට නං නිර්වස්ත්‍ර කරල ගමේ ඉදං පොලිසියට යනකංම තලපු එකයි කලේ..
    මුලින් කිව්ව අනෝගේ සහ සුදීක අයිය‍ට අනුව ඔය කියන බ්‍රහ්ම දණ්ඩනය අති සාර්තකයි කියල මමත් හිතනවා. ඒක නං අත්දුටු සිදුවීමක් !

    ReplyDelete
  32. යකෝ මුන් ගිය ඉස්කෝලේ ගැන හැගීමක් නෑ නේ මුන්ට.තිබ්බා නම් උන් ඔය වගේ අවලං වැඩ කරන්නේ නෑ

    ReplyDelete
  33. හපොයි...තමන් ඉගෙන ගත්තු පාසලට ඔහොම කරන්න පුලුවන්ද..... මහම මහා ජරා යක්කු ටිකක්නේ.

    ReplyDelete
  34. ඉස්කෝලෙටත් ඔහොම කලානම් වෙන දේවල් ගැන මොන කතාද..

    ReplyDelete
  35. හොරා කියන එකාට තමන්ගේ අම්ම අප්පා නිකන් දෙන දේත් හොරෙන් ගන්නමයි හිතෙන්නේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...