Friday, January 18, 2013

වැඩ පෙන්නන්න අවස්ථාවක්...


ඉස්සර IT කිව්වොත් මාර මාකට් එකක් තිබුනේය. IT course එකක් කරපු එකෙක් කිව්වාම ගමේම ඉන්න උන් ඌට වැදුම් පිදුම් කරන්නේය. එහෙත් දැන් තම හිසට තම අතම හෙවනැල්ල කියා තමන්ගේ මැෂිමේ වරදක් ඇති වුවොත් එය තමා විසින්ම හදා ගන්නා යුගයක් එලැබ ඇත්තේය. නැතොත් ගූගල් පිහිට පැතීම සිරිතය. එය හොද ප්‍රවණතාවයක්ය.

මගේ ලැපේ ද මේ මෑතක සිට එපා කරපු error එකක් එන්නේය. “403“ ලෙස බ්‍රවුසරේ පේජ් ලෝඩ් වීමේදි එන මේ වරද නිවැරදි කරන්නට නොගත් උත්සාහ නැතිය. බ්‍රවුසර් එකේ history, cache, cookies, හැම රෙද්දම  සුද්ද කොට අවසන හාඩ් එක පවා ෆෝමැට් කර, OS එක නැවත දැම්මද පෙර කී රෝගය එසේමය. බ්ලොග් එකක් ලෝඩ් වීමේ දී එම error එක එන්නේය, කමෙන්ට් කළවිටද නැවත පේජ් එක ලෝඩ් වීමේදි එයම සිදු වන්නේය, එවිට බ්ලොග් කියවීම එපා වන්නේය. කමෙන්ට් රිප්ලයි කිරීමද එපා වන්නේය. එම වරදම තිබියදී, නැවත ඇඩ්‍රස් බාර් එකේ තිබෙන ඇඩ්ඩ්‍රස් එක ඉදිරියෙන් www. යොදා පේජ් එක refresh කළ විට පේජ් එක ලෝඩ් වන්නේය.


මේ කාලේ හැම තැනම IT වැඩ්ඩන්ය. පදුරකට ගැසුවොත් හතර අත විසිවන සුමුදු මට සිලිටු මෘදුකාංග ඉංජිනේරුතුමන්ලාගෙන් මේ වරදට පිලියම සොයන්නේ සත් ගුණවත් සෑම් කොලුවාය.

ස්තුති වේවා.
ජය වේවා. !

72 comments:

  1. සෑමෝ ඕක ලැපේ අව්ලක් නෙවෙයි..Airtel වලින් නෙට් ගිහින් බ්ලොග් බලන හුඟක් අයට මුණ දෙන්න වෙන ප්‍රශ්නයක්.මම දන්නේ නෑ උඹේ Airtel ද කියලා හැබැයි මම Airtel වලින් යනකොට ඔය ප්‍රශ්නෙටම මුහුණ දෙනවා.

    ඇත්තටම ඔතනදි වෙන්නේ බ්ලොග් url එකේ www. කෑල්ල නැති ප්‍රශ්නේ.අපිට සේවා සපයන සර්වර් එක ගොඩක් බිසී වෙලාවට අපි ඉල්ලුම් කරන වෙබ් ලිපිනය නැවත සකසන්න යන වෙලාව වැඩි හින්දා අපි ඉල්ලුම් කල ලිපිනය සැක සහිත එකක් කියලා සර්වර් එක තීරණය කරනවා.ඉතින් කොනෙක්ෂන් එක නැති වෙනවා.

    තමන්ගේ බ්ලොග් පොස්ට් එකක ප්‍රීවිව් එකක් බලන්න අවශ්‍යම නම් http://www.ninjacloak.com/ වගේ අඩවියකින් බලන්න පුළුවන් හැබැයි මේවගේ අඩවි වලදී iframe වැඩ කරන්නේ නෑ.ඒ කියන්නේ කොමෙන්ට් කරන්න බෑ.හැබැයි බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මට ගොඩක් අයි කිව්ව මේ අවුල එන්නේ හුලං ටෙල් එක නිසා කියලා..

      ඒත එයාලගෙ DNS එකේ අවුලක් කියල කිව්වම පිලි ගන්නෙ නැහැ. මට කිව්වා මගේ ඩොන්ගල් එකේ network profile එක වෙනස් කරල බලන්න කියල. හරි යන්නෙ නැහැ කිව්වම මගෙ වැරදි කිව්වා. :(

      Delete
    2. nslooup එකකුත් දාල බලන්න. DNS වැඩ කරනවද කියලා.

      Delete
    3. ඒක නම් තේරුනෙ නැහැ :/

      Delete
    4. හුලං ටෙල් අවුලක්..
      මටත් ඕක වෙනවා සෑමයියේ...
      මං නං කෝල් කරලා බැන්නා සුවහසක් පාඨක අපේ ජීවිතත් එක්ක සෙල්ලං කරන්න එපා කියලා..
      :D

      Delete
    5. එයාර් ටෙල් අතඇරලා වෙන එකකට පලයන්කො සෑමො...ඕකෙම එල්ලිලා ඉන්නෙ කූඩැල්ලා වගේ...

      Delete
    6. ඇනොගේ කමෙන්ට් එක ටිකක් වෙනස් වෙන්න ඕනේ.NSLookup තමා DNS වැඩ කරනවද බලන්න ගහන්නේ, ඒත් සෑම් එකෙන් බොට වැඩක් වෙයිද මම දන්නේ නෑ.

      Delete
    7. ඔව් මචං.. වැඩක් නැහැ.

      මමත් බැලුවෙ ඒකයි මේකා NSLookup එකක් දාල බලන්න කිව්වම මාව කොයිල් වෙලා ගියා..

      ස්තුති !

      Delete
  2. ගූගල් දෙයියගෙන් පොඩ්ඩක් අහලා බැලුවා නං හරි නෙවෙද සෑම්.. මට නම් හෙන හෑල්ලක්ම අහු උනා..

    ReplyDelete
    Replies
    1. ඒව කරල බලල එපා වුන තැන හිරුවෝ මම දැම්මේ..

      හැබැයි සිම් එක මාරු කරල බැලුවොත් හරි යයිද දන්නෙ නැහැ නේද?

      Delete
  3. මම නම් IT වැඩ්ඩෙක් නෙවෙයි. උඹ ගූගල් ක්‍රෝම් වලින් නොගිහින් ෆයර්ෆොක්ස් වලින් ගිහින් බැලුවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බැලුව බං හරි ගියෙ නැහැ !

      Delete
  4. ගහපං පොලවේ

    ReplyDelete
    Replies
    1. මෙන්න විසදුම....

      Delete
    2. හහ් හහ්... ඕන ලෙඩකට තෛලෙ!!

      Delete
    3. එපා, එපා, පොළොවෙ ගහන්න එපා ! උඹ කලින් කරපු වගේ ඩොංගලේ ලැපට ගහල ඇඳ උඩ තියල ඒක උඩ අත තියල බර වෙයන්. එච්චරයි ! නිට්ටාවටම ලෙඩේ ෂනීපයි.

      Delete
    4. ෂීක් මේ අටමා ඉන්නකල් අපිට මේකේ තැනක් නැහැ වගේ... මං කියන්න ආව දේම මූත් කියලා... ඔන්න සෑමෝ කරනවනං වැඩේ...

      Delete
    5. අටම මැෂිං හදංනෙත් මෙහෙමද දන්නෑ.

      Delete
    6. මැෂින් කැඩෙන්න කැඩෙන්න තමා මූට බිස්නස්. ඒකයි පොලේ ගහන්න කියන්නේ කට ඇදකරලා..

      Delete
    7. කැඩිච්චා හදන එක නොවැ අටමගෙ රාජකාරිය...සෑමගෙ ප්‍ර‍ශ්නයත් අටමා බිස්නස් එකට හරෝගෙන..

      Delete
  5. කනෙක්ශන් එකේ අවුලක් බව පෙනී යයි. ඩූඩ් කිව් පරිදි බ්‍රවුසරය මාරු කලද එම දෝශයම එන්නේ නම් හුලංටෙල් වල අවුලක් වන බවට සාධාරණ සැකයක් මතු වේ.
    පොඩ්ඩක් පින් (ping) කරලා බලන්න. පින් වැඩ කරනවද කියලා.

    ReplyDelete
    Replies
    1. ping වැඩ බං. අරක තමා එකම සීන් එක :(

      Delete
  6. මටත් හිතෙන්නෙ කනෙක්ශන් එකේ අවුලක් කියලා.. ඉන්දියන් බඩු කොහොමත් බාලයි බොල.. ගනින් ටෙලිකොම් එකක්, ගිනි කසයා වගේ වැඩ..

    ReplyDelete
  7. මම මේ වැඩේට වැඩ්ඩෙක් නොවෙමි

    ReplyDelete
  8. මොකද බං උඹ ලැපේ සවුන්ඩ් Mute කරන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් අර බාන ටොරන්ට් හදිසියෙවත් එක පාර play උනොත් ගෙදර ඉඳලා හමාරනේ ...

      Delete
    2. මගුලයි තොපි ඒකත් දැක්කද...

      විනාසයි බං...

      Delete
  9. මීට විසඳුමක් ලෙස වෙනත් වර්ගයක සිම් පතක් ඩොන්ගලයට ඇතුළු කරන්න. ඉතිරිය සුපුරුදු පරිදි... :)

    ReplyDelete
  10. ඕකේ මෙව්ව එකේ මෙව්ව එක මෙව්ව වෙලා තියෙන්නෙ. මෙව්ව කලා නම් හරි....

    අපිත් යමක් දන්නව කියල පෙන්නන්ට එපෑ.

    මෙහෙම මෙව්ව කළා කියල මෙව්ව වෙන්න එහෙම එපා. හාද

    ReplyDelete
    Replies
    1. හික්....මරු කමෙන්ට් එක.... :D

      Delete
    2. අපොයි ඒක කියෝල මටත් මෙව්ව උනා වගේ.... ආයෙ පාරක් මෙව්ව වෙන්න කලින් යන්න ඕනා...

      Delete
    3. එව්ව මෙව්ව කලාම හරි ගියා බං..

      Delete
  11. බ්‍රවුසර් දෙක තුනක් ටෙස්ට් කරලා බලහං සෑමෝ.. දැනටමත් කරලද දන්නේ නෑ..

    ReplyDelete
  12. උබ කියලා තියන විදියට නම් කොම්පීතර ලෙඩට අන්තිමට කරනදෙයත් කරලනේ ඒත් ලෙඩේ තියනවා වගේ. හැබැයි network එක නම් මාරුකරලා නෑවගේ ඒකත් කරලා බලන්න

    ReplyDelete
    Replies
    1. ඔව් බං... ඒක තමා දැන් අන්තිම විසදුම !

      Delete
  13. https://store.opendns.com/start/

    ඔන්න ඔතනට ගිහින් DNS වෙනස් කරගන බලහං..බොහෝ දුරට හරි යයි...

    ReplyDelete
    Replies
    1. පහල කමෙන්ට එකක් විදිහට කලා මාරයියේ :((

      දුක තමා වරද එසේමයි !

      Delete
  14. මම දන්නෑ බන් ඔව්වා...

    ReplyDelete
  15. මචං උබ එයාර්ටෙල් වලින් යනවනම් ඔය ERROR එක සාමාන්‍යයෙන් එන එකක්, ඕක තියෙන්නේ නෙට්වරක් කනෙක්ෂන් එකේ ඔපරේෂන් සිස්ටම් එකේ නෙමේ, සමහර වෙලාවට ඔය ERROR එකට බ්‍රව්සර් එකත් බලපාන වෙලාවල් තියෙනවා ක්‍රෝම් වලට ඔය error එක එන්න ඉඩ තියෙනවා , කිසිම සෙට්ටින්ස් හැදිල්ලක් ඕනේ නැහැ මොබිටෙල් වලින් දවස් දෙක තුනක් නෙට් ගිහින් බලපන් ඔය ERROR එක එනවද කියලා ,
    100% වැරැද්ද තියෙන්නේ නෙට්වර්ක් එකේ මචං AIRTELL එක්ක ගූගල් ක්‍රෝම් නම් ආයේ ඔය error එක අහන්න දෙයක්නැහැ ෂුවර් ,

    ReplyDelete
    Replies
    1. එයාර් ටෙල් + ක්‍රෝම් = සෑමාගේ භාවිතය :))

      එරර්ම තමා.. :((

      Delete
  16. මට දැන් වෙලා නෑ ..පස්සේ ඇවිත් කියල දෙන්නම් ..හි හි ...

    ReplyDelete
  17. මේ වගේ පොඩි ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ බං. :D

    ReplyDelete
    Replies
    1. මේකා ලොකු ඒවමයි හොයන්නේ :පී

      Delete
  18. DNS වල අවුලක් බව හැඟේ. google DNS දාල බලමුද? කරන්නේ මෙහෙමයි.

    Network and Sharing Center වලට ගිහින් වම් පැත්තේ තියෙන Change adapter Settings උඩ click කොරලා, Dongle එකෙන් හැදිච්ච Adapter එක තෝරන්න. (උ.දා: Airtel Internet - HUAWEI mobile connect 3G Modem වගේ එකක් ඇති)
    ඒක උඩ Right click කොරලා Properties වලට යන්න.

    Networking කියන tab එකේ Internet Protocol Version 4 (TCP/IPv4) උඩ click කරලා පහල තියෙන Properties බොත්තම උඩ click කරන්න.

    එකේ තියෙන Use the following DNS server addresses කියන radio button එක click කරලා;

    Preferred DNS server : 4.4.4.4
    Alternative DNS server : 8.8.8.8

    කියලා දාලා OK කරලා, ආයෙත් ඊළඟ එකත් OK කරලා, කොම්පියුටර් එක restart කරලා බලන්න. (restart කරන්න කම්මැලි නම් Command prompt එකට ගිහින් ipconfig /flushdns කියන cmdlet එක ගහලා Enter ඔබලා, browser එක close කරලා ගන්න.)

    හරිගියේ නැත්තම් තව විදිහක් බලමු. :)

    ReplyDelete
    Replies
    1. කිහිප වරක් ට්‍රයි කළද, හරි ගියේ නැත සහෝ..

      ස්තුති මේ කමෙන්ට් එකට..

      Delete
  19. මම හිතුවේ සෑම ඩොන්ගල් එක ගහන්නේ නැතිවම පාවිච්චි කරලා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් සු දි ක පාවිච්චි කරන විදිහනේ..... අපි තාම පොඩි මිනිස්සු ඒ තැනට එන්න තව ටිකක් අයි ටි ඉගන ගන්න ඕනා

      Delete
    2. අම්මො මුගෙ අයි.ටී දැනුම :ඩී

      Delete
  20. අදමයි මෙහෙ අවේ ඔන්න පලවෙනි comment එක. Airtel නම් එපෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුති නැවත එන්න !

      Delete
    2. සංගිලි පාලම්ටත් ගොඩ වෙන්න ආරාධනා..

      Delete
  21. ම්ම්ම්....මගේ යාළුවෙකුටත් ඔය සීන් එක වෙනවා. එයා නම් කියන්නේ airtel අවුලක් කියලා. dialog එක දාන් ගියාම කිසිම ගැටළුවක් නෑලු.

    ReplyDelete
  22. දොන්ගලේ මාරු කරන්න කියල කලින් කිවුවා වගේ මතකයි.එක කලේ නැතෙයි..

    ReplyDelete
    Replies
    1. දොන්ගලේ නෙවෙයි ඩොන්ගල් එක විය යුතුය.

      Delete
    2. ඩොං - දොන් වෙන්නෙ බොලාගෙ දත් හැලිලද?

      Delete
  23. මට නම් ඔය වගේ පොඩි පොඩි ලෙඩ හැදෙන්නේ නැ... සමහර සයිට් වලට නම් යන්න බැහැලු... ඒවාගේ ඒවා නම් පෙන්නන බැ කියනවා... පොක්සි වලින් ගියත් බැමයි කියන්නේ ගිනි නරියා... ඉතින් මම ඔපෙරා හරි වෙන මොනවගෙන් හරි යනවා.... එච්චරයි,,,, ඔය වැඩක් නැනේ උබේ ලෙඩේට...

    ඕකට උත්තරේ.....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මම දන්නේ නැ බන්

    ReplyDelete
  24. Google DNS 4.4.4.4 8.8.8.8 දාලබලපල්ල

    ReplyDelete
    Replies
    1. දාලා බැලිමි. ලෙඩේ තවමත් සුව නැත :(

      ස්තුති !

      Delete
  25. අදාල නැති ප්‍රශ්න වලට පෞද්ගලිකව මං හොට දාන්නේ නැත...

    ReplyDelete
    Replies
    1. මස්සිනා කාරය දන් නැති දේවලුත් තියෙනව එහෙනම්....

      Delete
  26. සැමා අයිය කලින් කිව්ව එකකටවත් අපි අයිති නෑ. (තාම චූටි ළමයි)

    ඔතන තියෙන්නෙ ලොකුම අවුල ලංකාවෙ නෙට් ලයින් වල සැප තමා. අයියල වගේ එයාටෙල් උන්ටත් අපි වගේ හච් උන්ටත් තියෙන ලොකුම අවුලක් ඕක. ඩයලොග් එකක් අරන් අන්ලිමිටට් කර ගන්න. සිම්පල්ම ප්ලැන් එක ඒක තමා.

    ලඩකබල් අන්ලිමිටට් එක ෆට්ට. ජොබ් එකේ පඩියෙන් බාගයක්ම ගෙවන්න පුළුවන් නම් බල බල ඉන්න එපා. ගත්තනම් ඉතින් මැරෙනකම් බාන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඩයලොගේ අන්ලිමිටඩ් එකේ මා හට පට්ට බිල් තොගයක් එකතු වු නිසා ඔවුන් අත් හලෙමි ;)

      Delete
  27. අපෝ වෙලාවට මං දන්නේ නෑ ඔව්වා ගැන.:)

    ReplyDelete
  28. එයාර්ටෙල් වලින් මොබිටෙල් වලට මාරු වෙයන්. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්. :D

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කොත් උබට මොබිටෙල් එකෙන් ගෙවනවා මම දන්නවා :))

      Delete
  29. කනගා‍ටුයි විසඳුමක් නොදනිමි. තාම 403 එරර් එකක් පැමින නැති බැවින් එහි ස්වභාවයද නොදනිමි.

    ReplyDelete
  30. අලුත් ලැප් එකක් ගනින් බන් :P

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...