Tuesday, January 15, 2013

මේ 27 ඉරිදා දහම් පාසල් යන්න එපා....


දහම් පාසල යනු හොද තැනක්ය. එය පැවැත්වෙන්නේ ඉරිදා දිනයේ පමණක්ය. එහෙත් සමහරෙක් සතියේ ඉතිරි දින හයේම හිත තුල කැලඹෙන විවිධ ආශාවන් ඉටු කර ගැනීමට දහම් පාසල් යන්නෝය. බොහෝවිට කාන්තා පාසල්වල, එහෙමත් නැතිනම් පිරිමි පාසල් වල සිසුන් වැඩි හරියක් දහම් පාසල් යන්නේ තමන්ට සතියේ දින වල පාසල් යද්දී නොලැබෙන සුව විදී‍්මටය. සරලව ගතහොත් කාන්තා පාසල්වල කෙල්ලන් කොල්ලන් දැකීමටද, පිරිමි පාසල් වල කොල්ලන් කෙල්ලන් දැකීමටද, පැමිණෙන්නේ දහම් පාසලටය. මේ සදහා ජීවමාන උදාහරණ තරියා හෝ කස්සා හෝ බස්රේඩියෝවේ කුරුළු නොවන බව කරුණාවෙන් සලකන්න. ගෙදරදී නොඅදින සරම් කෑල්ල ගසාගෙන ඒ යටින් ෂෝට ගසාගෙන පාන්දර කුකුළා අතේ තබාගෙන ඈලි මෑලි කම් දුරලා දහම් පාසල් එන්නේ කෑලි සොයන්නට මිසක නිවන් මග සරි කරගන්නට නොවේමය.

එසේම සියළු බ්ලොග්කරුවෝද දහම් පාසල් යන උපාසක, උපාසිකාවෝය. එසේත් නැතිනම් එවන් ස්ථානවල උගන්වන ගරු ගුරු භවතුන්ය. ලමයින්ට අඹ සරණ පැතිය යුත්තේ එවිටය. ඒ අතර සිහින මදාරාද දහම් පාසල් ගුරුවරියක් බව බෞද්ධ කටයුතු අමාත්‍යාංශය පවසන්නේය. අනේ පොඩි උන් බ්ලොග් එක දැක්කානම් දහම් පාසල් ගමනටද තිත තබනවා ෂුවර්ය. සෑමාද දහම් පාසල් හිනි පෙත්තට ගිය කොල්ලෙක් බව හැම එකාම දන්නවාය. සෑමා නම් ගියේ ඉගෙන ගන්නටය. ඒ ගැන සමකාලීනයන්ගෙන් අසන්නට එපාය. මොකද උන් සෑමා සමග තරහා නිසා බොරු කියනවා විය හැකිය. අපේ දහම් පාසලේ නම් පන්ති කාමර වායු සම්‍කරණය කර තිබුනේය. අපි ඒ කාලේ පන්තියේ හිදගෙන සිටියේ සරම රෝල් කරගෙනය. යටින් ෂෝට නිසා සරම රෝල් කර ගත් විට මනාවට වායු සමීකරණය වන්නේය. කෙල්ලන්ට ඕවා බැරිය. උන් දාඩිය පෙරාගෙන සිටියෝය. නමුත් උන්ගේ ඉන වටකර දාඩිය දාන්නේ නැතිය. මොකද ඒ හරිය හැමදාම එලියේය. අපි නම් ඒවා දැක නැත්තේය. මේ නම් දැක්ක අය කිව්ව ඒවාය.

මේ සියල්ල කීවේ 27වන ඉරිදා දහම්පාසල ඔබ කට් කළ යුතු බව කීමටය. එදින උදෑසන අවදි වී බ්ලොග් ලෝකයේ ඔබට සද්ද දැමු අය, ඔබගේ හිස සිඹ සැනසූ අය සොයා ඔබ පිටත් විය යුතුය. ඒ ගම්පහ හෙනරත්ගොඩ මල් ශාලාවටය වත්තටය. දිවයිනේ නන් දෙසින් බ්ලොග් එකකට සැගවී අකුරු කොටන උන්, කමෙන්ට් කරන උන්, බ්ලොග් කියවා සැනසෙන උන්, සයිබරයේ මිතුරන් එදාට ගම්පහදී එකතු වන්නෝය. දිවයිනේ නන් දෙසින් එන ඔබට අයාලයේ යන්නට නොදී පාර කියා දීමට පහත සදහන් මග කියන්නන් සම්බන්ධ කර ගත හැකිය.

ගාල්ල - ගුණේ (ගායන්) - 0718309494
නුවර  - චතුමිතු - 077148230
කුරුණෑගල  - සිංහයා (නිරෝෂන්) - 0774236618
අනුරාධපුර - නාඩියා (හරිත) - 0716312367
රත්නපුර    - ජිංජිබිරිස් - 0714851651
නැගෙනහිර   - සඳරු - 0774939199
කොළඹ සහ වෙනත් ප්‍රදේශ - ප්‍රදීප් - 0772099578 / 0713556165

එලෙස පැමිණෙන සියළු දෙනා 7.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගම්පහ බලා දුම්රියට නගිනවා ඇතිය. එසේම කෙලින්ම ගම්පහට පැමිණෙන සෑම කෙනෙක්ම උදේ 8.30ට එතනට පැමිණ සිටිය යුතුය. එසේ නොවන අය තමන් විසින්ම හෙනරත්ගොඩ මල්වත්ත පිට්ටනියට පැමිණිය යුතුය. ගම්පහ දුම්රිය ස්ථානය අසල සිට උද්භිද උද්‍යානය දක්වා බස් රථ වලින් පැමිණිය හැකිය.

එදින සියළු කටයුතු උදෑසන 9.00ට ආරම්භ වන්නේය. සියළු දෙනාගෙන් ඇතුල් වීමේ ගාස්තු ලෙස රුපියල් 200ක් අය කර ගන්නා අතර, ඉන් දහවල් ආහාරය හා ඇතුල් වීමේ ගාස්තු පියවා ගන්නවා ඇත. සියළු සුන්දර වැඩසටහන් අවසානේ සියළු දෙනාට සවස 3ට විසිර යා හැකිය.

එසේ නම් උක්ත සුන්දර දවස උදා කර ගැනීමට ඔබ ජනවාරි 27 වන ඉරිදා දහම් පාසල් කට් කළ යුතුය. සරම හෝ ලමාසාරිය හෝ සාරිය ඇදගෙන දහම් පාසල් යන සියළු බ්ලොග්කරුවන් එදින තම ලැප් පොත් බෑගයේ වෙනත් ඇදුමක් ඔබාගෙන ඒම සුදුසුය. ගෑණු ලමයින්ට ඇදුම් මාරු කිරීමේ පහසු කම පිළබද කළබල නොවන්න. සෑමා එදාට එන්නේය.

පිං කැමැත්තෝ, සැප කැමැත්තෝ මේ ලින්කුවෙන් රෙජිස්ටර් වේවා..... මෙතන කොටන්න

අවවාදයයි - එක දවසක් කට් කලාට හැමදාම දහම් පාසල් යන්න..


Written by sAm ශ්‍රී Perera_7.43am_15/01/2013

93 comments:

  1. 7.30ට යන දුම්රිය සාමාන්‍යයෙන් පිටත් වෙන්නේ කීයටද ?

    මාත් මේ ජිංජිගේ බල ප්‍රදේශයේ කෙනෙක්... කමක් නැහැ පරක්කු වෙලා හරි එන්නම්...

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙනම් එල නේ මම මේ කල්පනා කරකර හිටියේ මේ පැත්තේ බ්ලොග් ලියන උන් නැද්ද කියලා

      Delete
    2. ඔය රත්නපුරේ පැත්තෙන් ගෙට්ටුවට යන ගැටිස්සියෝ එහෙම නැද්ද දන්නෑ :D

      Delete
    3. ගැටුස්සෝ විතරයි දන්නේ ජිංජි. ගැටිස්සියෙක් එහෙට ගිහින්ම හොයා ගන්න වෙයි. අපටනම් ඒ කාරණය කැප නැහැ.දරු පවුල් කාරයෝ නේ...

      සුමිත් අයියා එන බවක් කියා තිබේ.

      AKM නොදනී, රත්නපුර කිට්ටුව ඉන්නේ මම හිතන්නේ :) , හෙන්රි අයියා එහේ ගියා කිව්වා නේ..

      ප්‍රසන්න අයියාද එන්න බලන කතාවක් කියා තිබේ.

      වෙනි අයියා තව දුරටත් ගම් පළාත නියෝජනය නොකරයි (නේද?)

      තවත් අය සිටී ද ?

      Delete
    4. බොල මාත් රත්නපුරේ...ඒත් එදාටනම් කොළඹ ඉඳීවි ගොඩක් දුරට...

      Delete
    5. @ රාමා, ජින්ජි, සැමා, සිරා ඇතුළු සෙට් එකටම. මගේ හොඳම යාලුවෙකුගේ විදේශගත වීමක් වෙනුවෙන් දින දෙක තුනක් කැප කරන්න වෙලා තියෙන හින්දා තවමත් අවසන් තීරණයකට එන්න බැරුවයි ඉන්නේ. ඒකත් ඕනි. මේකත් ඕනි.

      චන්දනයත් තාම වැට උඩ වගේ මන් හිතන්නේ. රෙහානිව අල්ලගන්න බලන්න ඕනි. (ඔන්න ගැටිස්සියක් ගැන ඔත්තුවක් දුන්නා) නදිනි නම් ලංකාවේ නෑ වගේ මන් හිතන්නේ. ලාබයි ඇපල් ඉන්නෙත් රත්නපුර අවට.

      Delete
    6. මාවත් ගෙන්න ගනියෝ....:( :(

      Delete
  2. සෑම් අපේ හාමිනේ මල් වත්තේ ඕන තියනවා කියුවහම

    ''යන් නැ එය මල් වතු ගානේ කියුවා''

    මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද....දරු පරපුරත් එක්කම එදාට එමු...

      Delete
  3. දහම්පාසල් ගමන කඩාකප්පල් කිරීම ගැන දෝශාභියෝගයක් ගෙනැල්ලා මේ බ්ලොග් එක තහනම් කරවන්ඩෝන!!

    ReplyDelete
  4. ගෙට්ටුව ගැන මුනිවත රකිමි

    දහම් පාසල් ගැන නම් සොඳුරු මතකයක් ඇත, එනම් මා කවදාවත් දහම් පාසල් ගොස් නැත.

    ReplyDelete
  5. එතකොට දහම් පාසල් යන්නේ නැති උන් මක්ක කරන්නේ ?

    ReplyDelete
  6. ඒ කියන්නේ දහම් පාසල තියෙන්නේ මල් වත්තෙද...? ඔය මල් වත්තේ බෝඩ් එකක් දාලා තියෙනවා "මල් කැඩීම තහනම්" කියලා... බලාගෙන... පරෙස්සමෙන්....

    ReplyDelete
  7. යකෝ සෑමා අහුවෙයන් මේ පළවෙනි වැරද්ද නෙමෙයි ඔන්න. මම දන්නවානම් උඹට කලින් පත්තරේට ලියනවා සත්තයි. හික් හික්.....

    සෑමා 27 එද්දි දහම් පාසල් අච්චු පොත අරන් එන්න. සරම හරියට ඇදන් එන්න එදාට එන කෙල්ලන්ට නුල් බදින්න අපිට කට්ටඩි හොයන්න බෑ හරිය.

    ReplyDelete
  8. අඩේ ෆිට් තමා... මමත් අද සුදු සරමක් මහන්න දෙනවා...දහම් පාසල් එන්න...

    ReplyDelete
  9. හික්ස්. වෙනම ඈංගල් එකක්. සෑමා ඉතින් කොහොමත් ධර්මයේ හැසිරෙන එකානෙ. ජයවේවා!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  10. මාත් අවසානය දක්වා දහම් පාසල් ගොස් ඇත.
    මල් වත්තට හැකිඋනොත් පැමිණෙමි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ දහම් පාසල ඉවරයි.....!!!????

      මල් වත්තටත් "සොරි" විය හැක.....???!!!!

      Delete
    2. 3.30ට විතර ආවොත් එල......

      Delete
  11. උපරිම උත්සාහ කරන්නම් සහෝදරයා එන්න.. දන්නවානේ අපි ඉතිං ළගපාත මිනිස්සු නෙවැ.. හිකිස්!

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙලින්න එපා.. මතකනේ සයබර් සැනකෙලියට ආවා.. ඒ වගේ වරෙන් !

      Delete
  12. එලම කිරිය....දහම් පාසල් ගියේ ඉස්සරය. ඒ පොඩි කාලේය. දැන් මා ටිකක් ලොකුය.එමනිසා රස්සාවේ ඕටී පාර කට් කරගෙන අපිද එන්නාහුය..

    -සිතුම් පැතුම්-

    ReplyDelete
    Replies
    1. ඕටී කලාට කෙල්ලො සෙට් වෙනවද නැනේ.. :ඩී

      Delete
  13. එන්නම ඕනේ,ප්‍රසිද්දියේ මඩ ගහනවා කියලා මූණු පොත මගින් තර්ජනේ කරපු කස්ටියක් ඉන්නවා අල්ලගන්න,මම නම් දහම් පාසල් ගියේ එක දවසයි, ළමා සාරිය තවම අදින්න පුළුවන් නිසා එක්කෝ ඒක ඇදන් එනවා..

    ReplyDelete
    Replies
    1. ඒක නැතත් ගාලක් නෑ ඔයා එන්න.

      Delete
    2. හයියූ...නලින් අයියා කියන කථා වලට කෙල්ලන්ගෙ හිරි ඔතප් බිදෙනවා...

      Delete
    3. හැ,මල හත්වලාමේ ඒ මුකක්ද ඒ කීවේ.. :O

      Delete
    4. නලියා නරක් වෙලා.. පත්තරේට ලියන් හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ

      Delete
  14. ඇඬිල ආයෙ ඇඬෙනවා....:‘(

    ReplyDelete
  15. අනුරපුරේ කස්ටිය නාඩි තුමා වන මංතුමා කොන්ටැට් කොර ගන්නවානම් හොඳය!( විසේසයෙන් ගෑනු ළමයි) ;)

    ReplyDelete
    Replies
    1. කොහොමැයි කොන්(ටැට්) කොරාන්නේ...?

      Delete
  16. අපි නං ගියේ බාලිකා දහම් පාසල් වලටය.එබැවින් වෙනත් අරමුණු සඳහා මල්වතු ගානේ පැමිණිය නොහැක.. :p

    ReplyDelete
    Replies
    1. මල් වත්ත සෝයි මෙයා...ජෝඩු ගොඩායි...

      Delete
    2. අපේ දහම් පාසට සැදැහැ සිතින් ආරාධනා

      Delete
    3. එහෙම එව්වත් තියේද :/ o.O

      Delete
    4. කැරලි කාරියෝ දහම් පාසල් යනවද ?

      Delete
  17. අපරාදේ මට දැන්ම ලංකාවට එන්න බැරි හින්ද මේ චාන්ස් එක මිස් වෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් සයිබර් සිහින බක් මහ උලෙලට එන්ටෝ

      Delete
  18. හික්ස් පරණ සරං කබලක් තිබ්බා, අඩේ මල්වත්තේ පැණි නැතිවා වද්ද....

    ReplyDelete
    Replies
    1. අපොයි සිතියම් ඇදපු සරම් කෑලි එපෝ...

      Delete
  19. අෆ්ෆා.... දහම් පාසැල් නැතුව පන්ති යන අයට මොකද වෙන්නෙ? උන් පන්ති ගියාට ගානක් නෑනෙ?? :D හික් හික්... දෙගිඩියාවෙන් සිටිමි!!බලමුකෝ එන්න.... :)

    ReplyDelete
    Replies
    1. පන්ති කෝමත් තහනම්.. ඇයි මලින්ද මාමානේ තහනම් කලේ !

      Delete
  20. පෝස්ට් එකෙන් තහවුරු වන වැදගත් නියමයන්....

    * ඉරිදා දිනවල දහම් පාසල් ගැන සලකා ටියුෂන් තහනම් කිරීම දොයිතුවක් වටින්නෙ නැති අමුම විගඩමකි.

    ** සියලුම පාසල් මිශ්‍ර පාසල් කිරීමෙන් දහම් පාසලේ "සබෑ අවශ්‍යතාවය" මුළුමනින් ම අහෝසි කළ හැක.

    කෝච්චියේ එන්නෙ නැති උන් ගම්පහට එන්න ඕන කීයට ද ? කොතනට ද ? (ගුවන් පාළම සහ උදේ 8.30 සුදුසු ද ?)

    ReplyDelete
    Replies
    1. හරියටම 8.30ට ඉස්ටේෂන් එක ඉස්සරහට එන්න. විස්තර සදහා සෑමා, සිරා හෝ මංතුමා අමතන්න. 0772099578

      Delete
    2. සුමිත් අයියාව හුග දවසින් දැක්කෙත් නැත....
      :)
      සුමිත් අයියා ගම්පහ එන තැන මටත් කියන්ඩෝ...

      Delete
    3. කෝච්චියෙ එන්නෙ නැති අය උදේ 8.30 වෙද්දි ගම්පහ රේල්වේ ඉස්ටේසම ලග ඉන්න ...කෝච්චියෙ එන සැට් එකත් ඒ වෙද්දි එතනට ඇවිල්ලා නිසා ඔක්කොම එක සැරේ මල්වත්තට අරන් එන්න පුලුවන් :)

      Delete
  21. බ්ලොග් ගෙට්ටුවට සුභ පැතුම් ඔන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම කියල කර අරින්න බැහැ ඕං

      Delete
  22. කේන්තිත් යනවා බං මේවා දකිනකොට... උඹලා ආතල් එකේ ජොලියේ ඉන්නකොට මං අර කෙහෙල්මල් සාරියක් පටලෝගෙන බකන්නිලං ඉන්න එපැයි එදාට..ඒ මදිවට මගේ (නෑ),( මා) ඔක්කොම යනවනේ.... ඉනන් එපැයි කේක් ගෙඩිය තිබබා වගේ... හයියෝ... මට කේන්ති යනඑක සාදාරණ නැද්ද සැමෝ.... ඉහි ඉහි ඉහි.....

    ReplyDelete
    Replies
    1. කාටවත් කථෘ කරන්නේ නැතුව 7.30ට කොටුවට ආවෝත් මොකද වෙන්නේ ?

      Delete
    2. මෙන්න හැමදාම හිනාවෙන හිරුවා අඩනෝ....දුකයි තමා අනේ... මක්කයි කොරන්නෙ...

      Delete
    3. හරි අසාධාරණයි සිරෝ.. ඉහි ඉහි ඉහි ...

      Delete
    4. දිනෙල්ක.. ඒක හරි යන් නෑ බං.. හොර වැඩ බැරි එකියක් මං...

      Delete
    5. ඉතිං සාරි මාරු කරන්න පහසුකම් සැමා දෙනව කිව්ව නේ :)

      Delete
  23. මල්වත්ත ගැන සැමරුම් මතක ගොඩයි බං.මං උ/පෙ කරන කාලේ දවසක් යන්ඩ තැනක් නැතුව මල් වත්තට ගිහිල්ලා පාඩං කර කර ඉන්න කොට සික්කෙක් ඇවිත් අහනවා තනියමද ආවේ? මොකද කරන්නේ? කියලා.යකෝ ඒකා මල් වත්තට ඇවිත් ලව් කරන එක ඇර වෙන දෙයක් කරන උංව දැකලම නෑ වගේ ටෝක දුන්නේ.ෂිඃ

    ReplyDelete
    Replies
    1. කරුමෙක මහත.එදාට එන්ඩ වෙන්නේ නැත.ඇහැක් උනොත් ඇවිල්ලා බලලා යන්ඩ එන්නංය.ශුවර් නැත.දුක තමයිය.

      Delete
    2. අතීතය මතක් කරගන්න එක්ක ඒ පැතෙ වරෙන් විකාර නැතුව

      Delete
  24. කලින් කිව එක හොදයි...... හාමුදුරුවන්ගෙන් අහලා දිනේට නිවාඩුවක් ගන්න ඕනා... අර ළමයි ටිකට කරන්න මොනවා හරි පැවරුමක් දෙන්නත් ඕනා.....

    ඒ ඔක්කොමත් හරි නැ නැ එක්කෝ එක ඕනේ නැ.....

    ReplyDelete
    Replies
    1. මොනට අටමගලෙ කරල හරි එදාට වරෙන් දේවා !

      Delete
  25. ඒ සෑමයියේ මං දැං යන්නෑ විනය කමිටුවත් එක්ක වලි දාගෙන....
    27 මට ප්‍රවාහන පාසුකං දෙන්ට ඈ..
    අපි ඉතිං අසල්වාසී ජනතාවනේ....
    දහම්පාසල් යන්නේ අපි ඉදිරි දරුපරපුරට උගන්නන්න ඈ...
    කස්සයි මයුරයි ගැනනං මං දන්නෑ..
    කස්සා කෙසේවෙතත් මයුරයියවනං තඹ සතේකට සුවර් නෑ..

    ReplyDelete
    Replies
    1. මාත් එක්ක යන්න අපේ ගෙවල් පැත්තට වරෙන්...

      උබ තමා ඔය සෙට් එකේම නරුමය අනිත් උන් හොදා.. :පී

      Delete
  26. මට නම් දහම් පාසැලුත් නැත පන්ති ද නැත ගෙදරින් අවුලක් නැත්තා සේ හැගෙයි එත් පොඩි අවුලක් ඇත ගේට්ටුවට එන කව්රුවත් මම දන්නේ නෑ නේ :(((

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නැතෝ..!!

      Delete
    2. එකනේ කුමක් කරන්නද?

      Delete
    3. දන්නෙ නැති නිසා තමයි වඩාත්ම එන්න අවශ්‍ය...එතකොටනෙ හැමෝම අදුරගන්න පුලුවන්...

      Delete

    4. :p ;) එන්ට එන්ට අනේ.මාත් තාම සෙට් වෙලා තියෙන්නෙ ගෙට්ටුගෙදර් 2කට විතරයි.වැඩි වෙලාවක් යන්නෙ නෑ අපේ වගේ දැනෙන උන් රැලක් අපේම වෙන්න ^_^

      Delete
    5. දැන් කොහොම හරි කොටුවට ආවා කියමුකෝ ඉන් එහාට නම් මන් දන්නේ දන්නේ නෑ නේ

      Delete
    6. උදෙන්ම වෙලාවට ප්‍රදීප් අයියා ඇතුලු කට්ටියත් එක්ක එක්කාසු උනානම් හරි කොටුව ස්ටේෂමෙන්.උදේ හත වෙද්දි කොටුවට ඇවිත් ප්‍රදීප් උන්නැහේව කන්ටැක්ට් කරන්ට.තව කස්ටියක්ම කෝච්චියෙ එන්න ඉන්නෙ එකට එකතු වෙලා :)

      Delete
    7. මෙයා කොටුවෙන් පිට ගිහින් නැහැ වගේ :)

      Delete
    8. සිරාවටම කියනවනම් ඔව් :)

      Delete
  27. හුටා එදාට කට කොරන්නට දහම් පාසලක් නැත්තේමය. (මල් වත්තේ තනියම ඇවිදීම නොහොබිනාය. එම නිසා අත් පටලා ගැනීමට සුදුස්සියක දැන්මම ඇත උස්සනවානම් හොඳය. වරහන් අවසානය.

    ReplyDelete
    Replies
    1. එන්න කලින් සැට් කරගන්න වගේ හදන්නේ ..

      හොදා හොදා...

      Delete
  28. අම්බලන්ගොඩින් සෙට් වෙන කෝච්චියක් තියේද කියල හොයාබලන්න ඕන..කෙලින්ම ගම්පහ...නැත්නම් බස් වල..අපෝ...බැරියෝ..!

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ ගයාන් (ගුණේ අයියා) අමතන්න. 0718309494

      Delete
  29. මමනම් අන්න උපරිම උත්සාහ දරමින් සිටිමි මේ දිනවල සිටම...හැකියාවක් ලැබුනහොත් අනිවා පියාඹාගෙන හෝ එමි

    ReplyDelete
  30. අනේ දෙයියනේ, දහම් පාසල් යන්නත් එපාද? මම 27 සිල්ගන්න කියල හිතන් හිටියෙ ආයිබෝවංඩ.

    ReplyDelete
    Replies
    1. උඹලගෙ පැත්තට අවේලාවෙත් සිල් දෙනවද ? පෝය තියෙන්නෙ 26...එදාට සිල් අරන් සිල් රෙද්ද පිටින්ම ගම්පහ වරෙන්...

      Delete
  31. ඔක්කොම හරි අර අළුත් ටීචර්ට මුකුත් කියන්නෙ නෑ හලි.. උඹව මං අල්ල ගන්නම්.. මං දාන ගේට්ටුවෙදි..

    ReplyDelete
  32. අඩෝ... කොළඹට එන වුන් 7.30ට නෙමෙයි හතට එන්ඩෝ.... හරියටම කොළඹ කොටුවෙ “ට“යන්න යටට....

    ReplyDelete
    Replies
    1. හලී... අපි 7 වෙද්දි එන්නම්... ට යට ද? ඉන්න ඕනෙ ටු යටද? o.O

      Delete
  33. මමත් හැබැයි දහම් පාසල් ගියපු දරුවෙක් තමයි.....
    දැනුත් ඉඳල හිටල ඒ පැත්තෙ යනව ඒ වැඩ වලට උදවු වෙන්න..
    ඒත්..
    ඉරිදට නම් යන්නෙ නෑ... මම එදාට වැඩ නෙ..!!
    :ඩී

    අපොයි.... ගම්පහ මල් වත්ත නම්... ටිකක් භයානක තැනක් නෙව....
    ඇඳුම් අරන් එන්ටය කිවුවෙ ඔයේ නාන්ට වත් එක්කන් යනවැයි ඕන්?
    ;)

    කාරි නෑ.... දැනට නම් එදාට යොදාගත් වැඩ මුකුත් නෑ..... ඒ නිසා එන්න පුලුවන් වෙයි...
    :)

    ReplyDelete
  34. සෑමා මෙහෙම කිව්වම මටත් දහම් පාසල් යන්ට හිතේ ඕන් ආපහු.වෙන අහවල් එකකට වත් නෙමේ. ගෑණු ළමයින්ගෙ බංකු වලට පිටිපස්සෙන් බංකුවක ඉඳගෙන............. නෑ එක්කො අනිත් උන්ට ඇහෙන්නැති වෙන්ට මම බොට 27 වෙනිදම කනට කොරල කියන්නම්කො :p

    ReplyDelete
  35. හෙන ගහන විබාගයක් 28 ඇත්තේය. තනි ඇරෙහන් හොටු පෙරෙන්නේ ඒ නිසාය...බට් බලමු නේද.... :)

    ReplyDelete
  36. දහම් පාසල් ගියපු කාලයක් මතක නැනේ අප්පා...:D
    බලමුකෝ නිවාඩුවක් තිබ්බොත් අපිත් ඔය පැත්තේ ඇවිත් යන්න එන්නම් දෙන්න එක්කම...:)

    ReplyDelete
  37. සෑමා... හරි..අප්පා.. අපේ මුල් දහම්පාසලත් වායු සමීකරණය කරලා තිබ්බෙ.. පස්සෙ දහම්පාසල නම් ඒම නෑ...ටොයිලට් එක ළඟ පන්තිය හරිම ගඳයි... අපි නම් කලින්ම රෙජිසටර් වුණා...

    ReplyDelete
  38. දහම් පාසල් නම් වැස්සකටවත් ගිහිල්ල නෑ. හැබැයි ඔය ගිය උන්ට වඩා මම දර්මෙ දැනං උන්න. හැබැයි දැන් නම් මතක නෑ. :D :D :D
    එදාට එන්න හිතාන ඉන්නව. බලමු. :)

    ReplyDelete
  39. එන්න ආසයි කස්ටියව අදුරගන්න බලමුකො තව සතියක් තියෙනවානේ.....

    ReplyDelete
  40. ඊයේ දහම් පාසල් ගියෙමි. හාමුදුරුවන් හට ලබන සතියේ නොපැමිණීමට හේතු දන්වා සිටියෙමි. (කෙබරයක් ඇද බෑමට සිදු වූයේ, හාමුදුරුවන්ට් බ්ලොග් නොදන්නා නිසාය, ඒවා කෙබරම නොවන අතර, සම්‍යක් ප්‍රයෝග ලෙස සලකනු මැනවි )

    හාමිනෙයි, පුංචි එකයි..එක්කන් එන්න පුළුවන්ද?

    ReplyDelete
  41. හුගා.....ක් කාලෙකට පස්සෙ මන් අවේ.... ගොඩාක් දේවල් වෙනස් වෙලා, අලුත් වෙලා...මටත් ආසයි "ගේට්ටුවට එන්න්" එත් ඒත් අක්‍රීය සාමාජිකයෙක් විදියට මන් ඉදල එකපාර මන් එන එක හරිද මන්දා :(

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...