Friday, November 2, 2012

පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක..




පුංචි කාලේ තිබ්බ මගෙ එක
කොනත් වකුටුයි කෙලින් වෙන්නැත
පස්සෙ කාලෙක එපා වී මට
අයින් කෙරුවෙමි භාවිතය එය



තරුණ වී මම කලෙමි භාවිත
එවිට එය ලොකු, කෙලින් වී ඇත
තෙරපි තෙරපි ඇයත් සමගින
ඉහට ඉහලින් කෙලින් විය මිට



මගේ නංගී ඕව දන්නැත
එයා ආසයි මල් (මල්) රෙද්දට
තේරුවේ මං තනි පාට වූවට
කොල්ලො ආසයි ඇගේ එකටම



හරිම සීතයි වැස්ස කාලෙට
මගේ දික්වෙයි වැස්ස කාලෙට
රස්නෙ වූවද අව්ව කාලෙට
ඇගේ දික් වෙයි අව්ව තිබ්බද



කෙලින් වූවම මගේ එක නම්
නවන්නට බැහැ අසරණයි මං
නමුත් ඇයගේ මල් මල් එක
තුනට හතරට නැවේ හනිකට



මොනව වූවත් මගුල් දවසට
පෙන්නමී මම ලොකු සයිස් එක
කොල්ලො වටවී ඉදන් ඇති විට
දිග හරිමි මම උන් වැහෙන්නට

*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*


Written_by_sAm_ශ්‍රී_Perera_6.05pm_02.11.2012

- පිරිසිදු සිතක් ඇති සෑමාගේ හිතට මෙවන් කැත අදහසක් දුන් සුදීකයාට ස්තුතිය.. 
කැත හිත්වලට ලියු තවත් ලස්සන කවි...


108 comments:

  1. හි හී...අපි අහුවෙයි ඕවට ...පලවෙනි පද දෙක කියවද්දීම තේරුනා සීන් එක.. කස්ටිය දුවන් ඒවි දැන්....මොන කොනද බලන්න...හි හී

    ReplyDelete
    Replies
    1. දැන් මෙයා ඇඩ්වාන්ස් වගේ :)
      ඔයා දැක්කද කොන ???

      ස්තුතී !

      Delete
    2. ඊයෙත් දැක්කා..මහ වරුසාවේ...හප්පේ... :D

      Delete
    3. අහක බලාගන්න.. බලාගෙනම නොයිද :ඩි

      Delete
  2. අපිටනං වැඩේ තේරුණා.. උඹනං මාරයි බං..

    ReplyDelete
    Replies
    1. හයියෝ අහු වුනාද ?

      ස්තුතී !

      Delete
  3. හිකිස් ... මාත් දැනගත්ත නංගි ගැන කියද්දීම...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. පණුච්චි හැදිල ඉවරයි දැන් නම් !

      ස්තුතී !

      Delete
  4. පට්ට නිර්මාණෙ බං පල්ලෙහා තියන පිංතුරටික අයින් කරානං මරු .කට්ටිය ඇඳගන්න ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නැත්තම් මාව වාරණය කරයි බං :ඩී

      ස්තුතී !

      Delete
  5. අන්තිම වෙනකල්ම හිතාගන්න බැරිවුනා අදනං. :)

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම්. සතුටුයි !

      ස්තුතී !

      Delete
  6. අපි අහුවෙයි ඕවට.. හි හි

    ReplyDelete
  7. උඹ මේ වගේ එවා ලියලා තියෙන නිසාම. දැන් ඇත්තටම ලිව්වත් හිතෙන්නෙ වෙන දෙයක් කියලා.. නමුත් මරු නිර්මාණය...

    ReplyDelete
    Replies
    1. ඔව් බං මාව හංවඩු ගැහිල ඉන්නේ මේවට :(

      ස්තුතී !

      Delete
  8. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...කියවලා අත්දැකීමෙන්ම දන්නවානෙ සැමා අයියාගෙ ලස්සන කවි ගැන... :D අපිනම් කැත විදියට හිතුවෙ නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. හිතු සෑම් අයියගේ හිත කියවනව වගේ.. අපේ ගෑනි බනී යකෝ...

      ස්තුතී !

      Delete
  9. මම කොහොමත් ටියුබ් ලයිට් නිසා පැහැදිලි උනේ අන්තිමට හිකිස්.............

    ReplyDelete
  10. හි හි අද නමි දෙවනි කවියෙන්ම අල්ලා ගත්තා හොදේ!....
    දැන් අපි සෑමි අයියගෙ ඒවා කියවලම පුරුදු වෙලා නොවැ!...
    හි හි......

    ReplyDelete
    Replies
    1. මේක අසාධාරණයි බං.. රැවටියං !

      ස්තුති !

      Delete
  11. මමනං ඔන්න කැත විදිහට හිතුවේ නෑ ඔන්න...... :)

    ReplyDelete
    Replies
    1. අන්න හරි හැමදාම එහෙම හිතන එකේ අදවත් හොදට හිතපං :)

      ස්තුති !

      Delete
  12. අපි දැං අහුවෙන්නැතෝ......

    ReplyDelete
  13. පාරේ ඉන්නා අක්කලා
    පළල් කරයි තැනක් නොතැනක් බලා
    ඒ වුනාටා සෑමා මල්ලියා
    කෙලින් කරතෙයි වැහි ඇති කල් බලා

    ReplyDelete
    Replies
    1. සුදිකයා මාව අන්දලා අදහක් දීලා දැන් මටම කෙලියා නේද යකෝ... !

      ස්තුති අදහසට!

      Delete
  14. 4 වෙනි කවියෙන් පොඩි අයිඩියා එකක් ආවා..
    නියමයි..


    ජය..

    ReplyDelete
  15. සෑම් අයියාගේ කවි කියවලාම දැන් නම් අහු වෙන්නේ නෑ ඕං.

    නිර්මාණය එළ!

    ReplyDelete
    Replies
    1. අන්තිම අසාධාරයි

      ඒත් ස්තුති !

      Delete
  16. දැන් නම් මෙවා පුරුදුයි නේ....

    ReplyDelete
    Replies
    1. මෙච්චර නරක ඒවා පුරුදුයිද බොට ?

      ස්තුති !

      Delete
  17. අපි අහුවෙයි ඕවට...!
    නිරමාණය හොදයි බං..!

    ReplyDelete
  18. හෙහ් හෙහ්... මැදදිම තේරුනා... අපිට වැස්සට දික් වෙලා කෙල්ලන්ට අව්වෙ වැස්සෙ දෙකේදිම දික් වෙනකොට මාට්ටු...

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම කරලා මගේ මහන්සිය අපතේ යවන්නේ ?

      ස්තුති !

      Delete
  19. උඹ ලියන්නෙම වැදගත් විදියට හිතන අයට කවි නිසා මම නම් අහුවුනේ නෑ. කොහොමටත් අපි ලැජ්ජ බයට හැදිච්චි පුංචි එවුන්නේ.

    ReplyDelete
    Replies
    1. උබ දන්න ලැජ්ජ බය අනේ බොල...

      ස්තුති !

      Delete
  20. මටනං මොකුත් තේරුණේ නෑ.මම බෞද්ධ ඉස්කෝලෙකටනේ බං ගියේ.ඒක හින්දා වෙන්ඩැති.කුඩයක් ගැන විතරමනේ හිතුනේ.

    ReplyDelete
    Replies
    1. උබ හරියට ඉස්කෝලෙ ගිහින් නැති නිසා අහු නොවෙන්න ඇත්තේ :පී

      ස්තුති !

      Delete
  21. අද නම් රවට්ටන්න බැරි වුනා උඹට
    මුල් ටික කියවගෙන එද්දිම තේරුණා මොකක්ද කියලා :)

    ReplyDelete
    Replies
    1. උබල දැන් මහ කැත වෙලා බං..

      ස්තුති !

      Delete
  22. දැන්නම් මේ ලේබල් එක වෙනස් කරන්න කාලෙ හරි වගේ, හුග දෙනෙකුට වැඩේ අහුවෙලා මුලදිම, මටත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මේ ලේබලය නැතිව ගියොත් හිතට එන නිර්මාණ අපරාදෙ සුමිත් අයියෝ...

      ස්තුතී !

      Delete
  23. අඩේ... මං විතරද බලං ගියහම මේකට රැවටිලා තියෙන්නේ.??

    ReplyDelete
    Replies
    1. උබ විතරක් නෙවේ පරණ කස්ටිය ටිකක් අහුවෙලා :)

      ස්තුතී !

      Delete
  24. ඒයි සෑමෝ මේ පෝස්ට් එක බලලා අපේ ගෙදර ඇත්ති උබේ කැතහිතට ලියාපුවා ටික බැලුවා හතරක් පහක් විතර බලලා මූ නං මහ මොකෙක් ද මන් දා කියලා මූසිකයාවත් තල්ලු කරලා දාලා ගියා , තව පොඩ්ඩෙන් මට හෙට කඩෙන් මූසිකයෙකුත් ගන්ඩ වෙනවා ,

    අනේ තොගේ පෝස්ට්


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්


    ආ තව එකක් උඹ මොනවා කරන කෙනෙක්ද කියලත් ඇහුවා,

    මම කියුවා උඹ ගැරිජ් බාස්කෙනෙක් කියලා ,

    අපේ උන් දෑ

    ....ආං.....

    කියුවා

    ReplyDelete
    Replies
    1. උබ මාර ආතල් එකක් දීල තියෙන්නේ :))

      මගෙ විලිසංගෙත් නැති කරලා බං..

      හිනා යනවා ඕයි... !!!

      Delete
  25. බොරු නෑ සරා මුලදිම දැන ගත්තා අද නම්..! වෙනදා තරම් වටේ ගෙනිහින් නැතිද මන්දා බං.

    ReplyDelete
    Replies
    1. කවි පහයි නේ බොල.. සරලව ඉවර කලා..

      ස්තුතී !

      Delete
  26. දැන්නම් සෑමො උඹේ කැත හිත් වලට කවි කියවන්න ඉස්සෙල්ලා නිකම්ම පහලට ස්ක්‍රෝල් වෙලා පොස්ට් එකේ අඩිය බැලෙනවා පුරුද්දට වගේ. ඒත් මේක හොඳ නිර්මාණයක්. මේක කරන්නත් කොච්චර කැත හිතක් ඕනෙද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපොයි හෙන්රියා පහලට රෝල් කරල බලන එක නරක පුරුද්දක් බං :/

      ස්තුතී !

      Delete
  27. අනේ බලහන් බං. යට පින්තුරේ දකිනකම්ම හිත ගන්න බැරි වුනා නේ.

    ReplyDelete
    Replies
    1. උබ හොදයි තාම අදිනව නේ ;)

      ස්තුතී !

      Delete
  28. කොහොමද සිංහල භාෂාවේ තියෙන චමත්කාරය..ඒ වග උපිරිමයට පෙන්නනවා...අව්‍යාජ ගෙත්තමක්

    ReplyDelete
  29. මොන එහෙකට ද බං පින්තුරේ දැම්මේ. මගේ ඔළුව කර කවා කියෙව්වේ මේ මොකකද්ද කියලා.. එළම තමා... කැත හිතක් නැතුව කොහොමෙයි මේවා ලියන්නේ..

    ReplyDelete
    Replies
    1. පොටෝව දැම්මෙ නැතුව ලියල මම කලින් කෙලව ගත්තා බං. එහෙම කලාම කස්ටිය එක එක ඒව කිව්වා.. :(

      ස්තුතී !

      Delete
  30. නියම ඇන්දිල්ල.

    ReplyDelete
  31. අවංකවම අදනං අහු උනේ නෑ.... හේතුව උඹ අපිව අන්දනව කියල දන්න හින්දා හොඳ විදියටම හිතන්න ට්‍රයි කොරන එක...

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්.. උබලගෙ දැන් හිතීම හොදයි.. :

      ස්තුතී !

      Delete
  32. සෑම් බොරැකියන්නේ මොකටද, ...... මම නම් උබේ quackeryට අහුඋනා... එල ඈ......! තව තවත් මේවැනි අදහස් ඵල වේවා..... උඔ ලියන method එකට මම හරි කැමතියි බං...... ජය

    ReplyDelete
  33. පළවෙනි සැරේ කියවද්දිම හිතුනෙ මේ ලියලා තියෙන්නෙ සෑමගේ ජුන්ඩා ගැනයි නංගිගෙ චිංචිය ගැනයි තමයි කියලයි..කයීය අන්තිමේ දැක්කෙ කුඩේ ගැන නෙ ලියලා තියෙන්නෙ..
    දෙවැනි සැරේ කියෙව්වා කුඩේ ගැන හිතලා... මෙලෝ රහක් නෑ !
    තුන්වෙනි සැරේ ආයි මුල් සැරේ වගේ හිතලා කියෙව්වා.. පට්ට යකෝ පට්ට !

    ReplyDelete
    Replies
    1. අපොයි වෙනියා කැතම කැත විදිහට හිතලා..

      ස්තුති අවංක අදහසක් දැක්වුවට !

      ස්තුතී !

      Delete
    2. @Weni

      අන්න නිර්මාණයක් රස විඳින්න දන්න සැබෑ රසිකයෝ...

      Delete
  34. මේක කියවලා අන්තිමට එනකම් තේරුනේ නෑ මොකක්ද කියන්නේ කියලා, ඊට පස්සේ මතක්වුනේ අප්‍රිකන් කොන්ඩම් ඇඩ් එකක්..

    ReplyDelete
  35. හොඳ වෙලාවට අපේ ගෙදර මිනිස්සු තෝවා දන්නේ නැත්තෙ.දන්නවනම් ආශ්‍රය කරන්නත් එපා කියනවා..

    ReplyDelete
    Replies
    1. මාව දන්නෙ නැද්ද යකෝ ගෙදර මිනිස්සු???

      Delete
  36. අද නම් අහු වුනේ නෑ... උඹ හිතුවද අපි හැමදාම අහුවෙනවා කියලා...
    ලැජ්ජ භයට හැදිච්ච සීදේවි කොල්ලො බන් අපි...

    ReplyDelete
    Replies
    1. අනේ ලැජ්ජ බය බොගෙ...

      ලැජ්ජ බිට් එකේ වෙන්න ඇති..

      ස්තුති !

      Delete
  37. මේ දවස්වල වැස්ස වැස්ස කියන හන්දා මම නම් මුල ඉඳලම කතා කරන්නේ කුඩේ ගැන බව දැනගෙන හිටියා. වැස්සත් දෙන කවි සංකල්පනාවන් නේද? :)

    ReplyDelete
    Replies
    1. වැස්ස කරන උදව් කෝමද ?

      Delete
  38. Replies
    1. අළුත් කුඩ ලස්සනයි බං !

      Delete
  39. නංගි ගැන කියන කොට නම් තේරුණා මොකක් ගැනද කියන්න යන්නේ කියලා

    ReplyDelete
  40. වැස්ස දවසට කෙලින් වෙනකොට අව්ව දවසට ???

    ReplyDelete
  41. මට හිතුනෙම වෙන එකක් අයියෝ

    ReplyDelete
  42. අදනම් ඔන්න සිරාවටම පින්තූරේ දකිනකම් මීටර් උනේ නෑ.. එලටම ලියලා..

    ReplyDelete
  43. මුල් කව තුන දෙපාරක් විතර කියෙව්වා උඹ ගැන දන්න හින්දා. ම්හ්හ්.. කොනක් අහු වුනේ නෑ. පස් වෙනී එක බාගෙට කියෝනකොට අහු උනා. ආයෙත් මුල ඉඳන්ම කියෙව්වා. එල ඈ.

    යකෝ මේ කෙල්ලෝ අපිට වඩා ඇඩ්වාන්ස්නෙ බලපුවාම. (කමෙන්ට්ස් බලලයි කිව්වේ ඈ)

    ReplyDelete
    Replies
    1. හිකිස් කෙල්ලො තමා බං කෙල්ලෝ !

      Delete
  44. මුලින්ම තේරුනෝ කතාව :) :)

    ReplyDelete
  45. මේ දවස් ටිකේ නම් කෙලින් වෙච්ච ගමන් තියෙන්නේ. වහිනවනේ.

    ReplyDelete
    Replies
    1. යකෝ උබටත් එහෙම වෙනවා නේ ;)

      Delete
  46. පිස්සු හැදෙයි! මං හිතුවා නංගිගෙ එකක් මොකක්ද කියලා! හිකිස්!!

    ReplyDelete
    Replies
    1. අරක නොවැ.. කුඩේ නොවැ !

      Delete
  47. //අයින් කෙරුවෙමි භාවිතය එය//

    උඹේ පලවෙනි කයියේ තියන අන්තිම පදෙන්, සුට්ටක් වගේ වැඩේ අප්සැට් යනවා කියලා මට හිතුනේ... ඒක දැක්ක ගමන්... මගෙ හිත කඩා වැටුන වගේ උනා... මොකෝ මං හිතං ඉන්න දේ නෙමෙයි කියල ලාවට දැනුන නිසා...

    ReplyDelete
    Replies
    1. සයියෝ එහෙමද?

      හිත හදාගෙන කියපං බං :)

      Delete
  48. අර වෙනිය කිව්ව වගේම දෙතුන් පාරක් මාත් කියෙව්වා බොල.. එහෙම කියවද්දි තමයි ආතල් එක තියෙන්නේ ;)
    එල!!!

    ReplyDelete
    Replies
    1. අන්න හරි එහෙමයි බං ආතල් ගන්නෝනි.

      යට ඉදන් බලල වැඩක් නැහැ නේ

      Delete
  49. එල ටෝක්ස් එක ගුඩ් ලක්

    ReplyDelete
  50. ඈ බන්. කොල්ලෝ ගාව කුඩ තියෙනවාද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...