Saturday, December 29, 2012

අප අතරේ ඉපදේවා කළු හමකින් සැරසී....



වැස්සෙ නැතත් දියවෙනවා
අව්වෙ වුනත් සීනි
පන ඇරලා රැකිය යුතුයි
ඒ හින්දා ගෝනී


ක්‍රිකට් බලන හින්දා මට
නිතර බැන්නා ගෑනී
ඒත් ඉතිං උබ හන්දා
ලිහිල් වුනා ගෝරී


සනා බැහැලා පිට්ටනියට
දුන්නා බැට දෝණී
එදා අපිත් සාලෙ ඉදන්
කෑව නේද මාරී


කඩේ පිලේ ගෑණු එක්ක
පටලාගෙ සාරී
හුරේ කිව්ව විසිල් ගැහුව
අපේ ගෙදර බාරී


ලංකාවෙ හිටිය වුනත්
සපෝට් නැති ඇමතී
ඉගෙන ගත්තා හොද පාඩම්
උඹ හින්දා ටෝනී


කළු කොල්ලන් එපා කිව්ව
පිට රැටියන් ඇඹරී
නුඹ හින්දා තැන ආවා
ලංකාවම සැනසී


ඔත්පල වී උඹ උන්නා
කීප දොහක් දුක් වී
අපේ එවුන් බාර වුණා
බෝ ගස් යට එක් වී


සංසාරේ ලෝදහමට
අනුගත වී වෙන්වී
නිවන් සුවය අත්වේවා
අපෙ ආදර ටෝනී


සුදු හම උඹ අත ඇරලා
මතු දවසක ඉපදී
ලංකාවේ ඉපදේවා
කළු හමකින් සැරසී



අපේ උන්ට නැති කැක්කුමක්
අපේ උන් වෙනුවෙන් තිබූ
හිත හොද සුද්දාට
ලාංකීය ජනතාවගේ
උත්තමාචාරය




Written by sAm ශ්‍රී Perera_08:51pm_29/12/12

29 comments:


  1. ටෝනි..නුඹට නිවන් සුව ලැබේවා...!!!!

    ReplyDelete
  2. ටෝනිගේ කටහඬ නැති මැච් එකක්... ලොකු හිස්බවක් තියේවි... සුභ ගමනක් ටෝනි...

    ReplyDelete
  3. සමාගේ කවි ටික දැක්කම තමයි මට මතක් උනේ මේ කවුද කියලා ඇත්තටම... බනින්න එපා බං.. මට ක්‍රිකට් පේන්න බෑ නේ... ඒත මට ඔය සිද්ධිය මතක් උණා...

    මම නම් පතන්නේ නෑ අපේ රටේ උපදින්න කියලා... ඔය වගේ හොඳ ගති ඉතුරු වෙයිද කියලා කියන්න බෑ එහෙම උනොත්...

    //අපේ උන්ට නැති කැක්කුමක්
    අපේ උන් වෙනුවෙන් තිබූ
    හිත හොද සුද්දාට
    ලාංකීය ජනතාවගේ
    උත්තමාචාරය//

    ReplyDelete
  4. සුදු හම උඹ අත ඇරලා
    මතු දවසක ඉපදී
    ලංකාවේ ඉපදේවා
    කළු හමකින් සැරසී...................!!!!!
    නිවන් සුව ප්‍රර්ථනා කරමි ! :(

    ReplyDelete
  5. හොඳ මහත්මා ගතිගුණ තිබූ කෙනෙක්.
    ඔහුට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
  6. එළ එළ අපි ගැන ඉතිං අපිට කැක්කුමක් නෑනේ බං.....අනෙ අපේ ඇමැතිසැට් එකම සුදු හමකිං සැරසී එහේ ඉපදියල්ලා..........

    ReplyDelete
  7. හැත්තෑ ගණන් වල දැම්මත් ඌ අපහට.. නෝන්ඩී
    සනා-කලූ ගහනවා දැක පරල වෙලා..... ඩී ඩී (D)
    අන්නාසී-තැඹිලි දැකලා කෙල පිරිලා ....බන්ඩී
    නැවත ඉපදියන් ලංකාවේ අපෙ ලොකු ..අයියන්ඩී

    ReplyDelete
    Replies
    1. ටෝනි ග්‍රේග් “මහත්මයා“ වෙනුවෙන් කියන්න තියෙන ඔක්කොම දේ මේ කවියේ තියෙනවා .
      එතුමන්ට මොක් සුව පතමි

      Delete
  8. මාත් සෑහෙන ගරු කරන චරිතයක්.. ඇත්ත... ලංකාවේ මැච් එකක් ගහන වෙලාවට ලංකාව ගැන කරන විස්තර අහන් ඉන්න ආසයි.. අපේ උදැලාවත් එහෙම හොදට අපේ රට වර්ණනා කරන්නේ නෑ.. මැච් එකක අන්තිම උදේවේගය යන්නෙත් ඔහුගේ හඩත් එක්ක.. ඒ අඩුව හැමදාටම දැනේවි..

    ඔබට සුභගමන් මහත්මයාණනි..

    ReplyDelete
  9. අපේ උන්ට නැති කැක්කුමක්
    අපේ උන් වෙනුවෙන් තිබූ
    හිත හොද සුද්දාට
    ලාංකීය ජනතාවගේ
    උත්තමාචාරය!!!

    ReplyDelete
  10. ටෝනි ඔබ නැති ක්‍රිකට් විචාරය මට නම් ලුණු නැති හොද්ද වගේ...

    ReplyDelete
  11. ලොකු හිස් බවක් අනිවාර්යෙන්ම ඉදිරියේදී කිකට් වල වෙනවා මයි.... ටෝනි යලි අප අතරම ඉපදේවා...... එහෙන් සචින් සමු ගන්නවලු.. මෙහෙන් ටෝනි නොඑන ගමන් ගිහින් අනේ මන්දා....

    ReplyDelete
  12. ක්‍රිකට් වලට ලොකු පාඩුවක් දැනෙයි :(

    ReplyDelete
  13. ටෝනි ග්‍රෙග් මහත්මයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා.
    වයස අවුරුදු 66ක් උනාට මැච් එකක කමෙන්ට් කරනකොට කටහඩේ තියෙන ජවය අවුරුදු 20 කොල්ලෙග්ගේ වගේ.

    ReplyDelete
  14. අපි මොන මොන දේවල් කර කර හිටියත් අන්තිමට ඔච්චර තමා, ජීවිතේ හැටි. මැරිච්ච දවසක ලෝකෙ පුරාම විසිරිල සිටින ජාති ආගම් භේදවලින් බෙදිල ඉන්න විවිධාකාර මිනිස්සු භේදයක් නැතිව දුකට කණගාටුවට පත්වෙන තත්ත්වයක් ඇතිකරගන්න හැමෝටම බැහැ, ඒ අතින් ඔහු තමන් නියෝජනය කළ ක්‍ෂේත්‍රයේ නමක් සටහන් කළ යුගයක් නියෝජනය කළ ශ්‍රේෂ්ඨයෙක්.

    ටෝනි ග්‍රෙග් මහතාණෙනි ඔබට නිවන් සුව !

    ReplyDelete
  15. ක්‍රිකට් පිට්ටනියේ අපූරු මහත්තයාට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  16. /* ලංකාවේ ඉපදේවා
    කළු හමකින් සැරසී */

    එතකොට ඊට පස්සේ බෝට්ටුවෙන්ද සවුත් ඇෆ්‍රීකා යන්නේ?

    ReplyDelete
  17. නියමයි සෑම් අයියේ නියමයි....අනිවා ටෝනි මහත්මයා අපි අතරේම ඉපදෙන්න ඕන........

    ReplyDelete
  18. බුකියෙ ෆ්ප්ටෝ ගොඩක් tag උනා. මේක දැක්කට පස්සෙයි හේතුව තැන ගත්තෙ. රටට වැඩදායක උනත් අපි අතරින් වෙන් වෙනවාමයි

    ReplyDelete
  19. ටෝනි ග්‍රෙග් මහතාණෙනි ඔබට නිවන් සුව !

    ReplyDelete
  20. ටෝනි මහත්මයාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  21. හොඳ මිනිස්සු හරි ඉක්මනින් යනවා.

    ReplyDelete
  22. සුභ ගමන් එතුමාට..

    ReplyDelete
  23. ටෝනි මහත්මයාණනි, ඔබට නිවන් සුව !

    ReplyDelete
  24. අපේ විස්තර විචාරකයො සුද්දන්ට කඩේ යද්දි...අපි වෙනුවෙන් අදහසක් දක්වපු ටෝනි මහත්මයාට මගේ ප්‍ර‍ණාමය... නිවන් සුව අත්වේවා !

    ReplyDelete
  25. පොඩි කලේ දවසක් මම ටීවී එකෙන් මැච් එක බලන කොට අපේ තාත්තා කවුද මන්ද සුදු මහත්තයෙක් පෙන්නලා අන්න පුතේ ටෝනි ග්‍රෙග් කිව්වා.. හරියට තාත්තාගේ යාලුවෙක් වගේ..ඒ තමයි ටෝනි ගැන මගේ පළමු මතකය..
    ඔබ මැරුණා කියල දන ගත්ත වෙලාවේ මට දුක හිතුනා.. ඒ තාත්තගේ යාලුවෙක් නැතිවුනා කියන හැඟීමට වඩා මගේ පවුලේ කෙනෙක් නැතිවුනා වගේ හැඟීමක් මට දැනුනු නිසා!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...