Tuesday, January 1, 2013

නව වසරේ එකෙක් ගොඩ දාමු...


ධනවත්ම තැන සිට දුගී තැනට යන තෙක්ම හොරකම්ය. දහඩිය මහන්සියෙන්, තම හැකියාවෙන් දක්ෂතාවයෙන්, උගත් දෙයින් වැඩක් ගන්නා අය අතර හොරකමෙන් බොරුවෙන් වංචාවෙන් ලොව රවටමින්, ජීවත් වන අය නම් බොහෝය.

එවන් සමාජයක, තම උපන් හැකියාවෙන්, කලාත්මක මනසින්, ඇගිලි තුඩින් මැවෙන සිත්තමින් තම දිවිය ගැටගසා ගන්නා තරුණයෙකු විසින් නිම වූ චිත්‍ර පෙලක් මෙසේ පහතින් දැක්වෙන්නේය.

මේ සෑමා ආසම එකය

අලියාට නම් මාරයියා කැමති වෙයි ;)









මේ සෑමා කැමති දෙකය, දෙක කිව්වේ “දෙවෙනි සිතුවම“



මේ ඔහු විසින් කළ මි්‍යුරල් නිර්මාන කිහිපයක්...






මේ ඔහුගේ ජනප්‍රිය තරුවල සිතුවම් එකතුවක්...







ඔහු නමින් ශාක්‍ය රත්නායක වන්නේය. තම නිර්මාණ කිහිපයක් ඉදිආප්ප විකුණන කඩයක් තුල, බිත්ති පුරා අලවා තිබුනේ ඔහු විසින්මය. සිතුවම් ඇදීමට මෙන්ම, ම්‍යුරල් කලාවටද හේ දක්ෂය. බිත්තියේ එල්ලා තිබෙන නිර්මාන දැකීමෙන් විවිධ පුද්ගලයන් තමන්ට ලබා දෙන නිර්මාණාත්මක වැඩ කටයුතු කරමින්, දවස ගෙවන ඔහුට ශක්තියක් වෙන්නට, හැකියාව අනුව නිසි තැනක් ලබා දීමට හැකි අයෙක් වේ නම් ඔහු අමතන්න 072-3873175. උදා වූ නව වසරේ ඔහුට ශක්තියක් වෙන්නට ඔබට හැකි වේවා.

මෙන්න මිනිහා.. :)



ලේ බින්දුවෙන් බින්දුව ගෙන මේ දිනවල රුධිරයෙන් කරන සිත්තම, ඉතා සාර්ථකව කිරීමට ඔබට හැකියාව ලැබේවා.

ඔබ සැමට, ගෙවී ගිය වසරින් හොද දේ උකහාගෙන, උදාවන හැම දිනක්ම පහන් චේතනාවෙන්, යහපත් ක්‍රියාවෙන් ගත කරන්නට හේතු වාසනා වේවා.

ජය වේවා.

Written by sAm ශ්‍රී Perera_08:03am_01/01/13

48 comments:

  1. හරිම දක්ෂ සිතුවම් කරුවෙක්බව ඔහු කල සිතුවම් වලින් පේනවා.

    මම නම් කැමති අර පාට පාට කොන්ඩේ තියන චිත්‍රෙට.

    ඔහුගේ නිර්මාන ගැන මෙසේ විස්තර දීම අලුත් අවුරුද්දේ පලවෙනි දිනම සෑම් කල හොඳ ක්‍රියාවක්. ඒකට නම් ස්තූතියි.

    ශාක්‍යට වගේම සෑම්ටත් සිතුම් පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  2. දක්ෂයෙක් ...!

    මියුරල් කලාව අල්ලාගත්තොත්...ක්ෂෙත්‍රයට නැතිවම බැරි කෙනෙක් වේවි..!

    ReplyDelete
  3. මට නම් මෙතනදි ඔහුට වාසනාව පතනවට වැඩි දෙයක් කරන්න බෑ. දක්ෂයාට නිසි තැන ලැබේවා !!

    අලුත් අවුරුද්ද සද්කාර්යයකින් අරඹපු සෑමටත් ජය !

    ReplyDelete
  4. ශා...අපූරු හැකියාවක් තියෙනවනේ.... හැම පින්තූරයක්ම ලස්සනයි. මොකද්ද අර ලේ බින්දුවෙන් බින්දුව කතාව ?

    කොහොම උනත් සැමාට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  5. උඹ මං කැමති වෙයි කිව්ව අලියටනං මං කැමති නැහැ බං.. ඌත් නිකං අර සිරිකොතේ ඉන්න කනාටු අලියා වගේ එකෙක්නේ.. අර 9 වෙනි තැන තියෙන අලි පින්තූරෙටනං මං කැමතියි...

    හැබැයි මං කැමතිම එක 11 වෙනි චිත්‍රය...

    යාළුවට ගොඩ යන්න ලැබේවා..!

    ReplyDelete
  6. ලස්සන නිර්මාණ ටිකක්. ඒ වගේම සෑමාගෙන් හොඳ වැඩක්.

    සෑමාටත් සැමටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  7. යාලුවා දක්ෂයෙක් උදව්වක් කළ හැකියි මා මුනගස්වන්න.
    සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියද්දිම මට මතක් වුනේ නලීන්ව,

      ස්තුති නව වසරේ කෙනෙක්ට උදව් කරන එකට..

      ජයෙන් ජය වේවා.. !

      Delete
  8. සෑම් නියම වැඩක් කරලා...

    මට නම් ආස හිතුනේ අර පාට පාට කොණ්ඩේ තියෙන එක.. විජයගේ එකත් නියමයි....

    මියුරල් කෙරුවාව ලේසි වැඩක් නෙවෙයි.. ඒක කලාත්මක කරන එක ඊටත් හපන් අමාරු වැඩක්.. ඒත අපේ රටේ ඒ වගේ දේවලට තියෙන්නේ අමුතු සැලකීමක්.. ලොකු සල්ලිකාරයෝ අනිත් අය කරන නිසා කරන්න හදනවා.. ඒත් කලාත්මක දෙයක් අගය කරන්න දන්නේ නැති කමින් ලොකු ගනං දීලා වැඩකට නැති දේවල් කර ගන්නවා.. කලාත්මකව කරන්න දන්න කෙනෙක්ට ඉඩක් දෙන්නේ නෑ ඒවා එක්කෝ විකාරයි, නැත්තම් ගාන වැඩියි කියලා... ඒ අස්සේ සමහර පොඩි ගනං වලට යන්තම් ගහලා දෙනවා.. ඒකෙන් හරියට කරන කෙනාටත් නිසි මිලක් ගන්න බෑ..

    ReplyDelete
  9. සෑම් එයාට කියන්න එයාට තියන දක්ෂතාවය ඉතාම විශ්ෂ්ඨයි. ඒ නිසා මේවා විකුනන්න පිළිවෙලක් යොදා ගන්න කියලා. අපිත් බලමු යමක් කරන්න. පුළුවන් නම් ඔය කළා පොළේ දාගත්තොත් විකුනන්න හැකි වෙයි. ඒක ඉක්මනින්ම ජයවර්ධන පුර විනෝද කලාපයට ගේනවා. ඒ නිසා අප්‍රමාදීව සොයන්න කියන්න.

    ReplyDelete
  10. නියම චිත්‍රටික බං. මගේ කැමැත්තත් උ‍‍ඹේ කැමැත්තම වේවා! සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  11. ohu wenuwen yamak karanna hakiyai hagenawa..
    Puluwn uparima uthsahaya gannam..

    Subha nawa wasarak wewa !!!

    ReplyDelete
  12. හොඳ නිර්මානකරුවෙක් බව පේනවා වාසනාවන්ත අනාගතයක් පතනවා. (හැම දේටම වාසනාව එපෑ)



    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  13. වැඩ්ඩෙක්
    විජයගේ එක ෆොටෝ එකක් වගේ
    සැමාටත් ඔහුටත් සුබ නව වසරක් !!

    ReplyDelete
  14. චිත්‍ර ටික නම් නියමයි. සැබෑම දක්ෂයෙක්.. ඔහුව මේ විදිහට අවධානයකට ලක් කරපු එක නම් අගේ ඇති වැඩක්.

    සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
  15. ජය වේවා. සුබ නව වසරක් වේවා.
    අර චිත්‍ර ඇදපු දක්ෂ කොලුවටත් එසේම වේවා.

    ReplyDelete
  16. සුභ නව වසරක් වේවා සෑම්..
    අළුත් අවුරුද්දේ තවත් මිතුරෙකුට දුන් සහයෝගය බොහෝ සේ අගයමි..

    ReplyDelete
  17. සිත්තාරට වගේම සෑමාටත් බලාපොරොත්තු සඵල වෙන නව වසරක් වේවා!

    ReplyDelete
  18. වීක් එන්ඩ් එකේ ග්‍රීන් පාත් එකේ චිත්‍ර විකුනන්න සෙට් වෙන්න කියන්න. එතනත් හොඳ බිස්නස් තියෙනවා.මාත් නිතර කැරකෙන තැනක්. මහ වෙදන කිව්ව වගේ කලාපොලත් එක්ක සම්බන්ධ වුණා නම් හැකියාවට අවස්තාවක් ලැබෙයි.

    ReplyDelete
  19. හැකියාවක් තියෙන සොඳුරු මනුස්සයෙක්! සුභ පතනවා!

    ReplyDelete
  20. මෙය පලකල සැමාටත්, උදව්වක් කරන්න ඉදිරිපත් වූ නලියාටත් පින්...

    සැමාට සුභ නව වසරක් වේවා... ෆොන්සේකා ලොක්කටත් විෂ් කොලැයි කියන්න.. දැන් එයාට විෂ් කොරන අය අඩුයිනේ.. 2013 දිත් අපි ඉන්නෙ එතුමට පින් සිද්ධ වෙන්න නොවෑ....

    ReplyDelete
  21. ලස්සනයි මචං, මිනිහ දක්‍ෂයෙක්නේ, උත්සාහය තියෙනව නම් හැකියාව තියෙනව නම් අනිවාර්යෙන්ම ඔහු යන්න ඕන මාර්ගය ගොඩනගා ගන්නව. මුලින්ම මමත් ඔහුට සුබ පතනව !

    සෑම්ටත් මේ 2013 අවුරුද්ද යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  22. ඔහු හැබෑ දක්ෂයෙක් .... සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා..

    ReplyDelete
  23. සෑමා කලේ ලොකු පිනක්. මේ කොලුවාගේ මුණ දැක්කම මට කියන්න පුළුවන් කවදා හරි හොඳ නමක් තියන කොලුවෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

      Delete
  24. අයියණ්ඩියා..මුලින්ම කියන්න ඕන ස්තූතියි කියලා..මම මේ වගේ කෙනෙක් හොය හොය හිටියෙ අම්මගෙයි තාත්තගෙයි පිංතූරයක් ඇඳගන්න..දැන් හරි..
    සුබ නව වසරක් වේවා!!
    ජය!

    ReplyDelete
  25. නියම වැඩකාරයෙක් මේ වගේ දක්ෂයින්ට නිසි තැන ලැබේවා. සැමා මල්ලිට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  26. හැමදාම හැම කෙනෙක්ම කරන ප්‍රාර්ථනාවල් වෙනුවට නව වසරේ මේ වගේ අත හිත ලැබිය යුතු දක්ෂයෙක්ව හඳුන්වා දීල එමගින් ඔහුව නියම තැනට ගෙනයන්නට උදව්වක් වෙච්චි සෑමට ‍බොහොම පිං මේ නව වසරේ.

    දැනටම ඒ වෙනුවෙන් අත දිගුකල නලින් සොයුරාට තුති...

    මෙවන් වූ මහඟු කාර්ය්‍යයන් දිගින් දිගටම කරගෙන යන්නට ඔබ දෙදෙනාටම නව වසර පුරාම නිදුක් නිරෝගි සුවය ලැබේවා!

    ReplyDelete
  27. හොද නිර්මාණකරුවෙක් අවංකවම... අවුරුද්දේ ඉස්සෙල්ල දාපු වැදගත් පොස්ට් එකක් සෑමා..

    උඹටත් සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  28. පුදුම දක්ෂයෙක් සැමා .මට ඒ කාලේ ඉඳන්ම චිත්‍ර අඳින අය ඒ දේ කරන්නේ
    කොහොමද කියන දේ ගැන පුදුම උනන්දුවක් තිබ්බ .අපේ ඉස්සර ගෙදර අන්කලුත්
    චිත්‍ර වලට පුදුම දක්ෂ කෙනෙක්.මුලින් හිතෙන්නේ බලි ගානවා කියල , ඒත් ටික
    වෙලාවකින් හිතන්න බැරි රූපයක් අර බලි මැද්දෙන් හැදෙනවා..ඕක බලන් ඉන්නම
    ඕනේ තේරුම් ගන්න බන්.ස්තූතියි මේ වගේ දෙයක් අලුත් අවුරුද්දේ දාපු එකට.

    ReplyDelete
  29. නියම සිත්තරෙක් නෙව !
    සෑමටයි පොඩි සෑමටයි සුබම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  30. අර උඹ කැමතී කියලා තියෙන දෙකට නම් මාත් හෙන කැමතී ( දෙවනි පින්තූරෙට )

    ReplyDelete
  31. නියම වැඩකාරයෙක්නේ. එළ!

    සෑම්ට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  32. සැමාට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    මේ වගේ දක්ෂයො රැක ගන්න ඕන..... ඒත් ඒක වෙනවද ???????????

    ReplyDelete
  33. සැබෑ දක්ෂයෙක්.......

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සෑම් අයියෝ.....!!!

    ReplyDelete
  34. ශාක්‍ය නියම දක්ෂයෙක්...ආයෙ හෝදන්න දෙයක් නෑ...

    හොදම වැඩකින් වැඩ අල්ලපු සෑමාට ත් පවුලේ සැමටත්....සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  35. ස්තූතියි සෑම් විස්තරයට. අන්තර්ජාලයෙන් මිල දී ගන්න අපිටත් හැකියාව ලැබෙන්න කප්රුක http://www.lanka.info වගේ තැනක දාන්න කියන්න. මුහුණුපොතේ පිටුවකුත් දැම්මොත් එතැනින් විස්තර හොයාගන්නත් පහසු වේවි.

    http://www.muralfest.com.au

    ReplyDelete
  36. කියවන ලියන එක ඇරුනම මම වැඩියෙන්ම ආසා දෙයක් තමා මේ අඳින වැඩෙයි ඇඳපුවා බලන වැඩෙයි....

    ආයේ කතා දෙකක් නෑ මේ කොල්ලා නම් පුදුම දක්ෂයෙක්.අර කොණ්ඩ කෑලි වැටිච්ච චිත්‍රය මාර කලාත්මකයි.... අනික්වත් සුපිරි

    හැමදාමත් වගේ පුළුවන් විදියකට නැගිටින්න අත දෙන සැමාගේ මේ වැඩ අගය කරනවා.ජය වේවා සැමෝ ...

    සුබ නව වසරකුත් වේවා අයියන්ඩි

    ReplyDelete
  37. හොඳ වැඩක් සෑමා.... මූ නියම දක්ෂයෙක්.... කවුරු හරි මේවා දැකලා ඌට සැලකිල්ලක් ලබාදෙයි කියලා හිතනවා.

    ඒ වගේම උඹට සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  38. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  39. අලුත් අවුරුද්දේ සෑමා අතගැහුවෙ හොඳ වැඩකට.. සහජ හැකියාවක් තියෙන අපූරු කලාකරුවෙක්..

    ReplyDelete
  40. සෑමාට පහළ වී ඇති උදාර සිතුවිල්ල ගැන මට හරිම සතුටුයි බන්... තමන් විතරක් ගොඩ යන්න දගලන ලෝකෙක තවත් එකෙක් ගොඩ දාන්න ඔය විදියට කථා කරන උන් අද සෑහෙන්න අඩුයි... කොල්ලගෙ දක්ෂතාව ගැන විවාදයක් නෑ....

    ඇදුම් නැති ඒවාටම මොකෝ බොලං උඹ වැඩිපුර මනාප....

    සෑමාට සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  41. සබැ දක්ෂයෙක් කවදා හෝ ඔහුට නියම තැන ලැබේවි..

    ReplyDelete
  42. ලස්සනම ලස්සන චිත්‍ර ටිකක් සෑම්,හරිම නිර්මාණශීලී කලාකරුවෙක්,
    ඔබගේ ප්‍රාර්ථනා එසේම ඉටුවේවා

    ReplyDelete
  43. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  44. පට්ට ලස්සනයිනේ ඈ............

    ReplyDelete
  45. සෑමාගේ ප්‍රජා සේවාව හරිම අගෙයි. නලීටත් ඒ වගේම ස්තූතියි. ඇත්තෙන්ම නලීන්, පත්තරවලට අඳින සමහරුන්ට වඩා මේ කොල්ලා දක්ෂයෙක් කියලා පේනවා නේද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  46. අයිය හොඳයි,,,, සැමා හොඳා......යි


    සුබම සුබ නව වසරක් වේවා...

    මේ වසරෙත් බදා ගත් දේ බෙදා ගන්නට.... My Tech Gate

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...