Tuesday, January 22, 2013

සදාදරණීය ASP මැඩම්..


“ගුඩ් මෝර්නිං සර්, ගුඩ් මෝර්නිං මැඩම්....“ 

“ශ්‍රී ලංකා පොලිසිය බකිනිවැල“ ඒ බෝඩ් එක දකිනකොටත් මගෙ හිතට ගැම්මක් ආවා. ශහ්.. ඒ කියන්නෙ අද ඉදන් මාත් මේ පොලිසියෙ රාලහාමි කෙනෙක්. එක අතකට මගෙ පලවෙනි පත්වීම මේ වගෙ දුෂ්කර පැත්තකට හම්බෙච්ච එක හොදයි. මේ වගෙ ගම්වල ඉන්න මිනිස්සු කොහොමත් බය ගුල්ලෝ. මුලින්ම මේ වගේ මිනිස්සු ටිකකට තලල බය ඇර ගත්තාම, ඊට පස්සෙ බය නැතු කොළඹ පැත්තෙ වුනත් ගිහිල්ල ඒ පැත්තෙ පාතාලෙ එක්ක හරි හැප්පෙන්න හිත හයිය කරගන්න පුළුවන්. 

ලෙෆ්ට්... රයිට්... ලෙෆ්ට්... රයිට්... ලෙෆ්ට්... රයිට්... ලෙෆ්ට්... රයිට්... 

අද පොලිසියෙ පෙරඩ් දවසක්. සේරම කට්ටිය එක විදිහට කිට් ඇදලා පෙලපාලි යනවා. ශහ්, එක ගැම්මට සිරුවෙන් හිට ගන්නවා, ආයෙ පහසුවෙන් හිට ගන්නවා, බලං ඉන්න ආසාවෙ බැහැ. ඒත් හමුදාවෙ ආචාර පෙල පාලියක් දැකලා, පොලිසියෙ එකක් දැක්කම එපා වෙනවා. මෙහෙ උන් කකුල බිම ගහන්නෙත් කොන්ද නමලා. ඒක තමා පොලිසියෙ හමුදාවෙ අතර වෙනස. 

මම පොලිසිය ඇතුලට ගොඩ වුනා. අද කවුරුත් පේන්න නැහැ. ග්‍රාමාරක්ෂකල දෙන්නෙකුයි, පීසී කෙනෙකුයි විතරයි ඉන්නෙ. ඒ පීසිත් හොදටම නිදි. 

“ඇයි මොකද?...“ එක පාරට ඇහුනු කටහඩකින් මං උඩ ගිහින් බිම වැටුන වගේ වුණා. තරු තුනක් ගහගත්ත පොලිසියෙ මැඩම් කෙනෙක්. තරු තුනක් කියන්නෙ මෙයා වෙන්න ඇති පොලිසියෙ එච්.ඕ.අයි. 

“මැඩම් මේ.. මැඩම්.. මම තමයි පීසි බණ්ඩාර..“ මගෙ පලවෙනි පත්වීම මෙහෙට.

“හරි.. හරී...“ ඔච්චර නැවෙන්න ඕනෙ නැහැ. මේ.. ඇවිත් මෙහෙන් වාඩි වෙන්න කෝ..

එයා වාඩි වෙලා හිටියෙ පොලිසිය ඉස්සරහම තිබුන ලොකු පුටුවක. ඒ ලගපාත ඉදගන්න කියල තිබ්බෙ පැමිණිලි දාන්න එන මිනිස්සු ඉදගන්න බංකුව විරතරයි. කරන්නම දෙයක් නැතුව මම ඒකෙන් වාඩි වුනා. 

“මොකක්ද නම කිව්වේ....“

“මම බණ්ඩාර මැඩම්... පීසි බණ්ඩාර..“

“ගම කොහෙද? “

“අහ්.. ම්.. මම කුරුණැගල මැඩම්...“

“ආනේ.... ඇත්තද? මාත් කුරුණැගලනේ..“

“ඇත්තද මැඩම්..??? “

“ඔව්....“

“මැඩම්ගෙ ගමද කුරුණැගල? මැඩම් බැදල ඉන්න සර්ගෙ ගමද?“

“පිස්සුද කොල්ලො, මම තාම බැදල නැහැ.... “

“මොනවද දන්නෙ නැහැ මැඩම් මම මෙහෙ කරන්න ඕනෙ රාජකාරි නේද??“

“ඒව ඉතිං අර ඕ.අයි.සී මහත්තය ආවහම අපි හෙමීට කතා කර ගමුකෝ..“

“මේ, කෝ ඉතිං මේ බණ්ඩාර තාම තේ එකක් වත් බීල නැහැනේ... මේ බලන්න අර උණු වතුර බෝතලේ තේ තියෙනවද කියලා..“ 

“නැහැ නැහැ මට නම් තේ ඕනෙ නැහැ මැඩම්...“

“කමක් නෑ.... මේ තේ තියනවද බලල, තියෙනව නම් මටත් එක්ක එකක් අරන් එන්නකො බලන්න..“

මැඩම්ගෙ කීමට මම පොලිසියෙ කුස්සියට ගිහින්, මේසෙ උඩ තියෙන උණුවතුර බෝතලෙ හොලවල බැලුවා... ඒකෙ අඩියෙ මණ්ඩි ටිකක් විතරයි තියෙන්නේ...

“ඒකෙ නම් තේ නැහැ මැඩම්. මම හීටරේ ගහල තේ ටිකක් උණුකරන් එන්නද? “

“එච්චර වද වෙන්න ඕනෙ නැහැ කොල්ලො, ඔන්න ඔය බෝතලේ අරන් ගිහින්, අන්න අර ඉස්සරහ කඩෙන් තේ දෙකක් දාගෙන එන්න..“

“හොදයි මැඩම්..“

“මේ, ඉගුරු තේ දෙකක්ම ගේන්න...“

“ආ.. හරි හරි මැඩම්..“

“මේ.. සල්ලි ගත්තෙ නැහැනේ........ කෝ එන්න...“්‍

“ඕනෙ නැහැ මැඩම්.. මං ලග තියෙනවා...“

“ආ.. මේ.. එහෙනම් හොද කොල්ල වගේ බනිස් ගෙඩි දෙකකුත් අරන් එන්න....“

පීසීලා, එස් පීලා කියල වෙනසක් නැතුව එකම විදිහට නේද දත ගලවන්නෙ කියල මට හිතුනා. මම අඩිය ඉක්මන් කරල කඩේ දිහාට දුවන්න ගත්තා. පළවෙනි දවසෙම මට සිද්ධ වුනා ලොක්කෙක්ට කඩේ යන්න. ඒ මදිවට එයා ලොක්කියෙක්. ලොක්කියෙක් කිව්වට එයාට වයස අවුරුදු 30ක් වත් නැහැ. කොහොමත් පළවෙනි සේවා ස්ථානේ අවුරුදු 5ක් වත් ඉන්න එපැයි. ඒ කාලෙ ඇතුලත මෙයා ගොඩ දාගත්තොත් මාත් ගොඩේ ගොඩ.

මුලින්ම මම මෙයාගෙ හිත දිනා ගන්නවා. එතකොට මෙයා ලොකු ලොකු වැටලීම් සේරටම මාව එක්ක යයි. 

“ඒයි හෙල්ලෙන්න එපා.. ඔළුව කුඩුවෙන්න තියනවා.. පීසී බණ්ඩාර.. එහා පැත්තෙන් එන්න...“

“ඒයි උඹලව පොලිසියෙන් වටලලා තියෙන්නේ,,, එකෙක් දුවන්න හදන්න එපා. එස්.අයි බණ්ඩාර, දාන්න මුන්ට මාංචු..“

“අයි.පී බණ්ඩාර, මේ කොස්තාපල්ලා ටිකත් එක්ක ගිහින් අර පාතාලෙ සීන් එක වටලං එන්න...“

“ඒ.එස්.පී බණ්ඩාර, පොඩ්ඩක් එන්නකෝ, මට ඔයත් එක්ක වැදගත් කතාවක් තියෙනවා...“

“ම්හ්. ඒ මොකක්ද..“

“මෙහෙ එන්නකෝ.. ලමයෝ.. මේක රාජකාරි කතාවක් නෙවේ... මේක පෞද්ගලික කතාවක්...“

ඒ විදිහට එයාගෙ උදව්වෙන් ලග ලග තරු ටිකක් ගහගත්තොත් එයාව මගෙ කර ගන්න එක ඒ හැටි වැඩක් නෙවේ. මේව කල්පනා කර කර සිහින මැව්වොත් මගෙ තරු නෙවේ බොත්තම් හිටං ගැලවෙන නිසා මම තේටික අරන් දිව්වා පොලිසියට.

හහ්...හහ්හ්..හහ්...හහ්හ්..හහ්...හහ්හ්..හහ්...හහ්හ්..

“පොලිසිය ඇතුලෙ හරකෙක් වගේ දුවන්නෙ, කවුද තමුසෙ??“

මම එනකොට පෙරඩ් එක ඉවර වෙලා ඕ.අයි.සී මහත්තය පොලිසියට ඇවිත්. 

“සර්... මං මේ.. පීසී බණ්ඩාර. ට්‍රේනිං කොලේජ් එකෙන් අවුට් වෙලා, මෙහෙ වැඩ භර ගන්න සර් ආවෙ. “

“වැඩ භාර ගන්න ආව නම් යුනිෆෝම් එකේ නම්බුව තියාගෙන පැත්තකට වෙලා ඉන්නවකෝ. මේ කූඩුවෙ ඉන්න එවුන්ට තේ අදින්නේ.“

බලනකොට එයා හොර යුනිෆෝම් එකක් ඇදගෙන, පොලිසියෙ එස්.පී කෙනෙක්ට ඇට් කරල හතර වටෙන්ම ලක්ෂ ගානක් ගරා ගත්ත එක්කෙනෙක්. එදා එයාව යුනිෆෝම් එක පිටින්ම පොලිසියට කුදලං ඇවිත්.


sAm ශ්‍රී Perera_8:20am_22/01/2013

62 comments:

  1. අයියෝ සල්ලි!

    ReplyDelete
    Replies
    1. සල්ලි වගේද සැට් වුනා නම් !

      Delete
  2. සැමා ලස්සන පොලිස් අක්කෙක් දැකල වගේ... ළඟදීම ලෙඩක් දාගෙන ඇතුලට යයිද ?

    ReplyDelete
    Replies
    1. ඇතුලෙ දාන තරම් සැපක් තියෙනවද ?

      Delete
  3. Replies
    1. එකෙක්ට වරදිද්දි පට්ට කතාව කියල කියන්න එපා බං

      Delete
  4. හුටා....
    මදෑ තරු ගහන්න හීන බැලුවා....

    ReplyDelete
  5. අඩෝ සෑමා පොලිසියේ කෙල්ලොන්ට ලයින් දාලා අහුවෙනවා එහෙම නෙමේ හරිය. එහෙම කරනවා නම් අර මෙව්වා දෙක ගැන ආසාව අතැරලා කරපන් හරිය. දානවා ලාච්චුවේ.
    මීට.
    IGP

    ReplyDelete
  6. හුටා......
    ඕකනේ කියන්නේ යන යන තැන පැනි හලන්න එපා කියලා...

    ReplyDelete
    Replies
    1. පැනි නෙවේ බං අවංක ආදරේ

      Delete
  7. දැන් පේන හීන දරුණුයි වගේ.....

    ReplyDelete
    Replies
    1. දරුනු වුනත් සැබැ වුනොත්?

      Delete
  8. හයියෝ.....සෑමා අයියා නම් වෙන්න බෑ....
    දුක් සීන්....

    ReplyDelete
    Replies
    1. මම නම් නෙවේ අයියෝ.. පව් බණ්ඩාර !

      Delete
  9. සෑමත් ගම්පහට එන්නෙ පොලිස් කිට් එකෙංලු.

    ReplyDelete
    Replies
    1. රහස් පරික්ෂක් කිට් එකෙන් බං එන්නේ !

      Delete
  10. තිත් දෙකයි ඩී

    ReplyDelete
  11. Replies
    1. මැරෙන්න කලින් බේරුනාද මන්දා !

      Delete
  12. වැදගත් කතාවකි..තේවතුර ඇදීමද අමාරු රාජකාරියකි..

    ReplyDelete
    Replies
    1. තේ ඇදල තැනකට ආවනම් බණ්ඩාර කොහෙම මිනිහෙක්ද?

      Delete
  13. ඕකට සිංහලෙන් කියන්නේ මිස්අන්ඩර්ස්කර්ට් කියල ..

    ReplyDelete
  14. අහපන් එච්චර බලපතල වැරැද්දක් කරපු එකියෙක්ව ඇයි බංකුවෙ වාඩිකරවලා තිබ්බෙ කියලා..

    ReplyDelete
    Replies
    1. ඇතුලට දැම්මොත් ඇකුලෙ උන් ඉවරයි.

      දන්නවනේ ජීනා මැඩම් ඉන්න විදිහ ?

      Delete
  15. හුටා............ කෙලමලියයි.................!

    ReplyDelete
  16. තව පොඩ්ඩෙන් තරු නෙවෙයි හදේ තමයි ඉන්න වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් දැම්ම නම් අපි හදේම තමා බං

      Delete
  17. මෙය සෑමාගේ අත්දැකීමක් බව කරුණාවෙන් සලකන්න.....

    ReplyDelete
    Replies
    1. මෙය හුදෙක් මඩක් බව සලකන්න !

      Delete
  18. මට ඔය පොලීසියේ රෑන්ක් ගැන මෙලෝ අදහසක් නෑ බං.පීසී කියන්නේ පොලිස් කොස්කාපං කියලා දන්නවා.අනිත් ඒවානං නිකං අර අපේ උං කරන කෝස් වගේ අකුරු විතරයි අහලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හැම එකාටම ඇති රෑන්ක් එකක් නැහැ බං. පාරට බැස්සම මිනිස්සු බනින කැත :ඩී

      Delete
    2. මෙන්න කමෙන්ට්! වැටක් ගහන්න හිතෙනවා,
      ++++++++++++

      Delete
  19. අයියෝ සුපියල් පා..

    ReplyDelete
    Replies
    1. සුපියල කෝමත් පා.. වෙනව තමා බං !

      Delete
  20. සෑමාට ඉතිං නාඩි වැටෙනව නම් පාං කෑල්ලත් හොඳයිලුනේ :P (දිව දොට්ට)

    ReplyDelete
  21. මේකා හින දකින්නෙත් මෙහෙම කෙල්ලෝ ගැන නම් මල් වත්තේ අනුන්න්ගේ කෙල්ලෝ නිසා අපිටත් කන්න වෙයිද දන්නේ නැ හිර බත්....

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ අපි ඔවට නැහැ ෙද්ෙවා්....

      Delete
  22. බුබුළු නගින බෙලිකටු.. දෙදරණ දගර සුළං... මළ හත් ඉලව්වයිනේ

    ReplyDelete
  23. අපරාදේ තරු සහ මරු :)

    ReplyDelete
  24. මේක උඹේ යටි හිතේ තියෙන ආසාවක් /තරහවක් / පළිගැනීමක් මතුවීමක්වත්ද? මේ කාකි සූට් බොත්තම්...

    ReplyDelete
  25. පීසී කිව්වම මං නං දන්නෙ පර්සනල් කොම්පියුටර් විතරයි.... :((((

    ReplyDelete
  26. උඹවත් හිරේ දාන්න කාලේ හරි වගේ..

    ReplyDelete
  27. ලඟදිම ඇතුලට යන ජාතියේ හීනයක්

    ReplyDelete
  28. හපොයි...සෑමාත් හිරේ වැටෙන වැඩ..

    ReplyDelete
  29. අයියෝ... සෑම්ටත් වෙන දේවල්...

    ReplyDelete
  30. හි හි මරු කතාව.. ඒ උනත් සෑම් මල්ලි තරු තුනක් තියෙන නිලය ප්‍රධාන පොලිස් පරීක්ෂක එහෙමත් නැත්නම් චීෆ් ඉන්ස්පෙක්ටර්(CI) එස් පී කියන්නේ පොලිස් අධිකාරි එහෙමත් නැත්නම් සුපිරින්ටෙන්ඩන්ට් ඔෆ් පොලිස් කියන එකයි. :)

    ReplyDelete
  31. තු නොදකින්. පොලිසිය.(ඇයි බන් එච්චර කේන්තියක් දැනෙන්නේ පොලිසියත් එක්ක)

    ReplyDelete
  32. සෙට් උනානම් කොහොමද... මේ ඉන්නේ සෑමා සීරුවෙන් හි හී.. අහා වෑරදුනා බන්ඩාර...

    ReplyDelete
  33. පට්ටයි බොල...මේ වගේ පෝස්ට් වලට මම නම් හරිම මනාපයි...

    අත් වක් වෙලා කියලා උඩම දාලා තියෙන්නෙ...මොකද කාරණේ ? දිනපතා අත පාවිච්චි කලාද ?

    ReplyDelete
  34. මටනම් හිතුනා ඕක. අවුරුදු ත අඩුවෙන් තරු තුනක් ගහලා ඉන්න ගනු කොහෙද බන ලංකාවේ ?
    \

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...